Friday, August 1, 2014

Mission බෙහෙත් hiding !!








මට බේත් බොන්න වෙලා

ආයෙමත් මට හද කිලිපොලායන, බඩවැල් ඇඹරිලායන, අති ඛේදනීය, දුක්ඛදායක, ගුජුප්සාජනක අත්දැකීමට මූණ දෙන්න වෙලා.

මැරෙන්න ඔන්න මෙන්න වගේ ඇඳේ දපලා ඉන්නකොට අම්මයි තාත්තයි දෙන්න මාරුවෙන් මාරුවට කන ළඟ ඉඳන් කෑ ගහනව බෙහෙත් ගන්න යන්න ලෑස්ති වෙන්න කියල. ඒත් මම නෙමෙයි ඔය තර්ජන ගර්ජන වලින් සැලෙන්නෙ. කොහොමත් මම ඔය ලෙඩ කියන ජාතියට පොඩ්ඩක්වත් බයක් ඇති මනුස්සයෙක් නෙමෙයි.  

පුරසාරම් කියනව කියල හිතන්න එපා. මගෙ නිර්භීතකම.


ඔය නිර්භීත කමට අමතරව මට උපතින්ම උරුම වෙලා තියන රංගන ප්රතිභාව මගෙ පිහිටට එන්නෙ මේ වෙලාවට තමයි. ගෙම්බ පොලේ ගැහුව වගේ පොළවට සමාන්තරව පතබෑවිලා ඉඳගෙන ස්ථිරසාර, ප්රබෝධමත් හඬකින්මට පුදුම තරම් සනීපයි. බෙහෙත් උවමනා නෑ මං හිතන්නෙ.” කියලා බොහොම සංවාදශීලී විදියට අදහස් ප්රකාශ කරන්න ලේසි පාසු නළුවෙකුට ඇහැකිය.


වුනාට අපේ තාත්තගෙ ඉවසීමේ සීමාව මගේ නිර්භීතකමයි, රංග ප්රතිභාවයි දෙකම අතික්රමණය කරලා නැගී සිටින වෙලාවට මාව ගෙඩි පිටින් කුදලාගෙන ගිහින් වාහනේට අතෑරලා අනුකම්පා විරහිතව ඇන්න යනව දොස්තරෙක් හොයාගෙන.


හැබැයි බේත් අරන් එනකොට ලැබෙනව අල්ලස් විදියට පෝර්ටෙලෝ බෝතලයක් හරි ඔරේන්ජන් බාර්ලි බෝතලයක් හරි. (මාතලන් බොස්ගෙ ඔරෙන්ජන් බාර්ලි කතාව තාම වේටින් ලිස්ට් එකේ වෙන්ටැ නේද? :P)
හැබැයි මම නෙමෙයි ඔය ඔරෙන්ජන් බාර්ලි බෝතලේකට යටවෙලා මගෙ ප්රතිපත්ති පාවා දෙන්නෙ. හූහ්…! හිතුව මදි මාව අල්ලසට යට කරන්න!







හා. කතා ඇති, දැන් ඔය බේත් පෙති ටික බීල ඉන්න.”

මෙච්චර වැදගත් අතීතාවර්ජනයකට බාධා කරන්න මේ බස්සට කොහෙන් ආපු හයියක්ද මන් අහන්නෙ! මදිවට ලොකු බේත් පෙති මගෙනුත් නාහ දෙකට කඩලා. මගෙ පෞද්ගලික බේත් පෙති එහෙම කඩන්න බිඳින්න පුලුවන්ද?!


පැනඩෝල් පෙති ඕන නෑ.”

දැන් ඔයාද දොස්තර? මං හිතන් උන්නෙ දොස්තර කියන්නෙ අර ස්ටෙත් එක දාගෙන ලෙඩ බලපු මනුස්සය කියල



ආහ්…! මගේ අල්ලස් වලට නොනැමෙන නිර්භීත රණකාමීත්වය නිසාම මම ලෙඩ ඇඳේ ඉඳන්ම පටන් ගන්නවා මගේ විප්ලවය. ඔව්, ඔයා හිතන එක හරි. මම උපතින්ම අරන් ඇවිත් තියනව අසාධාරණයට එරෙහිව නැගී සිටීමේ ගුණාංගය.


අන්තිමේදි අපේ අම්මටයි තාත්තටයි සිද්ධ වෙනව මාව මැඩපවත්වන්න අවම බලය පාවිච්චි කරන්න. ඔය මිෂන් එකට මාව බලාගන්න එන පේමා නැන්දත් හෙලුප් කරන එක තමයි මට ඉවස ගන්ඩ බැරි.

ප්රේමා…. මෙන්න මේ කෙල්ලගෙ අත් දෙක අල්ලගන්නඅපේ අම්මගෙ ඕඩර් එක ලැබුන ගමන් බැටෑලියන් එකම මගෙ ඇඳ වටේට. ඔන්න අල්ලගත්තා අත් දෙකෙන්. ඌයි යකෝ…. නිකම් හතරවෙනි තට්ටුවට ගෙනිච්ච වගේ. හැබැයි මම සැලෙන්නෙ නෑ. මගෙ කට අගුලු දාල යතුර හංගල තියෙන්නෙ.

තාත්තා අල්ලගන්න ඔය ලමයගෙ කටෙන්.
බේත් ගඳ ආපු ගමන් ඔය ළමය වමනෙ කරනව නිසා නහයත් වහන්න.”

අසරණ මම. හැත්තැ එකේ කැරැල්ලෙ විත්තිකාරයෙක් වගේ දස අතේ දෙපා ගසනවා. ටික ටික කටෙන් විතරක් හුස්ම ගන්න අමාරු වේගෙන එනකොටම;

අම්මගෙ විසාල පිත්තල හැන්ද කට කපලා පුරවාපු අප්පිරිය හිතෙන බේත් මිශ්රණයක් එක්ක වේගයෙන් මගේ මුව වෙත ළඟා වෙනව.







පිත්තල හැන්ද උගුරෙ ඇනෙනව. එක්කම අඬු දඬුවක් වගේ අතකින් මගෙ කට වැහෙනව.


