බස්සි එක වතාවක් කැම්පස් කොකු ගැන ලියැවුන කුරුටු ගී එකතුවක් පළ කලා මතක ඇතිනෙ. මතක නැත්නම් ඉතින් මෙන්න ලින්ක් එක. අද ලියන්නෙත් කුරුටු ගෑ ගී ගැනම තමයි.
සරසවි ජීවිතේ අමතක කරන්න බැරි අංගයක් තමයි සරසවි කුරුටු ගී. බස්සි සරසවි කුරුටු ගී වලට ආදරේ කරන්න පටන් ගන්නකොට අවුරුදු දහයක් විතර පොඩි කුරුලු පැට්ටෙක්. ඒ දවස්වල පළමු වතාවට කුරුටු ගී රසවින්දෙ බස්සිගෙ අයියා කෙනෙක් ගෙනත් දුන්නු පේරා කැම්පස් එකේ සමරු කලාපයක මුද්‍රිත කවි එකතුවකින්. බස්සි සරසවියට ආදරේ කරන්න පටන් ගත්තු කාලෙදි මුලින්ම ලියන්න ඕනෙ විභාගෙ ඕ/ලෙවල් ද නැත්තම් ඒ/ලෙවල් ද කියලාවත් දැනගෙන හිටියේ නැහැ.
පුංචි කාලෙ අයියා කියාපු කුරුටු ගී අහගෙන හිටියෙ විනෝදෙට. පස්සෙන් පහු තේරුනා පිටත සමාජෙට කෑ ගහලා කියන්න බැරි මොන තරම් වේදනාවල් ගොන්නක් ඒ පද පේලි අතරෙ හැංගිලා තිවුනාද කියල.
සරසවියේ මගෙ අම්මෝ සරසවියේ
කියනා දෙයක් ඔලුවට යන්නෙම නැතියේ
තාත්ත ලෙඩ ඇඳේ මහපොළ තව නැතියේ
අම්මේ අනේ ඉවසන්නට මට බැරියේ
ඇත්ත, මේක තමයි බහුතරයක් සරසවි ශිෂ්‍යයන් මූණ දෙන යතාර්තය. ඔය අතරෙ ඉතින් පැජරෝ එකෙන් බැහැලා මහපොළ අරන් යන උදවියත් නැතුවාම නොවෙයි. මහපොළත් නැතුව ගිය බස්සියි බස්සයි වාගෙ රජයේ සේවකයන්ගේ දරුවොත් බොහොමයක් ඉන්නවා සරසවිවල.
මහපොළත් නැතිව, අතේ සල්ලිත් නැතිව ඉන්නා මොහොතක ගත පෙළන කුසගින්න ගැන ලියැවුන සරසවි කුරුටු ගී කිහිපයක්;
කුසගින්න කුසගින්න
කාට මම කියන්නද
එවූ මුදල ඉවරයි
අම්මේ......
මහපොළත් නැතිව, අතේ සල්ලිත් නැතිව ඉන්නා මොහොතක ගත පෙළන කුසගින්න ගැන ලියැවුන සරසවි කුරුටු ගී කිහිපයක්;
කුසගින්න කුසගින්න
කාට මම කියන්නද
එවූ මුදල ඉවරයි
අම්මේ......
බඩගිනි වෙලා මා ගිය කළ ජිම් එකට
ගල් වුන වඩේ විතරක් තිබුනි කෑමට
කූල් ප්ලේන්ටිය උගුරෙන් යන කලට
තුක් නොදකින් සිතුනි මේ විඳිනා දුකට
ජිම් එක කියන්නේ බස්සිලාගෙ කැම්පස් එකේ කාය වර්ධන මධ්‍යස්ථානයට යාබදව පිහිටුවලා තියන කැන්ටිම.
