Friday, April 24, 2015
ෂාරොන්හි සෙව්වන්දියට, අහස් පෙම්වතා කී කව
පෙනෙන නොපෙනෙන දුරින්
ඒත් හොඳටම ළඟින්
ඔබ වටා නීල පවුරක් බඳිමි
දිවා කල හිරු දියර
පෙරා සිහිලැල් කරන
වළාකැටියෙන් රිදී තිර අදිමි
පළොල් පැහැ කොපුල් පෙති
විසිර යන හිත නිවයි
තනුක කර රුහිරු බිඳු
වළා මත ඉහිරවමි
ඔබේ පැහැයම ගැවසි
සැඳෑ ස්වප්නෙක ගිලෙමි
සහස් ගව් දුර පැතිරි
සිහිලැල් වු සුවඳක් ය
බිළිඳු හසරැලි තරම්
ඒ සුවඳ පිවිතුරු ය
නෙත් පියා ගැඹුරටම කිමිදෙමි
මත් බවින් මෙන් සිත් රැහැන් බිඳ
රත් දෙතොල් සිපගනිමි
ලා සඳේ දාරයක්
පිණි දියෙන් දියකරන්
ශ්‍යාම කැන්වසය මත තරු අඳිමි
සිහින් වැහි පොදක් ඉස
දූලි සුනු පිසහරිමි
"ආදරෙද මට?" නො අසමි
ආදරේ බැව් නොකියමි
විසල් අහසක් හදවත'වු කල
වදන්වල ක්ෂුද්‍ර බව නැවත නැවතත් අත් දකිමි.
(තරුරසී අක්කාගේ ෂාරොන්හි සෙව්වන්දියක සේ බ්ලොග් ලිපියට පිලිතුරකි.)
බූන්දියෙහි මෙ කව පළවූ පිටුවට අදාළ සබැඳිය :
http://www.boondi.lk/article.php?ArtID=4634
Subscribe to:
Post Comments (Atom)
සමහරු හිතන් ඉන්නව
ReplyDeleteනුඹ මට හොඳටෝම ලඟ යැයි
ක්ෂිතිජයෙදි..
ඒත් අපි දෙන්න
විතරෙනේ දන්නේ
ඒ දුකත්..
ඇත්ත.. ඇත්ත.. අපි තමයි දන්නේ ඒ දුකත්...
Deleteලස්සන වචන කල්‍යාණේ... :)
Deleteඑහෙම ලං වෙයි සිතාගෙන
Deleteකෙදින හෝ එක්වෙන්න පතාගෙන
යන දුරක්...
අන්තිමේ හති වැටේ
එදාටයි දුක...
ඔන්න ඉතින් කිවුවා නෙගටිව් කවියක්.
Deleteකව්ද බං ඔය සරසොන් කියන්නේ..
ReplyDeleteෂාරොන් කියන්නේ පලස්තීනය සහ මධ්‍යධරණී මුහුද අතර තියෙන තැනිතලාවක්. :)
Deleteසරොන් කියන්නෙ නම් ඇඳුමක්. :P
නියම පැහැදිලි කිරීම.....
Deleteශාරෝන් ප්‍රසිද්ද මල් වලට "සොසනීම්" කියන්නේ රෝස වලට හිබ්රු වලින්,,, බයිබලයේ "ශාරෝන් හී පුෂ්පය කියන්නේ යේසුස් වහන්සේට "
Deleteඅහ්! මේ ඉන්නේ ෂාරොන් ගැන හොඳටම දන්න එක්කෙනා. ඔමයියෝ ඔය පලාතෙ වැවෙන මල් ගැනත් ලිපියක් කියවන්න ආසයි. මොකද හිතන්නෙ, ලියමුද?
DeleteRose of Sharon කියලා හඳුන්වන මල් වර්ග දෙකකුත් තියෙනවා. ඔය ෆොටෝවෙ තියෙන්නෙ ඉන් එකක්. බයිබලයෙ නම් "ෂාරොන්හි කුසුම" කියන්නෙ ජේසුව හඳුන්වන කාව්‍යෝක්තියක් ලු. (කාව්‍යෝක්තිය කියන වචනෙ හරිද මන්දා)
ජීසස් ඉස් කමින් බැක්.. ගල්කිස්සෙද් දෙහිවලද තාප්පෙක් ගහල තිබුනා. තාම තියේද දන්නෑ
Deleteඇත්තටම දේශක "බැක්" කියන එක නැතුවත් සමහර තැන්වල තියනව.
Deleteහිතාගන්න පුලුවන්නේ ඒකට සමහර රෙස්පොන්සස්
බ්ලොගට ගල් ගැහුවොත් උඹලා බේරගන්න එනවද ඔහොම එව්වා කියවලා මෙතන!
Deleteමේ රට වැවෙන්නේ නැති දේවල් වුණත් බලෙන් වවන රටක්,,,, මල් ගැන ලියන්නම් ටික දවසකින් තව හොඳට හොයලා බලල
Delete"ආදරෙද මට?" නො අසමි
ReplyDeleteආදරේ බැව් නොකියමි
විසල් අහසක් හදවත'වු කල
වදන්වල ක්ෂුද්‍ර බව නැවත නැවතත් අත් දකිමි.
හරිම ලස්සනයි... මේ අවසන් කවි පදය තදින්ම හිතට දැණුනා නංගි.... ඒ කතාව ඇත්තම ඇත්තයි...
