Friday, May 15, 2015

මාධවී කියන්නෙ මම විතරමද?






මාධවී ඔබටත් ඇහෙනවද?
සංගීත සාදයෙහි සල්ලාල වස්දඬුව,
ඔබේ නම නැවත නැවතත් ගයන.
මුල් ස්වරය ගැඹුරෙන්ද, අවසන් ස්වරය මෘදුවද ,
මා ඔබේ නම උසුරුවන විදියටම.


නිල් කෙහෙ කැරලිවල සුවඳද,
මල් හිනාවක කිකිණි ස්වරයද,
දුල් දෙනෙත් විලෙහි ගැඹුරද,
මං මිසක් වෙන කවුරුවත් දැන ගත්තෙ කොහොමද?


මං හිතන්නෙ මාධවී,
අපේ ආදර කතා අහගෙන,
හොරෙන් බල බල ලත වෙවී උන් ගඟ දිය,
රහස් සේරම කියන්නැති බට පඳුරු ගොන්නට.
මුල් ස්වරය ගැඹුරෙන්ද - අවසන් ස්වරය මෘදුවද ,
මා ඔබේ නම උසුරුවන විදියටම රසකර.


දැන් තරුණ වස්දඬුවකිය ඒ බට පඳුර.
නොකිව්වට මම, දන්නවනෙ අපි මහළු බව.
එයාටත් ඇහේවිද?
අපිම විතරක් දන්න – ඒ සොඳුරු පෙම් පුවත.
ගඟ දියෙහි වාචාල කේලම්,
කැදැල්ලට ගිනි අවුළුවාවිද?



ඔයානම් ඉස්සර වගේමයි සුමේධ,
මාධවී කියන්නේ මම විතරමද?
ඇරත් ඔහු මා අමතන්නෙ
සේරෝම ස්වර එකම විදියට රළුව,
රිද්මයක් තියා තෙතමනයක්වත් නැතුව,
මං අහන්නේ සුමේධ,
මාධවී කියන්නෙ මට විතරමද?



73 comments:

  1. එක්කො ඕන නෑ ... කව්රුහරි තේරුණු එකෙක් කොමෙන්ට් කොරනකල් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. හයියෝ සජ්ජා, මේක සරල එකක් නේ...

      Delete
    2. ඔක්සිජන් ප්‍රතිශතය වැඩි පහල වායුගෝලයේ මොලයේ ක්‍රියාකාරිත්වය වැඩී. එහි වසන්නන් ලියන කියන දේවල් සාමාන්‍ය අපිට තේරෙන්නෙ නෑ . මට තේරුනේ බට පඳුරු ගොන්නක රහසක් කියල විතරයි. ඒත් ඉතින් අර සින්ලූශා කියල මහත්තයෙක් හැමතිස්සෙම බටකොස්සි කියනව ඇහෙන නිසා.

      Delete
    3. ඈ.. බට නලා සීන් එකක්ද? මාධවී සීන් එක මොකද්ද? මාධව කියන්නෙ නං ක්‍රිෂ්ණා ට කියන නමක් නේද? ගොවිඳු කියන නමත් ක්‍රිෂ්ණාට කියනවා මයේ හිතේ .. ක්‍රිෂ්ණා බට නලා පිඹින බුවෙක් නිසාවට රාධා එකට වශී වෙච්ච සීන් එකක් නම් අහල තියනවා. යමුණා ගඟ අයිනෙ බට පඳුරු තලන්න ක්‍රිෂ්ණාට කතා කරන රාධාගේ ලිංගික ඇරියස් එක ගැන කියවෙන සිංදුවක් නං මට මතක් වෙනවා නන්දා මාලිනී කියන. "යමුණා ගංතෙර"
      ප්‍රාට වගේම මටත් මඥ්ඥං ...

      Delete
    4. /මාධව කියන්නෙ නං ක්‍රිෂ්ණා ට කියන නමක් නේද?//
      ඔවු ...ඔවු මම උඹලත් එක්ක හිටියට මම එසේ මෙසේ එකෙක් නෙමේ.

      Delete
    5. සජ්ජගෙ කමෙන්ට් එක දැක්කට පස්සෙ දැන් මටත් කවිය තේරෙන්නෙ නෑ හප්පේ! මොනවා හිතනවද මන්දා ඔයතරම්!
      මාධවී කියන්නෙ ක්‍රිෂ්ණාටද හැබෑට?

