Saturday, April 12, 2014

හෙල්මට් ඇන්ඩ් යට ඇඳුම්


යාලුවො කට්ටියට මතක ඇතින බස්සි-ඩැඩාගෙ ඔපීසියෙ හිටපු සපරේ අංකල් ගැන කියාපු කතාව. ඔය වාගෙ අපූරු ටිකක් එක විදියක අංකල්ලා කීප දෙනෙක්ම හිටියා අපේ ඩැඩාගෙ ඔපීසියෙ. අද කියන්න යන්නෙත් එහෙම අංකල් කෙනෙක් ගැන කතන්දරයක්ලු.




මේ අංකල් නිකම්ම නිකම් අංකල් කෙනෙක් නෙමෙයි, පී.ඇච්.ඩී. එකක් ගහපු ඩොට්ටර් අංකල් කෙනෙක්. ඔය බොහොමයක් විද්‍යාඥයින්ට වගේ මේ අංකල්ටත් තදින්ම තිබුනා ඔය අමතක වීමේ ලෙඩේ.





අපි සතියෙ දවස්වලට ඉන්නෙ ඔපීසියෙ ක්වාර්ටර්ස්වල (ඒ කාලෙ.) ඉතින් ඔය සුන්දර චරිත ඇසුරු කරන්න ලැබෙන අවස්ථාව වැඩියි.


ඔන්න දවසක් අපි නංගිව ටියුෂන් ක්ලාස් එකෙන් ගන්න වෙන්නප්පු යනවා. ඔපීසියෙ මේන් ගේට්ටුව ගාවදි අර අංකල් බයික් එකේ එන ගමන් අපිට සැලියුට් පාරකුත් දාගෙන යනවා.


අපි ඉතින් නංගියාවත් ක්ලාස් එකෙන් අරගෙන එහෙමම කටුනායක යන්න පිටත් වෙනවා. තෝප්පුව හන්දිය හරියෙ මාර වාහන තදබදයක්. ඔය අතරෙ අපි දකිනවා අර අංකල්ගෙ ඔෆිස් කැබ් එක.


බස්සි-ඩැඩාත් වාහන අතරෙන් කැබ් එකට ළං වෙන්නෙ හෝන් පාරක් දාලා ටටා බායි කියන්න. බලද්දි මෙන්න යකෝ බයික්වල යන මිනිස්සු එහෙම ඒ කැබ් එක ගාව ස්ලෝ වුනාම මාර උනන්දුවෙන් ඇතුලට එබීගෙන යනවා. කැබ් එක පාස් වෙද්දිම දැවෙන කුතුහලයෙන් යුතුව අපිත් ඇතුලට එබුනා.


මෙන්න බොලව් අජටාකාශගාමියෙක් ස්පේස් කිට් එක පිටින් කැබ් එක එලෝනවා.





අපිට එන්න පුලුවන් ආසන්නම නිගමනය වුනේ අංකල් උදේ බයික් එකේ එනකොට ඇඳන් ආපු ජැකට් එකයි, හෙල්මට් එකයි පිටින්ම ගිනි මද්දහනේ කැබ් එකෙන් ගමනට පිටත් වෙන්න ඇති කියන එකයි.






***********************************


 


තාත්තලාගෙ ඔපීසියෙ ක්වාර්ටර්ස් වල සහ අවට ඉන්න සේවකයන්ගෙ දරුවන්ට තියෙනවා වෙනමම ස්කූල් ට්‍රාන්ස්පෝර්ට් එකක්. අපේ ක්වාර්ටර්ස් එක තියෙන්නෙ ආයතනයේ වාහන නැවතුම්පොළට කිට්ටුවෙන්. ඒ නිසා බස් එක ගේ ගාවට එන්න කලින් අපි යනවා බස් එක ගාවට.


ඔන්න එදාත් අපි උදේ බස් එක නැවතුම්පොලෙන් එලියට ගන්නකම් සෙකියුරිටි ඔෆිස් එක ළඟට වෙලා කයිවාරුවක් කියවකියවා ඉන්නවා. ඔතනට තමයි රියැදුරු අංකල්ලා සේරම එක්කාසු වෙන්නෙත්. උදේට එතන සෑහෙන පිරිසක් එක්කාසු වෙනවා තම තමන්ගෙ ගමන් බිමන් වලට.


