Monday, September 12, 2016

ඇඳට නගින්නට පෙර – 1 කොටස



වැදි බණ කියල තියෙනවද? නැත්නම් වැදි බණ අහල තියෙනවද? අද මම කියන්න යන්නෙ බණක් වුනත් වැදි බණක්නම් නෙමෙයි, මමත් පිලිපැදලා, යහපත් ප්‍රතිඵල ලැබෙන බවට ප්‍රත්‍යක්ෂ කරගත් බණක්. නින්දට කලින් ඔළුව ඉහිල් වෙන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක්.


මගේ sleeping habits කියන එව්වා ගැන කතා කරල වැඩක් නැහැ. ඒ තරමටම කුජීතයි. ගොඩක් දවස්වලට ෆෝන් එක උඩ, ෆේස්බුක් යන අතරෙදිත්, ලැප් එක උඩ, ෆිල්ම් එකක් බලන අතරෙදිත් මට නින්ද ගිහින් බව දන්නේ බෙල්ලේ, කොන්දේ අමාරු එක්ක පහුවදා උදේට ඇහැරෙනකොට.


පහුගිය කාර්තුවේ දිගින් දිගටම අබලන් වේගෙන වේගෙන ආපු සෞඛ්‍ය තත්වයත් එක්ක, මටත් නිකමට හිතුනා මේ රටාවෙ වෙනසක් කරන්න. මේ තියෙන්නේ මම අත්හදා බලපු වෙනස්කම් ලැයිස්තුවක්.


1.හෙට දවසට සූදානම




පහුවදාට ඔෆිස් අඳින ඇඳුම් මැදලා, උදේට උයන්න උවමනා අඩුම කුඩුම ලෑස්ති කරලා, වාහනේ ඔයිල්, වතුර චෙක් කරලා අහවර කරලාම බලන්න ඕනෙ එතකොට ඔළුවට දැනෙන සහනය. ඔළුවෙ තියෙන ලොකු බටක් අයින් උනා වගේ හැඟීමක් දැනේවි.


2.ඇඳ අස් කරන්න.




ඔයාගෙ ඇඳ උඩත් ගෙදර තියෙන සබ්බ සකලමනාවම ගබඩා කරලා තියෙනවද? රෑ දෙගොඩහරි ජාමෙ phone/laptop charger බෙල්ල වටේ එතිලා හුස්ම හිරවෙන්න යද්දි ඇහැරිලා තියෙනවද? 


එහෙනම් කරන්න තියෙන හොඳම විසඳුම තමයි මේක. ඇඳ උඩ තියෙන අනිත් ලට්ට ලොට්ට සේරම අස් කරන්න. ඇතිරිලි, පොරෝණා, කොට්ට මෙට්ට ගසලා, රැලි ඇරලා පිලිවෙලක් කරන්න. එතකොට පැනපු ගමන් නිදාගන්න ආසාවක් හරි එනවනෙ.


3.උණු තේ කෝප්පයක්/ පළතුරු බීමක්




නින්දට යන්න සූදානම් වීමේ මුල් පියවරක් විදියට කරන්න පුළුවන් තවත් දෙයක් විදියට, උෂ්ණ දවසකදී නම් පළතුරු බීමක්, සීතල දවසකට උණු තේ කෝප්පයක් පානය කරන එක ශරීරයට ඉහිල් වෙන්න පහසුවක් වේවි.

(මුල් පියවරක් කියන්නේ, නින්දට පැයකට දෙකකට කලින් කල හැකි දෙයක්.)


4. කියවන්න




මුලින්ම කියන්න ඕනෙ, මේ ක්‍රමය ‘පොත් කාවුන්ට’ නම් සුදුසු නැහැ. 

විශේෂයෙන්ම මීට කලින් නොකියවාපු අලුත් පොතක් කියවන්න ගන්නකොට. ඒත්, සාමාන්‍ය කියවන්නන්ටනම් පොතක් එක්ක විනාඩි කීපයක් ගත කරන එක මනස සන්සුන් කරගන්න හොඳ ක්‍රමයක්.