      Delete
    6. එතකොට කම්මලත් මේ ෆිලුම් එකේ රඟපානවද?

      Delete
    7. හැක් හැක්..මාධව සහෝදරයා එසේ මෙසේ එකෙක් නෙවේ තමා... බස්සි පටලෝගෙනද මන්දා.. ක්‍රිෂ්ණා ට මාධව කියල කියනවා...අර කව්දෝ කිව්වා වගේ එක එකා තේරුම් ගන්නේ එක එක විදියට නොවැ.. පිකාසෝගේ චිත්‍රයක් වගේ... මෙන්න සිංදුව..
      https://www.youtube.com/watch?v=qW74osxTy94

      Delete
    8. //බස්සි පටලෝගෙනද මන්දා...//
      අන්න රටක් වටින කතාවක්.

      අර කටුස්සා එදා දුන්න අවවාදේ පිලිපැදීමයි දැන් කලයුතු.

      Delete
  2. සුපිිරි කියන්නේ ඉස්තරම් බං.. හිරි ගඩු පිපුනා වචන වලට..

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ ඔව් ඔව්. තව කොහොමද තේරුම්ගියානම් !!
      නූල් බැඳල තොවිල් නටල දෙහි කපල එන්ඩෙස්කොපි, කොලොනොස්කොපි සමග බයි පාස් එකකුත් කරගන්නවෙනව

      Delete
    2. තැන්කූ වේවා දේශෝ.........!!

      Delete
    3. ඔන්න ඔන්න ප්‍රා! මේකනම් තේරුනේ නෑ කියන්න ඔට්ටු නෑ හරිද!

      Delete
    4. දේශව VOG කෙනෙක්ට පෙන්නනුවනං හරි !! ඕ යේස්

      Delete
    5. පත්තරේ,
      පලව් යන්ට! ඒ මනුස්සයා විතරයි හිත සැනසෙන කොමෙන්ටක් දාල තියෙන්නෙ කවිය තේරුන බව අඟවලා.

      Delete
    6. අය්යෝ බාල්ලා තොපි වගේ හරක් රැලක්.. කපල් එකක් හිටපු ගග ගාව බට පදුරක් තිබුනා.. පොර පස්සේ සංගිතෙකට ගියාම අහපු බට නලා සද්දේ හරියට කෙල්ලගේ කිංකිණිය වගේ.. ඉතිං බට පදුර කෙල්ලගේ කතාව අහං ඉදල බට නලාවක් හදාගෙන කේලං කියලා. එච්චර නේ.. මාධවී කියන්නේ ක්‍රිෂ්ණද අරයද මෙයාද කියල වැඩක් තියේද?/

      වචන භාවිතය කොයි තරං සකසුරුවම්ද කියල එකෙක් බලල නෑ නෙව.. ලැජ්ජයි තොපි ගැන... හැක්

      Delete
    7. Finally.... තේරුම් ගත්තු එකම එකෙක්! තැන්කිව් දේශා!!

      මාධවී කියන්නෙ කෙල්ල. කෙල්ලයි කොල්ලයි ඉස්සර ගඟ ගාව ඉන්නකොට කතා කරපුවා ගඟේ වතුර අහගෙන ඉඳලා. ඒ කේලම කියලා බට පඳුරට.

      කොල්ලා සංගීතෙකට ගියාම ඒකෙ යනවා සින්දුවක්. එතනදි කොල්ලට ඇහෙන්නෙ ඒ බටනලාවත් "මාධවී" ගෙ නමයි, එයාල කතා කරපු දේවලුයි කියවනවා වගේ.

      වස්දඬුව = බටනලාව හදන්නෙ බට පඳුරු වලින්.

      //ඇරත් ඔහු මා අමතන්නෙ
      සේරෝම ස්වර එකම විදියට රළුව//
      මේ දෙන්නම දැන් වෙන වෙන අයව කසාද බැඳලා. කොහොමත් ප්‍රථම ප්‍රේමය විවාහයෙන් කෙලවර වෙන්නෙ කීයෙන් කී දෙනාගෙද. ඒකෙන් කියන්නෙ නෑ ඔහු/ඇය පවුලට ආදරේ නෑ කියලා. ආදරෙයි, හැබැයි මේ 'ආදර' දෙක වෙනස්.

