Wednesday, March 30, 2016

දෙපියන්-බෙල්ලා





සිඟිති දෙපියන්-බෙල්ලන්ගේ විසිතුරු කවච අලවා හැඩගන්වන ලද මුහුදු නිල් පැහැ ජැකට්ටුව කාමරය හරහා ඉගිල ගොස් 'තඩ්' හඬින් තේ මේසය මත පතිත විය.


"සිප්පිකටු? හත්වලාමේ සිප්පිකටු? ඩේව් ඔහේ ඇඳ විට්ටමේ ඔළුව හප්පාගත්තද?"


නිදිවැරීමෙන් සුදුමැලි වූ නළල රැළි කරන පීට්ගේ හඬේ කෝපයත් ආයාසයෙන් ඒ මතට නැංවූ සෝපාහාසයත් කැටිව තිබිණි. ගී ලෝලීන් අමන්දානන්දයට පත්කළ ඇම්බර් පැහැ සිවිකාච ගලවා දමා ඇති හෙයින් ඔහුගේ දෙඇස නුහුරු කොළ පැහැයකින් දිස්වේ. ඒ වූ කලී කේශාලේපන තට්ටු තවරා කෙළින් කල මලකඩ පැහැ කෙස්සට කොහෙත්ම ගලපාගත නොහැකි වර්ණ සංයෝජනයකි.


"නාවුක ඉංජිනේරුවන්ගේ සම්මේලනයේ වාර්ෂික සාදය! සිප්පිකටු නැතිව මේ ජැකට් එකට අලවන්ඩ කියන්නේ සමනල්තටුද?" කළමනාකාර තැන නුරුස්නා හඬින් මුමුණන්නට වී.


"මූදු පතුලේ මැරිච්ච බෙල්ලන්ගේ සොහොන් කවච එල්ලාපු ජැකට් එකක් ඇඳගෙන හෙනගහච්ච දිය කිඳුරෙක් වගේ ස්ටේජ් නගින්න පුළුවන්ද මනුස්සයෝ මට? පුළුවන්නම් ඔය උලව් සංදර්ශනේට සිංදු කියන්න මං වගේ තව කෙනෙක් හොයාගන්නවා."


ලොව වටා පවත්වන ලද සංගීත සංදර්ශන මාලාවකට සහභාගි වීමෙන් වෙහෙසපත් පීට් තරමක් කෘෂව, නිදිබරින් පීඩාවට පත්ව,නොරිස්සුම් සහගතව සිටියේය. ඩේව් සිතිවිල්ලේ නිග්මනවය. සාමාන්‍ය මිනිසෙකුට දරන්නට අපහසු තරමට පීට් කාර්යබහුලව සිටින බව සැබැවි. හඬ අභ්‍යාස සහ නර්තන පුහුණුවීම්වල නිරත වීම මුළුමුනින්ම මගහැරෙන දින ගණනද එන්න එන්නම වැඩිය.ඊටත් වඩා මේ නොරිස්සුම සහ හදිසි කෝපය පැහැදිලිවම අධික ආතතියේ ප්‍රතිඵලයි.


සෝෆාවෙහි වැතිරගත් පීට්ගෙන් වරින්වර සිහින් ගෙරවිල්ලක් නැගෙයි. ඩේව්ගේ හිස තුළ එක්වරම කහ එළියක් දැල්වෙන්නට වූයේ පීට් හඬ බරකර අවසානයට බිණූ වදන් කිහිපය සිහිපත් වීමෙනි.


"ඔය උලව් සංදර්ශනේට සිංදු කියන්න මං වගේ තව කෙනෙක් හොයාගන්නවා. පුළුවන්නම් මං වගේ තව කෙනෙක් හොයාගන්නවා!!!"



