Saturday, December 21, 2013

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න



අපි හැමෝම හීන දකිනවා. හීන නිසා අපි ජීවිතේ ඉස්සරහට යනව. හීන පිරුනු ජීවිතේ ගැන අපේ බස්සත් ඉස්සර එකෝමත් එක දවසක මාත් එක්ක කතා කර කර ඉඳලා උන්දැගෙ බ්ලොග් එකේ මේන් මේම සටහනක් තියල තියෙනවා. පස්සෙන් පහු බස්සිත් දවසක් ලිවුවාලු හීන ගැන ටිකක් බරපතල මෙවුවා එකක් මේන් මේම.



හා හා ඒ මහාප්‍රාණ හීන ගැන නෙමෙයි මම අද කියන්ට යන්නෙ මගේ සුට්ටං අල්පප්‍රාණ හීන වට්ටෝරුව ගැන.



සුට්ටං බට්ටා කාලෙ නම් මම හීන දැක්කෙ පුළුන් වලාකුලු වල ගෙවල් හදාන ඉන්න සුරංගනාවියො ගැන, මල් පෙති මැද්දෑවෙ දොයියන සූටි පණු පැටව් ගැන වාගෙ බෝම ප්‍රාථමික ගණයේ මෙවුවා ගැන. මට මතකයි මම මොන්ටිසෝරි යන කාලෙ හිතන් හිටියෙ පැෂන් ෆෘට් මලක් ඇතුලෙ තියෙන්නෙ සුරංගනාවියෙකුගෙ ගෙදරක් කියලා. 



අද නිවාඩු දවසෙ ඔයාලත් පැෂන් ෆෘට් මලක් ගලවලා බලන්නකෝ බොරුද කියලා. ගේ මැද්දෙ වටේටම ලයිට් දාපු උස කුලුනක් තියෙනවා. ඒ වටේට මල් පෙති වලින් හදාපු සෝෆා කට්ටලයක්. ඔය කුලුන ඇතුලෙ තමයි නිදාගන්න කාමර තියෙන්නෙ. අර කුලුනට පිටින් තියෙන ලයිට් නිසා නිදාගන්න කාමර ටික ඉබේම උණුහුම් වෙනවා.







ඒ උනාට ඔය මාලිගාව ඇතුලෙ ඉන්න සුරංගනාවි කවදාවත් මගෙ අතට අහුවෙන්න ආවෙ නෑ නෙව. අහුවුනොත් මටත් ඒම මාලිගාවක් හදාදෙන්ට වෙයි කියල වෙන්ටැති. හ්ම්ම්ම්....



ඔය වගේම සූටි කුරුමිණි පැට්ටෙක්ගෙ ගෙයක් තමයි සල් මල. ඕන්නම් නිවාඩු දවසෙ ඒකත් කඩලා බලන්ටකෝ.

 





ගෙදර වටේට තියෙනවා අපූරු සුවපහසු සෝෆා. මැද්දෙ තියෙන වියන් ඇඳ ඇතුලට රිංගා ගත්තාම කුරුමිණි පැට්ටාව කාටවත් හොයන්ට බෑලු. ආ... අර රවුමට තියෙන වියන් ඇඳ මැද්දෑවෙ තියෙන්නෙ එයා වතුර බොන්න හදා ගත්තු ටැප් එක. එතෝට වතුර තිබහ උනාම මට වගේ කලුවරේ අතපත ගගා කෑම කාමරේට යන්න ඕනෙ නෑ නෙව.



මොන්ටිසෝරි කාලෙ ඕම හීන දැකපු සූටි බස්සි එක දෙක වසරට යනකොට හිතාගත්ත සත්තු වත්තෙ දොස්තර නෝනා කෙනෙක් වෙන්ට ඕනෙ කියල. ඇයි එතකොට හැමදාම සත්තු වත්තට ගිහින් සත්තු බැලුවැකි නෙව.






ඒත් ආපහු තුන වසරට එනකොට තාත්තා ග්‍රහලෝකාගාරෙට එක්ක ගිය හින්දා සත්තු දොස්තර වෙන්ට තිවුන හීනෙ චකබ්ලාස් වෙලා අලුත් හීනයක් ඉපදුනා. ඒ තමයි තාරකා විද්‍යාඥවරියක් වෙන එක. හතර වසරට එද්දි මං බැරි බැරි ගාතෙ පොතක් බලාන ටෙලස්කෝප් එකකුත් හැදුවලු.ඒකෙන් බලනකොට පේන්නෙත් පියවි ඇහැට පේන තරු ටිකම විතරයි උනාට මම හැමදාම හය වෙද්දි එලියට බැහැලා අහසෙ තරු ගනින්නයි, එවුවා තරු පොතක අඳින්නයි තිවුනේ පුදුම ආසාවක්.






