Sunday, November 9, 2014

පරිණත යාත්‍රිකයෝ සහ නුපුරුදු පිහිනුම්කරුවෝ





අද කාලෙ හැමදේම යන්නෙ රැල්ලට. රැල්ලට යන්න එපා කියල නවකයන්ට බනින එකත් එක්තරා විදියක රැල්ලක් වෙලා. ඒ කියන්නෙ මුලු ලෝකෙම යන්නෙ රැල්ලට.


මම හිතන විදියටනම් දෙයක් කරන්න රැල්ල ස්පර්ශ  නොකර බැහැ. වැල්ලෙ ඉඳගෙන රැල්ල නරඹන උදවිය වෙනුවෙන් රැල්ලට බහින්නම වෙනව. මේක කවියට, සංගීතයට, නර්තනයට, රංගනයට, චිත්‍ර මූර්ති වලට විතරක් නෙමෙයි, සකලවිධ කලාවන්ටම පොදුයි. සකලවිධ කලාවන්ටම පොදුයි කියන ප්‍රකාශයේ ඉඳන් බලනකොට ඉවුම් – පිහුම් ඉගැන්වීමත් කලාවක්, ඒ ලෙවල් විභාගෙට ටියුෂන් දීමත් කලාවක්, ජ්‍යෝතිෂ්‍යවේදියෙක් සෙනසුරු මාරුව ගැන සන්නිවේදනය කිරීමත් කලාවක්.


හැමෝම යන්නෙ රැල්ලටනම් අපි වැල්ලෙ ඉඳගෙන මොන වන්නම් නැටුවත් වැඩක් නැහැ. අපිත් රැල්ලට බහින්නම ඕනෙ.






ඒත්, රැල්ලට යන උන් අසාර්ථකයි කියන කතාව විශ්වීය නියමයක් තරමටම මිනිස්සුන්ගෙ හිත්වලට කා වැදිල තියෙන්නෙ ඇයි? අපි සාර්ථකයි කියන්නෙත් රැල්ලෙ රඟදක්වාපු උදවියටමයි. හැබැයි, එයාලගෙ සාර්ථකත්වය නිසාම අපි හිතනව එයාල ඉන්නෙ රැල්ලට ඉහළින් කියල.


රැල්ල ස්පර්ශ කරපු, එහෙමත් නැත්නම් මුහුදට පැනපු උදවියගෙන් සමහරක් දක්ෂ යාත්‍රිකයො වෙන්නෙත්, සමහරක් අඩි දහයක් යනකොට ගිලෙන්නෙත්, සමහරක් අය රැල්ලට ඉහළින් උන්නා වාගෙම පෙනිල එකපාරට බර්මියුඩාවට ඉහළින් ගියා වගේ අතුරුදහන් වෙන්නෙත් ඇයි?


දක්ෂ යාත්‍රිකයෙක්, එහෙමත් නැත්නම් රැල්ලට ඉහළින් ඇවිදිනව වගේ පේන කෙනෙක් වෙන්න ලේසි නෑ. මුලින් ඔයා යන්න ඕනෙ වැල්ලට. වැල්ලෙ ඇවිද ඇවිද බලන්න රැල්ලට ඉහළින් ඉන්න අයගෙ විශේෂත්වය.


එකපාරම පේන එකක් නෑ. එහෙනම් ඉතින් දුරදක්නයක් අරගන්න. මොකද නිරීක්ෂණයයි වැදගත්.





ඔය රැල්ලට ඉහළින් යනව වගේ පේන සාර්ථක නාවිකයො හැමෝටම තියෙනව තමන්ගෙම පිරිසැලසුමකට අනුව නිර්මාණය කරගත්ත යාත්‍රාවක්. ඒ යාත්‍රාව සැලසුම් කරල තියෙන්නෙ එයා යාත්‍රා කරන මුහුදට ගැලපෙන්න. මෙහෙම කියමු, කිමිදුම්කරුවෙක්ගේ යාත්‍රා පිරිසැකසුම දූපත් ගවේෂකයෙකුගෙ යාත්‍රා පිරිසැකසුමට වඩා හාත්පසින්ම වෙනස්. තේරෙන භාෂාවෙන්ම කියන්නම්කො, කවියෙකුගේ ශක්තතාවය කෙටිකතා කරුවෙක්ගේ ශක්තතාවයට වඩා වෙනස්.


හැබැයි එක මුහුදක දිනන්නෙ එක්කෙනයි. ජයග්‍රාහකයෙක් වෙන්නම ඕනෙනම් ඔයාට සිද්ධවෙනව වෙනස් මුහුදක් හොයාගන්න.


මුහුදක් හොයාගත්ත කියමු, මගේම ආරක යාත්‍රාවකුත් හදාගත්ත කියමු, ඒත් කෝ අර පරණ මුහුදුවල වෙරළෙ පිරිල උන්නු මිනිස්සු?


අන්න ඒක දරාගන්න වෙනව. මුලදි වෙරළ මලපාලුයි. පවුලෙ කෙනෙක්වත් නෑ, එයාලත් අර පරණ මුහුදක් ගාව ඔල්වරසන් දෙනව. හැබැයි ඔයාගෙම ක්‍රමේකට ඉස්සරහට යනකොට ඔන්න ඈත වැල්ලෙ නරඹන්නො එකා දෙන්නා එක්කාසුවෙන විදිය ඔයාටම පෙනේවි.


එහෙම ඉන්න අතරෙ ඔයාගෙ යාත්‍රා ශෛලිය ඒකාකාරියිනම් එයාල මුහුදටම ඇහෙන්න හූ කියාවි. එතකොට තියෙන්නෙ අලුත් යාත්‍රා විලාසයන් අත්හදා බලන එකයි.






ඔන්න ඔහොම කාලයක් යද්දි එකා දෙන්නා ඔයාගෙ මුහුදු වෙරළට ඇවිත් අන්තිමේ බොහොම පිරිසක් ඔයා දිහා බලන් ඉඳීවි. ඔල්වරසන් දේවි. කුණාටුවට යාත්‍රාව හෙලවුනොත් හූ කියාවි. කීපදෙනෙක් කෑගහල ඔයාව දිරිමත් කරාවි.


