Tuesday, August 26, 2014

අයිස් බාල්දියට ගොම දැමීම (Ice bucket challenge)







මොකක්ද මේ අයිස් බකට් අභියෝගය?


අයිස් බකට් අභියෝගය හෙවත් ALS Ice bucket challengeහි නිර්මාතෲ 2014 – 08 -16 දා මෙලොව හැර ගිය  කෝරි ග්‍රිෆින් (Corey Griffin). ඔහු මේ සංකල්පයට පණ පොවන්නේ amyotrophic lateral sclerosis (ALS) කියන ස්නායුක රෝගයෙන් පීඩා විඳ මිය ගිය තමන්ගේ හොඳම මිතුරා වෙනුවෙනුයි.


ඇත්තෙන්ම ALS Ice bucket challenge ආරම්භ වෙන්නට කලිනුත් මේ අභියෝගයම වෙනත් රෝග වලට  පුණ්‍යාධාර එක්රැස් කිරීමට භාවිතා කලා. 2013 – 2014 කාලයේදි එය හැඳින්වුනේ සීතල වතුර අභියෝගය (cold water challenge) නමින්. 



අයිස් බාල්දියටත් රීති?


අයිස් බකට් අභියෝගය කියන මේ පුණ්‍යාධාර රැස් කිරීමේ සුන්දර සංකල්පය වෙනුවෙන් නිර්මාණය වූ රීති කිහිපයකුත් තියෙනව. නීති නොවෙයි, රීති පමණයි.


1.
අභියෝගය භාරගත් පුද්ගලයා අභියෝගය ලබාගෙන පැය විසිහතරක් ඇතුලත අයිස් වතුර නාන දර්ශනය රූගත කර #ALS Ice bucket challenge ටැග් එක යටතේ යූ ටියුබ් වෙත මුදා හැරිය යුතුයි. නොහැකි වුනොත් ඩොලර් සියයක පරිත්‍යාගයක් අදාළ අරමුදලට බැර කල යුතුයි.


2.
අභියෝගය භාරගත් පුද්ගලයා අයිස් වතුර නාන දර්ශනය රූගත කරන අතරේ තවත් තිදෙනෙක්ට එම අභියෝගය යොමු කල යුතුයි. නොහැකි වුනොත් ඩොලර් සියයක පරිත්‍යාගයක් අදාළ අරමුදලට බැර කල යුතුයි.


3.
අභියෝගය භාරගත් පුද්ගලයා අයිස් වතුර නෑමෙන් පසුව ඩොලර් දහයක් (හෝ කැමති ගණනක් ) අදාළ අරමුදලට බැර කල යුතුයි.




එතකොට මොකද්ද මේ ALS?


මේ රෝග තත්වය ගැන විස්තර මමත් හොයා ගත්තෙ “සොඳුරු සුව අසපුව” බ්ලොග් අඩවියේ පළවුන බොහොම විස්තරාත්මක ලිපි ද්විත්වයකින්.





ALS (amyotrophic lateral sclerosis) කියන්නෙ අපේ ස්නායු පද්ධතිය විනාශ කරමින් , අප දැනුවත්වම  ටිකෙන් ටික මරණය කරා රැගෙන යන අවාසනාවන්ත රෝග තත්ත්වයක්. අවාසනාවකට මේ රෝගය ඇතිකරන රෝග කාරකය කුමක්දැයි තවම සොයාගෙන නැහැ.


ALS රෝගයේදි ඖෂධ ප්‍රතිකාර වලින් රෝගියාව සම්පූර්ණයෙන් සුව කල නොහැකියි. ඉතින් මේ රෝගය සම්බන්ධව දිගින් දිගටම පර්යේෂණ සිදුකෙරෙන බව අමුතුවෙන් කියන්න උවමනා නැහැනෙ.



අයිස් නාන්නෙ සල්ලි නොදී බේරෙන්නද?


පහුගිය දවස්වල අපේ සමහර ෆේස්බුක් වීරයො කියපු දෙයක් තමයි ලංකාවේ අයිස් නාපු අය එහෙම කලේ අදාල අරමුදලට මුදල් බැර කිරීමෙන් වැලකෙන්න කියන එක. ඇත්තටම එහිදී වෙන්නෙ ඇඟ බේරා ගැනීමක් නොවෙයි.

