අදවත් නැද්ද ඉස්පාසුවක්
නැවතිලා දොඩමළු වෙන්න වදනක් දෙකක්
මැදිරි කවුලුව අසල - ආසනේ කෙලවරක
මටත් දෙන්නට බැරිද ඉඩ ටිකක්?
ගී කියනවා තමයි අට අටහමාර ගැන
නිදහසේ කරකවා සිහින් අත්
හිතනවද මහත් ප්‍රීතියෙන් යැයි මම මෙතැන
ඔබ දුවනකොට ඔහොම කලබලෙන්
"ඩක ඩකස්" හඬ දිදී දුම් පිඹ
ඇස් කොනින් බැල්මකුදු නොම දෙමින්
පොඩි කුරුල්ලෙක් දෙන්නෙක්
කලාතුරකින් ය ලැගුම් ගන්නෙත්
ටියුෂන් ය, රිවිෂන් ය කියකිය
හදිස්සියකින් ය පියඹා යන්නෙත්
පියානෝ එක්සෑමයේ ගී
විතරමයි කටපාඩමින් මුමුණන්නෙත්
සාරි, කම්බා, ගවොම්, කලිසම්
යන්නෙම දුවන ගමනින්
එන්නෙ ඊටත් වේගෙන්
කරකවා දෙඅත් මම දිගටෝම වැයුවත්
ඉහල නොබලයි වැරදිලාවත්
මැණික් කටුවම බලයි විමසුම් බැල්මෙන්
නරක ඉරණම් කොයිතරමකට තිබුනත්
එයින් මුල්තැන ගන්නෙ කවදත්
නගරෙ හරි මැද - අමතකව ගිය
පණ ගැහෙන ඔරලෝසු කණුවක්!
කවියේ තේරුමක් හිතන්න උත්සාහ කරනවානම්, ඒ ගැන හිතෙන දේ කුරුටුගා යනවානම් මම ගොඩාක් සතුටුයි. කොහොමත්ම තේරුමක් හිතාගන්න බැරි උනොත් අද හවසට තේරුම ලියා යන්නම්කො. මොකද අඤ්ඤකොරොස් කවි ලිවීම ගැන චෝදනා බහුලයි මට.
ප.ලි.
තේරුම මැජික් තීන්තෙන් ලියා ඇත. සිලෙක්ට් කර කියවන්න.
තේරුම මැජික් තීන්තෙන් ලියා ඇත. සිලෙක්ට් කර කියවන්න.
ඔරලෝසු කණුව, මේ ඔරලෝසු කණුව තියෙන්නේ කළබල නගරයක් මැදින් වැටුන රේල්පාරක් පේන මානයේ. එයාට පේනවා ඉස්පාසුවක් නැතිව එහෙමෙහෙ දුවන සීග්‍රගාමී දුම්රිය.
//අදවත් නැද්ද ඉස්පාසුවක්
නැවතිලා දොඩමළු වෙන්න වදනක් දෙකක්
මැදිරි කවුලුව අසල - ආසනේ කෙලවරක
මටත් දෙන්නට බැරිද ඉඩ ටිකක්?//
ඔරලෝසු කණුවටත් ආසයි දුම්රියත් එක්ක වචනයක් දෙකක් නැවතිල්ලේ කතා කරන්න. නැවතිල්ලේ... ඒත් ඔරලෝසු කණුවම තමයි දුම්රියට නොනවත්වා දුවන්න ඕනෙ බව මතක් කරමින් වෙලාව කියකියා කෑ ගහන්නෙත්.
//ගී කියනවා තමයි අට අටහමාර ගැන
නිදහසේ කරකවා සිහින් අත්
හිතනවද මහත් ප්‍රීතියෙන් යැයි මම මෙතැන
ඔබ දුවනකොට ඔහොම කලබලෙන්
"ඩක ඩකස්" හඬ දිදී දුම් පිඹ
ඇස් කොනින් බැල්මකුදු නොම දෙමින්//
හිතන්නකෝ මේ ඔරලෝසු කණුව අර හැඩ දුම්රියට ආදරෙයි කියලා.
හැමෝම රේස් එකක් දුවනවා. වෙන එකක් තියා පුංචිම කුරුල්ලෝ පවා. උන්ට නිදහසේ සින්දුවක් කියන්නවත් වෙලාවක් නෑ. ගොඩක් උන්ට සිංදු මතකත් නෑ. සිංදු ඉගැන්නුවත් ඒ ඉගෙනගන්නෙත් තවත් තරඟයක් වෙනුවෙන්.
