මැන්ටල්
ද???
ඒක මට නුපුරුදු
ප්රශ්ණයක් නෙමෙයි. ඇත්තම කිවුවොත්, මගෙ නමටත් වඩා අහල පුරුදුයි. ඔය ප්රශ්ණෙට මම හැමදාම
දෙන්නෙත් එකම පිළිතුරක්.
ඔව්. මැන්ටල්!
එහෙම කියල
මෙහෙමත් අහනව.
“අද ද දන්නෙ? අයියූ…..”
මැන්ටලේ
කියන්නෙ මොකද්ද කියල ඇහුවම ගූගලය කියන්නෙ “දුම් කවුලුව”
කියලයි. “උඳුන් හිස” කියලත් කිවුව. හැබැයි අපි ජෛව විවිධත්වය
ප්රැක්ටිකල් එකකදි අර ජරා ගඳ ගහන බෙල්ලො වගයක් ඇඳල උන්ගෙ කවච ලකුණු කලෙත් මැන්ටල් කියල.
ඒ කියන්නෙ
බෙල්ලන්ටත් මට වගේම මැන්ටල්ද?
වෙන්ඩ බෑ….
කම්මැලිම
කම්මැලි බයෝජියෝග්‍රැෆි පාඩමක් වෙලාවෙ යන්තමට ඇහුන මතකයි පොළව වටවෙලා තියෙන්නෙත් මැන්ටල්
එකකින්ය කියල කවුදෝ මන්ද ප්රොෆෙක් වයිට් බෝඩ් එකට උගන්නනව…
අර්ත් මැන්ටල්?
යකෝ ඒ කියන්නෙ පෘතුවියටත් පිස්සුද? එහෙනම් මට පිස්සු හැදෙන එක අහන්නත්
දෙයක්ද.
විභාගයක්
අත උඩට එනකම් බලන් ඉඳල කලින් දවසෙ රෑ එලි වෙනකම් පස්ස උඩ තියන් පාඩම් කරද්දි අපේ අම්ම
අහනව මැන්ටල්ද කියල. එතකොට තාත්ත කියනව මැන්ටල් නේන්නම් ඔය පිට්ටනි හොයනව කියල.
හැබැයි
ගස් යටයි බැමි උඩයි ඉඳගෙන ස්ට්රයික් කාලවලට දවස් ගණන් කාලෙ කන්න අකමැත්ත ප්රකාශ කලාම
යාලුවොත් අහනව මැන්ටල්ද කියල. කැම්පස් ජීවිතේ ආතල් එක ගන්න නොදන්න තොට මැන්ටල් කියනව.
ඕනෑවට වඩා මොලේ වෙහෙසවල මැන්ටලයක් වෙයි කියනව.
එහෙම කියන උන්ම ලෙක්චර්ස් කට් කරල පනින
දවසටත් බනිනව තොට මැන්ටල් කියල. ඩිග්රිය අල වෙයි කියනව. එක්සෑම් ඇන වෙයි කියනව. ආයෙම
අහනවා තොට මැන්ටල්ද කියල.
“අද්ද දන්නෙ? අයියූ…..”
ඔය මැන්ටල්
කියන වචනෙ වෙනුවට සමහර යාලුවො කියනව පිස්සා කියල. බස්ස නම් කියන්නෙ පිස්සි කියල. ගිය
සතියෙ අපි රෑ වෙනකම් ෂොපින් රස්තියාදුවක් ගැහුව. ගෙදර යන්න බස්සෙකට නැග්ගම මම ම සීට්
එකක් තෝරල ඉඳගත්ත. මොකද බස්සෙකේ සෙනග සූ ගාල දෙතුන්දෙනෙක් ඉන්නැති වැඩිම උනොත්. ඔන්න
ටික වෙලාවකින් සෙනග පිරුණ. බස්සෙක පිටත් උනා.
ඒ එක්කම
මහ වැස්සක් කඩාහැලෙන්න ගත්ත.
එතකොට තමයි
අවබෝධ උනේ මම පස්මහ බැලුම් බලල බස්සවත් ඇදගෙන වාඩිවෙච්ච සීට් එක ගාව ශටර් එකට උඩින්
තියන කෑල්ලෙ වීදුරුව රහත් වෙලා බව.
ඔව්, ඔව් ඒ වීදුරුව රහත් සැටිපිකේට් එක ගන්න හාමුදුරු
සර් කෙනෙක් ගාව බාවනා ක්ලාස් යන්ඩ ඇති. ඛොහොමින් කොහොම හරි වීදුරුව නැති නිසා සීට්
හතරක විතර පලාතක් තෙමෙනව.
තෙමෙන කොල්ලො
කැප් දාගන්නව
තෙමෙන කෙල්ලො
ලේන්සු, ස්කාෆ් ඔලුවෙ ඔතාගන
අර රහත් උනු වීදුරුවට රවනව.
