Thursday, May 29, 2014

ලස්සන වීමේ රහස් මංජුසාව






කෑම පාලනය ගැන අපූරු බ්ලොග් පෝස්ට් දෙකක්ම මම කියවල තිවුන. එකක් දිනේෂ් අයිය ලියාපු උපදේශාත්මක පෝස්ට් එකක්. අනික ඩූඩ් අංකල් ලියාපු විනෝදාත්මක ලිපියක්.


සාමාන්‍යෙන් කටු කනකොට වෙන්න ඕනෙ කෙට්ටු වෙන එක නෙව. ඒත් ජොබ් කට්ට කන්න පටන් ගත්තු දා ඉඳන් බස්සි ඉතා සීග්‍රයෙන් මහත් වෙන්න පටන් ගත්ත.

පිම්බුනා පිම්බුනා පිම්බුනා.


ඉස්සර කියවාපු මනමැවි කතන්දර වල වගේ අන්තිමේදි පිම්බිලා පිම්බිලා පිපිරුනොත්!! බස්සිට බය හිතුනා.

ඉතින් බස්සිට උවමනා උනා කෙට්ටු වෙන්න.


ඒත් කාලයක් යනකොට මට තේරුනා මම මේ අනුගමනය කරන්නෙ ඩූඩ් අංකල්ගෙ පෝස්ට් එකේ දීල තියන උපදෙස් ටික නේද කියල.


තෙල් කෑම, පැණි රහ කන්නෙ නෑ නෑ නෑමයි කියල හිතාන සතියක් ඉන්නව. සතියක්ම හිටියනේ කියල හිත හදාගෙන චොකලට් දුසිමකට විතර එක දවසින් වැඩේ දෙනව.

උදේට බර ආහාර නොගෙන යෝගට් කනව සතියක් විතර. ඒත් කඩේට එවෙලෙ ගෙනාපු පේස්ට්‍රි දුම් දදා තියෙනව දැක්ක ගමන් ප්ලෑන චකබ්ලාස් වෙනව.

මගින් බැහැල ඔෆිස් එකට ඇවිදන් යන්න හිතනව. පරක්කු වෙලා බව දැක්කම ටුක්ටුක් එකකට නගිනව, වෙනද පයිං යන ටිකවත් යන්න බැරි වෙනව.


මේක මහ අපලයක්. මගෙ හිත කිවුව.


ඒ ගමන මම හිතුව ඉස්සර අලි පැටියෙක් වගේ ඉඳල කෙට්ටු උනාය කියන කුමාරිකාවකගෙන් උපදෙසක් ගන්න. එයා ජීවත් වෙන්නෙ කලු සහසුදු මිටියාවතේ කියල අපේ පහල ඇළේ ඉන්න කිඹුලියෙක්ගෙන් මට ඔත්තුවක් ලැබුන. ආරංචියේ හැටියට එයා ගාව තියෙනවා ලස්සන වීමේ රහස් මංජුසාවක්.


අනේ ඉතින් බස්සියා සෙනසුරාදා උදේ රැයින් පිටත් උනා ඒ කුමාරිකාව මුණගැහෙන්න. රහස් මංජුසාව ඉල්ල ගන්න පුලුවන් උනොත් කොයිතරම් දෙයක්ද! දම් පාට වයිබර් යානාවක නැගල තමයි ගමනට පිටත් උනේ.


ඔන්න ඉතින් උදේ අට වෙනකොට කලු සහ සුදු මිටියාවතට ලෑන්ඩ් කලා කියමුකෝ.


කුමාරිකාව ඇවිල්ලා "හලෝ මචී" කියල බොහොම ආදරෙන් මාව පිළිගත්ත. මං අහන්නත් කලින් රහස් මංජුසාවත් අරගෙන ආව.






"මේකෙ තියෙන්නෙ මම ම හදාගත්තු බෙහෙතක්." කුමාරිකාව කිවුවා.


ඉන් පස්සෙ සීරුවට  මංජුසාවෙ පියන ඇරිය. ඒත් එක්කම ආපු සුදුම සුදුපාට මීදුම් වළාකුලක් නිසා මගෙ ඇස් දෙකත් වැහුන. ඇස් අරිනකොට දැක්කෙ එයා මංජුසාවෙන් ගත්තු ඉන්ඩිගෝ පාට දිලිහෙන පවුඩර් කුඩක් සුදු කඩදාසියකින් ඔතනව.






කඩදාසිය පරෙස්සමට ඔතල මට දුන්නු කුමාරිකාව මෙහෙම කිවුව.



"දැන් පරෙස්සමට ගෙදර යන්න. ඕක බොහොම වටින බේතක්.
මේකෙ රසායනය හරිම අමුතුයි.
බෙදන්න බෙදන්න වැඩිවෙනවා.
එකතු කරන්න එකතු කරන්න අඩු වෙනවා."




මමත් ඉතින් ස්තූතියි කියල ආචාර කරල ගෙදර එන්න පිටත් උනා.


පහල ඇල ගාව වංගුවෙන් හැරෙනකොටම මට ඇහුනෙ ගෙම්බෙක්ගේ බක බකය.







"අන්න බලපං කිඹුලි, උඹට දුන්නෙ නැති බෙත අර අලි  කුමාරි බස්සිට දීල. දැක්කද? ඕකුන් පාප මිත්‍රයො කිඹුලි. උඹ දුක්වෙන්න එපා මම ඉන්නව උඹත් එක්ක. අපි හොඳ පාඩමක් උගන්නමු."


