Friday, October 4, 2013

හතළිස් හයවෙනි කොටස : මගේ ආරක්ෂකයා


බස්සි ඉස්සරම හවසට ක්ලාස් ගිහින් එනකොට තනියට ආවෙ තාත්තා. තාත්තාට එන්න බැරි වුන දවස්වලට අම්මා හරි ආවා බස්සිව ගෙදර එක්කන් යන්න. කැම්පස් එකේ ඉඳන් ගෙදර යන්නත් රෑ වෙන හැම දවසකම තාත්තා බස්සිව පටවගෙන යන්න එන්න අමතක කලේ නෑ.

කැම්පස් එකේ එක එක උත්සව වලට එහෙම ඉඳලා බෝඩිමට යන්න රෑ වෙනකොට නම් බස්සිට බැචාලගෙ සහය පතන්න වෙනවා.

එපාම වෙන්නෙ ක්ලාස් යන්න එන්න යාලුවෙක් හොයාගන්න ගියාම.  සිමා ක්ලාස් බොහෝ වෙලාවට ඉවරවෙන්නෙ රෑ හතට අටට විතර. තනියම යන්න විදියක් නැති නිසාම බස්සි ක්ලාස් කට් කරගත්තු අවස්ථාත් බොහොමයි.



ඒත් බස්සා මගේ ජීවිතේට ඇතුලු වුන දා ඉඳන් මේ තත්වය වෙනස් වුනා. එදා ඉඳන් මගේ ආදරණීය ආරක්ෂකයා වුනේ බස්සා.

උදේ කැම්පස් යනකොට බස්සා බස්සි එනකම් පාර අයිනට වෙලා බලාගෙන ඉන්නවා. අතින් අල්ලාගෙන කැම්පස් කන්ද නගිනවා. ගොඩක් දවස්වලට ලෙක්චර් හෝල් එක ගාවටම බස්සිව ඇරලවලා තමයි බස්සා එයාගෙ ලෙක්චර්ස් වලට යන්නෙ.

හවසට බස්සිගෙ ලෙක්චර්ස් ඉවර වෙනකම් බස්සා අල බැම්මට වෙලා මග බලාන ඉන්නව. මහන්සියට බස්සිගෙ මූණ මැළවිලා. බස්සා බස්සිව තේ බොන්න කැන්ටිමට එක්කගෙන යනවා. කාටුන් බලබල තේ බොනකොට බස්සිගෙ මහන්සිය අතුරුදහන් වෙන බව බස්සා දන්නව.



හැන්දෑ වෙනකොට බස්සිගෙ අතින් අල්ලාගෙන පාරෙ අයිනට කරගෙන බස්සා බස්සිව බෝඩිමට එක්කාගෙන යනව.  රූම් එකට ගිහින් බස්සි කෝල් එකක් දෙනකම් බස්සා ගේට්ටුව ගාවට වෙලා බලාගෙන ඉන්නවා. ඊටත් පස්සෙ තමයි බස්සා හොස්ටල් එකට යන්න පිටත් වෙන්නෙ.

බස්සිගෙ ක්ලාස් ඇරෙන වෙලාවට මොන වැඩ තිවුනත් බස්සා එතනට එනව. ඒ නිසා බස්සිට එක දිගට ක්ලාස් කට් කරගන්න වුනේ නෑ කවදාවත්.

බස්සාට පුලුවන් හැම දවසකම එයා බස්සිව එක්සෑම් වලට එක්කාගෙන යනවා. එක්සෑම් එකට කලින් පිස්සු කතා කියකියා බස්සිගෙ හිතේ බය නැති කරනවා. එක්සෑම් ඉවර වෙන වෙලාවට ඇවිදින් හෝල් එක ඉස්සරහට වෙලා බලාන ඉන්නව.  එක්සෑම් ඉවර වෙන දවසට බස්සා බස්සිත් එක්ක ගාලුමුවදොර පිටියට යනවා. දෙන්නත් එක්ක හිතේ හැටියට රැල්ල පාගලා, වැල්ලෙ නටල එක්සෑම් අහවර වීම සමරනව.

බස්සිව ඉන්ටවිවු වලට එක්කාගෙන යන්නත් බස්සා නිවාඩු දාලම එනවා. බස්සිගෙ ඉන්ටර්විව් එක ඉවර වෙනකම් හොඳට එතන වටාපිටාව නිරීක්ෂණය කරනවා. එතන බස්සාගෙ සේෆ්ටි ටෙස්ට් එකෙන් ෆේල් වුනොත් ආයෙ එතනට යෑම බොරු!

බස්සා ළඟ ඉන්නකම් බස්සිට කිසි දේකට බය වෙන්න ඕනෙ නෑ. ගෙදරදි තනියෙන් ඉන්නකොට වුනත් හිතට බය දැනුනොත් බස්සි ටක් ගාලා බස්සට කෝල් කරනව. බස්සගෙ කටහඬ ඇහෙනකොටත් හිතට සහනයක් දැනෙනව.

බස්සිගෙ කලින් ඔෆිස් එක තිවුනෙ බස්සගෙ ඔෆිස් එක ළඟමයි. වැඩකරන වෙලාවත් හරිම නම්‍යශීලියි. බස්සිත් ඒ දවස්වල බස්සා එක්කම වල් වෙලා වැඩට ගිහින් කට්ට කලුවරේ බෝඩිමට එනවා. බස්සා ඉන්නකම් බස්සි රාජාලියකුටවත් බය නෑ.




