Friday, June 20, 2014

හුදෙකලා මියැසිය (part two)












ඔහු වාදනය නවත්වලා මා දිහා හොඳට බැලුවා. ඔහ්! ඒ ඇස් ගුප්තයි. ඒ ඇස් ඇතුලට වැටුනොත් මං අතරමං වේවි. සදහටම.


“අමුතු කෙල්ලෙක්.”



ඔහු දුම් වළලු කිහිපයක් ඉහළට පා කලා.

මං හිස පැත්තකට ඇල කරලා හිනා උනා.


“ඕනෙද?"

ඔහු අඩක් දැල්වී හමාර වුන සිගරැට්ටුව මා වෙත පෑවේ පෙර නොවූ සුහද බවකින්.



දෙවරක් නොසිතාම මම දුම්වැටිය අතට ගත්තා.

පුංචි කාලෙ කඩදාසි රෝල් කරලා සෙල්ලමට දුම් ඉරුවා වගේ මම එක්වරම උණුහුම් දුමාරය ඉහලට ඇද්දා.


ඇස් දෙක නිලංකාර උනා. ඔලුවට දැනුන ලොකුම ලොකු බරකුත් එක්ක පෙණහලු දෙක පුපුරන්න යනවා වගේ දැනුනා. පෙණහලු වලින් ඒ කටුක දුමාරය ඉවත් කරගන්න මම කැස්සා. නොනවත්වාම කැස්සා බංකුව උඩ දෙකට නැමීගෙන.


ඔහු හිනා උනා.මහ හඬින් හිනා උනා.




 

තණ බිස්සට නැමීගෙන ඉන්න මට පෙනුනේ ඔහුගේ සපත්තුවට පෑගෙන සිගරැට්ටුව.



ඊට තත්පර කාලකට පස්සෙ මට දැනුනේ මගේ පිට දිගේ එහා මෙහා යන ඔහුගෙ අත්ලෙ රළු ස්පර්ශය.


ඒ තත්පර කිහිපය බදලා අල්ලගෙන, පුංචි කාලෙ මල් පෙති, බෝ කොල ප්‍රෙස් කරනවා වගේ මතක පොත ඇතුලට දාලා තද කරලා සදාකාලයටම  ලඟ තියා ගන්න ඇත්නම්.



“පිස්සි”  එයා කිවුව.

මං ඇහැරුනා.
මගෙ දවල් හීනෙන් ඇහැරුනා.

ඔව්. එයා බලනව ඇස් දිහා.



“ඇයි තනියම ඉන්නෙ?” මං ඇහුව එයාගෙන්.

“කවුද?”

“ඔයා.”

“මම?”

“හුම්..”



එයා ආයෙත් හිනා වුනා. බොකුටු කොණ්ඩය අතරින් දිගු ඇඟිලි තුඩු එහා මෙහා දිවෙවුවා. ආයෙමත් හිනා වුනා.






“ඔයා නම් ඉන්නෙ තනියෙන්.” ඔහු එක්වරම කිවුව.

“තනියෙන් විතරක් නෙමෙයි මළපාලුවෙන්.”

“මට නම් ඉන්නව හවුල්කාරියක්.”


පතුලක් නොපෙනෙන අඳුරු අගාධයකට මගේ හදවත කඩාගෙන වැටෙනව මට දැනුන. ඇස් බොඳවුනා. මම ඈත අහසෙ ගොඩගැහිච්ච අඳුරු වළාකුලු දිහා බලන් උන්න.


“එයා ඇලෙක්සැන්ඩ්‍රියා. ආදරේට මම කියන්නෙ ඇලෙක්සි”


ඔහු යලිත් වරක් ගීයක් වාදනය කරන්න වුනා. හදවත ස්පර්ශ කරන සියුම් රිද්මයක්. මම මූන බිමට බර කරගෙන අහන් උන්නා.