අනේ! මාව දැක්ක විතරයි බයවෙච්ච ගෙම්බා "ජබෝස්!" ගාලා ළඟම තිබුන මඩ වලකට පැන්න. හැබැයි කිඹුලි ගේම අතෑරියෙ නෑ.


"දීපන් මටත් බේත! දීපන්!" කිය කියා වතුරෙ පාවෙනව මෙන්න මේම.





ඒ උනාට එහෙම ඉල්ලපු ගමන් දෙනවද මෙහෙම වටින කියන දේවල්. මම කොහොමහරි කිඹුලිගෙන් බේරිලා ගොඩවුනා බස්සිගේ නවාතැනට. හෙමිහෙමින් කඩදාසිය දිග ඇරල බැලුව.


අනේ!!


අර ඉන්ඩිගෝ පාට කුඩු ටික අතුරුදහන් වෙලා!

ඒ වෙනුවට කඩදාසිය පුරා ඉන්ඩිගෝ පාට වැල් අකුරෙන් මෙහෙම ලියැවිලා තිබුනා.



අවශ්‍ය ද්‍රව්‍ය



ආදරේ කිලෝ 100 යි

කරුනාව කිලෝ 67 යි

හිනාව කිලෝ 703.5 යි

කඳුලු බිංදු 51 යි

උම්මා 1,000,000,000,000 යි




මේවා සේරම එකට කලත්තලා
උදේට 
දවල්ට 
රෑට 
බොන්න.

බත් ගිලින එක අඩු කරල,

එළවලු චුට්ටක් රෑට තම්බන් කාල,

සින්දුවක් අහල,

චුට්ටක් නටල,

හොඳ.....ට දොයියගන්න.




හිතේ කරදර සේරම අමතක කරල දාන්න.

කවුරු මොනව කිවුවත්, කලත්

හිතේ තරහක් නම් තියා ගන්න එපා.

තරහ ඇති උනොත් බෙහෙතෙ බලේ නැතුව යනව.




සතුටින් ඉන්න.

හදවත ලස්සනයි නම්

අපිට මුලු ලෝකෙම ලස්සනට පෙනේවි.





ඔන්න ඕක තමයි ඒ රහස් මංජුසාවෙන් ගෙනාපු බෙහෙත. 


ඉතින් ඕක ගෙනාපු දා ඉඳන් අර ගෙම්බයි කිඹුලියි දෙන්න ඉඳගෙන මට වද දෙනව මංජුසාවෙ තියන රහස් බේත කියන්න කිය කියා.






බැරිම තැන මම සද්දයක් දාල අඩි හැප්පුව.

"මේ සතිය අග කියන්නම්! ඉවසල හිටපියව්!!"

බයවුන පාර ගෙම්බ උඩීන් ගිහින් වැටුනෙ ත්‍රිකුණාමලේ තල් රා මුට්ටියකට. කිඹුලි සුරුස් ගාල ගං ඉවුරෙ තිවුනු බිලයකට රිංග ගත්තා.



"මේකෙ රසායනය හරිම අමුතුයි.
බෙදන්න බෙදන්න වැඩිවෙනවා."


දැන් බලා ගන්න පුලුවන් ඒ කතාවේ ඇත්ත නැත්ත.




102 comments:

  1. ඔය රහස් වට්ටෝරුව හරියට හරි...... මාත් ඕක තමා මහත්වෙන්න අනුගමනය කලේ..... මට දැන් බියුටි කම්පිටිෂන් එකකට යන්නත් පුළුවන්. බස්සියෝ......

    ReplyDelete
    Replies
    1. තමන්ගෙම ක්‍රමේට ලස්සන වෙන්න කියාපු වට්ටෝරුව නේද? හැමෝම මූණයි කොණ්ඩෙයි රීකන්ඩිෂන් කරන එක ගැනම නොහිත මේ විදියටත් ලස්සන වෙනවනම්.....

      Delete
  2. "මේකෙ රසායනය හරිම අමුතුයි.
    බෙදන්න බෙදන්න වැඩිවෙනවා."

    ඇත්ත නේ බෙදන්න බෙදන්න වැඩි වෙනවා

    අර ට්‍රේඩ් මිල් එක අරන් දුවන්න, නැතම් අමාරුවෙන් හරි football ගහන්න.අනිවා කෙට්ටු වෙනවා. තව ක්‍රමයක් තියේ එක ඕනි නෑ,දුක වැඩි,මම නම් ඔය ක්‍රම 3ම පාවිච්චි කරා.

    ReplyDelete
    Replies
    1. චැහැ එක වෙන්න කියලා හිතන් අවේ.සික් 2 නේ

      Delete
    2. මොකද්ද අනේ දුක වැඩි ක්‍රමේ? යකූ උදේ හතට ගිහින් රෑ අටට එන මන් කොහොම ෆුට්බෝල් ගහන්නද.

      Delete
    3. සතුටු වෙන්න අනේ... දෙවනිය හරි උනානෙ.

      Delete
  3. හ්ු
    He he he niyamai bassu... eeth hinawela thawath thara wenawane :(

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි බන් මටත් තියෙන පස්නෙ. මං හිතන්නෙ හිනාවෙන ගානෙ තව තව මහත් වෙනව.

