මම ඒ වෙලාවෙ හිටියෙ කුස්සියේ. තීරු කපපු කවියක් හෝද හෝද. එයා සාලෙ සෝපාව උඩ, රතු සිමෙන්ති පොළවට සමාන්තරව.
මගෙ අතේ ඉස්පිල්ලක් මුවාත තියල හදාගත්තු පිහිය. එයාගෙ අතේ ටීවී රිමෝට් එක.
එක පාරටම අකුණක් පිපිරුවා, අනපේක්ෂිතව. අතේ තිබුන ඉස්පිල්ලත් අට ඉස්බක් උඩ වීසි උනා, අනපේක්ෂිතව.
ඊගාවට පළවෙනි හුළං රැල්ල ඇවිත් ගේ වටේ කැරකෙන්න ගත්තා. දෙවෙනි හුළං රැල්ල කොන්ද නමාගෙන යතුරු හිල අස්සෙන් රිංගුවේ ගේ ඇතුලට.
“මට සීතලයි.” මං කිව්වා.
“ම්හ්!”
කොණ්ඩෙ දිග කොරියන් කොල්ලෙක් ඇඳන් උන්න ස්වෙටරය ගලවලා හා මූණක් තියෙන කොරියන් කෙල්ලෙක්ට පෙරෙව්වා. එයා උරහිස් අකුලගෙන තටු පොරවගත්තා.
තුන්වෙනි හුලං රැල්ල ආවේ වැහි ඇල්ලක් වඩාගෙන. ‘සට සට’ ගාල වහළෙට වැහි ඇට වැටෙනකොට මං වට්ටියක් අරන් එලියට පැන්නෙ හොඳ වටකුරු වැහි බිංදු ටිකක් අල්ලගන්න. පට්ට කරුවලයි. එයා කැමති නෑ තෙමි තෙමි ටෝච් එක අල්ලන්න. කකුල ලිස්සලා ගියොත් උළු වහල දිගේ පෙරළිලා බිමට පත බෑවීමේ අවදානම ඉහටත් උඩින්.
ඒ වෙලාවෙයි මට ඇහුනෙ එයාටෙල් අක්ක කියනව 'ගට් එක තියෙන යූත් එකට ඕනෙ දෙයක් කරන්න පුළුවන්ය' කියලා.
"මේ ඇහුනද? ඔයාට කරන්න බැරි දෙයක් නෑ."
"ඔව්. ඔව්."
එයා ටී වී එකට ඇස් දෙක අලෝගෙන කිව්වා.
"හැබැයි ඔහේට ගට් එක නෑ."
"ම්හ්?"
මම එක අතකින් ගට් එකයි, අනිත් අතෙන් වැහි පීල්ලයි අල්ලගෙන, වළාකුල මිරික මිරික හොඳ රවුං වැහි වෙන් කරන්න උනා.. දුකක් වගේ මොකද්දෝ එකක් දැනිල වළාකුළු රෝස පාට වෙන්න ගත්තා තමයි. ඒ උනාට වැහි එක්ක කලාමැදිරි එළි තිත් දෙකක් කලවං කරගත්තනම් තේ මේසෙට තියන්න තිබුනා. මොකද එයාගෙ ආහාරජීරණ පද්ධතියෙ 'ගට්' එක තවම කිසිම අවහිරයක් නැතුව වැඩ කරනවා.
ආපහු කුස්සියට එනකොට වට්ටිය කට මට්ටමට පිරිලා. ඇස් දෙකත් පිරිලා. හිතත් තෙතබරියං වෙලා. ඒත් මම පතුල් දෙකේ ගෑවිලා තිබ්බ මඩ තට්ටු පරෙස්සමෙන් දොරකඩ කොහු පාපිස්සෙ පිහදැම්මා. පිටත ගිනි ඇතුලට ගන්න හොඳ නැති තරමටම පිටත මඩ තට්ටු ඇතුලට ගන්නත් හොඳ නෑ.
එයා ඔළුව උස්සල බැළුවෙ ඇස් දෙක පීරිසි තරමට ලොකු කරගෙන.
