Wednesday, April 8, 2015

කඟවේණ්නුන් සහ ප්‍රීතියේ පරම කෝටිය (The joy of Unicorns)





මේක බොහෝම වැදගත් රහසක්. බොහෝම දෙනෙක් දන්න, ඒත් නොදන්නවා වගේ ඉන්න රහසක්. අහගන්න ඕනෙ කෙලිත්තියො ඉන්නවනම් ඔය කනේ ගහගෙන ඉන්න අයිපෑඩ් වයර් පැත්තකට විසි කරලා හත් අට පොලකින් ඈඳි ගන්න.


මධ්‍යතන යුගයේ, ඒ කියන්නෙ ඉස්සරම ඉස්සර කාලෙටත් ටිකක් ඉස්සරකාලෙ කඟවේන්නු දඩයම බොහොම ජයට සිද්ද උනා. ඒක නිකම් බෝවෙන ලෙඩක් වගේ හැමතැනම පැතිරිලා තිබුනේ. ඒ තරමටම මදි නොකියන්න කඟවේන්නුත් උන්නා. හැබැයි ඒකෙදි වැදගත් වුනේ කඟවේන්නුන්ට පාවිච්චි කරන ඇම.


ඇමට චීස් කෑලි? හෙහ්! 

කඟවේන්නු ගැන දන්නවයැ දැන් හැදෙන එවුන්!


ඇමට යොදාගන්නේ කන්‍යාවියක්. කඟවේනා මතුවෙනකම් ඈ ඉඳගෙන ඉන්නවා  කැලෑව අද්දර. ඔන්න එකපාරම ඇහෙනවා කොළ අතු හෙලවෙන සද්දෙ. ඉන් පස්සෙ මතුවෙන්නෙ රෝස පාට අඟක්. කඟවේනා හෙමින් හෙමින් කිට්ටු වෙලා කන්‍යාවිගෙ උකුළ උඩින් ඔළුව තියාගෙන ඇස් පියා ගන්නව. ආං එතකොටයි හැංගිලා උන්නු දඩයක්කාරයො එකා දෙන්නා මතුවෙන්න පටන් ගන්නෙ.


දැන් කාලෙ ඇම හොයන එකත් ලේසි නෑ. ඉතින් ඔය සුපර් මාකට්වල තියෙන කඟවේන මස් එන්නේ කඟවේන් ෆාම් වලින්. නවසීලන්තෙ තියෙන හෙක්ටයාර ගණනාවක් විසාල ගොවිබිම්වල වැඩෙන මේ කඟවේන්නු මිතුරු කන්‍යාවියො නැතුව පුදුමාකාර පාලුවකින් ඉන්නෙ. ඉතින් දවසෙ වැඩි වෙලාවක් උන් මිතුරු කන්‍යාවියන්ට වැදගත් සැම්පලේට මස්කාරා ගාන හැටි උගන්වන විදිය ගැන මනමැවි හීනවල සැරිසරමින් ඉන්නවා. පව්!


ඇත්තටම ඔය බිස්නස්කාරයො තමයි කාන්තා සංවිධානවල ඇත්තියන්ට තර්ජනය කරලා මේ රහස දැන් හැදෙන කෙලිත්තියන්ගෙන් වසං කරල තියෙන්නෙ. ඇයි? අර පාළු ගොවිබිම්වල හිරවුනු කඟවේන්නුන්ගෙ එකම ගැලවුම්කාරයො තමයි කන්‍යාවියො.


බඩවැල් ඇබරිලා, හදවත කුඩුවෙලා, උණ්ඩුකපුච්ඡය කිලිපොලා යන ඛේදාන්තය තමයි බොහොමයක් කෙලිත්තියන්ට ජීවිත කාලයටම කඟවේණුන්ගේ පුරුපුරුවක් අහන්න නොලැබෙන එක. (කඟවේන්නුන්ගේ පුරුපුරුව ඇහෙන්නේ සබන් පෙණ පුරවාපු නාන තටාකයක් ඇතුලෙ ඉඳන් පොමනේරියන් බලු පැටව් දාහත් දෙනෙක් හිනාවෙන සද්දෙ වගේමයි.) 


ඒ විතරක්යැ, කඟවේන්නු කවදාවත්ම මොලේ කරවෙච්ච ආදරවන්තයෙක් වගේ ඔයාව “පාවිච්චි” කරන්නෙ නෑ. හැබැයි කඟවේන්නු කැමතියි චිත්‍රපටි බලන්න, ඒ විතරක් නෙමෙයි, පොප්කෝන් සහ ලෙමන් සෝඩා වලටත්!





චිත්‍රපටිය ඉවර වුන වහාම කඟවේන්නුනම් කරන්නෙ සුබරැයක් පතලා ඉක්මනටම පිටත්වෙන එක.  පාළු දැනුනට ඒ නික්මයෑම වටිනවා. මොකද එයා යන්නෙ රෑට ඔයාගෙ කාමරේට ඇතුල්වෙන්න බලාගෙන ඉන්න දුස්-ස්වප්න හප කරල දාන්න.


ඔව්. මම මේ දේවල් දන්නෙ අත්දැකීමෙන්, මොකද දැනට හරියටම අවුරුදු තුන්සිය පනස් දෙකකට කලින් මටත් උන්නා මිතුරු කඟවේණෙක්. අපි තවමත් මුණගැහෙනව දෙසැම්බර් නිවාඩුවටයි, පාස්කු දවසටයි. ඒත් මම දැන් බැඳපු ගෑනියෙක්. කඟවේන්නු කොහොමත් බැඳපු ගෑණු එක්ක වැඩි ඇඟෑලුම්කමක් නෑ.


