Thursday, September 24, 2015

පිරිසිදුකම මාරාන්තිකයි?






අදත් බස්සි කියලා දෙන්න යන්නෙ විද්‍යා විනෝද කතාවක්. හැබැයි, මේක එක්තරා විදියක දැනමුතුකමක් කිව්වත් වැරදි නෑ. 


"ගින්දරයි පුළුනුයි එකට ලං කරන්න හොඳ නෑ!" කියල කතාවක් අහල ඇතිනෙ? හේතුව දන්නවානෙ, ඇවිලෙනවා. ඒ වගේම, අපි නොසැලකිල්ල හෝ නොදැනුවත්කම නිසා එකට මුහු කරන, ගෙදරදොරේ එදිනෙදා භාවිතයට ගන්න පිරිසිදුකාරක මොනවද කියලත්, ඒවා එකිනෙක මිශ්‍ර වුනාම මොකද වෙන්නෙ කියලත් පොඩ්ඩක් හොයා බලන්න තමයි මේ සූදානම.


එහෙනං ඉඩ තියෙන විදියට ඔය හත් අට පොලකින් ඈඳි ගන්නකෝ....



1. විනාකිරි සහ ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරක





අපි සමහර වෙලාවට කරන දෙයක් තමයි, ගෙදර පිරිසිදු කරන්න ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරකයක් (Clorox වගේ) යොදාගන්නකොට ඒකට විනාකිරි මිශ්‍ර කරන එක. ඇත්තටම මෙහෙම කරනකොට පිරිසිදුකාරකයේ පිරිසිදු කිරීමේ හැකියාව ඉහල යනවා. හේතුව තමයි, විනාකිරි මගින් පිරිසිදුකාරකයේ pH අගය පහත හෙලනවා. ඒතකොට විනාකිරි සහ පිරිසිදුකාරක මිශ්‍රණයේ විෂබීජනාශක ගුණය වැඩිවෙනවා වගේම තද පැල්ලම් ආදිය පහසුවෙන් ඉවත් වෙනවා.


එහෙනම් මොකක්ද අවුල?

ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරකවල තියෙන්නේ සෝඩියම් හයිපක්ලෝරයිට් (NaOCl), පිරිසිදුකාරකයේදී සෝඩියම් හයිපක්ලෝරයිට්, ජලයත් එක්ක මිශ්‍ර වුනාම මෙන්න මේ වගේ සීන් එකක් වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට, හයිපක්ලෝරික් අම්ලය (HOCL) නිෂ්පාදනය වෙනවා.


NaOCl + H2O ↔ HOCl + Na+ + OH-


හයිපක්ලෝරික් අම්ලය (HOCl) කියන්නේ හොඳ ඔක්සිකාරකයක් නිසා ඒකෙ පිරිසිදුකාරක හැකියාව බොහොම ඉහලයි. 


විනාකිරිවල ප්‍රධාන සංඝටකය වෙන්නේ ඇසිටික් ඇසිඩ් (CH3CO2H).


ඉතින්, හයිපක්ලෝරික් අම්ලය (HOCl), විනාකිරිවල ඇති ඇසිටික් අම්ලය සමග මිශ්‍ර වුනාම මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් සිද්ධවෙනවා.


2HOCl + 2CH3CO2H ↔ Cl2 + 2H2O + 2CH3CO2


පේනවනෙ, ඉහත ප්‍රතික්‍රියාවෙ ප්‍රතිඵලයක් විදියට ක්ලෝරින් වායුව (Cl2) නිෂ්පාදනය වෙනවා. ක්ලෝරින් වායුව අපේ සිරුරට අහිතකරයි, එය කටුක ගන්ධයකින්ද යුක්තයි. ක්ලෝරින් මගින් අපේ ශරීරයේ ශ්ලේෂ්මල පටල වලට ඵරාර එල්ල කරනව, උදාහරණයක් විදියට ඇස්, උගුර සහ ශ්වසන පද්ධතිය දක්වන්න පුලුවන්. ක්ලෝරින් වායුවට අධිකව නිරාවරණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා, ඇස් රතුවීම සහ කඳුළු ගැලීම, ක්ලාන්තය විතරක් නොවෙයි මරණය පවා ඇතිවෙන්න පුලුවනි.



2. ඇමෝනියා අඩංගු පිරිසිදුකාරක සහ ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරක





කලිනුත් කිව්වා වගේම ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරකවල තියෙන සෝඩියම් හයිපොක්ලෝරයිට් (NaOCl) ජලයත් එක්ක මිශ්‍ර වීමෙන් හයිපක්ලෝරික් අම්ලය නිෂ්පාදනය වෙනවා. 

NaOCl + H2O ↔ HOCl + Na+ + OH-


ඇමෝනියා සහිත මාධ්‍යයකදී මේ හයිපක්ලෝරික් අම්ලය (HOCl) තවදුරටත් ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCl) හැදෙනවා.

2HOCl → 2HCl + O2

ඇමෝනියා සහිත මාධ්‍යයෙදී මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ක්ලෝරින් වායුව නිපදවෙනවා. ඒ ක්ලෝරින් වායුව ඇමෝනියා (NH3) සමග ප්‍රතික්‍රියාවෙන් ක්ලෝරැමයින් වාෂ්පය (NH2Cl) හැදෙනවා. 


NaOCl + 2HCl → Cl2 + NaCl + H2O

2NH3 + Cl2 → 2NH2Cl


මේ මිශ්‍රණයේ තවදුරටත් ඇමෝනියා ඉතුරුවෙලා තිබුනොත් තමයි මල හත්තිලව්වට ගහපු කලාබරයක් වෙන්නෙ! ඒ ඇමෝනියා ටික, අර නිෂ්පාදනය වුන ක්ලෝරැමයින් (NH2Cl) එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රසීන් (N2H4) හදනවා.

2NH3 + NaOCl → N2H4 + NaCl + H2O


හයිඩ්‍රසීන් කියන්නේ අධික විෂ සහිත, පිපිරෙන සුළු සංයෝගයක්. ඉතින්, අන්තිමේදි ගේ හෝදන්න ගත්තු භාජනේ ඇතුලේ බෝම්බයක් පිපිරෙන්න පුලුවන්! (බොහෝවිට මේ හයිඩ්‍රසීන් සියයට සියයක්ම පිරිසිදු නැති නිසා පිපුරුම් ඇතිවෙන්නෙ නෑ)


මේ වගේ පිරිසිදුකාරක කිහිපයක් එකට මිශ්‍ර කරන්න ගිහින් සිදුවුන අවාසනාවන්ත මරණ බොහොමයි. මේ එවැනි එක සිදුවීමක්.



3. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ විනාකිරි





හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, බොහොමයක් නිවෙස්වල විශබීජ නාශක සහ පිරිසිදුකාරක දියරයක් විදියට පාවිච්චි කරනවා. හැබැයි, මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, විනාකිරි අක්ක මුහු වුනොත්, විනාකිරිවල තියෙන ඇසිටික් ඇසිඩ් නිසා මෙන්න මේ ප්‍රතික්‍රියාව ඇතිවෙනවා.

H2O2 + CH3CO2  CH3CO3H + H2O


මෙහි ප්‍රතිඵලයක් විදියට නිෂ්පාදනය වෙන්නේ විෂ සහිත පෙරසිටික් අම්ලය (CH3CO3H). මේ අම්ලය, මහා පරිමාණයෙන් සිදුකෙරෙන පිරිසිදුකිරීම් වලදී, ආරක්ෂක තත්ව යටතේ පාවිච්චි කලත්, අපි, ගෙදරට අඳින ගවුම් කොටයක් හරි කලිසං කෑල්ලක් හැරුණුකොට වෙන කිසිම ආවරණයක් නැතුව මේකට නිරාවරණය වීම බොහොම අනතුරුදායකයි.


මේ නිසා ඇසේ, සමේ, නාසයේ, උගුරේ සහ පෙණහළුවල අපහසුතා ඇතිවෙන්න පුලුවනි. ඒ වගේම, දිගුකාලීන නිරාවරණයෙන් සමට, ඇසේ ස්වච්ඡ මණ්ඩලයට වගේම ශ්වසන පද්ධතිය හානි වෙන්න පුලුවනි.



4. ඇල්කොහොල් අඩංගු පිරිසිදුකාරක සහ ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරක





ඇල්කොහොල් සහිත පිරිසිදුකාරක (Rubbing alcohol) එතනෝල් (C2H6O) හෝ අයිසොප්‍රොපනෝල් (C3H8O) වලින් සමන්විතයි. ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරකවල තියෙන්නේ සෝඩියම් හයිපක්ලෝරයිට් (NaOCl) කියන එක අපි දැන් දන්නවා.


ඇල්කොහොල් අඩංගු පිරිසිදුකාරක සහ ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරක දෙවර්ගය එකට මිශ්‍ර කිරීමෙන් පහත ප්‍රතික්‍රියාව සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට ක්ලෝරොෆෝම් නිෂ්පාදනය වෙනවා.

3NaClO + C3H6O → CHCl3 + 2NaOH + NaOCOCH3


ක්ලෝරොෆෝම් කියන්නෙත් විෂ සහිත වායුවක්. ක්ලෝරෆෝම්වලට නිරාවරණය නිසා ඇස් දැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුතා, උගුර අමාරුව සහ ක්ලාන්තය ඇතිවෙන්න පුලුවනි. ක්ලෝරෆෝම් අධි මාත්‍රාවන්ට නිරාවරණය වීමෙන් ශ්වසන පද්ධතියට, ස්නායු පද්ධතියට, ඇස්වලට සහ වකුගඩුවලට හානි සිදුවෙනවා. ඒ විතරක් නෙමෙයි, ක්ලෝරෆෝම් කියන්නේ පිළිකාකාරකයක් බවත් හොයාගෙන තියෙනවා.




5. ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරක සහ වැසිකිලි බඳුන් පිරිසිදුකාරක


මේ පිරිසිදුකාරක වර්ග දෙකනම් එකට භාවිතා වෙන අවස්ථා බොහොම විරලයි. එහෙම දෙයක් වෙනවානම්, අනිවාර්යයෙන්ම නොදැනුවත්කම මතම වෙන්න ඕනෙ.


වැසිකිලි බඳුන් පිරිසිදුකාරක, උදාහරණයක් විදියට ගත්තොත් හාපික් වගේ දේවල්වල ප්‍රධාන සංඝටකය වෙන්නේ ප්‍රබල ක්‍රියාකාරීත්වයකින් යුතු අම්ලයක් වෙන හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් (HCl)


හාපික් සහ ක්ලෝරොක්ස් එකට එකතු වුනාම, ඒවායේ ඇති හයිපක්ලෝරික් අම්ලය සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පහත ආකාරයට ප්‍රතික්‍රියා කරලා ක්ලෝරින් වායුව නිදහස් කරනවා.


HOCl + HCl ↔ H2O + Cl2


ඉතින්, මින් පස්සේ නාන කාමරය ක්ලෝරොක්ස්වලින් පිරිසිදු කරලා, වැසිකිලි බඳුන හාපික්වලින් පිරිසිදු කරද්දි, ඒවා එකම බඳුනක මුහු වෙන්න ඉඩ තියන්න එපා. මොකද, බාත් රූම් එක සුද්ද කරන්න ගිහින් මලා කියල කිව්වම, විලිලැජ්ජාවයි කියල අපායෙනුත් ආපහු හරවලා යවයි ෂුවර් එකටම!



පිරිසිදුකම බොහොම වටින පුරුද්දක්. හැබැයි, නියමාකාරයෙන් දැනුවත්ව පිරිසිදුකාරක පාවිච්චි කරන එක තමයි ඇඟට ගුණ! 




85 comments:

  1. තව මික්ස් නොකල යුතු දේවල් තියනව නේද?

    මට දැනට මතකයට එන්නෙ සින්ගල් මෝල්ට් විස්කි.

    මෙතනට එන එක්ස්පර්ට්ලගෙන් ඇහුවොත් කියයි තව මික්ස් නොකලයුතු ගොඩක් දේ ...වයිෆ් හා ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ දේවල්.

    ReplyDelete
    Replies
    1. //වයිෆ් හා ගර්ල්ෆ්‍රෙන්ඩ්//
      හික්ස්! ඒක පට්ට කතාව.

      අයියෝ ඉතින් මේ කියන්නෙ පිරිසිදුකාරක ගැනනෙ ප්‍රා. ඖෂධ ගැන වෙනම ලිපියක් ලියනවා. :P

      Delete
    2. ඒව ගැන තමයි මං කියන්නෙත්.
      විස්කි හොඳ පිරිසිඳු කාරකයක්.
      පත්තරතුමාට මිස්ටර් ක්ලීන් කියල ඒ රටේ අය කියන්නෙ

      Delete
    3. විස්කි කිවුවහම නිරායාසයෙන් මතකෙට එන රෙඩ් ලේබල් අධික co2 තියන සෝඩවතුර එක්ක පාවිච්චි කලත් පහුවදාට අධික දාඩිය දැමීමක් වගෙම සිස කැක්කුමක් අතිවීමක් තියනව.
      ප්‍රා ජේ, මම හිතන්නෙ ඩ්‍රයි ජින් හොද පිරිසිදු කාරකයක්

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. @Mr Double Smith,
      රෙඩ් වලට වඩා ගොඩක් හොඳයි අර එකදවසක් ඉයන් කියල තිබුන මැන්ගෝ අරක් එකත් ( වොඩ්ක නැත්නම් ).
      හැන්ග් ඕවර් ප්‍රශ්න නැති විස්කිත් ඔනෙ තරම් තියනව , සල්ලි තමයි ප්‍රශ්නෙ.

