Thursday, December 4, 2014

බෝතල් කල යුතුය වසන්තය










මහා කඩිමුඩියකින්
නික්ම යන්නට කලින්
බෝතල් කල යුතුය
මීළඟ වසන්තය


ඉන් පසුව එලැඹෙන
සිසිරයේ දිගු සැඳෑවන් මත
වසන්තය බිඳු දෙකක්
ඉහිරවන්නට හැකිය,



සීතලම හිම වුනත්
අවුලුවන්නට හැකිය.
කෝපි තිබුනත් නැතත්
කවි ලියන්නත් හැකිය.






49 comments:

  1. බුකි ගත වීෙම් ප්‍රතිවිපාක..ෙදා් ෙහා්යි සිෙත්..

    ReplyDelete
    Replies
    1. මට පඩි ලැබෙන්නේ බ්ලොග් ලියනවාට නොවේ.

      Delete
  2. තවත් එකෙක් නැති වෙන්න වගේ යන්නේ.

    ලස්සන සැමදේ මොහොතක සුවදේ..

    මම හිතන්නේ මොහොතක සුවයට වඩා ගැඹුරුයි ප්‍රේමය.

    වේලවාක් නොමැත, මාර බිසි. මේ සියල්ල කෙප්පයන්ය.

    ReplyDelete
    Replies
    1. අයිෙයා් අම්මප ෙප්‍රමයක් තැෙතයි කිව්ව ෙකාල්ෙලක් ෙන්ද ෙම්...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. වැරදියි ප්‍රේමය නෙමෙයි ආදරය. කොටින්ම ආදරය කියලා හැමෝම හඳුන්වන දෙය. ප්‍රේමය කියලා දෙයක් තියෙනවා. ඒක නම් මෙහෙම ලේසියෙන් නිර්වච්නය කරන්න බෑ.

      Delete
    4. අනික මට කියන්න අව්ශ්‍ය දේ මේක කෙල්ලෙක් එකක් නිසා මෙතන කියන්න බෑ. එහෙම කිව්වාම වත් උඹලා තේරුම් ගනීද බලමු. කොහොමත් ගැහැණු පිරිමි අතරේ ඇතිවන්නේ ආදරයක් වත් ප්‍රේමයක්වත් නෙමෙයි. ඒක වෙනම දෙයක් ඒ මතයේ මම හැමදාම ඉන්නවා. බොක්කෙන් කතා කරන ඕන එකෙක් ඒ දේ පිලිගන්නවා. මිනිස්සුන්ගේ හැඟිම් විවාහ සහතිකයකින් අහුරලා තියෙන්නේ. නැත්නම් බලා ගන්න තිබුනා ප්‍රේමයේ රඟ.

      Delete
    5. //මිනිස්සුන්ගේ හැඟිම් විවාහ සහතිකයකින් අහුරලා තියෙන්නේ. නැත්නම් බලා ගන්න තිබුනා ප්‍රේමයේ රඟ.//

      ෙම්ක අැත්ත.. සහතික අැත්ත.. ෙප්‍ර්මය අාදරය කියන ෙද්වල් තියනවා කියලයි මම කිව්ෙව්.. අාදරය.. ෙප්‍ර්මය ෙනාපැෙහන වචන ෙදකක් විතරයි.. ෙරද්ද.. ෙබාට මං ෙහට ෙදන්නං. මෙ/් සිංහල බීලා අද.. හැක්

      Delete
    6. සහතික ඇත්ත මාතා......ඔය සහතිකෙ ඔතාගෙන ඉන්න හින්දා තමයි බොහොමයක් එවුන්ට උණුසුම ලැබෙන්නේ. සහතිකෙ ඉවත් කරපු දාට අමු හෙලුවෙන්. ඕවා ගැන ලියන්න පුළුවන් පිටු පිරෙන්න. බාගෙට බාගයක් අමු බොරු කරන්නේ.

      Delete
    7. //බාගෙට බාගයක් අමු බොරු කරන්නේ//

      .ඊට ටිකක් වැඩියි මගෙ හිතේ

      Delete
    8. මාතලන් :
      හැබෑ ජීවිතයේ දුක් ගැනවිලි බ්ලොග් ගත කිරීම මට අපුල ය. බ්ලොග් හරහා එවැනි ලිපි ලියන සමහරු ගැනත් ඇතිවන හැඟීම නොපහන් බැවින් ය ඒ.