ඇස් නිලංකාර වෙලා කලු පාට, රතු පාට බෝල බෝල පාවෙන්න ගන්නව. ඇන්න එතකොට මට ඇහෙනව වටේ ඉන්න බැටෑලියන් එකේ රණකාහල නාදය;

ගිලින්න

ගිලින්න

ගිලින්න

ගිලින්න




මේ කරල් බොන්න බෑ බස්සෝඔය ප්ලාස්ටික් කවර දිරවන්නැතුව බඩේ එකතු උනොත් එහෙම මොකද කරන්නෙ?”

මොන. බස්ස නෙමෙයි කනකටවත් ගන්නෙ.

ඉස්සරවෙලා මේ චූටි පෙති ටික ගිලින්න.” චූටි පෙති හැටහුටහමාරක් අත උඩ. ඔව් හතරයි තමයි, ඒත් හතර කිවුවම මොකද හැටහුටහමාර කිවුවම මොකද! බේත් පෙති වලට ප්රමාණය වැදගත් කිවුවෙ කවුද?



මට සුපුරුදු ඇනිමල් ප්රෝටීන් ඇලජික් එක ආවම නම් මං කැමැත්තෙන්ම දොස්තර ගාවට යන්න ඉදිරිපත් වෙනව. මොකද මගේ දේහ පරිමාව සීග්රයෙන් ඉහළ යාම පාලනය කරන්න පෙති වලට බැරි බවත්, ඉන්ජෙස්සොන් එකක්ම විදින්න ඕන බවත් දොස්තර කියල තිබුන නිසා. ඔව් මම බය නෑ ඉන්ජෙස්සොන් වලට.  

දහසක් උල් ඉන්ජෙස්සොන්  හී තුඩු වලින් මගේ සම සිදුරු කරාපල්ලා,  
ඒත් බේත් වලට මගේ අසරණ උගුර තෙමන්න ඉඩදෙන්න එපා!


එදා කරුමෙට මගේ දේහ පරිමාව ඉහළ යන්න ගත්තෙ රෑ කෑමෙන් පස්සෙ. යනකොට සුපුරුදු දොස්තර මාමා දොයි. වෙන ආධුනික දොස්තර කෙනෙක් ඉන්නවා දොස්තරාසනාරූඪ වෙලා

මේ මේ මේ…. එකපාරම ඉන්ජෙක්සන් එකට යන්නෙ නැතුව අපි පෙති දෙකක් බීල බලමුද?”

බෑ ඩොක්ටර් මට අනිත් ඩොක්ටර් මේකට දෙන්නෙ ඉන්ජෙක්සන් එක.”

අමාරු උනොත් අපි ඉන්ජෙක්සන් එකකට යමු. දැනට බේත් පෙති දෙකක්…..බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්

මගෙ ස්ට්රෝබෙරි ගෙඩියක පාටට රතු වෙලා තිබිච්ච කන් දෙක තව රතු පාට වෙන්න ඉඩක් තිබුනෙ නෑ, නැත්නම් ඔය දොස්තරය දැන ගන්නව මගෙ හැටි.







ඩොක්ටර් ඔයා එක්කො මට අර ඉන්ජෙක්සන් එක ගහන්න, නැත්නම් අම්මෙ අපි යමු ගෙදර, මාව ඉදිමෙච්චාවෙ.”

දොස්තර ටිකකින් පරාජය බාර අරගෙන, මගෙ නිර්භීත භාවයට හිස නමලා (බෙහෙත් පෙති සහ මම ගැන අපේ අම්ම ඩොකාට කටුකුටු ගාල මුකුත් කිවුවෙ එහෙම නෑ හරිද!) මට විජයග්රාහී ඉන්ජෙක්සන් එක ලබාදුන්නා.
 


සුදු අයියෙ අප්පිරියයි.”

අර වමනෙ පෙත්ත ඉස්සෙල්ලම බිවුවනෙ?  ඒක බිව්වනම් බය වෙන්න දෙයක් නෑ. ඔය ටික සේරම බොන්න හොඳ ළමය වගේ. ”

ඇයි දෙවියනේ බස්ස මේ බේත් පෙති ටිකටම ඇස් දෙක අලෝගෙන ඉන්නෙ? මේ මනුස්සයට බලන්න මොන තරම් සුන්දර දර්ශණ තියනවද වටපිටාවෙ!


වමනෙ පෙත්ත?  

මම හිතන්නෙ ඒකට නම කියන්නෙ පෙත්ත දැක්කම වමනෙට එන හින්දා වෙන්ට ඕනෙ. ඒක සුරක්ෂිතව මගෙ ටී-ෂර්ට් එකයි බඩයි අතරෙ තැන්පත් වෙලා තියෙනව. දැන් බස්සට වෙනසක් නොදැනෙන්න පරෙස්සමට වොෂ් රූම් එකට රිංග ගත්තනම් පෙත්ත ගුවන්ගත කරන්න පුලුවන්.


අපේ නංගි පොඩි කාලෙ මහ ඇම්බැට්ට කේලමා. ඕක මම අසනීප උන දාට ස්ව-කැමැත්තෙන්ම මගෙ කාමරේ අතුගාන්න බාරගන්නව විතරක් නෙමෙයි, පට්ට උනන්දුවකින් ඇඳන් යට, කබඩ් යට අතුගාන්නෙ. පෙති කෑලි අහුවුනොත් ආය කතා දෙකක් නෑ කෙලින්ම ඉහළ උසාවියට නඩු භාණ්ඩ විදියට බාර දීලම තමයි පස්ස බලන්නෙ.


අන්න ඒකයි මං ඕගොල්ලන්ටත් කියන්නෙ. සාක්කි අතුරුදහන් කරන්න කොමඩ් එක තරම් හොඳ උපකරණයක් ලොවෙත් නෑ!!!







බීල ඉවරද?”

ඉවරයි. මට අර චොකලට් එක දෙනවද?”

පෙන්නන්න බලන්න සාක්කු.”

