Monday, November 24, 2014

ඉරිදා පොහොට්ටු (බස්සිගේ විස්මලන්තයෙන්)






ඊයෙ රෑ නිදාගත්තෙ කීයටද කියලා මට මතක නෑ. දහයට, එකොළහයි තුන්කාලට, නැත්නම් පාන්දර එකයි දශම තුනයි අටට වෙන්න ඇති. හැබැයි කොහොමින් කොහොමහරි ඇහැරෙද්දි මං හිටියෙ සල්මලක් මැද්දෑවෙ. එකපාරටම සමනලයෙක්ගේ අත්තටු කෙලවරක් කම්මුලේ වැදිලා මං ගැස්සිලා ඇහැරුනා.


"අද ඉරිදා!

ඌ මගේ කනට මිමිණුවා.

 
මිමිණුමක් උනාට උගේ කටහඬ මහා සද්දයි. මං ඔය ඇහැව්වමයි කෑ ගහන සමනලයෙක්ගෙ සද්දෙ. මහ ගොරහැඩි කටහඬක්. කන ඇදුම් කෑව උනාට මම ඒ සද්දෙ නිසා හොඳටම ඇහැරුනා. ඔව්. කලින් ඇහැරිලා උන්නෙ සියේට දශම ගානයි. කවුරු වුනත් ඇහැරෙනෙ එහෙම තමයි. දශමෙන් දශමෙ. ගණන් බැරි නිසා ගොඩක් උදවියට ඔය අවදිවීමේ සමීකරණෙ තේරුම් ගන්න අමාරුයි.


ඇඟපතේ හිරි කඩලා පුරුදු විදියට මං පෙණහළු පිරෙන්න හුස්මක් ඉහලට ඇද්දා.


හුස්මත් එක්ක සල්මලෙන් ගැලවුන කහපාට පරාග මගෙ ස්වසන පද්ධතියෙ සීරුවට අඩුක් වෙනව මට දැනුන. ඒක මුලින්ම ගෙනාවෙ තෘප්තියක්. හැබැයි අන්තිමට පරාග සුණු නැහැ තුඩේ දැවටෙනකොට කරදරකාර කිතියක් දැනෙන්න ගත්ත.


එන්න එන්නම කිතිය වැඩි වුනා. නහය මුදුනෙ කූඹි පේළියක් යනව වාගෙ. බලනකොට පරාග සුණු පේළියක් හැදිලා නහය වටේ කාවාඩි නටනවා. ඒ ගමන මං ලොකුම ලොකු කිවිසුමක් පිටකලා. එකක් නෙමෙයි කිවිසුම් පේළියක්ම.


ඉන් පස්සෙ මට හොඳ සනීපයක් දැනුන.

 
කිවිසිල්ලත් එක්ක පිටට විසිවුන පරාග මගෙ වටේට ඉහිරිලා තිබුන. ඒවා බලන් ඉඳිද්දි සල් මල් පෙතිවල වැටිලා තිබුන සමනල් බිත්තර එක්ක සංසේචනය වුනා. අන්තිමේ හැම පැත්තෙන්ම අමුතු හැඩේ පැළෑටි මතුවෙන්න පටන් ගත්තා.

 
ඒ හැම පැළෑටියකම ඉරිදාවල් තුනක් ගනනේ පිපුනා. හැබැයි සම්පූර්ණ ඉරිදාවල් නෙමෙයි. පැය අටේ නමයේ ඉරිදා පොහොට්ටු.

 
"අද ඉරිදා! අද ඉරිදා!! අද ඉරිදා!!"
 
ඉරිදා පොහොට්ටු ලතාවකට ගායනා කරන්න පටන් ගත්තා. හරියටම පුංචි කාලෙ ඇහිච්ච නැළැවිලි ගීතයක් වගේ.

 
ඉතින් මට ආයෙමත් ලොකු නිදිමතක් දැනුනා.