//පියානෝ එක්සෑමයේ ගී
විතරමයි කටපාඩමින් මුමුණන්නෙත්//
ඇත්තටම දැන් ඔරලෝසු කණුව අමතක වෙලා ගිහින්. යල්පැන ගිහින් කීවොත් තමයි වඩාත් නිවැරදි. තමන්ගේ කාලෙ ඉවරවුනායැයි දැනෙනකොට ගොඩක් ඔරලෝසු කණුවල වෙලාව නතර වෙනවා. මිය යනවා. ඒත් මේ ඔරලෝසු කණුව තවමත් හුස්ම ගන්නවා, වෙලාව කියනවා හැමෝටම අමතක වෙලා ගියත්.
ඔරලෝසු කණුව කියන්නේ තරුණ කාලෙදි තමන්ගේ බාල පරම්පරාව අති ධාවනකාරී ජීවන රටාවකට හුරු කරවලා අන්තිමේදි ඔවුන් ඒ වේගයෙන්ම තමන්ව පහු කරගෙන යන හැටි බලාගෙන ඉන්න, මැදි වයසේ අවසාන භාගය ගත කරන මනුස්සයෙක් වගේ.
අපිට ඔරලෝසු කණුවට නැගලා අපේ ජීවිතේ දිහා ඉහල ඉඳන් නැවතිල්ලේ එක මොහොතක් බලන්න පුලුවන්නම්. "නරකම ඉරණම" කියන මාතෘකාව හොඳින්ම තේරුම් ගන්න පුලුවන් වේවි.
ඔන්න විස්තරේත් දුන්නා. උපන්දිනේ වෙනුවෙන් කියල හිතාගන්ටකෝ...
උපන්දිනේට කවි දාන මෝඩ බස්සි.. හැක්
ReplyDeleteවිශ් කොරානම් ඒත් කමක් නෑ. මෝඩ දේශා.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteප්‍රේමදාස මහත්තයගේ ඔරලෝස කනුවක් තමයි මට නම් හිතට ආවේ. එහෙම බැලුවාම නම් සහතික ඇත්ත. එහෙම හිතිවිල්ලක් එන එක මොන තරම් සුන්දරද...?
ReplyDeleteහිහී! ඔරලෝසු කණු හැදුවේ ප්‍රේමදාස මහත්තයා නේන්නම්! :D
Deleteමට මතක වුණේ ආණමඩුවේ තියෙන ඔරලෝසු කණුව ගම්උදාවට හදපු.. පව් නේද බස්සි දැන් ඒවාට නම් අතපයත් වාරු නෑ..
Deleteකවිය ලියලා ඒකෙ තේරුම් ලියන්න අවශ්‍ය නෑ මං හිතන විදියට ,මොකද අර පාලි ගාථා වල සිංහල තේරුම අපි පොඩි කාලේ පොත් වල කියෙවුවට මේවා සංස්කෘත නෙමේ නේ බන් අමු සිංහල මොනාට තේරුම් කරන්නද? තේරුම් ගන්න බැරි අය නැවත නැවත කියවාවී..
ඔයාගේ හැම පෝස්ට් එකකම වගේ මං දකින ඔයාගේ වරදක් ඔයාගේ නිර්මානේ ගැන ඔයා සෑහීමක් නෑ ඒක මට නම් දුකක්,, එක කමෙන්ට් එකකින් මේක මෙහෙම උනානම් හොඳයි කීවම ,, ඔව් නේද කියන්න අවශ්‍ය නෑ,, මේ ලෝකේ අපි හිතන විදියට හැම දේම සිද්ද වෙන්නේ නෑ.. ( පෙර මුහුණු කතාවේ කමෙන්ට් කියවා සහ ඊට පෙර ලිපි සියල්ලට හොඳේ )
ඒ වුනාට මචං කවි කියෝලා තේරුම් ගන්න බෑ කියලා කමෙන්ට් වැටෙන එක බ්ලොග් ලෝකයේ බහුලයි. එකම කවිය බ්ලොග් එකෙයි, මුහුණු පොතෙයි දාල බලන්න ලැබෙන ප්‍රතිචාරවල වෙනස. ඒ වෙනසට හේතුව හිතා ගන්න අමාරු වුනත්, බ්ලොග් අවකාශයේ කවි වලට ලැබෙන්නෙ බොහොම අඩු තක්සේරුවක්.
Deleteඉතින් මම හිතුවා, ඒකට හේතුව වෙන්න ඇත්තෙ ඇත්තටම කමෙන්ට් වැඩිහරියක කියනවා වගේ මම ලියන ඒවා බහුතරයකට අඤ්ඤකොරොස් වීම කියලා. මොකද එෆ් බී එකේ ඉන්නෙ තෝරාගත් සුලු පිරිසක්. බ්ලොග් අවකාශය වෙනස්, කියවන අය වැඩියි. ඉතින් මම හිතන්නෙ බහුතර අදහස නියෝජනය වෙන්නේ මෙතැනදියි.