      Delete
  4. බෙදබෙදන්න බෙදන්න වැඩි වෙන එක්තු තු කරම්න්න එකතු කරන්න අඩු වෙන බේට්ග ත අත් දුටුවයි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. අක්කියා මට පගාව එවන්න හොඳේ අලියා නොකිය කුමාරිකාව කිව්වට

      Delete
  5. බෙදබෙදන්න බෙදන්න වැඩි වෙන එක්තු තු කරම්න්න එකතු කරන්න අඩු වෙන බේට්ග ත අත් දුටුවයි

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ගල්ලෑල්ලෙ හෙළකුරු අවුල් ගිහින් වගේ අක්කියා. පොඩ්ඩක් බලන්න.

      Delete
  6. කඳුළුනම් බිව්ව කියමුකො.

    ඉතිරි හතර??? o_O

    ReplyDelete
    Replies
    1. අපි නම් "ඇන්ටිල වගේ" කියල සමහරු කිවුවට, අපිට අමාරුම උනේ කඳුලු බින්දු ටික හොයා ගන්න එක. ඉතුරු ඒව වැඩිපුරත් එක්ක තිබුන ධනා. :D

      Delete
  7. උඹ බතල නෑ බං. සෙක්සි චබී කෙල්ල.. (දුවේ කියලා කිව්වොත් රහ නැති නිසා උඹ කිව්වේ...)

    ReplyDelete
    Replies
    1. මේ මැතෝඩ් එක නම් පිරිමි අයට.. ඒත් ඉතින් අනිත් පැත්තටත් ඇප්ලයි කරන්න පුළුවන්...

      http://maathalan.blogspot.com/2011/06/reduce-your-weight.html

      Delete
    2. බස්සා ඒ කැටගරියට ආස නිසානෙ මට කෙට්ටු වෙන්න විදියක් නැත්තෙ. තැන්කිවු මාතලන් අංකල්.

      ඒ පෝස්කට්ට මරු. ලංකනයිස්ඩ් කඩු ජෝක් එකක් නේද.

      Delete
    3. //චබී කෙල්ල// කිවාම අමතක කරන්න බැරි ඇස් දෙකක් මතක්වුණා.

      Delete
    4. අනිච්චේ අර "ලොකු ඇස්" ද? ලොව ඇත්තේ යාම් ඊම් පමණයි මනෝ.

      Delete
    5. ඒ ලොකු ඇස් නෙමේ බං ,මේ අර "දුරුතු ඇස්"

      Delete
    6. මලා! ඇස් වට්ටෝරුවක්ම තියෙනව වගේ... :D

      Delete
  8. මට තියන ප්‍රශ්නෙ තමා බස්සියේ කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති එක.. ඒකට එහෙම බෙහෙතක් නැද්ද??

    ReplyDelete
    Replies
    1. ඒකටත් මේ බේතම තමයි ගැලපෙන්නෙ ෂැගියෝ. අනික මහත් උනොත් ෂැගියා කියන නමට ගැලපෙන්නෙ නෑනෙ අනී....

      Delete
    2. හැක් බලමුකො ඔය බෙහෙත නම් ගන්නවා.. ටික ටික

      Delete
    3. ෂැගිය අන්තිමට ෆ්‍රෙඩ් වගේ වෙයිද දන්නෑ...

      Delete
  9. පොඩ්ඩක් හිටින් ගෙදර යනකම්

    ReplyDelete
    Replies
    1. හම්මේ....

      @ හැංගෙන්න බිත්තර කට්ටක් හොයමින්.

      Delete
    2. උෂී උෂි කිමුලි. මටත් මේකට ටිකක් දිගට කොටන්න ඕන මේ ගෙදර යන ගමන් හන්දා අමාරුයි. බස්සිගේ තටු කපමුද අද

      Delete
    3. හැක් තටු කපන්න! අපි ඉන්විසිබල් වෙන්න බේතක් හදන්න යන්නෙ නැත්නම් අද බේරෙනව බොරු.

      Delete
    4. @නලින් මාමා කමෝන් නලින් මාමේ උෂි කිව්වට තැන්ක්ස් .....@බතල බත්ති මැට්ස් මන් වගේ අහිංසක කිඹුලියෙක්ට ටෝ මඩ ගහලා...ඒ මඩිවට විඩියෝවකුත් ඔබලා....ටෝ අහුවෙයකෝ පිහාට්ට පිහාට්ට..... ටුවිසරෙන් ගලෝනවා...දැන ගන්.....හිකිස් ඈ බන් බත්තියා ඔක්කොම හරි කියමුකෝ කොයිල් කුමාරිකාව කියල තියෙන පරිදි ඔය හැටි උම්මා දුන්නොත් කට ගෙවෙයිනේ....හැබැයි බන් උම්මා හොයා ගන්න නියම පොරක් ඉන්නවා නම නොකියමි ඇහැක් ගසා ඉගි කරමි....
      ඉන්විසිබල් බේත හොයා ගනින්කෝ...හැබැයි කොයිල් කුමාරිද ඉන්විසිබල් බේහෙත් වට්ටෝරුවත් දෙන්නේ......එහෙම උනොත් ලෝක විනාසේ අත ලග කියලා හිතන් තෙලිජ්ජ බීලම මායි ගෙම්බයි මැරෙනවා...ඕන්....බස්සිගේ නවාතැන පල්ලා.....හු....

