Sunday, October 20, 2013

මේ සතියේ ජයග්‍රාහකයා වන්නේ.....




බස්සි ඊයෙ පෝස්ටුවත් එක්ක පොඩි පහේ ප්‍රශ්න විචාරාත්මක තරඟයක් පැවැත්වුවා නෙ කුරුලු යාලුවො කස්ටිය වෙනුවෙන්. මේ තියෙන්නෙ බස්සි අහපු ප්‍රශ්නෙ;

බස්සිට පට්ටම නම වැටෙන්නෙ ඒ ලෙවල් ඉවර වෙලා ඩ්‍රයිවින් ඉගෙන ගන්ට ලර්නර්ස් යන කාලෙ. ඒ තමයි "නයිට් රයිඩර්"

බලමු කවුද මේ නමට හේතුව නිවැරදිව අනුමාන කරන්නෙ කියලා. නිවාඩු දවස නිසා නිවැරදි පිළිතුර මුලින්ම කොමෙන්ට් කරන කෙනාට බස්සි දෙනවා පොඩි තෑග්ගක්.


ඕං ඉතින් බස්සිගේ නවාතැනට ගොඩවදින කුරුලු යාලුවො සෙට් එකත් මේක ගැන එක එක ජාතියේ නා නාප්‍රකාර උත්තර කොටලා ගිහින් තිබුනාලු.


රෑ වෙන්න කිට්ටුව ට්‍රේන් වෙන්න යන නිසා කියලා චාමික මලයා කියාපි.
අක්කා රෝද 2න් වත් යන්න ට්‍රයි කොරලද දන්නේ නැ නේද ? කියලා රසික මල්ලි අහපි.
කොහේ හරි Turbo boost පාරක් දාන්න ඇති කියලා නාඩි තුමා guess කරද්දි,
high speed යන හින්දා කියලා දිලිනි කියාපි.
වාහනේ සයිඩ් මිරර්, හෝන් එහෙම ලස්සනට තියාගෙන යන හින්දා කියලා ඩොකා කියාපි,
වාහනේ පාරට දාන්නෙ රෑ ජාමෙ නිසාලු ඩී.ජේ. කියන විදියට.
ඔමා කියන්නෙම අනිවා ඩෙෆා ටර්බෝ බූස්ට් සීන් ඒකක්මයි කියලා,
වාහනේ පුරුදු වෙන්න කලින් වාහනේට කතා කරනවා නේද?? කියල ප්‍රියා අහනවා,
හිරූ අක්කා අහනව වාහනේට නැග්ග වෙලාවේ ඉඳලා බස්සි තනියෙන් කියෝනවා ඇති නේද කියාල,
නුවාටයි බස්සටයි තරඟෙට සහභාගි වෙන්ට බෑ නෙව කොන්දේසි වල හැටියට.
අරූ, ඩූඩ්, දමිත්, මැලේ එහෙම බස්සිට තෑගි එවන්ට කරදර වෙයි කියලා දුකෙන් උත්තර දුන්නෙ නෑලු ඕං..... 
 

හ්ම්ම්... ජයග්‍රාහකයාගෙ නම කියන්ට කලින් මම උත්තරේ කියල ඉන්නම්කො.


ඉඟියක් තිවුනා නෙ පෝස්ට් එක පුරාම. බස්සි ඒ කාලෙ හරීම උසයි. ;) නමත් "කොටර්" නැත්නම් "කොට හාමිනේ". හා දැන්වත් හිතාගන්ට බැරිද උත්තරේ?


කොට නිසා හරියට පාර පේන්නෙත් නෑ. පුරුදු වෙන්නෙ උස වෑන් වල නෙ. ඉතින් බස්සි ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගන්නෙ කුශන් කොට්ට දෙකක් විතර තියලා උස හරියන්ට.


දැන්වත් හිතාගන්ට බැරිද උත්තරේ? ඔය නයිට් රයිඩර් කාර් එකේ පින්තූරෙ බලලාවත් කියන්නකෝ.