      බූට් රටේ පිංවතෙක් Jameson Triple Distilled එකක් ගෙනාවොත් ...sigh මං එතුමා ගැන මෙතන ලියපු ප්‍රසංසාව ගැනවත් සලකල. හ්ම්ම්ම්

      Delete
    6. Pra ඊලඟ එකතුවීමට මැන්ගෝ අරක් සැපයීම මම භාර ගෙන තියෙනවා. ඉක්මනට හමුවෙමු.

      Delete
    7. ආං හරි. ගින්දරයි පුලුනුයි තිබ්බට අවුලක් නෑ වයිෆුයි පර්ස් එකයි එකට තිබ්බොත් කෙළියා :D
      ඇයි ඉවානයයි බයිට් එකයි ?? ඒත් ඒ ටොපියම තමා …
      ඔය ප්‍රා එක්ක විස්කි බොනවට වැඩිය හොඳා කෝක් එකක් බීලා පෙපර්මින්ට් පෙත්තක් කනවා ..:D හැක් හැක්

      Delete
    8. පත්තරේට කියන්නෙ 'මිස්ටර් ක්ලීන්'ද? මං හිතන්නෙ එහෙනම් 'ක්ලීන් මෑන්' කියන එක සිංහලෙන් කියන්නෙ විස්කිබොන්නා කියල වෙන්ටැති. :P

      Delete
    9. මරු අනේ. නියම ප්‍රස්ථා පිරුලු ටිකක් හැදුවැකි අලුතෙන්.

      වයිෆ්ට පර්ස් එක බලාගන්න කිව්වා වගේ
      ඉවානයා බයිට් කෑවා වගේ

      Delete
    10. මොකක් යකෝ ... මම බයිට් දිහා බලන්නේවත් නෑ, පලයව් යන්න මෙතන බොරු නොකිය

      Delete
    11. මෙතනට එන එක්ස්පර්ට්ලගෙන් ඇහුවොත් කියයි තව මික්ස් නොකලයුතු ගොඩක් දේ ...වයිෆ් හා ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ දේවල්//

      පිපුරමක් කන ලගින් බේර ගත්තා...
      හැබැයි ඇත්තටම ඒ ගර්ල්...මගේ ෆ්‍රෙන්ඩ් ඒ වුනාට ඒක වයිෆ්ට පැහැදිලි කරනවට වඩා ලේසි ටොමියට සිංහල කියලා දෙනවා.

      Delete
    12. මෙතන ඉන්න එක්ස්පර්ට්ලගෙන් වයිෆ්ට බය නැති සහ / හෝ වයිෆ් බ්ලොග් කියවන්නෙ නැත්තෙ E de B Mගෙ විතරයි වගේ. දැක්කද අනිත් එක්ස්පර්ට්ස්ල හිමීට වෙන දේ ගැන කියල තියනව උඩ . ඒත් ඒ කෑල්ල ගැන නෝ කමෙන්ට් !!

      Delete
  2. හම්මේ එ් ලෙවල් කරනකොට කෙමිස්ට්‍රි කරාට පස්සේ කෙමෙස්ට්‍රි පාඩමකට එක් වුණාමයි.... නියමයි බස්සියේ.. මේ පිරිසිදුකාරක විතරක් නෙමේ. ඉගුරුයි මඤ්ඤොක්කයි මුසු කරන්නෙත් නෑ මඤ්ඤොක්කා වහලා තම්බන්නෙත් නෑ. මේවට හේතුත් පැහැදිලි කරලා ලියන්න ලිපියක්. මේ උදාහරණයට විතරයි මං කිව්වේ. මේවගේ අවස්ථා ගොඩක් තියනවා.
    ආ තැඹිලි එක්ක ඇල්කොහොල් මික්ස් කරන්නත් හොද නෑලු පැහැදිලි කරමුද ඒකත්

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ඉඟුරු මඤ්ඤොක්කා සීන් එකත් ලියන්න ඕනෙ. බලාගෙන ගියාම මාරාන්තික ලිපි සීරීස් එකක්ම ලියන්න තරම් දේවල් තියෙනව නේද නලින් අයියෙ!

      Delete
    2. Ibuprofen + Alcohol
      Acetaminophen + Alcohol

      Delete
    3. දූරියන් කාල කෝක් බොන්නත් එපාලු.

      Delete
    4. නලියො. උඹ ඩ්‍රින්ක් එක දැම්මට පස්සෙ බත් නොකන හේතුව විද්‍යාත්මකව පැහැදිලි කරහංකො අනේ :D

      Delete
    5. ඔන්න ඔය ප්‍රතික්‍රියා දෙක ගැන ලියන්නම ඕනෙ කියලා හිතාගෙන ඉන්නෙ ප්‍රා. හිසේ කැක්කුමට පැනඩෝලුත් බීලා මත්වතුරත් බොන අය නැතුවාම වෙන්න බැහැ නෙ.

      Delete
    6. කම්මල:

      කෝක් මෙන්ටෝස් සීන් එක මිසක් කෝක් දූරියන් සම්බන්ධෙ අහල තිබුනෙ නෑ. මම කොහොමත් දූරියන් කන්නෙත් නෑ ඉතිං. කොකාකෝලා එක්ක එකට ගන්න නුසුදුසු කෑම බීම වර්ග බොහොමයක් තියෙනව නේද?

      Delete
    7. පත්තරේ :

      එහෙනම් ඒකයි නලින් අයියගෙ කෙට්ටු වීමේ රහස?
      එතකොට ඉවානයා බතල වීමේ රහස බයිට් කෑම ද?

      Delete
    8. මචෝ මගේ උදරයේ ආම්ලික ගතිය වැඩියිද කොහෙද? ඒකයි නොකන්නේ.

      Delete
    9. ඇයි පත්තරයෝ මම කන්නෙත් නෑ

      Delete
  3. කෙමිකල් මික්සින් මම කරන්නෙ කොක්ටේල් හැදිල්ල විතරයි. අනික්වා නිෂ්පාදකයා දක්වා ඇති පිලිවෙලට විතරයි පාවිච්චිය.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනම් බොහොම නුවණැති වැඩක්. පේනවනෙ සේරම එකට මික්ස් කරලා බීලා අපේ පත්තරයට වෙලා තියෙන දේ. මොලේටමයි සැර වැදිලා තියෙන්නෙ. පව්.

      Delete
  4. බොහොම ප්‍රයෝජනවත් ලිපියක්. ස්තූතියි බස්සි. මම AL රසායන විද්‍යාව පාස් උනේ විභාග දෙපාර්තමේන්තුවේ ඩෙටා එන්ට්‍රි කරන එකෙක් ගෙ මොකද්ද වැරදීමක් නිසා කියල තමයි මම නම් හිතුවෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්.
      අපේ ක්ලාස් ටීචර් කියන්නෙ මම විභාග පාස් උනෙත් එහෙම කියලයි. කොටින්ම අපේ පවුලෙ හැමෝමත් ඒකමතිකව නිගමනය කලේ එහෙම.

