Thursday, May 28, 2015

හෙලුවෙන් වැනීම සහ තැටිය රත් වූ වෙලාවේ රොටි පිලිස්සීම. (18+)





අපි අපි ගැනම ලැජ්ජා විය යුතුය. වාසු සීයා උත්තරීතර පාර්ලිමේන්තුව තුල හෙලුවෙන් වනද්දී අපි කලේ උන්දෑට බැන අඬගහන එකය. පර සුද්දාගේ බස්වහර කරපින්නාගෙන බටහිරට ඔජෝ වඩන කරුමය හේතුවෙන් අපිට ඒ සත්ක්‍රියාවේ වැදගත්කම වැටහුනේ නැතුවා වෙන්නට ඇත. ඉතින් අපි දිගට හරහට අර අසරණ වයසක මනුස්සයාට බැන වැදුනෙමු ය.


හැමෝම බනින්නට පටන් ගත් වනම වාසු සීයා කලබල උනා. කොහොමත් උන්දෑගේ වයසට එහෙම කලබල වීම ස්වාභාවිකය. ඉතින් මාද්දිය සාකච්චාවේදී වාසු සීයා රටටම ඇහෙන්න කිවුවේ තමාගේ කටින් පිටවුනේ කුණුහරුපයක් බවය.


එමතුද නොව ඒ වචනය තමා හිතා මතා නොකිවු බවත්, කේන්තිය නිසාම වැරදීමකින් කටින් පිටවූ බවත් පවසන්නට තරමටම ඒ අසරණ මනුස්සයා හොල්මන්ද කොලමැල්ලුම් වී තිබුනේය.


සාමාන්‍යයෙන් ඔවැනි සිදුවීමක් අවසන අපිට අසන්නට ලැබේයැයි අනුමාන කල හැකි ප්‍රකාශයන් මේ වගේය.


අප්පච්චි

බුද්ධං සරණං ගච්ඡාමී… ඕවා පළිගන්න කරන කැසකැවීම් අපේ හාමුදුරුවනේ. අසරණ වාසු සහෝදරයගෙන් පළිගන්න එපා! (එපා යන්නෙහි “පා”යන්න මහාප්‍රාණව තරමක් ගැඹුරින් ඇද පැද කියයි.) මගෙත් එක්ක බේරගන්න. මගෙත් එක්ක. ධම්මං සරණං ගච්ඡාමී…. සංඝං සරණං………


විමලසේන

පෞද්ගලික ආයතනවල සේවකයන්ට මේ ආණ්ඩුව නිසා බෝනසුත් නෑ.  ජාත්‍යන්තර කුමන්ත්‍රණ අපේ රට ගිල ගන්න කැස කවනවා. වාසු සහෝදරයා අභීතව නැගී හිටියේ ඒ බලවේග වලට එරෙහිව. ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ඩයස්පෝරාව, බළල් අත්, අප්පච්චිට ජයවේවා!


ගොම්මන්පිල

 මොකක්ද ප#යා කියන්නෙ? මම මීට කලින් එහෙම එකක් අහලත් නෑනෙ. වාසු කට අරිනකොට ඕක වෙන කවුරුහරි කියන්න ඇති.


රනිල්

අපි මේකට සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹෙන්න මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. කොහොමටත් වාසු කියන්නේ… (ඩික්ෂනරිය පෙරලමින් “ඩ්‍රයි පම්ප්කින්” යන්නෙහි සිංහල තේරුම සොයයි.) අහ්, වාසු කියන්නේ “වේළිච්ච වට්ටක්කා ගෙඩියක්.”


සමන්මලී සකලසූරිය

වාසු අංකල් කිවුවේ ඒ ප# නෙමෙයි වෙන ප#ක්. ඔයගොල්ලන්ට වැරදිලා. දැන් බලන්න නිරුවතටම අර්ථ කීයක්නම් තියෙනවද?


නානසාදු

මොන ප#යද යකෝ අපේ අගමැති තුමාට ප#යා කිවුවේ! ඕකගෙ අම්මට හු###! බෙල්ලෙන් අල්ලලා එලියට ඇදල දාන්ඩනෙ තියෙන්නෙ හු### පුතාව!