ඔය අතරෙ හොඳට වෙරළ දිහා බලන් උන්නොත් තව දෙයක් දැකගන්න ලැබේවි. ඒ තමයි ඔයා දිහා වැල්ලෙ ඉඳන් බලන් උන්න සමහරු ලෑලි කෑල්ලක්වත් නැතුව නිකම්ම මූදට පනින හැටි. ‍යාත්‍රාවක් හදාගෙන මුහුදට පනින්නයි කියල කොච්චර කෑගැහුවත් සමහර කොලු කුරුට්ටො ගල් පරයක වැදිල කුඩුපට්ටම් වෙනකම් කියන දේ නාහ රැල්ලටම යාවි. ඔවුන්ගෙ සුන්බුන් වැල්ලට ගහගෙන එද්දි වැල්ලෙ ඉන්න මිනිස්සු කම්මුලේ අත තියාගෙන පුරුදු විදියට කියාවි “රැල්ලට යන්න ගියොත් නිකම් නහින්නයි වෙන්නෙ.” කියල.


සමහර කොලු කුරුට්ටො ඊටත් වඩා මෝඩ වේවි. ඔයාගෙ යාත්‍රාවෙන් ගැලවුන ලෑලි කෑල්ලක් බදාගෙන ඈත මුහුදට පාවෙන්න යාවි. ඒ විතරක්යැ, සමහරු ඔයාගෙ යාත්‍රාවෙ කොටස් මංකොල්ල කන්නත් හදාවි. එහෙම හොරකම්කරගත්තු ලෑල්ලක් උඩ ඉඳන් පිනුමක් ගහද්දි වැල්ලෙ ඉන්න මිනිස්සු ඔවුන්ටත් ඔල්වරසන් දේවි.





ඔයාගෙ යාත්‍රාවෙන් කොල්ලකාපු ලෑල්ලක්, ඔයා මහන්සියෙන් මල්කම් ලියකම් කැටයම් කරපු ලෑල්ලක් වෙන කෙනෙක් මංකොල්ලකාපු හැටි දැක්කම ඔයාගෙ හිතත් රිදේවි. සමහරවිට ඔයා ඒ ගැන දන්නෙවත් නැතිවෙන්නත් පුලුවනි.


ලස්සන වැඩේ කියන්නෙ, ඔය මගෙන් හොරකම් කරපු එකක් නේද කියල ඇහුවොත් සමහරු ඔයා එක්ක සණ්ඩුවටත් ඒවි. අපහාස උපහාස කරාවි. ඊගාවට තමන්ගේ කුණු ගඳ හංගාගන්න හිතාගෙන ඔයා එයාගෙන් කොපි කලා කියල වුනත් කියාවි.


ඒ තමයි අපරිණත මිනිස්සුන්ගේ හැටි. ඒවට කම්පා වෙන්න එපා. බොහෝවිට කාලයත් එක්ක වැල්ලේ ඉන්න මිනිස්සු අඳුනාගනීවි ඒ ඔයාගෙන් හොරකම් කල කැටයමක් කියල.


ඔහොම ටික කාලයක් ගතවෙනකොට ඔයාට හමුවේවි වෙනස් වෙරළවල් වලින් වෙනස් මුහුදු හොයාගෙන යාත්‍රා කරන සහෘද යාත්‍රිකයෝ. ඔවුන් ඔයාට අතවනාවි. මුලදි  ඔයා පෙනෙන නොපෙනෙන මානයේ ඉඳන් අතවනද්දි ඔවුන් මෙහෙම කෑගහවි;

“ඔහෝ අතදරුවා! සාදරයෙන් පිළිගන්නවා උඹව මහ මුහුදට!!”


ඔයා අතදරුවෙක් නොවෙන බව හගිස්සන්න යාමෙන් වෙන්නේ ඔයා අතදරුවෙක් බව තහවුරු වීමමයි. ඒ නිසා කලයුත්තේ ඔයා අතදරුවෙක් බව පිළි අරගෙන ප්‍රවීන යාත්‍රිකයන් සමග සුහද සිතින් තමන්ගේ ගමන යන එකයි.


අන්තිමේදි ඔයාට පෙනේවි ප්‍රවීණ යාත්‍රිකයොත්, නවක යාත්‍රිකයොත් හැමෝම වෙනස් යැයි කියාගෙන යාත්‍රා කරන්නෙ එකම මුහුදක බව. වෙනස් වෙන්නේ වැල්ල මිසක්, මුහුදවත්, රැල්ලවත් නොවෙන බව.


නමුත් අමතක කරන්න එපා, ටයිටැනික් නැවත් නොහිතූ විදියට මුහුදෙ ගිලුන බව.


මේ සයුරු තරණය කාලයත් එක්ක ඔබට එපාවෙන්න පුලුවනි. බොහෝ යාත්‍රිකයො කරන්නේ තමන්ට එපා වුනත් වැල්ලේ ඉන්න නරඹන්නන්ගේ ආකර්ශණය හින්දම දිගටම රැල්ලත් එක්ක යනවා. වැල්ලේ ඔල්වරසන් දෙන්නන්ගේ අවසාන අත්පොළසන් හඬත් නෑසී ගියාම තමයි ඔවුන් මහා කම්මැලිකමකින් ආපහු වැල්ලට එන්න හැරෙන්නේ.




මම පෞද්ගලිකව හිතන්නේ සයුරු තරණය රඳා පැවතිය යුත්තේ ඔබේ ප්‍රීතිය උදෙසාමයි කියලයි.


ඇයි මම මේක ලිවුවෙ? මම කැටයම් කරපු ලෑලි කෑලි දෙකතුනක් මංකොල්ල කාපු නුපුරුදු පිහිනුම්කරුවො දෙන්නෙක් නිසා. නුපුරුදු පිහිනුම්කරුවෙක් වුනත් අන්තිමේ පළපුරුදු යාත්‍රිකයෙක් වෙනවනම් කොයිතරම් වටිනවද නේද……






ප.ලි.