යකූ මුන් සේරම නායකත්ව පුහුණුව ලබලද! මම  බය නැතුව සාක්කු කණපිට හරෝල පෙන්නනව. බේත් සාක්කු වල හංගන්න! හැක්! හරක් විකුණලා ගොඩක් කල්!

මම වොෂ් රූම් එකට දුවලා බේත් ටික ගුවන්ගත කරන්න සූදානම් වෙනවා. කෝ අර වමනෙ පෙත්ත?


ඒක බඩට ඇලිලා….!
කුඩුවෙලා…..!!
චුරුචප්පන් වෙලා…..!!!


මගෙ බඩ ඇතුලෙ බුල්ඩෝසරයක් යනවා….
බුල්ඩෝසරේ ගලනාලෙ දිගේ ඇවිත්…. උගුර ගාවදි ඇංජිම රේස් කරලා….;

ඕක් !!!”

අනේ පැටියෝ ඔයා බේත් ටික වමනෙ කලාද?! අපි තව පැය බාගයක් විතර ඉඳලා ආයෙ වමනෙ පෙත්තක් බීල බේත් වේල බොමු.” බස්සා වොෂ් රූම්  එකේ දොරට එපිටින් ඉඳන් කියනවා.




101 comments:

  1. හැක් හැක් හැක්, ආයෙ බීපල්ලකො ඉතින් බේත් පෙති ගුලියක් :D :D
    මමනං හෙන ආසයි අෆ්ෆ බේත් බොන්න. ^_^

    ReplyDelete
    Replies
    1. ඒකනේ, අමාරුවෙං හරි, දෙන ටික බීලා දැම්මනං ඉවරයි නේ.
      වමනේ කලාම ආයෙත් පාරක් දෙනවනේ!!
      නිකං මොකටද ඩබල් කරගන්නෙ, නේද??

      Delete
    2. බේත් බොන්න ආසයි!! මූ නම් ගොලුබෙල්ලෙක්ම තමයි අම්මපා අර දකිද්දිත් බඩ දඟලන බේත් ආසාවෙන් බොන්නෙ!

      අනේ මේ පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලා නෑ. ඩෑෂ් බෝර්ඩ් එකේ වැටෙන්නෙත් නෑ.... :'(

      Delete
    3. අමාරුවෙන් බේත් වේලෙන් බාගයක් බීලත් වැඩේ ගොඩදාගන්න බැරිඋනානෙ පිරේ...

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  2. අපේ මල්ලිගෙ ඉන්වර්ස් එක මේ!!

    ඔයා අප්පිරියයි, එයා පෙරේතයි.
    ඔයාට ලෙඩ වුණ වෙලාවට එයාව එක්කන් යන්න. ඔයාගෙ පෙති ටිකත් එයා හපලම කයි කිසිම අප්පිරියාවක් නැතුව. [අනේ මංදා ඒ මනුස්සයා කොහොම හපනවද කියලා. අපි මුරුක්කු කනවා වගේ ඌ පෙති හපන්නෙ]

    ReplyDelete
    Replies
    1. :D :D මමත් එහෙම ඩෑල් එකක් දන්නව බං, පැනඩෝල් හපල කනව පෙපර්මින්ට් වගේ ^_^ ආස හිතෙනව දැක්කම.

      Delete
    2. ඉයෑක්කා..... එහෙනම් වහාම පිරේගෙ මලයව කැඳවන්න වෙනව. එයාට පෙන්නුවනම් හරි මේ පෝස්ට් එක!

      Delete
    3. ඔහොම කියන්න එපා යකුනේ මට මුරුක්කුයි, පෙපර්මින්ටුයි දකිද්දිත් අප්පිරිය හිතෙයි.

      Delete
  3. ‍ම‍ට ‍නම්‍ ප්‍රශ්‍‍නේ ‍ති‍බු‍නේ ‍බෙ‍හෙත්‍ ‍ගැ‍න ‍නෙ‍මේ ‍බෙ‍හෙත්‍ ‍බොන්‍‍න‍වත්‍ ‍ලෙ‍ඩක්‍ ‍එ‍හෙ‍ම‍ට ‍හැ‍දු‍නේ ‍නෑ‍නේ ‍අප්‍‍පා , ‍දැ‍න‍ටත්‍ ‍ඉ‍තිං‍ ‍ඔ‍හේ ‍ඉන්‍‍න‍වා . ‍කොත්‍‍ත‍මල්‍‍ලි ‍ටි‍කක්‍ ‍එ‍හෙ‍ම ‍බී‍ලා (‍සු‍නිල්‍ ‍අ‍යි‍යා ‍හින්‍‍දා ‍මේ ‍ද‍වස්‍ ‍ව‍ල ‍කොත්‍‍ත‍මල්‍‍ලී ‍කි‍යන්‍‍නත්‍ ‍බ‍ය‍යි ) ‍මං‍ ‍ඉස්‍‍කෝ‍ලේ ‍ය‍න ‍ද‍වස්‍ ‍ව‍ල ‍බෙ‍හෙත්‍ ‍බොන්‍‍න ‍ලෙ‍ඩ ‍හ‍දා‍ගන්‍‍න ‍ගෙ‍ද‍ර ‍ඉන්‍‍න ‍දී‍පු ට්‍ර්‍යි ‍එ‍ක ‍ම‍තක්‍ ‍උ‍නා . ‍කි‍හිල්‍‍ලේ ‍සු‍දු ‍ලූ‍ණු ‍තිබ්‍‍බා‍ම ‍උණ්‍ ‍හැ‍දෙ‍න‍වා ‍කි‍ය‍ලා ‍ඒ‍කත්‍ ‍ක‍ලා . ‍හප්‍‍පේ ‍ව‍ම‍නේ ‍පෙත්‍‍ත ‍ගැ‍න ‍කි‍ය‍ලා ‍වැ‍ඩක්‍ ‍නෑ ‍දු‍ර ‍ග‍මන්‍ ‍ය‍න‍කො‍ට . ‍එ‍හෙ‍ම ‍ගන්‍‍න ‍බැ‍රි ‍උ‍න ‍ද‍ව‍ස‍ක ‍අ‍පේ ‍ආත්‍‍තම්‍‍මා ‍ස‍ත 5ක්‍ ‍ක‍ටේ‍දා‍ගෙ‍න ‍යන්‍‍න ‍කිව්‍‍වා . ‍‍ආ.... ‍අ‍ම‍ත‍ක ‍උ‍නා ‍ , ‍ම‍ම ‍බෙ‍හෙත්‍ ‍ගන්‍‍න ‍ගි‍යොත්‍ ‍පො‍ඩි ‍ද‍වස්‍ ‍ව‍ල ‍අ‍නි‍වා ‍පැ‍ණි ‍ඉල්‍‍ල‍න‍වා‍ දොස්‍‍ත‍ර‍ගෙන්‍ . ‍අ‍ර ‍චෙ‍රි ‍ර‍හ ‍එ‍ක .‍ම‍ම ‍හ‍රි ‍ආස්‍‍යි ‍ඒ‍ක ‍බොන්‍‍න .ම‍තක්‍ ‍වෙ‍න ‍දේ‍වල්‍ ‍නං‍ ‍බෝ‍ම‍යි . ‍හැ‍ම ‍දා‍ම ‍ව‍ගේ ‍ක‍තා‍ව ‍බෝ‍ම ‍අ‍පූ‍රු‍යි , ‍ර‍හ‍යි

