Tuesday, December 23, 2014

හීන් හිරිකඩයක් වගේ








හීන් හිරිකඩයක් වගේ
යාන්තම් ඇවිත් නෑවිත් යන්න


පරණ ආදර කහට පැල්ලම්
හෙමින් දිය කර නික්මෙන්න
ආයෙමත් එකම එක හීනයක
මොහොතකට පෙනී නොපෙනී ඉන්න


හීන් හිරිකඩයක් වගේ
ඇහිපියන් තෙමා නොතෙමා යන්න





11 comments:

  1. තුන් පාරක් කියෙව්වා..එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. තැන්කූ මෙන්ඩියෝ...

      Delete
    2. වැස්සට තෙමෙනවට වඩා හිරිකඩ ගහන එක හොඳද?
      මට දැන් තියන ප්‍රශ්නෙ මේ කවියෙ තේරුම නෙමෙයි මට මේක තේරුනාද නැද්ද කියන එක

      Delete
    3. සමහර වෙලාවට වැස්සට නොතෙමි හිරිකඩයකින් තෘප්තිමත් වෙන එක වඩා හොඳ වෙන්න පුලුවනි ප්‍රා.

      Delete
  2. //පරණ ආදර කහට පැල්ලම්
    හෙමින් දිය කර නික්මෙන්න//

    එව්ව එහෙම තමයි අනේ....

    ReplyDelete
    Replies
    1. ඝන කහට පැල්ලමක් යාන්තම් දිය වුනාම තමයි කරදර. විසිරෙනවත් වැඩියි, උරා ගන්නවත් වැඩියි.

      Delete
  3. බස්සිට මේ දවස්වල නම් ටොයිලට් ගියත් කවිසිතුවිලි පහල වෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක දිගටම එහෙමම වේවා කියලා පාර්ථනා කරනවා මම !

      Delete
  4. හීන් හිරිකඩයක් වගේ
    යාන්තම් ඇවිත් නෑවිත් යන්න

    ඔව් එතකොට පුළුවනි
    මේ හීන සනසවා ගන්න..
    අනෝරාවක,,පොද තුහිනයක නැති
    ගැඹුරු සියුමැළි සුවය විඳගන්න...

    පට්ටට්යි බස්සියා...

    ReplyDelete
  5. බස්සි කම්මැලි වෙලා...

    ReplyDelete
  6. අන්න එක මරු . හිතන්න දෙයක් තියෙනවා මෙයා ......


    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ පජාතයි .
    පාරී ශුද්ධයි
    සුරම්‍යයි ................................. හුඉහුහුහුහුහ්

    ReplyDelete