ඔන්න ටික වෙලාවකින් අපිට පේනවා අර අංකල් සූට් බූට් ගහලා රිය නැවතුම්පොලට ඇදෙනවා. ටයි පොල්ලත් අතේ ගුලි කරගෙන එන්නෙ.


“මම මේ වාහනේ පරක්කු මොකද බලන්න ආවා පයින්ම. නමය වෙද්දි නුගේගොඩ යන්න ඕනෙ කන්ෆරන්ස් එකට.” අංකල් රියැදුරාගෙ පමාවට හේතු විමසමින් එහෙම කිවුවා.





ඔන්න ටිකකින් ඩ්‍රයිවර් අංකල් හති හලාගෙන සයිකල් කට්ට පැදගෙන එනවා. ඒ දැකපු අංකල් මෙච්චර වෙලා අතේ ගුලි කරන් හිටපු ටයි එක පළඳින්න සූදානම් වුනා.


අහෝ ඛේදයකි. ඉරකි. තිතකි. අංකල් ටයි එක කියලා මහා ජන ගඟක් මැද දිග ඇරියේ අන්ඩර්වෙයාර් එකකි.

කම්මුල් නම් රතු වුනාද කියන්න දන්නෙ නෑ, පොර මූණ පුරා රැවුල වවාගෙන ඉන්නෙ.






කතාවේ දෙවනි අර්ධය මට ඇහුනෙ අහම්බෙන්. අනුමානයක් නෑ ඒකනම් ඩ්‍රයිවර් අංකල්ලා මොඩිෆයි කොරාපු වර්ශන් එකක්.


බස්සි-ඩඩාගෙ ඔපිස් වාහනේ ඩ්‍රයිවර් අංකල් බස්සි ඩඩාට ඔය කතාව කියනවා. බස්සි පස්සෙ සීට් එකේ ඉඳන් කන දාගෙන ඉන්නවා.


ඔන්න අර අංකල් වෙච්ච ලැජ්ජාව අන්ඩර්වෙයාර් එකත් එක්කම අතේ ගුලි කරගෙන ක්වාර්ටර්ස් එක බලා පල්ලම් බැස්සලු.


කාමරේට ගිහින් හොයනවා හොයනවා හොයනවා ටයි එක නෑ. අංකල්ට දැන් මාර අස්පට්. වැදගත් විදියට යද්දි ගැලපෙන ටයි එකක් එපායැ දාන්න.


ඒත් ඉතින් පරක්කු වෙන නිසා ඔහෙ කමක් නෑ මෙන්න මේ අන්ඩර්වෙයාර් එකවත් ඇඳන් යනවා කියල ඒක ඇඳගන්න ලෑස්ති වුනාලු.


බලද්දි මෙන්න යකෝ **** ඉන්නවා
ටයි දාගෙන!!!!!!!!







67 comments:

  1. හැක් හැක්..
    සුපිරි කථාව බොල....

    ඔය වගේ සිද්දියක් අපේ බුවෙකුටත් උනා මේ බුවා සරම එහෙම ඇඳලා බුලත් විටක් හෙම කාල යන යන ඩයල් එකක්. දවසක් උදේ පාන්දරින්ම ඉර නැගෙන්නත් කලින් මෑන් නැගිටලා ජැන්ඩියට ලෑස්තිවෙලා කලින් දා හවස හෝදල වැලේ දාපු පතල් ලේන්සුවත් ඇදගෙනම පාරට ආවලු. මිනිහා දැන් පතල් ලේන්සුවත් ඉනේ ගහගෙන කොළඹ යන්න තමයි මේ සෙට් වෙන්නේ. කොහෙමින් කොහොම හරි බස් එකකුත් අල්ලගෙන ශීට් එකක වාඩිවෙලා පොර කොළඹ එනවා. ඒ එක්කම ටික ටික දවල් වෙලා රස්නෙත් එක්ක බස්එකේ සෙනගත් නිසා දාඩිය එහෙමත් ටික ටික දානවලු. දැන් මිනිහා පතල් ලේන්සුව අරගෙන මූණ එහෙම පිහිදාලා ආයෙත් ඉනේ ගහගෙන යනවලු. හැබැයි බස් එකේ ඉන්න උන් හිකි හිකි ගානවලු. ආයේ ටික වෙලාවකින් මිනිහා පතල් ලේන්සුව අරගෙන මූණ එහෙම පිහිදාලා ඉනේ ගහගන්න හදනකොට තමයි වැඩේ අහුවෙලා තියෙන්නේ. මිනිහා වැලෙන් ඇදන් ඇවිත් තියෙන්නේ ගෙදර මායියාගේ යට ඇඳුමක්ලු.. (සත්‍ය කථාවකි නං ගං මනඃකල්පිතයි)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මං 1 ඈ..