      Delete
    5. ටව දෙයක් අමතක උනා...උඹේ ඩයට් චක්‍රයම තමා මගෙත් සොකලට් දැක්කද සිල් බිදෙනවා....දෙයියනේ කියලා මෙහේ ලංකාවේ කෑම කඩ වලින් කන්නේ නැති නිසා බේරිලා ඉන්නවා...එකම දුර්වල කම සොකලට්....හ්ම්ම්ම් සොකලට් විතරමයි....

      Delete
    6. බලපන් ශානුවා මේ මෝඩ බස්සිව රවට්ටලා කළු සුදු අක්කා ... උඹ මේකිගේ පිහාටු ගලවන වෙලාවට මටත් කියපං එන්නේ වීසි කැත්තක් අරන් .... අද රෑට බසු මස් ඉස්ටු දානවා බලාගනින්

      Delete
    7. ඒ අපිනම් උසි ගන්වන්නේ බල්ලෝ වෙච්චි....:D

      Delete
    8. //කමෝන් නලින් මාමේ උෂි කිව්වට තැන්ක්ස්// අනේ යකෝව් උසි උසි කියද්දි තැන්කිවු කියන එකෙක් දැක්කමයි. බලපං පොඩ්ඩක් මූණ! :P

      Delete
    9. පීස්සුද බන් ශානු අක්කියා එවුවට කට ගෙවෙනවනං මට මේවෙනකොට ලේසියෙන්ම ඩයට් කරන්න තිබුනා. ; කන්න කටක් ඉතිරි වෙලා නැති හින්දා.


      සිරාවට ටුවිසරෙන් පිහාටු ගලෝනවට තෑන්ක්ස් බන්. මම හිතුවෙ ත්‍රෙඩින් කරයි කියල. හික්ස්!!

      Delete
    10. හෑ යකෝ ගෙම්බා බසු මස් ඉස්ටු දාන්න! හූහ්! කෑව මදි වගේ... තව උඩ පැනපන් පුතේ අර කවිය මග එනවා හරී!

      Delete
    11. මනෝ දාන්න පහක්!

      Delete
    12. ඇයි යශෝ පහක් මෙන්න දහයක්ම...!!!

      Delete
  10. ඩූඩ් ගෙයි දිනේෂ්ගෙයි ලිංකු දෙකත් දැම්මනං තමා හොඳ?

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයියගෙ පෝස්ට් එකේ ලින්ක් එක හම්බුනා. මේ ඩූඩ් අංකල්ගෙ ලිපිය ගොඩක් ඉස්සර කියවපු එකක්. ලින්ක් එක හොයාගන්න උදව්වක් කලහැකි නම් පින්!

      Delete
    2. හරී.... link දෙකම එකතු කලා ඔන්න.

      Delete
  11. හප්පෙ අර ලයිස්තුවේ කලමනා හොයා ගන්න තියෙන අමාරුව .....

    ReplyDelete
    Replies
    1. එච්චර අමාරු නෑ සහෝ. සත පහක්වත් වියදම් වෙන්නෙත් නෑ... හොයන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ...

      Delete
  12. නෝ කමෙන්ට්ස්!!!
    (ඇයි බං, කියන්න හිතාගෙන ආපු ඔක්කොම ටික මුං කියලා දාල නේ!! මං වෙන මොනව කියන්නද?? )

    අහ්! හිනාව කිලෝ 703.5 යි කිව්වට, Smile හිනාවෙං කිලෝ 300යි, ඉතුරු 403.5ම laugh හිනාවෙං ඈ!!
    නැත්නම් ගුණ මදි වෙයි!!

    කෑම පාලනයත් අවුලක් නෑ, ඉස්සර විදිහ හරියන්නෙ නෑ. ඉස්සර නං සරලයි, උදේට කන්න ඕනෙ රජෙක් වගේ, දවල්ට සාමාන්‍ය මිනිහෙක් වගේ, රෑට හින්ගන්නෙක් වගේ. ඒ වුණාට දැං එහෙම කාලා බෑ.

    දැං, උදේට කන්න ඕනෙ, 2න්ඩ් ක්ලාස් බිස්නස්මන් කෙනෙක් වගේ, දවල්ට කන්න ඕනෙ හිඟන්නෙක් වගේ, රෑට කන්න ඕනෙ රජයේ සේවකයෙක් වගේ. එතකොට හරි.

    ReplyDelete
    Replies
    1. දැන් හිඟන්නො සෑහෙන්න හම්බ කරනව අනේ. උදේට හිඟන්නෙක් වගේ කාල දවල්ට සෙකන්ඩ් ක්ලාස් බිස්නස්මන් කෙනෙක් වගේ කෑවනං හරි නේද.

      Delete
    2. මෙහෙමනේ, සෙකන්ඩ් ක්ලාස් බිස්නස් කාරයා, වැඩිය ලෝබ නෑ, අනික, ලොකුලොකු ලෙඩ වලට බයත් නෑ. ඒ නිසා හොඳට වියදම් කරලා පැලෙන්න කනවා.