ටොයියෝ

වාසු ප#යා පන්නමු. ලේ කකියනව යකෝ. යහපාලනේ නොතිබුනානම් තොපිව මරාගෙන මැරෙනවා යකෝ.


බයියෝ

උඹල අපේ සිංහල කොඩිය උස්සද්දි බාල්දි පෙරලුව  දැන් තොපි කියන්නෙ වාසු මහත්තයට සිංහල වචනයක් කතා කරන්නත් බෑ කියලද? මේක සිංහල රට යකෝ. මරාගෙන මැරෙනවා යකෝ.



* අප්පච්චිගෙ ලොකුපුතා

වාසු අංකල් කිව්වෙ කුහුහබ්බයක් නෙවේ අපේ හාමුදුරුවනේ. ඒකෙ තේරුම බන්දුල අංකල් කියල දුන්නෙ. පලිගන්නව නං මගෙනුයි තාත්තගෙනුයි පලිගන්න. අපේ අම්මගෙන් පලිගන්න එපා කියන්න හාමුදුරුවනේ......


* රවි කරුණානායක

අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මිනිස්සුන්ගෙ අතට සල්ලි ලැබෙන ක්‍රමයක් හදනකොට මේ ප##ට.......


* සජිත්

මගේ පියා දිංවගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නිවාස පනස් ලක්ෂයක් හදපු කාලෙ ඔය ප%^&^......


* අස්ගිරි/මල්වතු/රාමඤ්ඤ නිකාය නායකයො

නරක වචන කියන එක හොඳ නෑ.... හැබැයි ඉතිං මේ වගේ වචනත් ඕන රට හදන්න.... කට්ටිය එක්ක එකතු වෙලා වැඩ කරල ර‍ට හදමු.... කෝ ගන්න ඔය පිරිකර මෙහාට.....


* හිරුනිකා

මගේ තාත්ත කොලොන්න‍ාවෙ කුඩු වලට විරුද්ධව සටන් කරනකොට අර ප^%$ වෙඩිතියල.......


* රිෂාඩ් බදියුදීන්

හු#යි ප#යි ඕන දෙයක් අපිට ඔට්ටුයි. ගහමු තව ගෙවල් ටිකක් විල්පත්තුවෙ.




අහෝ ඛේදයකි. ඉහතකී සියලුම ආතල් වලට තිත තබමින් පෙරේදා සිංහල මහාචාර්‍ය අති පණ්ඩිත බන්ධුල ගුණවර්ධන උතුමාණන් වාසුගේ වචනයේ ඇත්ත නැත්ත රටට අනාවරණය කලේය. ඉතින් අපි සියල්ලෝම, එකාවන්ව වාසු සීයාගෙන් සමාව ඉල්ලන අතර, ඔහුට හෙලුවෙන් වැනීමට ඇති දැනුම ගැන බොක්කෙන්ම ආඩම්බර වෙනවාය. 


එකී ගැටපද විවරණයෙන් පසු හෙළ බස් වහර වෙනස් වෙන ආකාරය ගැන මෙතැනින් බලාගන්නට පුලුවන්ය.


ඔව් ඉතින් තැටිය රත් වුන වෙලාවෙ රොටියක් පුච්ච ගන්න එක වරදක්යැ? ඇයි අවුල්ද?




ප.ලි.

තරු දැමූ (*) මාධ්‍ය ප්‍රකාශ, රාජ්ගේ කමෙන්ටුවකින් උපුටාගෙන පසුව එකතු කරන ලදී.



67 comments:

  1. අහවල් එකටද අර හාමුදුරුවෝ ගාව ගන්නෙ.ඒ දාල තියෙන හැටි දැක්කහම හිත ගත්තහැකි මෙයත් තැටිය රත් උණ වෙලේ රොටිය පුච්චන්න හදන බව

    ReplyDelete
    Replies
    1. "මෙයත්" කිවුවේ මටද? මම තමයි 'තැටිය රත් වෙච්ච වෙලේ රොටිය පිච්චුවේ'. ඒක මාතෘකාවෙම කියලත් දැක්කෙ නැද්ද හැබෑට!?

      අර හාමුදුරුවො කියන්නෙ නානසාදුටද?

