Monday, December 29, 2014

ආදරේ මූනිස්සමක් ගෙන - හදවතට වෙඩි තියපං!








විවර කර හදවත පතුල තෙක්
මුවහත්ම නිය සැතකින්
කොනහමින් මෘදු පටක එකිනෙක
රැස් කලෙමි ලේ සායම්



තදින් පිඹ ඝන හුස්ම ධාරා
උණු රුහිරු අවුළුවමින්
පදම් කර නිවැරදිම මිනුමට
තැනූයෙමි මූනිස්සම්



හද දොරේ යතුරද ගලවගෙන
මයිනහම ඇද තව වැරෙන්
ලෝහ උණු කර අච්චුවක ලා
තුවක්කුව නිමැවූවෙම්



කරදහිය ආදරේ ලයිසන්
ඔබ සුරතෙහිම තැබුවෙම්
දැන් ඉතින් හති වැටෙනකම් හරි
හදවතට වෙඩි තියපං



ලෙයට ලෙය හඳුනන නිසාවෙන්
වහා සුවපත් වෙයි මං
පෙනී නොපෙනෙන කුඩා කැළලක්
ලය මත ඉතිරි වීමෙන්



ඉසි ක්‍රෝධ විස තවර තවරා
තුවක්කුව මානයි නම්
කැළැල් නැතුවම මා මියෙන බව
මතකයේ රඳවාපන්

