Monday, September 30, 2013

ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට???





"ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට. ඔයාගෙ සතුට වෙනුවෙන්, ඕනෙම දේකට මම කැමති වෙනවා." කාලෙකට ඉහතදි බස්සි බස්සාට දීපු පණ්ඩිත ටෝක්ස් තමයි මේ.


අහෝ අද උදෑසන වූ විපතක මහත! ඒ පඬි ටෝක්ස් සියල්ල හිරු දුටු පිණි මෙන් වියැකී ගියේය.

 
ජොබ් කටුව වෙනස් වුනාට පස්සෙ බස්සිට උදේ රැයින් පිටත් වෙන්ට සිද්ද වෙච්චි හැටි කලින් පෝස්ටුවක සටහන් කලා නෙව. එහෙමයි කියලා තනියම යන්ට පුලුවන්ය? වෙනදා දහයට ඔපීසි යන බස්සාවත් කොහොමහරි උදෙන් ඇහැරවාගෙන එක්කන් යන්නෙ තනියට.


ඕන් ඉතින් අදත් උදේ අපි ඩබල බස් එකක එල්ලුනා කියමුකො. (එල්ලෙන්නෙ වවුල්ලු තමයි. ඒත් ලංකාවෙ උදේට බස් වල යන හැම කුරුල්ලෙක්ටම වවුල් ක්‍රමේට තමයි ගමන යන්න වෙන්නෙ.)  බස් එකේ පොල් පටෝල වාගෙ සෙනග. ඔය සෙනග ගොඩ අස්සෙ කොහොමින් කොහොම හරි මට අපේ බස්සව මග ඇරුන.





වටයක් බෙල්ල කරකෝලා බලද්දි මෙන්න බස්ස ඉන්නව මට පස්ස හරෝගෙන. සෙනග ගොඩේ එහා පැත්තට හැරෙනව කියන එක මෙලෝ ජගතෙකුට කොරන්ට පුලුවන් දෙයක් නෙමෙයි. ඉතින් බස්සිත් හෝල්ට් පහයිනෙ කියලා ඉවසා වදාරන්න හිතුවා කියමුකෝ.


ඊගාව හෝල්ට් එකෙන් නැග්ගෙ නැතැයි සුදු ලස්සන කිරිටිස් කෑල්ලක්. සෙනග ගොඩේ දුෂ්කරක්‍රියා කොරද්දිත් ඇහැ කොනට අහු වුනා ඒ තරමට ලස්සනයි. හීනියි, සුදුයි, කොණ්ඩෙ ලොකු රවුම් කැරලි, ලාවට මේක් අප් පාරක් හෙම දාල, නිල් ඩෙනිම් කලිසමකුයි, සුදු ටී ෂර්ට් එකකුයි ඇඳලා. හිතේ මවාගන්ට පුලුවනි නෙව?


මෙන්න මේ වාගෙ ටිකක්. 





 
පස්ස හරෝගෙන හිටියත් සැරෙන් සැරේ බස්ස ඉන්න දිහාවට ඇහැ යන්නෙ මටත් හොරෙන්. මෙන්න බොලේ අර  සුදු ලස්සන කිරිටිස් කෑල්ල සෙනග පීරාගෙන ඇවිත් බස්ස ගාව ලෑන්ඩ් කොරලා. බස්සගෙ මූණ දිහා කන්න වගේ බලාගෙන ඉන්නව.


බස්සගෙ උපවිඥානයට දැනෙන්න ඇති නෙව කෙල්ලො දෙන්නෙක්ම එකපාර බලන් ඉන්න බව. (බස්සි සහ සුදු කෙල්ල) බස්ස හැරුන අර කෙල්ල පැත්තට. ඕන් ඒකි බබා වගේ බිම බලා ගත්ත.


බස්ස ආපහු ජනේලෙන් එළිය බලාගෙන යනව. අරකි ආපහු ඔලුව උස්සල බස්සගෙ මූණ රූපගත කොරන්ට පටන් ගත්තෙ නැතැයි.


බස්සිගේ ඉරිසියාවේ රතු කට්ට පැන්න. ජන ගංගාව පීරාගෙන නොසැලී කෙල්ල සහ බස්සා අතරට යාත්‍රා කලා. කෙල්ලව හෙමීට එහාට තල්ලුවක් දාල බස්ස ගාව ඉඩක් හදා ගත්තා. බස්සා බස්සිගෙ ඉන වටේ අතක් යවලා වැටෙන්න නොදී අල්ලා ගත්තා. බස්සි අර කෙල්ල දිහාවට හීන් රැවුමකුත් පාස් කලා.