අපේ තාත්තා මගෙ වද කරදරේට ග්‍රහලෝකාගාරෙ වැඩ කරන ප්‍රියංකා කුමුදුනී මහත්මියගෙ පොත් එහෙම එලිදක්වපු දවසෙම මට ගෙනත් දෙනවා ඒ කාලෙ. ඔය පොත් ප්‍රදර්ශනේකට ගොහින් එද්දි එයැයිව දවසක් අපි දෙන්නට මුණුගැහිලා මගෙ තාරකා විද්‍යාඥ හීනෙ ගැනත් මම බෝම ආඩම්බරෙන් කිවුවා එයැයිට.



ඔය අතරෙ තමයි මං සිස්සත්තෙ පාස් වෙලා ඕගන් එකක් ලැබුනෙ තෑග්ග විදියට. ඉන් පස්සෙ පියානෝ කලාස් එකකටත් දක්කන්න උනාම මට හිතුනා සංගීතඥයෙක් වෙන්ට ඕනෙ කියලා. ඒ ගමන වයලින් ගහන්ටත් ඉගෙන ගත්තා වයලින් කලාස් එකකට මංගච්චලා. හැබැයි මට ඕනැ උනේ සංගීතවේදී තාරකා විද්‍යාඥවරියක් වෙන්ට ඒ කාලෙ.






අනේ ඔය අහිංසක හීන පූට්ටුව මැද්දට ඉතාම අවාසනාවන්ත විදියට එක්තරා අඳුරු රාත්‍රියක කඩා පැන්නෙ නැතැයි..... කවුද? ෆොක්ස් මෝල්ඩර් ඇන්ඩ් ඉස්කලී. අපේ තාත්තා ඉස්සර කියන්නෙ නරියා සහ ඔලුකට්ටි කියලා.

 
ඉතිං අර සියලු සිහින හමස් පෙට්ටියට දාපු මම පේවෙනවා ඕන් රහස් පරීක්ෂකවරියක් වෙන්ට. ඒ ගමන එක්කාසු කොරනවා රටේ තියෙන සේරෝම රහස් පරීක්ෂක කතන්දර. දැන් තියෙන හීන පූට්ටුව තමයි සංගීතවේදී රහස් පරීක්ෂකවරියක් වීම.





මට මතක හැටියට අපේ ගෙදර මිනිස්සු වැඩිම විනෝදයක් ලැබුවෙ මගේ මේ හීනෙන් වෙන්ට ඕනෙ.


ඔන්න අය හීනෙ ඉදිරියට ගලාගෙන යද්දි අර සුන්දර ළමා වියෙන් බස්සිත් යොවුන් වියට පා තබනවා. අනේ සංසාරේ! බස්සිට දොළදුකක් පහල වෙනවා වේදිකා නාට්‍ය නිලියෙක් වෙන්ට.






බස්සි ඩැඩා ඒ අදහසට එකෙන්ම සහය දක්වනවා. බස්සිව ඇන්න යනවා ඩැඩාලගෙ ඔපීසියෙ කලා කවයෙන් කොරන වේදිකා නාට්‍ය පුහුණුවීම් බලන්ට. ඩැඩා තමයි එවුවා රචනය සහ අධ්‍යක්ෂනය. බස්සිත් ඉතිං බෝම උනන්දුවෙන් නලු නිලියන්ට දෙබස් මතක් කොරලා දෙනවා පාන්දර වෙනකම්. ඕම ඉන්න අතරෙ බස්සි ඩැඩා බස්සිටත් සුට්ටං චරිතයක් දීලා ඉස්ටේජ් එකට තල්ලු කොරනවා. ඉන් පස්සෙ බස්සි පණ ඇරගෙන රංගනය ඉගෙනගන්නවා.


හැබැයි නිලියොන්ට රූපෙ ලස්සන උවමනායි කියලා බස්සි දැනං හිටියෙ නෑ ඒ කාලෙ. ඒ නිසා ඉක්කෝලෙ වේදිකා නාට්‍ය වලින් බස්සි බෙල්ල මුලින් කැපිලා ඒ වෙනුවට ඉටිකිරිස් කෑලි ඉස්ටේජ් එකට නගිනවා. බස්සි ඉතිං කොරේ පැත්තක ඉඳන් ඉටිකිරිස්ලාට නටන්ඩ සිංදු කියාපු එක තමයි.