    ReplyDelete
    Replies
    1. අර කැස්සට බොන පැණිය නෙවෙයි නේද ඉල්ලන්නෙ ? :D :D

      Delete
    2. :‍O ඔව්‍ ‍ඔව්‍ ‍ඒ‍ක ‍ත‍ම‍යි ‍ඉල්‍‍ලන්‍‍නේ , ‍පො‍ඩි ‍ද‍වස්‍ ‍ව‍ල ‍කැස්‍‍ස‍ට‍ම‍නේ ‍පැ‍ණි ‍දෙන්‍‍නේ :D

      Delete
    3. අයියෝ මමනම් එක්ස්පර්ට් හොර බඩේගායවල්, කැස්ස වගේ බොරු ලෙඩ රඟදක්වන්න. අර සුදුලූණු තියලා උණ හදාගන්න හැටි මටත් සෙට් උනේ නෑ බිනොල් මාත් ට්‍රයි කරල තියනව ඒක.

      Delete
    4. ඒ කැස්සට දෙන පැනිය ලංකාවෙ තහනම් කලානෙ කිරිකැට් මැච් බලද්දි කොල්ලො කැස්ස හැදිල පැණි බොනව කියල.

      Delete
  4. අඩෙ අෆ්ෆා මට මතක් උනේම වයිෆරේට බෙහෙත් පෙති ගිල්ලොන විදිහ. අහෝ සංසාරේ… බබා හම්බවෙන්න ඉත්දි ඊට හපන්.

    මට ඒව්වා මතක් වෙත්වි අර අහිංසක බස්සගෙ අනාගතේ ගැන දුකයි යකූ… :'( :'( :'( :'(

    අහෝ මෙවන් ව්පත් වනේ වන හතුරෙකුට වත් නොවෙවා¡!!!!!!

    ReplyDelete
    Replies
    1. දුක තමා බං ඌ ගැන මටත්..
      දුක සමරන්ඩ ෂැට් වෙන්ඩෝනැ වෙලාවක උගෙ ගානෙ. :D

      Delete
    2. පත්තරය උඹ යන වෙලාවක මටත් කියපන් ජින්ජ බියර් එකක් අරන් දුක සමරන්න මාත් එනෝ

      Delete
    3. අපෝ අපෝ... කිබුල්ලු එක්ක බස් වල යන්න බෑ....! අල්ලලා එලියට විසික්කරයි අපිවත් එක්කම.

      Delete
    4. @ ප්‍රියා:

      අන්න බස්සාගේ දුක අත්දැකීමෙන් දන්න කෙනෙක්. :)

      Delete
    5. පත්තරේ : හා හා කෝක් සහ මුරුක්කු එක්ක සමරන්න එන්ඩ.

      Delete
    6. ශානු : යකූ කිඹුල්ලු EGBත් බොනවද දැන්! මම හිතුවෙ Alpendible කනව විතරයි කියල.

      Delete
    7. නිමෝ :

      සිරාවට. එක්කො කිඹුලිට වෙනම ලොරියක එන්න කියපම්. කොහොමත් කිඹුලි අක්කව බස්සෙකට නග්ග ගත්තම පොදු ජහමනයට ඉඩ නෑනෙ.

      Delete
    8. චතුරංග මගෙත් යාලුවා බං මාත් එනවා දුක බෙදාගන්න.
      සැන්ඞි වලට සෝඞායි අයිස් කැටයි තියහන් නැත්නම් උඔ තනියෙන් දුක දරාගනින්.

      Delete
    9. අලි වැඩක්නෙ මේක. හ්ම්ම්හ්... එනවනම් ඔරේන්ජ් බාර්ලි බෝතලයක් අරන් ආවොත් සලකා බැලුවැකි සැන්ඩි ගැන

      Delete
  5. මාත් පොඩි කාලේ වැඩිපුරම ගුටි කාල තියෙන්නේ ඔය බෙහෙත් පෙති හින්ද. ඒත් කාලෙකට පස්සේ ඒ අප්පිරියාව ඇරිලා ගියා. දැන් නම් වතුර නැතුවත් බෙහෙත් බොතහැකි. එත් පැනඩෝල් නම් තාම අප්පිරියයි. කාලයක් තිබ්බ පැනඩෝල් ඇඩ් එකක් TV එකේ යනවා දැක්කමත් වමනේ යන.

    ReplyDelete
    Replies
    1. හම්මේ... මටත් ඉවසා වදාරන්න අමාරුම බේතක් තමයි පැනඩෝල්. පැරසිටමෝල් ගඳ යාන්තම් දැනුනත් ඇති.