      විච්චූරණ නොලියා කාර්‍යබහුල බැව් පමණක් සටහන් තැබුවේ එහෙයිනි. මේ ලද ප්‍රතිචාර ගැන නම් හිතේ ඇත්තේ මද කලකිරීමකි.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මාතා.. ෙම්කිට බනින්න හරියන්ෙන් උඹ විතරයි.. කිව්ෙවාත් හැෙදයි නැත්නං වැලෙලයි.. පටන් ගමු වැෙඩ්

      Delete
    2. රාජ් : වෙනදා අහක බලාගෙන ගිහින් අදම කමෙන්ට් කරන්නට ආවාට ස්තූතියි. ;)

      Delete
    3. දේශා : මං හිතන්නෙ මේ කියන විදියට ඉක්මනටම වැළලෙයි.

      Delete
  4. වැඩ වැඩි නැති උනත් ඩේටා නැති අපලය ලබා ඇත.. එම නිසා මගේ බ්ලොග් කටුවටද බාලගිරි දෝෂය ලබා ඇත..

    ReplyDelete
    Replies
    1. මටනම් ඩේටා වැඩිත් එක්ක. වැඩ ඊටත් වැඩියි.

      Delete
  5. අඩේ අපිට ෆ්‍රී වෙනකොට අනිත් හැමෝම බිසි වෙන එකනේ අෆ්ෆා තියෙන දුක... :(

    ReplyDelete
    Replies
    1. බිසී කියන වචනෙ ඇතුලෙත් දුක කතා මහ ගොඩක් තියෙන්නට පුලුවන.

      Delete
  6. අපල කතා අපිට අදාල නැත. හතර කෙන්දරයම පාළු උවත් කවි සිතක් පාළුවට යා දෙනු නොහැක. කුමන ග්‍රහයින් නීච උවත්, කවි ග්‍රහයා උච්ච කොටගෙන ලිවිම බස්සිට මැනවි. අමතරව තෙවරුවේ බෝධි පූජාවක් තබා ගැනීම වඩාත් ගුණදායකය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි!

      (ඔව් ඩලා මගේ අපල අදාල වන්නේ මට පමණමයි. මම ඒවට උත්තර හොයන නිසා තමයි බ්ලොග මගහැරෙන්නේ.)

      Delete
  7. තුන්වෙනි කවියේ ගොඩක් හුරුපුරුදු ගතියක් තියෙනවා.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. කවිය කියවා කවිය ගැන අදහසක් දක්වාපු මුල්ම කමෙන්ටුව :)

      ගොඩක් ස්තූතියි සිතූ......!!!

      Delete
  8. දෙසැම්බරය නම් වැඩ අධිකම මාසයක් වෙලා මටත් හිර වුනු වැඩ සේරම එක පිට එක එනවා

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා ෂැගියෝ. දෙසැම්බර් කියන්නේ වැඩත් ලෙඩත් අච්චාරු වුන චාටර්ම මාසයක්.

      Delete
  9. අයිස් කුට්ටි කඩල ඉක්මනටම බ්ලොග රීස්ටාට් පාරක් දාමු බස්සියෝ...

    ReplyDelete
  10. නත්තලට හරි සීතලයිනේ. සීතල නිසා පලාත් සභාත් වහලා. ඉතින් බ්ලොග් එකක් පොඩ්ඩක් වැහුවාම මොකද වෙන්නේ. මමත් බස්C සරණං ගච්ඡාමි :D

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද! තේරුම් ගත්තෙ අරූ විතරයි :D

      Delete
  11. අර දෙවනියට බස්සි ලියල තියෙන කවිය නං පට්ටයෙි හොදේ..............
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්

      Delete
  12. බොරු බිසී කියා,
    අපිටත් කොලේ වසා,
    කොට බස්සි යන්න යන්නේ,
    බ්ලෝග අතරමග දමා,

    හයියෝ.... සල්ලි....!!! ජයවේවා....!!!!

    -බ්‍රෑන්ඩ් එක ගල්-

    ReplyDelete
    Replies
    1. වර්චුවල් ලෝකෙට එන්න
      හැබෑ ලෝකෙ මනුස්සයාගෙ හුස්ම වැටිය යුතුයි.