ඕම ඉන්නකොට එකදවසක්... ඔව්. එක සොඳුරු සැන්දෑවක ඕ.ලෙවල් සයන්ස් කලාස් එකේ ගුරුතුමා බස්සිට කියාදෙනවා ජාන ඉංජිනේරු විද්‍යාව ගැන.





කෙලියා නේද නිලි හීනෙටත්. බස්සි ඒ වෙලාවෙ ඉඳන් සූජානං වෙනවා ජාන තාස්සනේ හදාරන්ට. කෝම හරි ඒ හීනෙ හිතේ ගැඹුරටම කිඳා බැහැලා තිවුන නිසාද කොහෙද කැම්පොස් ගිහිනුත් කොලේ අණුක ජීව විද්‍යාව සහ ජාන තාක්සනේ ඉගෙනගත්තු එක තමයි.


ඔය අතරෙ බස්සිට තිවුනා තව තව mini dreams කප්පරක්. ඩේසි ටීචර්ගෙ ඉංගිරිස් පංතියට යන කාලෙ බස්සිට ඕනෙ උනේ කවියෙක් හරි කතාකාරියෙක් හරි වෙන්ට. ඒ කාලෙ අහක දාන ටොපි කොළ වලත් කවි ලියනවා.





යෝග භාවනා සහ මාර්ෂල් ආර්ට් ඉගෙනගෙන හටංකාරියෙක් වෙන්ට හිතාන කරාතෙ පන්තිත් ගාටලා ඇතිවෙනකං ගුටි අන්නාගෙන ගෙදර ආවා හැම සෙනසුරාදාවකම.




ඒ ලෙවල් ඉවර වෙද්දි ආපු හීනෙ තමයි සාර්ථක කළමනාකාරිනියක් වෙන්ට. ඕන් එතෝට තේරුං ගියා එහෙම වෙන්ට නම් තමන්ගෙ උපරිමය හොයා ගන්ට ඕනෙ කියාල. ඉතින් කැම්පොස් කාලෙ සියලුම ගොන් ආතල් ගන්නා අතරෙම ඒ හීනෙ වෙනුවෙනුත් මාන්සි උනා.







තාමත් මං මාන්සි වෙන්නෙ ඒ හීනෙ වෙනුවෙන්.


ඒත් ළඟදි ඉඳන් හිතෙනවා මගේම මගේම..... එක්කො ඕනෙ නෑ. ඒ හීනෙ හැබෑ කොරගන්ට පුලුවන් උනොත් කියන්නම්.


හැබෑ උනත් නැතත්, මං හරිම ආසයි මගේම හීනෙක ජීවත් වෙන්ට. හීන පිරුණු ජීවිතේ හරියට පාට පිරුනු සිත්තමක් වාගෙ.



68 comments:

  1. හීන එක්ක ජීවත්වෙන එක කොයිතරම් අපූරුද කියල දන්නෙ හීන එක්ක ජීවත්වෙන මිනිස්සු විතරයි. හීන නැති ජීවිතයක් ගැන හිතාගන්නවත් බෑ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බස්සෝ... හීන වලින් ජීවිතේ පාට කරන එක විනෝදාංශෙ කරගත්තාම ජීවිතේම ලස්සනයි.

      Delete
    2. මේ ෂෝයි කොල්ලට බස්සෝ කියන්නේ ඇයි අප්පා සැළලිහිනියෝ වගේ නමක් දැම්මනම් මොකෑ වෙන්නේ ඉදගෙන :)

      Delete
    3. බස්සියේ එනපොට හොඳ නෑ ..කොල්ලා ගෙට ගන් ....:D

      Delete
    4. @හිටගෙන ,ඒක එක එක්කෙනාගේ කැමැත්ත

      Delete
    5. @අපූ
      මුන්දැට බස්සා යන නම්බු නාමය ලැබුනු හැටි බස්සිගේ ආදර අන්දරයේ මුල් කොටස් කියෙවුවොතින් හොයා ගන්ට පුලුවන් නේද?

      @ඉවාන්
      හප්පොච්චියේ බස්සා එක්ක දවසම රට වටේ ඉගිල්ලිලා දැනුයි බ්ලොගට එබෙන්න වෙලාවක් ලැබුනෙ. කොල්ලව සුටුස් ගාල ගෙට කොරල එන්නං. අපූ තොප්පියකුත් දාගන එන පොට හොඳ නෑ වගේ ඉඳගන ;)

      Delete
    6. @චාමික මලයා
      නැතුව නැතුව. බස්සට බස්සා කියන්නෙ සාධාරන හේතු හතරක් නිසා.

