පළමු කොටස මෙතනින්
දෙවැනි කොටස මෙතනින්
තුන්වැනි කොටස මෙතනින්
මම හෙමින් ඇස් ඇරලා අවට බැලුවා.
දෙවැනි කොටස මෙතනින්
තුන්වැනි කොටස මෙතනින්
මම හෙමින් ඇස් ඇරලා අවට බැලුවා.
කුස්සියේ දඟලාපු හොල්මන සාලයට ඇවිත් නැහැ. එහෙනම් මං යන්නෝන කුස්සියට, ඌව හොයාගෙන.
මං බය නෑ. සෝෆාවෙන් නැගිටින්න වාරු ගත්තේ හිතේ දෙගිඩියාවෙන්.පුළුන් කැටියක් මගේ ඇඟට පැන්නා.
මං යටිගිරියෙන් කෑ ගැහුවා.
කිරි සුදු ලොම් බෝලයක්.
හිම කැටයක් වගේ
සුදු පූසියෙක්.
මං වගේම එයත් බයවෙලා.
ඔහ්!
එයා මටත් වඩා බයවෙලා.
ඔහ්!
එයා මටත් වඩා බයවෙලා.
පවු අහිංසකයා. එයා මගෙ උකුළට ඇදුනෙ මා දිහා සැකමුසු බැල්මක් හෙලමින්. මොහොතකට කලින් හමුවූ මගේ ආගන්තුක පහසේ තැවරෙන්නෙ පුරුදු කාරියක් වගෙයි.
"උඹත් මං වගේමයි."
මං ඒ ලොම් පිරුණු ගෙල ඉහළ-පහළ පිරිමදිමින් පැවසුවා. සිහින් පුරුපුරු හඬින් උගේ පෙණහළු කම්පනය වන අයුරු මගේ අත්ලට දැනෙනවා.
ගමන් මල්ල පසෙකින් තියලා මම සුදු පූසිව උකුළට ගත්තා. ඌ හරිබරි ගැහිලා මගේ උකුළ උඩ වකුටු වෙලා උන්නා. සීතලට උගේ මවිල් පිම්බිලා. සුදු වලාකුළකින් වැටුන පුළුන් කැටියක් වගෙයි.
මං අහස දිහා බැලුවා. අහස පුරා විසිරුනු අලු පාට වළාකුළු. හීන් හිරිපොදයක් වැටෙනවා ආයෙමත්.
“ඔයාටත් පාළුද?”
සුදු පූසි කන් දෙක ගස්සා මා දිහා බැලුවා. අඳුර නිසා විශාල වෙච්ච උගේ කළු ඉංගිරියාව මූණට ගෙනාවෙ පුදුම හිතෙන තරමේ අහිංසකකමක්. ඒ මැද කහපාටින් දිලිසෙන හීන් එළිය ඉරි දෙකක්.
සුදු පූසි කන් දෙක ගස්සා මා දිහා බැලුවා. අඳුර නිසා විශාල වෙච්ච උගේ කළු ඉංගිරියාව මූණට ගෙනාවෙ පුදුම හිතෙන තරමේ අහිංසකකමක්. ඒ මැද කහපාටින් දිලිසෙන හීන් එළිය ඉරි දෙකක්.
“මං අද සතුටෙන්. ඒ වුනාට ටිකක් බයයි හිතට."
"නෑ නෑ ඒ නිසා නෙමෙයි. මේ වැස්සයි, කළුවරයි හින්දයි බය දැනෙන්නෙ. දැන් හිතට හොඳයි. උඹ ඉන්නවනේ…..”
ඌ වරින් වර මගේ කලවා මත හිස අතුල්ලනවා.
“දන්නවද? ඒ ඇස් තද දුඹුරු පාටයි, උණුහුම්. උඹේ වගේ ගුප්ත බළල් ඇස් නෙමෙයි. මගේ වගේ බොළඳ නිල්පාට ඇසුත් නෙමෙයි.”
“ඔව් ඉතින් නපුරුයි නේන්නම්. මේ බලපන් මෙතන. ඇයි තව මෙතන.”
මම සීරුවට ගෙල වටා අතැඟිලි දිවෙවුවා.
“ඒ වෙලාවෙ මට දැනුනෙ මං වීදුරු බෝනික්කෙක් කියලයි. හොඳයි. කාටද කියන්න පුලුවන් ඒක වැරදියි කියල. වීදුරු බෝනික්කෙක් නිතරම බයෙන් ඉන්නෙ කොයි වෙලාවෙ කැඩිල බිඳිල යාවිද කියල. මටත් හිතුන එහෙම. අකුණක් වැදුන වගේ හදවත නතර වේවි කියල.”
“ඒ වෙනුවෙන් ජීවිතේ පරදුවට තියන්න බැරිනම් අපි හුස්ම ගන්න එකේ ප්‍රයෝජනේ මොකක්ද? අපේක්ෂාවන් මගින් ඇතිවෙන උත්තේජනය තමයි මගෙ පෙණහළු විස්තාරණය කරන්නෙ."
"ඔව් ඉතින් හදවත ගැහෙන්නෙත් ඒ හින්දම තමයි.”