      Delete
  5. මිනිස්සු අවශ්‍ය ප්‍රමාණයට වඩා හැම එකම බලාපොරොත්තු වීම නිසා තමා මේ දේවල් මිශ්‍ර කරන්න් පෙළඹෙන්නේ, මේක විතරක් නෙවෙයි කොයි එකත් ,

    ReplyDelete
    Replies
    1. ආං හරි. නීඩ් ගැහුවම ඔය කිසි අවුලක් නෑ … ඕ යේස්

      Delete
    2. පුල් සීරියස් කමෙන්ටුවක්. ඕ යේස්!

      Delete
    3. බයිට් එකත් මිශ්‍ර නොකරගන්නවානම් ඇගට ගුනයි කියලා යාලුවෙක්ට අවවාදයක් දෙන්න ඔනේ

      Delete
  6. නියම කෙමෙස්‍ට්‍රි පාඩමක් නෙ.
    අර මල හත්තිලව්වට ගහපු කලාබරේ තියෙන ප්‍රතික්‍රියාවෙ සංඝටක වල අවුලක් නැද්ද?

    ඔය ටොයිලට් එක ජාති දෙකකින් සුද්ද කරන එකනං මාත් කරනව. හැබැයි එකකට පසු එකක් විදියට. ඒ හින්ද අපායට යන්න වෙන එකක් නෑ.

    ඔන්න ඔය හින්ද තමයි අපි අැල්කොහොල් එක්කවත් මොනවත් කවලං කරන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. තැඹිලි වතුර අවුලක් නෑ..හැක්

      Delete
    2. අනේ මට ඒකෙ අවුල හොයාගන්න බෑනෙ ප්‍රසන්න අයියේ. සමාවෙලා කියාදෙන්ටකෝ.

      අන්න එහෙම නොදන්නා දේ කලවම් නොකරන එක තමයි වඩාත්ම හොඳ!

      Delete
    3. මම කියෙව්වා ලිකර් එක්ක කලවම් කරන කෝලා බීම වර්ග, අර මත්වතුරට වඩා ඇඟට අගුණයි ලු.

      Delete
    4. එතන NaOCl ද NH2Cl ද එන්න ඕන. (2 සබ්ස්ක්‍රිප්ට් වෙන්න ඕන)
      හැබැයි එතකොට ආයෙ ‍සමීකරනෙම අවුල් වෙනව.

      Delete
  7. සීයාගේ වයිෆ් උදේ හවස බාත්රුම් එක ඇතුලේ ඔය කෙමෙස්ට්‍රි පාඩම් ටික කරනවා මට නම් හුස්මගන්නත් බෑ මං යන්නෙත් නෑ ඒ පැත්තට. බ්ලිච් ලීටර් 5 බෝතලේ එයා සති දෙකෙන් ඉවර කරනවා. ඔක්සිජන් ලික්විඩ් එක බ්ලිච් සහ විනාකිරි එකතු කරලා බේකින් සෝඩා දානවා.. මේ ජාති හතර මික්ස් කරලා එයා කලින් කරන්න ගන්නවා. ඔය ඉන්නේ කිසි හෙනක්වත් නෑ මේ රටේ ජීවත්වෙන මිනිස්සුන්ගෙන් මොරොක්කෝවේ සහ ඇමරිකාවේ ඉඳලා ආපු අයට නොකා නොබී ජිවත් වෙන්න පුළුවන් ඒත් බ්ලිච් නැතුව බෑ.. කිලිටි දකින්න බැරි ලෙඩක් තියෙනවා එයාලට

    ReplyDelete
    Replies
    1. එහෙනම් අර මොහාන් රාජ් මඩවලගෙ කතාවල වගේ, මේ වෙනකොට එයාගෙ පෙණහළු නැතුව ඇති. මොකක් හරි සුපර්නැචුරල් පවර් එකක බලපෑමෙන් කිසි හෙනයක් නැතුව අපූරුවට හුස්ම ගන්නවත් ඇති. :D :D

      Delete
  8. තමන් දන්න දේ ගුරුමුෂ්ටි නැතුව අනිත් උන්ට කියා දෙන ඔයා වගේ ළමයෙක්!

    අවංකවම කිව්වොත් මට දිරවන්නේම නැති විෂයයක් තමයි රසායන විද්‍යාව. නමුත් මේ විදියට කියාදෙන්න කෙනෙක් හිටියා නම් කියලා දැන් තමයි හිතෙන්නේ. අපිට ගණිතය රසායන විද්‍යාව ඉගැන්නුවේ යක්කු.

    තව මිශ්‍ර කරන්න හොඳ නැති ජාති තමයි ලැප්ටොප් සහ වතුර.

    දැන් මේවගේම මගේ පුතා කියන විදියට cleaning frenzy එකක් තියෙන පුද්ගලයෙක් තමයි මම. මේ පල්ලෙහා කතාව මම ලියාගෙන යන බ්ලොග් පෝස්ට් එකකින් උපුටගත්ත එකක්. මෙතන දැම්මට කමක් නෑ මම ඒ කතාව පෝස්ට් කරනවා.

    මෙන්න කතාව.

    ReplyDelete
    Replies
    1. ලොක්කා … අර XL R පෝස්ට් එක දානවද නැද්ද ?? මං හරි වසයි ඈ :D

      Delete
    2. අපිටත් බයෝ ඉගැන්නුවෙ යකෙක්. කෙමෙස්ට්‍රි ඉගැන්නුවෙ ජම්බෝලයක් වගේ රෝසපාට, මහත, මිටි, හුරතල් මිස් කෙනෙක්. ෆිසික්ස් ඉගැන්නුව මිස් අපිටත්, බ්ලැක්බෝඩ් එකටත්, ගණන්වලටත් බයෙන් වගේ පුදුම තිගැස්මකින් හිටියෙ. ළමයෙක් ප්‍රශ්ණයක් ඇහුවම එයා සෑහෙන්න කලබල වෙනවා.

      මං කවදාවත් ගුරුමුට්ටි හෝ නෝට් හැංගිලි කරල නෑ. අනික, මම කැමතිම 'මුංට උගන්නන්න බෑ' කියල පංති සගයෝ පවා හිතන අයට කවි වලින්, කතාවලින්, පින්තූරවලින් කොහොමහරි පාඩම කියාදීලා උන් අර බකපණ්ඩිතයන්ට වඩා ලකුණු අරන් පාස් වෙනවා බලන්න.