      Delete
  2. අඩේ බස්සි මට මගේ හීන ලොට් එක මතක් වුණා -_-
    දැන් මට හීන තුනක් තියෙනවා. බලමු ඇ එවුවාවත් හැබැ කරගන්න.

    ReplyDelete
    Replies
    1. මදාරා අක්කිත් මං වගේම හීන ගොඩාක් තියෙන කෙනෙක් කියලා හිතුන ඔයාගෙ බ්ලොග් ටික කියෝපු දවසෙම. හීන තුනම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෝ!!

      Delete
  3. කලේන් කාලෙට මටත් එක එක ඒවා තිබ්බ හෆ්ෆා මෙහ් කලේ නම් තියෙන්නේ හෙට උදේට අම්මට මව ඇහැරවන්න අමතක වෙලා පාන්දර 11 වෙනකන් වත් දොයියන්න ලැබෙයි කියලා

    ReplyDelete
    Replies
    1. හූ හූ... හොඳ වැඩේ.... ඇහැරන්න අම්මා ළඟ ඉන්න එක කොයි තරම් හොඳද කියල හිතෙන්නෙ බෝඩිමෙදි එලාම් ඕෆ් කරන් දොයියලා පරක්කු වෙච්චි දාට තමයි.

      Delete
    2. අපි නම් ඉතින් බෝඩිම් කාරයෝ වගේ තමා ගෙදර හිටියත් එලාම් එකට නැගිට්ටෝත් හරි නැත්තම් අනික් මිනිස්සු අපිට නැගිට්ටනකොට මගේ වෙලාව ගොඩක් ඉවරයි

      Delete
    3. එළම් එකට ඇහැරෙනවා නම් මොනවා කරන්න බැරිද බස්සි අක්කේ..මට යකඩින් හදපු පොං එකක් අරන් දුන්නේ එලම් වදිනකොට ඕක පොලවේ ගහන නිසා...

      Delete
    4. හික්ස්!! මගෙ ගාවත් කාලයක් යනකම් තිවුනා ඔය පොලවෙ ගහන්න සුදුසු ෆෝන් එකක්. මුලින්ම අරං දුන්නු එක, ක්ලාස් යද්දි.... ඒක මෑතක් වෙනකම් ළඟින් තියාන හිටියා.

      Delete
    5. චාමික මල්ලි... ඔහොම ගෙදර මිනිස්සු වාසනාවන් බොලේ... අපේ අම්මා ඒකටත් එක්ක. වතුර පාර දීලා ඇහැරන්නෙ.

      Delete
    6. අපේ අම්මට වතුර ඕනෑ නැ අක්කියෝ..කාමරේ දොර හැර දැමීම පමණක් ප්‍රමාණවත්..ඉතුරු ටික මගේ බවුවා කරනවා යස අගේට

      Delete
    7. බවුවොන්ගේ ඇහැරවීම ගැනනම් කවර කතාද? අපේ එකා ඇහැරන්න ආවොත් නෙට් එකත් ගලවලා ඇඟ උඩට අතෑරලයි නවතින්නෙ.

      Delete
  4. මම හිතන විදියට හීන සහා බලාපොරොත්තු තමා අපි ව ජීවත් කරවන්නෙ. ඉශ්ඨ නොවෙන බව දැන දැනත් අපි පොඩි කාලෙ ඉදන් කොයි ත‍රම් හීන දකිනවද?

    ReplyDelete
    Replies
    1. ඒ හීන සේරම හැබෑ උනානම් මලමගුලක් වෙයි නේද! මොකද මම සූටි කාලෙ හීන දැක්කා මගේම කියලා අලිපැටියෙක්, සීල් මාලුවෙක් හිටියානම් කියලත්.

      Delete
  5. ඔබේ සිහිනය ඔබට ආශිර්වාදයක් වේවි....

    ReplyDelete
  6. මටත් ඔය එක එක විකාර හීන තිබ්බා... ලියන්න ඕනේ දවසක ඔය ගැන.. අර මගේම දේ.. "මගේම ආයතනයක්" නේ! මටත් ඕකට නම් තියෙන්නේ ලොකුම ඇම්මක්!

    ReplyDelete
    Replies
    1. හි හී... ඒ මගේම මගේම මගේම මෙවුවා එක නාඩි මලයා හරියටම අඳුනාගෙන නෙව. ඔය දීර්ඝකාලීන හීන ලැයිස්තුව ඇරුනාම, මාසයක් දෙකක් තිබිලා නැතිවෙලා ගිය හීන කොයිතරම් තියෙන්ට ඇද්ද!