 

එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්

නිල් පාටින් පායා දිලෙන

සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිදිනා විට
සුළං පොදක් වත්
ඇරුණු දොර පියනින් ආවා නම්
සිහිනයේ සුව අරං

 නන්නාදුනා දෑසක්
නිවී නිවී දිළිසුනා මොහොතක්

සුහද ආරාධනාවක්
අරන් ඈ ඇවිත් දොරකඩට
පවන් පොදකටවත්
ඉඩක් නෑ නොවෙද
අවකාශයම වසාගෙන
ඈ සිටිනා විට මා අසළ

මා අසළ ලැගුම් ගනු පෙරතුව
මා තුලට
මොහොතකට
එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුණා


මා තුලම
මා නොවන
පිටස්තරයෙකු සිටිනා වග

ඔබේ පෙම  මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද





තත් හැඬවෙන වාරයක් වාරයක් පාසා, ඔහුගේ රළු පිරිමි හඬින් ගැයෙන වචනයක් වචනයක් පාසා මගේ හිත යලිත් අර නුහුරු උණුහුමෙන් පිරෙන්නට වුනා. ඇඟිලිතුඩුවලට දැනෙන නුපුරුදු සීතලෙන් ගැලවෙන්න මම අත්දෙක ජර්සියේ සාක්කු අතරට රිංගෙවුව.


ඔහු මා වෙනුවෙන් ගැයුවා. බොහෝ වෙලාවක්.


මට හාංකවිසියක් මතක නැති එක් නිමේෂයක මම අර අහස අල්ලන්න උස ගිය විලෝ ගහ අතෑරල ඔහුගේ පිටට හේත්තු වෙලා උන්නා.








“එයා වාසනාවන්තයි.”

“කවුද?”

“ඇලෙක්සි”

“හා හා හාහ්….. වෝව්!"

එයාගෙ හිනාවෙන් තිගැස්සුන මම වහ වහා මදක් ඈතට උනා.



“එයාට පුලුවනි හැමදාම ඔයාගෙ සින්දු අහන් ඉන්න. තරු පිරුනු රෑ අහස දිහා බලාගෙන. අතරින් පතර ඇහෙන රැහැයි නාදයත් එක්කම.”



“එයා ආස නෑ සින්දු අහන්න.”

“ම්හ්?”

“එයා ආස මගෙ දණහිසට ඔලුව තියාන ළඟින් ඉඳන් ඉන්න.”

“හ්ම්ම්ම්…..”



“එයා සුදුයි. හිම කැටියක් වගේ සැහැල්ලුයි. මූණ පිරිල. ආදරේ හිතෙනව.”


මට ඕන උනේ එතනින් පලා යන්න. එයාගෙ කටහඬ නෑහෙන ඈතකට.



ඒත්…… මම බංකුවට ඇලවිලා වාගේ උන්නා.


~ මතු සබැඳි ~




සිංදුව  අහල නැති අයට මෙතනින් ගිහින් අහල පිස්සු හදාගන්න  පුලුවනි. ඒ තරම් ලස්සනයි.  ;)






 බස්සිගේ අවවාදය : දුම්බීම සිරුරට ඉතා අහිතකරයි හොඳේ!






 

115 comments:

  1. ඇත්තටම ලස්සනයි බස්සියෙ.. ඉක්මනට ඊලග කොටසත් දාන්ඩෝ..

    ReplyDelete
    Replies
    1. දාන්නම්කො ට්‍රොනිකෝ... ටිකක් ඉවසල ඉන්නෝ..........

      Delete
  2. නියමයි...නියමයි..

    SUPER...

    ReplyDelete
  3. දැන් බෑ මචෝ. පස්සේ කියවලා කොමෙන්ට් කරන්නම් හොදේ...
    තාම බාගයක් ඉතුරුයි.......!

    ReplyDelete
    Replies
    1. පල යන්න. මම තාම කෙලින්..... හැක්..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හිටු බලන්න....

      Delete
    4. ඒ.... මේල් කරන්න ගියාම හැලෙනවා බන්. පස්සේ සෙට් වෙමු.
      උබ දැන් අමුවෙන් ඉදින්..

      Delete
    5. හහා... මෙවුව කියවන්න ඕනෙ ආන්න එහෙම මූඩ් එක අරගෙන තමයි නිමෝ...