      Delete
    2. මේ දවස්වල කව්රුත් රොටි පුච්චගන්නවනේ... හාමුදුරුවන්ට හාමුදුරුවෝ තමයි කියන්නැ ඕනේ. මොකද නම කියන්න යාලුවෙක් නෙමෙනෙ. දේශපාලුවෝ ගානට නොදා කතා කලොත් හොදයි. . වැරදි තියෙනවනම් ගරුත්වයක් ඇතුව කතාකරල විවෙච්ච්නය කරන්න..

      Delete
    3. අපිනම් පොඩි කාලෙ පුරුද්දට තාමත් සාදු කියල කියන්නේ. //නානසාදු//

      Delete
    4. පූජාච පුජනීයානං කියන්නේ පිදිය යුත්තන්ට පුදන්න කියායි. නැතුව නිකං කහ පාට සිවුරක් පොරෝ ගත්තාම වැඳ වැටෙන්න කියල නොවෙයි.

      ඔය හාදයාට හාමුදූරුවෙක්ය කිව්වොත්, හාමුදුරුවරුන්ට කියන්නේ මොකක්ද? පසේ බුදුවරු කියාලද?

      Delete
    5. නාන + සාදු = යන තැන නාගන්නා + පැවිදි පුද්ගලයා

      Delete
    6. හෑ... එතකොට නානසාර දේශපාලනේ නෙමෙයිද කරන්නෙ?
      මාර ප්‍රශ්නෙ නෙ. මොකක්ද හැබෑට එයා කරන්නේඑතකොට?
      නිවනට මග අවබෝධකරල දෙන්න යනවද රැඩිකල් විදිහකට?

      Delete
    7. මෙහෙ ඉන්නවා ලංකාවෙ හාමුදුරු හොරු රැලක්...මම නම් එකෙක්ටවත් නැමෙන්නෙ නෑ..දකිනකොටත් අප්පිරියයි අප්පා...

      Delete
  2. සිරිසේ...න... සිරිසේ...න... මේක සිරිසේනට ඇහුනේ නැද්ද හිටං.. නරකද මේ ගැන විශේෂ අධිකරණයකිං විභාගයක් කරොත්වත් හිටං.. මේන් බලාපල්ල දැන් තැටිය හොඳටම රත්වෙලා ගැලරියේ ළමයි විතරක් නෙවෙයි ඕ.ඩී.සී. එකේ සෙකොන්ඩ් ක්ලාස් ෆස්ට් ක්ලාස් ළමයි ඔක්කෝම නරක් වෙනවා සිරිසේ..න... :p

    ReplyDelete
    Replies
    1. සිරිසේන මේ ගැන කිසිදු ප්‍රකාශයක් නොකරන බව සියයට දෙසීයක් බුදු සුවර්ය.

      Delete
  3. බාසාව වෙල්ලාවේ දමා අපුල්ලා ගමුද? එතකොට සුවඳ හමන මුකයවල් ලැබෙයි

    ReplyDelete
  4. නූගත් රටට ආදරය නොකරන තමාගේ හා පරම්පරාවේ උන්නතියම සොයන දේශපාලකයින් ( පක්ශ පාට බේදයකින් තොරව ) තෝරා පත් කළේ කවුද?
    මින් මත්තට මෙය වෙනස් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ජනතාවගේ හැටියටලුනේ දේශපාලකයෝ. අනේ මල්ලල්ලෑ ඉතින්.

      Delete
  5. ශැක්! දන්න කුණුහබ්බත් අමතක වෙනවා බං මේවා ඇහෙත්දි.

    කස්ටියගෙ දෙබස් ටික නම් පට්ට ඈ!!

    ReplyDelete
    Replies
    1. මට මතක් උනේ කැම්පස්වල රැග් කරන සින්නෝ දැන් කුණුහරුප නැතුව මාර අපහසුතාවෙකට පත්වෙලා ඇති නේ.

      Delete
  6. ජනතා නියෝජිතයෝ මේ කතා සාධාරණිය කරලා කතා කරන එකේ වාසියකුත් තියෙනවා.මොකද අපිටත් ඒ වචන වලින් උන්වත් අවස්ථාව ආවම ආමන්ත්‍රණය කරන්න පුළුවන් නිසා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ඒකත් ඇත්ත මනෝ...

