Saturday, October 26, 2013

සංධ්වනියට පෙර

ඉකි ගසා හඩන අතීතයක
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා

හීනෙන් හීනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා
උහුලනු බැරිතැන උනු කදුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා






කාලෙකට කලින් මේ පදවැල සවනත වැටෙන මොහොතෙ මටත් හොරා මගේ හිත දුවගෙන ගියෙ අවුරුදු දහයකටත් වඩා ඈත අතීතයට. මට හිමි මගේ නොවන මගේම ආදරයක මතකයට. 


ඊට අවුරුද්දකට විතර පස්සෙ ආවා සමනල සංධ්වනිය ෆිල්ම් ට්‍රේලර් එක. එතකොටයි මම දැන ගත්තෙ වාදීෂටත් එයාගෙ නොවන එයාගෙ ආදරේ අත්විඳින්න ලැබෙන්නෙ මම ඒ අත්දැකීම විඳපු වයසෙදිමයි කියලා. එකකෙන් මාව තවත් සංවේදී වුනා මේ ගීතයට.


සමනල සංධ්වනියේ මුහුරත් උළෙල තිවුන දවසෙ නගා පොඩ්ඩ එක්ක ඒක ටී.වී එකෙන් බලලා පහක් දැම්මෙ "ආපු ගමන් බලන්න යමු හොඳේ!" කියලයි. මොකද අපේ නගා ඒ වෙනකොට එයාට බලන්න අවසර නොතිබුන කර්ම සහ නිකිණි වැස්ස චිත්‍රපට දෙකම මම තනියම බලපු එක ගැන ටිකක් උරුම්පූට්ටු වෙවී හිටියෙ.





ඒත් අනේ යාලුවෝ ගියා ෆිල්ම් එක බලන්න. මම වැඩ.


ගෙදර කට්ටියම ගියා සිනෙමැක්ස්. මම සහතිකයක් ගන්න කැම්පස් එකේ කට්ට කනවා ඒ වෙලාවෙ.


"මේ සතියේ වේලාසනින් වැඩ ඇරිලා යමු." බස්සා කිවුව. මොන? දෙන්නාම ආවෙ හැමදාමත් හත පහුවෙලා.


මම අහලා තියෙනවා සමනල සංධ්වනිය බලන්න සාධාරණ හේතු හයක්.


1. "මගේ නොවෙන දේකට, මගේම දෙයක් " වගේ සලකන අය චිත්‍රපටියකින් හරි දකින එක හොද නිසා.


2. බොළද දෙබස්, මෝඩ fights, ගස් වටේ නටන සිංදු නැතුව පැය 2ක් දිග ලස්සන කතාවක් ගොතන්න හැමෝටම බැරි නිසා.


3. අඩ නිරුවත් / අසභ්‍ය දර්ශන නැති නිසා සහ ඒවා නැතුව හොද චිත්‍රපටි හදන්න පුළුවන් බව ඔප්පු කරන චිත්‍රපටියක් නිසා.


4. ප්‍රබල චරිත කිහිපයකටම ඇත්තේ දෙබස් 0 ක් හෝ දෙක තුනක් පමණක් නිසා (හැගීම් ප්‍රකාශනය අති විශිෂ්ටයි!)


5. චිත්‍රපටියේ ගීත සියල්ලටම තේරුමක් ඇති නිසා.


6. කතාව හිතට දැනෙන්නෙ නැතිනම්, සංගීත ඛන්ඩ ටික අහල ආවත් ටිකට් එකේ ගානට(ත් වඩා) වටින නිසා.


අනේ මන්දා අපේ දිලිනියා මෙහෙම ලියනකොට තනිතරුව නම් බ්ලොගේ සංධ්වනිය ගැන කියාල තිවුනෙ මෙන්න මෙහෙම. ඒක කියෙවුවාම හිතුනා බලන්න ඕනෙ ඉක්මනටම කියල.

ඔය අතරෙම මම දැක්කා මේ චිත්‍රපටියේ තේමා ගීතය ගොඩක් අය තමන්ගෙ සමාජ වෙබ් අඩවි වල Tag line එක කොරගෙන ඉන්න හැටි.





ඒ අස්සෙ මෙන්න මේ වගේ හිනා යන නිර්මාණත් තිවුනා. මමනම් මේ පහළින් තියෙන ෆොටෝ එකට බනින්න හිතෙන්නෙ නෑ. මොකද ඒකෙ උපහාසය බොක්කටම වදිනවා. ඒ ඕක් ගෙඩිය කවදාවත් උගේ නොවෙන නිසා.