බස් එකෙන් බැස්ස විතරයි බස්සා මගෙ දිහා බලබල හිනා වෙනව. කාල හමාරයි. වැඩේ නෝන්ඩි වෙලා. ඒ අවස්ථාවේ පටන් මේ දක්වාම අති සාර්ථක ලෙස මා බස්සාගේ හිනාවට ලක්වෙනවා. අර කියාපු පණ්ඩිත කතාව බැදල කාල අභාවප්‍රාප්ත වෙන්න වෙලා බස්සිට.


මං අහන්නෙ මේක මට විතරක් තියෙන දෝසයක්ද? ආදරේ ඇත්තටම ඔය කියන තරම් පරිත්‍යාගශීලීද? පරාර්ථකාමීද?


"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි" කියල කියන්නනම් ලේසි ඇති. එහෙනම් බස්සිගෙ හිතේ බස්ස ගැන තියෙන්නෙ ප්‍රේමයක් නෙමෙයිද? ඇයි හත්දෙයියනේ එහෙම නෙමෙයි කියන්නෙ කොහොමද?


බස්සිට හිතෙන විදියට නම් මෙතනදි ප්‍රේමයයි රාගයයි කියන්නෙ එකම ගෙත්තමක් වියන පාට දෙකක නූල් පොටවල් දෙකක්. ඔව්, දාරක ප්‍රේමය, මාතෲ ප්‍රේමය, සහෝදර ප්‍රේමය වාගෙ ප්‍රේමයේ එක එක කැටගරි තියනවා නෙව. ඒවයෙදි තත්වය වෙනස්.


ඉතින් එදා කියාපු පණ්ඩිත කතාව අදින් පස්සෙ බස්සි මෙන්න මේ විදියට වෙනස් කරනවා.


"ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට. ඔයාට මගෙත් එක්ක සතුටෙන් ඉන්න බැහැයි කියලා හිතෙන දවසට, ඔයාගෙ සතුට වෙනුවෙන්, ඕනෙම දේකට මම කැමති වෙනවා. හැබැයි, ඔයා මගෙත් එක්ක ඉන්න තාක් කල්, ඔයාව මගෙන් උදුරගන්න හිතන ඕනෙම එකෙක්ට වෙන්නෙ මගේ අතින් අභාවප්‍රාප්ත වෙන්න තමයි."





ඕක කිවුවාම අපේ බස්ස කියාපු දේ දන්නවැයි?


"අඩේ.... ඒක නම් මරු. මට තරහ තියන කෙල්ලෙක් ඉන්නවනම් ඒකිව සෙට් කරගන්නයි තියෙන්නෙ. මුන්දෑ ඒකිව මරලා හිරේ යනවා. මට සදා සැනසිල්ලයි."

අනේ මගේ හොට මොකටද?


30 comments:

  1. කොයිබෙන්ද දැන්නැ නේද නැග්ගේ? හෙටත් එයිද දැන් නැ??

    ReplyDelete
    Replies
    1. ලොකු මස්සිනාට තියෙන උනන්දුව බලාපල්ලකො. වෙනද මේ පැත්තට හොරෙන්ම ඇවිත් යන එක්කෙනා අද මුලින්ම කොමෙන්ටුවකුත් දාල!! ටයර් සංස්ථා හෝල්ට් එකෙන් නැග්ගෙ. හෙට එනවද කියලා බලන්න හෝල්ට් එක ගාව රැකගෙන හිටියනම් හරි.

      Delete
    2. ඔයාට බැරිද හෙට රැකලා ඉදල අල්ල ගන්න????

      Delete
    3. තමන්ට වාසියක් කරගන්න තමන් මහන්සි වෙන්න වෙනවා ලොකු මස්සිනා.... මම ඔත්තුව දුන්නු එක මදිද? ඒ වුනාට ඒ කෙල්ල බස්සා දිහා කන්න වගේ බලන් හිටපු හැටි නම් චා.