මේක දාම ක්‍රියාවලියක්. ඒ කියන්නේ අභියෝගය භාර ගැනීම තුලින්ම දාමය පුළුල් කිරීමට ලොකු දායකත්වයක් සැපයෙනව.

මම පහල පින්තූරයෙන් පෙන්වන්න උත්සාහ කලේ එක පුද්ගලයෙක් අයිස් බකට් අභියෝගය භාරගෙන ඩොලර් දහයක් බැර කිරීම නිසා දින පහක් ඇතුලත අරමුදලට බැරවෙතැයි උපකල්පනය කල හැකි ආධාර ප්‍රමාණය.




අනිත් අතට එක පුද්ගලයෙක් අයිස් බකට් අභියෝගය බාර නොගැනීමෙන් මේ මුදල දවස් පහක් ඇතුලත ඒ අරමුදලට අහිමි වෙනවා.



ඇයි අපිට බැරි?





ඇයි අපිට බැරි? අයිස් වතුර නාන්න නෙමෙයි. මේ වගේ විනෝදාත්මක සංකල්පයක් අපේම කරගන්න. අපේ රටේ අසරණ මිනිස්සුන්ට ආධාර කරන්න.


අපිට ඒක කරන්න බැරි නෑ. මුහුණු පොතේ දැනට ආරම්භ කරල තියෙනව මේ සංකල්පයේ ආභාෂය රැගත් සුපිරි වැඩක්. 


ඒ තමයි “SL අමු මිරිස් චැලෙන්ජ්”.




මම දන්න තරමින් වැඩේට පළමු පියවර තියල තියෙන්නෙ රසික නානායක්කාර සහෝදරයා (රනා අයියා). වැඩි විස්තර පහත ලින්ක් එකෙන් බලා ගන්න පුලුවනි.





අමු මිරිස් කන්නත් නීති?

ඔව්, ඔව්. මෙච්චර වටින අමු මිරිස් කන්න රීති නොදා පුලුවන්ද?


චැලේන්ජ් එක අමු මිරිස් කරල් තුනක් මිනිත්තු දෙකකදී කාලා ඉවර කරන එක.


ඔබට පුළුවන් ඔබ දන්න හඳුනන  5 දෙනෙක්ට චැලේන්ජ් කරන්න. ඔවුන් චැලේන්ජ් එක භාරගත්තොත් මේ වැඩසටහන සඳහා වෙන අරමුදලට රුපියල් 100/= කින් දායක වෙන්න ඕනේ


චැලේන්ජ් එක භාර නොගත්තොත් වකුගඩු රෝගී අරමුදලට රුපියල් 1000/=ක් පරිත්‍යාග කරන්න ඕනේ.




අපිත් කරමු ද වෙනසක්?


අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ පන්සලකට දානයක් දුන්නම හාමුදුරුවන්ට කියල සියලු දෙව් මිනිස් සැප කෙලවර (ඔව්, සේරම සැප විඳල විඳලා) අමා මහ නිවන් සුව ලබන්න ආශිර්වාද ගන්න. ළමා නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට දානයක් දීල එතන පාලිකාව ඔරෝගෙන ඉන්න අතරෙ ඉදිරියට එන අසරණ මනුස්සයෙක් කියවන පින් අනුමෝදනා වාක්‍ය පපුව ඉස්සරහට කරගෙන ආඩම්බරෙන් අහන් ඉන්න.


අනේ සුන්දර හදවත් ඇති මිනිසුනේ, අපිත් කරමුද වෙනසක්? මිනිස්සු වෙනුවෙන් තවත් මනුස්සයෙක් විදියට කරමු උදවුවක්.


අපි විනෝදෙන් ඔවුන් වෙනුවෙන් මුදල් එකතු කරන විදිය දැකල හිනැහේවි ඔවුනුත්. ඒ බව මට විශ්වාසයි.