****************************


පීටර්සන් ප්‍රාසාංගික කටයුතුවලින් මාස කිහිපයක විශ්‍රාමයකට එළැඹීම රසිකයන්ගේ මහත් කනස්සල්ලට හේතු වී තිබිණි. දින කිහිපයක් තුළ යූ ටියුබ් අඩවිය හරහා පීට්ගේ ගීත නැරඹුම් වාර්තාගත ලෙස ඉහළ යන්නට විය. ඩේව් සිය ව්‍යාපාරික ඥානය ගැන තවතවත් උද්දාමයට පත්වෙමින් උන්නේ, බැබළෙන නෙතින් යුතුව නිරතුරුව මෙසේ පවසන්නට විය.


"ව්‍යාපාර කියන දේ එකතැන පල්වෙන්න අරින්ඩ නරකයි. හැමවෙලේම පාවිච්චි කරන්ඩ ඕනෑ තියෙන ඉහළම තාක්ෂණේ.තාක්ෂණේ නොදන්නා හණමිටිකාරයින්ට පවතින්ඩ බෑ මේ ලෝකෙ. ඒකට ඕනෑ මොලයක්. මේ ඩේව්ට දේවාශිර්වාදයෙන්ලැබිල තියෙන්නැහේ මොලයක්!"


ජපන් වෛද්‍ය විශේෂඥවරුන් සහ පර්යේෂකයන් කණ්ඩායමකගේ ආගමනය සහ පීටර්සන්ගේ ස්වරාලය ආශ්‍රිත සැත්කමක් පිළිබඳව ඕපාදූප වෙබ් අඩවි හරහා වරින් වර දෙබරයට ගල් ගසන්නට, රසික ප්‍රජාව අවුස්සාලන්නට විය. පීට්ගේ නිවාස පරිශ්‍රය (සුවිසල් ගෘහෝද්‍යානයද ඇතුළුව) පැපරාසීනට තහනම් කලාපයක් බවට පත් කෙරිණි.


"ඔහුට විවේකය අවශ්‍යයි." තියුණු එරවුමක් සමග කෙටි වදන් කිහිපයක් දමාගැසීමෙන් ඩේව් විසින් ඕපාදූප පුවත් පිටතට කාන්දුවිය හැකි හැම කුඩා සිදුරක්ම වසා දමනු ලැබීය. "පීට්ව ඝාතනය කල ඩේවිස් මිනිය හංගා මාධ්‍යවේදීන්ට කඩාපනී." සිරස්තලය යටතේ පළවූ සයිබර් මඩ ව්‍යාපාරය ගැන සොයා බලන්නටවත් ඔහුට ඉස්පාසුවක් නොතිබුණ තරමි.


විරාමයෙන් පසු යළි කරළියට පැමිණෙන පීටර්සන්ගේ ජනප්‍රියත්වය අඩුවෙමින් පැවති බව නොරහසකි. එකම වීඩියෝව තුන්හාරසිය වතාවක් ප්‍රතිවාදනය කිරීමෙන් පසු පීට්ගේ අඩවන් තෘණමනි දෙනෙතග රැඳි සරාගී බැල්ම නව යෞවනියන් තුළ පවා උද්‍යෝගයක් දල්වන්නට සමත් වූයේ නැත. පීටර්සන්ගේ පුනරාගමනය කෙරෙහි වූ ඇල්මැරුණු ආකල්පය අකාමකා දමන සුවිසල් පෙරළියක අවශ්‍යතාවය වඩවඩාත් බලවත්ව දැනෙන්නට වූයේ එබැවිනි.


"රොමැන්තික දෝලන" හෙවත් පීටර්සන්ගේ පුනරාගමන ප්‍රසංග මාලාව සමන්විත වූයේ ලොව වටා රටවල් ගණනාවක් ආවරණය කෙරෙන දිවා සහ රාත්‍රී ප්‍රසංග මාලාවකිනි.


"ඔහු ඉන්ද්‍රජාලිකයෙක් වගෙයි." ඔස්කාර් සම්මානලාභී ගායිකා කැරොලින් බර්නාඩ් පැවසුවේ එහෙමය. "පුරා පෑ හතරක් දිවා ප්‍රසංගයක එක දිගට වෙහෙස වෙලා, ඉන් පස්සේ රටේ අනිත් කෙළවරේදි රාත්‍රී ප්‍රසංගය අරඹන්න වේදිකාවට නඟින ඔහුගේ මූණේ තෙහෙට්ටුවක සෙවනැල්ලක්වත් නැහැ."