මම දන්නවා දැන් ඔය කෙලිත්ති කල්පනා කරන්නෙ; “ඔය කියන්නෙ ඇත්තනම් මම මීට කලින් කඟවේනෙක් නොදැක්කෙ කොහොමද?” කියන එක. හොඳ ප්‍රශ්ණයක්! බොහෝම තියුණු නුවණක් තියන ගෑණු ළමයෙක්. මම ප්‍රාර්ථනා කරනව දෙවියො ඔයා වෙනුවෙන් මොළේ තියෙන ස්වාමිපුරුෂයෙක් මවල දේවි කියල!


මිනිස්සුන්ගෙ මොළ හේදිලා ගිහින්. ඒක තමයි හේතුව. ඉතින් කඟවේණ්නු උනත් හිතනවා සුරංගනා කථා ඇතුලට වෙලාම ජීවිතේ ගෙවන එක දාහෙන් සම්පතක් කියලා. අන්න ඒකයි ලේඩි ගාගා කඟවේනෙක්ගෙ පිටේ නැගලා වේදිකාවට පනින හැටි අපිට දැකගන්න බැරි උනේ. හෙහ්! උන්දැට දළ-තල්මහෙක් එක්ක ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකක් බොන්නවත් වාසනාව තිබුනොත් පුදුමයක්!


අසීමාන්තික ආසාවක් නිසා දැනටමත් කඟවේන්නු දැකගන්න බැරිවෙන තත්වෙට පත්වෙච්ච නිසා වෙන්න ඕනෙ ඔය මූණු නාලු වෙලා තියෙන්නෙ. දුක් වෙන්න කාරි නෑ. කඟවේන්නු කියන්නෙ සමාව දෙන හොඳ සත්තු – මං කියන්නේ, යම් තාක් දුරට. 





ආදරවන්තයො හතරදෙනෙක්ට අඩුවෙන් ආශ්‍රය කරපු ඕනෙම ගෑල්ලමයෙක්, තමන්ව ආයෙමත් කන්‍යාවියක් කරන්නෙයි කියලා උනන්දුවෙන් දෙවියන්ට යාඥා කරලා පිවිතුරු බවේ ප්‍රතිඥාවක් දුන්නොත්, කඟවේනෙක්ව හුරතල් කරන්න හැකියාවක් නොලැබුනත්, ඔයාට කඟවේනෙක්ගෙන් ෆේස්බුක් රික්වෙස්ට් එකක් එන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ආදරවන්තයෝ ගණන හතරකට වැඩිනම්, බොහොම අවංකව පිවිතුරු බවේ ප්‍රතිඥාව පිළිපැද්දොත් ඔයාට යාන්තම් කඟවේනෙක්ට ඈත ඉඳන් අතවනන්න පුලුවන් වෙයි. සමහරවිට තියුණු කඟවේන අඟ පහත් කිරීමෙන් ආචාර කරනවත් දැකගන්න ලැබෙයි. 


අසාධාරණයි!? ඒඩ්ස් හරි සිපිලිස් හරි හදාගන්නවට වඩා කඟවේනෙක් අතවනලාවත් යන එක දාහෙන් සම්පතක් නෙමේද??? 


කඟවේන්නුන්ගෙන් සමාවක් ලැබුනේම නැතත් දුක් වෙන්න එපා. සමහරවිට වෘෂභමිනිහා ඔයාගෙ තනියට එන්න පුලුවන්. ඔළුව දෙපැත්තෙ විසාල අං දෙකක් තිබුනට එයා බොහොම හොඳ සවන් දෙන්නෙක්. එකම දේ එයා ගව ඔළුවෙන් තණකොළ අඹරන සද්දෙට වඩා හයියෙන් කෑගහමින් කතාකරන්න සිද්දවෙන එකයි. ඒත් මට හොඳටම විශ්වාසයි ඔයා ටික කාලෙකින් ඒකට පුරුදු වෙන බව. 


වෘෂභමිනිහා (Minotaur)


ඉතින් කෙල්ලනේ, ඊළඟ වතාවෙ කෑදර ආදරවන්තයෙක්ගෙන් “ප්‍රීතියේ පරම කෝටිය ස්පර්ශ කරන්න” ආරාධනාවක් ලැබෙනකොට, කෙලින්ම කියන්න, තමන්ට ‘හාන්සි’  වෙන්න උවමනාවක් නැති වග. ඒ වගේම ‘කාන්සි’ය මකන කඟවේණෙක් කෑදර ආදරවන්තයෙක්ට වඩා බොහොම වටින බව.


අමතක කරන්න එපා ආදරවන්තය එක්ක ඇතිවෙච්ච කතාබහ කඟවේනත් එක්ක කියන්න. කඟවේණ්නු බොහොම කැමතියි විහිළු කතා අහන්න. දන්නවද? කඟවේනෙක් හිනාවෙන හැම වතාවකම සුරංගනාවියක් තමන්ගෙ මංගල රාත්‍රියෙදි ප්‍රීතියේ පරම කෝටිය ස්පර්ශ කරනවා. ඉතින් විය යුතු පරිද්දෙන්ම මාස නමයකින් පුංචි දේදුන්නක් ඉපදෙනවා.




ප.ලි.


මේක මගේ නිර්මාණයක් නෙමෙයි. Frank Lesser ලියාපු Sad Monsters කියන පොතේ එන The joy of unicorns පරිච්ඡේදය සිංහලට අනුවාදය කල එක තමයි මම කලේ. මුල් ලිපිය හොයා දුන්නු ප්‍රා-ජේ ට බොහොම ස්තූතියි. 




ප.ප.ලි.


