ෂිට් ! මොන මෝඩ, බූරු, හරක් යාලුවෙක්ද
මට
ඉන්නෙ. ආයෙනම් කතා කරන්නෙ
නෑ
ඌ
එක්ක.
නෑ නෑ
නෑ නෑ නෑමයි.
මම දන්නවද ලැප්ටොප්
තෝරන්න. අනික අවුරුද්දෙ දවස්
තුන්සිය
හැටපහේම
කඩ
කඩා
හදන
කලබල
පාරවල්වල
ඩ්‍රයිව් කරන එකම මොන කට්ටක්ද ! මම
නම් ආය ඔය මෝඩ අනුශ්කයට කතා කරන්නෙ නෑ හයි ටෙකි ටෙකි උපදෙස් ගන්න.
ඔව් අනුශ්ක තමයි මගෙ හොඳම යාලුවා. ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ
හොඳම යාලුවා වෙන්න බැරිද?
කවුද දන්නෑ ඒකට තහංචි දැම්ම ඒජන්ත උන්නාන්සෙ ! පුහ් !
මොනව උනත් මීට කලින් උදව්වක් ඉල්ලපු හැම දවසකම අනුශ්කයා බෙල්ල
කඩාගෙන හරි ආවා. ඌ හිත හොඳ එකා. හැබැයි අද ඔය මැටි අලගෙඩියා කරපු වැඩේට මට පට්ටම
තරහයි. තරහයි, තරහයි, අනන්තවත් තරහයි. මම කොහොමද
තනියම ටැබ් එකක් තෝරගන්නෙ. මම දන්නවද ෂොප් එකේ ඉන්න කොල්ලො ටික උඩ පැන පැන දෙන
මාර්කටින් ටෝක් වලට උත්තර බඳින්න. නෑනෙ. මට මැවිල පේනව ලැප් එකේ ෆීචර්ස් ගැන කියවද්දි මම
මෝඩ තකතීරුවෙක් වගේ ඇස් ගෙඩි දෙක ඩොගිත්තගෙන බයවෙලා අහන් ඉන්න හැටි.
දැන් කරන්න දෙයක් නෑනෙ. පාකින් ස්පොට් එකක් හොයාගන්න එක තමයි
සේරටම වඩා එපාකරපු වැඩේ. ආපහු හරවගෙන යන්නත් හිතෙනව.
එක්කො ඕනෙ නෑ. මම තනියම ගිහින් වීරය වගේ ලැපක් අරන් එනව,
ඇවිත් අනුශ්කයට පෙන්නනව ලොකු සීන් දාල.
දැන්, වද්දගන්නෙ නැතුව
සීරුවට රිංගවමු. සයිඩ් මිරර් ගලවන්න එපා දෙපැත්තෙ වාහන වල මොට්ට මෝඩි. ආන්න එහෙම. ටේක්
ඉට් ඊසි. . . .
හම්මේ. . . . . මිෂන් එකේ පළමු කොටස හමාරයි.
මම කඩිනම් ගමනින් යුනිටි එකට ඇතුලු උනා. දැන් මම යන්න ඕනෙ මොන ෆ්ලෝ එකටද?
ඒකත් අහගන්න වෙන්නෙ අර මැට්ටගෙන්මනෙ. මේ වෙලාවෙ මොන මොන සීන්
වෙනවද දන්නෙ නෑ. කෝල් කරල ඒකගෙ ෆන් එක කඩන්නෙ මොකටද. ඔන්නොහෙ ටෙක්ස්ට් එකක් දාමු.
-- floor
eka ewapam --
== ශාකි උඹ කොහෙද ඉන්නෙ? මොන ෆ්ලෝ එකක්ද? මං මේ බස් එකේ ==
මෙන්න ඒ ගමන මූ වයිබර් ඇවිත්. මලසමයම. ෂුවර්
එකටම මූ ක්‍රෂ් එක යන බස් එකට නැගල දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වාගෙ ඒකි දිහා බලබල
ඔහේ යනව ඇති. මොනව කරන්නද කරුමයක් තියනවනම් ගෙවන්නත් එපැයි.
ඉහල මාලයට දිවෙන එස්කැලේටර් එක පටුයි. හතරවටේට
පටි හැටක් විතර එල්ලෙන මේ කෙහෙල්මල් සපත්තු දෙක එක්ක ඇවිදින එක නම් මාර කරුමයක්.
ඒත් මොනව කරන්නද, ලස්සන නිසා ඉවසන්නම වෙනව. අනික මං ඒ
හැටි උසත් නෑ නෙ.
අහ්, අනුශ්කයාට රිප්ලයි කලේ නෑනෙ.