      Delete
    2. හම්මච්චියේ ඒක අර අමුඩෙ පෙන්නන්න ගිය සර්ට උනාට හපන් වැඩක් නෙව. විදානෙ මම 'පතල් ලේන්සුව' කියන එක ඇහුවෙ අදයි. අමුඩ ලේන්සුවටම කියන නමක්ද ඒක?

      Delete
    3. ඒ වගේම එකක් තමයි, පතල් බහින කොට පාවිච්චි කරන නිසා එහෙම කියනවා..
      ඒක ගොඩක් වැඩවලට පාවිච්චි කරනවා..
      ඕන උනොත් අමුඩෙ ගහන්න, දාඩිය පිහින්න, ජටාවක් වගේ ඔළුවේ බඳින්න.. නාල ඔළුව පිහිදාන්න යනාදී වශයෙන්..

      Delete
    4. අදයි ඒ ගැන දැනගත්තෙ. තැන්කුයි විදානේ.....!

      Delete
  2. අන්ඩවෙයාර් එක වෙනුවට ටයි එක දාගත්තද දන්නෙ නෑ. හැබැයි ඒ වෙනසත් නරකම නෑ. සැබෑ වෙනසක්

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. සැබෑ වෙනසක් තමයි හරිය.

      Delete
  3. දෙවෙනි එක නං හදපු එකක්ද කොහෙද :-D

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කතාවේ දෙවෙනි කොටස කාඩ් එකක්. නමුත් දෙවෙනි කතාවෙ අන්ඩර්වෙයාර් එක අතේ අරන් ආපු තැනට වෙනකම් සත්‍ය කතාවක් හොඳේ.

      Delete
  4. නිර්මානාත්මක චින්තනය...බස්සියේ නිර්මාණාත්මක චින්තනය...
    මෙන මොකක්ද ඉතින්....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේවා නම් සත්‍ය කතා ඇසුරෙන් ලියාපුවා.

      Delete
  5. අපේ මහත්තයට මේක පෙන්නල කියන්න ඕන.පරෙස්සමින් ටයි එක දාන්න ඕන දවසට යන්න කියල.මොකද එයාගෙ අල්මාරියෙ ඕවා දෙවර්ගයම මං හිතන්නෙ තියෙන්නෙ එක ලඟ.

    නියමයි බස්සි ඈ

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි වාසනා අක්කෝ නැත්තන් හදිස්සියට ටයි එක අතේ අරන් යන්න ගිහින් ඔහොම ඇබැද්දි වෙන්න බැරිකමක් නෑ.

      Delete
  6. මොනාද යකඩොව්....හම්මේ.....හිනා කාල මැරෙනවා...හෙල්මට් සීන් එක මටත් වෙනවා...අපේ බයි එක දාන ගැරේජ් එක ගෙදර ඉදන් ටිකක් දුරයි....ඉතින් බයික් එකෙන් බහින මම.....හෙල්මට් එක දාගෙන කීප විටක් ගෙදර ඇවිත් තියෙනවා...පාරේ යන අය මාර ලුක් එකක් දෙන්නේ...පස්සේ දැන ගත්තේ මේ හෙල්මට් එක ඔළුවේ දාගෙන ආව නිසා තමා මුන් අමුතු ලුක් එකක් දැම්මේ කියලා

    ReplyDelete
    Replies
    1. මිනිස්සු බලන්න ඇති මේකි ඔලුව නැතුව මොකට හෙල්මට් දානවද කියලා :D

      Delete
    2. තැන්කිවු ශානු අක්කෝ...!! හම්මච්චියේ පාරෙ යන අය ගෞරවෙන් බලනව ඇති ආරස්සාව ගැන හිතන දැරිවියක්ය කියල.

