Thursday, November 21, 2013

ගෑණු ඉව?



"බස්සෝ.... අනේ මට ඔය ටී ෂර්ට් එක දෙන්නකෝ......"

"ඒ මොකටද? මේ මම ගෙදරට අඳින එකක්නෙ. ඔයාට මොකටද මේ පරණ ටී ෂර්ට් එක?"


"මොනාද අනේ... ආස හින්දනෙ ඉල්ලන්නෙ..."
 

"මේකෙ දාඩිය මැට්ටියේ. මම හෝදල ගෙනත් දෙන්නම්."


"හෝදන්න එපා මැට්ටෝ. මට ඕනෙ ඔය විදියටමයි. සර්ෆ් එක්සෙල් සුවඳට නෙමෙයි."







කාලෙකින් බ්ලොග කුරුටු ගාන්නත් අතපසු වුනා. කොහෙද ඉතින්, මක්කාවත් ලියන්න අතටවත් හිතටවත් නිස්කාංසුවක් නෑ නෙව මේ ටිකේ. වැඩ ගොඩයි නෙ.



අදනම් ලියන්න යන්නෙ ගැහැණු ළමුන් විසින් සංවාදයට බඳුන් කල යුතු, ඕපාදූපමය මාතෘකාවක් ගැන.

 

මම අහන්නෙ අක්කලා, නංගිලාගෙන්, ඔයාලටත් කවදා හරි මෙහෙම වෙලා තියෙනවද?



එතකොට අයියලා, මල්ලිලාට, මෙහෙම පිස්සු කෙල්ලොන්ගෙ පිස්සු ඉල්ලීම් අහන්න ලැබිලා තියෙනවද?



ඉතින් බස්සි හිතුවා ඇත්තටම ඇයි ගෑනු ළමයි තමන්ගෙ ජීවිතේට වඩාත්ම සමීප පිරිමි කෙනාගෙ ඇඳුම් අඳින්න මෙච්චරම මනාප කියල.



බස්සි කියවාපු කරුණු අනුව කාන්තාවන්ගේ ආඝ්‍රාණ ඉන්ද්‍රිය හරිම තියුනුයිලු.  මේ නිසාම කාන්තාවන් ආකර්ශනය වෙනවා පිරිමින්ගෙන් නිකුත් වෙන ෆෙරමෝන වලට.




මොනාද බොලව් මේ ෆෙරමෝන?



මෙවුවා නිකුත් කිරීම ගැන අපූරු සහ විස්මිත කතන්දර තියෙනවා කෘමි විද්‍යාව වාගෙ විෂයයන් වලදි නම්. ෆෙරමෝන කියන්නෙ ජීවියෙක්ගේ ඇඟෙන් බාහිරට ස්‍රාවය වන රසායනික ද්‍රව්‍යයක්. මේ රසායනයට පුලුවනි තවත් ජීවියෙක්ගේ ශරීරයේ යම්කිසි ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා උත්තේජනයක් ලබා දෙන්න.



කාන්තාවන්ට සුවිශේෂී හැකියාවක් තියෙනවා පිරිමින්ගෙන් ස්‍රාවය වෙන ෆෙරමෝන හඳුනා ගන්න. මේ කාරියට උදව් වෙන්න ඉස්තිරියාවන්ගෙ "ජේකොබ්සන් ඉන්ද්‍රියෙ"  (නාහෙ ඇතුලෙ තියෙන එකක්.) තියෙන ස්නායු අග්‍ර සංවේදීතාවයෙන් වැඩිවෙන විදියට පිහිටලා තියෙනවාලු. 




ඉතින් දිගින් දිගටම ළඟින් ඇසුරු කරද්දී කාන්තාවට මොකද්දෝ බැඳීමක් වාගෙ මෙවුවා එකක් ඇති වෙනවා අදාළ පිරිමියාට ආවේණික සුවඳත් එක්ක.



හැබැයි මෙතනදි ෆෙරමෝන් වල සුවඳයි, දාඩිය සුවඳයි පටලවා ගන්න එපා. ෆෙරමෝන වැඩිම ඵලදායිතාවක් දක්වන්නේ ඔයා දාඩිය නාගෙන ඉන්නකොට නම් නෙමෙයි. ඒක වැරදි මතයක්.  ෆෙරමෝන් ක්‍රියාකාරිත්වය උපරිම වෙන්නෙ මද වශයෙන් දහදිය පිටවෙනකොට.



උදාහරණෙකට ගනිමු  ඇන්ඩ්‍රොස්ටෙනෝල්, මේ රසායනික ෆෙරමෝනය නිපදවෙන්නෙ පිරිමින්ගේ දහදිය එක්ක නිකුත් වෙන රසායන ද්‍රව්‍යක් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන්. ඇන්ඩ්‍රොස්ටෙනෝල් ආඝ්‍රාණයට පුලුවනි කාන්තාවන්ගේ හයිපොතැලමසයේ ලිංගික හැඟීම් උද්දීපනයට අදාල මධ්‍යස්ථාන වලට යම් උද්දීපනයක් ලබා දෙන්න.