ඒ නිසා ඇත්තෙන්ම නොතේරෙන අය වෙනුවෙන්මයි තේරුම ලියන්න හිතුවේ. උපන්දිනේ දවසෙ පෝස්ට් එකක් දැම්මාමත් තේරුනේ නෑ හෝ පිස්සු වගේ කියන අදහස් පහළොවක් විතර එක පෙලට දකින්න ලැබීම පොඩ්ඩක් අවුල් නෙව.
හිනා යනවත් ඇති ඇත්තටම තේරුම් ගන්න අයටනම්. අනික ගොඩක් අයට මෝඩ පාටට පේනවත් ඇති. ඒක අවුලක් නෑ. මම ඇත්තටම කැමතියි "කවි කියවන" පිරිස වැඩි වෙනවනම්.
//ඔයාගේ හැම පෝස්ට් එකකම වගේ මං දකින ඔයාගේ වරදක් ඔයාගේ නිර්මානේ ගැන ඔයා සෑහීමක් නෑ ඒක මට නම් දුකක්//
Deleteමම බ්ලොග් ලියන්න අරන් තවම අවුරුදු දෙකක් ලැබුවෙත් නෑනෙ මචෝ. ඉතින් මගේ කිසිම නිර්මාණයකින් මම සෑහීමට පත්වෙන්නේ නැහැ. ඒ වගේම ඒක කියන්න මම මැලි වෙන්නෙත් නෑ. ඒක මට සතුටක්. :)
//එක කමෙන්ට් එකකින් මේක මෙහෙම උනානම් හොඳයි කීවම ,, ඔව් නේද කියන්න අවශ්‍ය නෑ//
ඔව් නේද? හිහිහී!
පාඨකයා අදහසක් ඉදිරිපත් කරන්නේ අවංකව නම් ඒ ගැන හිතා බලන්න මම විනාඩියක් දෙකක් වැය කරන බව ඔවුන්ට දැන්වීම හොඳයි කියලයි මම හිතන්නෙ. "ඔව් නේද" කියලා රිප්ලයි එක වැටුනම ඔවුන් කීව දේට මම බරක් තිබ්බ බව ඔවුන්ට දැනෙනව කියල මම හිතනවා.
අනික තමයි අර හැම එකේම වැරදි හොයන අය සහ චාටර් ලියවිලිවලට හොඳ කියලා හොඳ ලිපියකට අඩුපාඩු කියන අය. එයාලගේ හිතසුව පිණිසත් මම "පව් නේද?" නොකියා "ඔව් නේද?" කියනවා.
// මේ ලෝකේ අපි හිතන විදියට හැම දේම සිද්ද වෙන්නේ නෑ.//
පිස්සුද බං! හැමදේම නෙමෙයි. බොහෝ වෙලාවට කිසිම දෙයක් සිද්දවෙන්නේ නෑ. ඒකමනේ ජීවිතේ තියෙන ත්‍රිල් එක.
හප්පේ කලාතුරකින් කමෙන්ට් එකකට දිග රිප්ලයි එකක් කෙටුවා. මට ගොඩාක් දැනුනා ඔයාගෙ කමෙන්ට් එක. තැන්කූ ඔමා. ඒකෙන් පෙනුනා ඔයා මම ලියන දේ ගැන කොයිතරම් කෙයා කරනවද කියලා. මම කමෙන්ට් වලට රිප්ලයි කරන පැටර්න් එක හඳුනාගන්න තරමටම. ඒක මට ගොඩාක් වටිනව හොඳේ! :*
Deleteකෝච්චියට වගේම ඉස්පාසුවක් නැති මට මේ පැහැදිලි කිරීම හොදයි. නැත්තම් කමෙන්ට් නොදා ඉන්න වෙනව, එහෙම නැත්නම් මාසෙකට එකපාරක් විතරකමෙන්ට් එකක් දාන්ඩ පුලුවන්.
