Sunday, June 8, 2014

ලතැවිල්ල






හාදු අරං
කම්මුලත් ගෙවිල දැං
තවම නෑනෙ බං
කුමාරයෙක් උනේ මං




98 comments:

  1. Replies
    1. ඌ ඉතින් ගෙම්ම්බෙක්ම තමයි නේ....

      Delete
  2. ගෙබ්බියෙක් ගෙන් හාදු අරන් නම් කුමාරයෙක් වෙන්න බැරි වෙයි ,රාජ කුමාරියක් ගෙන් උම්මා ගත්තා නම් ගොඩ ... :D

    ReplyDelete
    Replies
    1. රාජ කුමාරියන්ගෙන් උම්මා අරන් කුමාරයො වෙන ගෙම්බො ඉන්නෙ සුරංගනා කතාවලම තමයි.

      Delete
  3. මට මේක කියවනකොටම මතක් වුනේ අපේ ඉවාන්ව. ඒවා පස්සට දාලා කියන්න දැන් කුමාරයෙක් කියන්නේ කවුද කියලා ඔබ බලාපොරොත්තුවෙන හෝ මේ පද ටිකෙන් අදහස් කළ. අදහස සැගවිලා නිර්මාණය අසාර්ථකයි බස්සියේ.

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කළ අදහස පැහැදිලි කරන්න. අපටත් යම් අදහසක් ගන්න.

      Delete
    2. //අදහස සැගවිලා නිර්මාණය අසාර්ථකයි බස්සියේ.//

      මගේ ගොඩක් මිනි-කවි වලට වෙන දෙයක් ඕක. :/

      මෙන්න අදහස;

      අද කාලෙ වැඩිපුර දකින්න ලැබෙනවා මේ විදියෙ "ගෙම්බො". උන් හිතන්නෙ කුමාරියෙක්ට සෙට් වෙලා හාද්දක් ගත්තම තමනුත් කුමාරයෙක් වෙයි කියල.

      …හිතනව ලැබෙයි කියල රජකම.
      මවනව හීන!

      එක තැනකින් හීනෙ හැබෑ කරගන්න බැරි උනාම පනිනව තව තැනකට.
      මොකද ගෙම්බගෙ උපන් ගතිය ඒක.

      රාජ කුමාරියන්ගෙන් හාදු ලැබුවට වෙනස් වෙනවද උගේ ගෙඹි ගති?
      ඌ ඒක තේරුම් ගන්නෙ නම් නෑ.
      උත්සාහය අත අරින්නෙත් නෑ.
      …දිගටම පනිනවා.

      මාතෘකාවෙ කියන ලතැවිල්ලත් තුරුලු කරගෙනම.

      Delete
    3. හම්මේ ඉවානයා මේ කවියෙ කියන විදියෙ ගෙම්බෙක් නෙමෙයි නේද....

      ගැලපෙන ෆොටෝවක් නැති තැන මේ දැම්මෙ නම් ගෙඹිලූශගෙ ෆොටෝ එකක්.... හික්ස්!

      Delete
    4. කවියේ අර්ථය සැඟවිලා කියන එක මටනම් එකඟ වෙන්න අමාරුයි , මම හිතන්නේ මේ කවිය මම කලින් කියෙව්ව නිසාද දන්නේ නෑ. ඕක ඉස්සෙල්ලම දැක්ක වෙලාවෙමයි මං බස්සිට කිව්වේ මේක පොස්ට් එකක් දාපන් කියලා , මටනම් ඒ අර්ථය ඇති සැටියෙන්ම වැටහුනා .

      Delete
    5. නලින් මාමා අරිෂ්ඨ වඩියක් බීලා රිලැක්ස් එකේ ජාලයේ සැරිසරන ගමන් කියවද්දි අරිෂ්ඨෙ මැජික් පවර් එකේ ආනුභාවයෙන් කවියේ අර්ථය සැඟවෙලා යන්න ඇති. නැද්ද නලින් මාමා? ;)

      Delete
    6. ඇත්තටම ඒ කෙටි පද හතරෙන් බස්සෙිගේ අදහස ගම්‍ය වෙනවද? මම මේ තව දෙතුන් පාරක්ම කියවලා හිතන ගමන්. සමහර විට මගේ රස නහරවල දොසක් වෙන්න ඇති.

      Delete
    7. සමහර විට මගේ මිනි-කවි ලිවීමේ අවුලක් වෙන්නැති.
      එහෙමත් නැත්නම් නලින් මාමාගෙ මිනි-කවි ටේස්ට් එකේ අවුලක් වෙන්නැති.