දිනකට පුරා පැය හතරක සංදර්ශන වාර දෙකක් දහවලේ සහ රාත්‍රියේ පවත්වන්නට යෙදුනද පීට්ගේ මුහුණේ වෙහෙසක සේයාවකුදු දක්නට නොලැබිණි. දිනපතාම අළුත් නර්තනාංග අත්හදාබැලුණු අතර අවසන් හෝරා කිහිපයේදී පවා කුඩා හඬ බිඳීමකුදු රහිතව ගලායන ගැයුමෙන් විස්මපත් රසිකයෝ යළිත් පීට් වටා රැස්කන්නට වූවේ සීනි කැටක් වටා රොද බඳින කුහුඹුරලක් මෙනි.



****************************


"මොළේ පුස්කාච්ච රෙගුලාසිකාරයන්ව ආරක්ෂක තනතුරුවලට බඳවගන්නවද මනුස්සයෝ!" පීට් සිය අත් ඔරලෝසුවට ඔරවමින් දත්මිටි කන්නට විය. දිවා සංදර්ශනය අරඹන්නට දැනටමත් පුරා පෑ දෙකක් ප්‍රමාදය. ගේට්ටුව අසල පොදිකන රසිකයන්ගේ ඝෝෂාව විවර කල කවුළුව හරහා නේපත්‍යාගාරය තුළටද ඇදී එයි.

"නරක දවසක් මිත්‍රයා. ඕක ඉවරවුණු වහාම ඔතැනින් පිටත්වෙන්ඩ වගබලාගන්නවා. රාත්‍රී ප්‍රසංගය ප්‍රමාද කරන්න මට කිසිම පැහැදිලි හේතුවක් ගොතාගන්න අමාරුයි. මේ යක්ෂයාට පමාවක් කියපු ගමන් වලිගෙ පාගගන්නවා."


තවත් විස්කි වඩියක් උගුරට හලා ගත් පීට්, ස්කයිප් තිරයට හිස වනා පරිගණකය වසා දැමීය.


ප්‍රසංගය අවසන්වන විට ප්‍රමාදය ගැන වගේ වගක් නැති, පීට්ගේ රැඟුමින් අමන්දානන්දයට පත් රසිකරසිකාවියන් විසින් ඔහු හා වාහනය අතරමැද මහ මිනිස් පවුරක් ගොඩනැගීමට ගතවූයේ මිනිත්තු කිහිපයකි. සමරු පොත් පන්සියයක අත්සන් තැබීම පහසු කාරියක් නොවන මුත් විස්කි මත හා අධික දාහය නිසා පීට්ගේ රුධිරය උණුහුම්ව, ජවයෙන් බුබුළු දමමින් පැවතුණි.


නගර කිහිපයකට එහායින් රාත්‍රී ප්‍රසංගය ඇරඹුණේ පීට් සොළොස් වියැති යුවතියකගේ කලවය මත සමරු අත්සනක් යොදා වාහනයට ගොඩවෙනවාත් සමගය. 


දිවා ප්‍රසංගයත්, රාත්‍රී ප්‍රසංගයත් එකිනෙකට සමගාමීව රූපවාහිනිය ඔස්සේ විකාශය වෙමින් පැවතුනි. ප්‍රේක්ෂකයන් නොසන්සුන්ව චැනල මාරු කරන්නට වූහ. පැපරාසීන් දඩබල්ලන් මෙන් පීට් හඹා ආහ. ඩේව්ගේ ජංගමය ක්‍රියා විරහිත කර තිබුණි.


"ලෑල්ලටම පාගපං මිනිහෝ. රාත්‍රී සංදර්ශනය තියෙන ටවුමට, පුළුවන් තරං ප්‍රධාන පාරවල් මගඅරින්න බලමු." පීටර්සන්ගේ නළල දෙපැත්තේ නහර ඉල්පී රත් පැහැ ගෙන තිබිණි.