කොහොමින් කොහොම හරි අද උදේම බස්සා අන්තර්ජංජාලෙට ගොඩවැදිලා ටිකට් බුක් කලා සංධ්වනිය බලන්න. බස්සා lectures ඉවරවෙලා ආපු ගමන් අපි දෙන්නා පටාර් ගාලා ලිබර්ටි යනෝ..... දැන් ලෑස්ති වෙන්න යන්න ඕනෙ. බස්සිට ගමනක් යන්න ලෑස්ති වෙන්න යනවා අඩුම තරමෙ පැය දෙකක්වත්.....!!


බලලා ඇවිත් ඉරිදා උදේම දෙන්නම් මගේ සිනමා විචාරය!

41 comments:

  1. නියමාආආආආආයි...................

    ඒත්..මට බැරි උනා තාම ඕක බලන්න :(

    ReplyDelete
    Replies
    1. මේ සංධ්වනිය බලලා එන ගමනේ....

      සමනලුන් එන මගේ
      සිහින විසිරී ගියේ
      බිඳුනු සිත් ගෙනෙනා
      මිහිරි ගීයක් වී එමි

      හෆ්ෆා මේ වීකෙන්ඩ් එකේම ගිහින් බලන්න රෙහානි අක්කේ!

      Delete
  2. අපි ඉතින් ඕක බලන්න කව්රුහරි පින්වතෙක් දැලට දානකම් ඉන්න එපැයි

    ReplyDelete
    Replies
    1. අනේ මැලේ.... ඒකනම් සුපිරිය.

      Delete
  3. අනේ වාසනාවන් එහෙනම් බලලා ඇවිල්ලා විචාරෙ දෙන්නකො.
    අර කරුණු 6 කියෙවුවම නම් මෙ දැන් බලන්න යන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ දැන් බලන්න යන්න. හිත කොනිති ගහන, ඒ අතරෙම මුවගට පුංචි හිනාවක් දීලා වේදනාව අමතක කරවන...... හ්ම්ම්... මම මෙතනම විචාරෙ ලියයි වගේ.

      Delete
  4. මම නම් අපු දවස්වලම බැලුවේ. හේතු ටිකනම් ඇත්ත (මං බලන්න කලින් දැනං හිටියේ නෑ)
    ආයෙත් බලන්න හිතුන මේක කියවලා

    ReplyDelete
    Replies
    1. බලලා එනගමන්. මටනම් දැන් තවත් හේතු තියෙනවා ඒ ලිස්ට් එකට දාන්න.

      Delete
  5. බලාලා කියාපන්කො ඔ ඔ ඔ ඔ ඔ හොදයිද කියාලා

    ReplyDelete
  6. ඉස්සර මමත් වීඩියේ එඩිටින් ගැන ඉගෙන ගන්න කාලෙ අපේ දේශක තුමා ලෝකෙ විවිධ රටවල සම්භාව්‍ය චිත්‍රපට දේශන ශාලාව තුලම පෙන්වනවා...ඒ අතර තිබුන කොරියන් චිත්‍රපටයක් තමයි මගේ හිත ගත්තෙ හොදටම...චිත්‍රපටයටම ප්‍රධාන චරිත 3යි. දෙබස් 10 කට වඩා නෑ...හැගීම් නිරූපනයෙන් තමයි ඉතාම රසවත් කථාවක් ගොඩනගා තිබුනෙ...ලංකාවෙ විදින්න හැකි චිත්‍රපටයක් නිපදවෙන බව අහන්නට ලැබීමත් සතුටක්...මොකද චිත්‍රපටය ඉරවවෙද්දි ඒක බලන්න ගෙවපු මුදල ගැන දුක හිතෙන සිතුවිලි තමයි මට නම් ඉස්සර ගොඩාක් වෙලාවට පහළ වුනේ...

    බස්සිගෙ නවාතැනට අද තමයි මම ඉස්සෙල්ලාම ඇහැ දැම්මෙ...//උරුම්පූට්ටු// මේ වචනයත් අදම තමයි ඉස්සෙල්ලාම කියෙව්වෙ.... ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා. සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට!!

      මමත් හරිම ආසාවෙන් බලනවා ඒ කැටගරි එකේ චිත්‍රපටි. හැඟීම් ප්‍රකාශනය අතින් අති දක්ෂ නලු නිලියෝ අපේ රටෙත් ඕනෑ තරම්. උන්ගෙන් වැඩක් ගන්න පුලුවන් අධ්‍යක්ෂකවරු හිඟ වීමයි හෙනේ. එහෙම කියන්ට එපා සිරා. ළඟදි ආපු කලර්, කර්ම සහ නිකිණි වැස්ස කියන චිත්‍රපටි තුනම ඉතාම ඉහල තත්වයේ තිබුනා. සංධ්වනිය ගැන මම ලියන්නම්කෝ වෙනමම.......