77 comments:

  1. වැඩේ හොදයි ඒත් අයිස් වලම කොපියක් වීම ගැනයි මට කනගාටු.. ක්‍රිෙය්ටිව් කියන්නේ ඒකට නෙමෙයි නේ බස්සි... අයිස් බකට් සෙල්ලම නං අති සාර්ථක සිත් ගන්නා සුළු විස්තර කළ නොහැකි ප්‍රිතියක් ගෙනෙන වැඩසටහනක්. එහි පරමාර්ථය හා ඉල්ලකය කෙරෙහි යන්න කොයි තරං ධන බලපෑමක් සිදු වෙනවද? මං හිතන්න් තවත් ආධාර උපකාර අවශ්‍ය නැති වෙයි ඔය කට්ටියට.. මම නං ඒකට කැමතියි.. ඒක් අපේ උන් කරන විකාර වලට අකමැතියි..

    ReplyDelete
    Replies
    1. අයිස් බකට් අදහස මොනතරම් ක්‍රියේටිව්ද කියලා තේරෙනව දේශා ඒකට මේ වෙනකොට ලැබුනු ආධාර ප්‍රමාණය දිහා බලනකොට. ඔයා කියන එක හරි. අමුමිරිස් අදහස ක්‍රියේටිව් කියන්න බැහැ. ඒක ඇමරිකන් අයිඩල් වලින් සුපර්ස්ටාර් හැදුව වගේ. ඒත් මේ ආකල්පමය වෙනස ලංකාවට වැදගත් නේ.

      වැඩේ තියෙන්නෙ අමුමිරිස් කරල් තුනක්ම කන එක සෑහෙන්න අමාරු වැඩක් වීමයි. :D

      Delete
    2. ඒකනේ ඕයි.. මට අමුමිරිස් ඩිංගක් වත් කටේ ගෑවුනොත් ඉන්න බැහැ. ඒක නිසා 1000 දෙන එක දාහෙන් සම්පතයි..

      Delete
    3. සීනි එක්ක කෑවට කමක් නැද්ද කියල අහල බලන්න ඕනෙ.

      Delete
    4. බටර් චිලි කාහං.. :D හැබැයි දාහ ඕනැ

      Delete
    5. දාහ දෙනවනම් මුකුත් කන්න ඕන නෑනෙ. :D

      Delete
  2. රනාගේ උත්සාහයටත් සුබ පැතුම් මුලින්ම .

    බකට් හරි පොකට් හරි මොකක් හරි . වැදගත වෙන්නේ ආකල්ප , අනෙකා දිහා සහෝදරත්වයෙන් බලන්න, අනෙකාට ගරු කරන්න .සහයෝගයෙන් ජීවත් වෙන්න . විශේෂයෙන්ම අවංක වෙන්න ... ක්‍රියාවලිය මොකක් වුනත් අවසානයේ විය යුත්තේ මනුස්සකම පිරුණු මනුස්සයෙක් බිහිවීම .

    ReplyDelete
    Replies
    1. ඕවා මේ ක්‍රෝන ගණනක් පවතින එක විශ්වයකවත් තියෙන දේවල් ද හැබෑට ඉවානයෝ??

      Delete
    2. කීයටවත් පවතින්නේ නෑ , ඇතිවෙන්නෙත් නෑ ..එකනේ ඒවාට වටිනාකම වැඩි.

      Delete
    3. ඔව් පවුලූශෝ. ඉනොවේටිව් වෙන්න කලින් පළමු පියවර විදියට ආකල්පමය වෙනසක්වත් ඇතිවෙන එක මොනතරම් වටිනවද.

      //අනෙකා දිහා සහෝදරත්වයෙන් බලන, අනෙකාට ගරු කරන .සහයෝගයෙන් ජීවත් වෙන . විශේෂයෙන්ම අවංක වෙන ... මනුස්සකම පිරුණු මනුස්සයෙක්...//
      මේකා හීනෙනුත් බ්ලොග් බලනවද මන්දා.