      හිඟන්නා හම්බ කලාට, එලිපිට හොඳට කන්න බෑනේ, කවුරුවත් දැක්කොත් බිස්නස් බහිනවනේ, ඒ නිසා පොඩ්ඩක් අඩුයි. ඒත් එහෙමට අඩු නෑ.

      අනිත් එකා ගැන අමුතුවෙං කියන්න ඕනේ නෑ නේ.

      (1ස්ට් ක්ලාස් බිස්නස් කාරයො ගැන නොකිව්වෙ උං කන කෑම ගණං වැඩි වුනාට මෙලෝ රසයක් වත් ගුණයක් වත් නැති, ඇහැට විතරක් ලස්සනට පේන විකාර විතරක් නිසා. උං ඉතිං ලොකු ලොකු පෝසත් ලෙඩ වලට බය නිසා කන්නෙ ගානට මිම්මට නේ, ඒක තව හේතුවක්)

      Delete
    3. අද කාලෙ හිඟන්නෙක් කන විදිහට කන්න අපි කරන ජොබ් වලින් හම්බ කරලා මදි බං. අතිරේක රැකියාවක් විදිහට හිඟාකන්නම වෙනවා. :D

      Delete
    4. අතිරේක ‍රැකියාවක් විදිහට හිඟා කෑවොත් හැරෙන්න ප්‍රියා අයියේ, වෙන අතිරේක ‍රැකියා නම්, දෙක තුනක් වත් කරන වෙයි. එක අතිරේක ‍රැකියාවකින් ශේප් වෙන්න බෑ!!

      Delete
  13. කෙට්ටු වෙන එක විතරක්ම නෙවෙයි මෙතන වඩා නිරෝගී වීමත තියෙනවා. නිරෝගීබව සේරටම වඩා වැදගත් දෙයක්.

    ReplyDelete
    Replies
    1. හිත නිරෝගී නම් ගතත් නිරෝගී වේවි.

      Delete
  14. මට ප්‍රශ්නේ ගෙම්බයි කිඹුලි ගැන....

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඉතින් ප්‍රශ්නේ?

      Delete
  15. හෙහ් හෙහ්. නියමයි.
    ඇත්තෙන්ම හුඟ දෙනෙක් ඩයට් කරන්නේ එහෙම තමයි.
    දැන් මටත් හිතුනාම ග්‍රීන් ටී බොනවා. කසාය වගේ මෙලෝ රහක් නෑ.
    අනිත් උන් කිරි තේ බොද්දි ග්‍රීන් ටී එක උගුරෙන් පහලට යවාගන්නේ අමාරුවෙන්.
    ටිකකින් කෙලලා අරිනවා තඩි කේක් කෑල්ලක්, චොක්ලට් බිස්කට් 4ක් වගේ දෙයක්.
    ඊට පස්සෙ කල්පනා කරනවා ග්‍රීන් ටී බීලත් බර අඩු නොවෙන්නේ ඇයි යකෝ කියලා.

    ඔය වට්ටෝරුවේ බඩු හොයන්න කරදරයි. බංගසාල වීදියේ බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මගෙත් ග්‍රීන් ටී බීමට වෙලා තියෙන්නෙ ඔය සෙතේම තමයි ඩූඩ් අංකල්. හැබැයි පෙපර්මින්ට් රස ග්‍රීන් ටී එකක් තියෙනව ඒක නම් ශෝයි. හැබැයි ඒකට කෙට්ටු වෙනවද කියල නම් ෂුවර් නෑ..... අර ස්ලිම් ග්‍රීන් වල ජරා රහ අමතක කරන්න පුලුවන් ඒ එකක් ඉඳලා හිටලා බීවම.

      Delete
  16. අපිට ඉතිං ඔය ප්‍රශ්න නෑනේ!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අප්පා කියන්නකො ඔය ස්ලිම් බවේ රහස.

      Delete
  17. සිරාවට කියන්නේ, ඔය මහතයි කියලා වද වෙන අය ඉන්නවා නේද.. උන් කවදාවත් කෙට්ටු වෙන්නේ නෑ.. මොකද හිතනවා වැඩි හන්දා.. කොයි දේකටත් නිරවුල් මනසක් තියෙන්න ඕන.. අනික තාමන් වෙනදා කන සමාන්‍ය ප්‍රමාණයම කන එක හොදයි.. ඕක හිතුමතේ පාලනය කරන්න යන්න එච්චරම හොද නෑ.. මොකද අපේ ශරීර අස්සේ අපි නොදන්න මොන දේවල් තියෙනවද කියලා අපිවත් දන්නේ නෑ.. ඒ හන්දා වෙනදා වගේම කාපිය.. සතුටින් හිටපිය, මහත ගැන අමතක කරලා..

    ( අනික ඉතින් උඹ කෙට්ටු උනාම අපි උඹට බතල බස්සි කියලා අවුස්සන්නෙවත් කෝමද?)

    ReplyDelete
    Replies
    1. අහ්, අමතක වුනා.. උඹට කෙට්ටු වෙන්න බැරිම නම් කරන්න එක දෙයක් තියෙනවා.. උඹ ටිකක් උස යන්න ට්‍රයි කරපං.. එතකොට හරි.. ^_^

      Delete
    2. අයියූ එහෙම පාලනයක් කරගන්න මට පුලුවන්නම් බැරියෑ. ඩෝනට්/චොකලට් හෙම දකිද්දි කට නලියනව නෙව. අනික මං හිතන්නේ ප්‍රධානම හේතුව තමයි මම සිනාසී තරවීම. ඕක නවත්තන්නත් බෑනේ... දුකම තමයි.