5. උණු වතුරෙන් ඇඟ සෝදාගන්න




නිදිමත දැනෙන්නේ සිරුරේ උෂ්ණත්වය පහළ බැහැලා පරිවෘත්තීය ක්‍රියාවල වේගය අඩු වීමත් සමගයි. නින්දට කලින් මද වෙලාවක් උණු වතුරෙන් ඇඟ සෝදා ගැනීම මේ උෂ්ණත්ව වෙනස ඇතිකරන්න ඉවහල්වෙනවා.


උණුසුම් ජලය මගින් රුධිර නාල විස්තාරණය කිරීමක් සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට, දවසේ රාජකාරිවලින් වෙහෙසපත් මාංශපේශි වෙත රුධිර ගලනය වඩා හොඳින් සිදුවෙනවා. එවිට ඔක්සිජන් සැපයුම වේගවත් වෙලා මස්පිඬුවලට සහනයක් දැනෙන්නට ගන්නවා. එයත්, නින්දට වැටීම පහසු කරන්න උපකාර වෙනවා.



ලැයිස්තුව දිගයි. pointsම දහයක් තියෙනවා. දිගට කියවගෙන යන එක කම්මැලි වෙයි කියල හිතුන නිසා මම හිතුවා පෝස්ට් එක මෙතනින් දෙකට කඩන්න.


දෙවැනි කොටස පැය හතලිස් අටක් ඇතුලත පල කරන්නම්.



ප.ලි.

තවත් පොයින්ට්ස් පහක් ගැන පැය හතලිස් අටක් ඇතුලත පල කරන බවට මම පොරොන්දුවක් වුනා. මතකනෙ.


අපේ පොරොන්දු ඡන්ද පොරොන්දු වගේ නෙමෙයි. මෙන්න දෙවෙනි කොටස!



52 comments:

  1. චාජර්(ස්මාට්ෆෝන් යුගයනේ), ඉයර්ෆෝන්නම් බෙල්ල වටේ එතිල තියනවා.

    ReplyDelete
    Replies
    1. මට ඉයර්ෆෝන් ගැන කියන්න අමතකම වුනා කියන්නකෝ ඉතින්.
      ස්තූතියි මතක් කලාට!

      Delete
  2. උණු තේ එකක් :O ?? ෂුවර් ද?

    ReplyDelete
    Replies
    1. නින්දට සූදානම් වීමේ පළමු පියවර විදියට, පැයකට වඩා කලින්, ඔව්, මටනම් ෂුවර්!

      Delete
  3. තේ බිව්වම නිදිමත යනව නංගො මට නං .ආයෙ පැය 3 කට වත් නින්ද යනව බොරු.මට නං නින්ද අවුල් නෑ.බස් වල හිටගෙනත් අනිත් උන්ගෙ ඇඟට නොවැටී නිදාගගන්ඩ දන්න එකියක් මං

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා!
      එහෙනම් අක්කා බස් එකට නගින්න කලින් මතක් කරලා තේ එකක් බොන්න. :P

      Delete
  4. Replies
    1. දොයි දොයි දොයි
      බයි බයි බයි
      නිදිමව එයි
      වැළැඳ ගනියි

      Delete
  5. Replies
    1. දොයි දොයි දොයි
      බයි බයි බයි
      නිදිමව එයි
      වැළැඳ ගනියි

      Delete
  6. මේක ගැන නං මටත් සහතික වෙන්න ඇහැකි. ඒත් ඒක සතාගෙ හැටි, හැටියට වෙන්න පුළුවනි. බොහෝ අයට මේකෙ අනිත් පැත්ත වුනාට, මම නිදාගන්න ඉස්සෙල්ල බොන්නෙ උණු කිරි කෝපි.

    ලියන කලාවේ "the hook" කියන්නෙ මේ වගෙ මාතෘකා තේරිම්වලට වෙන්ටෑ? හ්ම්...හ්ම්.......food for thought

    ReplyDelete
    Replies
    1. මාතෘකාව දැක්ක ගමන් දුවගෙන එන ජනතාවකුත් ඉන්නවනේ බසු.
      තැන්කූ තැන්කූ!!