      Delete
    4. ඇයි ඕයි උඹලා දෙන්නා නෑ නෑ ගගා පොළොවේ හැපුනට ,මේ බ්ලොග් ලෝකේ ඉන්න තරමක් ඉන්නේ එහෙම මිනිස්සුයි ගෑනුයි නේ . බොරුනම් බලනවකො පොස්ට් ,කමෙන්ට් එහෙම කියවලා.... ආයේ ලොවෙත් නෑ

      Delete
    5. /// බ්ලොග් ලෝකේ ඉන්න තරමක් ඉන්නේ එහෙම මිනිස්සුයි ගෑනුයි නේ ///

      හුකෑස්zZZZ … මම නං උපන්නෙ නෙලුං මලෙන්, කන්නෙ ඉටිපංදං හඳුංකූරු.ඉරිසියාව ගෑවිලාවත් නෑ .

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    6. හානේ පත්තරේ ඔයත් මම වගේමයි

      Delete
    7. // බ්ලොග් ලෝකේ ඉන්න තරමක් ඉන්නේ එහෙම මිනිස්සුයි ගෑනුයි නේ //

      ගෙඹිස් උඹ ඔය කියන්නෙ ඒ මිනිස්සු/ගෑණුන්ගෙ වර්චුවල් චරිතෙ ගැනනෙ. උන් නෙමෙයි උන්ගෙ කී බෝර්ඩ් නෙලුම් මලෙන් උපන්නෙ.

      Delete
    8. @ඉවාන්- පළමු කමෙන්ට් එක සම්බන්ධවයි..

      පුහ් !! :p

      Delete
  3. කාටහරි යහපතක් වෙනව නං මොනව කලාම මොකද! මිරිස් නෙවේ නයි මිරිස් කමු! :-)

    ReplyDelete
    Replies
    1. ඒකනේ රාජ්. හැබැයි අමුමිරිස් ඇලජික් අය ඉන්නවනම් නොකා දාහ ගෙවන එක තමයි හොඳ. :)

      Delete
  4. I'll accept u'r challenge. how can i contribute to it?

    ReplyDelete
    Replies
    1. Hey, I haven't challenged anyone yet. Please visit the FB link I'v posted above for more info. on donation process.

      Delete
  5. යකෝ ඕක අමුමිරිස් කරපු එකනෙ අවුල... අපි වගේ සෑහෙන කොට්ටාසයක් මිරිස් වලට ලෙව් වුණාට මොකද බහුතරයක් කැමතිම නෑ...
    උං මාළු මිරිස් කන්නෙත් කපල හෝදල...
    ...
    හිහි

    ReplyDelete
    Replies
    1. ඒකනම් මටත් හිතුන මහේෂ්. ඕක එක අමුමිරිස් කරලක් වගේ කලානම් හරි නේද....
      කමක් නෑ ජාත්‍යන්තරයට ගෙනියන්න කලින් අපේ රටේ උදවියවත් මේ වැඩේට සහභාගි වෙලා වකුගඩු රෝගීන් සඳහා වන අරමුදලට ආධාර රැස් කිරීමේ කාර්යය අප් කරලා ගන්නවනම් මොනතරම් වටිනවද.

      Delete
    2. බැදපු මිරිස් කරලක් නැතුව බත් කාල වැඩක්ද බං … චැහ්

      Delete
    3. ඒ වගේද අෆ්ෆා සැරම සැර අමු මිරිස්!!

      Delete
  6. සුන්දර වෙනසක්, ඔව් අපි බලමු, හෙක් චලන්ගේ එක බාර ගන්න කලින් අමු මිරිස් කන්න පුරුදු වෙන්න ඕන ඔව් එකෙන්ම. අමු මිසීර් කාල ප්‍රච්ටිස් වෙලා ම ඇවිත් චාලන්ගේ එක කොරන්න ඕනා බලන්න.

    ReplyDelete
    Replies
    1. මාත් අමුමිරිස් කෑම ප්‍රැක්ටිස් කල යුතුව ඇත. :)

      Delete
  7. අමු මිරිස් කියන්නෙ සුඛෝපභෝගී භාණ්ඩයක් උනා නේද බං මේ මෑතක ඉදන්?,

    කමු කමු! අමු මිරිස් නෙමේ වහ හරි කමු! :D

    ReplyDelete
    Replies
    1. කෑවට පස්සෙ සීනි කෑවට කමක් නැත්ද දන්නෑ.

