Tuesday, October 22, 2013

හතලිස් හත්වැනි කොටස : බස්සා Vs බොරළුගොඩ


බස්සට මේ ලඟදි දවසක ඔපීසියේ අයියා කෙනෙක් කියනවා ලු මේන් මෙහෙම;


"මල්ලි උඹේ කෙල්ලද බං අර බස්සිගේ කතන්දරේ ලියන්නෙ? අපේ වයිෆ් ඕක කියවලා ගෙදර ගිය වෙලේ ඉඳන් මට විස්තර විචාරය දෙන්න පටන් අරං දැන්."

දවසක් බස්සයි බස්සියි ඩිනර් අනුභවය සඳහා ගිහින් ඉන්න වෙලාවක බස්සගෙ ෆෝන් එකට message එකක් එනවා මෙන්න මෙහෙම.


"අඩේ අර බස්සගෙයි බස්සිගෙයි කතාව ලියන්නෙ උඹේ කෙල්ලද බං. එතකොට උඹ බස්සද? හෙ හෙ... හොඳා හොඳා... අදයි සේරම කියෙවුවෙ. ඔෆිස් එකේදි meet වෙමුකො."


තවත් දවසක් බස්සයි බස්සියි කැම්පස් එක පැත්තෙ යද්දි;

"ආ මේ ඉන්නෙ බස්සො කපල් එක. අඩේ නංගිගෙ කතන්දරේ නිසා මට අපේ එකීගෙන් කනක් ඇහිලා ඉන්න නෑ බං. නංගි මොනාද අනේ මූට ටිකක් බැනලත් ලියන්න ඕකෙ ඉඳලා හිටලා."


ඉතින් ඔය ප්‍රතිචාර ඇහෙද්දි මට මතක් වෙන්නෙ "ගිරිපුර ඇත්තෝ (The flintstones) එකේ බොරලුගොඩ (Fred Flintstone)ට උන සිද්දියක්.






බොරලුගොඩ දවසක් ගෙදර එනකොට ඔලුවට වැටෙනවා තඩි කලුගලක්. (ගල් යුගේ නෙව, ගල් හැමතැනම.) ඉතින් ඒකෙන් බොරලුගෙ මොලේ සර්කිට් සේරම අවුල් යනවා.


ඉස්සර විමලාට (Wilma Fintstone) කියල අතට පයට සේරම වැඩ ටික කරවගත්තු බොරලුගොඩ දැන් විමලාට රෙදි සෝදලා දෙනවා, උයන්න උදව් වෙනවා, එක වැඩයි. විමලාටත් හෙන පුදුමයි මේ වැඩේ ගැන.





කොහොමින් කොහොමහරි බොරලු දැන් වෙනදා වගේ ගල් බෝල ගහන්න ක්ලබ් එකට යන්නෙත් නෑ. බොරලුගෙ ගුණ වරුණාව ගිරිපුර හැම ගෙදරකටම පැතිරෙනවා.


ගිරිපුර ගෙවල් වල පිරිමින්ට එයින් පස්සෙ අත් වෙන්නෙ මහ නරක දසාවක්. "ඇයි බොරලුට පුලුවන්නම් ඔයාටත් බැරි මට රෙදි සෝදලා දෙන්න?" වාගෙ ප්‍රශ්න නැගෙනවා වයිපර්ලාගෙන්.


අන්තිමට ගිරිපුර ගමේ පිරිමි ටික ඉවසන්නම බැරිතැන බොරලුව මරන්න හොයනවා. බොරලුගෙ හොඳම යාලුවා ගලපාත (Barney Rubble) තමයි එයාව බේරගෙන ගෙදර අරන් එන්නෙ.





කස්ටිය බොරලුව මරන්න හොයන බව දැනගත්තු විමලා කරන්නම දෙයක් නැති තැන බොරලුගෙ ඔලුවට ආපහු කලුගලක් පෙරලනවා. ඒකෙන් පොරගෙ මොලේ සර්කිට් ආපහු යථා තත්වයට පත් වෙනවා.