      මේක නිකම්ම කියාගෙන යන කතාවක්. ඒත් අන්තිමේදි මට ඕනෙ උනා ආතල් එකේ කියවගෙන යන එකාගෙ ඇහැට අනින්න. ඒකයි කවිය අවසන් කරන්නෙ මෙහෙම;
      //මං අහන්නේ සුමේධ,
      මාධවී කියන්නෙ මට විතරමද?//

      කවිය කියවන "මාධවී"ලටත්, "සුමේධලාටත්" තමන්ගේ ප්‍රථම ප්‍රේමය සිහිවුනානම් මෙතන හිතට වදිනවා.
      [බ්ලොග් එකේදි මම බොහොම අසාර්ථකයි මේ කවි සම්බන්ධයෙන්. ඇත්තටම කණගාටුයි ඒ ගැන. නමුත් මෙතන මම නිර්මාණය කරන්න හදපු සහකම්පන අවස්ථාව විඳපු අය අතලොස්සක් හිටියා මුහුණු පොතේ නම්. ඒත් මදැයි. අනික, දේශා, කලා, සිරා වගේ කීපදෙනෙක් මෙතන තේරුම් අරන් තියෙනවා.]

      Delete
  3. ආවා...සද්දම නැතුව යන එක නරක පුරුද්දක්ලු.අවන්කෙම්ම මටත් හෙන පැටලිලි සහගතයි. කව්රු හරි ලිහාගන්ට උදව් කරනවා නම් අගෙයි.. බස්සි දුක් වෙන්ට කාරි නැතුවා. හැමදාම වෙන එකේ අනිත්පැත්ත වෙලා.(අපි කාටත් නොතේරුන මේක අපේ දේශා තේරුම් අරං නොවැ .මං හිතන්නේ දේශා අපිට අවුල් ගිය තැන් ලිහයි .)

    ReplyDelete
    Replies
    1. මට හිතාගන්න බැරි මෙයාලා නොතේරුන බව කිය කියා සංවිධානාත්මක ජෝක් එකක්වත් කරනවද කියලයි. (මොකද මට මතක හැටියට මේ කවිය එෆ් බී දාපු වෙලේ දිලා කමෙන්ට් කරලත් තිබුනා. :P )

      Delete
    2. දේශාගේ කමෙන්ටුව සහ ඒකට මම දාපු රිප්ලයි එක පොඩ්ඩක් බලන්න.

      Delete
    3. සහකම්පන අවස්ථා ව හැර අනිකුත් අවස්ථාවන් තේරුණා.සජ්ජාගේ කොමෙන්ටුව දැකල මම තවත් කොයිල් උනා. ඔන්න ඕකයි උනේ. :P

      Delete
  4. මාධවී ඒනකල් අපිට ඔ්වාට අත දාන්න බැහැ බස්සි....... මොකද මාධවී නැති තැන මාධවී ගැන කතා කරන ඒක හරි නැහැනේ.. අපි ඔය නැති තැන මිනිස්සු ගැන කතා කරන්න කැමතිම නැහැ..... මාධවි අාපු දැන්කෝ.........

    ReplyDelete
    Replies
    1. දේශාගේ කමෙන්ටුව සහ ඒකට මම දාපු රිප්ලයි එක පොඩ්ඩක් බලන්න කුරුටු.

      අවුලකුත් නෑ ඉතින් කවියක් ලිවුවට පස්සෙ, ඒක පබ්ලිශ් කලාට පස්සෙ ඒකෙ අයිතිය මට නෙමෙයි කියවන අයට.