      Delete
    6. හපෝ බෑ. පස්සේ කියවමු මචන්.

      Delete
    7. ඔහොමත් කතා නවත්තනවද බන් බස්සියේ.... නියම පාර්ට් එකට එන්ටර් වෙනකොටම බක්ෂණය කොරලා දැම්මා.
      හා හා ඉතිරිය ඉක්මනට ලියමු හොදේ... (ඊයේ රෑ මද පවනේ මේක කියෙවුවෙ නැත්තේ හොදවෙලාවට.)

      Delete
    8. හෙට දාන කොටසනම් රෑ වෙලා මද පවනෙම කියවන්න හොඳේ..... ;)

      Delete
    9. ඔකෙයි....! දැන්ම රෙඩ් වෙනවා...!

      Delete
  4. මළ කෙළිය‍යි කවුද බොලේ ඇලිස් නෙමේ ඇලෙක්සි…

    බස්සි මේක සමකෝණී ත්‍රිකෝණයක් කරන්න වගේ හදන්නෙ :)

    කතාව යන විදිහට කියවන්න ආස හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.... තව පොඩි කොටස් තුනකින් කතාව ඉවරයි.
      ත්‍රිකෝණෙ ෂඩාස්‍රයක් වෙයිද මන්ද...

      Delete
    2. කොටස් තුනක්!!!!!!! මේ මේ එච්චර ඉන්න බෑ....!

      Delete
    3. ඔන්න කොටස් ගාන කොටස් දෙකකට අඩු කලා.

      Delete
  5. සිංදුවත් එක්ක වැදුනා බොක්කටම............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මාත් සිංදුව අහන ගමන් ලිවුවෙ.

      Delete
  6. පින්තූරයි සින්දුවයිත් කතාවට හොඳට ගලපලා තියෙනවා... අපූරුයි... ඊලඟ කොටසත් ඉක්මනින්ම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගා... සෙනසුරාදාට දාන්නම්කො

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.... එයා කවුද කියල මංවත් තාම දන්නෑ අනේ.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. :O

      අර "පුන්චි අහින්සක නිහඬ" නංගියෙක්ගෙ බ්ලොගක කමෙන්ට් කරපු දා ඉඳන් සහෝදරයා ඔහොමමයි. DNA ටෙස්ට් එකක් නොකර කෙල්ලෙක් කියල පිළිගන්නෙ නෑල්ලු කාවවත්ම! :P

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කාලෙකින්නෙ මචන් සහෝ ඔයාව පොඩිත්තක් අවුස්සන්න චාන්ස් එකක් ලැබුනෙ.....

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. සහෝ?? ඇයි කමෙන්ට් මකන්නෙ?!!! අදෝ සොරි! :O

      Delete
    7. හිත රිදුනනම් සමාවෙයන් සහෝ...

      Delete
  9. හරි දිගටම ඉදිරියට...............................................................................................

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි කෑලි කෑලි අමුණමින්.....

      Delete
  10. මේ.. දැන් ඔය අපේ පත්තරය ගිටාර් ගහන පිංතූරෙ කොහෙන්ද බස්සිට??

    ReplyDelete
    Replies
    1. පත්තරය?? අලේ මං මේ බොහොම අමාරුවෙන් ජංජාලෙ පීරලා සෙක්සි කොලුවෙක් ගිටාර් ගහන පොටෝවක් හොයාගත්තෙ. පත්තරයව උඩ යවන්නැතුව හිටු. :P

      Delete
    2. චැහ්.. මගේ පොටෝ මට හොරෙං දාලා :D ඕවා කිරිමේල් වැඩ බස්සි මචං .. මගෙ නම දාපිය යටිං .හැක්

      Delete
    3. හම්මේ ඉතින් නේ? උඹේ ෆොටෝ හොරකම් කරල අර රිලව් පෝස්ට් එකේ ඉවාන් නම් දාල තියෙනව දැක්ක.

      Delete
    4. \\සෙක්සි කොලුවෙක් //!!!

      හරිනෙ ඉතින්, එහෙනම් මේ පත්තරයම තමයි.

