කෑම පාලනය ගැන අපූරු බ්ලොග් පෝස්ට්
දෙකක්ම මම කියවල තිවුන. එකක් දිනේෂ් අයිය ලියාපු උපදේශාත්මක පෝස්ට් එකක්. අනික
ඩූඩ් අංකල් ලියාපු විනෝදාත්මක ලිපියක්.
සාමාන්‍යෙන් කටු කනකොට වෙන්න ඕනෙ
කෙට්ටු වෙන එක නෙව. ඒත් ජොබ් කට්ට කන්න පටන් ගත්තු දා ඉඳන් බස්සි ඉතා සීග්‍රයෙන්
මහත් වෙන්න පටන් ගත්ත.
පිම්බුනා පිම්බුනා පිම්බුනා.
ඉස්සර කියවාපු මනමැවි කතන්දර වල වගේ
අන්තිමේදි පිම්බිලා පිම්බිලා පිපිරුනොත්!! බස්සිට බය හිතුනා.
ඉතින් බස්සිට උවමනා උනා කෙට්ටු වෙන්න.
ඒත් කාලයක් යනකොට මට තේරුනා මම මේ
අනුගමනය කරන්නෙ ඩූඩ් අංකල්ගෙ පෝස්ට් එකේ දීල තියන උපදෙස් ටික නේද කියල.
තෙල් කෑම, පැණි රහ කන්නෙ නෑ නෑ නෑමයි කියල හිතාන
සතියක් ඉන්නව. සතියක්ම හිටියනේ කියල හිත හදාගෙන චොකලට් දුසිමකට විතර එක දවසින්
වැඩේ දෙනව.
උදේට බර ආහාර නොගෙන යෝගට් කනව සතියක්
විතර. ඒත් කඩේට එවෙලෙ ගෙනාපු පේස්ට්‍රි දුම් දදා තියෙනව දැක්ක ගමන් ප්ලෑන චකබ්ලාස්
වෙනව.
මගින් බැහැල ඔෆිස් එකට ඇවිදන් යන්න
හිතනව. පරක්කු වෙලා බව දැක්කම ටුක්ටුක් එකකට නගිනව,
වෙනද පයිං යන ටිකවත් යන්න බැරි වෙනව.
මේක මහ අපලයක්. මගෙ හිත කිවුව.
ඒ ගමන මම හිතුව ඉස්සර අලි පැටියෙක්
වගේ ඉඳල කෙට්ටු උනාය කියන කුමාරිකාවකගෙන් උපදෙසක් ගන්න. එයා ජීවත් වෙන්නෙ කලු සහසුදු මිටියාවතේ කියල අපේ පහල ඇළේ ඉන්න කිඹුලියෙක්ගෙන් මට ඔත්තුවක් ලැබුන. ආරංචියේ
හැටියට එයා ගාව තියෙනවා ලස්සන වීමේ රහස් මංජුසාවක්.
අනේ ඉතින් බස්සියා සෙනසුරාදා උදේ
රැයින් පිටත් උනා ඒ කුමාරිකාව මුණගැහෙන්න. රහස් මංජුසාව ඉල්ල ගන්න පුලුවන් උනොත්
කොයිතරම් දෙයක්ද! දම් පාට වයිබර් යානාවක නැගල තමයි ගමනට පිටත් උනේ.
ඔන්න ඉතින් උදේ අට වෙනකොට කලු සහ සුදු
මිටියාවතට ලෑන්ඩ් කලා කියමුකෝ.
කුමාරිකාව ඇවිල්ලා "හලෝ
මචී" කියල බොහොම ආදරෙන් මාව පිළිගත්ත. මං අහන්නත් කලින් රහස් මංජුසාවත් අරගෙන
ආව.
"මේකෙ තියෙන්නෙ
මම ම හදාගත්තු බෙහෙතක්." කුමාරිකාව කිවුවා.
ඉන් පස්සෙ සීරුවට මංජුසාවෙ පියන ඇරිය. ඒත් එක්කම ආපු සුදුම
සුදුපාට මීදුම් වළාකුලක් නිසා මගෙ ඇස් දෙකත් වැහුන. ඇස් අරිනකොට දැක්කෙ එයා
මංජුසාවෙන් ගත්තු ඉන්ඩිගෝ පාට දිලිහෙන පවුඩර් කුඩක් සුදු කඩදාසියකින් ඔතනව.