 
හවස් වෙලා ඉරිදා පැලවලට වතුර ටිකක් ඉහින්න ඕන. පැය හතළිස් අටක ඉරිදාවක් වවා ගන්න පුලුවන් නම් සතිඅන්තේ පොළේ තියල හොඳ ගානකට විකුණ ගත්තැකි. ඉරිදා පැළ ඉරිදා පොළේ විකුණන එක තහනම්ද දන්නෙ නෑ. හොයල බලන්න ඕනෙ!

 
ඒත්, 
අද සඳුදාය කියන්නෙ!


එතකොට මම මේ ගෙවන්නෙ පැය හතළිස් අටේ ඉරිදාවක්ද?


~ මොළේ cRaCk උන පිස්සු බස්සි ~









59 comments:

  1. අම්මෝ බස්සි අක්කේ මටනම් මුකුත් තේරුනෙ නෑ.ඇත්තටම මෙක ලියපු වෙලේ බස්සිගේ මොලේCRACK වෙලාද කොහෙද?

    ReplyDelete
    Replies
    1. බස්සිගේ මොළේ ඉතින් කොයිවෙලෙත් ක්‍රැක්ඩ් තමයි මල්ලි. වැඩියෙ හිතන්න එපා ඕවා... :D

      Delete
  2. නියමයි මම තමයි මුල්ම COMMENT එක දැන්මේ!!!

    ReplyDelete
    Replies
    1. හහා ඔව් නේන්නම්! මෙන්න එහෙනම් ඔයාට පැය අටේ ඉරිදා පොහොට්ටුවක් නොමිලේ...!!

      Delete
  3. මොෙළ් ක්‍රැක් වෙලයි කීවෙ...
    කවුද ක්‍රැක් කරපු සොට්ටෙයා ඉංජිනියර්...
    හිහි
    පට්ටයි ඈ....
    මං කීවෙ තේරුණේ නං නෑ තමා... ඒ හන්දම පට්ටයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මහේෂ්!!

      සොට්ටෙයා ඉන්ජා මොළේ ක්‍රැක් කොරලා බොහෝ කල් මෙයා.
      මේ මොලේ වෙන කොටසක් ඇඳ ඉහත්තාවෙ ඔලුව වැදිල ක්‍රැක් වෙලා....

      Delete
  4. බස්සියෝ...... බස්සියෝ.....

    මටත් දීපන්කො ඔය ජාතියෙන් පැලයක්! ඇහැක් වගේ බලාගන්නම්!

    ReplyDelete
    Replies
    1. පැල නං දෙන්නෙ නෑ ඔන්නම් ඉරිදා පොහොට්ටුවක් දෙන්නම්.
      පැල දුන්නොත් මගෙ බිසිනොස් එකට කෙලවෙනවනෙ! :P

      Delete
  5. පැය හතලිස් අටක ඉරිදාවක් ඇවිත් පැය 12 ක් සදුදෙක් ආවොත් නං මම කපෝති.. එළය

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඈ...

      කපෝති! දේශා ඉරිදා ඔපිස් ගිහින් සඳුදා නිවාඩු ගන්නවද?

      Delete
    2. එසේ වුවහොත් එසේම විය හැකිය..

      Delete
  6. එළය, පට්ටය, වල්ලා පට්ටය. ඔන්ලි ෆ්‍රොම් බට්ටිගෙන්මය. මගේ මොළේටත් අර මක්කාදෝ ගියා වගේ ගතියක් දැනි අඤ්ඤා කොංඪඤ්ඤ් වප්ප බාල්දිය උනා වගේ එකක් උනේය.

    ReplyDelete
    Replies
    1. මොකා.. බට්ටි.. බොට ලෙඩක්ද හැක්..

      Delete
    2. තැන්කූ තැන්කූ මාතලන්...

      Delete
    3. මොළේට මොකද්ද ගියාලුනෙ. හැබැයි නම අමතක වෙන එකනම් අවුල්ම සීන් එක. හිහිහි

      Delete
    4. අර කාන්තා දිනේට මිනිහා ලියපු සිංදුව මතක් වෙලා පරණ නමක් මතක් වෙන්ටැති බං. නැතිව වයර් සෝට් එහෙම නං නෑ. අවුලකට තියෙන්නේ නටන්න ගියාම හුලං ගහන එක තමා.. හැක්

      Delete
  7. meka kiyawanakota apith Crack enawa aluth widyaathmaka lipiyak liyanna

    ReplyDelete
    Replies
    1. විද්‍යා විනෝද ලිපියක් ලිවුවම මම කියන්නම්කෝ ඔයාට. මොළේ ක්‍රැක් උනානම් සොරි හොඳේ.....