 



නමුත් මේ ෆෙරමෝනය දහදියත් එක්ක මුහු වෙලා සම මත රැඳෙමින් උණුසුම් වෙද්දි ඒක ඇන්ඩ්‍රොස්ටෙනෝන් බවට පත් වෙනවා. ඇන්ඩ්‍රොස්ටෙනෝන් කියන්නෙ කාන්තාවන් විකර්ෂනය වෙන රසායනික සංයෝගයක්. දුක තමයි රංජනී. දෙපැත්ත කැපෙන ෆෙරමෝන.


 





ඉතින් දැන් සම්බන්ධ කරගනිමුකො මේ පොටවල් දෙක. එතකොට තේරෙනවා ඇතිනෙ ඇයි ගෑණු ළමයි පඹයි වගේ පෙනෙද්දිත් තමන්ගෙ ජීවිතේට සමීපතම පිරිමියාගෙ ලොකු ටී ෂර්ට් අඳින්නෙ කියාල.



එහෙම ලොකු ටී ෂර්ට් එකක් ඇතුලට වෙලා ඉඳිද්දි දැනෙනවා ඒ සුවඳත් එක්ක මතක වලාවක පාවෙන බව. මොකද ඒ සුවඳ නිසා අතීත සැමරුම් ඉබේම සිහියට නැගීමත් සිදුවෙනවා බොහෝවිට. අනිත් එක තමයි එතකොට ඒ සුවඳේ හිමිකාරයා තමන්ගෙ වටේම ඉන්නවා වගෙයි දැනෙන්නෙ. ඒ සුවඳ විඳිනකොට හිතට සනීපයි.





මේක මම දන්නා තරමින් ගැහැණු ළමයින්ට ආවේනික හැඟීමක්. ඒ නිසා අයියලා, මල්ලිලාට තමන්ගෙ ජීවිතේට සමීප කාන්තාවකගෙන් මෙහෙම ඉල්ලීමක් ආවොත් ඔලුව කහ කහ කල්පනා කරන්න එපා "මේකිට පිස්සුද? නැත්නම් මට පිස්සුද?" කියලා. බස්සි හිතන විදියට නම් ඒ ඉල්ලීම ගැන ඔයාල ආඩම්බර වෙන්න ඕනෙ.




ජාලයේ සැරිසරද්දි තමයි දැක්කෙ යකෝ ඒකත් දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලාය කියල. මේං බලන්ටකෝ ගැහැණු ළමයි පිරිමි ඇඳුම් වලින් කොරන විලාසිතා.





























112 comments:

  1. Replies
    1. හී... අහන්නත් සන්තෝසයි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අනේ සන්තකේටම තියෙන ටි ෂර්ට් දෙක තුනටත් කෙලවෙන පාටක් පේන්නේ! :D

    ReplyDelete
  4. ෆෙරමෝන් ගැන කලින් අහලා තිබුනේ නෑ,අඩේ අප්පා එකත් එහෙමද ? මයේ හිතේ අපි ජීවන සුවද කියන්නේත් ෆෙරමෝන් වලට වෙන්ට ඕනා(සමහරක් පවුල් වල සැමියා ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම හාමිනේට කියන්න පුලුවන් ලු සැමියා කටු කම්බි(කසිප්පු)ද සීල්ද බීලා තියෙන්නේ කියලා එකත් ගෑනු ඉව වෙන්ට ඕනා මයේ හිතේ හි.හි...හි. )

    ReplyDelete
    Replies
    1. // කටු කම්බි(කසිප්පු)ද සීල්ද බීලා තියෙන්නේ කියලා එකත් ගෑනු ඉව වෙන්ට ඕනා//

      මේ කතාව නම් පට්ටයි ශානු අක්කේ... හික්ස්!

      ඔවු ඔවු අර ෂැගී කියන්නෙ ස්කූබි ඩූ ගෙ ජීවන සුවඳ විඳගන්න ආසයි කියලා... අන්න ඒ වගේ.

      Delete
  5. welawata oya santhasiya piriminta nowne...

    ReplyDelete
    Replies
    1. හී ඒක තමයි. නැත්නම් කස්ටිය බ්ලවුස් අඳියි. ;)

      Delete
  6. මගේ ඒවා මම දීලා ආවේ.. ඊට එහා මුකුත් නොකියමි..

    ReplyDelete
    Replies
    1. මගේ ඒවානම් මම දාලා ආවේ .........

      Delete
    2. දිනේශ් අයියේ සේරම ඇඳුම් දීලද ආවේ... මදාරා අක්ක දැකල නැද්ද මන්දා මේ කොමෙන්ටුව.

      Delete
    3. රාළේ ඇඳුම් සේරම ලංකාවෙ දාලා එද්දි ඔයාව නග්ග ගත්තද ප්ලේන් එකට!!