      Delete
  7. ෂෝයි බස්සියේ ස්ටෙප් යි ස්ටෙප් හීන ඔක්කොම ,,,,

    මාත් හීන දකින්නියක් ,,

    පුංචි කාලේ ඔයාට වගේම මටත් අනාගත බලාපොරොත්තු තිබ්බා කාලෙන් කාලෙට වෙනස් වෙන . ...ඉස්කෝලේ යන්න කලින් ආස කලේ කොච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න .. ඊට පස්සේ ගගනගාමියෙක් වෙන්න.,,තාරකා විද්‍යාව ගැන පිස්සුව ඉහට ගහපු කාලේ නාසා එකෙන් එවන ලිපි ෆොටෝ දිහා බල බලා නාසා එකේ වැඩ කරන කෙනෙක් වගේ හිටියේ මං ලග තිබ්බා අගහරුගේ විස්තර තියෙන අඩි 8 ක් උස ආදී 3ක් පළල පෝස්ටරයක් ඕක උඩ නිදාගෙන කියවුවේ ,, ඊට පස්සේ එක එක මගේ රහස් භාෂා වලින් ලියපු ලිපි පැරිෂුට් වල ගැට ගහලා යැවුවා පිටසක්වල ජීවීන්ට... දවසක ලියන්නම්කො මාත් ..

    හීන දැකීම තාම අතාරලා නැහැ ,, හින දකින හිත තමයි මාව ජිවත් කරන්නේ

    ReplyDelete
    Replies
    1. "තාරකා විද්‍යාඥ ෆීලිං" - මේ ගැන භරතමුණි ඉගෙනගත්තෙත් මගෙං'ලු... මේ හැඟීම එන්නෙ නාසා එකට ලියුමක් යවලා එහෙං පිළිතුරු ලිපි තොගය ලැබුණු දවසට...
      හප්පේඒඒඒ.... මතක් වෙද්දිත් සනීපයි.

      Delete
    2. @ තිලින
      හී... නාසා එකෙන් එන ඒ ලියුං තොගේ ඒ දවස්වල නත්තල් සීයාගෙන් තෑගි කරත්තයක්ම හම්බුනාට වඩා වටිනව නේද! මම ඉක්කෝලෙ අරං ගිහිං එවුවා ආඩම්බරෙන් පෙන්නුවා මතකයි, හරියට නිකං මම වැඩ කරන්නෙ නාසා එකේ වගේ.... :

      Delete
    3. @ඔමා


      රහස් භාෂා සීන් එක නම් හදාගත්තෙ ගෙවල් වලට හොරෙන් යාලුවන්ට පණිවිඩ යවන්ට. ඔය කොල්ලොන්ගෙ සීන් ගැන එහෙම. මොකද අහුවුනොත් කපෝති නෙව ඒ කාලෙ.

      ඔයාගෙ හීන වට්ටෝරුවත් අපූරු ඇති. ලියලා දාන්නකො අනේ ඉරිදා නිවාඩු දවසෙ.

      Delete
  8. මට නම් සිහින කියල තිබුනද කියල මතකයක් නැහැනේ ....
    අර උඩම ඉන්නෙ අපේ බස්සද බස්සියේ..?

    ReplyDelete
    Replies
    1. කෙන්ජයියේ ඕම තමා වයසට යද්දි අතමක වෙනවා වැඩී..... ;)
      යේස් ඒ අපේ බස්සා තමයි.

      Delete
  9. දැන් උඹට බස්සියක් වෙන්න හිතුනේ මොකක හින්දද? මගෙනම් පොඩි කාලේ තිබ්බ හීනේ තමයි "මුහුදු කොල්ලකාරයෙක්" වෙන එක .

    ReplyDelete
    Replies
    1. බස්සියෙක් වෙන්ට හිතීම දිග කතාවක් පවුලූශෝ. "බස්සිගෙ ආදර අන්දරය: කියෙවුවානම් හරි.

      ඕං අර ලිපියෙ තියෙන "නිලි හීනෙ" නිසා දවසක් අපි කැම්පොස් එකේ සෝට් පිලුමක් කොරනවා. අන්තිමේදි පිල්ම් හැදිල්ල පැත්තක දාලා කැමරාමන් ප්‍රධාන නිලියව උස්සනවා.
      ඔන්න ඔය කැමරාමන් බස්සෙක් ලු.
      ඔය සීන් එකෙන් පස්සෙ තමයි ඔය කියන කෙල්ල බස්සියෙක් වෙන්නෙ.