      කෙට්ටු වෙන්න තියන අනිත් බාධකේ අපේ බස්සා බයයි නෙව මන් කටුස්සියෙක් වගේ වෙයි කියල. (අනේ මේ කපේදි එහෙම කෙට්ටු වෙන්න මට පින තියේ නම් බැරියෑ.) .

      Delete
    3. උස යන්නනම් ඉතින් චීන කටු තමයි. කොහොමත් මම හිතෙන වෙලාවට අඟල් හතර පහක් උස යන මැජික් බේත් වගයක් ගත්ත. වැඩේ තියෙන්නෙ මැජික් බලේ වැඩිවෙන්න වෙන්න ඇවිදින්න පොඩ්ඩක් අමාරු එක තමයි

      Delete
    4. // කෙට්ටු වෙන්න තියන අනිත් බාධකේ අපේ බස්සා //

      ඒ හරිය ඉතින් අපි නොදන්නවයි.. ^_^

      Delete
  18. බස්සි මචං ලිස්‍ට් එකට බ්‍රැන්ඩි වීදුරුවක් එකතු කරහං .නැත්තං ඔය ලිස්ට් එක කෑවට ප්‍රොසෙස් වෙන් නෑ, මේක මගේ සොයාගැනීමක්.
    © පත්තර මල්ලි ®.

    බොරුනං බලපං අර නලින් අයියා ස්ලිම් & ස්මාට් ඉන්න හැටි කිරි ටොයිය වගේ !!!! මේ මං බලපං :D තව ඕන්නං .

    ReplyDelete
    Replies
    1. උඹව බලනවට වඩා හොඳයි තලගොයෙක් දිහා බලනවා :D

      Delete
    2. බ්‍රැන්ඩි හොයා ගන්න බැරිම නම් කෂියා සොට් එකක් ගැහුවට කමක් නැත්ද? :)

      Delete
    3. ඔව් ලොකු වෙනසක් නං නැ තමා ඉවෝ..
      කෂියා නැත්තං ග්‍රැමොක්සෝන් උනත් ටොප් ඇල්කොහොල් පොඩ්ඩක් එක්ක.:.D

      Delete
    4. අපෙ ගෙදර තිබ්බා හාකෝස් පටාස් බෝතලයක් හිටින් ට්‍රයි කරලා බලන්න.

      Delete
    5. හම්මේ පත්තරේ ඔයාලටනම් ඉතින් බේත එක්ක අනුපානයක් විදියට ඔය ඕනෙ එකක් ගන්න පුලුවන්! සිරාවට නලින් අයියගෙ ස්ලිම් වීමේ රහස ඒකද ඈ..?

      Delete
    6. හාකෝස් පටාස් අර බෝතලේ ඉන්න ඔලුකට්ටා වගේ වෙයිද දන්නෑ...

      Delete
  19. කෙට්ටු වෙන්න බේත් හොයා හොයා හිටපු බස්සිට කළුසුදු අක්කා විහිලුවට වගේ බේතක් දීලා , බස්සි ඉතින් පේවෙලා ,නාලා කරලා බීත හදන් බිව්වලු , බිව්ව වෙලේ ඉඳන් බස්සා බස්සිව හොයනවා හොයනවා කොහෙවත් නැතිලු , බැස්සා වයිබරේ , ගූගලේ ,බුකියේ ,බ්ලොගියේ හැමතැනම හොයනවා බස්සි නෑ. අන්තිමට බැස්සා කරන්න දෙයක් නැතුව මහරගම පොඩි වැසිකිලිය ඉස්සරහා බස් හෝල්ට් එකේ වාඩිවෙලා ඉන්නවලු,
    මෙන්න ටිකකින් පොඩි වැසිකිලියේ දොර ඇරිලා මොකකදෝ එලියට වැටුනලු , බලනකොට අර බොලේ වගේ හිටපු බස්සිලු , දැන් නිකං මිරිකපු දෙහිලෙල්ල වගේ වෙලාලු ,
    බස්සා ෆුල් හොල්මන්ලු ...මොනවා කරන්නද දැන් සීන් එක බ්ලොග් ,බුකි ලෝකෙම දන්න නිසා මේකිව මග දාලා යන්න විදිහකුත් නැති නිසා බස් හෝල්ට් එකට එක්කන් ගියාලු .
    "මොකද තුදු බත්තියේ උඹට උනේ "
    "බලන්න බුදු බත්තෝ අල කළු තුදු අක්කා ,කෙට්ටු වෙන බේතක් කියලා මට "බඩ විරේකයක්" දීලනේ හපූයි "

    ReplyDelete
    Replies
    1. පල යන්ඩ ගෙඹි ඉවානය තාම තල් රා පෙවිල වෙරිද කොහෙද මෙයාට! යකෝව් ඔය දෙබස් වල අතාත්වික බව ඔප්පු වෙනවනෙ ඔතන මගෙ ප්‍රියතම phrase එකවත් නෑනෙ.

      අනාආආආආආ................

      යකෝව් උඹ හිතුවද අපේ ගෙදර වැසිකිලි පහසුකම් නෑ කියල හැබෑට. හිටපන් ගෙබිලූශා... මේවට රිටර්න් එනකොට ගොඩාආආආආ.....ක් රිදෙයි හොඳේ.....!

