Saturday, November 15, 2014

බළලෙකුට බැරිද සමනළයෙක්ට පෙම් කරන්න?







දිගැටි උල් රදනක දත් ද
තියුණු මුවහත්කල නිය ද
දඩයම් ඇස් ද ගෙරවුම් ද
අතර සැඟවෙන්නට බැරිද

බොළඳ ආදර හදවතක්


අළුවන් දෘෂ්ටියක් ඇතැයි කිවුවට
ඇස් පියාගෙන බලනවත් ඇති
දේදුනු පාට හීනයක්



ඉඟිමරන්නේවත් නැතුවම
ආදරේ සීරුවට තවරා
හුළඟෙ පා කරනවත් ඇති
උණුසුම් බළල් හාදුවක්



සීරුවෙන් නිය පහුරු හකුළා
ඉතා හෙමිහින් - මද තිගැස්මෙන්
පිරිමදිනවත් ඇති
මුදු පියාපත් කෙලවරක්



පොරවගෙන දම් පාට ගොම්මන
සේද අත්තටු නොරිද්දෙන ලෙස
තුරුල්කරගෙන ඉන්නවත් ඇති
සේදවන් සමනළයෙක්



"අදත් මූ ගිහිල්ලා
අමන දඩයම් ගමනක්!"
බළල් හද ගැන නිනව්වක් නැති
අයිතිකාරිය බනිනවත් ඇති
නැතිව කිසි ඉස්පාසුවක්



~ බස්සි ~







මං දන්නවා කවි වලට වඩා ගොඩක් අය කැමති කතාවක් කියවන්න. මේ දවස්වල අවුරුද්ද අවසාන කාලෙ නිසා බස්සිට අර "බොරුබිසී" කියන ලෙඩේ හැදිලා ඉන්නෙ. ඒකයි කෙටි කවි පල කරන්නෙ. ඉක්මනින්ම සුපුරුදු ඇන්ඩි-කතා, පිස්සු-කතා, විද්‍යා විනෝද කතා, කට කතා, කෙටි කතා, මෝඩ කතා සහ සින්දු කතා අරගෙන එන්නම්.



තව කණගාටුදායක ආරංචියක් ලැබුනා. අපේ බ්ලොග් ලියන ගාලු කොල්ලා ගෙ අම්මා නැතිවුනා ඊයෙ දවල්. අවසන් කටයුතු හෙට හවස හතරට. වැඩි විස්තර දන්න අය ඉන්නවානම් කියන්න.




 

44 comments:

  1. බළල් පැංචො නිදා ඉන්න ගමන් හිනා වෙනව දැකල නැද්ද.. මං නම් දැකල තියනව. මං හිතන්නෙ ඒ උන් ලස්සන හීන බලනව වෙන්න ඇති. සමහර බළල්ලු සමනළයින් ලඟටම ගිහින් නෙ නැතුව ඥැහ්... ගාන්නෙ මට කැමතිද කියල අහන එක වෙන්න ඕන. :D

    ලස්සන අදහස. ලස්සන කවිය. බොරුබිසි ලෙඩේ වගෙම කම්මැලි ලෙඩේ ගොඩ දා ගන්නත් කවිය හැබෑම අවියක් තමා !! :)

    ReplyDelete
    Replies
    1. නෙ නැතුව නෙවෙයි අල්ලන්නෙ නැතුව. :)

      Delete
    2. ගාලු ගෙ මෑණියන් ට නිවන් සුව පතමි !!

      Delete
    3. අපේ ගෙදර ඉන්න සමහර බළල් පැංචො හීනෙන් මොනමොනවදෝ කතා කරන්නත් හදනව. ඇස් දෙකට පේන්නෙ කලුසුදු වර්ණ සංකලනයක් උනාට උන්ට දේදුනු පාට හීන පේනව ඇති මම හිතන්නෙ. සමනලයො පියාඹන දිහා ආදරෙන් බලන් ඉන්න බළල් පැංචොත් ඉන්නවනේ.

      Delete
  2. ගලු කොලුවගේ මවට, ඒ මව ප්‍රාර්ථනා කළ දේ ඉටුවේවා කියා පතනවා.. යන්න නම් වෙන්නේ නෑ..