අනේ බස්සිට මේ පොත උපන්දින තෑග්ග විදියට ලැබෙනවානම්.....



තවත් කඟවේන ලිපියක් :

රයිනෝසිරස්ලා කියන්නෙ පොළවට කඩා වැටිච්ච කඟවේන්නු වෙන්න බැරිද??






121 comments:

  1. Replies
    1. මේක ප්‍රබන්ධයක් කියලා රැවටුණා... ඊට පස්සේ මේක බස්සි ලියපු ප්‍රබන්ධයක් කියලා ආයෙමත් රැවටුනා.

      Delete
    2. ප්‍රබන්ධය අවුල්ද නැද්ද කියලාවත් කියල නෑ. :/

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  2. උඹගේ මේ මළ ඉලව් කියෙව්වම පිස්සු හැදෙනවා... මට නිකන් හොල්මන්ද පොල් කොළ වගේ උනා

    ///ඔව්. මම මේ දේවල් දන්නෙ අත්දැකීමෙන්, මොකද දැනට හරියටම අවුරුදු තුන්සිය පනස් දෙකකට කලින් මටත් උන්නා මිතුරු කඟවේණෙක්. ///
    සම්පුර්ණ කතාවෙන්ම මෙන්න මේ කොටසනම් ඇත්ත කියල තේරුණා...

    ReplyDelete
    Replies
    1. හී! ඔය උපුටනය මුල් ලිපියේ නෑ. ඒ වෙනුවට එයා කියන්නෙ එයා ගිය සමර් කෑම්ප් එකේ උපදේශක එක්ක යාලු වුනාට පස්සෙ කඟවේණා වැඩිය කතා කරන්නෙ නෑ කියලයි.

      Delete
  3. Frank Lesser looks lesser to 'Bassi' :) ඉංග්‍රීසි ලියුමත් කියෙව්වා.. බොරු පුරාජේරුවකට කියනව නෙවෙයි කෙල්ලේ උඹ ඒකේ කියල තියෙන කතාව ඊට වඩා ලස්සනට ව්‍යංගයෙන් කියල තියෙනවා.. මේක පිරිමියෙක් ට්‍රාන්ස්ලේට් කරානම් සමහරවිට 18+ වෙන්න තිබ්බා.. හැක්.

    අපරාදේ.. මේක පෙබරවාරි 14 වගේ දවසක දාන්න තිබ්බ. ඒත් මාතෘකාව කවදාවත් පරණ වෙන්නේ නෑනේ. ඔන්න කන්‍යාවියනේ.. මතක තියා ගනිල්ලා.. මධු සමය මධුර මනෝහර වෙන්න හදිස්සි නොවී මධු ඉතුරු කර ගනිල්ලා. උපදෙස් බස්සීගෙනි. මගෙන් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු....දැන් කන්‍යාවියෝ ටික ඇවිත් කියයි උඹට "අනේ මම කන්‍යාවියක් අයියා" (රුක්මණී ස්ටයිල් එකෙන් )කියලා.

      Delete
    2. අඩෝ කසුට්ටා අපේ රුක්මනී අක්කට අපහාස කරන්න එපා හරිය..හ්ම්ම් හ්ම්ම් උඹත් දැන් අර පිචෑර් එකේ පෙර පුහුණුවීම් කරනවද මන්දා..:P :P

      Delete
    3. බොහොම ස්තූතියි කලා!!

      ඇත්තටම ඒ ලේඛකයා මාරයි. දැන් හිතෙනවා මට කොයිතරම් අපූරු පොත් මගහැරිලද කියලා.

      ඔව්. 18+ නොකර ලියන්න සෑහෙන්න කල්පනා කරන්න වුනා සමහර තැන්වලදි. ඒත් මටම හරියන කතාවක් නිසා විනාඩි හතලිස්පහකින් විතර (වෙනත් වැඩක් කරමින් ඉන්න අතරේම.) චට පට ගාලා ට්‍රාන්ස්ලේට් කලා. මුලින් හිතුවෙ රහ නැතුවැති කියලා. මේ කමෙන්ට් දැක්කම ගොඩක් සතුටුයි.

      Delete
    4. කසුට්ටා :
      ඇහ්? උඹත් කන්‍යාවියෙක් ද? :P

      Delete
    5. නැතුව නැතුව! කසුට්ටට ලෝබ නැතුව ඔය ෆිලුමෙ ඇතාගෙ චරිතෙ දෙන්න හොඳද තනියෝ?

      Delete
    6. කසුට්ටා මස් මාලු නොකන එළවලු විතරක් කන නිසා ඉංග්‍රිසියෙන් කසුට්ටත් කන්‍යාවියක්

      Delete
  4. ඔහෝ... කැලෑව අද්දරට ගිහින් වාඩිවෙලා ඉන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ව්‍යංගයෙන් කීමක්. හිහී!

      Delete
  5. මම
    කෑදර කඟවේනෙක්!
    <3

    ReplyDelete
    Replies
    1. ඔයා දේශාට කෝල් එකක් දීල බලන්න මෙයා .. හික්ස්

      Delete
    2. දේශාගේ රෙදි ගැලවුන වගයි!!

      Delete
  6. මම
    කෑදර කඟවේනෙක්!
    <3

    ReplyDelete
    Replies
    1. නෑ ඔයා රොක්ස්ටයිල් ඤාව් ගී හඬගාන, කෝපි ලොරියක් අයිති පූසෙක්!
      <3

      Delete
  7. මාත් ආස කරා කගවේනෙක්ට හාදුවක් දෙන්න.. හාදුවක් දෙන්න විතරක්ම.. ඒත් කගවේනා මාව අරන් අහසේ අර ඈත පේන උසම උසම උසම උසින් තියෙන වළාකුලක් උඩට ගෙනිහින් තියලා නින්ද යනකල්ම අත කැපෙන්නේ නැතිවෙන්න කපාගත්ත පපායා තීරුවක් වගේ තිවුණු හඳ නොපෙනිලා යනකල්ම සුරංගනා කතා කිවුවා.. මං තාමත් නිදි ,,,ඒ හීනෙන් මං ඇහැරෙන්නේ නෑ මයි....