ලර්නර්ස් එකේ අයියලා අක්කලා කියන්නෙ උස වැඩි කමට එලියෙ ඉන්න මිනිස්සුන්ට බස්සිව පේන්නෙ නෑ කියලා. නයිට් රයිඩර්ගෙ කාර් එක වාගෙ බස්සි යන වාහනෙත් ඔටෝ යනවා කියලා බයවෙලා පාරෙ ඉන්න මිනිස්සු ආපහු ගෙදර දුවනවාලු.


ඔන්න ඕකයි සිද්ධිය.

ඉතින් මේ සතියේ ජයග්‍රාහකයා වන්නේ.....

පපර පප් පපා.....න්.....!!!

මං තුමීම තමයි නේද?

මොකද අන්තිමේ මම ම නෙව හරි උත්තරේ කිවුවෙ!!!



41 comments:

  1. බැලුවම මිටි චුටි වගේ නමකුත් ගැලපෙනවා නේද කවුද දන්නේ ඔච්චර මිටි කියලා

    ReplyDelete
    Replies
    1. අනේ ඔයා මට බස්සි නමට අමතරව තවත් කාඩ් එකක් දාන්නද යන්නෙ?!

      Delete
    2. යෑස් මිටි චුටි

      Delete
  2. යේස් අදත් එක

    ReplyDelete
  3. හි හි හි මරු වැඩේ කොටා කියලා මන් අළුත් නමක් යෝජනා කරනවා

    ReplyDelete
    Replies
    1. ඒක පරණ නම වුන "කොටර්" කියන එකේම මොඩිෆිකේෂන් එකක් නෙව. :P

      Delete
  4. Replies
    1. බස්සි --> බට්ටි වෙලා ද??

      Delete
    2. බටු බස්සි එහෙම නෙත්නම් බට්ටි වගේ නමකුත් ගෙලපෙනවා වගෙයි

      Delete
    3. පිග්මි බස්සි කියමු (pigmy owl). ඌ තමයිලු මිටිම බස්සා ලෝකෙ ඉන්න.

      Delete
  5. නිවාඩු පාඩු වෙලාවක අපේ නව තැන පැත්තෙත් එන්න...අපි ආවාට ලොකු ඈයෝ අපිව බලන්ට එන්නේ නැ නොවැ...ඉතින් ආරධනෙකුත් කොලා ඕන්

    ReplyDelete
    Replies
    1. අනේ ඩොකා මම බ්ලොග පැත්තේ රවුමක් ගහලා යන්න එනවා. මම කොමෙන්ටු කොටන්නෙ නම් නෑ ඕං වැඩිපුර. පොඩ්ඩක් බලාපන්කො මගෙ බ්ලොග් රෝලෙත් ඉන්නෙ රට වෙදා බැබලි බැබලි.

      Delete
  6. බැස්සෝ ගැන නම් වැඩිදුර නොදනී...මාලු ගැන අහන්න කියන්නම් ගමකට

    ReplyDelete
  7. හෆොයි! මං එහෙම හිටියනම් නම දාන්නේ හොල්මන් කරත්තේ කියලා!

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට නාඩිතුමා නොහිටියේ.... කරුමෙට හරි අපිත් එක්ක ලර්නර්ස් යන්නත් සෙට් වුනානම් කාඩ් කුඩු!

      Delete
  8. මේවා හරි අසාධාරනයි.. අපි සෙනසුරාදා බ්ලොග් අවකාශයේ නිවාඩු කියලා දැනගෙන ප්‍රශ්ණ ඇහපු එක.. නැත්නම් තෑග්ග ගන්නවනේ අෆ්ෆා..

    ( දැන් ඉතින් එහෙමවත් කියනවලු )

    ReplyDelete
    Replies
    1. අනේ ඒකත් එහෙමද!! ආයෙත් තරඟ තියද්දි ඉරිදාට තියන්නම්කො.

      Delete
  9. අර බස්සා දාපු එක නමක් නම් හරිම අසභ්‍යයි...

    ReplyDelete
    Replies
    1. මොකාක්.... තනිකරම මුංගෙ වල් හිත!!! කියන්න කියන්න ඔයා ඔහොම හිතුවෙ කොයි නම ගැනද කියල. මම ඒ නමේ තේරුම කියන්නම්.(මේ ඇත්තටම අවුල් නම් ප්‍රයිවෙට් එකේ කියන්න හොඳද!) ඔක්කොම පරම පිවිතුරු චේතනාවෙන් දාපු නම් හරිද සහෝ ;)

      Delete
  10. හපෝ ඔයා එච්චරටම කොටද??