      මූදු කොල්ලකාරයෙක් වෙන හීනෙත් අපූරුයි නේද? මට මතක් උනේ "ටොම් සෝයර්"ව.

      Delete
  10. මගෙනම් එකම හීනෙ ලන්කාවෙ ඇමැත්තෙක් වෙන එක.පලත් සභාවක මහ ඇමති උනත් කමක් නැ

    ReplyDelete
    Replies
    1. ඒ මොකටෙයි පාරෙ දකුනෙන් වාහනේක යන්නද?

      Delete
  11. මටත් හීන තිබ්බා..
    මමත් හීන එක්ක ඔට්ටු උණා...
    මටත් හීන ජීවත් කරන්න හිතුනා..

    ඒ ඉස්සර.. ඒ හීන අද එක හීනයක් වෙලා...

    කැම්පස් යන එක විතරයි :D

    ReplyDelete
    Replies
    1. හැම හීනයක්ම එකට කැටිවෙලා හැදුනු ඒ හීනෙ හැබෑවක්ම වෙන්න කියලා හදවතින්ම සුභපතනවා මලයෝ...!!!

      Delete
  12. මටත් ඔය තාරකා විද්‍යා හීනෙ ලෙසටම ගහලා තිවුනා පොඩි කාලේ.ඒක තමා දිර්ගම හීනෙ.අට වසරෙන් විතර පස්සේ ක්‍රිකට් පිස්සුව ඔලුවට ගැහුවා එලටම.මොකෝ කියන්නේ ඒ දවස් වල මැච් එකක් ගැහුවොත් අනිවා 50 හරි 100 හරි ගහනවමයි.ඊට පස්සේ ඉතින් island champ වෙන්න ට්‍රයි කළා ගොඩ කාලයක්.ඒක ඉතින් සෙට් එකක් එක්ක දැකපු හීනෙ.අපිට ඉතින් 1 වෙන්න බැරි උනාට කොහොම හරි හොදම ටීම් 16 ආවා.
    පස්සේ සාපෙළ දවස් වල හිතාන හිටියේ පරිගණක මෙඋවා කරන computer ඉන්ජෙක් වෙන්න. අවාසනාවක මහතා අපේ අම්මා ඒක කෑලි කෑලි ඉරලා දැම්මා කොල්ල හෙන ෆයිට් එකක් දුන්නා it වලට පනින්න.කොහෙද ආයි ඇහුවොත් පුත්‍ර බාවේ අහෝසි කරනවා කිවුව නිසා මම කට වහගත්තා.

    දැන් අර සුටි සුටි ගැජෙට් හදන robotic වැඩ කරන්න ඉන්ජෙක් වෙන්න හීනයක් තියනවා.මම ම දන්නවා ඕක හැබෑ වෙන්නේ නෑ කියලා.ඒක නිසා දැන් හීනයක් නෑ වගේ.දැන් ඉතින් ඔහේ පාවෙනවා විතරයි ජිවිතේ

    no dream.no feelings.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා මලයෝ
      හැම හීනෙම හැබෑ කරගන්න බැරිවෙන්න පුලුවන්. නමුත් වැදගත්වෙන්නෙ හැමවෙලේම අරමුනක්, බලාපොරොත්තුවක් එහෙමත් නැත්නම් හීනයක් ඒක්ක ජීවත්වීම. එතකොටයි දැනෙන්නෙ ජීවත්වෙනව කියල

      Delete
    2. මොකෑ බොල මැට්ටෝ //සුටි සුටි ගැජෙට් හදන robotic වැඩ කරන්න ඉන්ජෙක් වෙන්න හීනයක් තියන// එක හැබෑ කොරගන්න බැරි. වෙන අංශයකින් අධ්‍යාපනය ලබන්න සිදුවුනත් ඊට සමාන්තරව mechatronics පාඨමාලාවක් කරලා හීනෙ හැබෑ කරගන්න බලන්න. වැදගත් වෙන්නේ පියවි ලෝකෙදි හීනය ගොඩනැගීමයි.

      Delete
  13. හ්ම්ම් ......මටත් ඔය වගේ හීන ලිස්ට් එකක් තිබුණා..මම හිතන්නේ පිරිමි ළමයින්ට වඩා ගෑණු ළමයින්ට හීන වැඩියී...