      හැමවෙලේම හිනාවෙන්නෙ
      වර්චුවල් මූණ විතරයි
      ඒකයි ඇත්ත.

      කොලේ ඇරලම පෙන්නුවා ඔන්න ඈ!

      තාක්ෂනික උපදෙස් සඳහා සාදර අනුග්‍රහය දෙන නිමෝට පින් ඈ!!

      Delete
    2. උඹෙන් පිං , මගෙන හෙන වල් නිමෝට

      Delete
    3. අනේ පල ගෙම්බෝ යන්න, දැන්ද තෝ ළිදෙන් ගොඩ අවේ...!!
      උබටත් බ්ලොග් එකක් තියෙනවා, බොට මතකද..??

      Delete
  13. වසන්තය බෝතල් කරලා තියාගන්න එකට තමයි කැමතිම .. :)

    ReplyDelete
  14. මේ දෙසැම්බර් හීතලට
    වෙව්ලා ය
    ඉතින්
    අපෙ කවි හිත්..‍

    ReplyDelete
    Replies
    1. කවි හිතක්
      ගල් ගැහෙන්නේ
      දෙසැම්බර් හීතලට විතරමද?

      :)

      Delete
  15. මේ දවස් වල බුකිජනාධිපතිවරණය තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔව් නේන්නම්! ලොල් කෝටියයි!

      Delete
  16. අපිත් මේ දවස් වල සෑහෙන්න බිසි..

    ReplyDelete
  17. බොලා විතරක් නෙමෙයි...අපිත් බිසි...පෙන්නෙ නැද්ද අදයි කියවන්නෙ මේක...සති අන්තයක්ම එන්ට ඕනෙ....
    //මහා කඩිමුඩියකින්
    නික්ම යන්නට කලින්
    බෝතල් කල යුතුය
    මීළඟ වසන්තය//

    මේ පද කීපය මගේ හිත වැඩියෙන් ගත්තා....අර රන්සිරිමල් ලා කවුද බොලං....

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් සිරා අයියේ. මේ දෙසැම්බර් අපලය.

      ඒ බුකි ඩෑල් වගයක්. ඔය ඔපිස් යන අතරේ බුකියට ලියපු කවි සහ ඒවාට ලැබුනු පිළිතුරු.

      ජංගමයෙන් බ්ලොග් ලියන්න පුලුවන් උනානම් මම නොලියා ඉන්නෙ නෑ. :)

      Delete
  18. බිසී නැති ලෝකෙක මා ඉපදේවා . මට කොච්චර බිසී වුනත් උඹ බිසී කියලා ඇහුවම පුදුම සන්තෝසයක් ,අම්මප. තව තව වැඩ වැඩිවී , බොසී ගෙන් බැනුම් නහුතෙට අසන්නට ලැබෙන වාසනාවන්ත බිසී කාලයක් වේවා .

    ReplyDelete
    Replies
    1. දැන් බිසී නෑ යකූ. බලපිය අද පෝස්ට් එකකුත් දැම්මා. ෆුහ්!

      Delete
  19. අනේ පව් බස්සි. බිසී වෙලා. මන් ඒත් බැලුව ඉවාන් පව්ලුෂ නිහඬ මොකද කියල. එයත් බිසී. අපි මේ ළමයි ඉන්න මිනිස්සු ලියන්නේ. කූම හරි වෙලාව හොයා ගන්න.

    ReplyDelete
    Replies
    1. පහුගිය සතිය දෙක කන්නවත් වෙලාවක් නැතුව උන්නෙ. නොලිය හිටියෙ නෑ, ලිවුවා. හැබැයි කතා හෑලි නෙමෙයි, කවි. යන එන අතරෙදි. ඒත් ලියපුවා පෝස්ට් කරගන්න, කමෙන්ට් වලට රිප්ලයි කරන්න කාලයක් තිබුනේම නැහැ. කෝ ඉතින් මෙයාලට කිවුවාම කරන්නෙ පට්ට ස්ට්‍රෙස් වෙලා ඉන්න මට බැනපු එකනේ. ඒ නිසා ටික දවසකට බ්ලොග අත ඇරලාම දැම්ම. දැන් ආපහු ලියනවා! අදත් පොඩි පෝස්ට් කෑල්ලක් දැම්ම. :)

      Delete