“එතකොට ඇයි ඇඟිලි තුඩු හීතල වෙන්නෙ? එක් පරම අපේක්ෂාවක් මුදුන්පත් වෙනකොට අනිත් දාහක් අපේක්ශාවන්ගෙන් ඇතිවෙන උත්තේජන නොදැනී යනවා. අන්න ඒ වෙලාවට රුධිර ගලනය නවතිනව. ඇඟිලි තුඩු හීතල වෙලා හදගැස්ම නතර වෙනව. ඔහ්! ඒක උනේ එහෙමයි!”
ඌ පුරු පුරු හඬින් දිගටම මට හූමිටි තිවුවා.
“ඇයි? ඇයි අහන්නෙ? හේතුවක් ඕනෙමද උඹට?"
"මං එයාට ආදරෙයි. ඔව්. මං දන්නෙ එච්චරයි."
ඉදිරිපස දොර දඩස් ගා ඇරුන.
"ඇලෙක්සී! උඹ රස්තියාදුකාර චපල කෙල්ල."
ඔහු මගේ උකුළෙ උන් පූසිගේ කර මුලින් අල්ලා සෝෆාව මතට අතහැරියා.
"ඇලෙක්සී! උඹ රස්තියාදුකාර චපල කෙල්ල."
ඔහු මගේ උකුළෙ උන් පූසිගේ කර මුලින් අල්ලා සෝෆාව මතට අතහැරියා.
"මියෑවෝහ්"
ඌ නොරිස්සුම් බැල්මක් හෙලමින් නෝක්කාඩු කියන්නට වුනා.
"මේ ඉන්නෙ ඇලෙක්සැන්ඩ්‍රියා. මගේ සුන්දර හවුල්කාරිය. මම හිතන්නෙ ඔයාල දෙන්න මට කලින් එකිනෙකා හඳුනා ගන්න ඇති. මං කිවුවනෙ ඔයාට. ඈ හොඳයි. සාමකාමියි. ලෙන්ගතුයි."
ඔහු ගමන් මල්ලේ වූ දෑ එකිනෙක මේසය මත තබන්නට වුනා.
“ඉඳා….”
ඔහු චොකලට්ටුවක දවටනය ගලවා පෙති කිහිපයක් ඈ ඉදිරියට දැම්මා.
ඔහු චොකලට්ටුවක දවටනය ගලවා පෙති කිහිපයක් ඈ ඉදිරියට දැම්මා.
“උඹ මගේ ආගන්තුකයව හැපුවෙ, සීරුවෙ නැහැනෙ.?"
"අපොයි නෑ. එයා හොඳයි. ලෙන්ගතුයි. ඒත්......"
“ඒත්......?"
“මං හිතුවෙ." මම වචන ඇහිඳින්න අසාර්තක උත්සාහයක.
“ඒත්......?"
“මං හිතුවෙ." මම වචන ඇහිඳින්න අසාර්තක උත්සාහයක.
ඔහු ටී ෂර්ටය ගලවා සෝෆාව මතට විසිකර දැමුවා. මගේ උකුළ මත හිස තියාගත්තා. මං ඒ බොකුටු කෙහෙරැලි අතරේ ඇඟිලි තුඩු දිවෙවුවේ ආදරෙන්.
“තෙමිල.”
“වැස්සට අහුවුනා.”
“අපරාදෙ”
“ඇයි?”
“මටත් එන්නයි තිවුනෙ.”
“කුඩේ අල්ලන්නද?”
“නැහැ, මං ආසයි වැස්සට.”
“තෙමෙන්න?”
“හ්ම්ම්ම්….”
"බයක් නෑ?"
"ම්හ් හුම්"
“ඇත්තමද?”
“හ්ම්ම්ම්….”
කොපුල් තල මත ලා රත් පැහැයෙන් මතුවෙලා තිවුනු සිහින් සීරුම් පාරවල් අලුතෙන් පෑරෙන සියුම් වේදනාව මම ඇස් පියාගෙන විඳගත්තා.
ලද අවසරයෙන් කාටත් හොරා මුදු අඩි තබමින් සෝෆාවෙන් බහින්න තැත් කරන ඇලෙක්සි ඔහුගේ රළු ග්‍රහණයට හසු වුනා. ඇය ගැලවෙන්නට තැත් නොකරම වේදනාත්මක බැල්මෙන් මා දිහා බලනව.
"මේ අපේ අලුත් හවුල්කාරිය. උඹට තේරුනාද? කතාබහ කරලා අඳුනගනින්.”
ඔහු නොදන්නවා වුනාට අපි කොයිතරම් දේවල් කතා කලාද… මටත් හොරෙන් හිනාවක් දෙතොලින් පිටට පැන්න.
"වොෂ් දාගෙන එන්න."
ඔහු හිස කෙලින් කලා.
දහදියෙන් පෙඟුණු සිරුරට වැටෙන දිය බිඳුවල සිහිල සිරුර විනිවිදිමින් ඇටමිදුළු දක්වාම කාවදිනවා. හිතට දැනෙන සැහැල්ලුවත් එක්ක මම වතුරමල යට මෘදු වෝල්ට්ස් නැටුමක.