      මට මතකයි කැම්පස් එකේදි අපේ ඩිපාර්ට්මන්ට් එකේ කොල්ලෙක් හිටියා, අපි 15 දෙනා අතරින් වැඩිම ඇණ සංඛ්‍යාවක් හිමිවීමේ වාර්ථාව තිබුනෙ ඌට. ඒ සෙමෙස්ටර් එකේ අපිට තිබුණ මාරාන්තික සබ්ජෙක්ට් එකත් එක්ක පොර ගතකලේ අන්තිම ඩෙස්පරේට් කාලයක්.

      කොහොමහරි, එක්සෑම් එකට දවස් පහක් විතර තියෙද්දි, මම හැමදාම අර 'අත හැරපු' කට්ටියට කුප්පි දැම්ම. අරයට විශේෂයෙන්. රෑ අටහමාර නමය වෙනකම් ලයිබ්‍රරියෙ සමහර දාට.

      පින්න හරි, එක දිගට කතා කිරීම හරි, නිසා මට එක්සෑම් එකට කලින් දවසේ වචන පිට නොවෙන තරමෙ උගුරෙ අමාරුවකුත්, තද හිසේ කැක්කුමකුත් හැදුනා.

      අන්තිමට අර ළමයට එකක් තිබුන. මුළු බැච් එකටම තිබුනෙ දෙකයි. (ඒ එකන් ආපු ගැම්මට එයා ෆයිනල් ඉයර් එකේ දිගටම හොඳම රිසාල්ට්ස් දැම්මා)

      මට තිබුනෙ එකක්.

      මට ඒ වෙලාවෙ ඇතිවුන සතුට කියල නිම කරන්න බෑ.

      මට තිබුන එකම දුක,මගේ බැචාල බැචීල කීපදෙනෙක් 'හොඳ වැඩේ මහ ලොකුවට ගුරා වෙන්ඩ ගියා' කියකියා රිදවීමත්, බස්සා 'ඇද්ද තමුසෙට' කියමින් ලෙඩ හොඳවෙනකම් අවලාද නැගීමත්, තාත්තා පවා 'අනුන්ට කරන්න කලින් තමන් ගැන හිතන්නට ඕනෑ' බව කියකියා දොස්තර ගාවට දක්කගෙන යාමත් (ඩොකා විසිට් කිරීම මට කවදත් තිත්තයි නොවැ!)

      Delete
    3. කමෙන්ට් එකට කියන්න ගියෙ එකක්. කියවුනේ වෙනම දිග කතාවක්. ඒ වුනාට මම හිතන්නෙ 'හොඳ ගුරුවරයෙක්' වුන ඩූඩ්ටනම් එදා මට දැනුන සතුට තේරෙනවා ඇති.

      ලැප්ටොප් සහ ටිපිටිප් වර්ග මිශ්‍ර කරන්නත් හොඳ නෑ. දවස් දෙක තුනකින් කූඹි ඇවිත් කී බෝඩ් එක යට තියෙන සුදුපාට රබර් කොටස් සේරම කාල දානවා.

      Delete
  9. හිටහං යකෝ පත්තර මල්ලි.

    මිණිපිරී ආවුද තියන මඩුව සුද්ද කරකර ඉන්නකොට තමා බාගෙයක් පාවිච්චි කරපු පෙට්‍රල් කෑන් එකක් හම්බවුනේ මඩුවෙ තිබිලා. එදාවේල අමාරුවෙන් හම්බකරගෙන ජීවත් වෙච්ච ඒ නිසාම අරපිරිමැස්ම කියන එක ජීවන දර්ශනයක් වෙලා තිබුන මේ පවුලෙ සාමාජිකාවක් වුන මිණිපිරී කල්පනා කලා පෙට්‍රල් වලින් ප්‍රයෝජනයක් ගන්න . ආන්න එහෙමයි මිණිපිරීට හිතුනේ මේකෙන් එළියෙ තිබිච්ච වැසිකිලිය සුද්ද කරන්න.

    කෙල්ල පෙට්‍රල් පොඟවපු රෙදි කෑලි වලින් මුලින්ම වැසිකිළියෙ බිත්තියි, දොරයි, අන්තිමට වැසිකිළි පෝච්චියයි හොඳට මැදලා සුද්ද කලා ආයෙ දිලිහෙන්ඩම.

    මිනිපිරී වැඩේ ඉවරකරලා ගියා විතරයි ඕං කවුද ආවේ කියලා කියමු බලන්න අඩිපාර දිගේ හා හා පුරා කියලා වැසිකිළිය පාවිච්චි කරන්න? ඔව් ඔබ හරි. කණ්නාඩි කුට්ටම් නහය උඩ රඳෝගෙන, දුම් පයිප්පෙ කට කොණකින් එල්ලගෙන, රෝල් කරපු ප්ලේබෝයි සඟරාවක් කිහිල්ලෙ ගහගෙන ආවේ වෙන කවුරුත් නෙවෙයි සීයා.

    සීයා පෝච්චිය උඩ හරිබරි ගැහිලා ඉඳගෙන පයිප්පේ පත්තු කරන්න කියලා හිතාගෙන ගිණිපෙට්ටිය ඇදලා අරං ගැනුවා විතරයි ගිණිකූරක්.

    බෝම්බයක් පුපුරනවා වගේ ඇහිච්ච කං බීරි වෙන සද්දෙට මුලින්ම දුවගෙන ආව මිණිපිරී. වැසිකිළියේ දොර ගැලවිලා වීසි වෙලා. අර පණ දාගෙන මැදපු බිත්ති පුපුරලා කලුවෙලා. සීයා අඩි පනහක් විතර ඈත පඳුරක් අස්සෙ වැටිලා ඉන්නවා කලිසම ගස් නගින වලල්ලක් වගේ වළලුකර වටේට දාගෙන, කණ්ණාඩි කුට්ටම එක කනකින් එල්ලගෙන, පයිප්පේ න‍ටු කෑල්ල විතරක් තවම හපාගෙන, ඉරිලා වැරහැලි වුන ප්ලේබෝයි සඟරාව තවම කිහිල්ල යට ගහගෙන.

    "අනේ සීයේ, මොකද මේ වුනේ?" මිනිපිරී විලාප දුන්නා.

    "දල්ලෑ දරුවෝ," සීයා කිව්වා." මොනව හරි මං කාපු දෙයක් වරදින්න ඇති."

    ReplyDelete
    Replies
    1. //සීයා අඩි පනහක් විතර ඈත පඳුරක් අස්සෙ වැටිලා ඉන්නවා කලිසම ගස් නගින වලල්ලක් වගේ වළලුකර වටේට දාගෙන, කණ්ණාඩි කුට්ටම එක කනකින් එල්ලගෙන, පයිප්පේ න‍ටු කෑල්ල විතරක් තවම හපාගෙන, ඉරිලා වැරහැලි වුන ප්ලේබෝයි සඟරාව තවම කිහිල්ල යට ගහගෙන.//

      හිනාවෙලා වැරෙනවා බොල.. ආතල් කෝටියයි

      Delete
    2. හැක..හැක.... නියම කතාව බොලවු.