      Delete
    2. ඒ වෙලාවේ අනාආආආආආආ ගැනවත් පන නැහැලු , විරේක බීලා :D ,

      රිටර්න් දෙන්න රිටර්න් දෙන්න එතකොට තර වෙන්නේ :D

      අනාආආආආආආ

      Delete
  20. මේක ගුටි කන බේතක් බොල..

    උම්මා ඉවර වෙනකල් වටේට බෙදුවොත් !

    ReplyDelete
    Replies
    1. එහෙම බෙදන්නෙ නෑ සෑමෝ උම්ම සේරම අරන් බේතට එකතු කොරනවනෙ.

      Delete
  21. හෙක් හෙක් අනේ මටනම් ඔය තියරිය වැඩ කරේ නැතෝ, අපේ අම්ම කියන්නේ උඹ කොච්චර කෑවත් බෝගේ ඇඟට ඒවා අල්ලන් නෑ කියල. හෙක් හෙක් අපි ඉතින් සලීම් ෆිට් කොල්ලොනේ, මෝ ෆෙල්ක්සිබල් මෝ රිලයබල් :D. සරීරයේ හැඩට තමන්ගේ චිත්ත වේග බලපානවා කියලයි මට නම් හිතෙන්නේ, එක ඉතින් කොහොම වෙනවද කියලා කියන්නනම් මන් දැන් නෑ, මොකද මැසිමක් වගේ අපි හිතට කොතෙකුත් හිතුවිලි ගලාගෙන එනවා, එකක් අනෙකට පටිච්ච සමුප්පන්නයි, චිතානු පස්සනාව වදන කෙනෙකුට නම් "සිතෙහි සිත ගැන බැලීම" අනුව සිතුවිලි පාලනය කරගත හලියි.එක සිතුවිල්ලක සිට අනෙක් සිතුවිල්ලට තිබෙන කාල පරාසය වැදී නම් ඒ පරාසය අතර පුදුම සැහැල්ලුවක් තියෙන්නේ, එතැන මිකුත්ම නෑ, ඒ සැහැල්ලුව ඔය සර්රෙරේට පුදුම නිදහසක් ගේන්නේ, ටිකක් විතර ට්‍රය් කරන නිසා කිව්වේ, බැන්ද මන්ද. කොහොම හරි ඒ වගේම මොන කතා කිව්වත් මිනිස්සුන්ට සර්රේට ටයිප් තුනක් තියෙනවා ඒ ඒ කෙනාගේ මෙටාබොලිසම් එක අනුව, ඒ ස්ලෝව් මෙටාබොලිසම් බොඩි, ඒ අයගේ සර්රෙර හරිම මහතයි, මීඩියම් මෙටාබොලිසම් බොඩි, ඒ අයගේ සරීර ගානටම තියෙනවා, අනික් අය ෆාස්ට් මෙටාබොලිසම් බොඩි ඒ අයගේ සීරීර හරිම කෙට්ටුයි. ඔය මෙටාබොලිසම් කියන්නේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයත් එක්ක උෂ්ණත්වයාමනය වගේ තර්මෝඩයනමික් කතාවක්. කොහොම හරි මෙටාබොලිසම් කතන්දරේ හින්දා මහතා ඇය කෙට්ටුවෙන්න දැඟලුවට ලේසියෙන් කෙට්ටු වෙන්නෙත් නෑ වෙන්නෙත් නෑ, කෙට්ටු ඇය මහත් වෙන්න දැඟලුවට ලේසියෙන් මහත් වෙන්නෙත් නෑ, අහාර පාලනය, සිතුවිලි පාලනය වැදගත් වෙනවා හරියටම ඒ දෙ කරගන්න, ඔක්කොටම වඩා සතුටයි වැදගත් වෙන්නේ. ගුගලේ මෙටාබොලිසම් බොඩි ගැන බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඒනං මගේ සරීරෙ අවුරුද්දක් ඇතුලත ෆාස්ට් MB body ඉඳන් ස්ලෝ MB body දක්වා වෙනස් වෙලා සොමියෝ... මටනම් වෙලා තියෙන්නෙ ඉස්සර වගේ දවසම රස්තීයාදු ගහන්න බෑනෙ දැන් පුටුවක් උඩ ඉඳන් පැය නවයක් දහයක් වත් බිත්තර රකින්න වෙලානෙ. ඉතින් වෙනදා පුරුදු විදියටම කනකොට පිම්බීම හැර වෙන ඔප්ෂන් එකක් නැත.

      ඔය slow metabolism body තියන උන්ට මම හරිම ඉරිසියයි. ඔව්. :D කොච්චර කෑවත්, එක්සර්සයිස් මුකූත්ම නොකලත් මහත් වෙන්නෙ නෑනෙ එයාලව.

      Delete
  22. මටත් පුරස්නෙ ආවෙ අර උම්මා කේස් එක ටමා. ඇයි බං ඔය ගාන වැරදිලා වැඩිපුර හම්බ උනොත් විනාසයිනෙ. :)

    ReplyDelete
    Replies
    1. ඒවා වැඩිවෙන්න වැඩිවෙන්න ලස්සනත් වැඩිවෙනව (ලු.)