      Delete
    2. සුඛෝපභෝගී නේන්නම්. මාතලන් කවි වගේකුත් ලිවුවෙ අමු මිරිස් වලට.

      Delete
  8. පුරවැසි මාධ්‍ය වල හොඳ පැත්‍ත.. බොක්කෙන්ම සංතෝසයි . රනා ඇතුලු මුල් වුණ හැමදෙනාටම මගේ රෙෂ්පට් එක. අයිස් බකට් රැල්ල ඔස්සේ යහපත් යමක් කරනවනම් අන්න ඒකයි වෙන්ඩ ඕනැ එකෙන්ම.. ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. සෝෂල් මීඩියාවල හොඳ පැත්ත. අවාසනාවට වැඩි දෙනෙක් බලන්නේ ඒකෙත් ඇදයක් හොයාගෙන නෙලන්නයි.

      Delete
  9. මිනිස්සුන්ට ආධාර කරන එක හොඳ දෙයක්. ඒත් ඒක විකාරයක් කර ගැනීම නම් හොඳ දෙයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මේ විකාර ගතිය නිසාම නේ ඒක ඉතාම සාර්ථක මාර්කටිං ටෙක්නික් එකක් වෙන්නෙ.

      Delete
    2. ඒ උනාට ඔය විකාර නිසා ලැබෙන මුදල බොහෝම අල්පයි.. මෝඩ මාකටින්.. අපිට ගැලපෙන දෙයක් කළා නම් ඊට හොඳයි.. අපි බලමු..

      Delete
    3. ඒක මෝඩ මාකටින් එකක්???

      මිනිස්සු කැමති සල්ලි දීල පැත්තකට වෙන්න නෙවේ.. සල්ලි දීල ප්‍රචාරණයක් ලබාගෙන පැත්තකට වෙන්න. අයිස් බකට් සීන් එක නැත්තං, ඔය නාන එකෙක්වත් සල්ලි දෙයිද? අනික එකෙක් සල්ලි දීල සද්ද නැතුව පැත්තකට වුනොත් අනිත් උන් දැන ගන්නෙ කෝමද මෙහෙම ආධාර එකතු කිරීමක් තියෙනව කියල?

      බකට් ආතල් එක නිසා තමා වැඩේ ප්‍රසිද්ධ වුණේ කියලයි මගේ කල්පනාව.. ඒක මට අනුව නියම මාකටින් පාරක් මාතලන්..

      රහසින් - මූ අයිස් බකට් එකට බකට් එකම නේ දාන්නේ... >.<

      Delete
    4. අයිස් බකට් නානවා කියලා දැනගත්තට, මිනිස්සු දන්නේ නෑ ඇයි නාන්නේ කියලා.. ආන්ඩුවේ විපක්ෂේ උන් ව්‍යවස්ථාව ගැන කතා කරනවා වගේමයි..

      වතුර නැතුව අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට, මහා පතංගර බැරල් දන් දුන්නේ, වතුර දන් දුන්නේ අයිස් වතුර නාලා නෙමෙයි.. මේ ලංකාව..

      Delete
  10. දැනට කව්ද කාලා තියෙන්නේ මිරිස්...... කාපු එවුන් මගේ නමත් කිව්වා ද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. නම කිවුවනම් දැනගන්න ලැබේවි නේද ! අනික යාලුවෙක් නම කිවුවොත් ඔයාට දැනුම් දේවිනෙ.

      Delete
  11. අපිත් කමු අමුමිරිස්!!!

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. ඒ අතරෙම තවත් නිර්මාණශීලී අලුත් සංකල්පයක් ගොඩනංවන්න හිතා බලමු.