      Delete
  7. බස්Cගේ පාඩම්වල පොඩි බරක් තියෙනවා. ඒ බර තමයි ඔයාගේ ලිපි කියවන අය වැඩිවීමට හේතුව. බොහොමයක් කතා, කවි, උපදේශන, ලමා කතා වගේ දේවල්වල පවා බොහෝ නිර්ව්‍යාජයත්වයක්,,සරළ ලිවීමේ රටාවක් තිබුනා. බස්Cට බොහෝ විට සරළ ලිවීමේ රටාවකට වඩා එහා ගිය සරළව සිතීමේ නිදහස් චින්තනයක් තිබුනා. මම ඔයාව කියවන්නේ බ්ලොග්ස් තුල පමනයි. ෆේස්බුක්වල ලියන දේවල් මට කියවන්න වෙන්නේ නැහැ. බස්C වටපිටාව නිවැරදිව තේරුම් ගැනීමේ හැකියාවක් ඇති බ්ලොග්කාරියක්. ඒක දිගටම පවත්වා ගෙන යන්න!!!!

    ReplyDelete
    Replies
    1. හෝව් පොඩ්ඩක්..ඔය ලමයාගේ ඇතුලේ හොඳ ගුරුවරියක් ඉන්නවා. ටියුශන් ගුරුවරු ගැන නෙමේ මම කිව්වේ. ඒ හැකියාව ගැනත් මට කියන්නම ඕනම කීයලා හිතුනා.

      Delete
    2. මෙහෙම කමෙන්ටු ඇගයීමක් ලැබුනම ඉතින් 'පියඹා, යනවා මා ආකාශයේ' තමයි.
      බොහොම ස්තූතියි අරූ!

      ගුරුවරියක් කීවේ, අර Fun with Science වගේ පාඩම් නිසා වෙන්න ඕන.

      Delete
  8. බුදු අම්මෝ කාර් එක දිනපතා චෙක් කරන්න වුණොත් හොඳට තියෙයි. අනික ඇඳුම් මැදීම.

    මං නං ඒ දෙකම නොකරමි.

    ReplyDelete
    Replies
    1. ඇඳුම් මැදීම මමත් කරනවා . රසික අපිට මෙහෙ කාර් චෙක් කරන්නම ඕනේ වෙන්නේ නෑනේ . මගේ සර්විස් එක එනකන් බැලුවොත් බලන්නේ ටයර් ප්‍රෙෂර් විතරයි..

      Delete
    2. මේ සේරම දිනපතා කරන්න ගියොත් හොඳට හිටීවි!

      ඔය කිව්වට මගේ ඇඳුම් අල්මාරියේ වැඩිපුර තියෙන්නේ අයන් නොකර අඳින්න හැකි ඇඳුම්. කාර් එක දිනපතාම චෙක් කරන්න ඕනෙත් නැහැනේ.

      Delete
  9. ඇඳට නගින්නට පෙර දෙපතුල් සේදීම නම් පොඩි කාලේ සිට එන ඉඳහිට කරන පුරුද්දක්

    ReplyDelete
    Replies
    1. රසික........ඇඳට නගින්නට පෙර හෝදන්නේ දෙපතුල් විතරද.....විහිළුවට ඇහුවේ....අර ස්මයිලි ෆේස් එක දාන හැටි මතක නැහැ.

      උපහාසයයි, අපහාසයයි කස්ටිය පටලවාගෙන ඉන්න නිසා, විහිලු කරන්නත් බයයි.

      Delete
    2. ගෙදර පැමිණ ව්‍යායාම කළ පසු, කන්නට පෙර, නාන නිසා ඒ කකුල් සේදීම දැන් නම් අදාල නෑ.

      නමුත් අපි පොඩි කාලේ තාත්තා දාලා තිබුණු නීතියක් තමයි ඒ (දත් මැදීම වගේ දේවලට අමතරව) යටිපතුල් සහ දෙකකුල් සේදීම. ඒ බාත්රූම් නැති, ලිඳෙන් වතුර ඇඳලා කළගෙඩිවලට දාලා ගෙදර තියාගෙන හිටි කාලේ.

      අරූ, මට විහිළු, උපහාස, අපහාස හොඳට හුරුයි!!!