    ReplyDelete
    Replies
    1. ඔමාගේ හීන! නේ?
      මේ ලස්සන කමෙන්ට් එක ඔයාගෙ බ්ලොගේ විජට් එකක දැම්මොත් නරකද ඔමා? ඒක බ්ලොග් ටයිටලේටත් ගැලපෙනවා.

      Delete
    2. මං රාජ කුමාරියක් කිවුවා ඇති නේද බස්සු,, ඔයා මේක ටිකක් මොඩිෆයි කරලා දෙන්න

      Delete
    3. ඒ රාජකුමාරියක් කතාව ටැග් ලයින් එකනෙ. මම කීවෙ නිකම් ඉමේජ් විජට් එකක් හරි ටෙක්ස්ට් එකක් හරි දාන්න මේකත්....

      ටැග්ලයින් එක වෙනස් කරන්න එපා. ඔයාගෙ බ්ලොග් එකත් එක්ක අපේ මතකයේ රැඳිලා තියෙන දෙයක්නෙ ඒ වචන ටික.

      Delete
    4. හ්ම්ම් උම්මා බස්සු (අසම්මත යි කියයි අපේ සෙට් එක )

      Delete
  8. ඔය තරම් කඟ වෙනා හොඳයි කියලා කෙලි පොඩිත්තියෝන්ට් හිතෙන්නේ , උගේ අඟ ඔලුවේ තියෙන නිසා , බැරිවෙලාවත් මිනිස්සුන්ට් වගේ .......... එක්කෝ ඕන නෑ . මම මොකටද සියලුම රහස් සතුරන් අතට පත් කරන්නේ. අනික ආදරවන්තයත් එක්ක කතා කරන හැමදේම කඟවේනට කියන්න ,එයාලා විහිලු කතා වලට කැමතියි කියලා මේ කියන්නේ මොකද කියලා මම හොඳට දන්නවා. මොකද විහිලු කාරයාගේ කටින්ම එයාලගේ විහිලු අහන්න උන් මනාප නිසා.

    අනික සමහර කඟවෙන්නු මහන්සි වෙන්නේ නැතුව හාන්සි කරන විදිහ දන්නා නිසා පරිස්සම් වෙයල්ලා. මොකද අර තුන වසර පොතේ තිබ්බ බැටළු හැම පොරවාගත් වෘකයා වගේ , කඟවෙන හම පොරවගත්ත වෙන සත්තු ජාතියකුත් ඉන්නවා. ඒ වෙලාවට ඕනවට වඩා අඟට තට්ටු දාන්න යන්න එපා. නඩුව පරදින්න පුළුවන්.....

    ඔය නඩුව පරදින්න පුළුවන් කතාව ඇම්ඩන්ගේ කතාවක් , දන්න කියන කඟවේනේක්ගෙනම අහලා බලපන්.....

    මම යනවා , කන්ගවෙන්නු කීප දෙනක් ඇවිත් ඉන්නවා බේත් ගන්න , උන්ට ඉච්ඡා භංගත්වය හැදිලා. මෝඩයෝ උන් බලන් ඉන්නවා කන්‍යාවීයෝ එනකං. කල්පයක් හිටියත් දැන් ඉතින් එහෙම අය හොයාගන්න බෑ කියලා උන්ට තේරුම් කරලා දෙන්න සෑහෙන මහන්සි වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. //අනික සමහර කඟවෙන්නු මහන්සි වෙන්නේ නැතුව හාන්සි කරන විදිහ දන්නා නිසා පරිස්සම් වෙයල්ලා. / / හෆොයි

      Delete
    2. කන්‍යාවියෙක් හොයාගන්න පුළුහං කාසල් එකේ ගේට්ටුව ඉස්සරහා රැකල හිටියොත්..හම්බවෙලා ගේද්දිම... වෙනනං හෙවිලි බොරු.!! ඕ යේස් :D :D

      Delete
    3. අප්පා බලන්ටකෝ ඉතින් ඉවානය දන්න දේවල් නේ..??
      (රහසින්) ඇත්ත කියහන් උඹත් ඔය බොරු අඟක් පළඳවන් ගිහින් බියගම පැත්තේ කෙල්ලෝ අතරේ කන්‍යාවියෝ හෙව්වා නේද?පොඩි රාවයක් යනවා උඹට අර චිත්තරපටියේ රඟපාන්න එන්න තියෙන එකම පරහ අන්න ඒකයි කියලා..:P :P

      (දුවපියෝ නාලාගිරියා එනෝ..!!)