      Delete
    3. පවුලූශා : දැන්නෙ තේරුනේ මිනිස්සු ශානුවට හිනා උනේ මක්කෙයි කියල.

      Delete
    4. හැල්මට් දාන්නෙ මරණ තර්ජන තියන නිසා වෙන්ටැ ඔළුව බේරගන්න

      Delete
    5. හැල්මට් දාලා මරණ තර්ජන වලින් ගැලවෙන්ට පුලුවන්නම් මොනවා කොරන්ට බැරිදෑ සාශෝ. :D

      Delete
  7. තෝ නම් තියන්නැ වටින්නේ නෑ , කොට බස්සි ..අහිංසක මිනිස්සුන්ට කතා හදල මෙතන. පව් යකෝ ..අර හෙලම්ට දාගෙන ගිය සීන් එකනම් උඹට වෙච්ච එකක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. දුප් ගෙඹිලූශා මේව ඇසින් දුටු සත්‍ය කතා බොලව්. හෙලමට් සීන් වෙන්නෙ නෑ බන් අපේ මමා දැඩි විරෝධය පානව බයික් ගමනට.

      Delete
  8. බස්සි සම්භාව්‍ය වෙලා නෙ :)

    ReplyDelete
    Replies
    1. සම්භාව්‍ය නෑ චන්දන අයියෙ පෝස්ට් එක මැද්දෙ තරු පායල තියෙන්නෙ ඒකනෙ. ;)

      Delete
  9. පට්ට කියන්නෙ උපරිම එක. දෙවනි අංකල් මහ ගොන්සන් කෙනෙක්නෙ. පුළුවන්නම් අවුරුදු උත්සවේට එක්ක වරකො. හැබැයි ඔය විදිහටම කිට ගහලා ආවොත් තමා වටින්නෙ.

    බොට සුබ නව වසරක් වේවා බස්සියෙ.

    ReplyDelete
    Replies
    1. අවුරුදු උත්සවේට එන්න කියමු

      Delete
    2. එසේම වේවා ප්‍රියෝ..... හම්මේ ඔය කිට ගහල ආවොත් කෙන්ජිගෙ ජපන් කෙල්ලො බයවෙයි නේද?

      Delete
  10. හිකිස්......
    බස්සිගෙම ජාතියේ අන්කල් කෙනෙක්නේ....

    ReplyDelete
    Replies
    1. මදැයි ඉතින් මටත් කෝචොක් කරලනෙ මුන්දැ....

      Delete
  11. ශ්‍රී ලංකා යුද හමුදාවේ සුප්‍රකට නිලධාරියෙක් ඉන්නවා අමතක වීම අතින් චිරප්‍රසිද්ධ. මේජර් ජෙනරල් කෙනෙක් ලෙස තමයි එතුමා විශ්‍රාම ගියේ. එතුමා හරි ප්‍රසිද්ධයි අමතකවීම ගැන. එක දවසක් එතුමාගේ නෝනා සමග සාප්පු සවාරිය්ක්ම්ගිහින් ඉන්නකොට එතුමාට මතක් වුණා වැදගත් ලියුමකට අත්සන් කලේ නෑ කියලා. එතුමා මොහොතක් නොසිතා කඳවුරට ගියා. පැය කීපයක් බලාහිටි නෝනා කුලී රථයකින් ගෙදර ගියා. එතුමා ඒ බවදැනගත්තේ පහුවදා ගෙදර ආවාමයි.

    ReplyDelete
    Replies
    1. තනතුරෙන් ඉහල යද්දි අතමක වීම වැඩි වෙනවලු නෙ විචාරක තුමෝ. අහල ඇතිනෙ අයින්ස්ටයින් ගෙදරට යන පාර හොයපු හැටියි, ඔරලෝසුවෙන් ඔම්ලට් හදාපු හැටියි.