      Delete
  5. ඔන්න මම ඇවිත් මේක ලෙහනවා මට ගැලපෙන විදිහට, හරිද?
    නම ගැන හිතනවට වඩා වඩා ඉපැරණි කාව්‍ය සංග්‍රහයක් සිහි කරගැනීම වටී.
    //සංගීත සාදයෙහි සල්ලාල වස්දඬුව// පැහැදිලිවම සල්ලාල වුනා.. පසුව... බොහෝ අය අපෙන් සල්ලාලකමම අපේක්ෂා කල නිසා.
    //මුල් ස්වරය ගැඹුරෙන්ද, අවසන් ස්වරය මෘදුවද ,//
    මුල් ස්වරය සැහැල්ලුවක්ද ... අවසන් ස්වරය ගැඹුරක්ද තමා එක් කලේ.
    //දැන් තරුණ වස්දඬුවකි...අපි මහළු බව// මේක අපිටනම් ගැලපෙන්නෙ නෑ. අපි කවුරුවත් මහලුත් නෑ. තරුණත් නෑ. //කැදැල්ලට ගිනි අවුළුවාවිද?// නෑ අයියෝ... අපේ කැදැල්ල සතුට පිරි බාලිකාවක එකම පිරිමි විදුහල්පති මා, සොඳුරු සම විදුහල්පති සමග.
    //සේරෝම ස්වර එකම විදියට රළුව// නෑ අනේ... මුදුව අමතපු ස්වර අනන්තයි ඔබට නොපෙනුනු.

    බලන්නකො ඒකෙත් හැටි!

    ReplyDelete
    Replies
    1. මේකා කවිය කාලා.. අපරාදේ මේකට මාධවී කෑල්ලක් දැම්මේ.. හැක්.

      Delete
    2. දුප්....
      ඇයි බං මේකි ලියන ඒවා ඉතිං අර මගුල් පරක්කුව වගේනෙ. අපි වැඩ කාගෙන ලෙහන්ට ට්‍රයි කොරනවා.

      Delete
    3. හරි! එහෙනං ඔන්න ප්ලෑන් බී.
      මේ කියන්නෙ රාධා ක්‍රිෂ්ණා ප්‍රේම පුරාණය වෙන්න ඕනි. බටනලාවල නං පිඹින්න ගන්නකොට රළුයිනෙ. පස්සෙ තමා මෘදු ස්වර එන්නෙ. කොහොමත් මුලදි මෘදුව වයන ස්වර පහුකාලීනව (බැන්දට පස්සෙ හෙම) ඔක්කොම රළු වෙනවනෙ. ක්‍රිෂ්ණා රාධාගෙ විශ්වාසය කඩකරලා තියෙනවානෙ. ඊට පස්සෙ ආයිත් රාධා වෙත ඇවිත් තියෙනවා. ඒ නිසා වෙන්න ඇති “හිමි සඳුනේ මගෙ විතරද?“ වගේ පුරස්නයක් අන්තිමට අහන්නෙ.

      Delete
    4. තැන්කූ මාධා!!

      “හිමි සඳුනේ මගෙ විතරද?“!! no way!

      දේශාගේ කමෙන්ටුව සහ ඒකට මම දාපු රිප්ලයි එක පොඩ්ඩක් බලන්න.

      අවුලකුත් නෑ ඉතින් කවියක් ලිවුවට පස්සෙ, ඒක පබ්ලිශ් කලාට පස්සෙ ඒකෙ අයිතිය මට නෙමෙයි කියවන අයට. ඔයාගෙ කියවීම ඔයාට.

      Delete
  6. 'බලන් කැඩපත සොඳුරියේ' කියන පදපෙළ මතක් වුණා.

    ප්‍රේමයේදී අපි මහලු වෙනවද?

    ReplyDelete
    Replies
    1. නෑ නේද?

      විචාතුමාටනම් කවිය තේරිලා නේද?

      Delete
  7. ඊසිලි ද බෙස්ට්!
    මං උඹට කියුවනේ.. ඉක්කනට පේටන්ට් එකක් ගන් මේ ටිකට..
    //සංගීත සාදයෙහි සල්ලාල වස්දඬුව,
    ඔබේ නම නැවත නැවතත් ගයන.
    මුල් ස්වරය ගැඹුරෙන්ද, අවසන් ස්වරය මෘදුවද ,
    මා ඔබේ නම උසුරුවන විදියටම.//

    කාටවත් නෙවෙයි මටම ඉරිසියයි..
    (අනික මේ 'පිටිපස්සට හේත්තු කරල' තියෙන එලයින්මන්ට් එක මටනම් කවියේ රසයට බාදාවක්.. වමට ගත්තනම් හොඳයි..)

    ReplyDelete
    Replies
    1. තැන්කූ කලා!

      එහෙම කරානම් මේ තේරෙන ටිකවත් තේරෙයිද? ඒකයි එලයින්මන්ට් වෙනස් කලේ. අනේ මන්දා. ඔහොම කීවට මටනම් හෙනම අවුල්. මේකෙන් පේන්නෙ මගේ දැඩි නොහැකියාවම නෙමෙයිද?