Inspired by ;

කුරුලු නිස්කලංකගේ ෆේස්බුක් ස්ටේටස් එකක තිබුනා “රැල්ලට නොලියන්න – වැල්ලට ලියන්න” කියලා. එතැනින් තමයි රැල්ලයි, වැල්ලයි ගැන කියැවීම පටන් ගත්තේ. ලින්ක් එක හොයාගන්න බෑනෙ ඒක හොයාගන්න පුලුවන් පින්වතෙක් හිටියොත් එවන්න. එතන කමෙන්ට්ස් විදියටත් වටින අදහස් ගොඩක් තිබුනා.





82 comments:

  1. වැල්ල සිඹින රැල්ල අපිට මෙහෙම කියනවා... අදට වඩා එළිය හඳක් හෙට පායනවා.. ;-)

    ReplyDelete
    Replies
    1. ලලයි ලිලයි ලයි - ටුරු ටුං ටුං - ටුරු ටුං!!

      Delete
    2. මටනං මතක් උනේ අමරදේව මාස්ටර්ගෙ 'සිනිදු සුදු මුතු තලාවේ" සිංදුව :-)

      Delete
    3. මට මතක්වුනේ විජය කුමාරතුංගගේ රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ

      Delete
    4. එක එක අයගෙ එක එක සින්දු... :D

      Delete
  2. ඇත්තටම බස්සියෝ ගොඩදෙනෙක් තේරුම් අරන් කියල හිතන් තේරුම් අරන් නැතිම දේත් මේක...මේක උඩින් කියවල ගොඩ දෙනෙක් හිතනවා ඕක අපි දන්නවා නෙහ් කියල.නමුත් ප්‍රායෝගිකත්වයේ දී ඕක ක්‍රියාවට නංවන්න ඕන දයිර්ය ඒ ය ගව නෑ..සමහරු එක පාරටම ටයිටෙනික් වගේ ලොකු නැවු තමන්ගේ පවුලේ මුදල් බලෙන් සාදාගෙන එනවා..නැව ලොකු උනාට වෙඩක් නෑ කපිතාන් ට අද්දැකීම් නැත්තම්

    ReplyDelete
    Replies
    1. ඔකේ හරය කුරුළු මෙහෙමත් කෙටි කරලා තිබුනා
      .
      .
      ""ඉන්න එකේදි"
      යන "එක" ගැන හිතල,
      "දෙකට" වහල් නොවී
      "තුන" ගැන හිතල,
      "හතර" රැකගෙන,
      "පහ" බේරගෙන,
      "අට" තෙරුම්ගත්තනම්
      මෙළහට අපි " ගොඩ" !!
      --කුරුළු--
      .
      ඉන්න 1 = මේ භවය / යන 1 = ඊළග භවය / දෙකට = අත්තකිලමතානුව සහ කාමසුකල්ලිඛානුව / 3 = ත්රි ලක්ෂණය / 4 = චතුරාර්ය සත්යළ / 5 = පන්සිල් / 8 = අට‍ලෝදහම / ගොඩ = නිවන"

      Delete
    2. ඒක ඇත්ත. නැවේ ප්‍රමාණය නෙමෙයි වැදගත්. තමන්ගේ ශක්තතාවයයි. සමහරුන්ගේ නම් born talent එක තියෙන්නෙම මංකොල්ල කෑමට ලු. අනේ මන්දා ඉතින් එහෙම උනාම.

      Delete
    3. මම මූණුපොතේ කියවාපු අපූරුම අදහසක්. ඒක බ්ලොග් එකට ගෙනාවට ස්තූතියි මල්ලි!!

      Delete
  3. කවදාවත් කිසිම දිනක ඒ ගැන කළකිරෙන්න එපා.. ආඩම්බර වනවා මිස.. මොකෝ කවුරු නොදැන උන්නත්, තමන් දන්නවා මේ දේ තමන්ගෙය කියලා.. අනික් කරුණ.. දෙයක් එලියට දැම්මයින් පස්සේ.. ඒක පොදු දෙයක්ය කියලලයි මම හිතන්නේ.. මගේ එකක් මෑතකදිත් එළකිරි එකේ දාලා තිබුනා.. කොහොම ආඩම්බරයක්ද නේ..

    බස්සි දන්නවද් බස්සිගේ ළිපි දෙක තුනක්ම ලංකා නිව්ස් වෙබ් එකෙත් ගියා.. ඒකේ නම් හැමදාම උපුටා ගත් තැන සඳහන් කරනවා.. අනික ඒ නිසා ලැබෙන ප්‍රසිද්දිය විශාලයි..

    ReplyDelete
    Replies
    1. එළකිරි එකේ ඉන්නෙ නම් ඉතින් උපුටා ගත් තැනක් සඳහනක් කරන්න අකැමති අමුතුම සත්තු ජාතියක්නෙ මාතලන්. සමහරු කරන ලස්සනම වැඩක් තමයි උස්සපු එකක් ගත්තේ මෙතනින් නේද කියලා ඇහුවම රෙදි ඇඳගෙන කියනවනේ ඒක අපියි එයාලගෙන් හොරකම් කලේ කියල. මාතලන්ගේ ලිපි නිතරම එලකිරි එකෙන් උස්සනව නේද.

      නිර්මාණයක් පබ්ලිශ් කලාම ඒක පොදු දෙයක් වෙන එක ඇත්ත. ඒත් යමක් ගෙඩි පිටින් උපුටාගත්තාම ඒක ගත්තෙ කොහෙන්ද කියල කිසිම සඳහනක් නොකරනවාටත් වඩා අන්තයිනෙ නිර්මාණයේ අගට තමන්ගෙ නම එකතු කරන එක. අනුන්ගෙ නිර්මාණ අගට තමන්ගේ නම දාගන්න එක තරම් පහත් වැඩක් තවත් තියෙනවද :( :/

      ලංකා නිවුස් වෙබ් එකේ නම් මෙතනින් උපුටා ගත්තා කියලා සඳහනක් එක්කමනේ පල කරන්නෙ. ඒක ඔවුන්ගේ ආචාරශීලිත්වය. ඒ මහත්මා ගතිය ගොඩක් අය ගාව නෑ.

      Delete
    2. ඒ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ.. නපුංසක ලේඛකයෝ කියන්නේ ඒ වගේ උන්ට..