      Delete
  6. අනේ බස්සි පැට්ටා ඌව වෙලාද ?? හයියු හයියූ ඕකට ඔය තරම්ම අකමැතිද ? පව් බස්සා. හපොයි ඔරවන්න
    එපා බස්සිත් පව් ඉතිං :)

    ReplyDelete
    Replies
    1. ඔව් අනා අසරණ බස්සි ඌයියා වෙලා. ඔළුව ඌව වෙලානේ. බස්ස නෙමෙයි අනේ මම ඉතරයි පව් හොඳද!!

      Delete
  7. මට නිකං අර ඇන්ඩි ගේ කතාවක් කියවනවා වගේ දැනුනේ.... ..පට්ට ලියවිල්ල...

    බස්සට උඹව අල්ලලා බෙහෙත් පොවන්නම වෙනවා ඉතිං. ඔය වමනේ යන එකට ඌ එපැයි වග කියන්න :D

    ReplyDelete
    Replies
    1. ඇන්ඩිගේ නංගි ඉන් රියල් ලයිෆ්! :)

      මොකාක් කිවුව! අහුවෙයම්කො ටෝ මරල ගෙඹි හමෙන් මහනව සපත්තු!

      Delete
    2. වමනේ යනවාට මම දෙන්නේ පොස්ටිනෝ 2

      Delete
  8. රත්‍තරං නංගියෙ…කෝරෙක්ස් D එහෙම දුන්නොත් විසි කරනව නෙමෙයි :D …හැක්

    බස්ස පව් අප්ප.. චැහ්.. කොහොම ඉන්න ඕනැ කොල්ලෙක්ද මේ දුක් විදින්නෙ.. අර මොකාදත් බටකොළ කෑවලුනෙ. ගණං ගන්ඩෙපා මස්සිනේ.. ලබා උපං හැටි.

    ඔය ලෙඩ හැදීගෙන එද්දිම ගල් උගුරු දෙකක් බීහං. බිලා හොදට නිදාගං, උණට නං අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. කොරෙක්ස් D තහනම් බොල දැන්. :D

      මචන් ලෙඩ හැදෙත්දි ගල් මද ගහන්න ඕන වෙල් ෆැන්ටා ෂොට් එකක් ගැහුවොත් නරකද?

      Delete
    2. වෙල් පැන්ටා වැඩිපුර ගන්න හොද නෑ. ඒක අධි මාත්‍රාව නෙව....!

      Delete
    3. කොරෙක්ස් ඩී දැන් ලංකාවෙන් නෂ්ඨ වූ බෙහෙත් විශේෂයක් පත්තරේ.....

      හ්ම්ම්හ්... මම තමයි යකූ බස්සගෙ වාසනාව. බලහන් බේත් හේත් වලට යන ගානත් ඉතුරුයි නෙව. කොයි ඉතින් මේ මනුස්සය තේරුම් ගන්නෑනෙ ඒක.

      Delete
    4. අපෙත් ඉන්නවා ඔය සැම්පලේම එකෙක්........!

      ඔව් ඔව් වාසනාව වාසනාව.... බෙහෙත් නොගෙන හතර ගාතේ දාලා හතර දිග්බාගේම පතබෑවෙන්න ගත්තම බස්සගේ වාසනාව වෙන්නේ කොමද යකූ.......!

      පව් ඒ අහිංසකයා.....

      Delete
    5. කොරෙක්ස් වලින් ජීවිතේ ගැටගහගත්ත කාලයක් තිබ්බා.. බුදු සරණින්කකක

      Delete
    6. බේත් නොගෙන ඉන්නකම් මට හිතට මාර ෆිට් යකූ. බේත් දැක්ක වෙලාවෙ ඉඳල තමයි ඇඟ පණ නැතුව යන්නෙ.

      Delete
    7. ඇයි ඞයිශිපාම්, සොසගන්, රයිපනොල්, ඇනලැප්, නිල්ල සොයා.

      Delete
    8. ඒ මොනාද මෙන්ඩියෝ? :O

      Delete
  9. හම්මේ මම නම් පොඩ්ඩා කාලේ ඉදන් බෙයියන් බොනව...හැබැයි මචෝ මේ පොස්ට් එක අපේ අම්මට පෙන්නන්නඕනා ...මම දන්න කාලේ ඉදන් අපේ අම්මට බෙහෙත් තෝරලා බේරලා දෙන්නෙ තාත්තා ...ඩොකා ගාවට ගියාම තමා මරුම සීන් එක ඩොකාට බොන බේත් ගැන කියන්නේතාත්තා....එකෙත් හැටි කිව්වලු

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒ කියන්නෙ ඔයාලගෙ අම්මයි මායි එකම බෝට්ටුවෙ නේද!
      තාත්ත බේත්වල විස්තර කියද්දි ඩොකා වැරදිලා තාත්තට බේත් දුන්නනම් තමයි ශෝයි වැඩේ නේ!

      Delete
  10. සිකේ.. බස්සි බෙයියන් බොන්ට බයයිද ?

    ReplyDelete
    Replies
    1. මගේ නිර්භීත රණකාමීත්වය ඔයැයිට පේන්නෙ බයක් විදියටද!

      Delete
  11. හුටා මම කන්න කලින් බොන පෙත්ත බිවුවේ නැ
    සෙද්ද ! 

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉක්මනට බීපම්. බීල වහාම අර කතාවෙ ඉතුරු කොටස දාපම් සෙද්ද! ඔය පෙත්ත නොබීපු හින්ද වෙන්ටැ ලියන්න අමතක උනේ.

      Delete
  12. ලිවිල්ලනම් ඉතිං කියන්න දෙයක් නෑනෙ මරුම තමයි.තිත්ත බෙහෙත් රස දැනෙනවා.ඒත් බං මට නම් කවදාවත් බේත් රස අපුලක් වෙලා නැහැ.පොකුරු පිටින් වතුරත් එක්ක දා ගෙන ගුඩුස් ගාලා ඇරලා දානවා.සමහර විට එතකොට ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් වැඩේ අහවර නිසා වෙන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. අම්මෝ බස්සිගෙ තාත්තත් ඔය පොකුරු පිටින් බේත් වේලම එක කටට බොන්න දස්සයා. මට නම් එහෙම බොනව දකිද්දිත් බඩේ බුල්ඩෝසර් යනවා.