Deleteඅපේ රවී අයියගේ රිප්ලයි කමෙන්ට් ස්ටයිල් එක හි හි,,
Deleteහරි හරි . බ්ලොග් ලියන හැමෝටම මං එහෙමයි බස්සියෝ, අපි ඉතින් හොඳ ලාලුවොනේ
ඇක්චුවලි බස්සා කියන්නේ මං ආසම නැති කුරුල්ලා, උගේ මුණේ හිනාවක් නෑනේ කිසිම වෙලාවක රෑ තිස්සේ ඇහැරගෙන මොනා කරනවද ? අනිත් කුරුල්ලෝ නිදාගත්තම උන්ගේ කූඩු වලට පැනලා හොරකම් කරනවද මුන් කියලත් හිතුවා පොඩි කාලේ,, ඒත් දැන් දන්නවා ටක්කෙටම බස්සෝ කරන්නේ මොනාද කියලා :D
උඹේ ලිපි සමහරක් මට තේරෙන්නේ නෑ.එහෙම උනහම මම ආපහු ආපහු ඒවා කියවනවා.සමහරක් ඒවා ගැන මම ඇහුවෙත් එදාමයි.එතකොට ඒවා ගැන තව හොය හොයා කියවනවා.(අර හයිකු,ගෑණු ඉව වගේ ඒවා).කවිය ලියලා ඒකේ තේරුමත් දාන එක ගැනනම් තියෙන්නේ පැටලිච්ච අදහසක්.දැනුත් කියවල තේරුනේ නැති නිසා කමෙන්ට් නොකියවා 6 පාරක් කියවලා අදහසක් ගත්තා.ඒක කොටන්න එනකොට යටින් තේරුම දාලා.මම තේරුම්ගත්ත එකයි උඹ දාලා තියන එකයි එච්චර වෙනසක් නොවුන නිසා අවුලක් වුනේ නෑ.ඒත් අපි ඉස්කෝලේ යන කාලේ සාහිත්‍ය පාඩමට විචාර ලියන්න උගන්නන කොට උඹ හිතනවද අපේ ගුරුවරු බර බර වචන දදා අපිට කියල දුන්න විචාර ඇතුලේ ඇත්තටම රචකයාගේ සිතුම් පැතුම් ගැබ්වෙලා තිබ්බා කියලා?උන් ලියන කොට හීනෙන්වත් හිතන්නේ නැතුව ලියපුවා ඔය විචාරකයෝ කියනවා ඇති බං.ලියපු ඈයොත් මම හිතුවට වඩා මේක පට්ට අදහසක්නේ කියලා කටවහගන ඉන්නවත් ඇති.ඒ වගේ මොකක් හරි ලියලා උඹත් කට වහගන හිටු.
Deleteකටුසු, මගේ අදහසත් ඕකමයි. ඕක කියලා මම විවේචනය වෙලත් තියෙනවා ඉංග්‍රීසි සාහිත්‍ය ලෝලීන් අතින්. මම ඉංග්‍රීසි සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර ඇගයීම් කලා ලංකාවේ ඉන්න කාලේ විභාග දෙපාර්තමේන්තුව වෙනුවෙන්. නමුත් මමත් හිතුවෙත් අපි මහා ලොකු අර්තදැක්වීම් දුන්නට සමහරවිට නිර්මාණ හිමිකරු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති අපි දෙන සමහර පොර ටෝක් ගැන නම්.
Deleteමට පේන්නෙ කැමැත්ත අකමැත්ත විමසලා ඡන්දයක් තියන්න වෙයි වගේ නේද කම්මල්?
Deleteකසුට්ටෝ/ ඩූඩ්,
Deleteහික්ස්! ඔව් ඒකත් හැබෑව! මට මතකයි දවසක් අපේ ඉංගිරිස් ටීචර් අර ඒ ලෙවල් පොතේ තිවුන "ඩෝන්ට් ක්‍රයි ජොනී" ද මොකද්ද මන්දා සින්දුවේ ඉන්න කෙල්ල හෙන දුෂ්ඨ චපල කෙල්ලෙක් කියකියා සින්දුවේ සම්පූර්ණ අනිත් පැත්ත කියවනවා. අන්තිමට අපි ඕකට තර්කයක් දාන්න ගිහින් දණගහන්නත් උනා.
හැබැයි මටනම් ඉංගිරිස් සාහිත්‍යට හම්බුන සර් මාරයි. එයා විචාරකයෝ කියපුවත් කියලා,ඔය ඩූඩ් කියන කතාවම කියනවා (තමුසෙලාට මම මෙහෙම කියල දුන්නට කවුද දන්නෙ ඕයි අපි මේ ඉගෙනගන්න ඒවා ඕක ලියපු එකාගෙ තුන්හිතකවත් තිබුනද කියලා බ්ලා බ්ලා බ්ලාහ්!)
බඩ්ඩක් අහන්නං. මම කටවහගෙන හිටියනම් ඔයාලට "හප්පේ මේක පට්ට ගැඹුරු කවියක්නේ!" කියල හිතෙයිද?
Deleteතේරුම කිවුවම "හැපෝ මේකද මේකි මේ පටලවලා අමාරුවෙන් ලියල තියෙන්නෙ" කියලා එහෙම හිතුනද?