“පිස්සුද ගෑනියේ වැස්සෙ තෙමෙන්නෙ?” ඒ සද්දෙට වහළෙ උළු දෙදරුංකාලා සාලෙ මැද්දට පිණි බෑවා. වැහිවලට තෙමෙනව වගේ නෙමෙයි පිණි කුඩුවලට තෙමෙන එක. මං ගස්සගෙන කුස්සියට යන්න හැරුනා.
“දිගටම ඔය ගවුම අඳින්ඩකෝ.” එයා ඇදලා පැදලා කියනවා.
ඒ කියන්නෙ තවම ඇස් පේනව! ඒකත් මදැයි.
මං පලවෙනියා {:)
ReplyDeleteස්තූතියි පළවෙනියා. ;)
Deleteකවදත් වගේ අපූරුයි.... සුළු සිද්දියක් මේ තරම් රහට ලියන්නේ කොහ්මද කියලා හිතා ගන්නත් බෑ...
ReplyDeleteඅර අන්තීම ටික මාර රොමෑන්ටික්...
එකඟයි බොස්...
Deleteතැන්කිව් බොස්!
Deleteඔව්වා ඔය අකලට හිතට කඩාවැටෙන අදහස් නෙ.
තැන්කිව් චතුරංග!
Deleteනිර්මාණශීලීත්වයේ හොඳම එක
ReplyDeleteස්තූතියි ඉයන්!!
Deleteඑයාගෙ කවි මැල්ලුමට මං කැමති නෑ... තෙම්පරාදු කළාම තමයි රහක් එන්නේ!! මං කැමතිම එයාගේ කවි බැදුමට.....
ReplyDeleteහීනි කවි පෙති බයිට් එකට ගන්නත් පුලුවන්!! බඩගින්න නිවෙන්න අනලා කන්නත් පුලුවන්!!!
දෙමළ මුහුවෙච්ච කැඩිච්ච සිංහලෙන් එයා මට කවි අනලා කවන හැටි මවලා පේනවා!! මං ආසම එයා අඳින සල්වාර් එකට!!!
අනේ උඩුවා!
Deleteවිප්ලවේ පොඩ්ඩකට බිමින් තියලා ඔයත් ලියන්නකො ඔය ලස්සන වචන දාලා කෙටිකතාවක්.
Maathalan - Priyantha HewageNovember 20, 2015 at 5:04 PM
ReplyDeleteකවදත් වගේ අපූරුයි.... සුළු සිද්දියක් මේ තරම් රහට ලියන්නේ කොහ්මද කියලා හිතා ගන්නත් බෑ...
අර අන්තීම ටික මාර රොමෑන්ටික්...
IanNovember 20, 2015 at 5:35 PM
නිර්මාණශීලීත්වයේ හොඳම එක
උඩුකුරුඤ්ඤං...
මට ගල් බෝතලයක් දිපිය වහ ටිකක් කලවන් කරලා..
මට ආතබුත...වෑල්..නට් ලූස්...පිස්සු පීකූදු
උඹට තනියම බොන්න බැහැනේ බෝතලයක්. මටත් ඔය වහ දාපු බෝතලෙන් බාගයක් දීපං...
Deleteඅනේ මචං ප්ලීස්...
නිකං ගල් ටික නාස්ති කරන්නේ මක්කටෙයි - වහ බෝතලයක් විතරක් දෙන්නං
Deleteඅපි දැන් බොන්නේ මැන්ගෝ ජූස්... විත් රොක්ස්
Deleteවිදානේ,
Deleteඋඹත් හරියට අර වෙල් විදානේ වගේ කලවැදි කතානේ බං කියන්නේ...
වහ උනත් නිකං බොන්න බැහැනේ බං, සැන්ඩි කරලනේ බොන්න වෙන්නේ...
ගල් බාගෙකට දාල ඉල්ලුවේ ඒකයි බං...
මාතේ,
උඹ කියපු ක්‍රමේට වහ බොන්න ලේසියි වගේ...
එක්කෝ කමක් නැහැ, මැන්ගෝ ජුස් ජොග්ගුවයි, රොක් බාගයයි වහ කුප්පියකුයි දීපන්...
