Thursday, October 17, 2013

මළ අශ්වයාගේ කතාව






අහලා තියෙනවාද මේ පැරණි කියමන?

"ඔබ ධාවනය කරන්නේ මළ අසෙකු බව දුටු වහාම ගතයුතු හොඳම උපාය උගෙන් ඉවත්වීම ය."
මේක මේ පැරණි ඉන්දියානු කියමනක් ලු. බස්සි හිතන විදියට මේ කියන්නෙ යුධ අශ්වයෝ ගැන.



ඒ කාලෙ එහෙම වුනත් අද කාලෙ එහෙම වෙන්නෙ නෑ. මැරිච්ච අශ්වයන් ධාවනය සම්බන්ධයෙන් අද කාලෙ රජයන් විසින් මීට වඩා බොහොම දියුණු සහ සංකීර්ණ ක්‍රමෝපායන් අනුගමනය කරනවා.





මෙන්න මේ වාගෙ ;



1. පෙරට වඩා සවිමත් කසයකින් අසුට තැලීම.

2. අසරුවන් මාරු කිරීම.

3. මළ අශ්වයාගේ ධාවන හැකියාව තක්සේරු කිරීමට කොමිසමක් පත් කිරීම.

4. විදේශ රාජ්‍යන්හි මළ අසුන් ධාවනය සිදුවෙන ආකාරය අධ්‍යයනයට විදේශ සංචාරයක් සංවිධානය කිරීම.

5. මළ අසුන් ධාවනයට එක් කල හැකි පරිදි තත්ව ධාරක පහත හෙළීම.


6. මළ අශ්වයන් "රාජ්‍ය අනුග්‍රහය යටතේ ජීවත්වන" අශ්වයන් ලෙස වර්ගීකරණය කිරීම.

7. මළ අශ්වයන් ධාවනයට බාහිර කොන්ත්‍රාත්තුකරුවන් බඳවා ගැනීම.

8. ධාවන වේගය ඉහල නංවනු වස් මළ අශ්වයන් කිහිප දෙනෙකු එකට ගැටගැසීම.

9. මළ අශ්වයාගේ වේගය වැඩි කිරීමට විශේෂ පුහුණු සැසි සංවිධානය කිරීම.

10. මළ අශ්වයන් ආහාර නොගන්නා බැවින්, ඔවුන් සඳහා යෙදවිය යුතු වැය ශීර්ෂ අවම බවත්, එබැවින් මළ අසුන් පණ ඇති අසුන්ට වඩා සක්‍රිය දායකත්වයක් ජාතික ආර්ථිකයට ලබාදෙන බවත් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් සංවිධානය කර ප්‍රකාශ කර සිටීම.

11. සියලුම අශ්වයන්ගේ කාර්ය සාධන ප්‍රමිතීන් පහත හෙලීම.

12. මළ අශ්වයාට උපදේශක තනතුරක් හෝ තානාපති තනතුරක් ලබාදීම.



19 comments:

  1. මේක අයිති ලේබල් එකට නියමෙට ගැලපෙනවා ඔවු
    නියමෙට

    ReplyDelete
    Replies
    1. නෝන්ඩියට දමාපු කොමෙන්ටුවක් වගෙයි නේද මල්ලි?

      Delete
    2. නෑ පිස්සුද ප්‍රතිපත්තියක් හැටියට මම කාවවත් නොන්ඩි කරන්නේ නෑ කරන්නත් බෑ මු පවු නේද කියලා හිතෙනවා

      Delete
  2. දැනුයි තේරුණේ මෙහෙ මල අශ්වයෝ ධාවනය කරන හේතුව.... හික්ස්...........

    ReplyDelete
    Replies
    1. රෙහානි අක්කාට නම් වැඩිදුර පැහැදිලි කිරීම අවශ්‍ය නෑ, බස්සි කියන්න හදන දේ පට ගාලා ක්ලික් වෙනවා.... :)

      Delete
  3. අස්පයෝ විතරක් නෙවෙයි! මැරිච්ච ජෝකියොත් දැන් අස්පයෝ උඩ නැගගෙන නේ!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත නාඩි මලයා. අස්සයාගෙ වේගෙ වැඩි කරන්න හිතාගෙන මැරිච්ච ජොකියෙක්ට බාර දෙනවා පැදලා බලන්න කියල. මට ඒ strategy එක අමතක වුනා නෙව.

      Delete
  4. ඔය මොනවා නොවුනත් අර අන්තිමේ තියෙන විදිහේ දේවල් නම් මළ අස්පයන්ට වෙනවා දැන්නම්..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ලංකාවෙ බහුලවම යොදාගන්න strategy එක

      Delete
  5. මල අශ්වයා සහ මල ජොකියා.පට්ට ලාබයි නෙ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අනික මලා කියලා එලවන්නද? තමන්ගෙ මිනිස්සු නෙව

      Delete
  6. මේකේ සැඟවුණු පණිවුඩයක් තියනවා අපටත්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... හ්ම්ම්ම්..... පණිවිඩේ දුන්නෙ අස්සයන්ට විතරක් නෙමෙයි ;)

      Delete
  7. කතාවකුත් තියෙනවනේ පූසා මැටියෙන් හරි මීයො අල්ලනවනම් ඇතිනෙ කියලා. ඒ වගේ අශ්සයා මළත් වැඩ ගන්න පුලුවන්නම් කියලා හිතනවා ඇති.
    :-)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ජාතික ආර්ථිකය නගා සිටුවීමේ ක්‍රමෝපායන් නෙව ඔව්වා...

      Delete
  8. මල මී කුණක් විකුණලා ගජරාමෙට දියුණු වෙච්ච සිටුවරයෙක් ගේ කතාවකුත් කොහෙදෝ පොතක තිවුණ විත්තියක් මේ අන්ඩරයාට මතක් වුණා ඕන්!!!!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවයි මේ කතාවයි හාත්පසින්ම වෙනස් නිසා වෙන්න ඕනෙ බස්සිටනම් මේ කතාව ලියද්දි ඒක මතක් වුනේම නෑ...

      Delete