ඒ වුනත් තරහක් දැනෙන්නෑ
උඹට ඒ සතුටක් නම්
හදවතට වෙඩි තියපං


~~~~



.




40 comments:

  1. හරියටම ඉලක්කය ගෙන
    උඹට ආදරේ උපන් තැනටම
    වෙඩි තියාපං ඉවරවෙන්නම!

    ReplyDelete
  2. ආදරේ මූනිස්සමක් ගෙන - හදවතට වෙඩි තියපං!!! !!!
    ඊට ඉස්සර මගේ අන්තිම ඉල්ලිමට ඉඩ දිපං..
    මගේ යාලුවෝ එක්ක බ්‍රෑන්ඩ්ඩඩ් බෝතලයක් බොන්න දිපං..
    අපේ බ්‍රෑන්ඩ් එක ගල් බව මතක තියා ගං...

    ReplyDelete
    Replies
    1. Bull's-eye !!! Hit the target at once !!

      Delete
    2. අන්තිම කැමැත්තත් ගල්වලට! හයියෝ මුන්ව හදන්න බෑ...

      Delete
    3. හුරේ … අරින්ඩෙපා මෙන්ඩා !!

      මා මළ පසු සොහොන් කොතේ
      බෝතලයක් කොටනු මැනවි …

      Delete
  3. මේක නම් එක්සලන්ට්.... වල්ල පට්ට.. වෙඩි තිබ්බට.. අනේ මන්දා.. සම හරක් වෙඩි වැදිලත් ආයේ පිස්සු කෙලින්නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන් බොස්! :)

      Delete
  4. හදවතේ ගැඹුරුම තැනක ඇති සියලුම රහස් හා සැලසුම් දැනගෙන හදවතටම වෙඩි තැබීම!

    ReplyDelete
    Replies
    1. කැටිකල රහස්වලින්ම
      වෙඩිතැබීම

      Delete
  5. මානමි ඉලක්කය
    පෙරදා කරපු ආලය
    කුනු ගොඩට ඇද දාපු
    නුඹේ සිල්වත් හිතට
    කෑළි කැඩි සුන්වී යන තෙක්ම
    මගේ දිවියද රතු පැහැ ගැනෙන තෙක්.....

    ReplyDelete
    Replies
    1. එළ ආ කටුස්සෝ! :D :D

      @බස්සි : ඔන්න බලහන් බස්සියෝ වෙඩි තියන්න කියන්නම ඕන මුන්ගේ කවි පත්තු වෙන්න...හැක් හැක්..!

      Delete
    2. අපූරුයි කටුසු! හරිම ලස්සනයි.

      Delete
    3. තනියා :

      වෙඩි වැදුන
      හදවතෙන්
      රතුපාට
      මල් ඉහෙයි

      Delete
    4. ඒ මලට
      සමුදෙන්න
      බාගයක්
      ගෙන එන්න

      Delete
  6. මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කළා අහසින්..
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කළා නටුවෙන්...


    බස්සි.... මේ ප්‍රස්තුතයට මම ගොඩක් කැමතියි... මම ලියන්න හිතාගෙන තප්පුලන කොටසකුත් තියෙනවා. කවිය හොඳයි... අර්ථය දැනෙන උපමා තිබ්බ හින්ද හිතට වැදුන..

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කූ වේවා උපයෝ...

      ඔය සින්දුවට මම හෙන ආසයි. :*

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔබ සඳත් වසා සිටියා
      මා තනි වූ ඝන අඳුරේ
      සැඩ හිරුත් මවා තිබුනා
      මා සිටියදී මරු කතරේ....

      මා ලියකම් කල පලසේ
      ඔබ පා යුග සිඹින වෙලේ
      මලපුඩුය එලා තිබුනේ
      ඔබ මා යන ගමන්මගේ...

      මා මල්කම් කල සයනේ
      ඔබ සිටියදී මධු සිහිනේ
      අගුපිලකි ශේෂවුයේ
      මට ඔබගේ රජදහනේ.....

      ගායනය: දීපිකා ප්‍රියදර්ශනී

      Delete
  7. එපා...... හදවතට වෙඩි තියන්න එපා ... :(

    ReplyDelete
    Replies
    1. මේකා අයි.එස්.අයි.එස් කාරයෙක්ට අහුවුනා වගේනෙ කෑ ගහන්නෙ! :P

      Delete
  8. බස්සියෝ..
    මොකෝ බන් වෙලා තියෙන්නේ.

    වෙඩි තියපිය වෙඩි තියපිය කියන්නේ..

    මොන වුනත් ඉතින් හරි ලස්සනට අලංකාරෙට තමයි ඉල්ලලා තියෙන්නේ වෙඩි තියන්න කියල.

    හැමදා ම වගේ උඹේ කවි නම් ඉතින් පල්ල වට්ට ..

    ReplyDelete
    Replies
    1. මුකුත් වෙලා නෑ බන්.
      කවියක් ලිවුවා එච්චරයි.

      එනිවේ, බොහොම ඉස්කෝතුයි හොඳේ.... :D

      Delete
  9. වෙඩි තියාපන්
    වෙඩි තියාපන්

    මම හිතුවේ උඹ වෙඩි තියයි කියලා
    හදවත් සිදුරු වෙන්නම

    එත් ඇයි

    උඹ වෙඩි තියන්නේ නැතුව
    හැමදාම ,හැම වෙලේම
    පහුරු ගාන්නේ
    මගේ හදවත

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලා කවි ලියලා කාලෙකින්.
      එන්න ඉඳගන්න ඉවාන්.
      තේකක් බොමුද?

      :P :P

      Delete
  10. Replies
    1. ඕනෙ නෑ කේස් එකක් වැටුනොත් පොලොස් ප්‍රකාශක මාමා ගොඩින් බේරයි.

      Delete
    2. ආ එහෙනම් මූනිස්සම් යන්න ඇත්තේ ප්‍රභූ පර්යන්තයෙන් වෙන්න ඇති .

      Delete
  11. වෙඩි මක්කටද
    අකුරු උණ්ඩය බලවත් තැනට

    පට්ට කවිය ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මහියෝ...

      Delete
  12. හිතට වදින එකක්. සිතුවිල්ලටත් මූනිස්සමයි තුවක්කුවයි හදල දෙන්න බැරිද? දෙන්න කෙනෙක් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. තමන්ම හදාපු මූනිස්සම් දුන්නොත් තමයි වැඩේ හරියන්නෙ සිතුවිල්ලෝ... :D

      Delete
  13. කරුණාකර ඊමේල් එකක් එවන්න. apdharma@gmail.com

    ReplyDelete
    Replies
    1. එව්වා... ඉතින් ඊ මේල් එකේ මොනාද එවන්න ඕනෙ කියල කියලා නෑනෙ. :D

      Delete