මොන චන්දද බස්සියේ ඕකුන් තුන් දෙනාම දවසෙ වැඩිහරියක් නිකම් ඉන්න උන්. ඒ වගේද අපි. ඔන්න ඔයාගෙ නිශේද බලය යොදල තේරුමත් එක්කම දාන්න.
Deleteචන්දවගේද පින.
Deleteපොහොසතුන්ට නෙමෙයි දෙන්න ඕන දුප්පතුන්ට.
නොතේරීමේ ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙමින් කාව්යමය රසඥතා මන්දපෝෂනයේ සිටින්නන්න්ට
( ලිවීම පොඩ්ඩක් අවුල් වගේ නේද, මට කවි විතරක් නෙමෙයි වගේ බැරි )
හැබැයි එකක් තියනව
Deleteමේව තේරිලා සම්බාව්ය විචාර ලියනව වගේද මෙලෝ හසරක් නොතේරී නිකම්ම වාචාලකමට අපි ලියන මලඉලව්වල ආතල් එක.
ඒකනිසා පිස්සන්කොටුව හොඳට ෆෝම් වුනාට පස්සෙ තේරුම පහුවෙලා දාන එකෙත් ගතියක් තියනව
තනිවුණ පරණ ඔරලෝසු කනුවක් ගැන මෙහෙම හිතෙන එකත් කොයි තරම් හොඳද? අනිත තමන්ගේ උපන්දිනේ දවසෙ අනුන් ගැන මෙහෙව් කවියක් ලියවෙන එකත් අගේ ඇති වැඩක්නෙ..
ReplyDeleteසංවේදී හිතකට විතරයි සමාජයෙන්, ජීවිතෙන් මග හැරුණු මේ වගේ කාරණා අහුවෙන්නෙ...
ගොඩාක් ස්තූතියි තරුරසී අක්කේ!!
Deleteඋපන්දිනේට ටිකක් කලින් තමා ලිවුවෙ.
හැමෝම කලබලේ ඉස්පාසුවක් නැතිව දුවනවා.. ඒ දිහා බලාගෙන ඉන්න ජන ගඟ මැද තනි උන ඔරලෝසු කණුවක් ගැන තමයි මට නම් මැවුනේ...හරිම සුන්දරයි...
ReplyDeleteබොහොම තැන්කූ වේවා පුංචි අම්මේ!! හිහී!!
Deleteඅපිට අනූවනම් කවිය තේරුමක් නැත්තේ නැහැ...... ලොකු කතාවක් හැංගිලා තියෙනවා තම්...... ඔරලෝසු කණුවක් කතා කරයි.... ඒක තමා අපේ මාතෘකාව ..... හොදද????
ReplyDeleteඑහෙම කිවුවම ඉතින් උඩුපෙල අරුත විතරයි නේද කියවෙන්නේ?
Deleteම්ම්....ඔරලෝසු කනුවක්....
ReplyDeleteහැෆි බර්ත් ඩේ බසූ අක්කා....
ඔරලෝසු කණුවක් නේන්නම්!
Deleteතැන්කූ මලයා!!
අත් ඔරලෝසුවලට ඊරිසියා කරන ඔරලෝසු කණුවක්?
ReplyDeleteHBD !!
සෑහෙන හරියට කියලා. ව්‍යංගාර්ථයෙන් කියල වගේද මන්දා!
Deleteතැන්කූ ප්‍රා!!
කලබල නගරයක් මැද හුදෙකලා උන ඔරලෝසු කණුවක් කියල තමයි හිතෙන්නේ.
ReplyDelete// මැදිරි කවුලුව අසල - ආසනේ කෙලවරක
//මටත් දෙන්නට බැරිද ඉඩ ටිකක්?
ඒත් ඒකට මේ පද දෙක ගලපන්නේ කොහොමද කියල නම් මට තේරෙන්නේ නැ.
//අද හවසට තේරුම ලියා යන්නම්කො.
මග බලාගෙන ඉන්නේ...
තේරුම දැම්මා රොමා. බලන්නකෝ...
Deleteතැන්කූ වේවා....!
Deleteහැමෝම රේස් එකක... තනිව හිතන, තනිව වැජඹෙන්න තනන ඉස්පාසුවක් නැති සතෙක්
ReplyDeleteඉලක්කෙට දුන්න කෙටි පිළිතුරක්! ලකුණු සීයෙන් අනූ හතයි ඈ!
Deleteසුබ උපන්දිනයක් ,,, අද කූඩුවේ පාටි නෑ කියලා දන්නවා
ReplyDeleteතැන්කූ වේවා ඔමා!
Deleteහ්ම්ම්ම් හ්ම්ම්ම්ම්
සුභ උපන්දිනයක් වේවා...
ReplyDeleteතැන්කූ වේවා සජ්ජා!