බස්සි බයිට් එකට ආපහු මේ වගේ පෝස්ට් එකක් දීපං, වහ දාපු ගල් බාගේ බොන ගමන් හපන්නවත් බැරියැ...
මතක ඇතුව මම මලාට පස්සේ මගේ බ්ලොග් එක ළමයෙකුට දීපං...
කොට කැත නහටු බස්සියේ,
Deleteඋඹ අපි වහ බොනවයි කියල ආරංචි වෙලා මේ වගේ ඒවා ලියන එක නවත්තන්න එහෙම එපා...
මේක තේරෙන සහ කැමති එවුන් ගොඩක් ඉන්නවා කියල කමෙන්ට් බැලුවම තේරෙනවා...
උඹ දිගටම ලියපං, අපි මළාට කමක් නැහැ...
මේ මගේ අන්තිම කැමැත්ත. ඔන්න ලිඛිතවම තියෙනවා. පස්සේ ආයේ නංපචන් ගාන්න දෙයක් නැහැ. හරිය...
ලොකු
Deleteකලබල නොවි හිටපන්කෝ.. මම මැරනට පස්සේ මගේ මරනය ගැන බස්සි මේ වගේ පොස්ට් එකක් ලිව්වොත්? මගේ මිනිය ලගින් පොස්ට් එකේ ලොකු කටවුට් එකකුයි..ගල් බෝතල් ටිකකුයි වහ බැරල් එකකුයි ලැහැස්ති කරලා තියහන් අපි වගේම සම්බාව්‍යය උත්කෘෂ්ඨ දැනුම් තේරැම් තියන පොරවල් හතලිහක්වත් ගල් සමග වහ බෝයි ඒ පොස්ට් එක කියවලා..උඔ එනකොට මතක් කරලා පෙට්ටියට රා බෝතලයක් දාගෙන වරෙන් එහේදි ගහන්න..
පිල්ඩ් මාෂල්
කමක් නෑ බං මේ වගේ නවනින්ගරා විදිනවට වඩා හොදයි ගල් බොනවා..නෑ.නෑ..වැරදුනා වහ බොනවා එක්කෝ දෙක කලවං කරලා බොනවා.
මාතයියන්ඩි
මැන්ගෝ ජූස්... විත් රොක්ස්//
අපිත් ආසයි මුහුදු වෙරලේ ඡිවත් වෙන්න...ඒත් අපිට කොයින්ද බුල් බල්ලෝ..
වැටේ සුදා මුල්ල පටස්, ඇති හිටියා කුරැම්මා කලවං කරලා ගත්තාම මල් හතයි
බස්සි
ලොකුගේ බ්ලොග් එක ළමයෙකුට දිලා මගේ කමෙන්ට් ටික චාමරට දිපන්..හැමෙනෙනවා..අකුලෝලම පල..
මේ ඉහත කමෙන්ටු සියල්ලම ආතල් එකට ලියපුවා..තරහා මරහා ඔට්ටු නෑ..
/ලොකුගේ බ්ලොග් එක ළමයෙකුට දිලා මගේ කමෙන්ට් ටික චාමරට දිපන්/
Deleteඅඩෝ මෙන්ඩා මටනං බොගේ කොමෙන්ට් ටික ඕන නෑ....
අනේ මන්දා අප්පා. :P :P
Deleteබස්සි උඔ තරහින්ද?
Deleteඅපෝ නෑ යකූ. බිසියෙන් :P
Deleteකියන්න වදන් නෑ බොලව්.. මනරම්..
ReplyDeleteජ ය වේ ව ා!!!
මේව්වා කියවන අපි උඩුකුරුඤ්ඤං
මනරම්..?
Deleteමාලු විකුනපු ඇන්ටන් අයියාගේ මල්ලි මනරම්..එල කොල්ලා
කියන්න වදන් නෑ බොලව්//
තේරෙන්න එපැයි වදන් දෙන්න..
තැන්කිව් විදානේ!
Deleteකියන්න දන්නෙ මෙච්චරයි... සුපිරියි...!
ReplyDeleteබොහොම ස්තූතියි රොහාන්!
Deleteසුපිරි.......... ලස්සනයි බස්සි අක්කේ..........