      Delete
  8. අඩේ මට මුකුත් තේරුනේ නෑ :D. මම බුකියෙත් ලයික් එකක් දාල නිකං හිටියා හි හි.

    ReplyDelete
    Replies
    1. දේශාගේ කමෙන්ටුව සහ ඒකට මම දාපු රිප්ලයි එක පොඩ්ඩක් බලන්න මනා.

      Delete
    2. මේ උඩ කමෙන්ට් වලින් ක්‍රිෂ්නයි අරුනුයි මුනුයි ගැන දැකල අවුල් වෙලා හිටියෙ. පැහැදිලි කිරීම බලල ආයෙ කියෙව්වා. සෝක් එකට තේරුණා :D. ආයෙ නම් කමෙන්ට් කියවන්න හොඳ නෑ :D.

      Delete
  9. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක් වගෙයි..

    ReplyDelete
    Replies
    1. දේශාගේ කමෙන්ටුව සහ ඒකට මම දාපු රිප්ලයි එක පොඩ්ඩක් බලන්න දිනේෂයියේ.

      Delete
  10. ඩාන්.... ඩොන්..... ඩින්... ඩින්.......... ඇහෙනවද මම ඔලුව ගලේ ගහගන්න සද්දේ ????????

    ReplyDelete
    Replies
    1. දැන්ම මැරෙන්නෙ ඇයි විහින්...තව මිරිස් පාත්ති දෙකකට පොළවත් පෙරලුවා නේද...

      Delete
    2. මැලේ ඔයා නෙමෙයි මමයි ඔලුව හප්ප ගන්නෙ.

      Delete
  11. ම්හු... එක එක ඒවා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. දේශාගේ කමෙන්ටුව සහ ඒකට මම දාපු රිප්ලයි එක පොඩ්ඩක් බලන්න තුශා.

      Delete
  12. තරුණ වස්දඬු සල්ලාල වෙන්නේ කොහොමද ?
    ඒ ආදරයම බව වටහා නොගන්නේ මන්ද

    ReplyDelete
    Replies
    1. ඇහ්? මමනම් හිතන්නෙ ඒ දෙක දෙකක්.

      දේශාගේ කමෙන්ටුව සහ ඒකට මම දාපු රිප්ලයි එක පොඩ්ඩක් බලන්නකො මනෝ.

      Delete
  13. "සල්ලාල වස්ඳඬුව" කිව්වම සමාජ රෝග හැදිච්ච එකෙක්ව මතක්වෙන්නේ මට විතරද ...???

    ReplyDelete
    Replies
    1. ඊස් ඇට් ඔලුව ලැප් එකේ හප්පා ගනිමින්.

      සමාවෙන්න. කිසිදු කුණුහරුපයක් ව්‍යංගයෙන් පැවසීමට උත්සාහ ගෙන නොමැත.

      Delete
  14. තේරෙන්නේ නැහැ බං.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ම.ක.සි!
      දේශාගෙ කමෙන්ටුව සහ එතන මගේ පිළිතුර බලන්න.

      Delete
  15. මට නුඹ විතරක් උනාට,
    උඹට ඉන්නේ මම විතරද....?

    ReplyDelete
    Replies
    1. ඔහොම සීන් එකක් නෙමෙයි අෆ්ෆා.... :/

      දේශාගෙ කමෙන්ටුව සහ එතන මගේ පිළිතුර බැලුවොත් යම් අදහසක් එයි.

      Delete
  16. බස්සිගේ කවිය කියෙව්වාම මට නොදැනිම මතක් වුනේ මගේ ප්‍රියතම බූට් සින්දුවවන ABBA ගයන The Winner Takes It All.

    මෙන්න මේ පදටික...

    But tell me does she kiss
    Like I used to kiss you
    Does it feel the same
    When she calls your name...

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඩූඩ්! ඒ කියන්නෙ කවුරු මොනවා කීවත් ඩූඩ් නම් කියන්න හදපු දේ තේරුම් අරන්. ගොඩක් සතුටුයි ඉතින්.