-- මම ඉන්නෙ යුනිටි එකේ මැට්ටෝ. --
== එහෙනම් තර්ඩ් ෆ්ලෝ එකේ ලැප්ටොප් වර්ල්ඩ් එකේ
බලපන්. ඒකෙ ඉන්නව කලු කෙට්ටු උස ඩයල් එකක්. මගෙ නම කියපම් එතකොට ඌ හෙල්ප් කරයි ==
-- ඕන්නෑ මට උඹේ මහලොකු යාලුවො. මම තනියම
හොයාගන්නම් --
දෙවන මාලයට ගොඩ වෙලා මම එතනම හිටගෙන අනුශ්කට
රිප්ලයි කරන්න ගත්තා. එස්කැලේටර් එකෙන් ඉහල මාලයට ගොඩවුනු සිය ගානක් සෙනග ඉස්සරහට,
පස්සට, වමට, දකුණට ඇවිදගෙන ගියෙ මහා හදිස්සියකින්.
මම එතැනම හිටගෙන ෆෝන් එක ඔබ ඔබා ඉන්න එක විකාරයක් වගේ පේනවද මන්දා.
ඒත්, මේ මොකද වෙන්නෙ.
මාව වැටෙයි. මේ සෙනග ගොඩේ වැටුනොත් වස ලැජ්ජාව.
අපොයි දෙවියනේ. . . . . !!
කොරිඩෝව හෙමි හෙමින් ඉදිරියට ගමන් කරනව. මම
කලින් වතාවෙ එනකොට මෙහෙම සීන් එකක් තිබුනෙ නෑනෙ. හරි. කොළඹ හැමදේම දවසට දෙකට වෙනස්
වෙනවනෙ මේ ද්වස්වල. වැදගත්ම දේ සිහිකල්පනාවෙන් ඉන්න එක, මං කියන්නෙ මේ, වැටෙන්නෙ නැතුව බැලන්ස් එක තියාගන්න
එක.
ඉදිරියට ගමන් ගත්තු කොරිඩෝව සම්බන්ධ වෙන්නෙ
තවත් එස්කැලේටර් එකකට. යුනිටි එකේ උන්ටත් පිස්සුද කොහෙද. හරිනෙ, මේකට එන්නෙත් අපේ අනුශ්කයා වගේ ටෙකි ටෙකි
පිස්සොනෙ.
-- මචන් මෙන්න උඹේ රාජධානියෙ ෆ්ලෝ වලට පිස්සු
හැදිලා. හතරවටේ එස්කැලේටර් හයි කරල විනාසයක් කරල. --
මාව තව පොඩ්ඩෙන් මේ ලී කොට ෂූස් දෙකත් එක්ක
බිම. යාන්තම් තර්ඩ් ෆ්ලෝ එකට පැන ගත්තා.
යමු බලන්න ඉස්සරහට.
වෝව් ! මිනෝන් අක්කිගෙ වෙඩින් එකේ ෆොටෝස් වගයක්
එෆ්.බී. ශෙයාර් කරලා. බලමු.
හාපෝ බයි කලර් සාරි. පට්ට චාටර්. කවුද දන්නෙ නෑ
මේව ඩිසයින් කලේ. කොලපාටයි, කහපාටයි. අපේ ආච්චි දැක්කනම් කියයි එළහරකයි මීහරකයි වගේ
කියල.
ඇත්තටම මගෙ වෙඩින් එකට මම මොන පාටද අඳින්නෙ ?
හ්ම්ම්. . . මම නම් තීම් කලර් එකට ගන්නෙ ස්කයි
බ්ලූ. රෝස පාටත් නරකම නෑ.
වැඩිපුර ලස්සන මුහුදු නිල් පාට එක්ක සී තීම්
එකකට වෙඩින් එක ගන්න එකද?
නැත්නම් රෝස පාටයි, ලා දම් පාටයි එක්ක බටර්ෆ්ලයි තීම් එකකට වෙඩින්
එක ගන්න එකද?
අනේ මට ගෑනු ළමයෙක් හොඳම යාලුව කරගන්න තිබුනනම්
මේ සේරම කතා කරගන්න තිබුනා. උන්ගෙ කරුමෙකටද නැත්නම් මගේ කරුමෙකටද මන් දන්නෑ මගෙ
යාලුවො වැඩිහරියක් කොල්ලො.
මේ වෙලාවෙ මේ කතාව අනුශ්කයට කිවුවනම්.
"අනේ මැටි හරකි. වෙඩින් එක ප්ලෑන් කරන්න
ඉස්සරවෙලා ඔය යාලුවෙන්න අහන එකෙක්ට හා කියල බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයා ගනින්.”