ReplyDeleteතැන්කිව් ආර්යන් මල්ලෝ
Deleteනඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ
ReplyDeleteඅකලට ආ වැහි කෝඩෙට මොට ද තෙමෙන්නේ
වැහි බීරිම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ
ගෙදර අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ
වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ
කිරට හඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
පමා නොවී මම යන්නම් තරහ නොගන්නේ
ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - පණ්ඩිත් අමරදේව
ගායනය - වික්ටර් රත්නායක සමඟ විශාරද නීලා වික්‍රමසිංහ
පුංචි කාලයේ ඉඳන් ආසාවෙන් අහපු සින්දුවක්!
Delete...//“මට සීතලයි.” මං කිව්ව//...
ReplyDelete.
...//ඒ කියන්නෙ තවම ඇස් පේනව! ඒකත් මදැයි//...
අනෝරා වැස්ස වෙලාවේ මදැ ඔය තරමටවත් අවධානයක් ලැබුන එක.
නියමයි මචෝ.....
තැන්කිව් මනෝ!!!
Deleteඑක කුඩයක් යට ගෑවි නොගෑවී
ReplyDeleteදවසක් හැන්දෑවේ....
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....
තැන්කිව් අම්බලම්ගොඩ!!!
Deleteඔක්කොමත් හොඳයි.. ඒත්,,, ඇයි බස්සියේ (මෙහි බස්සියේ යන පදය යකින්නියේ යන අරුතට සමාන බව සලකන්න) කොරියන් කෑල්ලක් එබුවේ??
ReplyDeleteඇයි අපිට අනන්තයෙන් ආ තරු කුමාරයො දකින්ඩ නරකද ඈ? :P
Deleteබස්සි නඟා හරිය.
ReplyDeleteහාමිනාගෙ ඇදුම් පැළඳුම් අගේ නොකිරීම,
හාමිනා කුස්සියෙ සිටින කාලය තුල වරින් වර කුස්සියට වාර්ථා නොකිරීම,
හාමිනා ෆුල් සීරියල් ටෝකක් දෙන විට කම්පීතරයට හෝ ටීවී එකට ඔළුව ඔබාගෙන ඔව්-නෑ-බෑ උත්තර ලබා දීම .
ඇනිවසරි , උපන් දින අමතක කිරීම (කසාද බැන්දාට පසු) ආදිය
සුවාමි පුරුෂයෙකුට කළ හැකි බරපතල ගනයට වැටෙන ඇප නැතුවම දැඩි දඩුවම් ලැබිය හැකි වරදවල්මය.
මුල් කාලෙ චීනා ද ඔව්වා කොරලා දඬුවම් විඳලා තියෙනවාය. ඒත් බස්සියෙ බය වෙන්ඩ එපාය. ඔව්වා පහුවෙනකොට හරියනවාය. ඔහොම වෙන්නෙ ආලවන්ත කොමක් පපුකැනැත්තෙ නැති හින්දා නෙවීය. සමහර වෙලාවට ඔරොප්පු කොරන්ඩ හිතලම කොරනවාය. සමහර වෙලාවට මුල් කාලෙ ගෑනු හිත තේරුම් ගන්ඩ බැරිකමය.
කොහොම වුනත් " මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එලියයි " කියලා ඇන්ටන් වොන් ලිවෙන් හුක් සාපේෂතාවාදයෙ කියල තියෙනවලු . ඒ හින්දා වැස්ස මෝඩයි කියලා හිතන්ඩ එපාය. ඔය වැස්සෙ සුන්දර බව හරියටම තේරෙන්ඩ තව අවුරුදු පහක්වත් ගතවෙන්ඩ ඕනෑය.
ලියවිල්ල එලය.
මේ ලිව්වේ සත්‍ය සිද්ධියක්නම් නෙමේය. මෙව්වාට ප්‍රබන්ධ කියලාත් කියනවාය.
Deleteඒ කෙසේ වෙතත් ඔයාගේ මුල් ඡේදයේ අර නඩුවැටෙන හේතු කතාවටනම් බස්සිත් ඉන්තේරුවෙම්ම එකඟය.
රිප්ලයි පමා වූ එකට සොරි ය.