      Delete
    4. අම්මපා දැන් දැක්කේ. එක්කෙනෙක්ගෙන් ඉල්ලුවම නංගි දිලා නීතියකුත් දලා අවේ. එයාට පෙන්න ඒක ඇදගෙනත් ඉන්න ඕනේ කියලා. හිකිස්.. අන්න ඒ ඉල්ලිමට විද්‍යාත්ම හේතුවක් නැද්ද නංගෝ? 

      Delete
    5. ඒකට තියෙන්නේ විද්‍යාත්මක හේතුවක් නෙමෙයි.. ;)

      Delete
    6. ඒකට හේතුව හොයන්න ඕනෙ විද්‍යාවෙන් නෙමෙයි, හදවතෙන් මදාරා අක්කේ...

      Delete
  7. ෆෙරෝමෝන ගැන කථා ගොඩක් මතක් වුණා ඉස්කෝලේ යද්දී ඉගෙනගත්ත ...

    බස්සියේ නංගි තාත්තගේ ඇදුම් අඳින එක කාන්තාවන් පිරිමින්ගේ ෆෙරෝමෝන වලට ආකර්ෂණය වීම කියන කරුණ යටතේ ලියපු එක හරි මදි..නංගි එයාගේ ඇදුමේ සුවදට ආස කලේ එයා පිරිමියෙක් නිසා නෙමේ තාත්තා නිසා..මොකද ෆෙරෝමෝන කියන රසායනය විවිධාකාර කෘත්‍යයන් 7,8 ක් කරනවා ඒ අතර ඔයා කියපු Sexual arousal වගේම To bond කියන එකත් තියෙනවා.. ,,

    අපිත් ඉස්සර ආත්තම්මාගේ සාරි පොරෝගෙන නිදාගන්න ආස කලා

    ReplyDelete
    Replies
    1. අනිච්චේ... ලියන්න හිතාන හිටපු ඒ විස්තරේ මග හැලිල ඔමා. ඒක පෙන්නා දුන්න එකට පින්. අමතර කෑලි එල්ලලා පෝස්ටුව කැත කරන්නෙ මක්කටෙයි කියල ඔන්න මම අර නංගිගෙ කතන්දරේ අයින් කලා.

      Delete
  8. සමහර ළමයි මගේ හොටු සුරපු ලේන්සු ඉල්ලගෙන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හිකෑස් හිකිස් හික් ...සපත්තු පොලිෂ් කරන්ට වෙන්ටෑ

      Delete
    2. # ලංකාවේදී...
      # මම දීපු ගමන් හැම කෙනාම ගුලි කරගෙන මට පෙන්නම පපුවට තද කර ගන්නවා.

      Delete
    3. ඊයා ෂික් ..

      Delete
    4. කාපු ගමන් ආවෙ කෙන්ජියෝ බඩ දඟලන කතා කියන්ට එපා!!

      Delete
  9. ඉල්ලීම ලැබී තිබේ.
    අනෙ අම්මෝ ඕකෙ ඔය තරම් බැරෑරුම් කාරණාවක් තියෙනව කියලා දන්නෙ අදනෙ. මං හිතුවෙ මෙ නිකම් ලවු එක පෙන්නන්න ඉල්ලනවා කියලා.
    දුව ඉපදෙන්න කලින්නම් ඉල්ලුවා. දැන්නම් දුන්නත් අදින එකක් නෑ. :-)

    ReplyDelete
    Replies
    1. හී... විස්තරේ දැනගත්තාම ප්‍රියාට ආඩම්බර හිතෙන්න ඇති නේද? එහෙම කියන්ට එපා. දැන් උනත් අඳීවි.

      Delete
  10. හප්පෙ.. මේක පෙන්නුවොත් අපේ මහත්තයා ස්ට්‍රයික් කරනවා.. එයාගේ ටී ෂර්ට් ටිකට කෙලවන්න යන්නෙ කියල.. දැනටත් ටී ෂර්ට් දෙකකට විතර වැඩේ දීලා තියෙන්නෙ.. හැබැයි ඒ නං මට ලේසියට... කොට්න් ලොකු ටීෂර්ට් ගෙදරට ඇඳන් ඉන්න හරි සනීපයි... හි හි..

    මටත් තියෙනවා ලෙඩක් වගේ එකක් නිදා ගන්න ගියාම එයා නැත්තං නින්ද යන්නෙ නැති.. එකම බේත එයාගෙ සරම හොයාගෙන පොරෝ ගන්න එක... හැබැයි ඒක හෝදලා තිබ්බත්, නැතත් අවුලක් නෑ ඉතිං.. හි හි

    ReplyDelete
    Replies
    1. අනේ හිරූවෝ... මගේ කට නලියනවෝ......

      Delete
    2. ඔව් ඔව්... මං දන්නව... කට නැලියුවට කමක් නෑ... වහගෙන හිටු... හි හි

      Delete
    3. අනේ කට කහ කහ ඉන්නෙ නැතුව කියලා දාන්ට ගාලුවෝ... :ඪ් (හිරු අක්ක මට ගහයිද මන්ද!)

