Thursday, January 16, 2014

මගේ පුංචි බස්සෝ......







මගේ පුංචි බස්සෝ......,



ඔයා මගෙත් එක්ක සමරන හතරවැනි උපන්දිනය හෙට උදා වෙන්නෙ. බස්සාට අවුරුදු විසි හයක්! හෆො
යි සෑහෙන්න  වයසට ගිහින්!


මතකද අපි දෙන්නා සමරපු පළවෙනි උපන්දිනය. අතිශය රස්තියාදුකාර විදියට කැම්පස් එකේ බැමි උඩ හාල් වෙවී...... එදා අර චිත්‍ර උගන්නන ලෙක්චරර්ගෙන්  බැනුං  අහපු ටික මම ආදර අන්දරයේ ලිවුවෙ නෑ ඒකෙ රොමැන්ටික් ගතිය නැති වෙන නිසා.


හැම උපන්දිනයකදිම මම ඔයාව සර්ප්‍රයිස් කලා.  ඒවා  මම ප්ලෑන්  කරේ මාසෙකටත් කලින් ඉඳන්.






අවුරුද්දෙ දවස් 365ම කියවන්න හදාපු Love pills, දන්න ගැජමැටික්ස් සේරම දාල හදාපු  අපේ ආදර කතාවෙ වීඩියෝ එක,
ස්ක්‍රැප් බුක්,
පාන්දර Fab එකට දුවලා ඔයා ඇහැරෙන්න කලින් උස්සන්  ආපු බර්ත් ඩේ කේක් එක.


 
ඔයා කල්පනා කරනවා ඇති මම මේ අවුරුද්දෙ ඔයාට මොනාද දෙන සර්ප්‍රයිස් එක  කියල.


බස්සෝ, බස්සි වෙනදා වගේම ලස්සන තෑග්ගක් ගැන ප්ලෑනක් ඇන්දා. ඒත් නපුරු හෙම්බෙකුයි, ඒ උඩට ආපු උණකුයි බස්සිගෙ ප්ලෑන විනාස කලා
මගෙ පුංචි බස්සෝ....


මට කියාගන්න බැරිතරම් ලොකූ දුකක් දැනෙනවා ඒ ගැන.


ඒ නිසාමයි, මේ පෝස්ට් එක ලියන්නෙ ඔයා වෙනුවෙන්ම.


මගේ බස්සාට, පිස්සාට, මැටි කොට්ටෙට, සුදු අයියාට සුභම සුභ උපන්දිනයක් වේවා......!!!





සුදු අයියා  අලුත් අවුරුද්දෙ කරන්න බලාපොරොත්තු වෙන ලොකුම ලොකු වෙනස සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.......!!!






62 comments:

  1. සෝයි සෝයි . . . . .
    මං පුංචි බස්සට සෝයි තෑග්ගක්නෙව මේ.

    ඉත්තූතියි ඈ . . . . .

    ReplyDelete
    Replies
    1. මම හෙට එන්නම්කෝ පුංචි බස්සව බලන්න.

      Delete
  2. හරී අපූරු ආදර අන්දරයක්.....
    ඔයාලගේ ආදර කතාව දිගුකල් යෙහෙන් වැජඹේවා......!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ආ...අමතක වුණා... බස්සට සුභ උපන් දිනයක් වේවා....!!!!

      Delete
    2. තැන්කුයි රන්දූ....

      Delete
    3. ඉත්තූතියි රන්දු !!!

      Delete
  3. බස්සට සුබම සුබ උපන් දිනයක් වේවා මේවා දාලා හරි යන්නේ නෑ අපිට කේක් දියෝ....

    හෙට මගෙත් විශේෂ කෙනෙක්ගේ උපන්දිනයක් එයාට තෑග්ග ගත්තේ ජනවාරි මාසේ 1වෙනිදා ඒක මුදේ ඇති පතුලටම ගිහින්... ආයේ ඒ ජාතියේම එකක් ගත්තා පෙරීදා එක හෙට දෙන්න වෙන්නේ නෑ :(

    ReplyDelete
    Replies
    1. ඉත්තූතියි බොරලුගොඩ මහත්තයා !!!
      දුන්නද ඔයාගෙ තෑග්ග?

      Delete
  4. බස්සි පැටික්කිට බස්සා පැටික්කත් එක්ක ආදරයෙන් සතුටින් ඉන්න හැමදාම ලැබෙන්න ඕනේ කියලා සුබ පතනවා!ඒ වගේම බස්සා මල්ලි පැටික්කට සිතු පැතු, පැතුම් ඉටුවෙන සුබ උපන්දිනයක් වේවා!..............(ගනන් ගන්ට එපා බස්සි නංගෝ ලෙඩ හැදෙනවා කියන්නේ ගෙවල් බිදින්න හොරු පනිනවා වගේ දෙයක්....... ඊලග පාර උපන් දිනේට ඩබල් සප්ප්‍රයිස් එකක් දෙන්ට බැරියෑ)

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ශානු !!!