ඕන් ඕකයි සිද්දිය.


අපේ බස්සාගෙනම් ඔලුවට කලුගලක් වැටිලා නැහැ. ඒත් කල්තියා මේ ටිකත් කියලා දාන එක හොඳයි නෙව.





ජීවිතේ කියන්නෙ රෝස මල් යහනාවක්. මල් විතරක් නෙමෙයි, උල් කටුත් එමටයි. ඒත් අපි ඒ කටු වල තියුණු කම ගැන විතරක් හිතුවොත් අපිට ජීවිතේ රසවිඳින්න අමාරුයි.



බස්සයි බස්සියි රණ්ඩු අල්ලන, තරහ වෙන, කතා නොකර පැය ගනන් ඉන්න වෙලාවල් පවා තියෙනවා. ඒත් ඒව අමතක කරලා අපි නිතරම බලන්නෙ ඊට වඩා දහස් වාරයකින් හිතට සැනසුමක් ගේන සුන්දර මතකයන් දිහාව විතරයි.



කටු ගැන හිතන්න එපා. මල් වල සුවඳ විඳින්න. අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි. සතුටින් ඉන්න.



46 comments:

  1. යෙස් බස්සි.මමයි මගෙ නොනයිත් ඔක කරනව.අපි අතරත් ප්‍රශ්න ඇතිවෙනව.එත් අපිම එව විසදගන්නව.කිසිම පිට කෙනෙක්ට එවට අත දාන්න දෙන්නෙ නැ.අපි දෙන්නට කිසිම ප්‍රශ්නයක් නැ කියල පිට අය හිතන්න පුලුවන්.අපිටත් ඔන එ විදියටම පෙන්න ඉන්න.
    හය හතර

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දමිත් වෙන්න ඕනෙ. කිසිම කෙනෙක් පරමාදර්ශී නැහැනෙ. වෙනස් වෙන්නෙ ජීවිතේ දිහා බලන විදියයි, ඒ අනුව ජීවිතේ විඳින විදියයි.

      Delete
  2. කෙල්ලෙක් set කර ගන්න ඕන දැන්නම් :P

    ReplyDelete
    Replies
    1. අම්මප... සිකුරත් 7 නෙව

      Delete
    2. එල එල ට්‍රේසි මල්ලි!

      Delete
    3. පොඩි මස්සිනා කවද ඉඳන්ද කේන්දර බලන්න පටන් ගත්තෙ?

      Delete
  3. කටු නැත්නම් ඒකේ වටිකමකකුත් නෑ වගේ.. කන කටු වල රහ දැන්නේ තව පස්සේ.. ඒ හන්දා දැන් කෑවට කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. හිහී හී..... දිනේශ් අයියට නම් කටු කාලා සෑහෙන්න අත්දැකීම් තියෙනව වගේ!!

      Delete
  4. සහතික ඇත්ත... මගේ එකිත් මේක බලල මට දොස් මොරේ දානව... අරකයි මේකයි....

    යකෝ බස්සෝ මට උබව අහූනොත් උබව බස්සෙක්ම කරණව....

    විහිලුවට කිවුවෙ ඈ...

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ උන්දැලා නිසා බස්සාටත් බොරලුගොඩට වුන වැඩේ වෙයි කියල මට බය හිතුන. බස්ස මාතර යද්දි කස්ටිය ගාල්ලෙ රැකල හිටියොත් එහෙම. ;)

      Delete
  5. අපි වගේ බඳින්න ඉන්න එවුන්ට හොඳ උපදේසයක්!

    ReplyDelete
    Replies
    1. දැන් ඉතුරුවෙලා තියෙන්නෙ උඹව ගස් බඳින එක විතරයි

      Delete
    2. මට උත්තර දෙන්න ඉතුරු කරල නෑ. තිසරයි, කල්හානුයි රාජ්ට වැඩේ බේරල :D

      Delete
  6. අපේ යහනාව නම් ස්ප්‍රිංග්... සැපට බම්ප් වෙනවා ඇරෙන්න අපි නම් ඔය කටු ගැන දන්නෑ මෙයා...