      මම ඉගෙන ගන්න කැමති කලාවක් මේක. ඒ නිසා මෙහෙම කවි දිගටම ලියනවා. තේරුම් ගැනීමේ අපහසුතා ඇති බව කියන එකත් ලොකු උදව්වක් මට. එතකොට නේ දුර්වලතා මගහැරගන්න පුලුවන් වෙන්නෙ.

      //ඇත්තටම ඒ කෙටි පද හතරෙන් බස්සිගේ අදහස ගම්‍ය වෙනවද?//
      අදහස පද තුනකට සීමා කරන්න බැරි වුන එක ගැන කවිය ලියපු වෙලාවේ මම කණගාටු උනා නලින් මාමේ. පසුව තමයි පද හතරක් කලේ.

      Delete
    8. ඔබේ වෑයමට මල් මිටක්.... දිගටම ලියන්න. ඇත්තටම බොරුවට තේරුණා කියනවට වඩා හොඳයි මට හිතුණු දේ කෙළින්ම කියනඑක.
      අනිත් කරුණත් වන්න හැකියි මගේ මිනි කවි ටේස්ට් එකේ රසය වෙනස් ඇති.
      කොහොමත් අධෛර්ය නොවී දිගටම ලියන්න.

      Delete
    9. චැහ් .මං සෑහෙන්ඩ පරක්කුයි නෙවැ .

      Delete
    10. ස්තූතියි නලින් මාමේ....

      Delete
    11. පත්තරේ එනකොට පෙරහැර ගිහින් නේ.

      Delete
  4. ඔහොම ටිකක් කල් ඉවසගෙන හිටහන්...

    ReplyDelete
    Replies
    1. ඌ කොච්චර හිටියත් ඔච්චර තමයි.

      Delete
  5. මහත වැඩි වෙන්න වෙන්න කම්මැලිකම වැඩි වෙනවා නෙහ් බස්සි අක්ක ගේ...එන්න එන්න පොස්ට් කොට වෙනවා

    ReplyDelete
    Replies
    1. මම දැන් කෙට්ටු වෙනව යකූ.... >_<
      මේව mini-කවි.

      Delete
  6. කි*** නිසා ගෙම්බෙක් වෙලා :v

    ReplyDelete
  7. Kumarayek wenna, Onima haaduwak athi, eeth nikamma gembek welaa bee, gibi kumaarayek wennath oni.

    ReplyDelete
    Replies
    1. අභිෂේක ලබන්න තිබුනා ගෙම්බියෙක්ගේ හාදුවකිනුත්. හාදුවෙන් පුලුවන්යැ රජකම ගන්න. මූ හැදෙන ගෙම්බෙක් නෙමෙයි. හැමදාමත් ලතැවිල්ලක් විතරයි ඉතිරි වෙන්නෙ අන්තිමට.

      Delete
  8. ප්‍රසන්න ගොයියගෙන් පස්සෙ බ්ලොග් අවකාශයෙදි කියවපු දිගම ලියවිල්ල මෙයයි.

    ReplyDelete
    Replies
    1. ඒ දිගම ලියවිල්ලට යන්න ලින්ක් එක එවන්නකෝ සිරා අයියෙ.

      ආපු එකටත් පාඩු ද මන්ද මේ පේළි හතරක් කියවන්න.:D

      Delete
    2. http://chaprasanna.blogspot.com/2011/06/blog-post.html

      වචන 5 යි. කමෙන්ට් 267 මේක රැකෝඩ් එකක්ද කොහෙද බ්ලොග් අවකාශයේ..

      Delete
    3. ස්තූතියි සිරා අයියේ.... අහා මේ ලටපට එකේ මුල්ම පෝස්ටුව වගේ නේද! ඒක මරු. රෙකෝර්ඩ් එකක් නෙවෙන්නම්!! :D

      Delete
  9. Replies
    1. තැන්කුයි හොඳේ....
      (මුන්දැ දාන කමෙන්ටූත් හයිකු වෙලාද මන්ද :P)

      Delete
    2. හයිකු මම අතැරියා. හිතලා ලියන්න බෑ. වැදිලා ලියවුණොත් මිසක් ;) 

      Delete
    3. හිහිහි සකේ වඩියක් බීල එන්න වෙනෝ අනේ haiku ලියන්න.

      අහල තියේද මේක?