      Delete
    4. හිරු අක්කා සරම් පෙරෙව්වට මටනම් පොරවන්ට වෙන්නෙ අපේ බස්සාගෙ කලිසමක් තමයි දවසක. :)

      Delete
  11. මම නං කොහොම හරි ටී-ෂර්ට් දෙකක් ඉල්ලාගෙන රෑ ඒවා ඇඳගෙන තමයි නිදා ගන්නේ. මාර සනීප යි, බස්සි කිව්වා වගේ ම. සතියක් විතර ඇඳලා එයාට ම ගිහින් දීලා කියනවා, "මේක හෝදලා ඔයා දවසක් රෑට ඇඳලා පහුවදා උදේ ම මට ගෙනල්ලා දෙන්න" කියලා :D

    ReplyDelete
    Replies
    1. පුදුම කෙලියක්නෙ.... මෙයා ඇදල ඌට දෙනව හෝදන්න කියල.... තව පස්සට ඌට මොනව හෝදන්න වේද දන්නෙ නෑ.....

      Delete
    2. හී... මම නම් හෝදලා ගෙනත් දීල කලින් දවසෙ ඇදපු එක ඉල්ල ගන්නව. අපේ බස්සා කාලයක්ම අහස පොළව ගැටලන්න කල්පනා කර කර ඉඳලා මම ඇයි එයාගෙ ඇඳුම් ඉල්ලන්නෙ කියල. අනික ඇඳලා සෝදපු නැති එවුවනෙ ඉල්ලන්නෙ.

      Delete
  12. මගේ ගෑනි ඔහොම ඉල්ලලනම් නෑ.... එහෙම ඉල්ලන්නෙ නැති එකනම් හොදා.... මොකද මටත් තියෙන්නෙ ටී.ශර්ට් 05 ක් විතරනෙ....

    ReplyDelete
    Replies
    1. උබට 5 තියේද වැඩි නැද්ද මටත් එකක් දියනකො මට 2 තියෙන්නේ

      Delete
    2. අප්පේ ඔවු. ඔයාලට අල්මාරියෙ ටී ෂර්ට් කීයක් තිවුනත් පට්ට ගහන්නෙ හිතට ෆිට් වෙන ටී ෂර්ට් දෙක තුනක් විතරයි තමයි.

      Delete
    3. අපෝ එහෙම නෑ සිරාවට ම 2 තියෙන්නේ තව ඉස්කෝලේ අදින ෂර්ට් 2 තියනවා

      Delete
    4. බොට යකෝ ෂර්ට් වැඩි . . දීපිය ඔය ඉල්ලන උන්ට. . . මට තියෙන්නෙත් දෙකයි . .

      Delete
    5. හික්ස්... අපුච්චේ ෂර්ට් වාද!

      Delete
  13. අත්දැකීමෙන්ම මේ සිද්ධිය ඇත්ත තමයි. අපේ අක්කගෙ වෙඩින් එකට ඇවිත් ගෙදර දාල ගියපු එයා ඇදගෙන හිටපු ටී ෂර්ට් එක එයාට ආයෙ දකින්න ලැබුනෙ අවුරුදු 4කට පස්සෙ අපි බැන්දම තමයි. බදුලුකරේට වෙලා එපා වෙලා පාලුවෙන් ඉන්න දවස්වල ඒ ටී ෂර්ට් එක නං පුදුම විදියට හිතට සනීපයක් දුන්නෙ හරියට අපේ මහත්තය මගේ ලගම ඉන්නව වගේ... :)

    ReplyDelete
    Replies
    1. සිඟිතිට නම් මේ අත්දැකීම හොඳටම පුරුදුයි වාගෙ. ඔව් සිඟිති, ඒ වෙලාවට මාරම සැහැල්ලුවක් දැනෙනවා හිතට.

      Delete
  14. පොඩ්ඩක් හිටහන් ඇඳුම් ටික හංගලා එනකං...:D

    ReplyDelete
    Replies
    1. පවුලූශි දැකපි නං මේ කොමෙන්ටුව!

      මුන්දෑ ඔක්කොම ඇඳුම් හංගන්ට දුවන්නෙ ඇඳුම් අල්මාරියම හිස් කොරන්ට තරම් කස්ටිය ඉන්න හින්ද වෙන්ට ඕනෙ :P

      Delete
    2. හුටා වැඩේ මාට්ටු ...:D

      Delete
  15. දවසක් මට ලැබුන පිටරටක ඉන්න කෙනෙකුගෙන් නාන ජෙල් එකක්. මේක ගෑවාම සුව‍ෙඳේ බෑ. මම ඒකත් ගාල නාල නිදාගන්න ආව. නෝන වැඩි කැමැත්තක් නෑ. "මම කැමති ඔයාගෙ සුවඳට මිසක් ජෙල් වලට නෙවේ" ලු!