කණ්නාඩිය ඇතුලේ ඉඳන් මා දිහා බලන් ඉන්නෙ සුදුමැලි පාට කෙල්ලෙක්. ඒත් ඇගේ දෑස් බබලනවා.
මම ඈට විරිත්තනවා.
ඇයත් මට විරිත්තනවා.
මම ඇයත් එක්ක හිනාවෙනවා.
ඈ මා එක්ක හිනාවෙද්දි ඇස් දෙක පුංචි වෙනවා.
මම කණ්නාඩිය ඇතුලෙන් පෙනෙන ඇගේ පිරුණු දෙතොල්
සිප ගන්නවා.
හුස්මත් එක්ක පිටවුන මීදුම් පටලයකින් ඇගේ රුව බොඳවෙලා අපැහැදිලි වෙනව.
ඔහුගෙ ලොකු ටී ෂර්ටය ඇඟලාගෙන මම කණ්නාඩිය පිසදමලා හැඩ බලනවා. බාච්චු ගවුමක් ඇන්දා වාගෙයි. එයින් හමන සුවඳ මගේ නැහැතුඩ කිතිකවනවා.
ඔහු බැල්කනියට වෙලා තනිවම ගිටාරය වාදනය කරනවා. ඒ ගීතයේ තාලයට දෙපා තබමින් මම ක්ෂණික නූඩ්ල්ස් කෝප්පයට උණුවතුර වත්කරනව.
ඉර හඳට වඩා
අපි ඈත බව
දන්නවා
ඒ උනත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා
ඒ උනත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස
පැය කටුව කුමකටද
ඔරලෝසු මුණකට
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්
සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුළු වී
නිදිබරව උන්නා
ඔබේ තොල් පෙති වැදී
මගේ නළලේ කොණක
කේෂ නාලිකාවක් පිපිරුණා
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස
"කෑම ලෑස්තියි.!"
“ඕ…අපූරුයි!”
ඔහුගෙ දෑත මගේ බඳ වටා එතෙනවා.
"ඔයාගෙ නම මොකද්ද?"
“ඒක වැදගත් ද?”
“නැහැ නේන්නම්.”
“ඒක වැදගත් ද?”
“නැහැ නේන්නම්.”
දුම් දාන ක්ෂණික නූඩ්ල්ස් කෝප්ප දෙක ටීපෝව උඩින් තියලා මං ඔහුට තුරුළු වෙනව.
~ සමාප්තයි ~
සිංදුව අහල නැති අයට මෙතනින් ගිහින් අහන්න පුලුවනි. ;)
ප.ලි.
මේක කෙටිකතාවක්ද මන්දා. එහෙම නෙමෙයිදත් මන්දා.
මොකද මෙතන ඇත්තටම "කතාවක්" නැහැ.
මට වුවමනා වුනේ නෑ අනවශ්‍ය Twists දාලා ඔයාලව impress කරන්න. මට ඕනෙ උනේ ලස්සන හීනයක් අඳින්න. ඒ හීනෙට අකුරුවලින් පණ පොවන්න. පණ ලබල හුස්ම ගන්න ඒ හීනෙ රහ බලන්න.
තනියම නෙමෙයි. මගෙ වටේ ඉන්න ඔයාලත් එක්ක.
මට වුවමනා උනේ ඔයාලට අකුරු වලින් වර්ණ, මියැසි, සුවඳ, රස සහ ස්පර්ශ කියන හැඟීම් සේරම දැනෙන්න දෙන්න.
මං පළමු උත්සහයෙදි මගෙ උපරිමය කලා.....
ඉතින් කියාපල්ලා.
උඹලා ඒක වින්දද?
මං සාර්ථකද?
(මේ පෝස්ටුවට ඇනෝ ඇරිය. අවංක අදහස් දැනගන්න.)
මේක කෙටිකතාවක්ද මන්දා. එහෙම නෙමෙයිදත් මන්දා.
මොකද මෙතන ඇත්තටම "කතාවක්" නැහැ.
මට වුවමනා වුනේ නෑ අනවශ්‍ය Twists දාලා ඔයාලව impress කරන්න. මට ඕනෙ උනේ ලස්සන හීනයක් අඳින්න. ඒ හීනෙට අකුරුවලින් පණ පොවන්න. පණ ලබල හුස්ම ගන්න ඒ හීනෙ රහ බලන්න.
තනියම නෙමෙයි. මගෙ වටේ ඉන්න ඔයාලත් එක්ක.
මට වුවමනා උනේ ඔයාලට අකුරු වලින් වර්ණ, මියැසි, සුවඳ, රස සහ ස්පර්ශ කියන හැඟීම් සේරම දැනෙන්න දෙන්න.
මං පළමු උත්සහයෙදි මගෙ උපරිමය කලා.....
ඉතින් කියාපල්ලා.
උඹලා ඒක වින්දද?
මං සාර්ථකද?
(මේ පෝස්ටුවට ඇනෝ ඇරිය. අවංක අදහස් දැනගන්න.)
~~~~~~~~~~~~~~~~~~