ඔය තරමට හරි ඇස් පේනව කියන එකත් ලොකු දෙයක් තමයි. " අහ්, ඕක ඔයාගෙ ගවුමක්ද" වගේ එකක් අහන්නෙ නැතුව
ReplyDeleteඅන්න එහෙම ඇහුවොත් තමයි ලෝක විනාසෙ ලයිව් බලාගන්න පුලුවන් වෙන්නෙ, නැද්ද සිඳු අක්කෙ?
DeleteBassiyoo
ReplyDeleteThis is another super beautiful short story.
It gave me a mixed memories about my mother and my "Loving partner".(long time ago -I called her as "Yo my life partner")
They both had same situations like those during heavy rainy days.
I mean.....kept in Hatti-Mutti in different places in the house to collect rain water.
Sinhala tile roofs are the worst.
More and more leaking through SinhalaTile roofing than RataUlu roof.
They did everything to run the middle class family. Husbands poor salary and naughty/hungry children made their lives more stronger
Keep on writing my dear Bassiyoo.
You are writing our life story with your pen....
===Adrian Channa from Toronto====
Thanks a lot Adrian. I'm so happy to know that u guys enjoy my stories.
DeleteYes this is a typical Sri Lankan story, with a touch of magical realism.
Bassiyoo
ReplyDeleteThis is another super beautiful short story.
It gave me a mixed memories about my mother and my "Loving partner".(long time ago -I called her as "Yo my life partner")
They both had same situations like those during heavy rainy days.
I mean.....kept in Hatti-Mutti in different places in the house to collect rain water.
Sinhala tile roofs are the worst.
More and more leaking through SinhalaTile roofing than RataUlu roof.
They did everything to run the middle class family. Husbands poor salary and naughty/hungry children made their lives more stronger
Keep on writing my dear Bassiyoo.
You are writing our life story with your pen....
===Adrian Channa from Toronto====
සුපර්බ්...
ReplyDeleteඒ ටික ඇතිද මංද... ඒත් වෙන මොනව කියන්නද.. පට්ටයි කියනවට වැඩිය
ජයවේවා
බොහොම ස්තූතියි මහියා!
Deleteඇති යන්තන් වැස්ස නිසාවත් බස්සිට කවි නැතුව කතාවක් දාන්න හිතුනා ..... බැඳලා තාම ටික දවසයි නේද ... කොමද මෙච්චර ඉක්මනට බස්සා ඔච්චර පොට්ට උනේ ..... හි හි හි
ReplyDeleteවැස්ස නිසාවත්!
Deleteඅනේ මන්දා, පහුගිය ටිකේම මම ලිව්වනෙ කෙටිකතා.
සත්‍ය කතාවක් නෙමෙයි මැලේ.
අද, ඔව් මේ අද මාතයයි මායි උඹ ගැන කතාවුණා. මේ අදහස් එන්නෙ මේ ලෝකෙ කොහෙන්වත් නෙමේ. පිටසක්වලින්!
ReplyDeleteඅප්පා, මධුවා මාතලන් බ්ලොගේ දාපු කෙටිකතාවකුයි පින්තූරෙකුයි දැකලා 'සටස්' ගාල සනීප උනා කියල ආරංචියක් ආවා. තැන්කූ හොඳේ! මේ මට බුකියෙන් උඹේ ඊ මේල් ඇඩ්ඩස් එකක් තියේනම් එවහං ඈ.
Deleteඅද, ඔව් මේ අද මාතයයි මායි උඹ ගැන කතාවුණා. මේ අදහස් එන්නෙ මේ ලෝකෙ කොහෙන්වත් නෙමේ. පිටසක්වලින්!
ReplyDeleteරෑ අහසේ වලාකුළු රෝසපාටද බස්සියේ? බස්සාව මටක්කොලා කියාපන් කෙල්ලේ
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
බස්සිගේ විස්මලන්තයේ වැහිවළාකුළු රෝස පාටයිනේ
Deleteනියමයි බස්සි.. සුපිරි ලිවිල්ල..
ReplyDeleteබොහොම ස්තූතියි යාළු!
Deleteහරිම නිර්මාණාත්මක ලියවිල්ලක්. පරිකල්පනය මාරයි.