      Delete
  12. Replies
    1. අපේ අම්මට හෙම කේලම කියන්නෙපා බුදු මල්ලියේ ඈ.... :D

      Delete
  13. හෆොයි, මමත් දවසක් ට්‍රේන් එක අල්ලගන්න හෙල්මට් එක දාගෙනම ස්ටේශන් එකට දිව්වා. :(

    ReplyDelete
    Replies
    1. ට්‍රේන් එක ඔයාට බයේ සුටුස් ගාල අද්දලා ගියාද ලඟට එද්දිම? ;)

      Delete
    2. ඊට කලින් ලඟ හිටිය කෙනෙක් ඔලුව පෙන්නුවා, :D

      Delete
  14. මරු මරු! අන්තිම ටික මරේ මරු! මට මැවිල පේනවා!!!

    ReplyDelete
    Replies
    1. හි හි තැන්කිවු මනෝශ්

      Delete
  15. යකෝ මරු කතාව...උඹෙන් ඔය වගේ කතාවක් ඇහැව්වමද කොහෙද...... එලස්.....
    ඇත්තටම ඔයවගෙ පිස්සොත් ඉන්නවද බං ....?අර රියදුරු තැන ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්ද දන්නෙ නැහැ.....

    ReplyDelete
    Replies
    1. මේ ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ටයිම් වේවි බස්සිගෙන් තරු සහිත බීප් කතා ඇහෙන. නැද්ද. තැන්කිවු කෙන්ජයියා

      Delete
  16. සුපර් මෑන් අන්ඩර්වෙයා එක උඩින් අදින එකේ, ලංකාවෙ මනුස්සයෙක් ඕක ටයි එක වෙනුවට පාවිච්චි කලාට මක් වෙනවද, අනික ගානත් සෑහෙන්න අඩුයිනෙ :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ සසිඳු. ඒ වුනාට ඩ්‍රයිවර් අංකල් කියාපු විදියට පොර යටට ඇඳල තියෙන්නෙ ටයි එකනෙ.

      Delete
  17. මේ බස්සට වෙච්ච සින් කෝන් එකක් නේද බස්සියේ

    ReplyDelete
    Replies
    1. බස්සා ජොබට අඳින්නේ ස්මාර්ට් කැෂුවල් නිසා ඔවැනි ඇබැද්දි සිදු නොවේ. :D

      Delete
  18. අපරාදෙ කියන්න බැහැ මට නං ටයි එකදාගන්න බැහැ ...ගැටේ හුරු නැහැ. ඒනිසා ඔය වගේ අමතක වීම් වෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ ටයි දාද්දි වැඩේ ඉබේම හුරු වෙනව නෙව. :)

      Delete
    2. @අමිල, ගැටේ හුරු නැති එවුන්ට ත්මයි ඔහොම ඇබැද්දි වෙන්නෙ. ගැටේ හුරු නං ඉතිං ඒක දාගන්න ගැටේ ගහනවා. ගැටේ නොදන්න මිනිස්සු තමයි ඉලාස්ටික් පටියක් දාගෙන තියාගන්නේ. එතකොට නේ මාරු වෙන්නේ. (නැත්නම් ඉතිං අන්දිනකොට තේරෙන්න එපැයි නේද??)

      Delete
  19. ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පතන්නම්...සියලු සුභ පැතුමන් ඉටුවේවා !

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා සිරා අයියේ!!!

      Delete
  20. දැනට අවුරුදු 2කට විතර කලිං මමත් දවසක් හෙල්මට් එක ගෙන කාර් එකේ රිහසල් එකකට ගියා. හොඳ වෙලාවට මගදී ට්‍රැෆික් එකකදී මනුස්සයෙක් මට කිව්වා. එහෙම නොවුනානං අපේ උං මට කියන දේවල් ඔක්කොම ඇත්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. ටයිපිං මිස් එකක් - ගෙන; "දාගෙන"

      Delete
    2. අප්පොච්චියේ තිලින අයියටත් එහෙම උනාද? තව පොඩ්ඩෙන් කට්ටිය නික් නේම් එකෙන් ඔයාව බෞතිස්ම කරයි. හොඳ වෙලාවට මගදි දැක්කෙ. හික්ස්....!