      Delete
  7. හික්ස් කාලෙකින් ෆිල්ම් එකක් බැලුවේ නෑ අප්පා

    ReplyDelete
    Replies
    1. ඇස් දෙකත් පෙනේනම්,
      ලැපත් රෙඩිපිට තිබේ නම්,
      කිම ෆිල්ම් නොබලන්නේ,
      මං මුලාවූ කනෙකු සේ........

      Delete
  8. සංධවනියට පෙර පෝස්ටුවයි සංධවනියට පසු එකයි එක ෆිල්ම් එකෙන් පෝස්ට් දෙකක් තලා ගන්නව හොඳා හොඳා,අපිට නං ඔව්ව බලන්න විදියක් නෑ ජංජාලෙන් බලල ඇති වැඩකුත් නෑ,සංධවනිය කැමරා කරපු රුවන් මගෙ හොඳම මිත්‍රයා ඔහුට සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. අනේ හැලපස් මම මගේ බ්ලොගේ මගේ පෝස්ටුව තලා ගන්ට බැරිනම් උලා ගඤ්ඤං. මේ පෝස්ටුව ලියුවේ සංධ්වනිය බලන්ට කලියෙන් ඒ ගැන තොරතුරු හොයාගෙන. ඒ අහපු කතා ඇසුරෙන්. ඊළඟට කියන්න යන්නෙ මම දැකපු සංධ්වනිය ගැන. සමහරක් ඉන්නවා ඉඳලා හිටලා ඇවිදින් තමන්ගෙ නම මාර්ක් කරන්න ඔහොම කතාවක් කියලා යන උදවිය. ඒවට අපි කියන්නෙ "වසම් චර්යා" කියලයි. මොනවා වුනත් මගේ අනිත් පෝස්ටු නොදැක, මම ලියන ස්ටයිල් එකත් නොදැන, මාස තුනකට කලින් බ්ලොග් එකක් අටෝපු ආධුනිකයෙක්ව මෙහෙම තලා යන්ට එන එකනම් පට්ට පජාතයි ආයිබෝං.

      කමක් නෑ. virtual world නෙව. සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට.

      Delete
    2. මොකද මේ කේන්ති අරං බස්සි කෙල්ල..එයා ඔය විහිළුවට අනේ කියන්නේ(මේ වගේ කතා අපිටත් කියනවා නෙව.)....හැලප තුමා හරිම හොඳ කෙනෙක්.. ඉතිං කේන්ති ගන්නැතුව හිනාවෙන්ටකො :D

      Delete
    3. යෑස් බේබි ,,, කීප් calm and කූල්

      Delete
    4. හයියෝ ඉතින් බස්සි ඉඳලා ඉඳලා බ්ලොගක් අටවා ගෙන ඔය හිතට එන එකක් කොටාගෙන පාඩුවෙ ඉන්න එකා වෙච්චි. ඊයෙ රෑ එනකොට හැලප්ස්ගෙ කොමෙන්ටුව දැකලා අවුල් ගියා වෙච්චි. දැන් එහෙම නෑ වෙච්චි. බස්සිගෙ තරහ සෝඩා බෝතලේ කැඩුවා වගේ වෙච්චි. දැන් හැලප්ස් මගේ ෆ්‍රෙන්ඩා වෙච්චි.

      හැබැයි අර පෝස්ටුව කොටන්ඩ වෙන්නෙ නම් අද හවසට වෙච්චි. උදේ ලොකු ගමනක් යන්ට වෙච්චි.

      රෙහානි අක්කටයි, ඔමාටයි (මේකි මට අක්කා කියන්ට එපා කිවුව නෙව.) දෙන්නටම තැන්කූ වෙච්චි.

      Delete
    5. මෙන්න හිනා වුනෝ... :D :D :D :D :D

      Delete
    6. මෙන්න හොඳ ළමයෙක්!!!!! Good Girl...

      බස්සි.......පොඩි වැරදීමක් වෙලා තියෙන්නේ. ෆිල්ම් එක බලන්න යන්න කලබලේට නේද? හැලප්ස් ලියන්නේ එහෙම තමයි. බොහොම දැණ උගත්..නිවිච්ච කෙනෙක්. දැන් හරි. බොහොම හොඳයි. ස්තූතියි.