      Delete
  13. මේකි අර වැස්ස ගැන ලියන කාළේ මම හිතන්නේ ඇන්ඩියාව දන්නේ නෑ. කොහොමද මම කිව්වා බොරුද.. මේකි තමයි ලෝකල් ඇන්ඩි.. පට්ටටි ඕං ඈ.. ආයේ නෝ කතා නෝ සිනා..

    පෝඩ්ඩක් හිටහන්.. මම ඔරෙන්ජන් බාර්ලීත් අරගෙන එන්න හිටියේ. හිතුනොත් ඊට කලින් මම ටික කලක් හිටන් ඇන්ඩියා එරගෙන එන්න ඉන්නේ.. හිතුනොත් ඌව කලින් ගේනවා..

    වමනේ පෙත්ත... ඕන නෑ.. එක්කෝ මමත් ලියනවා මේ වගේම පෝස්ට් එකක්..

    මගේ ඩෝපි හිඳුනා බං..

    ReplyDelete
    Replies
    1. ඇන්ඩියි බස්සියි නිවුන්නුලු

      Delete
    2. ඒකනෙ අෆ්ෆා... වැස්ස ගැන ලියන කාලෙ ඇන්ඩියාව මීට් වෙලා නෑ. ඇන්ඩියාව හඳුන්වාදුන් ඩූඩ්ට මාගේ හදපිරි ප්‍රණාමය!

      ඔරෙන්ජන් බාර්ලි ගැන ලියනව කියල ජැකලින්ගෙ ආප්පයක් ගැන ලියල ඒ පාර. එක්කො ඒව ඕනෙ නෑ ඇන්ඩි ස්ටයිල් පෝස්ට් එකක්ම ලියන්න ඒක පට්ටෙට තියෙයි.

      Delete
    3. ඔව් ලු, සම නිවුන්නුලු.

      Delete
  14. කතාව ලීවේ ඇන්ඩියද? බැස්සිද? :D

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. බැස්සි නෙමෙයි ඇන්ඩියම වෙන්න ඇති නේද? :P

      Delete
  15. හැමොම කිවුව වගෙ පට්ට ලියවිල්ල.ඇන්ඩියගෙ ලොකු අම්ම වගෙ.
    අම්මප ඔය බස්ස පවු නැද්ද බන්.

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවෙ, ඇයි අෆ්ෆා ඇන්ඩිගෙ නංගි වගේ කියන්න එපාය, ලොකු අම්ම කියන්නැතුව.

      Delete
  16. අම්මෝ...මේ බස්සිට බේත් පෙත්තක් පොවාගන්න තියෙන අමාරුව.

    යුද්ධයක් දිනන එක ලේසියි මේකිට බේත් පොවන් එකද කොහෙද ලෝකේ අමාරුම රාජකාරිය...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. අපේ බස්සත් ඔහොමම කියනවා.

      Delete
  17. හම්මේ බේත්.. :3 මේ දවස් වල හැමෝම බේත් බොනවා වැඩි නෙහ්

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ අර ජරා වෛරස් උණයක් තියනවනෙ හැමතැනම.

      Delete
  18. බේහෙත් බොන්න ඔච්චර අමාරුද බං?
    අර ඉස්සර පොඩි කාලේ බඩේ අමාරුවට දෙන ග්‍ර්යිප් වෝටර් එහෙම මම අනන්තවත් නිකනුත් බිලා ඇති...:D
    මේක නම් ඇන්ඩි ස්ටයිල් එකටම තියෙනවා යශෝ...:)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ හොඳේ....
      මමත් ආසාවෙන් බීපු එකම බේත ග්‍රයිෆ්වෝටර් විතරයි මනෝ....

      Delete
  19. හොද වැඩේ බීපං බීපං...

    උඹලා බොන්නේ නැත්නම් අපි කෝමද බොල බිස්නස් කොරන්නේ..

    ReplyDelete
    Replies
    1. අම්මෝ පාමසිකාර ඉඳිකට්ටා.... උඹල හින්ද තමයි අපිට බේත් බොන්න වෙලා තියෙන්නෙ. අහුවෙයම්කෝ....

      Delete
  20. බෙහෙත් වලට මෙච්චර බයද ඈ..
    සමහර බෙහෙත් පෙති මාර රහයි.. ^_^

    ReplyDelete
    Replies
    1. ඉයෑක්කා....
      මටනම් බේත්පෙති වගේ පැක් කරපු ස්මාර්ටීස් දැක්කත් අප්පිරිය හිතෙනව.

      Delete
  21. කෙල්ලෝ බෙහෙත් එක්ක ජන්මාන්තර ගත මෙවුව එකක් තියෙනවා..අපේ අක්කටත් බෙහෙත් පොවන්න රජ ගේමක් දෙන්න ඕනි..කටු විදින්න ඊට වඩා ගේමක් දෙන්න ඕනි...හැබැයි මෙහ මල්ලි එක්ක නම් බෙහෙත් හංගනවා බොරු..අමාෂ ගත කරන මුවාවෙන් වෙන පාරවල් වල යවනවා නම් ලොවෙත් බෑ...

    කතාව නම් සුපිරි අක්කේ..ස්ටයිල් එක ෆට්ට...ලියපන්කො අක්කේ පොතක්...
    මම වතුර එකක් වත් බොන්න නැගිටින්නේ නැතිව කියවන කතුවරු කිහිප දෙනෙක් ඉන්නවා..යෞවන සමින්ද රත්නායක උඩින්ම ඉන්නවා මම බුවාගේ එක පොතක් වත් අතාරින්නේ නැතිව කියෝලා තියෙනවා..ඒ වගේම බෝගේත්..උබේ පොස්ට් එකත් මම දැක්ක ගමන් කියෝනවා..අක්කේ උබ පොටක් ලිඋවොත් සම්මාන කැල්ලක් සුවර් හම්බ වෙනවා..