      Delete
  7. බස්සි,

    ලංකාව ඉන්දියාව වැනි රටවලට ලැබෙන්නේ රටේ ජනතාවට ගැලපෙන දෙසපලන්යන්. මෙහිදී වැදගත්ම දෙය නම් වාමන්සික දෙසපලනයයි, විවුර්ත මනසින් බැලුවිට වාමන්සිකයන් යනු ඉතාම කුහක මිනිසුන් සමුහයක්. ඔවුන්ගේ ප්‍රගතසිලිබව ඇත්තේ බලය නැති තුරු පමණයි. වාසුදේව එදත් අදත් මෙම කුහක ගති තුබුන නමුත් මිනිසුන් දැක්කේ මහින්දගේ කාලේ ඔහුට බලය ලැබුන පසුයි

    මේ දේවල් වසුදෙවට පමනක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණටත් අදාලයි

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත. ජ.වි.පෙ. උනත් හොරු අල්ලන්න කෑගහන්නේ එයාලට ආණ්ඩු බලයක් නොලැබුන නිසා. නැත්නම් අවුරුදු දෙක තුනක් ජවිපෙත් බලයෙ හිටියනම් ඔය හොරු ඇල්ලීමේ උනන්දුව ඔයිට වඩා ඇල්මැරේවි.

      Delete
  8. නානසාර හාන්දුරුවෝ නිවන් යන්න කලින් දිවිය ළෝකේ ගියාම නියමෙට තියෙයි නේ.. දෙයියෝ පල් වෙලා කොර් වෙලා ඉඳියි...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. දිව්‍ය ලෝකෙ නියමෙට තියෙයි නේ.

      Delete
  9. මේ කට්ටියම ආචාර දරුම පිළිපදින බව අපිටයි රටේ ඉන්න අනික් එවුවන්ටයි තේරෙන්න තව කොච්චර කල් යයි ද

    ReplyDelete
  10. අයියෝ බස්සිට තව සාදුලා දෙන්නෙක් මිස් වෙලානේ.....!

    නතන තාදු සහ සෝසිත තාදු? අනික මේ තැටි රත් කරන එක සෝසිත සාදුගේ පේටන්ට් එකක්නේ . ඉතින් ඒ තාදුව දැම්මේ නැති එක නම් ලොකු හිඩසක්.....!

    කොහොමත් ඔය සමහර කුණුගරුප කියන ඒවා ඇත්තටම කුණු හරුප නෙමෙයි කියලා මාචාර්‍යය වරු හිටන් කියලා තියෙනවනේ. අර මහාචාර්‍යය සුනන්ද මහේන්ද්‍ර එක දවසක් කිව්වේ පත්තර කාරයෝ ඔක්කොම කැරියෝ කියලා ? ඊට පස්සෙ ඒ වෙලාවෙදිම කිව්වේ "කැරියා" කියන එක කුණු හරුපයක් නෙමෙයි ඒකේ තේරුම "ඕජස් ගලන්නා" කියලා.....!

    අනේ මන්දා ඉතින් ඕවානම්....!

    ReplyDelete
    Replies
    1. මෙන්න පතුරු ගහන්න තව වචනයක්.. හැක් හැක්..

      Delete
    2. නතන සාදු කෙටිකාලීනව රහත් වෙලා. සෝභිත සාදුත් මේ කාලෙ මෞනවෘතය පුරනවා. ඒ නිසා දෙන්නගෙන්ම කිසිම මාධ්‍ය ප්‍රකාශයක් ගන්න අමාරු තත්වයක් තියෙන්නෙ දුමියෝ...!

      හප්පේ ඒ තේරුම නැතත්, සමහර පත්තරකාරයන්ටනම් ඒ නම හොඳට ගැලපෙනවා. මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වයට කෙලින්ම බලපාන නිවුස්, විකෘති කරලා ලියලා, ඊටත් පස්සෙ පොල්ගෙඩි අකුරෙන් ඊටත් වඩා විකෘති කල ඩබල් මීනින් හෙඩිමක් දාලා අනුන්ගේ ජීවිත මාර්කට් කරන පත්තර කාරයොනම් 'ඕජස් ගලන්නෝ'ම තමයි.

      Delete
  11. නියමා...............යි .ඔක්කොටම වඩා අන්තිමට කස්ටියගේ අදහස් දැක්වීම සුපිරියි.

    ReplyDelete
  12. බුදු අක්කේ මේකට 18+ දාපන්කෝ

    ReplyDelete
    Replies
    1. එතකොට හිට්ස් වැඩිවෙයි නේ?