Deleteපරණ සිංහල චිත්‍රපටයක තියෙනවා කොල්ලෙක් කෙල්ලෙක්ට කිට්ටු වෙලා ලයින් පාර පටංගන්න වෙලාව අහනවා. කෙල්ල පෙන්නනවා ඔරලෝසු කණුව. ඔය ඔරලෝසු කණු ගොඩක් ඒවා දුවන්නෙ නැති නිසා දැන් ඒවා යොදාගන්නෙ පාරක් කියන්න වගේ දේවලට.
ReplyDeleteඔරලෝසු කණුව විතරක් නෙමෙයි, පරණ වෙලා වෙනස් නොවී තියෙන දේවල් කීපයක්ම තියෙනවා නගරවල. සිනමාශාලා, පාලම්, පොලීසිය, වතුර ටැංකි වගේ ඒවා. රේල් පාරවල් වල තියෙන ගොඩක් එව්වා හෙන පරණයි.
සුභ උපන් දිනයක් වේවා! ආයු රක්ඛංතු ආවඩා! ආයි බෝවේවා!
බොහොම ස්තූතියි මධුවෝ!!
Deleteඒ අතින් බලනකොටනම් ඔරලෝසු කණුවල වෙලාව නැවතිලා තියෙන එකේ පාඩුවත් ගෑණු ළමයින්ටමයි නේද?
කේක් කවියට ඉස්කෝතුයි.. අපරාදේ වචනෙන් වචනේ තේරුම ලියුවේ.. යකෝ එහෙකුට දෙන්නෙකුට කවි තේරෙන්නේ නෑයි කියල ඉආසර ඉඳන් මෙහෙම ලියන්න ගියානම් ලෝකේ කවියෝ නැත්තටම නැති වෙලා මෙලහකටත්.. හැක්.
ReplyDeleteඋපං දිනේට සුභ පතුම්. ජය ශ්‍රී!
අනේ උඹ සීනි කිරන්නැතුව හිටුකො. තේරුම තේරෙන් නැතිව දුක් විඳින් සුළුතරය වෙනුවෙන් මම පෙනී සිටිමි
Deleteකලා... මම හිතුවා උඹ ඔහොම කියයි කියලා.
Deleteවිශ් එකට තැන්කිව් ඈ!
කිචී.... අන්න හරි! අයිතිවාසිකම් වෙනුවෙන් නැගීසිටින්න!!
Deleteතේරුම දැමීම ගැන බලවත් විරෝධය......
ReplyDeleteආසයි මම මේ අදහසට. මිට කලින් දවසක මම මේ ගැනම ලිව්වා. ( බ්ලොග් එකේ? අපෝ නැහැ...) මේ තරම් ලියුනේ නැහැ..
තේරුම දාන්න එපා පිස්සි. එතකොට අපිත් මොට්ට වෙනවා.
උපන්දිනේද ඈ ? එහෙනම් විශ් කරන්න වෙන්නේ ඉතින් අම්මට තමයි. අම්මට දෙය්යෝ සිහිවෙච්ච දවසක් වෙච්චි! හික්... ආ ආ... සුබ උපන්දිනයක් ඈ
විශ් එකට තැන්කිව් උපයෝ!
Deleteමම දන්නවා කලින්ම ඔයා කවි තේරුම් කිරීමට එරෙහි ටීම් එකේ සාමාජිකාවක් බව. ඔන්න තේරුම කැමති අයට විතරක් බලන්න මැජික් තීන්තෙන් දැම්මා. දැන් ඔයාට පේන්නෙ නෑ. එහෙම හොඳයි නේ?
ඇත්තටම දැන් ඔරලෝසු කණු තියෙන්නේ බැනර් එල්ලන්න විතරද මන්දා?
ReplyDeleteබස්සි කවි ලියලා ඔළුව කොලොප්පන් කරනව අෆ්ෆා මේ ඔෆීස් ඉන්න වෙලාවේ.
අන්න ඒකනෙ ගලයෝ ඔපිස් කොම්පීතරෙන් බ්ලොග් කියවන්න එපාය කියන්නේ. :D :D
Deleteතේරුම දැමීම පිලිබද මගේ බලවත් ප්‍රීතිය, අකමැති එවුන්ට තේරුම නොබල ඉන්න පුලුවන්නෙ. කෝච්චි පාරක් පේන මානයේ තියන ඔරලෝසු කණුවක් මැවිල පේන්නෙම නෑ. කුරුණෑගල ඔරලෝසු කණුව බස් දිහා බලන් ඉන්න එක තමයි මතකයට ආවෙ.
ReplyDeleteසුභ උපන් දිනයක් බස්සියේ.!!!!!!!