      Delete
    4. බස්සි
      ඔන්න ඔහෙ මෙන්න මේකත් පරිවර්තනය කරල දාන්න.
      http://thisgirlscity.com/hymen-repair-how-to-get-virginity-back/
      http://www.healthcaremagic.com/search/how-to-repair-hymen-at-home
      ගෑණු ලමයින්ට නම් ඔය යල් පැන ගිය හණමිටි දේවල් ඕනෙ නෑ. ඒත් ඔය පත්තර , සින්ලූෂා වගේ මහත්තුරුන්ගේ ගැලවිජ්ජාවටවත් ප්‍රයෝජනවත් වෙයි

      Delete
    5. තනියා - හෙව්වා කියන්නේ අඟ ගෙවෙනකන් හෙව්වා බං. ...
      උඹ ඕවා කියලා චිත්තරපටියෙන් මාව හලන්න නේ... එව්වා සුම්මා... ඔෆිස් එකට ඇවිත් වාඩිවෙලා ඉන්නවා බෝඩ් එකක් අරං.... මට චරිතය දියව් දියව් කියලා.... කොහොමද මම උම්බ්ලගේ ඔෆිසියට ඇවිත් ආ පීප්පේ කිව්වම .. හැක හැක හක ආතල් නේ


      ප්‍රා- අපි වගේ අහිංසක ළමයින්ගේ මතු ප්‍රයෝජනය සඳහා කරන දෙයක් නම් ඉතිං හොඳායි

      Delete
    6. මම හිතන්නෙ ඉවාන් මේ කමෙන්ටුව නිර්මාණය කරන්න ඇත්තෙ කඟවේණෙක් ගැන කෑදර ආදරවන්තයෙක් මොනවා කියයිද කියලා හිතින් මවාගෙන වෙන්න ඕන. ඔයා හරියටම හරි ඉවාන්! කෑදර ආදරවන්තයො හරි දක්සයි ඔය විදියට අහිංසක කඟවේණ්නුන්ට අපහාස කරන්න. :)

      Delete
    7. අඩේ ප්‍රා!
      //how-to-repair-hymen-at-home//
      හිනා කාලා මැරෙන්නට ආසන්නව සිටිමි.

      Delete
    8. පත්තරේ : ඇයි බන් කාසල් එකම?

      Delete
    9. තනියෝ මටත් හිතුනා ඉවාන්ට කඟවේන්නු එක්ක මොකාක්ම හරි ඇරියස් එකක් තියෙනව කියල කමෙන්ටුවෙ සැර දැක්කාම.

      Delete
    10. ඉවාන් : සිරාවට..උඹ අපේ ඔෆිස් එකට ඇවිත් පීප්පේ කිව්වම එන එකාගේ සයිස් එක දැක්කොත් උඹ කැලේ කඩන් දුවනවා ෂුවර් ඇන්ඩ් ෂොට්! හැක් හැක් එතකොටත් ආතල් නේ? හැක් හැක් හැක්!! :P :P

      බස්සි: අනිවා..මොකක් හරි සීන් කෝන් එකක් තියෙනවා..සමහරවිට අනාදිමත් කාලෙක මූත් වැරදිලා වගේ කඟවේනෙක් වෙලා ඉඳලා රයිනෝසිරස් කෙනෙක් බවට ඩිමෝට් වුණාද දන්නේ නැහැ නේ අයහපත් කල්කිරියාව නිසා..:P

      Delete
    11. අනිවා! මාත් ඔය හුළඟට ගහගෙන යන සයිස් එකේ තනි අලියෙක් දැක්කමයි.

      Delete
  9. දැක්කද මෙයා කියපු කතාව :D /// උගේ අඟ ඔලුවේ තියෙන නිසා , බැරිවෙලාවත් මිනිස්සුන්ට් වගේ ///

    හි හි හි හි හි

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එක එක්කෙනාට හිතෙන දේවල් නෙව. ඒ ගෙඹිස්ගේ ෆැන්ටසිය.

      Delete
  10. හප්පටසිරි මාව තවම වයිබ්‍රේට් වෙනවා මේක කියෝලා. සුපිරියි බස්සි . අනේ ඔය පොත බස්සිට උපන්දිනේට තෑගී ලැබේවා !! අන්තිම වෙනකම් මං හිතං උන්නේ මේකා ඔයාගේම කතාවක් කියලා.ඒත් මට තවමත් හිතෙන්නේ මේක ඔයාගේ කඟවේන කතාවේ එපිසෝඩ් 2 කියලයි. මට ඔයා ගැන හුඟාක් ආඩම්බරයි අක්කා ...

    ReplyDelete
    Replies
    1. වයිබ්‍රේට් වෙන එක නවත්තගන්න ඉක්මනට හරහට උඩ පනින්න

      Delete
    2. ගොඩාක් ස්තූතියි දිලා!

      පොත උපන්දිනේට දෙන්න ඉන්න මනුස්පයා කියපි "මම එහෙම එකක් දැක්කෙ නෑනෙ" කියලා. බලද්දි උන්දෑ ඊ මේල් එකෙන් කියෝල තියෙන්නෙ. ටෙම්ප්ලේට් එකේ අවුලක් නිසා අඳුරු බැක්ග්‍රවුන්ඩ් එක මැකිල. අනේ මම පණ කඩාගෙන සුදු පාටින් බෝල්ඩ් කරල ලියපුව එකක්වත් දැකල නෑ. :(

      Delete
    3. ඉවානයාගේ කටේ බ්‍රේක් ගෙවී ඇති බවක් පෙනී යයි.

      Delete
    4. ඉවාන්ගේ විතරක් නෙමෙයි නේ .... http://en.wikipedia.org/wiki/Vibrator

      Delete
    5. වයිබ්‍රේට්.... ඇයි අප්පා මෙහෙම වචන කියන්නෙ.. කට නලියනව.

      Delete
  11. දන්නවද? කඟවේනෙක් හිනාවෙන හැම වතාවකම සුරංගනාවියක් තමන්ගෙ මංගල රාත්‍රියෙදි ප්‍රීතියේ පරම කෝටිය ස්පර්ශ කරනවා.(Feeling coil) මෙච්චර ලොකු කතාවක් ඔය තරම් සුන්දරව ව්‍යංගාර්ථයෙන් කියන එකත් සුළුපටු නෑ.