      Delete
  12. උදව් කරන්න මිරිස් කන්නම ඕනද බං......මිරිස් ගන්න යන සල්ලි,ඊට පස්සේ කන්න වෙන සීනී එකතු කරලා ඒ අසරණ මිනිස්සුන්ට පිහිට උනොත් නාකද? අනික ලොකුම පුරස්නේ අපේ ඈයෝ අමු මිරිස් කාලා හරි නොකා හරි සල්ලි දෙයිද කියන එක(මගේ සිතුවිල්ලක් ඈ) අයිස් බකට් ගැන ,අමු මිරිස් ගැන ලිව්ව එක අගේ බස්සියෝ

    ReplyDelete
    Replies
    1. //මිරිස් ගන්න යන සල්ලි,ඊට පස්සේ කන්න වෙන සීනී එකතු කරලා ඒ අසරණ මිනිස්සුන්ට පිහිට උනොත්//

      අක්කියා මම දැක්කනෙ අයිස් බකට් නාන වතුර එකතු කරල අප්‍රිකාවට යවන්න යෝජනා කරපු කස්ටියක්. අයිස් බකට් චැලෙන්ජ් එක පටන් ගන්න කලින් අප්‍රිකාවට වතුර බවුසර් ගනන් ආධාර කරපු මිනිස්සු මයෙ හිතේ එහෙම යෝජනා කලේ. :D

      Delete
  13. මේ වැඩේ හොඳයි . අරමුණත් හොඳයි. ඒත් අමු මිරිස් කරල් තුනක් කන අභියෝගය අයිස් නානවාට වඩා දරුණුයි. කොහොමද ලොකු ලුණු ගෙඩියයි අමු මිරිස් කරලයි කන්න වගේ තිබ්බනම්

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ කිව්වේ අපේ වකුගඩු රෝගීන්ට ආධාර කරන්ට යන එක

      Delete
    2. ඒ අස්සට රා පොල්කට්ටකුත් තිබ්බනං මරේ මරු ..

      Delete
  14. කොහොමින් හරි කමක් නෑ උදවුවක් ඕන මිනිස්සු වෙනුවෙන් වැඩක් කෙරෙනවනම් අපි ඒවට කොහොමත් සහයෝගය දෙනවා..

    ReplyDelete
  15. මට නම් සල්ලි නැ හරි .ඒ නිසා කවුරුත් challenge කලොත් බලාගමු >_<

    ReplyDelete
  16. හොඳ අදහසක්.අපේ අය කොහොමත් අභියෝග භාර ගන්න කැමති නිසා වැඩේ නැගලා යාවි.මිරිස් කලා හරි නොකා හරි කරන්න පුළුවන් දෙයක් අපිත් කරන්නම් මේ අය වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. මිරිස් කන්නම ඕනෙ නෑ මනෝ. ඒක යොදාගන්නෙ මාර්කටින් උපක්‍රමයක් විදියටයි.

      Delete
  17. රනගෙ වැඩෙට සුභ පතනව.අයිස් බකට් වැඩෙ හරිම ක්‍රියෙටිවු වැඩක්.අපි ඔක්කොම එගැන කතා කරන්නෙත් එකම නිසා නේ.
    අමු මිරිස් නම් ලා එවයින් කැවනම් හරි.වැඩෙ ෂේප්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. ඒකට මඩගහන අයත් නොදැනම කරන්නෙ ඉන්ඩිරෙක්ට් මාර්කටින්.

      Delete
  18. රසිකගේ පළමු අභියෝගය බාර ගත්තේ මගේ යාළුවෙක් වුණු නිමන්ත. එදා විල්පත්තුවේ කලා ඔය වතුරේ බැහැගන රසික විනාඩි 2කින් කාපු මිරිස් කරල් තුන නිමන්ත තප්පර දහයෙන් කාලා දැම්මා. ඒ තමා ඇරඹුම. මෙය විදිමත්ව ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා අද හවස විශේෂ සාකච්චාවක් පැවැත්වෙනවා. මේ වැඩේට හැමෝගෙම සහයෝගය අත්‍යවශ්‍යයි අපට. ස්තුතියි බස්සි සටහනට.