තැන්කූ වේවා කම්මලේ! ඔන්න රාජ්ගේ නුවණැති යෝජනාවක් ක්‍රියාත්මක කරලා හැමෝගෙම හිත සුව පිණිස මැජික් තීන්තෙන් තේරුම දැම්මා.
Deleteපෙනුමෙන් නම් කාන් ඔරලෝසු කණුව වගේ...
ReplyDeleteඒ වගේම සුභ උපන් දිනයක් බස්සි අක්කේ....
හරි හරි!!
Deleteබොහොම ස්තූතියි පූසෝ...
තේරුම දැමීම පිලිබද මගේ බලවත් ප්‍රීතිය x 2
ReplyDeleteකාලෙකින් කවියක් තේරුම් ගත්තා ෆට්ට ලස්සනයි ඈ
යන්ට යන්ට! අපි දන්නවා ඔයා කවි කාලා ඉන්න ප්‍රොෆෙක් බව.
Deleteතැන්කූ මලයෝ!!
ඒකාකාරී කලබල කාරී කලහකාරී ජීවන රටාව මිනිස්සුන්ට තමන්ව අමතක කරවනවා. උදේ පාන්දර සහ හැන්දෑවට මරදාන පිටකොටුව ස්ටේෂන් ළග පන කඩං දුවන මිනිස්සු මේ ඇත්ත පෙන්නනවා. අන්තිම කවියනම් ටිකක් පැටලෙනවා බස්සි. උඹ ගොඩක් වෙලාවට සුපිරියට ලියං ඇවිත් එක පාරටම මංඤං කරල යනවනෙ යකූ
ReplyDeleteමේකනෙ කිචි අයියා... ලියාගෙන ලියාගෙන යද්දි බස්සිට කම්මැලිකම්, බඩගිනිකම් වගේ භූත දෝෂ ඇතිවෙනවා. ඉතින් ටුක් ගාලා ඉවරයක් කරලා නිකා ඉන්නවා. මටත් හිතෙනවා ලියන ඒවා ආයෙ බලලා අඤ්ඤකොරොස් අවසානයන් ටික එඩිට් පාරක් දැම්මනම් හොඳ බව.
Deleteමේ ඔරලෝසු කනුව ජීවිතයත් එක්ක ගලපපු හැටි නම් පට්ටයි. මට නම් විහිළුවටවත් ඔහොම දෙයක් නම් හිතෙන්නේ නෑ. තේරුම දැමීම පිළිබඳව මගේ සාතිශය ප්‍රීතිය.
ReplyDeleteඒ වගේම උපන්දිනයට සුභ පැතුම්.
බොහොම ස්තූතියි රොමා! සුභපැතුමත්, ඇගයුමත් දෙකම වෙනුවෙන්!
Deleteයශෝ,කවිය ගැන උඹේ පැහැදිළි කිරීම සුපිරි.හැබැයි එක නැතිනම් හොඳයි කියලා මට හිතෙන්නේ.මොකද යශෝ ලියපු කවිය ගැන යශෝම අපිට තේරුම් කරලා දෙනකොට පාඨක අපිට ඒ තුලින් නිදහසේ රස විඳින්න බාධා ඇති වෙනවා කියලා මට හිතෙනවා.ඒ වගේම ඔමාට දීලා තියෙන උත්තරේ ඇත්තකුත් නැත්තේ නැති නිසා කවියේ අදහස තේරුම් කර දීම ගැන මගේ ඒ තරම් විරෝධයක්ද නැහැ.
ReplyDeleteදැන් නම් ඉතින් තියෙන ඔරලෝසු කණු වල හතර පැත්තේ තියෙන්නේ වෙලා හතරක් නොවැ.
දැන් දාලා තියෙන විදිය හොඳයි නේද මනෝ? තැන්කූ ඈ!!
Deleteහාෆෝ වැඩිහරියක් ඔරලෝසු කණු ඇතුලතින් මියගිහින්.
මගෙ ආදර බසු කොටේ - සිපගන්නෙමි හොට ඔබේ
ReplyDeleteමේ සුන්දර උපන්දිනේ - අසිරි ගෙනෙමි ජයෙන් ජයේ !!
පුදුම රයිම් එකක්නේ කවියේ තියෙන්නේ අම්මප !
Deleteඔන්න බලාපන් බස්සියේ උඹගේ සුබපතන්නියෝ ....
මගෙ ආදර පොඩි දිලා
Deleteතුති මල් පෙති සලසලා
හොට උල් කර හාදු දිදී
නටමුද අතිනත වෙලා
නැතුව නැතුව උපයෝ,
Deleteබසු කොටේ කියන එකට මං හෙන ආසයි.