      Delete
  21. අම්මපා බතල බස්සියත් කාටහරි මඩක් ගහන්න බලාගෙනමනේ ඉන්නේ.. මොනා වුනත් ඒ කතාවෙත් පොඩි ලල් එකක් තියෙනවා.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. මෙවුවා අවුරුදු මඩ දිනේෂ් අයියේ...! ළඟදි ඔය අංකල් රිටයර් උනා. ඒකයි කතා ටික බයහැක නැතුව ලිවුවෙ.

      Delete
  22. ඇත්තටම බතල බස්සි අක්කේ මඩ කියලා ඔහොමත් ගහනවද හෆ්ෆා..fb නිසා කෙල්ලෝ එල්ලෙන එකේ අනිත් එක බ්ලොග් නිසා මැරුණා යි කියයි...
    style එක නම් මරු හෆ්ෆා
    මොකෝ ** කතා අන්තිම එක කිවේ ඔන්න ඔහේ දාපන් බස්සියේ අපි කියවනවා නෙහ්

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මෝ මට එහෙම චෝදනාත් එයිද දන්නෑ නේ? අර අංකල් නම් මේක කියෙව්වත් හිනාවෙලා ඉන්න ටයිප් එකේ කූල් මනුස්සයා.

      Delete
  23. එහෙමත් අමතක වෙනවා නේද??? ඔව් ඉතින් බස්සිලත් එක්ක ඉන්නකොට කාටද පිස්සු හැදෙන්නේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. මදැයි කොලා. එතෝට එකත් මගෙ එකවුන්ට් එකටම බැර කලා එහෙනම් ඈ...

      Delete
  24. මමත් එක දවසක් හෝ ගාලා කලිසම හොයනවා. බැලින්නම් ඒක ඇඳගෙන. ඔය හෙල්මට් එක දාගෙන වාහන එලවන එක මටත් වෙලා තියෙනවනේ. ඒ වුනාට ඔය මහ ලොකු උගත් කමක් නම් නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් අමතක වීමේ ලෙඩේ තියෙනවා. අර අංකල්ට ඔය වගේ සිදුවීම් නිතරම වෙන නිසයි මම එහෙම කිවුවෙ ඩූඩ්. අනික මම හිතන්නෙ නම් අමතක වෙන ලෙඩේට මූලික හේතුව උගත්කමත් එක්ක එන කාර්යබහුලත්වය කියලයි. මනස වෙහෙසෙනවා වැඩි උනාම අමතක වීමත් වැඩියි.

      Delete
  25. බෂ්ෂියත් අළුත් අවුරුද්දෙ සම්බාව්‍ය පස්වෙනි මන්ඩලේ පැත්තට කිට්ටු වෙන්න ට්‍රයි කරනවද මන්දා..

    මොන‍ා උනත් හරු කතා ටික ඇ.
    හැක හැක හැක හෙොකෑස්..හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. සම්භාව්‍ය වෙනසක් කොරන්න කියල කම්පනා කලා සාශෝ. තැන්කුයි ඈ............

      Delete
  26. වගකීම් වැඩි අයට අමතක වීම් වැඩියි.එක නම් ඇත්ත යශෝ,දැන් රට දිහා බැලුවමත් එක පේනවා නේ.

    අමතක වීම කියන අසනිපේ මටත් තියෙනවා හැබැයි ඩුඩ් අයියා උඩින් කිවා වගේ අපිටත් ඔය ලොකු උගත් කම් නම් නැහැ....:D

    ReplyDelete
    Replies
    1. අමතක වීම සෑහෙන බහුලයි වගේ. අර අංකල්ට තරම් දරුනුවට නැතත් මටත් ඕක තියෙනවා මනෝ.

      Delete
  27. බස්සිගෙ කතාවට හෙට වෙනකං හිනා...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ඩ්‍රැකී....... :D

      Delete
  28. හහා..අංකලුත් නිකන් අමුතු ඉට්ටැයිල් නෙව කරලා තියෙන්නේ.හික් හික්..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. නව සොයාගැනීම්!

      Delete