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන් ගෑනුන්ගේ හිත සතියට සැරයක් වෙනස් වෙනවා.පිරිමින්ගේ හිත වෙනස් වෙන්නේ මාසෙකට සැරයක්.
      by අපේ ඉස්කෝලේ හෙන අග පණ්ඩිතයෙක්

      ප්‍රශ්න තියන ඒවා උගෙන් අහන්න මගෙන් නෙවයි

      Delete
    2. @රෙහානි
      අක්කෝ ගැහැණු ලමයි පිරිමි ලමයින්ට වඩා පරිකල්පන ශක්තිය අතින් ඉදිරියෙන් නෙව ඉන්නෙ. ඒක වෙන්ට ඕනෙ.

      Delete
    3. @චාමික
      හෆොයි කවුද අප්පේ ඒ පණ්ඩිතයා? මූන බලාගන්න ආසයි කිවුවා කියන්න. :P

      Delete
    4. link එක චැට් එකට එවන්නම්

      Delete
  14. සිහින තමයි මිනිසුන්ට ජීවිතය ඉදිරියට ගෙනියන්න තල්ලුව දෙන්නේ.
    සල්මල් සහ පැෂන්ෆෘට් මල් මම පොඩිකාලේ හරිම ආසයි. ඒවාගේ ඇතුල බලන්න. අපේ ගේ ගාව විශාල සල් ගහක් තිබුනා. වහල උඩ පැෂන් වැලක් තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ හීන හරිම සුන්දරයි නෙවෙද අරූ... මගෙ ළමා කාලය නම් ඔය වාගෙ විකාර හීන වලින් පිරුනු එකක්. හීන දකින එක පිස්සුවක් වාගෙ ඒ දවස්වල. ඒත් මේ කලුපාට දුමෙන් වැහුනු, අලුපාට නගරෙට ආවට පස්සෙ මගෙ හීන දැකීම සෑහෙන්ට සීමා වෙලා. හිතට දුකයි ඒ ගැන.

      Delete
  15. මෙගෙ සිහිනය මට දකින් ඉඩ හරින්න..
    මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න..,

    හී...න නැත්තෙ කාටද ,
    *සිහින සැබෑවන්නේ කැපවීමෙනි* කියලා අර කවුදෝ කියල තබුන නේ .
    කොහොම හරි කැපවෙලා අර මගේම මගේම.... හීනේ හැබෑ කරගන්ට බලන්ටකෝ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විදානේ.... හැබෑ වුනත්,නැතත්, හීනයක් වෙනුවෙන් කැප වෙන එක තරම් සතුටක් තවත් නෑ...

      Delete
  16. මුල් ටිකේ හීන ගැන කියලා තිබ්බ දේවල් හින්දා මට එකපාරටම මතක් උණේ ලුසී මොන්ටිගොමරි ලේඛිකාවගේ "ඈන්" කතා මාලාව. මේ විදියේ හරිම ආසා හිතෙන විකාර හීන වලින් පිරිනු කෙනෙක් තමයි ඈන් කියන පොඩි කෙල්ලත්. බස්සිත් ඒ වගේ ද එතකොට

    ReplyDelete
    Replies
    1. "අරඹෙ ගෙදර ඈන්" තරමටම නම් හීන දකින්ට නැතුවත් ඇති. ඒත් ඊට සෑහෙන්න ළං වෙන්න පුලුවන් තරමට මාත් හීන දැක්කා යස්සයෝ. දැන් වුනත් බස්සා එක්ක මගෙ හීන කල්පනා කියාගෙන කියාගෙන යනකොට බස්සා වෙලාවකට කියනවා;
      "දැන් ඔය ඇති අනේ... මගෙ ඔලුවත් කැරකෙනවා ඔයාගෙ හීන කල්පනාවල් අහල" කියල.
      එතකොට නම් මටත් මතක් වෙනවා ඔලුව රිදෙනකම් "ඈන්"ගෙ හීන කල්පනා ගැන අහන් ඉඳලා එපාඋන "මරිලා" ව.
      ඒ පිස්සු හීන නම් අහන්න ගොඩාක් අය කැමති වෙන එකක් නෑ මහිතේ. එවුවා සේරම කියාගෙන යන්ටත් බයයි නෙව. කස්ටිය මාව දක්කයි අංගොඩ. :D

      Delete
    2. "උඩ තට්ටුවේ අවුලක් කියයි කියලාද"
      මට හිතෙන විදියට දෙවෙනි පොතේ තියනවා ඔය යෙදුම. පිස්සු කියලා කිව්වට කමක් නෑ ලියලා දාන්න

      Delete
    3. අද වැඩ ඇරිලා බෝඩිමට එනකොට කියකියා ආපු හීන කල්පනාව ලියන්න බලමු නිවාඩුවක් ලැබුනාම. යස්සයා විතරක් ඉතුරු වෙලා අනිත් කස්ටියම හැරිලා යයිද දන්නෑ බස්සිට පිස්සු කියල. :P

      Delete
  17. එල කිරි හීන ගොඩක් නේ තිබිලා තියෙන්නේ...අනාගත සිහින සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා ඔන්න!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.... චොකලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි යනාදි විවිධ රසවලින් යුත් එළකිරි. :) බෝම ඉත්තූතියි නංගා!!!