      Delete
  8. Facebook එකේ දලා තිබුනා නේද? එතකොට කියෙවුවා ලස්සනයි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ නිදහස්. එෆ් බී එකේ ප්‍රතිචාර හොඳ නිසා බ්ලොගෙත් ඇලෙව්වා. :)

      Delete
  9. සඳ මෝල් වෙනවා කියන්නේ මේ වගේ සිද්ධි වලට තමා. පෝය ගෙවීගෙන යද්දී වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. හැක හැක. නාඩියා ඉතින් පෝයට පිස්සු තදවීම ගැන අත්දැකීම් තියෙන එක්කෙනානේ.... :P

      Delete
  10. අඩේ මරු බං... මල් අටයි. පට්ටයි. සුපිරියි.. පික්සු හැදෙයි.. රියදුරු දෑතට දෙවි පිහිටයි..!! :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ චන්දන අයියේ....
      :D

      Delete
  11. බස්C මටත් එක පැලයක් වෙන් කරන්න. අපේ හාමිනේට නම් මෙහෙම එකක් තියෙනවා කියන්න නරකයි. විසිහතරේ ඉරිදා එයාට හොඳටම හොඳායි.

    ReplyDelete
    Replies
    1. පැල නම් දෙන්නේ නෑ. මගෙ බිසිනොස් එකට කෙලවෙනවා. ඉරිදා පොහොට්ටු පැක් එකක් එවන්නම්කෝ...

      Delete
  12. ඔහොම වෙනවා දැන්වත් ප්‍රදීප් අයියා හම්බුනොත් හොඳා.

    ReplyDelete
    Replies
    1. ෂැගියා මට කලින් උඹ යමන්. හීතලේ පෝස්ට් කොටන්නෙ සොල්දරේ සෑහෙන්නම අවුල් උනාමලු.

      Delete
  13. හික්ස්..ඈස් යූෂුවල් මේකත් මරු..නිකන් පිස්සුවෙන් වගේ ලියවෙච්ච එකක්ද මන්දා... :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුසී! මට ඉතින් කොහොමත් පිස්සුනේ මෙයා.

      Delete
  14. පොහොට්ටු එපා මල් පිපුන දවසට එන්නම් :)

    ReplyDelete
    Replies
    1. අන්න මොළේ ඇති දැරිවියක්!

      Delete
  15. මටත් ඉරිදා පොහොට්ටු දෙකක් ඕන..

    කීයද බන් ගාන ?

    --------------------------

    මේක කියෝලා මෙච්චර කල් මගේ ඉස්සරහ කිසි අවුලක් නැතිව තිබ්බ තිබ්බ මේස කැලැන්ඩරේ දිහා මාත් අමුතුවෙන් බැලුව බන්...

    ඔය වචන උඹේ ඔලුවට කොහෙන් එනවද මන්ද...\

    පස්ට ..පස්ට..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ විභියෝ.....!
      උඹේ මොලේත් කචල් උනා කියන්නෙ එහෙනම් පෝස්ට් එක සාර්තකයි නෙහ්.

      සල්ලි වලට නෙමෙයි මං කල්පනා කලේ සමනළ් බිත්තරවලට හුවමාරු කරගන්න.

      Delete
    2. මගෙත් මොලේ කචල් වෙලා කටත් ඇරගෙන ඉන්න කොට මොකෙක්දෝ මැස්සෙක් රිංගුව කට අස්සට. ගන්න හැදුව හැදුවා.. මොන. :D

      Delete
    3. අඩේ අසරණ මැස්සා.... මරියානා ආගාධෙට ගියා වගේ ඇති දැන්.