      Delete
    3. ඇඳට නගින්නට පෙර දෙපතුල් සේදීම නම් පොඩි කාලේ සිට එන ඉඳහිට කරන පුරුද්දක්//
      මගෙත්. රසික කිව්ව හරියට හරි. මට ඔය පුරුද්ද ආවෙ අම්මගෙන්. අම්මත් කලගෙඩියෙන් ලොකු ජෝග්ගුවකට වතුර අරගෙන කකුල් හෝදනව.
      මාත් ඒ කාලෙ පුරුද්දට රාත්‍රී දත්මැද්දට පස්සෙ කකුල් හෝදනව.

      Delete
    4. මට පේන්නේ, ඇඳට යන්නට පෙර දෙපතුල් සේදීම කියන්නේ දත්මැදීම වගේ අපි හැමෝටම පොඩි කාලේ අම්මලා උගන්නපු පුරුද්දක්.

      මම පොඩිකාලෙ කකුල් සෝදන්නෙ නැතුව ඇඳට නැගලත්, සෝදපු කකුල් පිහින්නේ නැතුව ඇඳට නැගලත්, අම්මගෙන් ගුටි කාලා තියෙනවා.

      Delete
  10. මම නම් කියන්නෙ ඕනැම තත්වයක් යටතේ නිදාගන්න පුලුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා. ඒ වගේම නිදිමත වෙලාවට ඉහත නිර්නායකය අවලංගු වෙලා යනවා.

    ඒ කොයි හැටි වෙතත් fast asleep as soon as his/her head hit the pillow ජාතියෙ කට්ටිය ගැන මට තියන්නෙ ඉරිසියාවක්.

    ඒ කොයි හැටි වෙතත් බස්සි මට පල්වැඩක් කරා. මම ඊට පස්සෙ වැඩිය බස්සිගෙ පෝස්ට් කියවන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ///ඒ කොයි හැටි වෙතත් fast asleep as soon as his/her head hit the pillow ජාතියෙ කට්ටිය ගැන මට තියන්නෙ ඉරිසියාවක්.///
      මට හිතෙන්නේ තරහක්... ;)

      Delete
    3. //ඒ කොයි හැටි වෙතත් බස්සි මට පල්වැඩක් කරා. මම ඊට පස්සෙ වැඩිය බස්සිගෙ පෝස්ට් කියවන්නෙත් නෑ.//

      හනේ හනේ මේක දැක්ක ගමන් මමත් මෝඩයෙක් වගේ බයවෙලා එක මනුස්සයෙක්ට ඉන්බොක්ස් කලා කියහංකෝ!

      Delete
    4. මට ඔය තත්ව දෙකම මාරුවෙන් මාරුවට ඇතිවෙන නිසා දෙවර්ගයේම මිනිස්සු ගැන ඉරිසියාවක්වත්, තරහවක්වත් නෑ.

      Delete
  11. පලවෙනියට කියපු දේනම් හරි වැදගත් බස්සි...ඒ වුනාට ක
    ම්මැලිකමට ගොඩක් වෙලාවට ඒ වැඩේ පහුවදා උදේට කල් දානව.ඒකෙන් වෙන්නෙ උදේ නැගිට්ට ගමන් ඔලුව අවුල් වෙන එක.
    හැමදාම ඇදේ 1/4 විතර ඉඩක තමා මට නිදාගන්න වෙන්නෙ..අනිත් ටිකේ එක එක බඩු.පොතක් කියවන වැඩේනම් හරියන් නෑ,එහෙම වුනොත් නිදාගන්න වෙන් නෑ.බොහම ස්තූති බස්සි උපදෙස් ටිකට.

    ReplyDelete
    Replies
    1. ලොකුවට උපදෙස් දුන්නට, කියවන වැඩේ මටත් හරියන්නෑ. හැරී පොටර් අලුත් පොත ආපු දවසෙ නිදියනකොට පාන්දර තුනහමාරයි.