වේදිකාව සරාගී මන්දාලෝකයකින් නැහැවෙමින් ය. දීප්තිමත් කහ ආලෝක ලපයක් මැද 'අනිත්' පීටර්සන්ද, මේ දැන් තිරය පිටුපස සිට වේදිකාව මතට පිනූ ඩේවිස්ද ඇස් ඩොගිත්තාගෙන උන්නේ ජන ගඟ දෙබෑ කරගෙන වේදිකාව පාමුලට ඇදෙන තමාගේ ජීවමාන අනුරුව; 'පීටර්සන්' සහ පැපරාසි සමූහය දෙසටයි.


"මට මේ හැංගිමුත්තම දැන් තිත්තයි ඩේව්, මට දීපං මයික් එක. දවසට සංදර්ශන දෙකක් කරන්න මට තාම හයිය තියනව මනුස්සයෝ!" විස්කි මතින් එඩිගන්වන ලද 'පීටර්සන්' වේදිකාව මතට අසමබර පිම්මක් පැන්නේය.


"මූ කවුද? කොහේ ඉඳන්ද ආවෙ? ඩේව්, උඹ දන්නවද මූව?" ආලෝක ලපය මැද හුන් 'අනිත්' පීටර්සන් කෝපයෙන් වෙව්ලමිනි. හිස් කෝලා බෝතලයක් වේදිකාවේ හැපී පසෙකට පෙරළී යන අතර ශාලාවෙන් 'හූ' හඬක් නැගුණි.


"නෑ. මම මූව දැක්කෙත් අද!" ඩේව් සිවල් බැල්මක් හෙළමින් පියවර දෙකක් පසුපසට තැබීය.


"මං අද උඹව ඉවරයක් කරනවා!" අඳුන් දියකරගෙන ගලන ඩා දිය සහිතව තමාගේම අනුරුව තම ගෙලට කඩා පනින'යුරු තත්පරෙන් පංගුවකදී 'පීටර්සන්'ගේ දෙනෙත් අබියස දිස්විය. දිවි ගලවා ගැනීමේ සහජාසාවෙන් මඬනා ලද හෙතෙම ඊළඟ තත්පරයේ සාක්කු පිස්තෝලය සොයා වියරුවෙන් සිය දකුණත දිවවන්නට විය. 




38 comments:

  1. හපොයි.. ඔන්න මට ටහ්දින් ආතතිය... මගේ විචාර බටන් එක පෑගුවේ කවුද යකොව්! බස්සි උඹ නේද? මේකට දැන් ලියාපල්ලකෝ විචාරයක්...
    ( හඃ.. ඕන්න දැන් ඕකි ලියයි විචාරයක්.. හුහ් ! - සභාවේ කොනෙන් මුණු මුණු )

    ReplyDelete
    Replies
    1. හා ලියපම් බලන්න. මේක මේ සෑන්ස් ෆික්සන් වගේ එකක් ඈ. උඹ මගෙ මොළේ කණපිට ගැහෙන එව්වා හෙම ලියනව නෙමෙයි.

      Delete
  2. බස්සි හීනෙන් අවදි වෙලා ලියල වගේ... නැත්නං කොහොමද මේ වගේ දේවල් ඔළුවට එන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගත්කතුවරයෙකුගෙන් මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙනව කියන්නෙ ඉතිං මාරම සන්තෝසයි ඈ!

      Delete
  3. බස්සි හීනෙන් අවදි වෙලා ලියල වගේ... නැත්නං කොහොමද මේ වගේ දේවල් ඔළුවට එන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගත්කතුවරයෙකුගෙන් මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙනව කියන්නෙ ඉතිං මාරම සන්තෝසයි!

      Delete
  4. හෑ? මල මගුලයි. කෝ මේ පිස්තෝලෙ.