      Delete
    4. මම හදන්නේ එයාට හැමදාම බස්සව බලන්න chance එකක් අරන් දෙන්න ;)

      Delete
    5. අනිච්චේ දුක්කේ මෙහෙමත් සහෝදරයො. අහුවෙච්චාවෙකො මට.
      @ දත්මිටි කමින්

      Delete
  2. //අනේ මගේ හොට මොකටද?//හොටක් තියේ ද ඈ

    ReplyDelete
    Replies
    1. හොටක් නැත්නම් බස්සො කතාකරන්නෙ, කන්නෙ බොන්නෙ කොහොමෙයි?

      Delete
  3. :D ලොල් සීන් එකක් නෙව. හැබැයි ඉතින් ඔය වගේ හොම්බ කට කොලොම්බස් කරගන්න ආස ජාතියේ අමාරුවෙන් පෙලෙන කෙල්ලෝ නම් සෑහෙන ඉන්නවා.ඒවෙලාවට නම් ඉතින් එන පරාර්ථකාමී හැඟීම ගැන නම් කවර කතාද?
    හැබැයි ඔය බස්සත් ඔයාව නෝණ්ඩි කළාට මොකද ලස්සන කුරුළු කොල්ලෙක් ඇවිත් බස්සිගේ එහා පැත්තේ වහලා කොමළ පාන්ට ගත්තානම් බලාගන්ට තිවුණා නේ? :P

    ReplyDelete
    Replies
    1. //හොම්බ කට කොලොම්බස් කරගන්න// ඒක නම් පට්ට phrase එක!

      බස්සි දිහා බලන්න තරමටම දෘෂ්ඨි ආබාධ තියෙන කුරුල්ලො අඩු නිසා හොඳයි. නැත්නම් බලාගන්න තිවුනා බස්සගෙ උපේක්ශා පාරමිතාව. හැබැයි අපරාදෙ කියන්ට බෑ යාලු කුරුල්ලෙක් ලයින් එක ක්‍රොස් කරන්ට යනවානම් ඒක හැන්ඩ්ල් කරන්න බස්සා බස්සිටම බාර දෙනවා. නැත්නම් යාලුකමත් නැතිවෙන නිසා වෙන්න ඇති. ඒ විශ්වාසෙ නම් බස්සිට ගොඩාක් වටිනව.

      Delete
  4. හෆ්ෆා! තියෙන රැස්පොට්!!!! :D ශික්! තව ටික වෙලාවක් ගියානම් කෙහෙවලු පටලවා ගැනීමක් බලා ගන්න තිබ්බා! :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඇදලා අරන් ප්‍රහාරයක් එල්ල කොරන්න තරමේ ලස්සන කැරලි කොණ්ඩෙකුත් තිවුනා උන්දැට.

      Delete
  5. [අපේ පැත්තෙ ආපු අඩිපාර දිගේ අදයි ආවෙ]
    ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට කියල කියන බොහෝ දෙනා ඒකෙන් අදහස් කරන්නෙ මේකයි! ඕං රාමු කරගන්නව නං රාමු කරගන්න එකයි ඇත්තෙ,
    "ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට, හැබැයි ඔයා මාත් එක්ක සතුටු වෙන වෙලාවට"

    :-)

    ReplyDelete
    Replies
    1. [බස්සි රාජ්ගෙ නවාතැනට එනවා ඉස්සර ඉඳන්ම. ඒත් අඩි සලකුණු තිවුවෙ ටෙලිගරැං පෝස්ටුව දැකලා හොල්මං වුන වෙලේ තමයි.]

      මොකද්ද අනේ එච්චරම ආත්මාර්ථකාමී නෑ හොඳද!!

      "ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට, හැබැයි ඔයා වෙන එකෙක් එක්ක සතුටු නොවෙන තුරාවට"
      එහෙම කියමු නේද?

      Delete
  6. අම්මෝ බලන්න එපැයි මගේ එකිත් එක්ක යද්දිත් එහෙමයි.... කෙල්ලෙක් දිහා බලන්න දෙන්නෙ නෑ... එයානම් කොල්ලො දිහා බලනව (බොරු ඈ) මොකද මේක දැක්කොත් මාව මරාවි...

    ReplyDelete
    Replies
    1. ඒ ආදරේ වැඩිකමට කියල හිතාගන්නකො. ඒකනෙ ගාලු කොල්ලව කවුරු හරි උදුරගෙන යාවි කියල බය හිතෙනව ඇත්තෙ.

      //මේක දැක්කොත් මාව මරාවි// අනේ දැකපං - දැකල මරපං!! අහිංසක කෙල්ලට කියන කතා!