      Delete
  12. ඒ දවස්වල අපේ අම්මනං කිව්වෙ " පුතේ නිදාගන්ට කලියෙන් කටබුචු දාන්ට " කියලයි

    ReplyDelete
  13. ඔක්කොම හරි .. ඇද අස් කරන එක තමා බැරි :D

    ReplyDelete
    Replies
    1. මාත් ඒක පුරුදු උනේ බැන්දටත් පස්සෙ කිහාන්කෝ

      Delete
  14. නින්ද උට ඕන වෙලාවක එන්න කියල ගස්ලබ්බා උගෙ වැඩක් බලාගන්නවා.වෙන කොරන්න දෙයක් ඇත්තෙම නෑ.. අලි මංතරේ නම් ගොඩක් වෙලාවට වැඩ කරනවා.බැරිම උනාම ඒ පිහිට තමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අලි මන්තරේ කියන්නෙ? බැටලුවො ගණන් කරනව වගේ එකක්ද?

      Delete
    2. යේස්... ඔන්න අලි පැටියෙක් ආවා... මට නිදිමතයි
      ඔන්න අලිපැටවු දෙන්නෙක් ආවා.. මට නිදිමතයි
      යනාදී වසයෙන්..
      බඩු වැඩ.

      Delete
  15. මේක මරු බස්සි මචෝ..නියමයි !!

    චොකලට් කාල කොළ ඇඳ යටට විසි කරන එක..:D

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ කූඹිකාල ඇහැරෙන්නැද්ද ඉතින්?

      Delete
  16. Grrrrrrrrr..... Grrrrrrrrrrrrr..... Grrrrrrttt

    ReplyDelete
    Replies
    1. දොයි දොයි දොයි
      බයි බයි බයි
      නිදිමව එයි
      වැළැඳ ගනියි

      Delete
  17. ඇද අස් කරන එක,ඇඳුම් අයන් කරන එක එපා කරපු වැඩ තමයි.

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා මනෝ. ඒ බෝට්ටුවේ තව ගොඩාක් අය ඉන්නවා.

      Delete
  18. නින්දට පෙර පොතක් කියවන එක නම් අත්දුටුවයි සත්‍යයි වර්ගයේ නිදි බෙහෙතක්...

    ReplyDelete
    Replies
    1. මට එහෙම නොවෙන එකනේ අවුල.

      Delete
  19. මම නං ඇඳට එන්නෙ නිදාගන්න. ඇඳට ඇවිල්ල, පුත්තරයට කතන්දරයක් දෙකක් කියන එකත් අහවල් වැඩෙත් හැරුනම වෙන වැඩ එහෙමකට නෑ. ෆෝන්එක උනත් උපරිමයෙන්ම පාවිච්චි කරල ඉවරවුනාම තමයි ඇඳට යන්නෙ. ඉතිං අවුලක් නෑ. ඇඳ සූදානම් කිරීම නං නැඟිටපු ගමන් කලයුතු වැඩක්.

    ReplyDelete
    Replies
    1. මටනම් තිබුනේ පොතක් අරන්/ටැබ් එක අරන් ඇඳට පනින පුරුද්ද. රාජ් නම් හොඳ පුරුදු ඇති ළමේක් වගේ.

      Delete
  20. ආයේ නින්දට පෙර කරන්න දෙයක් නෑ! චූ කළා! ඇඳට වැටුනා... බුදිය ගත්තා! ෆුලි ෂට් ඩවුන්! ආයේ ඇහැරෙන්නේ පැය හයකින් තමා! :D

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එකේ හැක් වෙලා ආපු දවසට එහෙම තමා නාඩියෝ.

      Delete
  21. තේ හෝ කෝපි පානය කළොත් නිදිමත අඩුවන බවක් කියවලා තිබුණු බව මතකයි. පළතුරු බීමනම් ගැටළුවක් නැති බව විශ්වාසයි.

    ReplyDelete
  22. බස්සිගෙ නවාතැනට ඉස් ඉසල්ලම ගොඩවැදුනෙ අදයි.කියෝපු පලවැනි ලිපියම ඉතා රසවත් සහ මටම ලියපු එකක් වගෙයි.මොකද මගෙ ඇඳ උඩත් ඔය වගේම ලටපට හැම එකක්ම පුරවල තියන නිසා.හැබැ‍යි ඔය නිදාගන්න කලින් පොත්කියවන අදහසනම් හරියන එකක් නෙවේයි. රෑ කීයක්නම් එලිව්ව්නකන් ඇහැරන් හිටියද ඔය වැඩේ කරන්න ගිහින්.

    ReplyDelete