    ReplyDelete
    Replies
    1. හී..... ආඩම්බරයි නේ එහෙම කියනව \ඇහුනාම. :)

      Delete
  16. මම කල්පනා කලේ බෝඩිං වල ඉන්න කාලේ මගේ ඇඳුම් අනිත් එවුන් අරං ඇඳං ගියේ උන් මගේ සුවඳට ආස නිසාද කියලා.... කොටිම්ම මගේ යට අඳුම් පවා උන් ඇඳං යනවා....

    ReplyDelete
    Replies
    1. නියමයි තිසර.
      ඕක මෙතැන මට ලියන විදිය ගලපගන්න බැරිව ගියා.

      Delete
    2. අපේ බැචාලත් ඇඳුම් ගජේ ගහනවා ඉස්සර නිතරම. බතලම බැචාගෙ බොඩි ෆිට් ටී ෂර්ට් එක ඌ ඇන්ද දාට පහුවදා කෙට්ටුම බැචා බැගී දාගෙන එනව. මතක් වෙද්දිත් හිනා යනව.

      නමුත් ගජේ ගහද්දි තියන නීතියක් තමයි කවදාවත් ගජේ නොගහන දේවල් තුනක් තියෙනව.
      1. රැවුල කපන රේසරය
      2. යට ඇඳුම්
      3. කොක්ක හෙවත් ගර්ල් ෆ්‍රෙන්ඩ්

      Delete
    3. අපේ උන් නම් රෙසරේ විතරක් නෙමෙයි දත් බුරුස්සුවත් බෙදා ගන්නවා ට්‍රිපක් ගහනකොට

      Delete
    4. කොන්ඩම් එකත් හෝදලා අරන් අනිත් එකා දාගන්නවා කියන්නේ.

      Delete
    5. චීයා අරූ කියාපු කතාවක හැටි

      Delete
  17. දැන්නෙ දන්නෙ සීන් එක..වැඩේ පැහැදිලියි

    ReplyDelete
  18. ඔය සිද්දිය ඇත්ත.. ගැහැණු පිරිමි වෙනසක් නැහැ.. මට නම් අදටත් මතකයි ඒ සුවඳ..ආයේ -----------------------------

    රූපේ ලස්සනට , ජොබ් එකේ ගණකමට , සල්ලි වලට ආදරේ කරන්න ගත්තත් ටික කාලයක් යද්දී එකිනෙකාගේ ජීවන සුවඳට ආදරේ ඇති වෙනවා.. තමන් ළඟ හිටපු කෙනා නැති වීමකදී සෑහෙන පාළුවක් දැනෙන්නේ ඒකයි..අපි ආදරේ කරන්න ඒ සුවඳට , ඒ වචන වලට , ඒ ලෝකෙට.. ඒ ලෝකය නැති උනා කියන්නේ හරිම හිස්..ලෝකයම හිස්..

    වෙන මොන දේකට වත් ඒ හිස් බව පුරවන්න බැහැ..එයාගෙන් ලැබුණ සුවඳ වෙන කෙනෙක් ළඟ නැහැ...

    ReplyDelete
    Replies
    1. මට නම් ඒක බොරු කියල හිතනව මල්ල.
      සමහර විට ඒක එක්කෙනාට හිතෙන විදිය වෙනස් ඇති.

      Delete
    2. බලාගෙන ගියාම සහන් අයියාගෙත් හයිපොතැලමස උත්තේජනය වෙනවා වාගෙ සුවඳ දැනෙනකොට!! ;)

      ඒ කතාවත් ඇත්ත අයියේ... කාලයක් යද්දි ඒ සුවඳ ජීවිතේම කොටසක් වෙනවා.

      Delete
  19. හි හි ..............මාත් අපේ එක්කෙනාගේ ලොකුම ලොකු ටී ශර්ට් වලට වග කියලා ඉන්නේ.............එකක් සෝදන්නෙ නැතුව තාම තියනවා...හැබැයි දැන්නම් ඒකෙ ඔය කියන සුවඳ ගිහින් අප්පා.. :(

    ReplyDelete
    Replies
    1. මමත් එකක් ඉල්ලාගෙන සතියක් විතර අක්කේ. දැන් ආපහු හෝදලා ගිහින් දීල ඇඳපු එකක් ඉල්ල ගන්න ඕනෙ.

      Delete
  20. ඇත්ත වෙන්න ඕනේ... මාත් ඔය වගේ තමයි.
    මේක පෙන්නන්න ඕනේ අපේ සැමී අයියට. එයා ගේ ටී ෂර්ට් උස්සන්න හැදුවම කිව්වේ නැතැයි "මේ මට තියෙන්නෙත් දෙකයි තුනයි ඔයාට ඔච්චර ඇඳුම් තියෙද්දී මේවා මොකටද?" කියල :( .