    ReplyDelete
    Replies
    1. හහා! අන්න ඒ අවසානය මම ලියපු අවසානයට වඩා හොඳයි වගේ.

      Delete
  5. මෙරවින්ගයින් ගේ ට්වින්ස් දෙන්නගේ පින්තුරේ දැක්කම ඔක්කෝම අමතක උනා හැක්

    පසුව කියවමි.. යමි අමතක දේ බලන්නට..

    ReplyDelete
    Replies
    1. ඔච්චරමයි හරිහමන් පින්තූරෙකට හොයාගන්න තිබුනෙ.
      ඒක දැම්මයින් උනේ දේශකයගෙ ප්‍රතිචාරෙ දැනගන්න බැරිවෙච්චි එක. සැක්!

      Delete
    2. The prestige කියල 2006 ආපු ෆිලුමක මේ වගේ ඩබල් කේස් එකක් තිබුනා.. කතාව කියවද්දි කරුමෙට ඒකමයි බං මතක් උනේ.. මට ඒත් මේ කතාවේ ලොකු අමුත්තක් දැනුනේ නැහැ..

      Delete
    3. ආහ් අමතත උනා පින්තුරේ ගැන..

      https://www.youtube.com/watch?v=NONAOaZQqn4

      Delete
  6. මගේ ම අනුරුව මගේ ම ළඟ හිඳ
    මගේ ම මුහුණට සමීප වී
    මගේ ම තොරතුරු මගේ ම දෑසින්
    විමසන දවසක් එනු මැනවී...
    මගේ ම අනුරුව මගේ ම ළඟ හිඳ...

    ඔබගෙන් වෙන් වී ඉන්නා මොහොතේ
    තනිකම නම් අසපුව ඇතුළේ...
    ඔබගේ සුවඳයි ඔබගේ සුසුමයි
    නිරතුරු ගැවසෙයි ළය මඬලේ...

    මගේ ම අනුරුව මගේ ම ළඟ හිඳ...

    විල හා මල සේ නොව අප අපගේ
    හදවත් යුග පෑහී ඇත්තේ...
    එක ජීවිතයක් දෙතැනක රැඳිලා
    එක මල දෙතැනක පල ගත්තේ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : ප්‍රේමදාස අතුකෝරල
    ගායනය : වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ මොන ජාතියෙ කතාවක් ලිව්වත්, ගැලපෙන සින්දුවක් කොයිලෝකෙන් හරි හොයාගන්නව නේද?

      Delete
  7. ලියවිල්ල ටිකක් අමුතයි නියමයි.

    ...//යුවතියකගේ කලවය මත සමරු අත්සනක්//...

    ෂෙහාන් සුපර්ස්ටාර් වුන කාලේ ඕකම සිද්ද වුනා.
    ( මම හිතුවේ බස්සි හෙන උසයි කියලා. බට කොස්සි කියන්නේ ඇයි කියලා දැනගත්තේ එදා දැක්කම)

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔව්. ශිහාන්ට ඒ වගේ වැඩ කීපයක්ම වුනා. අපේ ටියුෂන් ක්ලාස් එකක එකෙකුත් අත්සන් කරවගන්න බ්ලවුස් එක ගලවන්න ගොහිල්ලා ඉස්කෝලෙනුත් සස්පෙන්ඩ් වුනා. ඒ මතක නිසා වෙන්න ඕන එහෙම ලියවුනේ.

      ඒක නොවෙන්නම්. ඔයා හිතන් උන්නෙ මට බටකොස්සි කියන්නෙ මං කොට නිසා කියල නේද? ඇත්තට දැක්කම තමයි තේරෙන්නෙ මම කොච්චර උසද කියලා.

      Delete
  8. ඕක තමා කියන්නේ වැඩි තන්හාව හොඳ නෑ කියල. හොඳ වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ටිකක් පව් නේද? ලස්සන හාදයා නෙ

      Delete
  9. මොලේ නිකං පැණි බූන්දි වගේ අවුල් වෙලා මැගී නුල්ඩ්ස් රැල්ලක් වගේ ආයේ දිග ඇරුනා...පට්ටයි ආ.........