      Delete
  4. ඔය කේස් එක ගොඩක් දෙනෙකුට වෙලා තියනවා..
    කිහිප තැනකම කියවා තියනවා.. හිත අධෛයය කරගන්න ඕන නෑ.. වෙනද වගේම රසවත්ව හරවත්ව ලියමු.. ආයෙත් කොපි කරයි.. ඒ කියන්නේ වඩාත් සාර්ථකයි කියලා..

    ජ ය වේ වා
    !!!!

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ, එහෙම හිත අධෛර්යය කරගන්නෙ නෑ විදානේ..............

      Delete
  5. රැල්ලට යන හැමෝම මතක තිය ගන්න ඕනි කාරණා දෙකක්.. රැල්ලට ගොඩ උනෙත් ආපහු ගොඩ බහින්න වෙන්නෙත් වැල්ලෙන්මයි.. තරම දැනගෙන රැල්ලට කරක් ගැහුවට කමක් නෑ තොටුපල මතක තියෙනකම්... අර උස්සපු මල් ලියකම් කල ලෑලි මොනවද කවුද කියල දැම්මනම් හොඳ නැද්ද.. අනික බස්සි ගෙ අනන්‍යතාවය හොරකම් කරන්න නම් ලේසි වෙන එකක් නෑ බ්ලොග් අවකාශයේ.. මොනව උනත් සැලෙන්න එපා.. ජය ශ්‍රී!

    ReplyDelete
  6. ඔහොම අනුංගෙ දෙයක් හොරකං කරන එවුවො කවදාවත් පළපුරුදු යාත්‍රිකයො වෙන්නෙ නෑ. උං කරන්නෙ හැමදාම අනුංගෙ ලෑලි හොරකං කරන එකම තමයි.
    විදානෙ කියල තියෙනව වගේ හොරකං කරන්නෙ වටින දෙයක්නෙ. හිත හදාගන්න බලමු.

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙන් හොරකම් නොකර තමන්ගෙම පාරුවක් හරි හදාගන්නවනම් නේද......

      Delete
  7. මතකද මගේ බ්ලොග් එක පටන් අරන් මාස 3කට පස්සෙ මම අක්කට එවපු message එක? හැබැයි ඒ දෙගොල්ලන්ට නම් වැරැද්ද පිළි අරගෙන, සමාව ඉල්ලලා ඒ ලිපි අයින් කරන්න තරම් ආචාරශීලීත්වයක් තිබුණා වගේම අදටත් මගේ මිතුරු ලැයිස්තුවෙ පවා ඉන්නවා.. නමුත් වැඩිදෙනෙක් එහෙම නැහැ. ලිපියක් ලියන්න තමන් වැය කරන කාලය, තමන්ගෙ මහන්සිය දන්නෙ ඒ ලියන කෙනාමයි.. ඒත් කොච්චර මෙහෙම කතා කළත් ඔය වැඩේ නතර වෙන්නෙත් නැහැ. බ්ලොග් ලිපියක් කොපි කළා කියන එක නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න තරම් දෙයක් නෙමෙයි නමුත් ප්‍රමාණවත් නීතියක් තියෙනවා නම් අඩුතරමේ බය නිසාවත් ඔහොම දේවල් වෙන එක නතර වේවි.

    මෑත කාලෙක දැකපු නියමම ලිපියක්...

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි මලයා. ඔයාගෙ ලිපි කීපයක්ම හොරකම් කරල තිබුනා නේ. ඔහොම තමයි මිනිස්සුන්ගෙ හැටි ඉතින්

      Delete
  8. මේකට හොදම උදාහරනය තමයි 'බස්සිගේ නවාතැන'. එකම රැල්ලේ, වැල්ලට අමුතුම සෙල්ලම් පෙන්නපු බස්සි, අනිත් කුරුලු යාලුවෝ ඔක්කොටෝම මේ නවාතැන හොද ගිමන්හලක් කරලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කවි අයියේ............

      Delete
  9. වැල්ල ඕන දේකට රෙඩි කියල විතරක් හිතාගත්තම ඇති.. රෙන්ඩ උන්ත් බැරි කමක් (හොරෙන් හරි) නෑනේ.. ගණං ගන්න එපා.. අර අටලෝදහම නිතරම ඔලුවේ තියාගෙන සරලව ඉන්න.. මම නං එහෙමයි..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++

      Delete
    2. අනිවා.... ස්තූතියි දේශෝ....

      Delete
  10. කව්රු කොහොම දැඟලුවත් ඒ අයට අක්කගේ ටැලන්ට් එක ගන්න බෑනේ.අනික ගෙඩි පිටින්ම උස්සල දැම්ම කියමුකෝ..ඒත් බස්සිටම හුරු ආවේනික රටාව දන්නෝ දනිති. ඔයාගෙන් ඒවා කොපි කරන්ඩ කරන්ඩ අක්ක අලුත් අලුත් වෙනසක් කරන්න.("ඊළඟ කෑල්ල තවත් රසවත් "කියන්නැහේ :D )දැනුත් හැමදාමත්
    නැවුම් ගතියක් තියෙනවනේ.මේක අක්කව තවත් දිරිගන්වයි... ඒ නිසා සැලෙන්න එපා. මොනව ඉස්සුවත් අක්කගේ ඔය හිතයි ටැලන්ට් එකයි කාටවත් උස්සන්න බෑනේ. නොසැලී ඉදිරියටම යමු.ජයවේවා අක්කෝ...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි... බලාගෙන ගියාම මේකෙ ඒ හැටි දේකුත් නෑ කියල දැන් තේරිලා තියෙන්නෙ

      Delete
  11. ඇත්ත කතාව අක්කේ.සයුරු තරණය කරන්න ඕන අපේ සතුට උදෙසාම තමයි. අපි අපිම වෙලා රැල්ලට ගිහාම අපිටත් පුළුවන් රැල්ලට අභියෝග කරන්න.මං කියවපු හොදම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පලාමල්ලේ පිස්සි :)

      Delete
  12. මොනා කරන්නද අක්කේ... හැබැයි පට්ට විදිහට වැදෙන්න ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ නාඩි මල්ලි. ඇත්තටම කරන්න දෙයක්නම් නෑ තමයි.