    ReplyDelete
    Replies
    1. ඒක හොඳා නිරෝ... මේ ලිපිය කියෙවුවොත් එයා බොහොම ආඩම්බර වේවි. ;)

      Delete
  21. බොලා කාටවත් වෙලා නැද්ද මෙන්න මෙහෙම .... ඇදගෙන ඉන්න ෂර්ට් එකට ඉව අල්ල අල්ල ඉදලා එකපාරටම අහනවා ඔයාගේ ෂර්ට් එකෙන් කොමද අර ගැනිගේ සෙන්ට් සුවද එන්නේ කියලා ..... ඊට පස්සේ ඉතින් &*%###&*

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ශෝකාන්ත වෙන්නෙ ඔයාටම තමයි රාළෙ. :P

      Delete
  22. මගේ ඒවාට කෙල වී අවසානයි.....
    ප්‍රේමයද සමු දී අවසානයි..
    තාම ෂර්ට් ටික නම් තාම හම්බ උනේ නෑ
    අර බුල් බල්ලා හිමිකරන් ඇති දැන් ඒවා

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්ද බූල් බල්ලො නේද ආහාරියො?

      Delete
  23. මේ විදිය යොදා ගන්න ඕන කොහොම හරි කෙල්ලෙක්ව කැමති කරව ගන්න....

    ReplyDelete
  24. mage apuchcheee... maara Chemistry paadama... :D

    ReplyDelete
    Replies
    1. අයියෝ කවි අයියා... මේ නිකං කෙමෙස්ට්‍රි නෙමෙයි බයෝකෙමෙස්ට්‍රි.

      Delete
  25. අපි ඉතින් ඔව්ව ගැන වැඩිය දන්නෙ නැතෝ :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. ඔයාට දැනගන්නම තමයි මේක ලිවුවෙ. දැන් ඉතින් ආගන්තුකයගෙ ටී ෂර්ට් ටිකට කෙළවෙයි නේද දිලිනියො?

      Delete
  26. මගේ යාළුවෙක් ඉන්නවා...හොඳටම බීලා වුනත් වැනි වැනී ගියොත් හැරෙන්න වයිෆ්ට හොයාගන්න බැරිලු බීලාද කියලා..මොකක්ද ඔපරේෂන් එකකින් පස්සේ වැරදීමකින් ස්නායුවක් කැපිලා ඒ නෝනාට ගඳ සුවඳ දැනෙන්නෙ නැහැලු. ඒක ඇත්ත වෙන්න පුළුවන්ද? ඌ කියන්නේ ඒක ලැබුනු බෝනස් එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත වෙන්න පුලුවන් අරූ. අපෙත් බැචෙක් ඉන්නවා ඔහොම ස්නායු දෙකක් එකිනෙක cross වෙලා එකිනෙක නොගැළපෙන ප්‍රතික්‍රියා දෙකක් එකට සිද්ද වෙන. (අදාළ පුද්ගලයාගෙ පෞද්ගලිකත්වය නිසා මීට වඩා විස්තර කොරන්ට බෑ ඒ සීන් එක. :) )

      මොනවා උනත් වයිපරේගෙ ස්නායුව කැපුන එක පොරට ලැබුනු බෝනස් එකක්ම තමයි.

      Delete
  27. හයියො මෙ බස්සිත් කරන දෙවල්.මගෙ වයිපරෙ පුරුද්දක් හැටියට ඔක කරනව.දැන් ඉතින් මෙක කියවල හෙතුවකුත් කියයි.

    ReplyDelete
    Replies
    1. ඔහොම කියලා බෑනෙ දමිත්. ආඩම්බර වෙන්ට එපැයි එහෙම ඉල්ලන එක ගැන.

      Delete
  28. වැඩේ නම් ඇත්තයි, කැම්පස් ඉන්න අවුරුදු හතරේ සහ ජොබ් කර අවුරුදු දෙකම මගේ රෙදි ටික හෝදලා දුන්නේ උන්නැහේ තමා.රෙදි හෝදන්න ගිහින් තමා පරස්තාවක් වෙනකල් දුර ගියේ හෙහෙ හෙහෙ හෙහ් .. මගේ බ්ලොගේ ඇති ඔන්න කතාව ...

    ReplyDelete
    Replies
    1. අප්පේ මගියෝ එහෙනම් ඔයා හරි වාසනාවන්තයි නෙව. මොකද මම නම් අපේ උන්දැගෙ රෙදි සෝදන්න ඉල්ලුවාට කවදාවත් මට ඒ ජොබ ලැබෙන්නෙ නෑ නෙව.

      නිවාඩු පාඩු වෙලාවක එඥ්ඥංකො ඒ පැත්තෙ කතාව කියවන්න. සාදරෙන් පිලිගන්නවා බස්සිගෙ නවාතැනට ඕන්න...

      Delete
  29. ගොඩක් වටිනා කරැණු රාශියක් දැනගත්තා. අදමයි මේ පැත්තේ
    ආවේ. නැවත එන්නම්! ඔබට ජය!! වෙලාවක් තිබුනොත් www.sandunsevana.blogspot.com මගේ බ්ලොගයටත් පිවිසෙන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳුන් සෙවණ මේ පැත්තෙ ආවට. දිනේශ් අයියා වෙන්ට ඕනෙ පාර කියන්ට ඇත්තෙ? සාදරෙන් පිලිගන්නවා බස්සිගෙ නවාතැනට!!