බස්සිගෙ අලුත් ජොබ නිසා බස්සාගෙ ඇස් මානෙන් ටිකක් විතර ඈත් වෙන්න සිද්ද වෙලා. දුකෙන් හිටියෙ ඒ ගැන. ඒ දුක වචනවලට පෙරලුවෙ නෑ බස්සටත් එතකොට දුක හිතෙන නිසා. ඒත් දැන් අවුල ලිහෙන්නයි යන්නෙ. බස්සිගෙ අලුත් ඔපීසිය ළඟටම තියෙන ගොඩනැගිල්ලකට බස්සලාගෙ ඔපීසියත් ගේන්න යනවලු. බස්සි මගබලාන ඉන්නවා බස්සත් එක්ක ආපහු අත් අල්ලාගෙන වැඩට යන්න එන්න ලැබෙනකම්.



බස්සගෙ රැකවරණය යටතේ ගෙවෙන හැම මොහොතක්ම බස්සිගේ මතක පොත රසගන්වනව.  


18 comments:

  1. මාර දුකක් ඇති වුණා බස්සා ගැන. බුදු අම්මෝ ඌ කන කට්ටක්.....

    ReplyDelete
    Replies
    1. ඕන් බලාපල්ල මුලින්ම ඇවිත් කියල තියෙන කතාවක හැටි. ඔහොම එව්ව හීන් සීරුවෙ ඊ මේල් කොලානම්! බස්සා මෙව්වා දැකලා නරක් වෙයි!

      Delete
  2. අප්පේ.. කම්පැනි පාඩු වෙන එක අහන්නත් දෙයක් යැ! :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බස්සි වෙන තැනකට ගියා කියලා දැනගෙන බස්සි වෙනුවෙන් බස්සාගෙ කොම්පැණිය පිටින්ම ඉබ්බන්වලට උස්සන් එනවලු! කොහොමද බස්සිට තියෙන සැලකිල්ල!! :P

      Delete
  3. මොනා කරන්නද ඉතින්.. ඔය ආරක්ශක සේවාව අපි කරන්නම එපැයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව!! ඒක අනිවාර්ය සේවයක් නෙව. Here is another great guy!! 3 cheers for u Dinesh!

      Delete
  4. අම්මෝ... මටත් මතක් උනා අපි දෙන්න යාපනේ ගත කල කාලය ගැන..මම මගේ බ්ලොග් එකේ ලිවුව.. වෙලාවක් තිබුනොත් ගිහිල්ල බලන්න...

    ඇත්තටම සතුටුයි.... බස්ස බස්සිට ගොඩාක් අරව වගේ නේ..." ලැජ්ජයි කියන්න"" හීහීහී.....

    ReplyDelete
    Replies
    1. ගාලුගෙ බ්ලොග මම ටිකක් කියෙවුව. ලස්සනට ලියනව. යාපනේ කතාව හම්බුනේ නැහැ. ගිහින් බලන්ට ඕනෙ.

      මෙයාගෙ ලැජ්ජාව බලාපල්ලකො. යාපනේ ගියෙ ඇස් වහගෙන වෙන්ටැ ලැජ්ජාවට!

      Delete
  5. බස්සිගෙ පරන ටිකක් මග ඇරිල තිබිල කියෙවුව.ලස්සනට ලියනව .
    බස්සට ඉදල හිටල ජොබ් එකත් පොඩ්ඩක් කරන්න වෙලාව ඇති නෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත්.

      බස්සයි බස්සියි ඉඳලා හිටලා පොඩ්ඩක් ඉගෙන ගැනිල්ලයි ජොබ් කිරිල්ලයිත් කොරනව. නිකං විනෝදෙට වාගෙ පොඩ්ඩක්. ;)

      Delete
  6. බස්සටයි බස්සිටයි සුබ අනාගතයක් එහෙනම්!

    ReplyDelete
  7. බස්සිට දොසක් කියනව නෙමෙයි. එක එක සත්තු එක එක විදිහයි නෙව.
    මටනං ආදරේ කොටසක් විදිහට ආරක්ෂාව බලාපොරොත්තු වෙන කිසි කෙල්ලෙකුට දශමයක්වත් හිත යන් නෑ.
    බස්සො එහෙමයි , හරක් මෙහෙමයි

    ReplyDelete
    Replies
    1. ආදරේ කොටසක් විදියට සමහරු ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා, ඒ ගමන්ම ආරක්ෂාව දෙනවා. කෙල්ලෙක් තමන්ගෙ කොල්ලගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා, තාත්ත කෙනෙක්ගෙන් වාගෙම. ඒ වගේම තමන්ගෙ කොල්ලා අසනීප වුන වෙලාවක, එයාව ආරක්ෂා කරන්න ඕනෙ වෙලාවක, රෑ දවල් නොබලා එයාව ආරක්ෂා කරනවා අම්මා කෙනෙක් නැත්නම් නංගි කෙනෙක් වාගෙ.

      ඒ වගේම තමයි කැපකිරීම, ලිංගිකත්වය සහ අනෙකුත් දේවල්. හරක් එහෙමයි, බස්සො මෙහෙමයි. එක එක සත්තු එක එක විදියයි.

      Delete
  8. පේරාදෙණියේ හිටියනම් පට්ටම පීඩිතයා වෙන්න තිබුන

    ReplyDelete
    Replies
    1. මගේ බස්සා හොඳම ආදරවන්තයා වුනොත් මිසක් ඔය කියාපු පට්ටම ගන්නෙ නෑ කවදාවත්! මෙහෙම නොකරන උදවියට නම් අනාගතේ දවසක ඔය පට්ටම ගන්ට පුලුවන් වේවි. :P

      Delete
  9. M..eka digatama mula idan kiyawan awa...dn num nidithmathai...lassana adarayak....hamadamt bassatai bassitai ekata adaren inna labenna kiyala prarthana karanawa..hadawathinma....

    ReplyDelete
  10. මෙහෙම බස්සො ඉන්නේ මේ රටේ විතරමයි වගේ

    ReplyDelete