    මේ කවිය නම් අති සුන්දරයි.. එහෙම සිතුවිල්ලක් ආපු එකත් මරු.. මේක කියවපු ගමන් මට මතක් උනේ බලපු හින්දි සෝ එකක්.. ඒකේ අභිෂේක් බච්චන් හා රාණි මුකර්ජී ඉන්නේ.. පට්ට සින්දුවක් තියෙනවා.. ඒකෙන් කියන්නේ අති දරුණු මිනිස්සුත්, සල්ලාලයනුත් ආදරය කිරීමේදි කිසිම වෙනසක් නෑ කියන එක..

    ReplyDelete
    Replies
    1. //අති දරුණු මිනිස්සුත්, සල්ලාලයනුත් ආදරය කිරීමේදි කිසිම වෙනසක් නෑ//
      මාතලන්ට කවියේ යටි අරුත තේරිලා. :)
      ඝන රළු ප්‍රාවරණයකට යටින් පුදුම තරම් මොළොක් හදවතක් හැංගිලා තියෙන්න පුලුවනි අපිට නොපෙනුනාට.

      මං ඉතින් හින්දි ශෝ වැඩිය බලන්නෙ නෑනෙ. අපේ "දිල් පීචං ක්‍යා හේ" අධ්‍යක්ෂක තනිතරුවා කියයි ඔන්න හින්දි ශෝ ගැන A to Z.

      Delete
  3. මොකද අප්පා බැරි. ස්තුති යි ආරංචියට....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුට්ටියෝ...!!

      Delete
  4. ඔයාටත් මාර අදහස් එන්නෙ නේද.ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හ්ම්ම්ම්.... ස්තූතියි සුදර්ශන

      Delete
  5. කස්පරයා මේකට මැරෙන්න හදන්නව. පාඩම් කරගත්තත් පාඩු නැ ලු.බස්සි අක්කේ now you have die hard fans like casper :v :D

    ReplyDelete
    Replies
    1. කැස්පරයා එහෙනම් මාත් එක්ක මලපැනලා හිටියෙ මොකෝ දල්ලෑ...
      ඊගාව පාර බළලෙක්ව උස්සලා පොළවෙ ගහන කවියක් ලියලා බලන්න ඕනේ. Then I may have to die hard. LOL

      Delete
  6. ඇත්තට බැරිත් නෑ නේද....
    අඩේ... ගාලු කොල්ලා ගේ අම්මාට නිවන් සැපම ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බැරිකමකුත් නැත.!

      Delete
  7. බස්සි..

    බොහොම ලොකු සමානකමක් දැනුන..
    කවි පේලි ටික මට හොඳටම වැදුන...

    මෙතන ලියන්න තේරෙන්නේ නැත,

    -----------------------------------

    උඹට හොඳ හැකියාවක් තියෙනවා මේ වගේ කවි ලියන්න...
    සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විභී...!!

      Delete
  8. කෙටි උනත් ලස්සනයි..අම්මප මෙහෙම දෙයක් හිතෙන්න හේතුව මොකක්ද බස්සියෙ?

    ගාලු කොලුවගෙ මවට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේෂ්!

      නිමිති වූ කාරණාව මාතලන්ගෙ කමෙන්ට් එකෙන් ටච් වෙලා තියෙනවා. //ඝන රළු ප්‍රාවරණයකට යටින් පුදුම තරම් මොළොක් හදවතක් හැංගිලා තියෙන්න පුලුවනි අපිට නොපෙනුනාට.//

      Delete
  9. ගාලු කොල්ලා ගේ මවට නිවන් සුව පතමු!!!!

    ReplyDelete
  10. ගාලු කොල්ලගේ අම්මට නිවන් සුව අත්වේවා :(

    කවිය නියමයි එල

    ReplyDelete
  11. ආදරය රසට දැණෙනවා නම්, හදවතේ පතුලම කිති කවනවා නම්..ඕනෙම කොටියෙක් ඤාව් කියනවා...ඌටත් හොරෙන්. ඇත්තටම ඌ කොටියෙක්ද කියලත් අමතක වෙනවලු.

    ගාලු අම්මේ........ඔබ සුවෙන් නිදන්න. ඉපදීම යනු මරණයේ උපතයි.