    ReplyDelete
    Replies
    1. "ප්‍රීතියේ පරම කෝටිය" කියන වචනෙ එනවා ප්‍රේමසිරි මාහිංගොඩ "ඈන්" යනුවෙන් සිංහලට පරිවර්තනය කරපු Ann of Green Gables පොතේ. ඒ කතාවෙ ඈන් හොයාගන්නව හරිම අපූරු වචන ලැයිස්තුවක්. ඒ වචනවලට මුල් පොතේ තියෙන්නෙත් එකටෙක ගැලපීමක් නැති ඉංග්‍රීසි වචන කිහිපයක් කලවම් කරල හදපු අලුත් වචන.

      Delete
  12. හ්ම් කන්‍යාවියො කීවහම මතක් වුනේ රාවණා රජ්ජුරුවො තමන්ගෙ පොල් වත්තක ගස් වල ගෙඩි හැදීම ඉක්මන් කරගන්න කන්‍යාවියක් ලවා ගස් වලට පයින් ගස්සවලා තියෙනවා....අද වුනත් මේක සාර්ථක ක්‍රමයක් කරනවනන් ..... කන්‍යාවියක් හොයාගන්න අභියෝගෙ ජයගන්න පුලුවන්නම්!!

    ReplyDelete
    Replies
    1. මම ඒ කතාව අහල තිබුනෙ නෑ. ස්තූතියි ඔයාට!

      Delete
  13. පොත නැතුව මෙහෙම ලියල පොත හම්බ උනොත් කොහොම හිටීද ? කගවේනත් එපා වෙනවා .. හික්ස්...

    ReplyDelete
    Replies
    1. අනේ! සෑඩ් මොන්ස්ටර්ස් පොත ලියල තියෙන්නෙ අපි බයෙන් ඉන්න සත්තු ගැන ආදරේ හිතවන්න.

      Delete
  14. Replies
    1. අම්මට හුඩු.. මූ ඉංගිරිසියෙනුත් කොමෙන්ට් දානවා :P

      Delete
    2. මට වෘෂභයා කියලා කියන උං දැනගනියව් ..

      මං කඟවේනෙක් හරී !!!
      රෙෂ්පට් කඟවේනෙක් !!!

      හැබැයි හිනාවෙනවද නැද්ද කියල අහන්න එපා ඈ :D
      (ඉවාන්ගේ කමෙන්ටු භාරගනු නොලැබේ )

      Delete
    3. උඹට ගෙදරදී හැර වෙන කොහෙදිවත් වෘෂභයා කියනවා මට ඇහිලා නෑ බං, නාඬා ඉඳින් :P

      Delete
    4. පිට උං කීවනං දුක නෑ යකෝ :D

      Delete
    5. //පිට උං කීවනං දුක නෑ යකෝ // හුකෑස්

      Delete
    6. මොකෝ පත්තරේ ඔයා දාපු කමෙන්ට් එක 'ආතර්'ට මකන්න දීල බලන් හිටියෙ?

      Delete
  15. අනේ ඔය පොත අපේ බස්සිට ඉක්මණටම හම්බවෙනවානම් කොච්චර ෂෝක්ද. බැරිද ඊ-බුක් එකවත් හොයාගන්න ;).
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආන් තව එකෙක් කියල තිබුන වැරදිලාවත් ඔය පොත මට හම්බුනොත් බ්ලොග් කියවිල්ල නතර කරල දානව කියලා.

      තැන්කූ මනා!!

      Delete
  16. සුපිරි බකු වෝ...

    ReplyDelete
  17. කදිම ගෙත්තමක් . සුබ පැතුම්

    ReplyDelete
  18. මේවා කියවන්න ගියොත් අපේ මොළෙත් ක්‍රැක් වෙයි.
    බස්සිට රෝස පාට අඟක් තියෙන කඟවේන් පැටියෙක් ගැන දොළක් පහල වෙලාද කොහෙද?

    ReplyDelete
    Replies
    1. තාම නම් එහෙම උනේ නැහැ. මේ පරිවර්ථනයක් නේ

      Delete
  19. ප්‍රතිපත්තිමය වෙනසකට කාළය එළඹ ඇත කියලා හැමතැනම ඔය මාතලං ලා ලියන්නේ..මටත් ඒකම හිතිලා තියෙන්නේ ආයිබෝං ..

    - මීට කඟවේනා

    ReplyDelete
  20. මදහස පානා බස්සිගෙ කඟවේනා...........

    තනිකර සුරංගනා ලෝකෙක අතරමං වෙනවා මේ බස්සිගෙ කතා කියෙව්වාම..

    ReplyDelete
  21. කොහොමත් ඔය ගෑල්ලමයි ගාවට එන කඟවේන්නු ටික කාළෙකින් වෘෂභ මිනිසා බවට් පත් වෙනවා.... ප්‍රා මේක එවන්න ඇත්තේ.. කලින් නිර්මාණය රහ වැටිලා...

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවෙන් පෙනී යන්නේ මාතලන්ට මේ පෝස්ටුව දිරවා නැති බවයි. හිහි!

      Delete
  22. මම කඟවේනෙක් අල්ල ගන්න ඇමක් හොයනවා.දන්න ඇමක් ඉන්නවනම් මට කියපල්ලා.කොහෙන් හරි එකෙක් අල්ලගන බස්සිගේ කඟවේන පිස්සුව හොඳ කරන්න එපැයි.

    Sad Monsters උඹේම ලියවිල්ලක් කරගන.නියමයි.ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. අනේ බොල කසුට්ටෝ ටෝ ඒ ගමන අහිංසක කඟවේනාගේ එකවුන්ට් එකට බැරවෙන්න..නෑ..එක්කෝ ඕන නෑ..:P :P

      Delete
    2. ලැජ්ජාව වහගන්න කඟවේනෙක්ව මාට්ටු කරන්නයි යන්නෙ නේද!