ඔන්න ඕක තමයි මට අහගන්න වෙන්නෙ.
ඉතින් ඌ එක්ක එතනින් එහාට තවත් මොන කතාද !
පස්සෙන් වැටීගෙන ආදරේ හිඟාකන්න එන කොල්ලො මටනම් එපාවෙලා. මට ඕනෙ වෙනස් විදියක
කොල්ලෙක්. සැහැල්ලුවෙන් හිතන, කෙල්ලො ඉස්සරහ වැඳ වැඳ චාටර් වෙන්න
යන්නෙ නැති, මාව උනත් සත පහකට මායිම් නොකරන,
හැබැයි එයා වෙනුවෙන් ජීවිත කාලයක්ම උනත් බලාගෙන
ඉන්න හිතෙන. . . .
කෝ මේ මනුස්සය කියපු ලැප්ටොප් වර්ල්ඩ් එක. මම
පිස්ස වගේ කොහෙටද මේ ඇවිත් තියෙන්නෙ.
ශාකි උඹ නම් නොම්මර එකේ පිස්සියෙක්.
වාව් !
අර මොකක්ද අර කෙලවරේම තියන පාට පාට ලස්සන ෂොප් එක !
“WORK YOUR MAGIC”
අනුශ්කයා කිවුවෙ ලැප්ටොප් වර්ල්ඩ් ෂෝ රූම් එකෙන් මේ සාප්පු පේලිය
ඉවරයි කියලනෙ. අනේ ඒක දන්න ඉට්ට. ඇතුලට යමු බලන්න.
මම දැකලවත් නැති මාර ගැජමැටික්ස් ගොඩක්නෙ මේකෙ තියෙන්නෙ. ෆෝන්
එකට ඕනෙ ඇක්සසරීස් ඔක්කොම තියෙනව මෙතන.
මේක නම් සුපර් කූල් !!!
අර එහාපැත්තෙ ලැප්ටොප් එකක් අතේ තියන් ඉන්න කොල්ල මගෙ දිහාද
බලන්නෙ. හප්පේ මිනිහගෙ කොණ්ඩෙ නිකම් කපුටු කූඩයක් වගේ. මම බලාගෙන ඉන්නව දැක්කොත්
හරි නෑනෙ. අතන කෙලවරේම තියන රාක්කෙ පිටිපස්සට ගියාම එහාපැත්තෙ තියන උස මිරර් එකෙන්
එයාව පේනව. කොහෙද ඉතින්, මේකෙ
ඉන්න ඒජන්ත උන්නාන්සෙල කියන්නෙ කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන එකත් මහා වැරැද්දක්.
විනාසයක් කියලනෙ. මමනම් ආසයි කෙලින් බලන්න. ඒත් ඉතින් මූ මොන ජාතියෙ සතෙක්ද කවුද
දන්නෙ. ඇරත් මම ඉන්නෙත් තනියම.
හිහිහි, මරු
කොණ්ඩෙ අප්පා. අවුරුදු ගානකින් පනාවක් දැකල නෑ වගේ. එයා ලැප්ටොප් එක බලන්න නැමෙනකොට කොණ්ඩෙ ඇවිත් ඇස්
දෙකට වැටෙනව. එයා දිහා බලන් ඉන්න ආසයි.
රැවුලත් තැනින් තැන අපිළිවෙලට වැවිල. මෙයාටනම් කෙල්ලෙක් නෑ,
මට ඒක හොඳටම ෂුවර්.
මම මොකටද ආවෙ. ටැබ් එකක් ගන්නනෙ. කතාකරන්න ඕනෙ අතන හේත්තුවක්
දාගෙන ඉන්න යුනිෆෝම් ඇඳපු උස කොල්ලට.
“එක්ස්කියුස් මී. . . දම් පාට හරි රෝස පාට හරි ටැබ් තියෙනවද ?”
“මොකද්ද මිස් ?”
“දම් පාට හරි රෝස පාට හරි ටැබ් ?”
මෙන්න ඒ ගමන ඒ මනුස්සයා මා දිහා බලනව පුදුම වෙලා වගේ. එයාගෙ
ඇස් කොලපාටයි. මම කොලපාට ඇස් වැඩියෙ දැකල නෑ. ඇස් දෙක තඩි කරන් මා දිහා බලන් හිටපු
ඒ මනුස්සය ඊගාව මොහොතෙ එකපාරම හිනාවෙන්න ගත්තා.
“මිස්ට ඕනෙ මොනවගේ මොඩ්ල් එකක්ද ?”