      Delete
  13. පීනන්න ඉගෙනගන්නෙ නැතුව අනුන්ගෙ ලෑලි කෑලි හොරකං කර කර ඉන්න අය කවදාවත් පීනන්න පුරුදු වෙන්නෑ..
    ඔව්ව වැඩිය හිතන්න ඕන්නෑ බස්සි අක්කගෙ නිර්මාණ හොරකං කෙරුවට නිර්මාණශීලිත්වය හොරකං කරන්න බෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් සංචා එයාල රැල්ලකට පෙරලෙනකම් කරන්නෙ ලැල්ලක නැගලා වැඩ පෙන්නන එකනේ

      Delete
  14. happy ත් සයුරු තරණයක් නේද මේ කරන්නේ කියල happy ගේ මොලේට ආවේ මේ බස්සිගේ පෝස්ටුව කියෙව්වම...එක පාරක් කියෙව්වා...ම්හු...තේරුනේ නැහැ..දෙවැනි සැරේටත් කියෙව්වා...ඔන්න ලාවට තේරුණා....තුන් වෙනි පාරටත් කියෙව්වා....මෙන්න බොලේ..මටම ලියලා වගේ...ඔව් බස්සියෝ.....මාත් මේ අනුන්ගේ කැටයම් වලින් දුරස් වෙලා...happy එකේ ලියන්න ගත්තේ ඒකයි....නමුත්.....බස්සිගේ රටාව...අයිති බස්සිට....එක නිර්මාණ මංකොල්ලයක් තුලින් කොහොමවත් උදුරා ගන්නට බැහැ...

    ReplyDelete
    Replies
    1. හැපියෝ ඔයාගෙ කවියක් පත්තරේ තියෙනව දැක්කා. මට හැපි හැපි හිතුනා ඒක දැකලා. හැපිමවේවා!!

      Delete
  15. හප්පේ.....මොකාද බොල කැටයම් හොරා?

    අම්මෝ............යුද්ද කාලේ නාවික යාත්‍රා වලින් ගිය ගමන් තමා ජීවිතයේ ලබපු අමිහිරිම මුහුදු අත්දැකීම්. දවස් දෙකක් විතර යන ඒ වගේ ගමනකදී සංසාරේ එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. හොරු අල්ලන එකෙන් වෙන්නෙ අපේ කාලෙ නාස්ති වෙන එක විතරයි කියල හිතුන විචා තුමා...

      ඒ අත්දැකීමුත් ලියන්නකො අපිත් ආසයි කියවන්න.

      Delete
  16. ඔය ක්‍රමේට ගිහිල්ල නම් නුපුරුදු පිහිනුම් කරුවෙකුට බෑ හොඳ යාත්‍රිකයෙක් වෙන්න. ඒකට තමන්ගෙම කියල කෙහෙල් කොට පාරුවක් වත් හදා ගන්න වෙනවා.

    කැටයම් ලැලි උස්සපු නිසා ලිව්වා වුනත් මේ ලිපිය ඇතුලෙ බස්සි ස්ටයිල් එක නම් එහෙම්මම තියනව. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන අයියේ...! :)

      Delete
  17. තවම රැල්ල පාගන අපිට, දැං ඉඳලම මුහුද ගැන දැනකියාගෙන ඉන්න ලැබීම ගොඩක් වටින දෙයක් අක්කේ!! මේ විදිහට අපිට වැල්ල, රැල්ල, සහ මුහුද ගැන මේ විදිහට කියලා දුන්නට ඔයාට පිං!!!!
    මුහුදට බහින්න අදහසක් නෑ. දැනට ඉන්න විදිහට දිගටම රැල්ල පාගන්න තමයි බලාපොරොත්තුව. ඒත් ඉතිං පාගන රැල්ල ඒන්නෙ මුහුදෙං නේ. ඒ බය නිසාම, මේ දැනුම ගොඩක් වටිනවා!!!

    ReplyDelete
    Replies
    1. මමනම් හිතන්නෙ රැල්ල ගැන ඉගෙනගන්න මුහුදට බහින්න වෙනවාමයි. :D

      Delete
    2. මං බයයි!!! :( :( :( 
      වෙරලට වෙලා රැල්ල පාගන්නං අක්කෙ. ඊට වඩා නං මූදට බහින්න බෑ!!

      Delete
  18. මම විශ්වාස කරන වර්ෂන් එක ඔයිට වඩා පොඩ්ඩක් එහාට යනවා... :) මෙහෙමයි...

    මේ කියන පළපුරුදු යාත්‍රිකයා, හිතේ ප්‍රීතිය වෙනුවෙන් මෙහෙම යාත්‍රා කර කර ඉද්දී එයාට දකින්න ලැබෙනවා ඇඟ පුරාම තුවාල කැලැල් පිරුණු, ඒ හැම කැලලක් ගානෙම කියන්න වීර

    කතාවක් තියෙන ගලක් වගේ මිනිහෙක්...

    අර පළපුරුදු යාත්‍රිකයා අහනවා "ඔහේ කවුද..?" කියලා

    ඒ මිනිහා උත්තර දෙනවා "මම සයුරු තරණය කරන යාත්‍රිකයෙක්..." කියලා...

    එතකොට අපේ පළපුරුදු යාත්‍රිකයා අහනවා "එහෙම වෙන්නේ කොහොමද මම මේ මූදේ මෙච්චර යාත්‍රා කරනවා කවදාවත් ඔහේව දැකලා නෑනේ...?"කියලා...

    එතකොට ඒ මිනිහා අහනවා...

    "මොන මූදෙද..?"

    "මේ මූදේ...!!!"

    "මූදක්... ඔහේට පිස්සුද දරුවෝ... මේක වතුර බේසමක්... "

    "එහෙනම් මේ රැල්ල ගහන්නේ...?"

    "රැල්ල ගහන හැමදේම මූද නෙමෙයි... ඉතිං පොඩ්ඩක් ඔය ඔරුව අයිනට ගන්න මට මූන හෝදගන්න..." අර මිනිහා කියනවා...