      අසවු මැඩියෙක්
      පොරණ පොකුණක
      නිසල බවට පැන්නේය

      ( old pond . . .
      a frog leaps in
      water’s sound )

      Delete
  10. කවුද හැබෑටම ඔය අැන්දිල්ල කළේ.. පවු අහිංසක ගෑනු ලමයි.. බස්සට උම්මා දිදී යනවා...

    ජය වේවා!!!
    (සමාවෙන්න - කොමන්ට් එක පොස්ට් එකට වැඩිය දිගඋනා)

    ReplyDelete
    Replies
    1. හයියෙන්ම හූවක් මේකටනං!!!!!

      Delete
    2. හුහ් කෝ ඒ ගෑල්ලමයි. එකා එකා පෝලිමේ එන්න කියාපල්ල. :3

      බස්සට එහෙම උණක් නෑ හරිය?

      Delete
    3. @ බස්සි,,,
      හරි හරි ඕකට ඉතින් කෑ ගහන්න ඕනෑයි.

      Delete
    4. පිරේ : හූ කියන්නෙ නරියෝ ඈ....

      Delete
    5. නිමෝ : මේවට නැත්නං මොනාට කලබොල වෙන්නද!

      Delete
    6. හැක් හැක් , විදානෙයො ..

      Delete
    7. හූ කියන්නෙ නරි විත්හරක්ම නෙවෙයි බං බස්සි අක්කේ!!!
      නරි හැඟීමක් ආපු වෙලාවට අපි වගේ කොල්ලොත් ඒ නරි හැඟීම පෙන්නන්න හූ කියනවා!!

      Delete
  11. Replies
    1. හ හා.... ගෙඹිලූශා නමෙන් ඉවානයා සුපිරියටම බෞතිස්ම වී ඇති අපූරුව!
      හලි සෝයි. හොඳ වැඩේ ඕකට! :D

      Delete
    2. හම්මේ මෙන්නෝ ඉවානයා ගෙඹි බාසාවත් ඉගෙනගෙන.

      Delete
  12. හෙහෙ ලස්සනයි...ඒ හාදු දුන්න කුමාරියො ටික ගෙම්බියෝවත් වුනාද දන්නේ නෑනේ...
    මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින්

    http://mylifeasamuslimgirl.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අකීෆා... ලස්සන කතාවක්! මම පොඩ්ඩක් කියෙව්වා. ඔයා දිගට ලියන නිසා නිවාඩු පාඩුවෙ කියවන්නෝන.

      Delete
  13. උඹ මේක දැම්මේ ඉවාන්ට මඩ ගහන්න නේ.. ඇත්ත කියහං..

    ReplyDelete
    Replies
    1. පිස්සුද ඉඳිකට්ටෝ. අර නලින් මාමගෙ කමෙන්ට් එකට දාපු උත්තරේ බලන්නකො. :P

      Delete
    2. ප්හ්,බලපාල්ලාකෝ මේකි මේ කොල්ලන්ට දාන නම් ඈ ගෙඹිලූශා,ඉඳිකට්ටා..:D

      Delete
    3. ඒ සහෝදර බ්‍රදර්හුඩ් එකට දාන නික් නේම් නෙව මනෝ. මම නෙමෙයි ඉඳිකට්ටා නම බෞතීස්ම කලේ ශානු අක්ක. මං ඔය ඉඳල හිටල කියනව ඉතින්. ඔයැයිටත් එකක් ඕනෙයි?

      Delete
  14. බස්සි දිස් ස්ටෝරි ඩෙඩිකේට් ටු මිස්ටර් ඉවාන් පවුලුෂා නොහොත් ගෙම්බාට නේ හු ඈ.....සිරා පට්ට

    ReplyDelete
    Replies
    1. මොකද කිඹුලි මට හූ කියන්නේ .... තෝ හැම ගහලා කිඹුල් හමෙන් සපත්තු හදනවා බලා ගනින් ...මැටි කිම්බුලි

      Delete
    2. මයි සින්සියර් ග්‍රැටිටියුඩ් මෙව්වා එක ෆොටෝවට නිරූපන දායකත්වය ලබාදුන් ගෙඹිලූශා මහතා වෙත පුද කොරනවා. ඔව්!

      Delete
    3. අනාආආආ

      සුදු පාට දෙන්න සණ්ඩු වෙනෝ... හලි ජොලි!