    කට්ටිය එක්ක උඩින් තිබ්බ කියල හ්ම්ම්ම්ම් හ්ම්ම්ම් ගන්නේ නැතිව ඉන්න එපා (ලිඋවේ නැත්ටන් ගහනවා ගහට පයින් ඕක මුරුංගා ගහක්) රහසින්

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතින්... පියඹා... යනවා මා ආකාශයේ..... :)

      පිස්සුද මලයා එහෙම මුරුංගා ගස් වලට නගින්නෙ නෑ. මොකද මම ලියන කියන ඒවට අගය කිරීම් වලට වඩා ලැබෙන්නෙ අපහාස උපහාස. බොහෝ විට ඒව ඩේලි ඩෝස් එකක් විදියට නොවරදවා ලැබෙන්නෙ ළඟින්ම ආශ්‍රය කරන අයගෙන්. ඒ නිසා ඔයාලගෙ මේ වචන ඇත්තටම මට ගොඩාක් වටිනව හොඳේ....

      Delete
    2. මෙහ මලය එහෙම මුරුංග ගස් වලට දිරච්ච ගස්වලට නග්ගන්නෙත් නෑ අක්කියෝ..කියන ටික බොක්කෙන් කියන්නේ ..පොක්කෙන්මි අක්කට සුබ පතන්නෙත්..බෙහෙත් පොවගන්න අලුත් ක්‍රම සහ විදි ඕනි නම් පසන් අයියා ට කියන්න මෙලක් දන්නා කියලා..

      බෙහෙත් පොවන සැටි මම කියා දෙන්නම්

      Delete
  22. බට්ටි දන්නවද මේ වෙද්දි මම දවසට පෙති දහයක් හෝ වැඩි ප්‍රමාණයක් බොනවා. (පේන් කිලර්ස් නෙමෙයි) වැඩි වෙන දවසුත් තියෙනවා. ඇඳෙන් බහින්නෙම නිදිමතේම කට හෝදන්නෙත් නැතිව බෙහෙත් පෙති දෙකක් ගිලලා. (ඒක නැතිවුනොත් ටොයිස් තමයි) ඊට පස්සේ නින්ඳට යනකම් බෙහෙත් බෙහෙත් කියලා ගිලිනවා.
    දැන් බැරි වෙලා හරි බෙහෙත් බීවේ නැත්නම් කෑවේ නෑ වගේ.... !
    කිසිගාණක් නෑ මේ ඉන්නේ කුරුල්ලා වගේ....
    ඒත් එකම එක පාරක් (අන්තිම අවුරුදු විස්සක විතර) 2011 දි මම ලංකාවෙදි අසනීප වෙලා ලේ වමනේ දාන්න ගත්තම කුරියර් සර්විස් එක එනකම් මාව ලංකාවෙන් ඩොක්ට කෙනෙකුට පෙන්වලා බෙහෙත් අරන් දුන්නා. ඒ බෙහෙත් කටට දැම්මේ එකම පාරයි. ඒක මතක් වෙන පාරටත් වමනේ දැම්මා. වෙන එකක් තියා යට තට්ටුවේ ඒ බෙහෙත් තිබ්බේ ඒ ගඳට උඩ රූම් එකක ඉඳගෙනත් වමනේ කලා.
    ඒ ගඳට කොහොම මිනිස්සු එහෙ බෙහෙත් බොනවද දන්නේ නෑ.....

    ReplyDelete
    Replies
    1. රංගි අක්කා වීරවරියක්නෙ බොලේ... අපි ඔයාට මීට වඩා සලකන්න එපැයි!
      මට එහෙම ඕවගෙ බේත් බොන්න උනානම් මම මෙලහට බෙහෙත් කාර්ඩ් එකකින්ම බෙල්ල කපාගෙන මැරිල, වළලල. වළලාපු තැන්වල ගසුත් පැලවෙලා.

      Delete
  23. යකෝ අපේ හෙන්රිය පොත් කියවල අපේ භාෂාවෙන් පට්ටෙට ලියනව .......
    මේකි ........ අපිට වෙච්චි/වෙන දේවල් අපේ භාෂාවෙන් ලියන විදිය නම් පට්ටය.......

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ කෙන්ජි!!!

      ඩූඩ්ගෙ ඇන්ඩියා නිසා තමයි මගෙ මැන්ටල් කතා මේ තරම් ආලවට්ටම් සහිතව ලියන්න හිතුනෙ.

      Delete
  24. බඞේ අමාරැවට ගල් චුන්ඞක් අමුවෙන් උගුරට හලාගෙන කාරලා කෙලගහන් බස්සි අත්දුටුවයි සත්තයි.

    ReplyDelete
  25. මේක නම් උපරිමයි බස්සි. කිව්වත් වගේ මට ඇන්ඩි තමයි මතක් වුනේ. පොරත් ලියන්නේ සිම්පල් ප්‍රෙසන්ට් ටෙන්ස් එකෙන්නේ. සරළයි සුගමයි. කමෙන්ට්‍රියක් වගේ. ඒක නිසාම කතාව තුල ජීවත්වෙනවා වගේ හැඟීමක් ඇති වුනා.

    වෙන මොනවද මේ ස්ටයිල් එකෙන් ලියලා තියෙන්නේ? මට කියවන්න ආසයි.

    මේක ගැන මට කිව්වේ මාතලං ගොයියා. මගේ බ්ලොග් රෝල් එකේ මේක නිකම්ම ටෙස්ට් කියලා දාපු පෝස්ට්ට් එකක් එක්ක දිළිසි දිළිසි ඉන්නවා.

    ඒක නෙවෙයි බස්සි. "ප්‍රබෝධමත්", "ප්‍රකාශ", "ප්‍රතිභාවයි", "අතික්‍රමණය" වගේ වචන අර විදියට "ප්රබෝධමත්", "ප්රකාශ", "ප්රතිභාවයි", "අතික්රමණය"හැටියට ලියවෙන්නේ මොකද? ඔහොම වෙනවා සිංහල යුනිකෝඩ් MS WORD වල ගැහුවාම නම්. ඔය ෆෝර්මැටිං අප්සෙට් එක නැතුව යනවා ඕක නෝට් පෑඩ් එකක ගැහුවාම.

    ආයෙම මේ වගේ කතා ලියමු ඈ.