      Delete
  23. මේ... ගෑනු කගවේන්නු නැද්ද??

    ReplyDelete
    Replies
    1. අඩේ...උඹ තවම කන්‍යාවෙක්ද?

      Delete
    2. උපාධි හිමි, උගත්, රූමත්, කොම්පීතර කන වර්ජින් පුතුට කඟවේණියෙක් සොයයි. කේන්දර කොපිය සමග විමසන්න!

      Delete
    3. අන්න මරු මංගල දැන්වීම! අපේ අම්මට කියන්න ඕනේ මෙහෙම දාන්න කියල!
      කටුසු පපු කැවුත්ත - ඇයි සැකද? ;)

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කවුද මේ ආතර්? කසුට්ටගෙ කමෙන්ට් එකත් මකලා!!

      Delete
  25. සිරාවටම මාත් හිතුවේ මේක උඹේම ලිවිල්ලක් කියලා..අනුවාදනයක් වුණාට මේ ලිවිල්ල පුරාවට බස්සි ස්ටයිල් එක තියෙනවා නියමෙට..ලොකු කතාවක් සුරංගනා ඇහැකින්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තනියා අක්කෝ!! :*

      Delete
  26. //ප.ප.ලි.
    අනේ බස්සිට මේ පොත උපන්දින තෑග්ග විදියට ලැබෙනවානම්.....//

    කැල්ලක් දැකලා මෙච්චර කචල්නම් මෙයාට පොතම හම්බුනොත් අපිට අබ සරණයි

    ReplyDelete
    Replies
    1. අපිට බ්ලොග් වලිං අකුලගෙන යන්න වෙනවා :D ඕ යේස්

      Delete
  27. ලස්සන වගේම ලොකු තේරුමක් තියෙන කතාවක්. මේ කියන කඟවේනා ගැන නම් නෙවෙයි මම අහලා තියෙන දෙයක් කියන්නම්. එක මතයක් තියෙනවා අතීතයේ සැඟවිලා ගියපු අත්ලාන්තීසයේ(Atlanta) මිනිසුන් ජාන තාක්ෂණයෙන් දෙමුන්හුන් කරලා බිහි කරපු දෙමුහුන් සත්ව කොට්ටාසයක්(Hybrid) තමයි කඟවේනා(Unicorn) කියන්නේ කියලා. ඒ වගේම දිය කිඳුරා(Mermaid) සහ ඉගිලෙන අශ්වයා(Pegasus) කියන්නෙත් ඒ වගේ සත්වයන්ලු. ඒකෙ පොඩි ඇත්තක් තියෙන්නත් පුලුවන්. මොකද වර්තමානයේ ජාන පරීක්ෂණ මගින් දෙමුහුන් සතුන් හදලා තියෙන නිසා. අශ්වයාගේ සහ සීභ්‍රාගේ ජාන එකතු කරලා හදපු සතාත්, කොටියා සහ සිංහයාගේ ජාන එකතු කරලා හදපු Liger කියන සතාත් ඒකට හොඳ උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. සිංහයා හා ව්‍යාඝ්‍රයා දෙන්නගෙම genus එක Panthera ( hybrid - Liger /Tigon)
      අශ්වයා හා සීබ්‍රා දෙන්නගෙම genus එක Equus
      ලඟින් නෑකමක් තියෙන්න ඕනෙ හයිබ්‍රිඩ් හැදෙන්න. හැබැයි හයිබ්‍රිඩ්ල ඔක්කොමවගේ sterile. පැටව් හදන්න බෑ

      ජාන පරීක්ෂනයකින් හදල නෙමෙයි එකට බ්‍රීඩ් වෙන්න දීල හරි artificial insemination වලින් හැදුන hybrid ල

      අලුත් දෙයක් නෙමෙයි අශ්වයා සහ බූරුවා ගේ හයිබ්‍රිඩ් එක වන කොටලුවා (mule / hinny) අතීතයේ සිට හිටිය

      Delete
    2. ජාන සැකැස්ම සමාන නැත්නම් ඕක කරන්න අමාරුයි. අර ඇට්ලන්ටා වල කතාව ලෝකෙ තියෙන එක මතයක් විතරයි.

      Delete
    3. අත්ලන්තීයයන් කියන්නෙත් ඔප්පු කරලා පෙන්වන්න තරම් සාධක නැති අදහසක් නෙ. කොහොමත් විශේෂ දෙකක් ක්‍රොස් වෙලා හැදෙන දෙමුහුන් සත්තුන්ට පරම්පරාව ඉදිරියට ගෙනියන්න බෑ.

      amazing-hybrid-animals

      Delete
  28. පොතම පරිවර්තනය කලා නම් කතාව තව ටිකක් තේරෙයි. මේක මොන කැ ටගරියේද මන්ද?

    ReplyDelete
    Replies
    1. මේ පොතේ චැප්ටර්ස් එකකට එකක් අතරෙ ලොකු සම්බන්දයක් නෑ මට තේරුන විදියට. ඒකෙ අදහස මොන්ස්ටර්ස්ලා කියල අපි බයෙන් ඉන්න සත්තු ගැන ආදරේ හිතෙන කතා ලියලා මොන්ස්ටර්ස්ලත් සුන්දරයි කියලා හිතවන එක. අනික මම කියවපු කොටස්වලනම් ව්‍යංගාර්ථත් බහුලයි.