ඊට පස්සෙ
විනාඩියෙන් විනාඩියට
වයිපරේ ඔන් කලා වගේ අතපය හතරම හිටු කියල පිහදානව.
ඒ මදිවට එකාවන්ව
අර වීදුරුව ගැලවිච්ච තැන
දවා හළුවෙන බැල්මන් හෙලනව.
මෙන්න මේම;
ඔය අව්අස්සෙ මං මොනා කලා කියලද හිතන්නෙ සුපින්වතුනි?
මන් අපේ
බසු මනුස්සයගෙ අත කොනහ කොනහ පෙන්නුව, පාරෙ වාහන වල ලයිට් එළියට වැහි බින්දු දිලිසෙනව. පට්ට ලස්සනයි.
ඒ දිහා බලන් ඉන්නකොට අර වැහි පොදේ වදිද්දි මාරම ජොලි.
මමත් ඉතින් සැරෙන්
සැරේ රහත් උනු වීදුරුවට ඉස්කෝතුයි කියන්නැහෙ උඩ බලනව මේම මේම;
ඔන්නොය
වෙලාවෙ බස්සත් හෙමීට කනට කරල අහනව මගෙන්
ඔන්න දවසක්
අපේ කිරිහාමියයි, ජෙස්මියයි මායි ෆිසික්ස් ක්ලාස් යන්ඩ කලින් අපේ ජනප්රිය කූල් ස්පොට්
එකකට ගොඩවැදුන බීම බොන්න. ඔය කාලෙ අලුත් ට්රෙන්ඩ් එකක් තිවුන ඉක්කෝලෙ අරන් යන්නෙ චුට්ටිත්තන්
සයිඩ් බෑග් මල්ලක්.
එතකොට පොත්?
ආ…. එව්ව අතේ.
පොත් වලට පට්ට ගති පිටකවර
එහෙම දාල ශෝ එකට අතේ අරන් යනව.
ඔන්න බීම
බීල අපි තුන්දෙනා කඩෙන් එලියට බැස්ස. හැබෑට මොකද මේ මිනිස්සු මගෙ දිහා අමුතු විදියට
බලන්නෙ? කින්ඩි හිනාවකුත් දානව කොල්ලො එහෙම.
අන්න එවෙලෙ
තමයි දැනගත්තෙ මං අතේ අරන් ගිය පොත් දෙක කඩේ තියල බීම බෝතලේ තුරුල් කරන් පාරෙ ඇවිදන්
යන බව.
අනේ ඉතින්
මෙව්වා කියල මොකට නානවද!
අම්මා ළඟදි
දවසක් තාත්තගෙ බත් එක බෙදල කිවුව මේක කෑම මේසෙ උඩින් තියල වහල තියන්න, මේ පොල් එක ෆ්රිජ්
එකට දාන්න කියල. තාත්ත කන්න ඇවිත් බලද්දි පොල් බෑවක් තියෙනවලු මේසෙ උඩ ලස්සනට වහල,
වතුර වීදුරුවකුත් ළඟට කරල.
එතකොට කෑම
එක?
ආ…
ඒක ෆ්රිජ් එකේ තිබිල අරන් විසික්කා කොලා නෙව.
හොඳ විස්වාසෙට
ගන්ඩ ආයිබෝං, අද උදේ අයි ඩී එක බෙල්ලෙ එල්ලන් හිටු කියල ෆෝන් එක අතුල්ලනව ඔෆිස් එකේ
දොරක් ඇරගන්න. ඇන්තිමට මා කෙරෙහි අනුකම්පාවෙන් එතනින් ගිය සිකුරුට්ටියෙක් ඇහැවුව මිස්
ඔය අතුල්ලන්නෙ අයි.ඩී. එක නෙමෙයි නේද කියල.
ගෙයින්
එළියට යනකොට දොර ඇරල යතුර හංගල යන මිනිස්සුත් ඉන්නව හරිය? මීට කලින් දැකල නැත්තං හොඳට
බලාගන්න.
එතකොට බස් එකට නුගේගොඩින් නැගල නුගේගොඩට ටිකට් ඉල්ලන මිනිස්සුන්ව මීට කලින් දැකල නෑ නේද?
කොන්ද කට ඇරන් බලන් ඉඳල ‘නුගේගොඩට??” කියල අහද්දිත් ඌට රවල “ඔව් ඔව් නුගේගොඩට තමයි” කියල අවධාරනය කරන මිනිස්සුන්ව?
දැකල නැත්තං මෙන්න ඉන්නව හොඳට බලාගන්න ඈ….
පිස්සුද?
මං බෙල්ලෙක්වත්, ග්‍රහලෝකයක්වත් නෙමෙයිනෙ.
ඉතින් මට කොහෙද මැන්ටල්?
මටත් හිතෙන්නෙ
ඒකමයි.
උඹල ඔක්කොටම
මැන්ටල්!