      Delete
    5. වල් කොලුවෙක් කිව්වනං කට්ටියටම තේරෙයි..

      Delete
    6. මං දැං ඩීසොං වෙලා ඉන්නෙ .. :D

      Delete
    7. වල් කොලුවෙක් ඕනෙ නම් පත්තරයගෙ ෆොටෝවක් දානවනෙ.

      Delete
  11. එල කතාව.... :)
    ඊලග කොටසත් දාන්න ඉක්මන්ට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාලන්! ඉක්මනටම දාන්නම් ඉතිරි කොටස.

      Delete
  12. ඔය ඇලෙක්සි කියන එකී කවුද හැබෑට?

    ReplyDelete
    Replies
    1. කවුද හැබෑට ඕකි? මාත් තාම හොයනවා.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. හම්මෙ ඉටිම් මයේ ගිටාර් කොල්ලා,ඇලෙක්සිව මරනෝ ඈ....නැත්තම් මන් ටු......දන්නවනේ..... ;)
    මන් කිව්වේ මේ කතාව නියමයි....එහෙනම් ඊලග එකත් ඩාන්න බස්සියා

    ReplyDelete
    Replies
    1. කිඹුලෝ ගහන ගිටාර් :P

      Delete
    2. හම්මේ මයෙ ගිටාර් කොල්ලට කෙල්ලො ගොදායි නේ? මටත් ඉලිසියායි. >_<
      ඊළඟ එක සෙනසුරාදට දාන්නම්. ටුකක් සැර වැඩි කොටසක්!

      Delete
    3. ගෙම්බො ගහන ගිටාර්! අනෙ මගෙ කට :P

      Delete
    4. මට ගෑල්ලමයි පිස්සු වැටිලා .. හුකෑස් :D

      Delete
    5. වහ වැටිලා? අනේ ඉතින්!

      Delete
  15. කියෙවුවා.. ඉතිරිය එනකන් ඉවසා වදාරමි..

    ReplyDelete
    Replies
    1. අන්න හොඳා....... ඉවසීමෙන් සැනසීම ලැබේ නෙ.

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතිම් මට කටට එන එවුව. කමක් නැද්ද දන්නෑ...

      Delete
  17. හප්පේ ,මට අල්ලලාම යන්නේ අර සින්දුව තමයි , ඔය ටයිප් එකේ සිංදු මාර ගති... ඔය වගේම තවත් එකක් තියෙනවා අතුල අධිකාරිගේ "දැන් ඉතිං වෙනකුමක් කරන්නද ... ආදරය කරනු මිස" කියල , එකත් පට්ට

    ReplyDelete
    Replies
    1. යේස්.... මගෙත් ආසම සිංදුවක්. මේක තමයි නම්බර් වන්, නම්බර් ටූ ඔය කියපු එක.
      මූඩ් ගහල අහන්න පුලුවන් මාරයි ඒව.

      සින්දුව විතරද හොඳ? කතාව අවුලද? :/

      Delete
    2. කතාව හොඳ හින්දනේ යකෝ සින්දුවට ගැලපෙන්නේ, උඹ මේ ඉට්ටයිල් එකෙන් ලියල පොරක් වුනාම , අපිත් ඔටෝග්‍රාෆ් අරන් එනවා බස්සිට කියලා සයින් කරගන්න .
      උඹේ කතාවේ වගේ මමත් ගිටාර් ගහන්න පුරුදුවෙලා සිගරට් බොන කෙල්ලෙක් හොයාගන්න ඕන :P

      Delete
    3. උඹ හොයාගෙන මටත් එකෙක් හොයල දියං ඈ !!!

      Delete
    4. මන් කියන්නෑ ඉටින් ඩබ්ලිව්.පී.ඉවාන් බීප් බීප් :) :D

      හිහි.... දැක්කනෙ. මං කිවුවෙ. හුම්ම්....
      සිගරට් බොන ගෑල්ලමයි හොයන්න කලින් උඹ සිගරට් බොන්න ඉගෙන ගන්න වෙයි :පී

      Delete
    5. පත්තරේ, ඒ මොකට? දරුකමට හදාගන්න ද?