      අනිවා මම එන්නම්කො ඒ පලාතෙ...

      Delete
  30. දිනේෂ් මලයගෙ බ්ලොගෙන් තමයි පාර හොයාගත්තේ. ෆෙරමෝන ගැන දන්නෙත් අද ... (y)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ළහිරු මේ පැත්තෙ ආවට. දිනේශ් අයියා ගොඩාක් දෙනෙක්ට පාර කියලා නේද! ආයෙත් දවසක මේ පලාතෙ ඇවිත් යන්න එන්නකො.

      Delete
  31. අදනේ බොලේ මේක දන්නෙ. හොදවෙලාවට සිතැත්ති වෙන බ්ලොග් කියවන්නැත්තෙ. මත් ඔය එහෙ ගියපුවෙලාවල්වල දාල එන ඇදුන් පැළදුම් තුරුල්කරන් ඉන්න හේතුව මේකයි එහෙනම්.

    ReplyDelete
    Replies
    1. දැන් හේතුව දන්න නිසා ශානා ආඩම්බර වෙයිද මන්දා.... :)

      Delete
  32. අහ ඇත්ත කතාව// කියන්න මොකක්ද වගේ වුනාට.. මිට අවුරුදු එක හමාරකට එහෙම කලින් ඉල්ලා ගත්තු අපේ මනුස්සයා ගේ ටි ෂර්ට් එකක් තාමත් මගේ කෝට්ටේ ගාව තියනො :D සිරාවටම බස්සි හරි.. එහෙම ලග තියෙද්දී ලග ඉන්නවා වගේ තමා :)

    ( දැන් හිතන්න එපා මේ පොඩි එකී ගිහින් තියෙන දුර කියලා :v )

    ReplyDelete
    Replies
    1. //මේ පොඩි එකී ගිහින් තියෙන දුර.......!!!// ඔන්න කිව්වා............. :D

      Delete
    2. පිරිමි අපිට සෑහෙන අසාධාරණයක් වෙනවා බස්සියේ මේ දේවල් නිසා..ඉන්නකෝ වෙලාවක අල්ලගන්න මම ... :)

      Delete
    3. ඒ මොකොයි ඒ? කොච්චර සතුටු වෙන්නෙ ඕනෙ ද කෙල්ලෙක් තමන්ගෙ ටී ශර්ට් ඉල්ලන හේතුව දැනාගත්තාම!!!!

      Delete
    4. ඉන්නකෝ ඉන්නකෝ වැඩේ පැහැදිළි කරනකම් වෙලාවක.. සති දෙකක් දෙන්න... :)

      Delete
    5. සති 2ක්!! සහන් අයියා ලෙසටම පැහැදිලි කොරන්න වගේ යන්නෙ කල් යල් අරගන :)

      Delete
  33. අද තමා මන් මේ අහට මං ගැච්චුවෙ. පුදන කොටම කාපි යකා කියල තේරුණෙම නැති කතාවක් තමා සෙට් වුනේ. තරහ ගන්ට කාරි නැතුවා. එකේක අයගෙ හැටිලුනෙ. මොනා උනත් මට පොල්ලෙන් ගහනව වගේ එක දෙයක් නං තේරුණා.
    කෙල්ලෙක්ට ලව් කොරනවා නං අදින ෂර්ට් ටික් පරිස්සං කොරගත යුතුය.

    ReplyDelete
    Replies
    1. හි හි. ඔයාගෙ මුල්ම කමෙන්ටුව දැක්කෙ අදනෙ මහේෂ්. ඔයා ගත්තු ආදර්ශෙත් නරකම නෑ!!

      Delete
  34. මගේ ලේන්සුව ඉල්ලගෙන තියෙනවා.....මතක් වුනා ඒ අතීතේ.....

    ReplyDelete
    Replies
    1. ලේන්සු දුන්නම කඳුලු පිහින්න වෙනවා රන්දු.

      Delete
  35. බස්සි මම ඔයාගේ පොස්ට් එක හොදට කියෙව්වා . ලස්සනට ලියල තියෙනවා,
    මමත් මීට අවරුදු 6 - 7කත කලින් අහපු කතාවක් මතක් උන, ඒ නිසා මමත් මේකට තොරතුරු ටිකක් ලියන්න හිතුව,
    ඇවිත් යන්නකෝ , අද තමි බ්ලොග් එක පටන් ගත්තේ,
    http://kumageketikatha.blogspot.com/2014/01/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුමා.... මේ කතාවෙන් ඔයාගෙ ලියැවිල්ල ආරම්භ කිරීම ගැන ඇත්තටම සතුටුයි. දිගටම ලියන්න. සුභපැතුම්!!