    "හොඳයි එහෙනම් ඔහේ කියන්නේ මේක වතුර බේසමක් කියලද..?"

    "ඔව්...!"

    එහෙම කියන අර මිනිහා මූද කියන්නේ කොච්චර විශාල දෙයක්ද කියලා විස්තර කරනවා... කවදාවත් ඉවර නොවෙයි කියලා හිතෙන වැහිකුනාටු, උසම කුඹ ගහටත් උඩින් යන

    මහා විශාල රැළි, කටින් ගිනි පිඹින මකරු හීලෑකරගත්ත මූදු කොල්ලකාරයෝ, තනියෙන් ඉන්න නාවිකයින්ව පිස්සු වට්ටන සිංදු කියන කිඳුරියෝ මෙකී නොකී හැමදෙයක්ම මැදින් තමන්

    යාත්‍රා කරන හැටි විස්තරකරනවා... මේ පුදුම කතන්දර අහගෙන ඉන්න අපේ යාත්‍රිකයාට ඉස්සෙල්ලාම තමන් ගැන ලැජ්ජාවක් ඇතිවෙනවා... ඊට පස්සේ කලකිරීමක්... ඊටත් පස්සේ

    ඇත්තටම මූද තරණය කරන්න බලාපොරොත්තුවක්... එහෙමත් කෙනෙකුට ඒ බලාපොරොත්තුව ජයගන්න අධිෂ්ඨානයක්... එතන ඉඳන් එයා වෙහෙසෙන්නේ ලොකුම කුණාටුවත්

    සැලෙන්නේ නැති කුඹ ගහක් තියෙන්න දැවැන්ත නැවක් හසුරුවාගෙන ඇත්තටම මූද තරණය කරන හැටි ගැන හීන දකින්න... දැන් තමන් කොච්චර පුංචිද කියලා එයාට හිතෙන්න

    ගන්නවා, එතකොට බේසමේ තමන්ගේ ඔරුවේ කැටයම් ලෑලි හොරකම් කරපු කිමිදුම්කාරයෝ ඊටත් වඩා කොච්චර පුංචිද කියලා එයාට පේන්නා ගන්නවා... ඊට පස්සේ ඒගොල්ලෝ ගැන

    එයා යන්තමින්වත් හිතන්නේ නෑ... මොකද එයාට දැන් හිතන්න ගොඩක් දේ තියෙනවා...

    *****

    ReplyDelete
    Replies
    1. ගොඩදෙනෙක් ඔය කතාවත් එක්ක එකඟ වෙන එකක් නෑ... සමහරවිට මම වැරදි ඇති... නමුත් මට අනුව සිංහල බ්ලොග් කියන්නේ මහමුහුදට සාපේක්ෂව පුංචි බේසමක්... කවදා හරි

      දවසක බස්සි මූදු තරණය කරන දවසක, අහම්බෙන් බේසමේ අපිව දකින ගලක් වගේ යාත්‍රිකයෙක්, මූදු හතක් තරණය කරපු එඩිතර බස්සියෙක් ගැන වීර කතාවක් කියාවි... අන්න එදාට

      අපි ආඩම්බරෙන් එයාට කියන්නම් "ඔහේ දන්නවද... ඒ අපේ යාළුවෙක්...!" කියලා... :D

      සිංහල බ්ලොග් අවකාශේ මම දැකපු ලස්සන බ්ලොග් වලින් එකක් බස්සිගේ නවාතැන... ඒ හින්දාමයි කොපි වෙනවා ඇත්තේ..අන්තර්ජාලයට යමක් මුදාහැරියාම කොපිවෙන එක

      නවත්තන එක ඕල්මෝස්ට් ඉම්පොසිබල්...මගේ අදහස ලියපු දේ ගැන වදවෙනවාට වඩා මීලඟට ලියන්න දේ ගැන වදවෙන්න... මොකද මුළු ලෝකෙන්ම ඒක තියෙන්නේ ඔයාගේ ඔලුවේ විතරයි... උන්ට පුළුවන් ඔයා ඒක ලිව්වාම තමන් ලිව්වා වගේ දාන්න විතරයි...

      Delete
    2. ජේද මඥ්ඥං වීම ගැන කණගාටුයි... ගමන්ක යනගමන්... කම්පීතරයා ලඟ නැත...

      Delete
    3. බීටා ....මේක ලස්සන, ගැඹුරු පොඩි පෝස්ට් එකක්. උස්සන්නම හිතෙනවා :D

      Delete
    4. බීට්ල් මේක නම් මාරයි. මට මං ගැනම ලැජ්ජා හිතුනා. බොහොම ස්තූතියි හිතට වදින්නම දුන්න මේ අපූරු අදහසට.

      Delete
    5. බීටලයා කරපු වැඩෙන් මට කියන්න ආ එක කියන්න ලැජ්ජත් වගේ. මම කියන්න හිතා හිටියේ බාල බඩුවලට අණුකරණ හදන උන් නෑනේ. කොපි කලොත් හොඳ දෙයක්. එක අතකට ඒක ඒ බඩුවට ලැබෙන තත්ව සහතිකය. ඒ එක්කම වරහන් ඇතුලේ පොර ටෝක් දුන්නට මගේ නිර්මාණයක් උස්සලා වෙන එකෙක් නම ගහගත්තාම මට මල පනිනවා තමා. වරහං වහලා.

      මේ බීටලයගේ අදහස යට මගේ අදහස ලිව්වාම නිකං රුපියල් අස්සේ අලුක්කාල් ගහනවා වගේ පෙනේවි. නමුත් අලුක්කාලත් දුර්ලභ කාසියක් නිසා ඕහේ ගැහුවා.

      Delete
    6. ඒකනේ අප්පා ඩූඩ්. මේ බීටලයා කියපු කතාවෙන් පස්සෙ මගෙ පෝස්ට් එක දකින ගානෙ මං තාම ලැජ්ජාවෙ රතු වෙනවා.