    ReplyDelete
    Replies
    1. හෙනං ඉතින් ආයෙ වෙන මක්කා කියන්නද? හරිම සතුටුයි අක්කෝ!

      Delete
  10. අනේ මන්දා බන් බස්සියෝ..උඹ අපිව පිස්සු වට්ටලා හිරි වට්ටනවා...

    -------------
    සුපිරි පිස්සුවක් ඈ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ විභියෝ!

      Delete
  11. මේවගේ ඒව දිගටම කියෙව්වොත් මෙන්ටලි තෙරපි එකක් ගන්ඩ වෙනව බොලේ.......හැබැයි කතාවනන් මරු බස්සි අක්කෙ

    ReplyDelete
    Replies
    1. ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට ඇවිත් බස්සිගේ විස්මලන්තයෙන් තෙරපි ගත්තනම් හරි!

      Delete
  12. බස්සියෝ මැජික් අරිෂ්ටේ වැඩියේ බොන්න එපා...මෙව්වා කියවලා හිතලම අපි පා වෙයි ආයේ එල එකක් ලියලා

    ReplyDelete
    Replies
    1. බොන එක ආයෙ වෙරිවෙලා වැටෙන්නම බීලා දැම්මා කිඹුලී අක්කෝ. ආයෙ මොකටෙයි පොඩ්ඩ පොඩ්ඩ බොන්නෙ

      Delete

  13. "මූදු පතුලේ මැරිච්ච බෙල්ලන්ගේ සොහොන් කවච එල්ලාපු ජැකට් එකක් ඇඳගෙන හෙනගහච්ච දිය කිඳුරෙක් වගේ ස්ටේජ් නගින්න පුළුවන්ද මනුස්සයෝ මට? පුළුවන්නම් ඔය උලව් සංදර්ශනේට සිංදු කියන්න මං වගේ තව කෙනෙක් හොයාගන්නවා."
    මේ ටික තමයි පට්ටම.

    උබ හීනෙන් වගේ ටැබ් එක අරන් මේ ටික ලිවුවද බන්. උපරිමයි.

    ReplyDelete
    Replies
    1. දිණමින cafe එකට ලිව්ව එකක් බං. උඹලා පත්තරේ එව්වා බ්ලොගේ දානව කියල මගෙ පතුරු අරින නිසා සද්ද නැතුව, හොරා වගේ හිටිය.

      Delete
  14. අර දේශකයව ඉවර කරන්න කෝ මේ පිස්තෝලෙ.

    ReplyDelete
    Replies
    1. ඒක මගෙ ගාව. කෝ මේ දේශකයා!

      Delete
  15. කථාව ටිප් ටොප්.

    ReplyDelete
  16. අපූරුයි

    ReplyDelete
  17. පට්ට පට පට.

    ReplyDelete
  18. මේකේ පොඩි සීරියස් සින් එකක් තියනවා..
    ඔය දැන් කාලේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සින්දු,ඇඳුම,සාමාන්‍ය සමාජයේ ඉන්න ඕනේ ආකාරය මේ ඔක්කොම තීරණය කරන්නේ ඔවුන්ගේ ඒජන්තවරු නැත්තන් කළමනාකාරවරු....
    මේ සින් එක නිසාම ට්‍රැක් පනින ගායක ගායිකාවනුත් ඉන්නවා.
    එන්රිකේ වුනත් ''සංගීත සන්දර්ශනෙකින් පස්සේ මට හරි පාළුවක් දැනෙනවා'' කියන්නේ එකයි.සමහරවිට පොරව sex idol එකක් විදිහට market කරන නිසා හොඳයි කියන්න පුළුවන් සින්දුවක් කියාගන්න බැරුව ඇති.

    ReplyDelete
  19. මේ සින් එක ගැන මයිත්‍රිත් කියල තිබ්බ(ලු)
    http://saimaas.blogspot.com/2016/04/bra.html

    ReplyDelete