      Delete

    3. //"දල්ලෑ දරුවෝ," සීයා කිව්වා." මොනව හරි මං කාපු දෙයක් වරදින්න ඇති."//
      හොදම ටික, සීය මීට කලිනුත් උඩින් ගිහින් වැටිල අත්දැකීම් තියනව. මරු කතාව ඩූඩ්

      Delete
    4. ඩූඩ්!

      මේක ඔයා මේ මොහොතේ චටපට ගාලා හදල ලිව්වද???
      ඒක එහෙම උනත්, නූනත් අතිවිශිෂ්ඨයි!!!

      //සීයා අඩි පනහක් විතර ඈත පඳුරක් අස්සෙ වැටිලා ඉන්නවා කලිසම ගස් නගින වලල්ලක් වගේ වළලුකර වටේට දාගෙන, කණ්ණාඩි කුට්ටම එක කනකින් එල්ලගෙන, පයිප්පේ න‍ටු කෑල්ල විතරක් තවම හපාගෙන, ඉරිලා වැරහැලි වුන ප්ලේබෝයි සඟරාව තවම කිහිල්ල යට ගහගෙන. //
      මැවිලා පෙනුනා!

      Delete
    5. මේක කියවලා හිනාවෙලා බඩ කොරවුනා , මොනව හරි මං කාපු දෙයක් වරදින්න ඇති.

      Delete
    6. උඹලා ඔක්කොටම ස්තුතියි කමෙන්ට් එකට දාපු ප්‍රතිචාර වලට. බස්සී මේක මම ලියන්න ඉන්න පෝස්ට් එකකට යොදන්න තවම සුද්දගෙ බාසාවෙන් තිබ්බ කතාවක්. ඔව් දැන් තමයි පරිවර්තනය කලේ පට් පට් ගාලා. කමෙන්ට් එක දාලා නැප් එකක් දාලා නිදාගත්තා. ඇහැරිලා බලනකොට යකූ ඒකයට කමෙන්ට් වැලයි.

      කලිසම වලල්ලක් වගේ වලලුකර තියෙන කෑල්ල මම අතින් දැම්මා කතාව ස්වභාවික වෙන්න. :D

      Delete
    7. >>කමෙන්ට් එක දාලා නැප් එකක් දාලා නිදාගත්තා.<<

      තවම නිදිමතේ කුණුහබ්බ ලියවිලාතියෙන්නේ. මේක ආයෙ විස්තර කරන්න ඕනෙ නෑනේ. :D

      Delete
    8. පට්ට පට පට ඩුඩෝ........

      Delete
    9. ය වගේම සීන් එකක් තියෙනවා උදයකාන්තගේ "ගින්දරී" ෆිල්ම් එකෙත්.එතනත් ටොයිලට් එක පුපුරන්න එකේ ඇතුලේ ඉන්න පොර වැඩේ කරන්නේ.

      Delete
  10. පෝස්ට් එකට වඩා රහයි කොමෙන්ට්ස් ටික...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක රහ දැනෙන්න නෙමෙයි අනේ ලිව්වෙ, දැනුවත් වෙන්න. :)

      Delete
    2. ඔන්න ඔය සීන් එක සොමි බෝයිස් චිත්තරපටියෙත් තියනවා....
      මට මේ සීන් එක මුලින්ම කිව්වේ අපේ පියතුමා....ගොඩ කාලෙකට පස්සේ මේ කොමෙන්ට් එකෙන් මතකය අලුත් උනා....

      Delete
    3. වාසනාවන්ත:

      ඩූඩ්ගෙ කමෙන්ට් එකට දාන්න හිටපු රිප්ලයි එකක් මෙතන වැටිලා වගේ?

      Delete
  11. පොස්ට් එක ඉතාම සාරවත් කොමන්ට් ටික ඉතාම රසවත්

    ReplyDelete
  12. A ලෙවල් කාලේට ආපහු ගියා බස්සියේ. ඒක නම් තව කමක් නෑ. කොමෙන්ට් ටික දැක්කට පස්සේ ඕනෑම දෙයක් ගෙඩිය පිටින් ගිල දානවා මිසක් තව දෙයක් එක්ක එකතු කරන්නේ නම් නෑ මීට පස්සේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි CE! සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගෙ නවාතැනට!

      Delete
  13. හි..හි.. ෆුල් සීරියස් පිට පොස්ට් එක කියෝගෙන ආව.. කොමෙන්ට් කියවනකොට අරව ඔක්කොම අමතකයි හිනා වෙලා.... මින් පස්සේ කොමෙන්ට් කියෝලා තමයි පොස්ට් එක කියවන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. නිකම් ආනන්ද කළුආරච්චිගෙ ෆිසික්ස් පාඩමක්, නැත්තම් සන්නස්ගලගෙ සිංහල පාඩමක් වගේ නේද? තියරි එක ලාවට විනාඩි දහයෙන් කියල දෙනව. ඒ වෙලාවට සිරාවටම මතකයි. ඊට පස්සෙ පැය ගානක් විහිලු කතා කියල කියලම ඒවට හිනාවෙලා අරටික අමතක වෙනව.

      Delete
  14. කෙමෙස්ට්‍රි නම් ඒ කාලේ ඉදලම අජපල් සබ්ජෙක්ට් එක....පේපර් වල ලකුනු කියන්න බෑ හතර විලි ලැජ්ජාවයි බස්සි අක්කේ...කොහොම උනත් වැදගත් පෝඅස්ටුවක්...මම නම් ඔය එක එක ඒවා කල්වන් කොරන්න යන්නේ නෑ....
    දන්න එකම කලවම අන්නාසි කෑලකට මැන්ගො එකෙන් සුට්ටක් දාගෙන ලග නමන්න තමයි....
    මැන්ගො නෙක්ටා ටිකකුත් දැම්මම පංකාදු පහයි...

    ReplyDelete
    Replies
    1. තැන්කූ මල්ලි! මං ඒ කාලෙ ආසම කෙමෙස්ට්‍රිවලට. බයෝ තමා අජපල් වෙලා තිබුනෙ.

      Delete
  15. අර ඉංග්‍රිසි අකුරුයි ඉලක්කම් ටිකයිනම් මේලෝ දෙයක් නොතේරුනාට, කලවම් නොවෙන්න ඕනි එව්වා මොනාද කියලා යාන්තමට තේරුණා.......... ඇත්තටම වැදගත් ලිපියක්.......... ස්තූතියි.......!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ආර්යන්!

      Delete
  16. පිරිසිදු බව පිළිබදව ඉතා පිරිසිදුව ලියන ලද ලිපියක් බව පිරිසිදු සිතින් ප්‍රකාශ කරමි.
    එහෙම ඇතිද බස්සියේ ?.

    ReplyDelete
    Replies
    1. මනෝගෙන් මනෝහර, මනමෝහනීය කමෙන්ටුවක්!
      තැන්කෝ...!!!