    (විටමින් සී පෙති වලට එතකොට ග්‍රයිප් වෝටර්... ඒවටත් අකමැතිද?)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩූඩ්.

      බස්සිට වෙන පිස්සු සීන් දෙක තුනක් ලියලා තිබුනට ඇන්ඩියා කතා කියන ඉට්ටැයිල් එකට ලියන්න ගත්තු පළවෙනි උත්සාහය මේක වෙන්නෝන. අර පිස්සු කතාවල ලින්ක් ටිකත් දාන්නම්කො හවහට.

      ඩෙස්ක්ටොප් එකේ වැඩ කරද්දි තමයි අකුරු වල අර අවුල එන්නෙ. ඒ යුනිකෝඩ් කන්වර්ටර් එකම පාවිච්චි කලත් ලැපේ වැඩ කරද්දි අර අවුල එන්නෙ නෑනෙ. නෝට් පෑඩ් එකට කොපි කරල අලවල බලන්න ඕනෙ. තැන්කූ තැන්කූ.... අපේ නලින් මාම හිතයිද දල්ලෑ මම මේ අකුරු හිතලම වරද්දල කියල. කොච්චර කිවුවත් මගෙ ස්පෙලින් මිස්ටේක් එහෙමමයිනෙ.

      විටමින් සී? ඉයෑක්කා.... ඒක අප්පිරිය එකේ හොඳම එක. වතුර දැක්කත් ඇති දියවෙනවා ඊට පස්සෙ විටමින් සී වල කටුක ගන්ධය වලාකුලක් වගේ මුලු කාමරේම වහගන්නවා. අති භයංකාරයි.
      ග්‍රයිෆ්වෝටර් විතරයි මට ඉවසා වදාරන්න පුලුවන් එකම බෙහෙත් ජාතිය.

      Delete
  26. මාත කිව්ව හරි. මේක නං නියම ඇන්ඩි ස්ටයිල්.
    ''දහසක් උල් ඉන්ජෙස්සොන් හී තුඩු වලින් මගේ සම සිදුරු කරාපල්ලා,
    ඒත් බේත් වලට මගේ අසරණ උගුර තෙමන්න ඉඩදෙන්න එපා!//
    71 මැරිච්ච එකියක්ද කොහෙද උඹ.

    කොහොම නමුත්,............................................................................
    ...................................................................................................
    ...................................................................................................
    අර බේත් හංගපු හැංගිල්ල බස්ස දැනගන්නව මේකෙන්. ඌ ඒ ගැනත් හිතල බලයි මීට පස්සෙ

    ReplyDelete
    Replies
    1. හැක්! ඔය 71 කතාව කලින් දවසකත් කියලා තිබුන කවුරුහරි.

      හුටා....! අන්තිම කෑල්ල ඉන්විසිබල් ඉන්ක් වලින් ලිවුවනම් හරි නේද?!

      Delete
  27. මාත් බස්සිගේ බෝට්ටුවෙමලු....;)

    ReplyDelete
  28. ආයිත් පාරක් ‍බොන්නකෝ

    ReplyDelete
  29. බේත් බොන එක කෙසේ වෙතත් අසරණ අම්මා, තාත්තා, බස්සා ගැන දුක යි :-))

    ReplyDelete
  30. මේ බස්සියෝ..... මේ ලෙඩ කියන්නේ අර පුංචි කාලේ...... බෙහෙත් බීපු හැටිද.... වමනේ දදා.... නැත්නම්...... බබා..... ලැබෙන්න නිමිත්තටද.....? වමනේ...... මට තේරෙන්නේ නැ.....

    ආ....... බස්සත් ලග හිටියලුනේ...... එහෙනම් බඩු හරි..... වගේ.....

    ReplyDelete
    Replies
    1. බබා? මුන්දැත් ඇදල පැදල කියපු කතාව බලාපල්ලකෝ මේ සූටි බස්සිට. :3

      Delete
  31. ඕකට හොඳ බේතක් තියනවා.. හොඳ "පෙති" "ගුලි" ටිකක් එහෙම ගත්තනම් ඔය ෆෝබියා එක ඇරිලා යනවා!

    ReplyDelete
    Replies
    1. හනේ හනේ නාඩියා මරු උපදෙස්නෙ දෙන්නෙ!

      Delete
    2. හ්ම්ම්ම් ගුලි කන එකත් හොදයි..

      Delete
  32. පැනඩෝල් ඇරෙන්න අනිත් බේත් බොන්න නම් අවුලක් නෑ පැනඩෝල් උගුරේ හිර වෙනවා මගුල ගීලින්න පහසුයි කිව්වට

    එක සැරයක් කතරගමින් පල් වෙච්ච් කොත්තු කාලා සතියක් විතර ව්මනි දැම්මා එතකොට බේත් අරගෙන මොකක්ද සුටි දිග පෙත්තක් දීලා තිබුනා හම්මේ ඒක බුව්ව්ම මත් වෙලා අමුතු ආතල් එකක් එනවා

    මම සති 2ක් විතර ලෙඩ හොද වෙලත් ෆාමසියෙන් ගෙනත් ඒ පෙත්ත ගැහුවා පස්සේ අර තුණ්ඩුව කලිසම පිටින් හෝදලා දියවුනා නේ

    ReplyDelete
    Replies
    1. හම්මේ බොරලුට වෙන වැඩ! හොඳ වෙලාවට තුණ්ඩුව දියවුනේ....

      පෙනඩෝල් මගෙත් උගුරෙ හිරවෙනව යකූ... කාටද දල්ලෑ එවුව ගිලින්න පහසු.

      Delete
  33. මේකනම් පස්ට ! හෙහ් හෙහ් පට්ටෙට හිනා වුනා හෆ්ෆා !

    ReplyDelete
    Replies
    1. හහා.... තැන්කූ සිංදුවෝ....

      Delete
  34. මේ ඕයි! මගෙ ට්වීන් කොහොමද ඕයි උඹෙ අම්මගෙ බඩේ උපන්නෙ? :D

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ මම උඹට ඉස්පෙසලි මේ කතාව එව්වෙ. මාරයි නේ?

      Delete