      Delete
  18. මේං මට තිබ්බ ලොකුම හීනේ.... හි හි...

    අනිත් හීන ටික මතක් කරන්න බෑ බං.. එච්චරට තිබ්බ....

    හිතේ තිබුන ලොකුම හීනේ

    ReplyDelete
    Replies
    1. හි හී... එකනම් මගෙත් ආසාවක්. ඒත් ඉක්කෝලෙ කාලෙ ඉතරයි. මොකෝ කැම්පොස් යද්දි උදේ ඉතරක් නෙමෙ දවසම නිදි නෙව. ලෙක්චර්ස් වලත් නිදි. ප්‍රැක්ටිකල් වෙලාවටත් හිටගෙනම නිදි.

      Delete
  19. මගෙ හීනය ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මයෙ හිතේ :-)

    ReplyDelete
    Replies
    1. කුරුට්ටි හීන ගැන කුරුටු ගාල තියේ නේද පන්හිඳ ගෙවෙනකම්ම. :)

      Delete
  20. මගේ හීන තාම සැබෑ උනේ නෑ.. ඒකත් එක හීනයක් පමණයි....ද??

    ReplyDelete
    Replies
    1. හැබෑ වීමට වඩා වටින්නෙ හීනය වෙනුවෙන් ජීවත්වීම. මගෙ ඔය හීන වට්ටෝරුවම හැබෑ උනානම් පික්සු හැදෙයි.

      Delete
  21. ලස්සන හීන ටිකක් !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග අයියේ.... සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!!!

      Delete
  22. මටත් ඉස්සර ඕනේ වෙලා තිබුණා බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න.. :D කොහෙන් ආපු හීනයක්ද මම දන්නේ නෑ ඒක නම්.. ඊට පස්සෙ එක එක හීන ගොඩක්.. රෙස්ටෝරන්ට් එකක් දාන්න. ඇඳුම් කඩයක් දාන්න.. පුස්තකාලෙක වැඩ කරන්න.. පොත් කඩයක් කරන්න.... පස්සෙ දොස්තර කෙනෙක් වෙන්න හීනයක් තිබුණා.. ඒ හීනේ නැති වුණාට පස්සේ නම් ඔහේ එන විදියකට ජීවිතේට මූණ දෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇඳුම් කඩයක් දාන හීනෙත් ගොඩක් ගෑණුළමයින්ට පොදු හීනයක් නේද සිතුවෝ? ඔහේ එන විදියකට මූණ දෙනවාට වඩා තව තවත් අපූරු හීන දැක්කානම් කොච්චර සෝයි ද ඈ....

      Delete
  23. මට හීන ගොඩාක් තිබුනා . කෝච්චිවල මාල කඩන්න, මහ දවල් හොරකම් කරන්න, අටේ පංතියට ඉස්සෙල්ලා ඉස්කෝලෙන් අස්වෙන්න, බඩුකාරයෙක් වෙන්න, කුඩු මුදලාලි කෙනෙක් වෙන්න, මිනිහෙක්ව ගස් බඳින්න වගේ දිග ලිස්ට් එකක්. හිතන්න මම කොච්චර වාසනාවන්තද කියලා...ඒ සිහින ඔක්කොම සැබෑවුනා. මම දැන් ආංඩුවේ ඇමති කෙනෙක්....මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න.

    ReplyDelete
    Replies
    1. අරූ මට හිතෙන්නෙ අර ඉත්තෑවගෙ කොමෙන්ටුවට මම දීපු ප්‍රථම ස්ථානය මේ කමෙන්ට් එකට දෙන්න වෙයි වගේ නේද?
      එකෙන්ම ++++++++++++++++++++

      Delete
  24. අප්පච්චියේ බස්සි දැකල තියෙන හීන.. හරිම සුන්දරයි හීන කතන්දර නම්. මගේ හීන ගැන හිතන්න නිවාඩුවක්වත් දාන්න වේවි වගේ...

    ReplyDelete