      Delete
    7. ලැජ්ජා උලව්වකට නෙමෙයි යකුනේ මම කිව්වේ.... :D

      Delete
  19. ගන්න දෙයක් නැති දාහක් ලිපි අතර බස්සි ලියපු දෙයක් ගන්නෙ ඒ ලිපිවල ගතයුත්තක් තියන නිසානෙ.දානයක් දුන්න කියල හිතාගන තව තවත් ලියමු.කාටවුනත් ගන්න පුලුවන් ලියපුව විතරනෙ.ලියපුනැති,හිතේ තියන තව ගොඩක් දේවල් කාටවත් ගන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා සතුටු වෙනවා කසුට්ටෝ

      Delete
  20. ඔන්න මම නම් කොපිකලේ මීරියබැද්දයි බජට් එකයි විතරයි. :D

    ReplyDelete
    Replies
    1. හිහිහි.... මම ඒ දෙක ගැනම ලියල නෑනෙ. මං නම් ලිවුවෙ පිනෝකියෝ ගැනයි, දෙබිඩි බදුලු අහස ගැනයි. :P

      Delete
  21. ඔය පුරුද්ද ජන්මයෙන් එන එකක් වෙන්න ඇති .ඔය අපේ පොරවල් කියන සංගීත කාරයොත් අපුරුවට හින්දි , දෙමල ,ඇරබික් මෙලඩි කොපි කරලා තමන්ගේ වාගේ දෙන්නේ ...ගණන් ගන්න එපා මචෝ .

    රැළි රැළි මුහුදු වෙරළේ
    තුරුළු කරගෙන කිටි කිටියේ
    රැළි රැළි මුහුදු වෙරළේ
    තුරුළු කරගෙන කිටි කිටියේ
    ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
    ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
    මම රැල්ල පාග පාගා ඇවිද්දා

    ඉන වටා අත දාගෙන
    පන්සලේ පඩි නගිද්දී
    ඉන වටා අත දාගෙන
    පන්සලේ පඩි නගිද්දී
    ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
    ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
    මම පඩියෙන් පඩිය ගැන්නා
    පඩියෙන් පඩිය නැග්ගා
    පඩියෙන් පඩිය ගැන්නා
    පඩියෙන් පඩිය නැග්ගා

    කොටු කොටු පදික වේදිකාවේ
    අත්වැල් බැඳන් යනකොට
    කොටු කොටු පදික වේදිකාවේ
    අත්වැල් බැඳන් යනකොට
    ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
    ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
    මම කොටුවෙන් කොටුව ගැන්නා
    කොටුවෙන් කොටුව පැන්නා
    කොටුවෙන් කොටුව ගැන්නා
    කොටුවෙන් කොටුව පැන්නා


    (ගායනය, සංගීතය, ගී පද) - චින්තක ගීතදේව,

    https://www.youtube.com/watch?v=_gn04FFDzLY

    ReplyDelete
    Replies
    1. හහා මරු සින්දුව සින්දු ඇනෝ...මේ සිංදුවෙ පද රචනයත් චින්තක ගීතදේවගෙ කියලා දැනගත්තෙ අද.

      Delete
  22. අද ඊයේ විතරක් නෙමේ ඉස්සර ඉඳන්ම එහෙම තමයි.ඉස්සර් කිවේ රජ කාලේ ඉඳන්ම.අහලා නැතිද යශෝ නිශසංකමල්ල රජ්ජුරුවෝ ගැන.

    ReplyDelete
    Replies
    1. අර වැස්සත් පෑව්වත් සෙල්ලිපි ලියෙව්ව කෙනා නේද? මගෙ රජවරු ගැන දැනුම බොහොම දුර්වලයි මනෝ...

      Delete
  23. ඉතින් මෙහෙම ලියනකොට උස්සන්න හිතෙන් නැද්ද :D ඕවා ඔහොම තමයි බස්C. මේ වැඩවලින් ලබන ආත්ම තෘප්තිය මොකක්ද මන්දා... හොරකම් කිරීම එක්තරා මානසික රෝගයක්ද මන්දා. ඔය නිර්මාන මංකොල්ලය ඔය සමහර පකීර්ලාත් කරනවා. මම නම් අහක බලාගෙන සුසුමක් පිට කරනවා. ඒත් මම දන්නවා යමක් ලියන්න කරන කැපකිරීම ගැන.

    මගේ මල්ලිගේ බ්ලොග් එකක් තිබුනා ඉස්සර. ඒයා ඒකේ ගහලා තිබුනා "මෙහි ඇති සටහන් වලට සින්නක්කර ඔප්පු නැත" කියලා.

    ReplyDelete
    Replies
    1. උපුටා ගැනීම කිසිම අවුලක් නෑ අරූ. ගත්තේ කොහෙන්ද කියලා දානවනම් එහෙමයි. නැත්නම් ඒත් ලොකු අවුලක් නෑ. ඒත් මේ අනුන්ගෙ වැඩ වලට තමන්ගෙ නම ගහන එකනෙ කැත වැඩේ. මොනව කරන්නද නේ. බීට්ල් කියපු කතාව සිහි තබාගෙන ඉන්නවා.

      මල්ලිගේ බ්ලොග් එකේ ලින්ක් එක දාන්නකෝ..කියවන්න ආස හිතුන.. :)

      Delete
    2. පොත…පොත් ගැහිල්ල සහ පොතෙන් ගැහිල්ල….

      බස්C..... මේ බ්ලොග් එකේ මේ පෝස්ට් එක කියවන්න. පොතක් ගැසීමේ ආදීනව තියෙනවා. එයා ගොඩක් දේශපාලනය හා අදාලව වගේ ලියන්නේ. හැබැයි නිදහස් මතදාරියෙක්. හුඟ කාලෙකින් ලියලා නැහැ.
      එයා ලියපු පොත...."සියරට...දේශපාලන පුවත්පත හා මාධ්‍ය භාවිතය...1947-1970...ඉන්දික පෙරේරා"

      Delete
    3. ගොඩක් ස්තූතියි අරූ අයියේ. දේශපාලනේ ගැන වැඩි උනන්දුවක් නැති නිසාම වෙන්න ඕනෙ ඒ නම මගහැරිල ඇත්තෙ මට. පොතක් පල කරන්න විඳින්න ඕනෙ දුකක්!!