    ReplyDelete
    Replies
    1. //ඕනෙම කොටියෙක් ඤාව් කියනවා...ඌටත් හොරෙන්. ඇත්තටම ඌ කොටියෙක්ද කියලත් අමතක වෙනවලු.//

      අරූ... මේවානම් අත්දැකීම්ද මන්දා! ඒක සහතික ඇත්ත. ගොඩක් අය පිටින් පේනව වගේ ඇතුලතින් රළු නැහැ.

      Delete
  12. මේ පැත්තට ඇවිත් බ්ලොග් කියවලා ගියාට එක්සෑම් නිසා කමෙන්ටුවක් තියලා යන්නවත් බැරි තරම් "බොරු බිසි" එකක පහුගිය කාලෙ මාත් හිටියේ..ඉතින් එන්නොන දිගටම.
    ලස්සන අදහසක්.. කවියත් මරු.. ජය වේවා... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුසී....
      කමෙන්ටු නැතිවුනාට කියවලා යන එකම මට ගොඩාක් වටිනවා.

      Delete
  13. අපූරු පද ටිකක්..අපූරු සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සංචා...

      Delete
  14. රස පළතුරු බොහෝමයක කටුව තදයි.. කැතයි.. ගොරෝසුයි..

    ගාලු ගේ මවට නිවන් සුව.. වැඩි විස්තරයක් නොදන්න නිසා යන්නවත් විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. //රස පළතුරු බොහෝමයක කටුව තදයි.. කැතයි.. ගොරෝසුයි..//

      ම්ම්ම්ම්.... රඹුටන්, අන්නාසි :) yummy

      Delete
  15. බස්සි අක්කගෙ පොස්ට් එකකට දාන පළවෙනි කමෙන්ට් එක. හරිම ලස්සන පද ටිකක්. සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනා..
      සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!

      Delete
  16. අක්කගෙ නිර්මානය ඇත්තම ඇත්තක්. දරුනු නපුරු මිනිස්සුත් වෙලාවකට හරිම සංවේදියි.

    ගාලු අයියගෙ අම්මට නිවන් සුව පතමු.
    බ්ලොග් ලෝකෙ වැඩි ඇසුරක් නැති උනාට මං නිතරම කියවන බ්ලොග් එකක් ගාලු අයියගෙ බ්ලොග් එක.

    ReplyDelete
  17. යුු ගොට් අ නයිස් රිදම්.. හැක්..

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉටිම් නේ! තැන්කූ දේශෝ...

      Delete
  18. බළලට පුලුවං ලෙව් කරන්න
    ඒත් සමනලයෙට්ට නෙවී මොකද පිහාටු විතරනෙ මස් කියල ස්ට්ටක් වත් නෑ නෙව
    මීච්චියෙක්ට නං කැමති වෙයි නැත්තං ලේනියක්ට
    එපා වුණාම අතිං ගහල බඩට දාගන්නෙක විතරනෙ...
    හිහි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දිස් ඊස් නොට් අ ස්ටෝරි අබවුට් බළලාස් හන්ගර්, බට් අබවුට් රොමෑන්ස්. හිහිහි

      Delete
  19. පොරවගෙන දම් පාට ගොම්මන
    සේද අත්තටු නොරිද්දෙන ලෙස
    තුරුල්කරගෙන ඉන්නවත් ඇති
    සේදවන් * ‘සමනළයෙක්‘ * වෙනුවට 'සමනළ හිතක්' කියලා දැම්මනම් මඟදි කවිය කැඩෙන්නේ නෑ :) 

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි. ස්තූතියි නිදහස්!

      Delete
  20. ආ..බස්සි...
    කවිය ඉතිං තේරැනේ නෑ..ඒ උනාට මට හිතෙන්නේ එහම පෙම් කරන්න පලුවන් ඔය බස්සෙක් බස්සියෙකුට පෙං කෙලින්නේ

    ReplyDelete
    Replies
    1. ආ මෙන්ඩා...
      කාලෙකින් නේ. ඉයර් එන්ඩ් ටාගට් කවර් කරන්න ගිහින් බ්‍රා ලොරියකට යටවෙලාවත් හිටියද? :P

      Delete
  21. සමනලයා මල හා බළලා සේ.......
    ඤව් ඤව් ඤව් ඤව් ඤව් ඤාාාාාාාාාාාාාාාව්

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියන්න පුලුවන් නේද! :D

      Delete