    ReplyDelete
    Replies
    1. //හවස විශේෂ සාකච්චාවක් පැවැත්වෙනවා.//

      ආන්න ලොක්කා

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. පත්තර මල්ලි - +++

      ලොල්

      Delete
    3. අනිවාර්යයෙන්ම. ගල්මුල් වලට වඩා මල් වැටෙයි. බනින අය බැනපුවාවෙ. ප්‍රසිද්දියෙ බනිනවානම් තවත් හොඳයි. නොමිලේ මාර්කට් වෙනවනෙ මේ කන්සෙප්ට් එක.

      Delete
  19. හොඳ වැඩක් කොපි කලාට හානියක් නැහැනේ... මම දැක්කා මේක කොපි කරලා ඉන්දියාවේ කරනවා රයිස් බකට් චැලේන්ජ් කියලා එකක්... දුප්පතුන්ට හාල් බාල්දියක් දෙන සීන් එකක්...

    මම හිතන්නේ මේ වගේ වයිරල් දේ මෝඩ ජෝක් කියලා හිනාවෙන බොහෝදෙනෙක් අමතක කරන දේ තමයි උඩ බස්සි දාලා තියෙන චාට් එක... සද්භාවයෙන් සාම්ප්‍රදායික විදියට සල්ලි එකතුකරනවාට වඩා මේ වගේ දේකින් ගන්න පුළුවන් වේට් එක මාර වැඩියි...

    මේ වැඩේට බොක්කෙන්ම සුභපතනවා...

    ReplyDelete
    Replies
    1. රත්තරං වචන ටික බොසා … !!!

      Delete
    2. ස්තූතියි බීට්ල් ! මේවයින් එකතු වෙන්නෙ සුලු මුදලයි කියනවනම් එක්කෝ සරල ගණිතය වටහා ගන්න අපහසුකම, නැත්නම් පාට කණ්නාඩිය ගලවලා බලන්න අකැමතිකම.

      රයිස් බකට් චැලේන්ජ් එක මගේ ආකල්පයට අනුව නිර්මාණාත්මකව අයිස් බකට් සංකල්පය customize කරගැනීමක්. එහිදී සිදුවෙන්නෙ අභියෝගය භාරගත් තැනැත්තා දිළිඳු පවුලකට හාල් බාල්දියක් ලබාදීම.

      Delete
  20. //ඇයි අපිට බැරි? අයිස් වතුර නාන්න නෙමෙයි. මේ වගේ විනෝදාත්මක සංකල්පයක් අපේම කරගන්න. අපේ රටේ අසරණ මිනිස්සුන්ට ආධාර කරන්න.//

    මෙන්න මේ දේ නම් හරිම වැදගත් ....

    අයිස් බකට් එකට හොඳ කියපු අයවත්, බැනපු අයවත් මේ දේ කිසිම තැනක සඳහන් කරලා තියෙනවා මම දැක්කේ නැහැ...

    ReplyDelete
  21. දැන් එතකොට ගොම දැම්මා කිව්වේ, අපේ අය මිරිස් කන එකටද ?

    ReplyDelete
    Replies
    1. නෑ මේ තරම් නිර්මාණාත්මක කන්සෙප්ට් එකකට අපහාස කරන එකට

      Delete
    2. හැබැයි ඕකත් එක්තරා විදියක පිරමිඩ් ආකෘතියක්. අමරිකාව ලෝකේ ඉන්න ප්‍රසිද්ධ අයගේ මුදල් ඇමරිකාවට එකතු කර ගන්න.

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දහ අට වංගුවෙන් පහල මිනිස්සුන්ටනම් අමු මිරිස් කරල් 3ක් මහ කජ්ජක් නෙවෙයි. සාමාන්‍යයෙන් නයි මිරිස් කරල් 2,3කුත් කනවා විනාඩි 5න්.

      Delete
    2. හාපෝ අපේ තාත්තත් හෙන ආසයි කෑම වලට නයි මිරිස් දානවට. මටනම් ඒව දැම්මම එන්නෙ අමුතු රහක්

      Delete
    3. පරිප්පු වලට එහෙම දැම්මම ආයෙ ඕන්නෑ..

      Delete
  23. බස්සි අක්ක කෑවේ නැතෙයි තාම...
    අපිත් කන්න ඉන්නේ ඔයාලත් කමු හොදේ

    ReplyDelete