      Delete
  17. නොදන්නා දෙයක් ඉගෙනගත්ත.. එත් මම මේ කල්පනා කරේ පහුගිය දවස් දෙකකම දවල්ට මයියොක්ක කාල හවස ඉඟුරු දාල තේ බීවනේ.. පලවෙනි දවසෙනම් අමතක වෙලා බීවේ.. එත් මුකුත් උනේ නැති නිසා දෙවැනි දවසේ මතක් වෙලත් ඉඟුරු දාල තේ බීව.. තාමනම් මුකුත් උනේ නැහැ.. බඩ පැලෙන්න කන නිසා බොක්කට ඉඟුරු මයියොක්ක හොයාගන්න අමාරු ඇති මයේ හිතේ.. දන්නා එවුන් කියහල්ල බලන්න ඇයි මාව මලේ නැත්තේ කියල..

    ReplyDelete
    Replies

    1. මයියොක්කාවල ලිනමරින් තියෙනවා. ඉඟුරුවල ලිනැමරේස් එන්සයිමය මද වශයෙන් තියෙනවා. මේ එන්සයිමය හමුවේ ලිනමරින් බිඳවැටිලා සයනයිඩමය සංයෝග හදනවා.

      නමුත් ඉඟුරුවල බොහෝවිට මේ එන්සයිමය ඇත්තේ අඩු සාන්ද්‍රණ වලින්. අනික, ඉඟුරු තේ එකක අඩංගු වෙන්නෙ ඉඟුරු බොහොම ස්වල්පයක්. ඒ නිසා රෝග ලක්ෂණ පහල වෙන්නෙ බොහොම කලාතුරකින්. ක්ලාන්තය, කැරකිල්ල වගේ ඇතිවෙන්න පුලුවනි.

      මේක බහුලව සිදුවෙන්නෙ මයියොක්කා තම්බද්දි. මයියොක්කා මුල් සහ කොළවල අධි සාන්ද්‍රණයෙන් ලිනැමරේස් එන්සයිමය හමුවෙනවා වගේම එමගින් ලිනමරින් HCN බවට බිඳහෙලීමේ හැකියාවත් ඉහලයි. එය ශරීරගත වුනොත් මාරාන්තිකයි.

      නමුත් සෙල්සියස් 72 ට ඉහල උෂ්ණත්ව වලදි ලිනමරේස් එන්සයිමය බිඳවැටෙනවා. ඒ නිසා මයියොක්කා පිසීමේදී ඉහළ උෂ්ණත්වයක් භාවිතා කිරීම වැදගත්.

      පියන ඇර පිස ගැනීමේදී අර නිෂ්පාදනය වූ හයිඩ්‍රජන් සයනයිඩ් වාෂ්ප වෙලා ඉවත් වෙනවා.

      Delete
    2. ස්තුතියි පැහැදිලි කිරීමට.. වැඩි පරෙස්සමට කියල ආයේ මයියොක්කා ඉඟුරු එකට නොකා ඉන්න තීරණය කරා ඔන්න..

      Delete
  18. කෙමිස්ට්‍රියි බ්ලොගුයි එකට කලවන් කරන්න එපා කියලා ලියන්න හිතාගෙන කමෙන්ට්ස් කියවන්න ගත්තා (කෙමිස්ට්‍රි ඇලජික් ලෙඩෙ මටත් තියෙනවා) ඒත් කමෙන්ට්ස් කියෙව්වට පස්සේ ඒ කලවම කමක් නෑ කියලා හිතුනා :)

    අර කාලයක් තිස්සේ යහ පාලනෙයි හොර කමයි මික්ස් වෙන්නේ නෑ කියලා කට්ටියක් හිතන් උන්නා වගේ

    ReplyDelete
    Replies
    1. //කෙමෙස්ට්‍රියි බ්ලොගුයි//

      තැන්කූ! ඔයා මට අලුත් බ්ලොග් පෝස්ට් එකකට අයිඩියාවක් දුන්නා.

      ඉංග්‍රීසි භාෂාවෙන් තොරතුරු හොයද්දි අපිට බ්ලොග්ස් මාර විදියට උදව් වෙනවා. ඉවුම්පිහුම්, ක්විලින්, මැහුම්, පේන්ටින්, ඇඳුම්පැළඳුම්, ලව් කිරීමේ කලාව, මල් වවන හැටි, බල්ලා නාවන හැටි, තාරකා විද්‍යාව, UFOලොජි, වාහන ගැන, ගෑණු ගැන, පිරිමි ගැන, ළමයි හදන හැටි, ළමයි නලවන හැටි, විනාඩි තිහෙන් හදන ඩිනර් රෙසිපි, විනාඩි පහළවෙන් ගේ අස් කරන හැටි, කෙටිකතා ලියන හැටි, ෆිසික්ස්, බයෝ, ඕගනික් ඉනෝගනික් සහ ඕනෑම කෙමෙස්ට්‍රි ජාතියක්. මුහුද පතුලෙ ඉන්න සත්තු, පුරා විද්‍යාව, ටෙකි ටෙකි විස්තර, ලෙඩ ගැන, බෙහෙත් හැන, ටී වී ෂෝ ගැන, මොබයිල් ඇප් ගැන......

      ඇයි සිංහලෙන් ඒවගේ ලියවෙන්නෙ නැත්තෙ? සිංහල බ්ලොග්වල ගොඩාක් ලියවෙන්නෙ පාටි දාල කෑම කාපු හැටි, අරක්කු බීපු හැටි, පම්පෝරි පම්පෝරි සහ පම්පෝරි. අත්දැකීමක්, අනුන්ට ප්‍රයෝජනවත් විදියට ලියන ලේඛකයො අතලොස්සයි ඉන්නෙ. හා නැද්ද?

      අනිත් බහුතරයක් (මමත් ඇතුලුව.) කෙටිකතා හරි, මෙගා නවකතා හරි, කවි හරි ලියනව. එච්චරයි. නැද්ද?

      වෙනස් ටොපික් එකක් ගැන කවුරුහරි ලිව්වොත්, ඒක මහ බෝරින් වැඩක් බව කියකියා ඔවුන්ව අධෛර්යමත් කරන අය වැඩියි. තාරකා විද්‍යාව ගැන ලියන එකම එක සිංහල බ්ලොගයි තියෙන්නෙ.

      අපිට පුලුවන් නේද මේ විවිධ විශයයන් ගැන දැනුම ඇති අයව මේ නිදහස් අවකාශයට ඇදගෙන ඇවිත් මේක දැනුම් ගබඩාවක් කරන්න?