      Delete
  16. ඉරිදයි සදුදයි ගලපන්න ගිහින් අපෙත් මොලේ ක්‍රැක් වෙනවා :v :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔයාගෙ අන්නසෝත්‍රය පරාග වලින් වැහිලා ගිහිල්ලා? අපූරුයි!

      Delete
  17. ~ මොළේ cRaCk උන පිස්සු බස්සි ~ මේක දැක්කම මට මතක් වුණේ මේ පහල ලින්ක් එකේ තියන ෆොටෝව. කවුද, බස්සි ද ගත්තෙ ? :D බස්සා තමයි ඕක ගෙනල්ල පොඩ්ඩිලගෙ අලුත් බ්ලොග් එකේ දාල තිබුණෙ. :)

    http://img.thesun.co.uk/aidemitlum/archive/01463/funny-owl_532_1463394a.jpg

    ReplyDelete
    Replies
    1. හැක්! අන්න බස්සෝ... මාත් දැම්මා ඕක Crazy Bassi පේජ් එකේ.

      Delete
  18. උඹට පිස්සු උනාට අපිට පිස්සු හදන්නේ නැතුව ඉදහං..

    ReplyDelete
    Replies
    1. පිස්සුලන්තෙන් ආපු එකා කියන කතාව බලහල්ලකෝ. ෆුහ්! :P

      Delete
    2. ඒක තමා බං කිවුවේ.. ආයේ හදන්නේ නැතුව ඉදහං කියලා..

      Delete
  19. මට පිස්සු...
    මට පිස්සු...
    මට පිස්සු...
    මට පිස්සු...

    උඔ ලියන විදිහ එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. සන්තෝසායි!
      සන්තෝසායි!
      සන්තෝසායි!
      සන්තෝසායි!

      තැන්කූ තැන්කූ මෙන්ඩියෝ...!

      Delete
  20. //හවස් වෙලා ඉරිදා පැලවලට වතුර ටිකක් ඉහින්න ඕන. පැය හතළිස් අටක ඉරිදාවක් වවා ගන්න පුලුවන් නම් සතිඅන්තේ පොළේ තියල හොඳ ගානකට විකුණ ගත්තැකි.//
    පිස්සු හැදිල සනීපවෙලා ආයි හැදුනා. එළ!

    ReplyDelete
    Replies
    1. සනීපවෙලා කියන ටික කියද්දි බයේ හාට් එක කීං ගාල ගියා. හොඳවෙලාවට ආයෙ හැදුනෙ. දැන් බයක් නෑනෙ.

      Delete
  21. අෆ්ෆා මේක කියෙව්වට පස්සෙ නිකන් මොකද්ද වගේ :D සිංහලෙන්ම කියනවනම් මොංගල් වගේ හිහී :D නියමයි. ජය වේවා!!!! :)

    ReplyDelete
  22. ඔන්න මටත් ඉරිදා පොහොට්‍ටුවක් ඕනේ............ :D

    ReplyDelete
  23. උබට පිස්සු, ඒවා කියවන මට හොදටම පිස්සු....!!!!

    ReplyDelete
    Replies
    1. උඹට හොඳටම පිස්සු කියන ප්‍රකාශයට අවිවාදයෙන් එකඟ වෙමි!

      Delete
  24. ශා මේක නම් නියම ලියැවිල්ලක් . පොඩි කාලේ බලපු සුරංගනා කතා පොත් වල තිබුණු භාෂා ශෛලිය එහෙමම තියෙනවා මේ කතාවේ . අපූරු පරිකල්පනයක් ...
    මෙහෙම පොහොට්ටු තිබ්බනම් මොකෝ :)

    ReplyDelete
  25. බොටත් හිතෙන දේවල්...ලගදි නෑවෙ නැත්තං පොඩ්ඩක් නානවා හොදයි...එතකොට ඔය වගේ භයානක අදහස් හිතට එන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ආෆෝ පිස්සුද අනේ ඔයා මේ ප්‍රසිද්ධ වේදිකාවේ නාන්නැති කතා කියන්නෙ!!!

      Delete