ගොඩක් ස්තූතියි අක්කා. මේ කවිය ලියැවුනෙ අක්කගෙ මුල් අදහස නිසානෙ.
Delete//(තරුරසී අක්කාගේ ෂාරොන්හි සෙව්වන්දියක සේ බ්ලොග් ලිපියට පිලිතුරකි.)//
ReplyDeleteඅනුන්ගේ කතාවලට හොට දාන්න හොඳ නැති නිසා මොනවත් නොකියා ඉන්නම්. ( නැතුව කවි නෙතේරෙන නිසා නෙමෙයි. කොහොමවෙතත් සම්බස්සාව්‍යයයි. උස්කෘෂ්ඨයි. )
අම්මපා ප්‍ර ජේ මමත් කියන්න ගියේ ඔය ටිකම තමයි
Deleteමොකට කියනවද ඉතින්....
Deleteපහුගිය ටිකේ යාන්තම් කවි තේරීගෙන ආව නේ? අපරාදෙ!
මේ දවස්වල හරියටම බේත් පෙති ගන්නව. ඒක නිසා වෙන්න ඇති
Delete"විසල් අහසක් හදවත'වු කල
ReplyDeleteවදන්වල ක්ෂුද්‍ර බව නැවත නැවතත් අත් දකිමි."
හදවතේ ගැඹුර වැඩි වූ කල අත්දැකීමට සිදු වන සොඳුරු නමුත් වේදනාබර අත්දැකීමක් වදනට පෙරැලූ අයුරු අපූරු ය.
නිතර නිතර ඇවිත් කවි,කතන්දර කියවා යන නමුත් අදහස් පළ කළේ අදයි.
කවිය හරි අගෙයි බස්සි අක්කේ... ඔයා වගේ ම :)
දිගටම ලස්සන සිතුවිලි අකුරු කරන්න.
සුභ පැතුම්!!!
බොහොම ස්තූතියි අමන්දා!
Deleteසාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!
මේ වගේ කවි නම් තේරුම් ගන්න නොදනිමි.. එමෙන්ම මම ආදර කවි ගැන වැඩිය නොහිතමි.. එදා හමුවෙන්න ලැබීම ගැන සතුටුය...!
ReplyDeleteවැඩියෙ හිතන්න එපාය.
Deleteඑදා මාව අඳුරගත්තේ තොප්පි දාන්න ගිහින් අහම්බෙන් බව මතකය.
මමත් කොටසක් සදුට ලියලා දෙන්නද?
ReplyDeleteකිසි බයක් නැතුව කොපි පේස්ට් කරලා දෙන්න. කෝකටත් ඔට්ටු ආදර කවියක්.
Deleteලස්සනයි..
ReplyDeleteතැන්කිවු ඉඳිකටු අයියේ..
Deleteඅහස් පෙම්වතා,
ReplyDeleteඔබ විසල් අහසක් බව සත්තයි,
ඒ නමුත් මගේ ප්‍රේමය
ඔබේ විසල් අහසට වඩා
සුවිශාලයි.
මනෝ දැන් කවි මැසිමක් වෙලා නෙව! ගොඩක් ලස්සනයි!
Deleteසහස් ගවු දුර ඇවිද ඇවිදින්
ReplyDeleteදෙබැම කෙලවර නැගුනු දා බිඳු
ඇඟිලි තුඩකට රැගෙන විසිකර
නොනැවතී යලි ඇවිද එන්නෙමි
තැඹිලි පැහැ හිරු නිදන්නට පෙර
මලානික එහි කිරණ අතරින්
රිදී ඉරි ඇඳි අඳුරු සේලය
මෑත් කර යලි බලා ඉන්නෙමි
ලා සඳේ එළිපත්ත අද්දර
කැන්වසයෙ ඇඳි තාරුකා මැද
පහන්තරුවේ එලිය විලසින්
සදාකල් මග කියා දෙන්නම්
ආදරේ යැයි නොකීවත්
සිත පුරා ඇති පෙම හැඳින ගත්තෙමි
ආදරේදැයි නොම අසා
වසාගනු මැන නෙතුපියන්
මේ මචං, කවියෙ ටයිම් එක බැලුවාම මට හිතෙන්නෙම පොලීසියෙ ඉඳන් ලියපු එකක් කියලා. :P
Deleteඉතා ලස්සනයැ!
ලස්සනයි
ReplyDeleteතැන්කෝ...
Deleteවිසල් අහසක් කවි සිතක් වූ කළ
ReplyDeleteමෙවැනි දේ ලියැවෙයි බිත්ති මත
බොහොම ස්තූතියි තිලක සිත අයියේ.. :)
Deleteමෙව්වා නොතේරෙන මගේ මන්දබුද්දික හිත.. කරුමේ.. කරුමේ...
ReplyDeleteඅයියෝ මේකෙ ඇති දෙයක් නෑ. වැඩියෙ හිතන්න එපා.
Deleteකෙල්ල දන්න දේවල් හැබෑට....මට එහෙමයි හිතුනෙ...
ReplyDeleteහෆොයි. ඒ මොකෝ එහෙම? :)
Deleteශ්‍යාම කැන්වසය මත තරු අඳිමි - මරු බස්සියො
ReplyDeleteවයර් මාරු වෙනවා මරු
ReplyDelete