      Delete
    2. කතාව ඇත්ත ... ඔබ සමග එකඟයි .....
      අර මාළු ඇතිකිරීම ගැන ලියන්න ගත්ත එකාත් මගදී නැවැත්තුවා .. කැමරාවෙන් එහා , වැඩිහරියක් ලියන්නේ කැමරාවෙන් එහා දේවල් (මැසිවිල්ලක් නොවේ නිරීක්ෂණයක් ).
      හැබැයි මම එසේ ලිව්වේ ඔබව අධෛර්යමත් කරන්න නොව ඇත්තටම මට කෙමිස්ට්‍රි ඇලජික් නිසා :) . හැබැයි එවැනි විශයානුබද්ධ බ්ලොග් කියවන්නන් අඩුත් නෑ , දැන් බලන්න ඉකොනොමැට්ටා .... නාලක ලා චානුක ලා , ගැඹුරු භෞතික විද්‍යා සංකල්ප ගැන , විශ්වය ගැන ලිව්වොත් , නොකියවයිද .... මෙය හොඳ අදහසක් බස්සි ... ඔබේ ඇති බස හැසිරිවීමේ දක්ෂතාවයත් අනුව මෙය සාර්ථකව කල හැකි වනු ඇත ...ජය

      Delete
    3. >>අර මාළු ඇතිකිරීම ගැන ලියන්න ගත්ත එකාත් මගදී නැවැත්තුවා<<
      ඒක ඇත්ත ජාලිය. මාත් උගේ බ්ලොග බලලා සෑහෙන දේවල් ඉගෙනගත්තා. මාලු ටැංකි දෙකකුත් හදලා වැඩෙත් පටං ගත්තා. ඌ ආගිය අතක් නෑනේ. ඒකියන්නේ ජාලියත් මාලු ඇතිකිරීම ගැන උනන්දුයිද?

      ඒක නෙවෙයි ජාලිය. මගෙ මාලු ටැංකි දෙකෙන් එකක ඉන්නේ ප්ලේටි. උන් හෝ ගාලා පැටව් දානවා. අනිකේ ඉන්නෙ ඔක්කොම ගෑණු. නැත්තං පිරිමි. නැතිනං gay අර මුලින් කිව්වා වගේ.

      Delete
    4. ඔව් ඩුඩ් පොඩි කාලේ හැදිච්ච පිස්සුව හොඳ උනේ නෑ . අපේ ෆ්ලැට් එකේ තරමට පොඩි ටැංකියක් තියෙනවා දැන් (අඩි දෙකක විතර ) . community tank එකක් , amazon theme එකට හදන්න හදන්නේ . මෙන්න මේ වගේ(https://www.google.com.hk/search?es_sm=119&biw=1440&bih=705&tbm=isch&sa=1&q=amazon+themed+planted+aquarium&oq=amazon+themed+planted+aquarium&gs_l=img.12...43188.45077.0.46814.8.8.0.0.0.0.88.623.8.8.0....0...1c.1.64.img..8.0.0.8GvHhurdgzE#imgdii=ORbFwfg3Pl87vM%3A%3BORbFwfg3Pl87vM%3A%3BcxlOiG-JeoMpmM%3A&imgrc=ORbFwfg3Pl87vM%3A)

      ප්ලේටින්ගේ ගෑනු පිරිමි වෙන් කරන්න හරිම ලේසියි
      https://www.google.com.hk/search?es_sm=119&biw=1440&bih=705&tbm=isch&sa=1&q=differentiate++sexes+platies&oq=differentiate++sexes+platies&gs_l=img.12...2011.12557.0.14143.28.23.0.5.5.0.132.1935.20j3.23.0....0...1c.1.64.img..10.18.1110.hku9pQmJm2w#imgrc=A3rjuwx4xwkqsM%3A

      අර gay ටැංකියට කරන්න තියෙන්නේ එකේ ඇල්ෆා මේල් ව අනිත් ටැංකියට දාන එක .

      ඔබට පෙනෙනවා ඇති මම මාළු ගැන කතා කරන්නත් හරි කැමති බව ( චායාරූප ගැන වගේම )....

      Delete
  19. ගිය ස්කෝලේ නමෙත් "විද්‍යා"කියලා තිබ්බට මොකද මටත් විද්‍යාව ටිකක් ඇලජික්.අවර්තිතා වගුව,ත්වරණය,ප්‍රවේගය වගේ එව්වා මට අල්ලන්නෙම නැහැ.හැබැයි ජීව විද්‍යාවට මම කැමතියි.තව ඉස්සර පොඩි කාලේ තිබ්බ "ආරම්භක විද්‍යාව"කියන විෂයත් මම කැමති එකක්.යශෝගේ මේ විද්‍යා පාඩම් වලටත් මගේ අකමැත්තක් නැහැ.

    ReplyDelete
  20. විදේශ රටවල පදිංචි සමහර අයත් දෙසැම්බර් මස මවුරටට පැමිණෙන බැවින් සිංහල බ්ලොග් කරුවන් එකතුවීමට දෙසැම්බර් මසදී සාදයක් සංවිධානය කිරීමට හැකියාවක් ඇත. මේ සඳහා සහ අනාගතයේ එවන් සංවිධාන කටයුතු සඳහා උපකාරී වීමට sinhala bloggers ෆේස් බුක් පිටුවට එක් වන්න. සියළුම සාමාජිකයන් ඇඩ්මින් වරුන් ලෙස පත්කෙරෙන බැවින් සියළුම අයට එක හා සමාන අයිතිවාසිකම් ඇතිවනු ඇත. මෙය ඔබේ බ්ලොග් එකේ කමෙන්ටුවක් ලෙස කොපි කරන්න.

    ReplyDelete
  21. සෑහෙන දවසකින් විද්‍යා පාඩමක් ඈ
    හොදයි හොදයි ගොඩක් දේ ඉගෙන ගත්ත
    බස්සියෙ ඔය පිරිසිදු කාරක පාවිච්චි කිරීම වගෙම අධි පිරිසිදුව හෙවත් ඕනවට වඩා පිරිසිදු වීමත් ඇගට අගුණයි නේද..
    ඒ කිව්වෙ විසබීජ කියල කීවට ඒව විසබීජ නොවෙන්නත් ඉඩ තියෙනව වගේ දෙයක් නේද..

    ReplyDelete
  22. මම නම් දන්නේ අරක්කු කලවං ගැහැව්වාම කන පාත් වෙලා බල්ලට මචං කියන්න වදිනවා කියලා..
    අරක්කුයි- බියර්
    අරක්කු-ගංඡා
    අරක්කු-සිගරට් අලු
    ගල්-විස්කි

    ReplyDelete
  23. මේක සෑහෙන්න වටිනවා බං. මමත් දැනං හිටියෙ නෑ ගොඩක් ඒවයෙ අන්තර්ගතය. බෝතලේ, පැකට් එකේ තිබුණට හැම වෙලේම කියවන්නෙ නෑනෙ. අපේ ඇත්තීට හොරෙන් හංගගෙන තමා මම ඔය රසායනික දේවල් යොදාගන්නෙ. පට්ට තරහයි ඒවා පාවිච්චි කරනවාට.

    ReplyDelete