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප මුන්ට දැනමුතුකමක් අහල හැදෙන්ට බැරි හැටි... :P

      Delete
  7. බස්සටයි බස්සිටයි මගෙනුත් සුභ පැතුම් ඔය කරගෙන යන විදිහටම කරගෙන යන්න කියලා...

    (ඇත්තටම කිව්වොත් මගේ පොඩි එකාට පොඩි ගලේ කියන ගමන් වය්ෆ්ට ඩොටී කියන උන් ගොඩක් ඉන්නවා බ්ලොග් ලෝකේ. ටිකක් සමානයි වගේ නේද?)

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර බලු යාලුවා බොරලුගොඩ. ඌත් එක්කම ඉන්න පූසි විමලා.

      මම ගලේ කියන්නෙ අපේ ලොකු අයියගෙ බබාට. ඒකා නම් ඇරපු අතක් නෑ ගලයා වගේමයි.

      Delete
    2. පොඩි එකා ගලායා වගේ??? අපේ හාමිනේට ඇහෙන්න ඔව්වා කියනවා නෙවෙයි බස්සියේ....

      Delete
    3. චික්... මේකාගෙ කැත හිත ;) මම එහෙම හිතල කිවුව නෙමේ අයියෝ...

      Delete
  8. කතාව නම් බොහොම වටිනවා. ඒත් ඉතින් සමහර කටු ඇනුණ ම ඒ වේදනාව සුව කරන්න අමාරු යි. ඔන්න බස්සටයි බස්සිටයි සුබ පැතුවා මමත්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිලිනි. කටුව ඇනුන තැන පෑරෙන්නෙ නැති වෙන්න වැඩ කරන ගමන් මල්වල ලස්සන බලන්න. ඉක්මනටම වේදනාව අමතක වේවි.

      Delete
  9. යකෝ මගේ ඔළුවට ගලක් පෙරලෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔහොමම ඔලුව පාත් කරගෙන ඉන්න මම මේ කලුගලක් අරන් දුවගෙන එන ගමන්.

      Delete
  10. රත්තරන් වටින කතාව බස්සි.
    පොඩි පොඩි ප්‍රශ්ණ නැත්නම් ජීවිතේ කිසි ගතියකුත් නෑ. දෙන්නා දෙමහල්ලන්ගෙ ප්‍රශ්ණ බත් හැලිය ඉදෙනකම් විතරයිනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවේ.

      නටුවෙ කටු තියෙන නිසාලුනෙ රෝස මලත් ඔයතරම් ලස්සන!

      Delete
  11. \\අඩේ අර බස්සගෙයි බස්සිගෙයි කතාව ලියන්නෙ උඹේ කෙල්ලද බං. එතකොට උඹ බස්සද? හෙ හෙ... හොඳා හොඳා... අදයි සේරම කියෙවුවෙ. ඔෆිස් එකේදි meet වෙමුකො\\

    //"මල්ලි උඹේ කෙල්ලද බං අර බස්සිගේ කතන්දරේ ලියන්නෙ? අපේ වයිෆ් ඕක කියවලා ගෙදර ගිය වෙලේ ඉඳන් මට විස්තර විචාරය දෙන්න පටන් අරං දැන්."//

    ඒවා වෙනස් කිරීම හෙලා දකිනවා ඔව් හෙලා දකිනවා :D

    ReplyDelete
    Replies
    1. මෙච්චර තරයේ හෙලා දකින්නෙ මුන්දැට අද එක වෙන්න බැරි උන හිතේ අමාරුවට වෙන්නැති.... :P

      Delete
    2. නෑ දවසක් පරක්කු වෙලා දැක්කේ නැත්තම් ඒක ඈ :p

      Delete
  12. කටු නැත්තම් ජිවිතේ ලස්සන නැ තමා...හැබැයි කටු අතු පිටින් එන්න ගත්තම නම් කපන්න වෙනවා අකුල්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මල් නොපිපෙන කටු අතු නං ඉතින් කපලා අහක් කරන එක තමයි එකම විසඳුම.