    ලැජ්ජාවෙ බෑ...

    ජොලියට කිවුවෙ ඈ...

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා වෙන්න දෙයක්යැ ගාලුවෝ ආඩම්බරයි නේ! බලන්නකො ප්‍රියාගෙ කොමෙන්ට් එක. අගමැති කමටත් සුදුසු කමක් ලු.

      Delete
  11. වට් ඊස් ගොයිං ඔන්

    ReplyDelete
    Replies
    1. අයියෝ සිලි! කාන්ට් යූ ෆිගර් ඉට් අවුට්? ගෝ ඇන්ඩ් රීඩ් ද ලාස්ට් ටූ පෝස්ට්ස් බ්‍රෝ.

      Delete
  12. මම නම් උත්තරේ දැනන් හිටියා. බස්සිට තෑග්ගක් එවන්න කරදර නිසා ඉතින් බොරුවක් කිව්වා :D

    ReplyDelete
    Replies
    1. අනේ පවු බං. ඇඬෙනවා මට තනි ඇහැට. :P

      Delete
  13. උත්තරේ දෙන්න ගිහින් අපි ඔක්කොම නාලා නොවැ.
    කොට වුන එක ගැන ඔය තරම් හිතන්න එපා බස්සි කොට වීම ලංකාවෙ අගමැති වීමට තරම් සුදුසු කමක් කියලා. ..චාර්‍යය වර‍යෙක් ලගදි කියනවා මං අහගෙන. "කොට මොඩල් ලග පිකප් ලුනෙ".

    ReplyDelete
    Replies
    1. හික්ස්..... කොට හාමිනේ කෙනෙක් වීම ගැන හදවතින්ම ආඩම්බර වෙමි!!!

      Delete
  14. අපො ඔක මම දැනගෙන හිටියෙ අනෙ

    ReplyDelete
    Replies
    1. කිවුවෙ නැත්තෙ ලැජ්ජා හිතිලද අනෙ?

      Delete
  15. බස්සියෙක් නෙවෙයි පොමනේරියන් බස්සියෙක්

    ReplyDelete
    Replies
    1. සිරාවටම? තැන්කූ ඈ! පොමනේරියන් = Cute කියලයි බස්සිගෙ ශබ්දකෝෂයේ තියෙන්නෙ. ;)

      Delete
  16. හහහා... මිටි උනාම වැටෙන කාඩ් ගැන කතා කරලා වැඩක් නෑ,.. මොකද සේම් හියර් නේ ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ජනතාවගේ දුක අත්දැකීමෙන් දන්න රජෙක්!!

      (රාජ සම්පත් තියෙන්නෙ රජාටනෙ. ලැබේවා කිවුවට අපිට දෙනවැයි ඒවා?)

      Delete
  17. මිටියකින් ඔළුවට ගැහුවානම් තව ටිකක් මිටි වෙයි:D

    ReplyDelete
    Replies
    1. අනේ මගේ කට මොකටදෑ කිවුවලු. :P

      Delete
  18. බස්සත් කොටද ඈ ?

    ReplyDelete
    Replies
    1. නෑ නේ. ඒකනෙ මම බස්සා එක්ක ගමන් යද්දි එක්කො හොඳ උස වෙජ් දෙකක් දාගෙන යනවා. නැත්තම් බස්සට පාරෙන් එන්න කියල මම පේව්මන්ට් එකේ ගැට්ට උඩින් යනවා. එතකොට යාන්තම් මිටි ගතිය වැහෙනවා!

      Delete
  19. ඔන්න එහෙමනම් ඔක්කොම ටික කියෙවුවා. ඉලග පොස්ට් එකෙ ඉදන් කොමෙන්ට් කරන්නම්කො.

    ReplyDelete
    Replies
    1. ආව් අප්පා.....!! ඔයා ඔක්කොම කියෙවුවද? සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට!!!

      Delete