ගල් වුන වඩේ විතරක් තිබුනි කෑමට
කූල් ප්ලේන්ටිය උගුරෙන් යන කලට
තුක් නොදකින් සිතුනි මේ විඳිනා දුකට
ජිම් එක කියන්නේ බස්සිලාගෙ කැම්පස් එකේ කාය වර්ධන මධ්‍යස්ථානයට යාබදව පිහිටුවලා තියන කැන්ටිම.
උඩින් ලියා තියෙන කුරුටු ගී මෑතකදි බිහිවුන ඒවා. මේ තියෙන්නෙ පේරා කැම්පස් එකේ අතීතයේ පටන් පැවත එන කුරුටු ගීයක්.
පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා
මේ කවියත් අර බස්සි පුංචි බබා කාලෙ අයියා ගෙනත් දුන්නු සරසවි සමරු කලාපයේ තිවුනු කවියක්. දැන් කැම්පස් වල කැන්ටින් කෑම දැක්කම හිතෙනවා ඒ ළමයි කොයිතරම් වාසනාවන්තද කියලා.
පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා
මේ කවියත් අර බස්සි පුංචි බබා කාලෙ අයියා ගෙනත් දුන්නු සරසවි සමරු කලාපයේ තිවුනු කවියක්. දැන් කැම්පස් වල කැන්ටින් කෑම දැක්කම හිතෙනවා ඒ ළමයි කොයිතරම් වාසනාවන්තද කියලා.
සිහිනෙන් පවා මගෙ සුඛවිහරණේ පැතූ
අම්මා දනීනම් මේ සරසවියෙ තතූ
වර බොල කොලුවො යයි දෙනෙතින් කඳුලු යුතූ
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ
අම්මා දනීනම් මේ සරසවියෙ තතූ
වර බොල කොලුවො යයි දෙනෙතින් කඳුලු යුතූ
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ
මේ සරසවි කාලසටහන කියලා මාතෘකාවක් යටතේ බස්සිගේ හොස්ටල් එකේ ඇඳ ගාව ලියා තිවුන කවියක්
දහවල විප්ලවය
සැඳෑවේ ප්‍රේමය
රාත්‍රිය අද්‍යාපනය
උදෑසන නින්ද
දහවල විප්ලවය
සැඳෑවේ ප්‍රේමය
රාත්‍රිය අද්‍යාපනය
උදෑසන නින්ද
මේ කවිය නම් වත්මන් කුරුටු ගීයක්. අද කාලෙ වෙනකොට ස්ටුඩන්ට් යූනියන් වල නියම තත්වය මේ කවියෙන් අපූරුවට කියා දෙනවා.
ලටෙක් වුන්ට තෝතැන්නකි යූනියන්
පට්ට යක්කු අරක් ගත්තු යූනියන්
කැට සල්ලිත් පිල්ලි ගහන යූනියන්
ගමේ එවුන් කඩේ යවන යූනියන්
ලටෙක් වුන්ට තෝතැන්නකි යූනියන්
පට්ට යක්කු අරක් ගත්තු යූනියන්
කැට සල්ලිත් පිල්ලි ගහන යූනියන්
ගමේ එවුන් කඩේ යවන යූනියන්
කෝස් එකට යට වීලා මෙහි සිටියත්
එක අතකට මරු ආතල් මේ දිවියත්
කෑල්ලකින් ඇණ වීලා චොර වුවත්
සතුටින් හිදිමි ස්බ්ජෙට් ඇණ වී සිටියත්
කතාවක් තියෙනවානෙ "ඇණයක් නැති සරසවි ජීවිතය පලක් නැත." කියල. සබ්ජෙක්ට් එකක් ඇණ වීමත්, කස්ටිය එක්ක ඇණ ගොඩ දාන්න වලි කෑමත් කියන සුන්දර අත්දැකීම බස්සිත් සරසවි ජීවිතේ එකම එක වතාවක් අත්විඳලා තියෙනව. කොල්ලො ඇණේ ගොඩ දාන්න ඉඳ ගන්නෙම ඇණ දීපු ලෙක්චරර්ට කටපුරා මෛත්‍රී කරලා හෙම තමයි.