කවිය ලියල ඒකෙ තේරුමත් දැම්ම එක අපරාදෙ කියල හිතෙනව. බස්සිගේ ලිවීමේ හැකියාව ගැන ආයෙ ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. වෙනද වගේම සුපිරි.
ReplyDeleteඅපිට ට්‍රීට් නොලැබුණත් බස්සිට සුබම සුභ උපන් දිනයක් වේවා කියල විෂ් කරනවා!!! :D
ජය වේවා!!!
බොහොම තැන්කූ මනා.
Deleteදැන් තේරුම දාල තියෙන විදිය ශේප් නේද?
ඔයාගෙ බ්ලොග් එකේ දාන පළවෙනි Comment එක වෙන්න ඕනෙ මේක.
ReplyDeleteකාර්යබහුල නගරයක අසරණව සිතුවිලි ගොඩ නගන වියපත් ඔරලෝසු කණුවක්...
එහෙම හරිද මන්දා. ඒ මට හිතෙන හැටි.
සුභ උපන්දිනයක් වේවා ඔයාට.
බොහොම තැන්කූ ටිරාන් මල්ලි!
Deleteසාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!
ඩක ඩකස් කෑල්ලක් තියෙද්දී මට හිතුනා කෝච්චියක් ගෑවිලා ඇති කියලා..
ReplyDeleteහික්ස්! අඟහරුවාට කොහෙන් ගියත් කෝච්චියක් අහුවෙනවමයි නේ?
Deleteඑහෙනං හවස තේරුම් කරල දුන්නම් පස්සෙම මොනව හරි කොටන්නම්, නැත්තම් මගෙනුත් එන්නේ අඤ්ඤකොරොස් අදහසක් තමයි.
ReplyDeleteඔයා මේ කමෙන්ට් එක දානකොට මම තේරුම පබ්ලිශ් කරල තිබුනෙ.
Deleteසුභ උපන් දිනයක් වේවා !!
ReplyDeleteඩක ඩකස් කෑල්ල කියවෙනකොටම හිතුනා දුම් රියකට පෙම් බැඳි ඔරලෝසු කණුවක කවියක් කියලා.
මැවිලා පෙනුණේ පිටකොටුව විමලධර්මෙ ඉස්සරහා ඔරලෝසු කණුව. ||සාරි, කම්බා, ගවොම්, කලිසම්
යන්නෙම දුවන ගමනින්
එන්නෙ ඊටත් වේගෙන්
කරකවා දෙඅත් මම දිගටෝම වැයුවත්
ඉහල නොබලයි වැරදිලාවත්
මැණික් කටුවම බලයි විමසුම් බැල්මෙන් || කියන එකත් ඒකටම ගැලපෙනවා මේ පැත්ත ඒ තරමටම බිසි.
තේරුම දැමීම ගැන මගෙත් විරෝධය. අඤ්ඤකොරොස් භාවයෙත් පොඩි රසයක් තියෙනවා.
අන්න එහෙම තමා හොඳ කියවන්නෝ... හී!
Delete:D
ප.ලි.ය පසුබිමේ පාටින් දැම්ම නං හරි. සිලෙක්ට් කරල කියවන්න පුළුවන්. මාත් යටටම කියවගෙන ආපු නිසා හිතන්න අමතක උනා.
ReplyDeleteබොහොම ස්තූතියි රාජ්. ඒක ඉතාම සරල වගේම හරියටම ගැලපෙන විසඳුමක්!
Deleteබස්සිට සුබ උපන් දිනයක්!!!
ReplyDeleteතැන්කූ පොඩ්ඩි අක්කේ!
Deleteතේරුම නොදා හිටියනම් හරි බං..
ReplyDeleteඉන්විසිබල් ඉන්ක් වලින් දැම්මොත්?
Deleteකාටත් අමතක වෙලා ගිය අසරණ ඔරලෝසුව....
ReplyDeleteමැජික් තීන්තෙන් ලියපුවාත් කියෙව්වෙමි.
අති විශිෂ්ඨ යි බස්සි..
සුබ උපන්දිනයක් වේවා.
බොහොම ස්තූතියි විභී! ඇගැයීමටයි, සුභපැතුමටයි දෙකටම.
Deleteහොද වෙලවට තේරැම දැම්මට පස්සෙ ආවේ..
ReplyDeleteසුභ උපන් දිනයක් මචං..
බෝතලයක් දියං
තැන්කූ මෙන්ඩෝ!!
Deleteවතුර බෝතලයක්දෑ?
ඉතාමත් හරවත්, බ්ලොග් එකේ බොහෝ ලිපි ලියවා රසවින්ඳෙමි. ස්තූතියි
ReplyDeleteබොහොම ස්තූතියි! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!!
Delete