      Delete
    6. කාලෙකට කලින් ෆ්ලෑෂ්බෑක් එකේ ධනුෂ්ක මැරුණා .. ඒකට උන් සින්දුවක් කරා.. අදාල නැති උනත් මෙන්න මේක දාන හිතුනා බං..
      http://m.youtube.com/results?q=flashback%20dhanu&sm=12

      Delete
    7. දුක සින්දුවක් :/

      Delete
  18. සිගරට් එකේ පලවෙනි ෂොට් එක පිලිබඳ ලියැවිල්ල නම් මට සැක සහිතයි..

    මොකද හරියටම ලියැවිලා නිසා..

    ReplyDelete
    Replies
    1. මටත් සැකයි, මං හිතන්නේ ඕක සිගරට් එකක් නෙවෙයි ගංජා සුරුට්ටුවක් :D

      Delete
    2. සෑමා කියනවනම් ඉතින් හරියටම හරි ඇති තමයි. තැන්කූ ඈ...
      මන් සිගරට් එහෙකින් ඇහුව පළවෙනි පාර මොකද වෙන්නෙ කියල.

      Delete
    3. ගෙඹිලූශා; උඹ අමද්‍යප කියල ඒවයි එහෙනම් පාවිච්චි කොරන්නෙ නේද?

      Delete
    4. ඇත්ත කියහන් බස්සි...! උබ ටැස්ට් කොරලා බැලුවා නේ....!

      Delete
    5. ඔව් අර කඩදාසි රෝල් වැඩේනම් කොලනව සෙල්ලමට.

      Delete
  19. හිහි පට්ට...
    නියමෙටම කතාව ගලාගෙන යනව
    ජයවේවා

    ReplyDelete
  20. ලස්සනයි බං යශෝ කතාව.මම ගොඩක් කැමති මේ උඹේ අන්‍යතාවට.අමුතු බස් වහරකින් කියන මේ කතාවට....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ....

      Delete
  21. හට්ටිලවුවයි කලින් කොමෙන්ට් එක ගහනකොට පොඩි වැරදීමක් වෙලා.උදේ පාන්දර නිදිමතේම මේ ගූගල් ඉන්පුට් එකකෙන් කොටනට පොඩි අවුලක් ගිහින්.සොරි වේවා.ඒක පූසියක්(පුසාගේ ගෑනු සතා ) ලෙස නිවැරදි විය යුතුයි .

    ReplyDelete
  22. මම කියන්න අපු එක සෑමා කියල..කතා 2ක් නෑ බස්සි පාරක් ඇදලා තියෙනවා...මට කෙල්ලෙක් ව මතක් උන එක කියවද්දී..මම බිබී හිටිය එක උදුරන් ගහන්න ගිහින් එකී කිඋවෙත් ඔය ටිකමයි...
    ඉතුරු ටිකත් ඉක්මනට දන්ටආආආආඅ

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින්.... අහින්සක මට කතා හදන හැටියක් අම්මපා.

      Delete
    2. බස්සියෝ කවද්ද බෝල අහිංසක උනේ..අනික කොන්ඩේ දිග මහත උන් :පි

      Delete
    3. කොණ්ඩෙ දිග කෙල්ලො අහින්සකයි ලු....

      Delete
  23. එල කතාව..සින්දුවත් පට්ට..
    ඊළඟ කෑල්ල තවත් රසවත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරක! අනිවා ඊළඟ කෑල්ල තවත් රසවත්!!!

      Delete
  24. ලස්සනයි....

    මට හිතෙනවා එයා කියන්නේ පුංචි කෙලි පොඩිත්තියක් ගැන කියාලා

    සිංදුවට නම් අපිත් පට්ටම ලයික් ලු ඈ ....

    ඉක්මනට අනිත් කොටසත් ඕන

    ReplyDelete
    Replies
    1. රෙහානි අක්කා වල්ලාපට්ටා වගා සංග්‍රාමය ඉවරවෙලා ආයෙ ඇවිල්ලා...
      වෙල්කම් බෑක්!!