      දැන් නම් බස්සි පැටියට සනීපයි අපෙ අම්ම හදපු මැල්වී කසාය බීල

      Delete
  5. ටිකක් විතර දුක හිතුණා. හැබැයි බස්සියෙ බස්සාට සුබ ම සුබ උපන්දිනයක් කියලා පතනවා. බස්සිට ඉක්මන් සුව!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ශානු!!!

      Delete
    2. මේ ශානු අක්කා නෙමෙයි බස්ස පැට්ටෝ මේ අපේ දිලිනි හෙවත් කුරුට්ටි. :D

      Delete
  6. සුභ උපන්න දිනයක් වේවා බස්සෝ!!!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි නාඩි මලයෝ !!!

      Delete
  7. බස්සායියට සුබ උපන් දිනක් ද බස්සියක්කට ඉක්මන්සුව ද ප්‍රර්තනා කරමි...

    උදේ පාන්දර බස්සායියා පුංචි බස්සෙක් ගැන කියලා තියෙන්නේ ඒ බස්සෝ පැටවුද...නොතේරුම් කමට ඇහුවේ ඈ

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ආචාර්යතුමො !!!

      මමනෙ ඉතින් පුංචි බස්ස පැටිය ;)

      Delete
  8. මගෙනුත් සුබ පැතුම් බස්සට ඔයා සනීප වෙන්නකෝ ඉක්මනට

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි අපූර්වි!!!

      Delete
  9. 26ක් කොහෙද බං සෑහෙන වයසයි වෙන්නේ.. ඒම කියන්න එපා ඈ.. අපිට තද වෙනවා..

    බස්සෝ, උඹට සුභ උපන්දිනයක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඒකතමයි මචෝ. අපි තාම පොඩි කොල්ලොනෙ ;)

      ඉස්තූතියි දිනේශ්.

      Delete
  10. බස්සාට සුභම් සුභ උපන් දිනක් වේවා කියලා පතනවා.!!

    බස්සට බස්සි කියලා ඔච්චර වටින තෑග්ගක් ලැබිලා තියෙත්දි තවත් තෑගි මක්කටැයි?

    ලේ එහෙම බලලා බෙහෙත් ඩින්ගිත්තක් ගත්‍තද බස්සි? දැන් උණ බල බල ඉන්න එපා.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි !!!!

      බස්සි පැටියට දැන් සනීපයි :D

      Delete
  11. හාල් වෙචිචි ආදරේට සුභ අනාගතයක්.. හැක්..

    ReplyDelete
    Replies
    1. අඩෝ . . . අපිට තදවෙනව හරිද හිටගෙන ;)

      Delete
  12. පුන්චිම පුංචි බකුසු පැටියාට (මුගේ කොහේද දන්නෙ නෑ පුංචී) ලැබුවා වූ ඒ 62 වෙනි උපන් දිනය කිරියෙන් පැණි වලින් ඉතිරෙන බකුසී එක්ක දීග කන්න ලැබෙන අවුරුද්දක් (උපන් දිනයක් ) වේවා යි පතන්නේ... දෝණී සහ ගාලූ..

    ReplyDelete
    Replies
    1. දෙන්නටම ඉත්තූතියි ..!!!

      Delete
  13. අඩේ අපරාදේ බස්සියෝ... සුබ පැතුම් ප්‍රොග්‍රෑම් එකක් කරන්න තිබ්බ බස් රේඩියෝවත් අල්ලන්... හි හි...

    මට මේ උඩ තිබ්බ කමෙන්ට් දැකලා එහෙම හිතුනෙ... හි හි...

    බස්සට සුබ උපන් දිනයක් වේවා....

    මේක උදේ පාන්දර දැක්ක ගමන් මටත් මතක් උනේ අපි දෙන්නගෙ ආදර කතාවෙ උපන්දින තෑගි ටික... අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නෙ නං බොහොම ටිකයි... අවුරුදු 14ක් තිස්සෙ ඉතිං ගෙවල් මාරු කිරිලි, කාවො මීයෝ වේයෝ, අම්මලගේ වද කරදර, අපි දෙන්නගෙ රණ්ඩු වලින් සවයිව් උන තෑගි ටික තාම ටීවී ස්ටෑන්ඩ් එක උඩ තියෙනව... ඒ ලොට් එකම ගැන ලස්සන මතක ගොඩක් තියෙන නිසා වෙලාවක ඒ ගැනත් ලියන්න ඕනෙ කියල හිතුනා...

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි හිරු !!!

      ඉතුරු තෑගි ටිකවත් පරිස්සම් කරල තියාගන්න. කවදහරි මතක් කර කර සතුටුවෙන්න පුළුවන් දේවල් ගොඩක් ඒවත් එක්ක තියනවනෙ.