      Delete
  13. නියමයි :D. අදහස් දැක්වීම් ටික නම් පට්ට. ශාන්ගේ පෝස්ට් එක ඊයේ දැකල බඩ පැලෙන්න හිනා :D.
    ඒක නෙමෙයි, මට මේකට කලින් පෝස්ට් එක මිස් වෙලා කියහන්කෝ :/. මගෙ බ්ලොග් රෝලේ පෙන්නුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා කලින් පෝස්ට් එකට මොකාක් හරි හුටස්පරයක් වෙලා තමයි කියලා හිට්ස් අඩුවෙද්දි. හිහී! අවුලක් නෑ මනා මේක හරියට බ්ලොග් රෝලෙ පෙන්නුව නේද?

      Delete
  14. Son of a Gun වගේ නම්බුකාර යෙදුම් තියෙද්දී, මේ කොහෙද යන ගෙඩියක් ගැන කියලා නිකං සවුත්තු වුනා.

    ReplyDelete
    Replies
    1. ඕනෙම නම් රනිල් කලා වගේ ඒක සිංහලට පෙරලලා 'තුවක්කුවෙ පුතා' කියන්නත් තිබ්බනෙ. නැද්ද?

      Delete
  15. මේ ඔක්කොම පටලවාගෙන.. මම කලිනුත් කිව්ව වගේ වාසු සීයගෙ රැවුලෙ වැරැද්ද තියෙන්නෙ.මොලේ පෑදෙන්න නම් රැවුල කපන්න ඕනෙ.එතකොට ලංකාව සුඛිත මුදිත වෙනවා.. තැටියට අවුලකුත් නෑ.. රොටියට අවුලකුත් නෑ..

    ReplyDelete
    Replies
    1. හුකෑස්! ඕක හොඳයි රාජකීය දෛවඥයාගේ මාධ්‍ය ප්‍රකාශය විදියට ගන්න.

      Delete
  16. හෙහ් අන්න එහෙම පුරුදු වෙන්න... Follow me

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා! මං නම් කියලාමයි රොටිය පිච්චුවේ!

      Delete
  17. රැල්ලට බස්සි ගෙනුත් තල්ලුවක්. වාසු කාරයා දිව කපාගෙන ඇති මෙලහට.

    ReplyDelete
    Replies
    1. දිව කපාගෙන? එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ!!

      Delete
  18. අප්පච්චිගෙ ලොකුපුතා
    වාසු අංකල් කිව්වෙ කුහුහබ්බයක් නෙවේ අපේ හාමුදුරුවනේ. ඒකෙ තේරුම බන්දුල අංකල් කියල දුන්නෙ. පලිගන්නව නං මගෙනුයි තාත්තගෙනුයි පලිගන්න. අපේ අම්මගෙන් පලිගන්න එපා කියන්න හාමුදුරුවනේ......

    රවි කරුණානායක
    අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මිනිස්සුන්ගෙ අතට සල්ලි ලැබෙන ක්‍රමයක් හදනකොට මේ ප##ට.......

    සජිත්
    මගේ පියා දිංවගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නිවාස පනස් ලක්ෂයක් හදපු කාලෙ ඔය ප%^&^......

    අස්ගිරි/මල්වතු/රාමඤ්ඤ කොන්ඩඤ්ඤ ආදී.... නිකාය නායකයො,
    නරක වචන කියන එක හොඳ නෑ.... හැබැයි ඉතිං මේ වගේ වචනත් ඕන රට හදන්න.... කට්ටිය එක්ක එකතු වෙලා වැඩ කරල ර‍ට හදමු.... කෝ ගන්න ඔය පිරිකර මෙහාට.....

    හිරුනිකා
    මගේ තාත්ත කොලොන්න‍ාවෙ කුඩු වලට විරුද්ධව සටන් කරනකොට අර ප^%$ වෙඩිතියල.......

    රිෂාඩ් බදියුදීන්
    හු#යි ප#යි ඕන දෙයක් අපිට ඔට්ටුයි. ගහමු තව ගෙවල් ටිකක් විල්පත්තුවෙ.