      Delete
  13. බලමුකෝ.. කොහොමත් මම මේ වගේ කතා ටිකක් bookmark කරගෙන ඉන්නේ... ඒ දවසට පෙන්නන්න! :D

    ReplyDelete
    Replies
    1. ඉතිං නාඩි කවදටද හරියටම ඔය බුක් මාර්ක් ටික පෙන්නන්න හිතාගෙන ඉන්නෙ? :

      Delete
  14. ඉඳලා හිටලා පුංචි රණ්ඩුවක් උනහම ආදරේ ආයේ අලුත් වෙලා අමුතු මෙව්ව එකක් වෙනවා හිතට.... :D ඒ නිසා රණ්ඩුත් තියෙන්න ඕනේ ආදරේක...හැබැයි ඉතිං ඒවා එක්කෝ විනාඩි පහයි නැත්තම් පැයයි දෙකයි ..උපරිම දවසක් දෙකක් තියෙයි..එහෙම වෙලා යාළු උනාම කොහොමද? හිටියට වඩා ෆිට් දෙන්නා :)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.... ඊට පස්සෙ සති දෙකතුනක් යනකම් මාර සැලකිලි නේද දෙන්නම - දෙන්නටම? ;)

      Delete
  15. සහතික ඇත්ත.මම අහලා තියෙනවා කෙනෙක්ට තියෙන සතුටක් හෝ සැප සම්පතක් දිහා බලලා 'අනේ අපිට මෙහෙම නෑ කියලා' හිතන සිතුවිල්ලත් පව් කියලා. ඒ කියන්නේ ඒකෙන් නොදැනුවත්වම හෝ තණ්හා, ලෝභ, මෝහ සිතුවිලි හිතට එන නිසා වෙන්න ඕන.
    කොහොමත් අපි කාගේවත් ජීවිත සර්වසම්පූර්ණ නෑ.ඒක තේරුම් අරන් ජීවත්වෙද්දි ලේසි සහ ජීවිතේ සුවඳයි. :)බස්සි වගේ සුන්දර දෙයක් ලියලා කෙනෙක්ට සිනහවක් ගෙනල්ලා කාටවත් කරදරයක් නොවී ඉන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතේ හොඳම දේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තනිතරුව!

      ලද දෙයින් සතුටු වෙලා ජීවිතේ විඳින එක තමයි වටින්නෙ.... නැත්නම් වෙන්නෙ මිරිඟුව පස්සෙ දුවන මුවන්ට වෙන වැඩේ තමයි.

      Delete
  16. ඔව් බස්සියේ ඒකනම් ඇත්ත කතාව ,, මොනා උණත් කොල්ලා බස්සා වෙලා තමයි ඇත්තේ ඔයාගේ කරච්චලේ හින්දා

    ReplyDelete
    Replies
    1. ඔමා ඒක හරියටම අනුමාන කලේ අත්දැකීමෙන් නේද? ;)
      …වැඩි හරියක් වෙන්නෙ මම කියෝනවා කියෝනවා එයා අහන් ඉන්නවා තමයි.

      Delete
    2. යෑස් බේබි keep calm and close your චැටර්බොක්ස් කීවලු ඉදගෙන ,,
      අපි නම් එහෙම නැහැ ,,

      ඔයා බස්සි කියලා නම දාගත්තට ගැලපෙන්නේ පොල්කිච්චි වගේ එකක් හි හි

      Delete
  17. ජීවිතයට ඔවදනක්. :D
    බලමුකො මොකක් හරි එකක් පටලාගත්තහම ඔහොම වෙයිද කොහොම වෙයිද කියලා.
    තවමනං අත්දැකීම් නෑ.

    ReplyDelete