      Delete
  15. ඔන්න බලාපල්ලා කොල්ලනේ මේකිගෙ මුලු පෝස්ට් එකම පේලි හතරයි. මෙච්චරයි.

    හාදු අරං
    කම්මුලත් ගෙවිල දැං
    තවම නෑනෙ බං
    කුමාරයෙක් උනේ මං
    පැය තුනට කමෙන්ට් 33යි.

    ඒකට බලාපල්ලා අපි වචන එක්දාස් පන්සීයක එකක් ලිව්වත් පැය හතලිස් අටක්වත් යනවා කමෙන්ට් 33ක් වැටෙන්න.

    පට්ට අසාධාරණ නැද්ද ඕයි?

    ඉතිං ගෙම්බට ඔහොම වෙන එක අහන්න දෙයක්ද

    ReplyDelete
    Replies
    1. +++++++++++++

      අමූලික ඇත්ත කතාව ඩූඩ් අයියේ..

      Delete
    2. අනේ ඉතින් ඩූඩ් අංකල් මම මෙව්වා කොම්ප්ලිමන්ට් කියලා හිතාගත්තා ඕං ඈ... ;) :P

      Delete
    3. ඔන්න ඉතින් කොමෙන්ට් දෙසීය පන්නන ඉඳිකට්ටාත් එනව හූමිටි තියන්න. :P

      Delete
    4. උඹ ඔය වෙන කවුරු හරි ගැන වෙන්න ඇති කියන්නේ.. හික්ස්..

      Delete
  16. පේලි 4 ද මන්දා. ;)

    ReplyDelete
  17. මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා බං.......:/

    ReplyDelete
    Replies
    1. හාද්දකින් කුමාරයෙක් වෙන්න බෑ බන්. හිත හදාගනින්. :)

      Delete
  18. මට මතක් උනේ අපේ පැත්තේ හිටිය කොළු පැටියෙක්. ඌ පොඩි කාළේ මාර චබී. ඇස් බීගේ වගේ කම්මුල් දෙක. මහින්ද මහත්තයගෙ පාට. අහල පහළ කෙල්ලන්ගේ වැඩේම මූගේ කම්මුල් දෙක කන එක. අනේ ස්වීට් අනේ කිය කියා. ඕක මතක තිබුන නිසා. මම අපේ පොඩි එකාව වැඩිය දුන්නේ නෑ එක එකාට ඉඹින්න. ඔහේට කියන්න මගේ කම්මුල් දෙකත් හෙන අමාරුවෙන් බේරගෙන උන්නේ පිර රටවල් වල ඉන්න කොට, අපේ අක්කලගෙන්. ඇයි එතකොට මගේ පතිවත.

    ReplyDelete
    Replies
    1. හප්පේ මම හිතන්නේ ඕක තමයි ලෝකේ හොඳින්ම රැකිලා තියෙන පතිවත :D

      Delete
    2. මාතලන් අංකල් මේ කතාවනම් පට්ට.
      //ඇස් බීගේ වගේ කම්මුල් දෙක. මහින්ද මහත්තයගෙ පාට.// පොඩි එකා තාම රජ උනේ නැතුව ඇති නෙහ්. :D

      Delete
    3. හම්මේ ඉතින් මුන්දැලාගේ පටිවට්! :P

      Delete
    4. පත්තිනි තාත්තා කියලා අදහන්න ගන්නත් පුළුවන් අුැති. කාටද ආඩම්බාර?

      Delete
  19. චික්… ගෙම්බෙක් උනත් කොල්ලෙක් වගේ ඉන්න එපෑ.

    අපි නෑනෙ ඔය එක එක කෙල්ලොන්ගෙන් හාදු ගන්නෙ.

    හාදු… ඊක්කා මතක් වෙත්දිත් ඔක්කාරෙට එනවා. :)

    ReplyDelete
    Replies
    1. හිටු. ප්‍රියාවිට මේකෙ ස්ක්‍රීන් ෂොට් එකක් මේල් කොරන්න.
      හම්බෙයි එතෝට හාදු. :)

      Delete
  20. ගෙම්බො....
    උං බක බක ගානව විතරනෙ...
    අපේ උං නං ඕව අල්ලං කුණු හබ්බත් කියනව

    ReplyDelete
    Replies
    1. ගෙම්බොන්ටත් ඇත හීන.
      හරහට පැනිල්ල ලු අවුල.
      කෙලින් ඉස්සරහටම පැන්නොත්,
      උන්ටත් පුලුවන්ලු රජ කුමාරයො වෙන්න.