    ReplyDelete
    Replies
    1. රාජ් මම මේ කමෙන්ට් එක උපුටනයක් විදියට පෝස්ට් එකට ඇඩ් කලාට තරහ නෑ නේද? මේ ටික පට්ටයි!!

      Delete
    2. හෙහ් හෙහ්......තැන්ක්‍යු

      Delete
  19. ///නරක වචන කියන එක හොඳ නෑ.... හැබැයි ඉතිං මේ වගේ වචනත් ඕන රට හදන්න.... කට්ටිය එක්ක එකතු වෙලා වැඩ කරල ර‍ට හදමු.... කෝ ගන්න ඔය පිරිකර මෙහාට...../// මේකට විතරයි හිනා ගියෙ.

    අපේ බාප්පා දවසක්, මහගෙදර ඉස්තෝප්පුවෙ බුලත් අමුණන උන්ට බනිණවා, “මයෙ ගෙදර එකෙක්කත් කුණුහරප කියන්නෑ උන්ගෙ අම්මලට ####ඩ...!“

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකීට හිනා ගිය කොටස රාජ්ගේ අනුග්‍රහයෙන් පසුව ඇඩ් කරපු දෙබසක්.

      Delete
  20. "පක සියයක් බිම හෙලුවයි
    අප්පචිචිට එක පක යයි
    අපි රැකෙන්නේ ඒ පක
    විකුණලයි නංගියේ ...
    පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ ....

    හැක් හැක් ......බස්සියේ ඔන්න ඔය ලොකු #යියක් අරන් වරෙන් මේ පොල් පක වල් ටික එකතු කරන්න ....හුකැස්

    ReplyDelete
    Replies
    1. හුකෑස්! දැන් පහේ පන්තියෙ සිලබස් එකේ සමාන පද පාඩමත් වෙනස් කරන්න වෙලාලු.

      Delete
  21. වාසු අංකල් සරම උස්සගෙන බස්සිටත් හරුපයක් කියයිද මන්දා මෙව්වා දානවට​.............

    ReplyDelete
    Replies
    1. හා හා! වාසු සීයට ගරු කරලා කතාකරන්න. එයා හොඳ හෙලුබසින් අමතලා තියෙන්නෙ. අපේ අතේ තමා වැරැද්ද!

      Delete
  22. නියමයි බස්සියේ සුපිරි

    ReplyDelete
  23. සුනිල් පෙරේරා මහත්තයාගේ සිංදුව තමා මට මතක් වුනේ බස්සි..
    දැන දැන වැරදි කරනවා...
    එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියනවා..
    නැති නම් හදලා කියනවා..
    ඇත්ත නැත්ත කරනවා..
    නැත්ත ඇත්ත කරනවා..

    නියමෙට ලියලා තියනවා..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ෂැගියෝ!
      නිදහසට කාරණා නම් මවල හරි දෙන්න බැරියැ මෙයා.

      Delete
  24. හුකෑස්..මේ බස්සි අපි වගේ පොඩි උන්ව නරක් කොරනවෝ!!!
    මරාගෙන මැරෙනවා යකෝ...

    ReplyDelete
    Replies
    1. ලේ කකියනවා නේද මෙව්වා දකිද්දි?

      Delete
  25. කට්ටිය කරුණු නොදැන බොරුවට වාසුට බැන්නට ඇත්ත තමා ඒක රනිල්ගේ මැද නම. උප්පැන්නේ ඕනාවෙන්නේ නෑ පොඩ්ඩක් මිනිහා දිහා බලං හිටියම ඒක තේරෙනවා හිටං !

    ReplyDelete
    Replies
    1. එහෙමනම් බොහොමයක් දේශපාලුවන්ගෙ මැද නම ඒක වෙන්න ඕන සෙන්නෝ.

      Delete
  26. යකෝ කෝච්චිය ගිහිනේ නේ...

    ------------------------------------
    බස්සියෝ ...උඹ නම් බ්ලොග් වලටම උපන් එකෙක්ද කොහෙද...සුපිරියටම ලියනවා.

    ----------------------------------

    හෙළුවෙන් වනන වාමාංශික වට්ටක්කා ගෙඩියක් මෙච්චර මාකට් වෙච්ච පලවෙනි සරේද කොහෙද...

    ReplyDelete
  27. කෝ ගන්න ඔය පිරිකර මෙහාට

    ReplyDelete