      බලන්නකෝ මාත් කල්පනා කලේ කවුද මේ ඇලෙක්සි කියලා.... ඉක්මනටම අනිත් කොටස දාන්නම්කෝ....

      Delete
    2. වටු නන්දේ

      Delete
    3. මෙන්න වට්ටගෙ මයින ඇවිත් :P

      Delete
    4. වටු නන්දෙ මට අහුවෙද්දෙන්කෝ..

      Delete
    5. ඇයි ගෙලි වට්ටෝ කියල කෑ ගහන්ඩ ද?

      Delete
  25. මේක සිංහල නෙවේද අෆ්ෆා ? :( ෆොන්ට් එක ෆෝන් එකෙන් පේන්නෙ නෑ.කොටු වැටෙන්නෙ. :( :( :(

    ReplyDelete
    Replies
    1. ඔන්න කියෙව්ව :D ලස්සනට ගලාගෙන යනව කථාව :) ඇත්තටම කැස්සක් ආවද ඈ ? :P

      Delete
    2. ඔයාගෙ ෆෝන් එක ඉංගිරිස් වෙලා ගොලූ....

      Delete
    3. තැන්කූ හොඳේ.... ඒ මට කැස්ස නැතෝ...

      Delete
  26. බස්සිගේ කතාව කියවද්දි, ඔය චරිතවලට මම හිතින් මම දන්නා අයව දාලා කතාවේ චරිතවලට දාගෙන තමා කියවන්නේ. කවුද දන්නවද ප්‍රධාන චරිතෙට හිතේ ඇඳුනේ?

    එකපාරකට දාන්නේ පොඩ්ඩයි නේද බස්සියේ. මදි වගේ. කියවන්ට පටන් ගන්නකොට ඉවරයි. රහ වැඩි නිසාද මන්දා...:)

    ReplyDelete
    Replies
    1. //ඔය චරිතවලට හිතින් මම දන්නා අයව දාගෙන තමා කියවන්නේ. //

      Delete
    2. //""කවුද දන්නවද ප්‍රධාන චරිතෙට හිතේ ඇඳුනේ""// ඔයාගේ හිතේ වෙන කාව ඇඳෙන්නද මෙයා මාව මිසක් ,

      Delete
    3. ගොඩක් ස්තූතියි පොඩ්ඩි අක්කේ... ඔන්න ඔයාගෙ ඉල්ලීම උඩ ඉතුරු කොටස් තුන කොටස් දෙකක් බවට පත්කලා. බලන්නකෝ... දැන් ටිකක් වැඩිපුර කියවන්න පුලුවනි.:)

      Delete
    4. මෙන්න පැණිලූශාත් ඇවිත්. කතානායකයා ගිටාර් ගහන එල කොල්ලෙක් යකූ.... ගෙඹිලූශෙක් නෙවි.... :P

      Delete
  27. ලස්සනයි.................

    ReplyDelete
  28. බස්Cගේ මේ ලියවිල්ලට මම කැමතියි. නිදහසේ ගලාගෙන යනවා පොඩි වතුර පාරක් වගේ. අපිට තියෙන්නේ කකුල් දෙක දාගෙන ඉන්න විතරයි. මම කොටස් දෙකම දැන් තමයි කියෙව්වේ.

    බස්C අරූගෙන් සිගැට් එකක් ඉල්ලලා දෙන්න බැරිද මගේ සිගැට් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අරූ අංකල්! අහ් දැන් බ්ලොගරෙන්මයි එන්නෙ නේද! ඒක හොඳා.... :)

      අරූගෙන් අරූට සිගරට්! හික්ස්!

      Delete
  29. මට මතක විදියට මාරුතය කියන චිත්‍රපටයෙ සංගීතා අක්කා සිගරට් එකක් උරන දර්ශනයක් තිබුනා...මට ඒ රූපරාමුව හිතේ ඇදුනා මේ ජවනිකාව කියවද්දි....මේ කථා තේමාවත් හරියට සිත්තටික් සිිහින ටෙලියෙ බස් වහරට නෑ කමක් දක්වනවා...