      Delete
  14. ඊට පස්සේ මේ බකුසු කුඩුවේ බකුසු අම්මයි බකුසු තාත්තායි බෝල ගෙඩි වගේ බකුසු පැටව් ගොඩාක් එක්ක ගොඩාක් සතුටින් ජිවත් වුණා කියලා කතාව ඉවර කරන්න ලැබේවා.
    සුභ උපන්දිනයක් බකුසුට

    ReplyDelete
    Replies
    1. යකෙක් උනත් කියපු කතාවට කේක් කෑල්ලක් දෙන්න වටිනව !!!

      Delete
  15. ආදරයෙන් සුවෙන් ඉන්න
    ආදරයේ සුව විදින්න
    ජීවිතයම හිනා වෙන්න
    හැමදාමත් එකය ඉන්න

    බස්සියගේ ආදරයෙන්
    බස්ස කොල්ල නෑවෙන්නට
    හිත උතුරන ආදරයේ
    බස්ස කොල්ල නුඹ ගිලෙන්න...

    ආදරයයි සන්තෝසෙයි
    හැමදාමත් උතුරන්නට
    සුභ පැතුමක් මං පැතුවා
    තව සහසක් කල් හිදින්න

    සුභ උපන් දිනයක් වේවා...ඔයාගෙ බස්සට

    ReplyDelete
    Replies
    1. සැමදා ආදරෙන් ඉන්න
      හැමදා සුබ පතන ඔබට
      බස්සි එක්ක මාන් ඔන්න
      ඉස්තූතිය හදවතින්ම....!!!!

      Delete
  16. බස්සා පුතාට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි රජතුමනි !!!

      Delete
  17. බස්සාට සුබ උපන් දිනක් වේවා.....

    ReplyDelete
  18. බස්සට සුබ උපන්දිනයක් වේවා. දැන් ඉතින් ඔය මදැයි සයිබරෙන් පවුල් උනා ....නේද?

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉවාන් !!!
      බලමුකො නේද......

      Delete
  19. ඔයාගේ බස්සට අපිත් සුබ පැතුව කියන්න ....

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි තුශානි !!!

      Delete
  20. බස්සට සුබ උපන් දිනයක්. බකුසු පවුලට සුබ අනාගතයක්!!!!!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ශෙහාන් !!!

      Delete
  21. හැපි බර්ත් ඩේ කිව්වා එහෙනං බස්සට.........! පරක්කු උනාට මුකෝ නෙහ්...

    බස්සිට එතකොට දැන් වයස කීයද?

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි රෙහානි !!!
      එයාටත් දැන් හෙන වයසයි ;)

      Delete
    2. පිස්සු බස්සගෙ කතා වලට අහුවෙන්න එපා රෙහානි අක්කෝ බස්සිට තාම විසිහතරයි.

      Delete
  22. බස්සට සුභ උපන් දිනයක් පතන්න මමත් එකතු වෙනවා....සියලු බලාපොරොත්තු ඉටු වේවා !

    ReplyDelete
  23. බස්සට සුබ උපන් දිනයක් වෙවා.උබල දෙන්න හැමදාම සතුටින් ඉන්න කියල පතනව.

    ReplyDelete
  24. දැන් මේක දැකලා 26යේ අයට තද වෙනොලු. හැක් හැක්.... ඇයි වයසයි කියලනේ ...

    බස්සාට සුභ උපන් දිනයක් වෙවා !!! 

    දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ හැමදාම...

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මදාරා !!!

      Delete
    2. යේස් 26 එක්කෙනෙක් තොප්පියක් බලෙන් දාගෙන ඉන්නව මාත් දැක්කා....

      Delete
  25. Busසා...Happy birth day!!!

    ReplyDelete
  26. Happy birth day බස්සා ..

    - මිට වව්ලා

    ReplyDelete
  27. මත නිකං පිත්තු වගේ..

    සුබ උපන් දිනයක්.. !

    වෙඩින් එක කියාපියව් නැත්නම් දෙන්නම රෝමියෝ ජුලියට් කරනවා ඈ

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි සමීර !!!!!

      Delete
    2. ඉතින් කොරපන්කෝ.... මමනම් ආසයි ලු ජුලියට් වගේ ලත්තන වෙන්න.

      Delete
  28. ඇත්තටම ලස්සන බ්ලොග් එකක්. ඔයාලගෙ ආදර කතාවත් කියෙව්ව. ඒත් කොමෙන්ට් එකක් දාන්න කම්මැලි හිතුන. ඒත් 26 ක් කියන්නෙ සැහෙන වයසක් කියන එකට විරෝධය පළ කිරිමට කොමෙන්ට් එකක් දාන්න හිතුනා...

    ReplyDelete
  29. ආදරයේ සුවඳ අරන්
    මුළු ලොවටම බෙදා දෙන්න
    ජීවිතයේ පැතුම් උඩින්
    අලුත් මගක ඇවිද යන්න..

    සෙනේ සිතින් සුබ පතනෙම්
    කුරුලු කිරිලි ආදරේට....)))

    සුබ උපන්දිනයක් වේවා! සියලු යහපත් පැතුම් ඉටු වේවා!

    ReplyDelete