      Delete
  23. ඔය මංජුසාවේ තියෙන ඒවා කරාම අන්තිමට ඒඩ්ස් තමා අපිට හැදෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒඩ්ස් හැදෙන්නෙ උඹ අර හිස් කෝච්චි පෙට්ටියෙ නාලිකා එක්ක ගියාම තමයි. හුම්...

      Delete
  24. දැන් බලන්න ලමයිනේ අපිට මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශේ. ඇත්තටම මේ ලමයගෙ ඔලුව කොහෙ හරි වැදිලද?? හුකෑස්

    ReplyDelete
    Replies
    1. හුකැස්.… කොච්චර උනත් හිත රිදෙයිනෙ කියලා නොකිවුවට මටත් ඔය ටිකම හිතුනා. :D

      Delete
    2. හඳ තියන කාලෙට මචං පොඩ්ඩක් අවුල් තමා .. පෝය ගෙව්ව්ද්දි හරියයි. අහක දාන්ඩයෑ බං අපේ එකියෙක්නේ.. සනීප කරගන්ඩ බලමු . හැක් හැක්

      Delete
    3. වින්දික; ආදර්ශෙ ගනින්කො මගෙ ඔලුව හැප්පිල්ල ගැන හිතන්නැතුව.

      Delete
    4. ඒකනෙ ප්‍රියා. මේ වින්දික මැට්ටාව මල්ලි කමෙන් ඉන්ටර්ඩික්ට් කරන්නෝන සතියකට. හ්ම්හ්.

      Delete
    5. පෝය ඉවරවෙලත් පත්තරේට තාම අඩුවක් නැද්ද කියලයි මාත් මේ කම්පනා කොලේ... :P

      Delete
  25. ම්ම්ම්ම් ඒකත් නරකම නෑ වගේ..

    හැබැයි කලමනා ටික හොයා ගන්න තමයි බස්සියෙ අමාරු මට.

    ReplyDelete
    Replies
    1. කලමනා නම් අපේ ජීවිතෙන්ම හොයාගන්න පුලුවනි අනේ වැඩි මහන්සියක් වෙන්න දෙයක් නෑ....

      Delete
  26. හි.. හි.. කලමණා ටික හොයාගන්න ඕනේ වැඩේ පටන් ගන්න ...

    ReplyDelete
    Replies
    1. ගානට මිම්මට එකතු කරගන්න හොඳේ...

      Delete
  27. අපුරැයි..අනර්ගයි..ලියවිල්ල උපරිමයි

    ReplyDelete
  28. උම්මා දෙන්න කැමතියි ගන්න අය ඉන්නවා නම්....:)

    මේ දේවල් හොයා ගන්න අමරු නැහැ.අපි ගාවම තියෙනවා.හැබැයි එකට යම් කැපකිරීමක් කරන්න ඕනේ.

    උඹේ ලිවිල්ල අනර්ඝයි බං.හරි සැහැල්ලුවෙන් ලොකු දෙයක් කියනවා...:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හොයල බලහන් තව එක එක ජාතියෙ අමුතු ඇස් ඇති වැඩේට හවුල් වෙන්න කැමති අය.

      ඔව් මනෝ. මේ අපේ ජිවිතේම තියෙන දේවල් නේ.

      Delete
  29. බේතෙ බලය අතුරුදන් කර නො ගෙන තියා ගන්න එක ඒක හදනවටත් වඩා අමාරු යි වගේ. ඒත් ඉතින් පෙති ටොන් ගාණකට වඩා වටිනවා මේ වට්ටෝරුව.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අමාරුම වැඩේ කුරුට්ටියා. පෙති බිවුවම ලස්සන වෙන්නෙ බාහිරින් විතරනෙ. ඒ වගේද හිත ලස්සන උනාම.

      Delete
  30. හිත ලස්සනට තියාගන්නව නම් ගොඩක් ප්‍රශ්න නෑ.. සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න පුලුවන්.. තමන් වගේම අනිත් අයගෙ සතුට ගැනත් හිතන කෙනා කොහොමටත් ප්‍රශ්න අඩුවෙන් සතුටින් ඉන්නවා..!!

    ReplyDelete
  31. දැන් බස්සිට මන් ගානෙ ඔය ලයිස්තුවෙ තියන මොනවද ඔනේ.අන්තිම එකනම් බැ .ඉල්ලන්නනම් එපා දෙන්නෙම නැ.

    ReplyDelete
  32. කියල වැඩක් නෑ බන්.ඉස්සර ඔෆීසියේ ඉන්න කාලේ ගාණට මිම්මට ග්‍රීන් ටී බිබී සීනි නැතුව තේ බිබී උන්නේ.හම්බුනානේ කරුමෙට බම්බුවේ රස්සාවක්.දැන් එලියට බැහැපු ගමන් බලන බලන අත පේන්නේ ගිනි ගහන කඩචෝරු කඩ!මොන ෂුගර්ලස් ටී, ග්‍රීන් ටී ද දැන් ඉතින්.දුකට, සතුටට, කම්මැලිකමට, නිදිමතට කිය කියා කඩචෝරුම ගිලිනවා.

    ReplyDelete
  33. ඔය කෙට්ටු වෙන කෙස් මට එපා...මට මහත් වෙන්න විදියක් හොයලා දෙන්නකෝ අප්පා

    ReplyDelete