කස ගස්වල කොළ හැලිලා මැලවීයන්
තෙල් බැම්මේ බැමි ලිහිලා ගැලවීයන්
සයිබාවේ නයි පොළොඟුන් බිහිවීයන්
මට ඇණ දුන් එකී කණවැද්දුම් වීයන්
මේ කියන්නෙ වෙනස් විදියක ඇණයක් ගැන. සබ්ජෙක්ට් ඇණ සහ බූට් හෙවත් කොකු ඇණ කියලා ඇණ වර්ග දෙකක් තියෙනව නෙව.
තෙල් බැම්මේ බැමි ලිහිලා ගැලවීයන්
සයිබාවේ නයි පොළොඟුන් බිහිවීයන්
මට ඇණ දුන් එකී කණවැද්දුම් වීයන්
මේ කියන්නෙ වෙනස් විදියක ඇණයක් ගැන. සබ්ජෙක්ට් ඇණ සහ බූට් හෙවත් කොකු ඇණ කියලා ඇණ වර්ග දෙකක් තියෙනව නෙව.
කෑවද බීවාද අසමින් නිති සෑමා
යන එන මඟදි එන සෙවනැල්ලක් සේමා
මිතුදම් එකට බැඳි විලසට රන් දාමා
මතු සසරෙදිත් හමු වේවා මගෙ රූමා
මේ වාගෙ හිත හොඳ රූමෙක් සෙට් වුනොත් ඉතින් පූරුවේ වාසනාව. ඒත් අද කාලෙ නම් ගොඩක් උදවියට සෙට් වෙන්නෙ මෙන්න මේ වාගෙ රූමලා ;
ගුණයේ ගුණය අගුණය එනමුත් ගුණය
ගුණයේ ගුණය දුටු මිනිසා අසරණය
මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය
මට දුක උඹට ඒ පින නැති එක ගැනය
මෙහෙම කියන රූමලා තමයි අද කාලෙ බහුතරයක් ඉන්නෙ. අද්‍යාපනයට තියෙන බෙලි කපන තරඟයත් එක්ක එහෙම උදවිය කැම්පස් වලට වැඩි වැඩියෙන් ඇතුලු වෙන එක පුදුමයක් නෙමෙයි.
ගුණයේ ගුණය දුටු මිනිසා අසරණය
මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය
මට දුක උඹට ඒ පින නැති එක ගැනය
මෙහෙම කියන රූමලා තමයි අද කාලෙ බහුතරයක් ඉන්නෙ. අද්‍යාපනයට තියෙන බෙලි කපන තරඟයත් එක්ක එහෙම උදවිය කැම්පස් වලට වැඩි වැඩියෙන් ඇතුලු වෙන එක පුදුමයක් නෙමෙයි.