කඩදාසිය පරෙස්සමට ඔතල මට දුන්නු
කුමාරිකාව මෙහෙම කිවුව.
"දැන් පරෙස්සමට ගෙදර යන්න. ඕක බොහොම වටින බේතක්.
මේකෙ රසායනය හරිම අමුතුයි.
බෙදන්න බෙදන්න වැඩිවෙනවා.
එකතු කරන්න එකතු කරන්න අඩු
වෙනවා."
මමත් ඉතින් ස්තූතියි කියල ආචාර කරල
ගෙදර එන්න පිටත් උනා.
"අන්න බලපං කිඹුලි, උඹට දුන්නෙ නැති බෙත අර අලි
කුමාරි බස්සිට දීල. දැක්කද?
ඕකුන් පාප මිත්‍රයො කිඹුලි. උඹ
දුක්වෙන්න එපා මම ඉන්නව උඹත් එක්ක. අපි හොඳ පාඩමක් උගන්නමු."
අනේ! මාව දැක්ක විතරයි බයවෙච්ච ගෙම්බා
"ජබෝස්!" ගාලා ළඟම තිබුන මඩ වලකට පැන්න. හැබැයි කිඹුලි ගේම අතෑරියෙ නෑ.
"දීපන් මටත් බේත! දීපන්!" කිය කියා වතුරෙ
පාවෙනව මෙන්න මේම.
ඒ උනාට එහෙම ඉල්ලපු ගමන් දෙනවද මෙහෙම
වටින කියන දේවල්. මම කොහොමහරි කිඹුලිගෙන් බේරිලා ගොඩවුනා බස්සිගේ නවාතැනට.
හෙමිහෙමින් කඩදාසිය දිග ඇරල බැලුව.
අනේ!!
අර ඉන්ඩිගෝ පාට කුඩු ටික අතුරුදහන්
වෙලා!
ඒ වෙනුවට කඩදාසිය පුරා ඉන්ඩිගෝ පාට
වැල් අකුරෙන් මෙහෙම ලියැවිලා තිබුනා.
අවශ්‍ය ද්‍රව්‍ය
ආදරේ කිලෝ 100 යි
කරුනාව කිලෝ 67 යි
හිනාව කිලෝ 703.5 යි
කඳුලු බිංදු 51 යි
උම්මා 1,000,000,000,000 යි
මේවා සේරම එකට කලත්තලා
උදේට
දවල්ට
රෑට
බොන්න.
බත් ගිලින එක අඩු කරල,
එළවලු චුට්ටක් රෑට තම්බන් කාල,
සින්දුවක් අහල,
චුට්ටක් නටල,
හොඳ.....ට දොයියගන්න.
හිතේ කරදර සේරම අමතක කරල දාන්න.
කවුරු මොනව කිවුවත්, කලත්
හිතේ තරහක් නම් තියා ගන්න එපා.
තරහ ඇති උනොත් බෙහෙතෙ බලේ නැතුව යනව.
සතුටින් ඉන්න.
හදවත ලස්සනයි නම්
අපිට මුලු ලෝකෙම ලස්සනට පෙනේවි.
ඔන්න ඕක තමයි ඒ රහස් මංජුසාවෙන් ගෙනාපු බෙහෙත.
ඉතින් ඕක ගෙනාපු දා ඉඳන් අර ගෙම්බයි
කිඹුලියි දෙන්න ඉඳගෙන මට වද දෙනව මංජුසාවෙ තියන රහස් බේත කියන්න කිය කියා.
බැරිම තැන මම සද්දයක් දාල අඩි හැප්පුව.
"මේ සතිය අග කියන්නම්! ඉවසල
හිටපියව්!!"
බයවුන පාර ගෙම්බ උඩීන් ගිහින් වැටුනෙ
ත්‍රිකුණාමලේ තල් රා මුට්ටියකට. කිඹුලි සුරුස් ගාල ගං ඉවුරෙ තිවුනු බිලයකට රිංග
ගත්තා.
"මේකෙ රසායනය හරිම අමුතුයි.
බෙදන්න බෙදන්න වැඩිවෙනවා."
දැන් බලා ගන්න පුලුවන් ඒ කතාවේ ඇත්ත
නැත්ත.