      Delete
  17. මේ වචන බොට කොහෙන් එනවද මන්දා..මට හිතාගන්න බෑ..හැම වචනයක්ම ඒක තුල ගලායන රිද්මයට අපූරුවට අනුගත වෙලා තියෙනවා. ජය වේවා නගා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා අයියේ..!!

      Delete
  18. කයියක් විදහට රසවින්දා
    මෙලෝ මගුලක් තේරැනේ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩා!!

      තේරුම් ගන්න තරම් දෙයක් නෑ. මින් පස්සෙ බ්ලොග් එකේ කවි ලිවීම සීමා වෙයි.

      Delete
    2. පිස්සුනම් කරන්න එපා නංගී.. උඹ ලියපං මං විචාරයක් දාන්නම් මේ අයියලාට තේරෙන්න.. අනේ අම්මේ රසවින්දනය කියනෙක උගන්නන ඉස්කෝලයක් නෑනේ හැබෑවට.. හැක්.

      Delete
    3. තේරුම් ගන්න තරම් දෙයක් නෑ. මින් පස්සෙ බ්ලොග් එකේ කවි ලිවීම සීමා වෙයි.
      #%^&**^$@$%^*%#@
      බස්සි එහම කරෙත් ආය තෙගෙයි මගෙයි යාලුකමක් නෑ..ආය මචං කියලා කතා කරන්නෙත් නෑ.
      දේශාගේ කමෙන්ටුවයි උබේ පිලිතුරයි බැලුවාම තේරැනා මචං.
      හිත රිදුනා නම් සමාවෙයන් වස්තුවේ...උඔ දන්නවනේ මට රසවින්දනය පොඩ්ඩක් අඩුයි කියලා.
      සමාවෙන්න..
      සමාවෙන්න..

      Delete
    4. හෑ කවි ලිවීම සීමා වෙයි?????

      එතකොට අපි මෙච්චර ආසාවෙන් කමෙන්ට් කරන්නෙ කොහෙද?
      නොතේරීම කමෙන්ට්කරන්න කිසිම බාධාවක් නෙමෙයි කියල මං ඉස්සරත් කිව්ව.

      Delete
    5. එහෙම නෙමෙයි, මම කල්පනා කලේ වෙනම බ්ලොග් එකක කවි විතරක් දාන්න. මොකද මම ලියන "කවි වගේ ඒවා" සේරම මේකෙ දාන්නත් බෑ. ඒ නිසා ඒවා එෆ්.බී දැම්මම එතන ලියැවිලිවලට ලොකු පැවැත්මකුත් නැහැ. කවි වෙනුවෙන් වැඩි වැඩකෑලි නැති චාම් බ්ලොගක් ඇටෙව්වා නම් හොඳයි කියල හිතුනා.

      Delete
    6. පිස්සුද මෙන්ඩෝ සමාව ඉල්ලන්නෙ මක්කටෙයි!

      Delete
  19. කවිය ලස්සනයි, මට නම් කවියක වචන ගැලපීමේ ලස්සන විඳින්න කවියාගේ අදහස සම්පූර්ණයෙන්ම තේරෙන්න ඕන නැහැ. කමෙන්ට්ස් ටිකත් විනෝදජනකයි. කවියේ මේ කොටස පොඩි පහේ පරණ මතකයක් එක්ක ගැලපුණා..//මුල් ස්වරය ගැඹුරෙන්ද - අවසන් ස්වරය මෘදුවද ,
    මා ඔබේ නම උසුරුවන විදියටම රසකර // ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාලු. ඔයාගෙ නම කියන්නෙ "ලෑන්" කියලද?

      මටත් එහෙමම තමයි. ඒත්.... ඒත් ඉතින් අනේ මන්දා අෆ්ෆා.

      Delete
    2. කොමෙන්ට්ස් කියවලා මොංගල් වගේ උනාද? ලෑන් නෙවෙයි බොල ඉයන්.. හැක්.

      Delete
    3. බස්සි කල්‍යාණ මිත්‍ර හරි. මගේ බ්ලොග් නම ඉයන්. ස්තූතියි

      Delete
    4. අනේ සොරි වෙන්න ඉයන්. මම කැපිටල් 'අයි' එක දැක්කෙ සිම්පල් 'එල්' වගේ.

      Delete
  20. මාධවී ඇවිත් ගියා ඔන්න.. :D

    ReplyDelete