      Delete
  36. ඔයාගෙ බ්ලොග් එක කියවලා ඒ ලස්සනට ආසාවටම ඔන්න මටත් බ්ලොග් පිස්සුවක් හැදුනා බස්සියෙ :)

    ReplyDelete
    Replies
    1. ඔන්න මමත් ඇවිත් ගියෝ ඔයාගෙ බ්ලොග් එකට. සුභපැතුම් තරූ!!!

      Delete
  37. ඉල්ලුවට අදනෙ හේතු දන්නෙ :D :D :D

    ReplyDelete
    Replies
    1. දැන් හේතු දක්වලාම ඉල්ලුවැකි නේ සාශෝ.......

      Delete
  38. අනේ බස්සියේ ඉස්සෙල්ලම කියන්නේ ඔන්න තරහ අවසරයි ඈ.....

    හිකිස්ස්ස්ස්..........

    ඕන් ඉතින් මෙච්චර දවසක් හොරාට හොරාට කූඩුවට රින්ගලා මොකවත් නොකියා ගියාට මොකෝ මේක දැක්කම නන් මට කට ටිකක් අරින්න ඕනේ කියල හිතුනා.

    ඈ බස්සියේ . . . මා විරුද්ද පක්ෂයේ උනාට මොකද... ඒ රූපෙ, හඬ, සුවද මතක් උනත් අති බන්. තාමත් හිත ඇදීලා යනවා. මට හිමි නොව්නට මගෙ ලඟම ඉන්නව කියල දැනෙනව...

    ReplyDelete
  39. බස්සිගෙ "ගෑණු ඉව" ට ගැල්පෙන චිත්‍රපටියක් තමා Perfume (2006) හැබැයි මේක ටිකක් දරුණු ගනයේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු මට්ටමේ තියෙන එකක් කියලා මුලින්ම කියන්න ඕන​.

    ReplyDelete
  40. එයානම් ඉල්ලිවේ මගේ සරම...කවදාවත් මාව සරම පිටින් දැකල නැති එයා මන් හැමදාම පට්ට ගහපු සරම ගැන අවබෝදයක් නැතිව කරපු ඒ ඉල්ලීම මන් පිස්සුද කියල අහල අමතක කරලා දැම්මා මට මතකයි මමනි දන්නේ එක එයා දැක්කොත් මගේ ලකුණු කැපෙනවා කියලා.එත් එදා එක දීලා තිබුනානම් මට අද එයත් නැහැ සරමත් නැහැ දැන් නම් එයා වෙනකෙනෙකුගේ සරමක් ආදරෙන් ඉබිනවා ඇති.මොකද දැන් එය වෙනකෙනෙකුගේ බිරිදක්,අපි වෙන් වුනේ ඒ සරමේ ප්‍රශ්නේ නිසා නෙවෙයි.චිත්තයක ප්‍රශ්නයක් නිසා.ඒ නිසා මගෙන් වෙන් වුනාට මන් එයට දොස් කියන්නේ නැහැ. එත් මට අද ආදරය ගැන හැගීමක් නැහැ,අපි වෙන්වෙලා වසර 3ක් ගෙවුනත් මට තවම කිසිම කෙනෙක් එය වගේ දැනුනේ නැහැ.

    ReplyDelete
  41. mateth blog ekk kalekin awuna ....
    thiyana danuma nam watinewa . hode
    .... magen nam ohama adum illuwoth mama mage adum okkoma eyata dila. eyage adum mama adinenewa
    .... awlak nane ethine... neda
    "mage blog eka paththe yanewanam menna add eka http://nipunmadusanka.blogspot.com"

    ReplyDelete
  42. අපි දැන් ඔව්වට වයසයි නෙව .....
    :-(

    ReplyDelete
  43. දෙයියන්ගෙ පිහිටෙන් තියන ඇදුම් කඩමාලු දෙක තුනට කෙලවන්න තාම කෙනෙක් නෑ.....
    ( එහෙමවත් කියනවා ඉතින් හිතේ දුකට...වෙන මක් කොරන්නද...?? )

    ReplyDelete
  44. සංවේදී බවින් ගැහැණු පිරිමීන්ට වඩා ඉහළ බවක් දරන නිසා එය මෙහෙම ඉස්මතු වී පෙනෙන්නට ඇති නමුත්, විද්‍යාත්මක පැත්ත කෙසේ වෙතත්, මේ කරුණ ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම පොදුයි, තමන් ආදරය කරන ස්ත්‍රීයගේ කට හඬ ඇසීම​, එස් එම් එස් පනිවුඩයක් ලැබීම පවා සංවේදී පිරිමියාට අපරිමිත සතුටක් ගෙන දෙයි. එස් එම් එස් පනිවුඩයෙන් 'ඔබ මට එපා' කිවත්, ඒකත් සතුටකි, ඒ කිසියම් හෝ පනිවුඩයක් ඇගෙන් ලැබීම නිසාවෙනි.

    ReplyDelete
  45. තනිකඩ අපිට සීතල දැනෙන්නෙපා.... 😂

    ReplyDelete