Thursday, December 18, 2014

මට ඕනෙ ලාවා කේක් එකක් වෙන්න







පිට අයට පේන්නට
විනීතව එකලස්ව ඉන්න
චාම් සුදු සීනි මල්
හිස වටේ සීරුවට පළඳින්න
සිහින් චොකලට් සුවඳ තැවරුන
නැවුම් උණු කවි පබඳින්න


ඔබේ මුදු ස්පර්ශයන් මැද
හදවතේ දොරපියන් හැරලන්න
මිහිරිතම චොකලට් ගඟක් මෙන්
උණුම උණු ආදරෙන් නහවන්න


ඔව් ඔබට විතරක්ම පුලුවන්
මගෙ හිතේ පතුලටම කිමිදෙන්න
උකුම උකු සිනහවක දැවටෙන්න
නිසල ප්‍රාවරණයක සැඟවුන
කෙලිලෝල ආදර ගඟක් ගැන
මිහිරි රහසක වචනයක්වත්
කිසිම කෙනෙකුට නොකියන්න


~~~~~~~~~~~~~~





26 comments:

  1. Saralai... pahadiliy... Lassanai... :) :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු!
      සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතෑනට ඔයාව!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. වටෙන් -
    'කර කරට' හැපෙනා
    මැදින් -
    උණුහුම් දියාරුවක් ගලනා

    ලාවා කේක් එකක් වෙන්න?

    ReplyDelete
    Replies
    1. ලෝකෙට පේන තද ප්‍රාවරණය ඇතුලෙ
      ඔයාට විතරක් පේන උණුසුම් මිහිර පිරි හදවතක්
      අන්න ඒ සොඳුරුතම බැඳීමෙදි
      ඝන නොවී ඉඳීමම සහනයක්

      Delete
  3. උකුම උකු හිනාව.. අම්මට බොල.. ඒක ලාවා කේක් කිට්ටුවට ආවොත්.. හැක්..

    ReplyDelete
  4. ගෑල්ලමයට හිතෙන දේවල්

    ReplyDelete
  5. හි..හි.. මටත් හිතෙනවා ලාවා කේක් එකක් වෙන්න .

    ReplyDelete
    Replies
    1. "ගෑණු ළමයින්ගේ" සිතුවිලි එහෙමනේ නේද?

      Delete
  6. අනේ මන්දා උඔගේ කවි කියවලා දවසක මම පිස්සුවෙන් පාර දිගේ දුවනවා.ෂුවර්

    ReplyDelete
    Replies
    1. එච්චරටම අප්සට් යයිද මෙන්ඩෝ? :P

      Delete
    2. අව්ලක් නෑ නේද අක්කෝ අකිමිඩිස් වගේ දුවන එකක් නැති නිසා ලොකූ හානියක් නැති වෙයි...

      Delete
  7. "අමුතු කවි" ම තමා.. ;)

    ReplyDelete
    Replies
    1. හිහිහි ස්තූතියි සංචා!

      Delete
  8. ලාවා කේක් එක පොඩ්ඩක් ස්වීට් වැඩී. අනික් එක ඇඩ් වල පේන තරම් රසත් නෑ

    soryyy !

    ReplyDelete
    Replies
    1. Its ur taste. :D
      අයිස්ක්‍රීම් එක්ක මරු

      Delete
    2. හම්මේ කටට කෙල උනනවා මේ මොහොතෙත්.මමත් හරිම ආසයි ලව කේක් කාල මත් වෙන්න

      Delete
    3. මොන තරම් සුන්දරද
      චොකලට් වලින්ම මත් වෙන එක

      Delete
  9. ලස්සන ලාවා කේක් එකක්.

    ReplyDelete
  10. ලාව කේක්
    හම්මේ කට බලියගෙන කෑවැකි.
    ඒත් ලාව කේක් එකක් වෙච්ච මනුස්සයෙක්ව කෝමද කන්නෙ
    සෑහෙන්න බොන්න වෙන පුස්නයක්

    ReplyDelete
    Replies
    1. බොන්න වෙන පුස්න ගොඩයි නේද මේ දවස්වල

      Delete
  11. �� �� නියම �� අදහස ������

    ReplyDelete