ReplyDeleteබොහොම ස්තූතියි ඔයාට!
Deleteඑළ එළ... උඹේ ඉස්ටයිල් එක මට තේරෙන්නේ නෑ බං. මගෙ පරිකල්පනයේ අවුලක්...
ReplyDeleteඑහෙම කියන්න එපා සජ්ජෝ, මගෙ ලියවිල්ලෙ අවුලක්ද දන්නෙත් නෑනෙ.
Deleteසුපිරි අක්කේ
ReplyDeleteතැන්කිව් මලයා!
Deleteඇස් පේන කන් ඇහෙන කාලෙක ඉඳලා අපගමනය වෙද්දී ... ඔය ටික හොඳටම ඇති ...
ReplyDeleteපේන ඇස් වලට අගය කිරීමක් ඕන නැද්ද?
එකඟයි එකඟයි. ඕනෑ නේන්නම්!
Deleteඕව ගණන් ගන්න එපා බස්සියේ. ඔහොම තමයි පවුල් ජීවිතේ. හැබැයි ලස්සනට ලියල තියෙනවා.
ReplyDeleteබොහොම ස්තූතියි දසත සැරිසර! :)
Deleteමම නම් කැමති මාව කුස්සියේ තනි කරන්නේ නැතිව එයාත් මා ළගට වෙලා ඉන්නවානම්...මොනවත් උදවුවක් ඕන නෑ..නිකන් චැට් එකක් දාගෙන හිටියම ඇති.අඩුතරමින් මට ආදරෙයි කියලා දැනෙන්නවත්.....
ReplyDeleteඇත්තටම මම කැමති ඔයා ලියන විදිහට..ඒ ශෛලියෙ පොඩි උපහාසයක් තියෙනවා..දුකකුත් තියෙනවා ..ඉස්තරම් ..!.මගෙ සුබපැතුම් බස්සි අක්කා.
හරි හරි නහයෙන් අඩන්නෙ නැතුව ඉන්නවා..මම කුස්සියට වෙලා ඉන්නම්..ඔවා රටේ ලොකේ මිනිස්සුන්ට කියන්න ඔනේද?
Deleteබොහොම ස්තූතියි අනුත්තරා.
Deleteමම කැමති දුක කතාවක් උනත් හිනාවෙවී කියන්න.
බස්සා නම් ඉතින් උයනකම් කුස්සියට වෙලා තනියට ඉන්නවා විතරක් නෙමෙයි උදවුත් කරනවා. මේක සත්‍ය කතාවක් නෙමෙයි ඉතින්.
හෑ ...අයියා මොකාටද එන්න හදන්නේ....?
ReplyDeleteඑනපොට හොඳ නෑ කෙල්ල ගෙට ගං කිව්වලු. ඔය මෙන්ඩා සුවර් නෑ. :P
Deleteහෑ ...අයියා මොකාටද එන්න හදන්නේ....?
ReplyDeleteමරි මෝඩ//
ReplyDelete"මරි" තේරුම කුමක්ද?
Utterly stupid වගේ
Deleteමරි = utter/ utterly. OK. Thanks
DeleteWould you be kind enough to explain the origins of මරි, as well?
වැහි බිඳක හීතල - නුඹම හොරා ගෙන
ReplyDeleteකළා උණුසුම් - මටත් නොකියම
නුඹේ උණුහුම - මටම විතරද
වැස්සේ හීතල - අනේ මොකටද
නොතෙමිත් තෙමෙණ හැටි උඹ - තෙමි තෙමී දකින විට මම
මං හොයන හීතල - උඹම හොරා ගෙන
හීතල මුසු උඹේ උණුහුම - උතුරා ගලන සඳ
ලොවම අමතකව - මම උඹේ ළඟ
ලස්සනයි සොමියෝ!!
Deleteනියමයි බං..ඇත්තටම එච්චරවත් ඇස් පේන එකම මදෑ..;)
ReplyDeleteඅඩේ! මෙන්න තනියා බ්ලොග්වලට ඇවිත් කාලෙකින්!
Deleteඔව් බන්, ඔච්චරවත් පේන එක ගැන ප්‍රසංසා කලයුතුයි නේ?