    ReplyDelete
    Replies
    1. ඕක තවත් කෙනෙක් කිවුවා සිරා අයියෙ. සින්තටික් සිහින විකාශය වෙද්දි මම තුන වසරෙ. අම්මත් එක්ක වලි දාගෙන බලෙන් වගේ බලන්නෙ. (පොඩි ළමයි ඕව බලල නරක් වෙනවලු.) තාත්ත තමයි අම්මගෙන් බේරගෙන මට ටෙලිය බලන්න හෙල්ප් එක දෙන්නෙ. :)

      ආය බලන්න ආසයි ඒ කතාව. ඒ වගේම නිදහසේ ගලාගිය කතාවක් තමයි "වර්ණ", හ්ම්ම් ඇයි හඳගමගේම A9.... ඉස්සර විකාශය උන හඳගමගේ තව අපූරු ටෙලිනාට්‍ය කිහිපයක් ගැන යාලුවෙක් ළඟදි කිවුව ඒත් ඒව විකාශය වෙනව මතකවත් නෑ මට.

      ඔය සින්දු දෙක සහ නදීක ගුරුගේගෙ රෝමියෝ සින්දුව යලියලිත් අහමින් තමයි කතාව ලිවුවෙ. ඒ නිසාම වෙන්නැති සින්දුව අහද්දි මට දැනුන සැහැල්ලුව කතාව තුලින් ඔයාලට දැනෙන්නෙ.

      Delete
  30. “එයා ඇලෙක්සැන්ඩ්‍රියා. ආදරේට මම කියන්නෙ ඇලෙක්සි”
    මේ බැල්ලියෙක්ද පුසියෙක්ද ??

    ReplyDelete
    Replies
    1. අයියෝ මැලේ... ඉවසගෙන තුන්වෙනි කොටසත් කියවන්නකෝ...

      Delete
  31. අන්ධකාරේ ඉදං හ්ම් හ්ම් ගාන බස්සි කව්ද කියල බලන්නයි ගොඩ වුණේ.උඹනම් නංගියෙ බස්සියෙක්ම තමයි.අන්ධකාරය මැඩ ලෝකය දැකිය හැකි.වෙලාවකට උම අපිව කඹේ ගැට ගහල බර උඹේ අතට අරං අපිට නොදැනෙන්න සීතල ලිං පතුලෙ ඔබලා පොඩි ආතල් එකක් දෙනවා.කඹේ උඹේ අතේ උම වෙලාවකට ඒක බුරුල් කරල අපිව වතුරෙ පොව්වනවා අර සිගරට් එකෙන් කැස්ස ආව වගෙ අපිට හොටු සෙම පෙර‍ා ගෙන කහින්න දීලා.

    පාඨකයා තනිකරම උමට ඕනි විදිහට ලියවිල්ල සමග තියා ගන්න හැකි හපන් කමක් උඹේ තියෙනවා

    භාසාවනම් අවුල් ද දන්නෙ නැහැ.ඒ මගේ හැටි.උඹට ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිෂ්මන් අයියා...!! සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!!

      මේ... අර ලියැවිල්ල ගැන කියාපු ටිකට මං පට්ට ලයික් හොඳේ... භාෂාව අවුල්ද? පිස්සු! මමනම් නෙළුම් මලෙන් ඉපදිච්ච එකෙක් නෙමෙයි. ඔය භාෂාව හදවතට සමීපයි.

      තුන්වෙනි කොටස අද පළකලා... ඒකත් කියවලාම ඉන්ටකෝ එහෙනම්.

      Delete
  32. මං හෙව්වා තරු කැටයක් ... හ්ම්ම්ම්ම් ඇඟේ හිගඬුත් පිපුනා

    ReplyDelete
    Replies
    1. මටත් ඒ සිංදුව අහද්දි හීගඩු පිපෙන අමුතුම හැඟීමක් දැනෙනව සහෝ...

      Delete
  33. ඔබේ පෙම මා හට ද?
    මා නොවන එ් බකුස්සා වෙත ද?
    :) :) <3 <3

    ReplyDelete
    Replies
    1. බකුසු ප්‍රේමය බකුසාට
      බළල් ප්‍රේමය බළලාට

      ඤාව්!

      Delete