      ඕකනේ ඕකනේ මම වලි අදිනව හරිද මං ලියන ජාති වලට කැටගරියක් නෑ කියලා. :P

      Delete
  29. යකෝ දැන් ඔක්කොම කොල්ලෝ කඟවේන්නු වෙන්නනේ හදන්නේ?

    ReplyDelete
    Replies
    1. එක්කො කඟවේන්නු වෙන්න හදනවා, නැත්තම් කඟවේන්නුන්ට පළු යන්න බනිනවා.

      Delete
  30. මටත් ආදරේට හදාගන්න කගවේන පැටියෙක් හොයලා දෙන්න

    ReplyDelete
    Replies
    1. උඹට ඕනේ වෙලා තියෙන්නේ කඟවේන පැටියවද නැත්නම් ඌට වහ වැටිලා වත්ත මායිමට වෙලා ඌ එනකල් බලන් ඉන්න අයවද...?
      නරකම නැහැ වැඩේ... කොහොමද ටිකිරි මොළේ...

      Delete
  31. පාළුව දෙවනත් කරලා නාඬන් කඟවේනෝ...
    කාටත් නපුරුදා තනිකම් ඇතිවෙනවා..
    කඟවේනෝ..ඕ ඕ ඕ....කඟවේනෝ..

    ReplyDelete
    Replies
    1. හිහී! මම උලලේනා කියන සතාව දැකලත් නෑ සජ්ජෝ.....

      Delete
  32. අලුත උපදින පුංචි දරුවෙක්ගෙ කිරි හිනාව වා තලයට මුහුවන හැම විටම සුර දූතයෙක් ඉපදෙනවලු. (ටින්කර් බෙල්)
    මේකත් ඉවරවෙන්නෙ ඒ වගේ. (අම්මපා, බැලුවම බස්සි වගේ අය තව ගොඩක් ඉන්නවනෙ)

    ReplyDelete
    Replies
    1. මටත් ඒක ලියාගෙන යද්දි ටින්කර්බෙල් මතක් වුනා. ඒ ෆිල්ම් සීරීස් එකේ මම කැමතිම ටින්කර්බෙල් ඉපදිලා අර හැමර් එක තෝරගන්න තැනට එනකම් කොටසට.

      Delete
  33. යටින් දාපු ඇඩ් කැල්ල තමයි මගේ හිත ගත්තෙ..පොත ලැබුනොත් තව පරිඡේදයක් පෙරලන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. අදාල පුද්ගලය තාම ඇඩ් එක දැකල නෑ අෆ්ෆා. දුක තමයි!

      Delete
  34. පිස්සු හැදෙනෝ ... කියෙව්වා ඒත් .. පට්ට

    ReplyDelete
    Replies
    1. තැන්කූ කඩඉමේ ගොයියා!! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!

      Delete
  35. දැන් කොහේද අප්පා කඟ වෙන්නු ඉන්නේ.... ඉන්න තරමක් ඉන්නෙ කුළු හරක්......!

    අනෙක ආදරවන්තයෝ හතරකට වඩා අඩුවෙන් ආශ්‍රය කර්පු ගෑල්ලමයි හොයා ගන්න වෙන්නේ මොන්ටිසෝරියෙන් තමයි......!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දුමී ඔය හැම පින්තූරෙකම මොන්ටිසෝරි වයසෙ ගෑනුලමයෙක් විතරක් ඉන්නෙ. හිහී!

      Delete
  36. // කඟවේන්නු කියන්නෙ සමාව දෙන හොඳ සත්තු – මං කියන්නේ, යම් තාක් දුරට. // මුකුත් කියන්න ඕනද මම..

    මම හිතන් ආවේ මේක උඹට බෙහෙත් බොන්න අමතක වෙලා ලියපු කතාවක් කියලා.. බැලින්නම් එහෙම නැහැනේ..

    ReplyDelete
    Replies
    1. "කඟවේණෙක් උනත් සමාව දෙන්නෙ සීමාවක් ඇතුව" කියලා අලුත් ප්‍රස්තා පිරුළක් හදමුද? ;)

      අන්න දැන් උඹට තේරුණා නේද ක්‍රැක් උනත් මගෙ මොළේ තාම හොඳට වැඩ කියලා.

      Delete
  37. හිතට වැදුණ, පිස්සු හැදුණ කථාවක්.... අද ඉදන්ම ආදරයේ පිවිතුරු පොරොන්දුව රකින්න ඕනි.. :D
    කගවේනෙක් කියලා අගක් හයි කරගෙන එන අස්සයින්ට එහෙම රැවටෙන්නේ නෑ ඕං... ස්තුතීයි බස්සී.... හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩිලී!

      ඇත්ත තමයි. ඔය අශ්වයො හරිම රැවටිලිකාර ජාතියක්. අහුවෙන්න නම් එපා!

      Delete
  38. මට තියෙනවා ප්‍රශ්නයක්....
    කගවේන්නුගේ අර අග ඇනෙනනේ නැද්ද???

    ReplyDelete
    Replies
    1. ඒක හදලා තියෙන්නෙ දුස්-ස්වප්න වලට ඇනලා පුපුරවල දාන්න ලු. අනික කඟවේණ්නු නිතරම පරෙස්සම් වෙනවා තමන්ගෙ මිතුරියට හානි නොවෙන විදියට හැසිරෙන්න.

      Delete
  39. අමුතු ආරෙකට ලියල තියෙන්නෙ. නමුත් ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මාධව!!

      Delete
  40. පවු වෘෂභමිනිස්සු ..
    :)

    ReplyDelete
  41. කොමෙන්ට් එක කොටන්න එනකොටම ඇහැරුනා... පොඩ්ඩක් ඉන්න..

    ReplyDelete