      Delete
  9. මේ ගීතය ලිව්ව පද රචකයා අමිල තේනුවරව සංගීත සම්මාන උත්සවයේදීත් නොසලකා හැරියා. මේ ගීතයේ හොඳ පද රචනයක් තියෙනවානේ. මේ පදවැල චිත්‍රපටයට හොඳ එකතුවක්ද? චිත්‍රපටිය නම් කවදා බලන්න වෙයිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටයේ මුලු කතාවම වගේ මේ වචන ඇතුලෙ තියෙනවා අරූ. වාදීශගේ වේදනාව ඒ මෙලඩි එකේ අපූරුවට කැටි වෙලා තියෙනවා.

      "මගේ සිහින මැදුරේ..." ගීතයත් පට්ට පට පට! ඒකත් අහලා බලන්න. යූ ටියුබ් එකේ තිබුනා. ඒක වාදීශ ලියන්නෙ පාසලේදි තමන්ට ආදරේ කරපු ගෑණු ළමයාට. එයාට තමන්ගෙ ජීවිතේ ඉඩක් නෑ කියලා කියන විදිය ඒ.

      Delete
  10. මමත් ඉකමනට් ම බලන්න ඕන, මේ චිත්‍රපටිය ගැන කියවපු තුන්වන වතාව බ්ලොග් වලින්. මම හිතන්නේ තවත් කල් නොදා බලන්න ගියොත් හොඳයි. එත් කොහෙද බස්සියි , බස්සයි වැඩ ඇරලා එන වෙලාවත් පහුවෙලානේ මම එන්නේ

    ReplyDelete
    Replies
    1. ඉවාන් ඔයත් බලලා ලියන්න ඈ

      Delete
    2. මට පෙන්නෙ ඉවාන්ට මටත් වඩා තදට අර මම කලින් පෝස්ටුවක කියාපු කරුමය පල දෙනවා වගෙයි. වීකෙන්ඩ් එකේවත් යන්ට බැරිද හැබෑට?

      Delete
    3. සිරාවට බලපු දවසක විචාරයක් දාන්ට පවුලූශෝ!

      Delete
  11. මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා කියලා පසුතැවෙන්නා,
    මට මගේ නොවන
    මගේම අතීතයක් තිබුණා කියා පසුව විඳවයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් අනේ මන්දා... මටනම් හිතෙන්නෙ ආදරය මගේ නොවුනත් අතීතය සදාකල් මගේමැයි.

      Delete
  12. //බලලා ඇවිත් ඉරිදා උදේම දෙන්නම් මගේ සිනමා විචාරය!//
    ම්....
    අද ඉරිදා නොවේද?

    ReplyDelete
    Replies
    1. දිනේ 27 උනත් පබ්ලිෂ් වෙන්නේ 26 කියලානේ.

      Delete
    2. ආන්න හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නෙ හෙට ලිව්වුවානම් ඇති. :P

      උදේ ලොකු රස්තියාදුවක් ගහලා මහන්සියි යාලු. හවසට ලියන්නාං.

      Delete
  13. මටත් මගෙම නොවන මෙවුවා එකක් තිබ්බනම් කියලා හිතෙනවා ඉදගෙන :)

    ReplyDelete
    Replies
    1. හිටගෙනත් මගේ නොවන මගේම මෙවුවා එකක් තිබ්බානම් තවත් හොඳයි නෙව ඔමා..... :P

      Delete
  14. මෙවුවා ලියන්න එපා බං නංගියේ.. අපිට බලන්න වෙන්නේ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. හී හී.... මුලු කතාවම ලියන්නෙ නෑ අයියා.... ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙනවා විතරයි. ඕක තව ටික දවසකින් ජංජාලගත වෙයි. එතකොට බලන්ට බැරියෑ ඇති තරම්.

      Delete
  15. බස්සි ලියන විචාරය ලියලම මේක බලන්න... නැත්නම් ඔයාගේ විචාරය ලියන්න වෙන එකක් නෑ

    අපේ නොවෙන අපේම දේවල්…

    ReplyDelete
    Replies
    1. හයියෝ තිසර මේක බලලා මගේ ඉල ඇදිලා හිනා නහර පුපුරලා තව ටිකෙන් මල මගුලක් වෙනවා....!!!

      Delete
    2. ඒක මං ලියන එකක් නෙවේ හරිද? බීටලයා ලියන්නේ

      Delete
    3. මගුලයි. මම ඒ බ්ලොග් එක කලින් කියවලා තිවුනෙ නෑ. හිතුවෙ ඔයාම ලියන එකක් කියලා. මොනා වුනත් සිරා පෝස්ටුව නේද?

      Delete