      Delete
  7. මාර බස්සෙක් තමා :)

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම් දිලිනි. බස්ස හිතාගෙන ඉන්නෙ මම හිරේ යන්න තරම් ගොං විදියට ගේම දෙයි කියලා වෙන්ටැති. ;)

      Delete
  8. අර ඉටිකිරිස් කෑල්ල දැක්කට පස්සේ බස්ස්ටහිතුනද දන්නේ නෑ. "ශික් හදිසි වීමේ විපාකය කියලා "

    ReplyDelete
    Replies
    1. ඕං බලාපල්ලකො කියපු කතාව. :(

      Delete
  9. කැතයි වැඩේ හොඳේ. ගැනුන්ගේ ඉරිසියාව රුසියාවට වැඩ ලොකුයි. බැරි වෙලා හරි ලස්සන කොල්ලෙක් ඇවිත් බස්සි ළඟ හිට ගත්තනම් බස්සා ඔය වගේ පියවරක් ගන්නේ නැ කියලා ෂුවර්. ඕන නම් එක සැරයක් හැරිලා බලලා පොඩි හිනාවක් දාලා අනිත් පැත්තට හැරෙයි.
    ඔයිට හපන් බැන්දට පස්සේ මගේ ගෙදර උන්දැත් එක්ක මමත් පාරේ යන්නේ අඳ,ගොළු,බිහිරි එකෙක් වගේ නැත්තං ඉතින් දන්නවනේ .....:)

    ReplyDelete
    Replies
    1. බස්සාගෙ හැසිරීම බලා හිටිය වගේ කියලා තියෙන්නෙ!! "ලස්සන කොල්ලෙක්" කියන කොටස විතරයි පොඩ්ඩක් අවුල්. ඔය "ලස්සන" කොල්ලන්ට එහෙම දෘෂ්ඨි ආබාධ අඩුයි නෙව.

      ඇත්ත. කොල්ලෙක් යාලු වෙන්න ඇහුවත්, ඒකා වාතයක් වෙන්නෙ නැතුව වැදගත් විදියටනම් ඇහුවෙ අපේ බස්සා කවදාවත් ගහමරාගන්න හදන්නෙ නෑ. බස්සිටම බාරදෙනවා වැඩේ ශේප් කරන්න. බස්සගෙ ඒ විශ්වාසයනම් පුදුමයි.

      අන්තිම පේළිය ගෙදර උන්දැ දැක්කානම් තමයි මරු!

      Delete
  10. රාගයෙන් තොර ප්‍රේමයක් නොමැති තරම්ය. තිබුනත් එය වියලී වියැකී නැතිවීම යා හැක.

    ReplyDelete
    Replies
    1. සත්‍යම්. සත්‍යම්! :)

      Delete
    2. ටික දවසක් එන්න ලැබුන් නෑ වැඩ වැඩි නිසා . ලියල තියනව හැම දාම වගේ ලස්සනයි බස්සියේ . මට අරූ ගේ කොමෙන්‍ටුව දැක්ක ගමන් සිංදු කෑල්ලක් මතක් උනා ඕන් .

      පි - ස්නේහයේ නගරයයි සිත මගේ
      මාවතක් හෝ නොවූ රාගයේ

      ගැ - වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
      කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ

      Delete
    3. කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ?????

      තැන්කූ තැන්කූ සජාන්, කොමෙන්ටුවට සහ G+ ශෙයාර්ස් වලට.

      Delete
  11. බස්සිගෙ පණ්ඩිත කතාවෙ අලුත් වර්ෂන් එක නම් නියමය ඈ. මං නං ඒකට හරිම කැමතියි. ඒ කතාව සහතික ඇත්ත. ඇයි වදේ ආත්ම ගාණක් පතාගෙන ඇවිත් සෙට් කර ගත්ත මහත්තැන්ට වෙන කිරිටිස් හෝ වෙන මොනව හෝ කෑල්ලක් බැල්ම දාගෙන ඉද්දි මොකාටද අනේ ඇස් පියාගෙන ඉන්න පුළුවන්. හික්ස්..

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම් සිඟිතියෝ. ඔයත් කැමතිනම් මේ අලුත් වර්ශන් එක ලියලා, රාමු කරලා මහත්තැන්ට (නැත්නම් වෙන්ඩ මහත්තැන්ට.) තෑගි දුන්නත් පාඩු නෑ.

      Delete