      Delete
    4. ///Copy Right සෙල්ලම ..! "සින්නක්කර ඔප්පු ලියා නැති නිසා ඕනෙම කෙනෙකුට බින්න බහින්ඩත්, කරේ තියන් යන්ඩත්,අවසර ගන්ඩ ඔනේ නැත "//

      තවම තියෙනවා!! නියම අදහස!!

      Delete
  24. රැල්ල ගහන හැම දෙයක්ම මුහුදක් නෙවේ හැබැයි වතුර සැර නැත්නම් එතන රැල්ලක් නැ. අන්න එකයි වෙනස :) නියම පෝස්ට් එකක් එලම (y)

    ReplyDelete
    Replies
    1. //වතුර සැර නැත්නම් එතන රැල්ලක් නැ// සහතික ඇත්ත.
      බොහොම ස්තූතියි හොරා!!

      Delete
  25. නිමිත්ත හොරා කෑමක් නිසා ඇති වූ චිත්ත සංවේගය...මට නම් ඔය අත්දැකීම ඉතාම සුලභ එකක්....එහෙව් වෙලාවට මම නම් ගොඩාක් සතුටු වෙනවා...ගන්න අලයක් තිබුන නිසානෙ ගත්තෙ කියලා හිතලා...

    ReplyDelete
    Replies
    1. සිරා අයියගෙ පෝස්ට් වලට වෙන මහන්සියයි ඒවයේ හරයයි එක්ක හොරාකෑම් වැඩි ඇති. මටත් ඉස්කෝලෙදි එහෙමත් ඔහොම දේවල් උනා. ඒත් මේ වැඩේ කරපු මනුස්සයා දුන්න පොර ටෝක් එක නිසයි මෙහෙම දෙයක් ලියවුනේ....

      Delete
  26. පට්ට ලියවිල්ල බස්සියා...මාත් ආයේ රැල්ලට බහින්න ඕනා

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි කිඹුලි. දැන් ගොඩට වෙලා අව්ව තැප තැප උන්නා ඇති. ආයෙම බහිමු වතුරට.

      Delete
  27. අනුන්ගේ ශ්‍රමය සූරා කනවා කියන්නේ ඔන්න ඕකට තමයි. මහන්සි වෙලා හොයල බලල , තමන්ගේ වෙලාව වය කරල ලියනදේ හොරෙන් ගැනීම කෙරෙන් ඒ ශ්‍රමයට අඩු තක්සේරුවකුයි ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. මෙයාලා තමන්ගෙ නම් ගම් වලින් අනුන්ගෙ ලියැවිලි පල කිරීම පැහැදිලිවම ග්‍රමය සූරාකෑමක්. තමන්ට නිර්මාණයක් කරන්නත් බැරිනම්, නම දාගන්නත් ඕනෙනම් නිසි ගෙවීමක් කරලා ගෝස්ට් රයිටර් කෙනෙක් ගන්න පුලුවන් නේ.

      Delete
  28. තමන්ගේම මුහුදක් හොයා ගන්න එකත් එහෙම හොයා ගත්ත මුහුදේ සෙල්ලම් දන එකත් පටන් ගන්න එක එච්චර ලේසි නැහැ.

    අර කියල තියෙනවා වගේ වැරදුනොත් හූ කියන්න නම් කට්ටිය අනන්තයි අප්‍රමානයි...

    --------

    හැමදාම වගේ මෙදා පාරත් බස්සි සුපිරියට ලියල තියෙනවා...
    තමන් ලියපු පොස්ට් උස්සන්න පුළුවන් වුනාට ස්ටයිල් එක උස්සන්න බැහැනේ...

    අන්න එක තමයි තමන්ට තියෙන වත්කම,

    ආපහු එන්නම්...

    ReplyDelete
    Replies
    1. වැරදුනාම හූ කියන අය ඕනෙතරම්. ඒත් ගොඩ එන්න අතදෙන්නෙ කීයෙන් කීදෙනාද.....

      Delete
  29. අර මංකොල්ල කතාව නම් ඇත්ත අක්කා.. මංකොල්ල කාල නිකා ඉන්නේ නෑ අපි තමා එයාලගෙන් මංකොල්ල කෑවේ කියන්නත් එනවා.. රැල්ලට යන එකේ වාසිත් තියනවා.. නැත්තේම නෑ.. ඒ වගේම සෑහෙන අවදානමකුත් තියනවා.. ඒ දෙකම දරාගෙන, හරි විදියට රැල්ල තරණය කරන එකයි ඉතින් .තියන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ස්තූතියි අඟහරු මලයා!!

      Delete
  30. කුරුලුගේ අහවල් ස්ටේටස් එකේ අමරදේවගේ සිංදු කෑල්ලක් දාලා කුරුල්ලා එක්ක වචන පටලවා ගත්තා නම් මතකයි..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. මටත් මතකයි සින්දුවක් "සෑම්කරණය" කරලා බැනුම් අහගෙන තිවුනා.

      Delete
  31. ආසාවෙන් කියෙවුව දිගම පොස්ට් එක බස්සියෝ...ආයෙමත් ලියනවා මම..උස්සන උන් උස්සපල්ලා.........

    ReplyDelete
    Replies
    1. ආයෙම ලියන එක ගැන ගොඩක් සතුටුයි උමා!

      Delete
  32. https://www.linkedin.com/pulse/diabetes-destroyer-review-does-work-kavitha-ks


    Despite good intentions and valiant attempts, many people have a very difficult time losing weight... and being overweight is the single biggest risk factor for Type 2 diabetes. The combination of a good eating plan and regular physical activity can substantially lower your Type 2 diabetes risk even if your don't lose a lot a weight. If you want to burn fat faster, including more protein in your eating plan is definitely one way to achieve this task. Protein rich foods spike your metabolic rate each time you eat them, so you can expect to see enhanced fat loss occurring when you include more of this essential nutrient in your diabetic meal plan.

    ReplyDelete
  33. http://newsletters.getresponse.com/archive/ourreview/bar-brothers-system-review-free-download-pdf-202886103.html


    So you want to build some muscle but are not sure about nutrition? Often times you will hear that nutrition is 80% of peoples success and training is only 20%.

    ReplyDelete