“මම ඕක යූස් කරන්නෙ එෆ්.බී., ස්කයිප්, වයිබර්,
එතකොට ඔය කැන්ඩි ක්‍රශ් වගේ පොඩි පොඩි
ගේම් වලට, තව ෆිල්ම් එකක්,
ටී.වී. සීරීස් එකක් බලන පුලුවන් විදියට.
මොඩ්ල් නම් අනේ මන්දන්නෑ අනේ. ආ. . . බැට්‍රි ලයිෆ් එක හොඳ වෙන්න ඕනෙ.”
හුරතල් පාට චූටි ටැබ් එකක් තිවුනා අත ළඟම. හැබැයි ඒක කලු
පාටයි.
“මේකෙ දම් පාට වගේ තියෙනවද ?”
“හ්ම්ම්. . . ඕකෙ දම් පාට එන්නෙ නෑ මිස්. රතු පාට එනව, ඉන්න
මම ස්ටොක් තියෙනවද බලන්නම්.”
මදැයි. මට හිත යන මොඩ්ල් එකක් තිවුනට ඒකෙ මට ඕනෙ කරන පාට නෑ.
ඉතින් කොහෙද. බලමු රතු පාට එක කොහොමද කියල. ඇස් කඩාඅගෙන යන කැතම කැත රතුපාටක් නම්
මට එපා ඔන්න.
අන්න ආපහු එනව අත් දෙක වනවනා. ඈත තියාම අත් දෙකයි තොල්දෙකයි
නොපිට පෙරලල කිවුවෙ “වෙන පාට නෑ මිස්”
කියල නේද. මොනව කරන්නද එහෙනම්.
කෝ අර කපුටු කූඩයා?
කොහේ ගිහින්ද?
පේන්න නෑ. යන්න ගිහින් වගේ. එයා හිටියෙ මෙන්න මෙතන. මේ
ලැප්ටොප් බලබලා උන්නෙ.
අහා. . . . ලස්සන දම්
පාට ලැප් එකක්. මම හොය හොයා ඉන්නෙ මේ පාටම ටැබ් එකක්.
“මොකද්ද මිස් බැලුවෙ ? මේ
අලුත්ම මොඩ්ල් එක MGC 77. මේ දැනුත්
එකක් ගියා මේ තියෙන්නෙ ආපු අන්තිම එක. i7, 16GB රැම්, 1TB හාර්ඩ්,
2GB සෙපරේට්
VGA, 15.6 LED ස්ක්‍රීන්. . .”
මෙයා ගිරවෙක්ද මන් දන්නෑ, කියාගෙන
කියාගෙන යනව.
“මේ. . . . ඒත් මම බැලුවෙ ටැබ් එකක්.”
“එහෙනම් මිස් මේක තමයි නියම මොඩ්ල් එක. මේක කන්වර්ටිබල් එකක්. කී බෝර්ඩ්
එක අංශක 360ක්ම කැරකෙව්වැකි. මේ බලන්න මිස්. අලුත්ම
මොඩ්ල් එක.”
“මෙහෙම ලැප් එක වගේ තියාගෙන වැඩ කරන්න පුලුවන්, මෙහෙම අනිත් පැත්තට ටෙන්ට් එක වගේ හරවලා ගේම්ස් ප්ලේ කරන්න පුලුවන්.
මෙන්න මෙහෙම කී බෝඩ් එක පිටිපස්සට හැරෙවුවම මිස්ට ඕනෙ ටැබ් එක.”
අන්න ඒක නම් මගෙ හිතට ඇල්ලුවා වගේ. පොඩි ඇඩ් එකක් දැම්මැකි
ක්ලාස් එකේදි ඕක එහෙට මෙහෙට කරකවල.
“ප්‍රයිස් එක කීයද ?”
“නයින්ටි එයිට් තවුසන් වෙනව මිස්.”
ඔන්න ඉතින් අන්තිමේදි මට මම හොය හොයා හිටපු විදියෙම ටැබ් එකක්
ලැබුන.
ලැප්ටැබෙක්. නෑ නෑ, ටැබ්ලැපෙක්.
අයියට
පෙන්නන්න ඕනෙ මගෙ අලුත්ම භාණ්ඩෙ. ඉරිසියා හිතෙයි උන්දැට. එයැයිටත් ඕනෙ වෙයි අලුත්
ලැපක් අන්තිමට.
මම කාර් එකට ගොඩවුනේ අමුතුම සැහැල්ලුවකින්. මාර අවුවක්නෙ.
අයිස්ක්‍රීම් එකක් කන්න හිතයි. යන ගමන් වැල්ලවත්ත පැත්තෙන් දාගෙන රියෝ එකට ගොඩවෙලා
යන්න ඕනෙ.
ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?
~~ මතු සබැඳි ~~