අම්මේ තාත්තේ නුඹ මට සමාවෙයන්
ආවේ හදේ මහ පැතුමක් තුරුලු කරන්
නැහැ මම දන්නෙ කඩු හරඹය කොහොම කරන්
පුලුවන් වුනොත් එන්නම් ඩිග්‍රියක් අරන්
හෝඩියෙ ඉඳන් දහතුන තෙක් කට පාඩම්
ටියුෂන් ගිහින් නිඩි වැරුවෙමි හොඳ පාඩම්
කඩු හරඹෙන් දෙන විට සරසවි පැවරුම්
සිහිවෙනවා මට දෙවියන් හතරවරම්
කඩු හරඹ බැරි කම නිසා අසරණ වෙන දක්ෂ සහෝදර සහෝදරියො කැම්පස් වල ඕනැතරම්. කඩ්ඩ බාල්දු කරලා කඩු හරඹ බැරිම එවුන් ටික පුම්බන්න ට්‍රයි කරන ස්ටුඩන්ට් යූනියන් වලටත් මේ ප්‍රශ්නෙදි ඇඟිල්ල දිගු කරන්න වෙනවාමයි. කඩ්ඩ පාවිච්චි කල යුතු තැනදි කඩු හරඹ පෙන්වන්න නම් කඩු හරඹය පුහුනු වෙන්නත් අවස්ථාවක් දෙන්න ඕනෙ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
දේශන මොටද මතකයෙ රඳවන්න බැරි
සටහන් මොටද කියවා නිමවන්න බැරි
බුද්ධිය මොටද සිතනා දේ කරනු බැරි
ඩිග්රිය මොටද රැකියාවක් ගන්න බැරි
නරියා හූ කියයි ඩිග්රිය ඌට නැත
එළුවට රැවුල ඇත campus ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික පමණි ඩිග්රිය නම් පලක් නැත
දැනුම නම් ලැබෙනවා. ඒත් ඒ දැනුම මොන තරම් දුරට ප්‍රායෝගිකද කියන ප්‍රශ්නයෙදි අපි අසරණ වෙනව. අපේ බැච් එක අවුට් වෙලා දැන් මාස හයක් විතර. උපාධිය නිසා පමණක්ම, මම කියන්නෙ ඒ සහතිකේ නිසා පමණක්ම රැකියාවක් ලැබුනු අය අතේ ඇඟිලි වලින් ගනින්න පුලුවනි. ඒත් පොළවෙ පය ගහලා, කොන්ද කෙලින් තියාගෙන, කෙලින් කතා කරන්න පුලුවන් පන්නරයක් ලබා දුන්නෙ සරසවි ජීවිතය. අඩුම තරමේ ඒ පන්නරය ලබා ගත්තු කෙනෙක්ට පුලුවනි බය නැතුව ජීවිතේට මූණ දෙන්න. උපාධි සහතිකේ බලාගෙන බෙලි කපාගෙන, යටි උගුල් ඇදගෙන මේ අවුරුදු හතර ගත කල උදවියගේ තත්වය නම් හරිම ශෝචනීයයි.
සෙමෙස්ටරේ කාපිය නුඹ
මගේ මුලු සිරුරම
බීපිය
මගේ රීරි මාංශයම....
මේ තරම් කළකිරීමෙන් අද්‍යාපනය ලබන අයත් නැතුවා නොවෙයි. ඒ ගැන නම් බස්සිට කියන්න දෙයක් නෑ.
මේක පහුගිය කාලෙ අද්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධව මොරටුව සරසවියෙන් කළඑලි බැහැපු කවියක්
ඔබද ලක්ෂපති - මමද ලක්ෂපති
එහෙමනං ඉතිං
ෂුවර් ඩිග්රියක් ඇති
ඔබද ලක්ෂපති - මමද ලක්ෂපති
එහෙමනං ඉතිං
ෂුවර් ඩිග්රියක් ඇති
පහුගිය අවුරුද්දෙ පවත්වපු මහා ආචාර්ය වැඩ වර්ජනය වෙනුවෙන් ලියාපු කුරුටු ගීයක් මේ.
ඩිග්රිය ගන්න කැන්දා
තවත් කල් යයිද මන්දා
අනේ ඒ හින්දා
ඔන්න මම නම් ඊයේ බැන්දා
ඩිග්රිය ගන්න කැන්දා
තවත් කල් යයිද මන්දා
අනේ ඒ හින්දා
ඔන්න මම නම් ඊයේ බැන්දා
හ්ම්ම්.... මෙහෙම ගියොත් මේ ලැයිස්තුවට අවසානයක් නැති වෙයිද මන්දා.... ඒ නිසා අඩුපාඩු ඇත්නම් සහ තවත් එකතු වි යුතු කුරුටු ගී තියේනම් පහළින් කොමෙන්ටු විදියට එකතු කරන්නකෝ.....