      Delete
  21. කම්මුල ගෙවෙනකන්
    හාදු දුන්නට
    උන් කුමරියෝ නෙවෙයි බං
    උනුත් ගෙම්බියොමයි
    උන් නොදන්නවට

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      මෙන්න කතාව ......

      Delete
    2. උන්ට අමතක උනත්
      උනුත් ගෙම්බෝමය
      එක් අන්තරාභවයක.
      මුන්ට අමතක උනත්
      මුන් කිරුළු දරන්නැති
      ඒ අන්තරාභවයෙම
      අද ඔහේ පැන පැන උන්නට.
      අනේ මන්දා බං....

      Delete
  22. මොන මගුලකටද අර පලියක් දැම්මේ වහාම අයින් කරපන් ඒක , හිතාගන්න් දීපන් කියවන එවුන්ට ඕන එකක් ,උඹ පාඨකයොන්ගේ සිතුවිලි පාලනය කරන්න යන්න එපා

    ReplyDelete
    Replies
    1. යකෝ මට පේන්නැති පලියක් බොට පේන්නෙ කොහොමද :)

      මගේ ඇස් දෙකේ දෝශයක් තියෙන බව දැනන් හිටියා. මේ තරම් පොට්ටයෙක් බව දැන ගත්තෙ අදයි :'( :'( :'(

      Delete
    2. අයින් කලා ගෙඹි සෑර්..... සමාව බාජනේට දාපන් ඉක්මනට.

      Delete
    3. ඇස් අමාරුව නෙමෙයි ඔයාගෙ අහේතුව. මගේ සාහිත්‍ය රසයෙන් අනූන, සාරගර්භ, වර්ණනා විෂ්‍යාතික්‍රාන්ත පසු ලිවීම දැකීමේ භාග්‍යය අහිමි උනා අපරාදේ... ඔය ඉවානයගෙ තමයි සම්පූර්ණ වැරැද්ද ප්‍රියෝ.

      Delete
  23. හාදු දෙන්න
    කුමරින්
    පොර බැදුවත්
    තවම ලැබුනෙ නෑ
    මගේ රාජකුමාරි

    ReplyDelete
    Replies
    1. පොරබැදුවත්??
      හනේ මගෙ අහිංසක ගෙඹි මල්ලි.
      පව්.... :P

      Delete
  24. මටත් මේක දැක්ක හැටියේ ඔලුවට ආවේ පැණිලූශානේ...:D:D

    ReplyDelete
    Replies
    1. උන්දැව මතක් වෙනව නේන්නම් පොඩ්ඩි අක්කේ ෆොටෝ එකේ ඉන්නෙ ගෙඹිලූශා නේ.....

      Delete
    2. ඔයාගේ ඔලුවේ ඉතින් කොහොමත් හැම වෙලේම ඉන්නේ මමනේ පොඩ්ඩි. ඔහොම තමා ආදරේ වැඩි වුනාම :D

      Delete
    3. පොඩ්ඩි අක්ක මූට පැනිලූශා කියන එක ගැලපෙනවා බලාගෙන ගියාම. අයියෝ සල්ලි. :D

      Delete
  25. මම නං ඔය කානු පල්ලක ඉද්දි ගෙම්බො බල්ලො පූසො ඇති පදං කිස් දීල යනව ඇති.. කව්දෑ දන්නෙ :D.

    ReplyDelete
    Replies
    1. හම්මේ ඒ ගෙම්බො බල්ලො පූසො සේරම මේ වෙද්දි පත්තරයා වගේ වෙලාද දන්නෑ නේහ්. පව් අහිංසක සත්තු.

      Delete
  26. ගෙම්බන්ටත් හාදු දෙන්න කෙල්ලෝ ඉන්න රටේ
    අනේ අම්මපා අපි හාද්දක් ඉල්ලුවාම මුන්ගේ තියෙන ගණන් බලන්න එපැයි....:)

    ReplyDelete
    Replies
    1. මේ ළඟදි දැක්කා ටුක්ටුක් එකක ගහල තියෙනව, "සල්ලි ගස් වල හැදෙයි නම් කෙල්ලො වඳුරොත් බඳීයි" කියල. :D

      Delete
  27. කුමාරියෝ හාදු දුන් තරමට
    ගෙම්බෝ කුමාරයෝ වෙනවනම්
    මමත් කුමාරයෙක් වෙලා
    බොහොමයක් කල් මචන් ...

    ReplyDelete