Friday, November 27, 2015

වැල්ල දැනගෙන - රැල්ල පාගමු



මේ දවස්වල බස්සිගේ ජීවිතේ තවත් බරපතල අවස්ථාවකට පිඹුරුපත් සැකසෙමින් තියෙන්නේ. හා හා සබන් පවුඩර් ගන්න එපා දැන්ම. අපේ කට්ටිය වැදගත් දෙයක් කිව්ව ගමන් හිතන්නෙ ඔය වගේ දේවල් නෙ. එහෙම දෙයක් නෙමෙයි. මේක බස්සිව කියවන්න කැමති අයට වැදගත් දෙයක්.


ඉතින් ඒ වැඩේට කාර්යබහුල වීමත් එක්ක අලුත් කතා ලියන්න ලැබෙන කාලය ටිකක් අඩුයි. ඒ නිසා සමාව බාජනේකට දාලා අදට මේ ලිපිය කියවන්නකෝ.


අර වැඩේ ගැන දැනටමත් දන්න අයත් කීපදෙනෙක් ඉන්නවා ඉතින්. ඊගාව බසු ලිපියෙන් ඒ ගැන මුලු සිංහල බ්ලොග් අවකාශයටම කියන්නම්.



*************************


වැල්ල දැනගෙන - රැල්ල පාගමු
________________________







ලක්බිම
නොවැම්බර් 09 වැනි සඳුදා. - පිටුව 14



අද කාලෙ හැමදේම යන්නෙ රැල්ලට. රැල්ලට යන්න එපා කියල නවකයන්ට බැණීමත් එක්තරා විදියක රැල්ලක්. ඒ කියන්නෙ මුළු ලෝකෙම යන්නෙ රැල්ලට.


අපිට වැඩක් කරන්න ඕනෙනම් රැල්ල ස්පර්ශ නොකර බැහැ. වැල්ලෙ ඉඳගෙන රැල්ල නරඹන උදවිය වෙනුවෙන් රැල්ලට බහින්නම වෙනව.මේක කවියට, සංගීතයට, රංගනයට, චිත්‍ර මූර්තිවලට විතරක් නෙමෙයි, සකලවිධ කලාවන්ටම පොදුයි. සකලවිධ කලාවන්ටම කිව්වම ඉවුම්පිහුම් ඉගැන්වීමත්, ඒ ලෙවල් විභාගෙට ටියුෂන් දීමත්, සෙනසුරු මාරුව ගැන සන්නිවේදනය කිරීමත් කලාවක්.


රැල්ලට යන උන් අසාර්ථකයි කියන කතාව විශ්වීය නියමයක් තරමටම මිනිස්සුන්ගෙ හිත්වලට කාවැදිල. අපි සාර්ථකයි කියන්නෙත් රැල්ලෙ රඟදක්වන උදවියටමයි. නමුත්, අපි හිතනව එයාල ඉන්නෙ රැල්ලට ඉහළින් කියල.


රැල්ල ස්පර්ශකරලා මුහුදට පැනපු උදවියගෙන් සමහරු දක්ෂ යාත්‍රිකයො වෙද්දි, සමහරු අඩි දහයක් යන්න කලින් ගිලෙනවා. තවත් සමහරු එකපාරට බර්මියුඩාවට කඩා වැටෙනවා. දක්ෂ යාත්‍රිකයෙක්, එහෙමත් නැත්නම් රැල්ලට ඉහළින් ඇවිදිනව වගේ පේන කෙනෙක් වෙන්න ලේසි නෑ.


මුලින් යන්න ඕනෙ වැල්ලට. වැල්ලෙ ඇවිද ඇවිද බලන්න රැල්ලට ඉහළින් ඉන්න අයගෙ විශේෂත්වය. පැහැදිලිව නොපෙනුණොත් දුරදක්නයක් අරගන්න. නිරීක්ෂණයයි වැදගත්.


රැල්ලට ඉහළින් දර්ශනයවෙන සාර්ථක නාවිකයො හැමෝටම තියෙනව තමන්ගෙම පිරිසැලසුමකට අනුව නිර්මාණය කරගත්ත යාත්‍රාවක්. ඒ යාත්‍රාව සැලසුම් කරල තියෙන්නෙ එයා යාත්‍රාකරන මුහුදට ගැලපෙන්න. මෙහෙම කියමු, කිමිදුම්කරුවෙක්ගේ යාත්‍රා පිරිසැකසුම දූපත් ගවේෂකයෙකුගෙ යාත්‍රා පිරිසැකසුමට වඩා හාත්පසින්ම වෙනස්. තේරෙන භාෂාවෙන්ම කිව්වොත්, කවියෙකුගේ ශක්තතාවය කෙටිකතාකරුවෙක්ගේ ශක්තතාවයට වඩා වෙනස්.


හැබැයි එක මුහුදක දිනන්නෙ එක්කෙනයි. ජයග්‍රාහකයෙක් වෙන්නම ඕනෙනම් ඔයාට සිද්දවෙනව වෙනස් මුහුදක් හොයාගන්න.


මුහුදක් හොයාගත්ත කියමු, මගේම ආරක යාත්‍රාවකුත් හදාගත්ත කියමු, ඒත් කෝ අර පරණ මුහුදුවල වෙරළෙ පිරිල උන්නු මිනිස්සු?


අන්න ඒක දරාගන්න වෙනව. මුලදි වෙරළ මලපාළුයි. හැබැයි ඔයාගෙම ක්‍රමේකට ඉස්සරහට යනකොට ඈත වැල්ලෙ නරඹන්නො එකාදෙන්නා එක්කාසු වේවි. ඔයාගෙ යාත්‍රා ශෛලිය ඒකාකාරියිනම් එයාල මුහුදටම ඇහෙන්න හූ කියාවි. කරන්න තියෙන්නෙ අලුත් යාත්‍රා විලාසයන් අත්හදා බලන එකයි.


ඔහොම කාලයක් ගතවුණාට පස්සේ බොහොම පිරිසක් ඔයා දිහා බලාගෙන ඔල්වරසන් දේවි. කුණාටුවට යාත්‍රාව හෙලවුණොත් හූ කියාවි.


ඔය අතරෙ, ඔයා දිහා වැල්ලෙ ඉඳන් බලන් උන්න සමහරු ලෑලි කෑල්ලක්වත් නැතුව නිකම්ම මූදට පනින හැටි දැකගන්න ලැබෙයි.‍ යාත්‍රාවක් හදාගන්න කියල කොච්චර කෑගැහුවත් පෙළක් කොලු කුරුට්ටො ගල් පරයක වැදිල කුඩුපට්ටම් වෙනකම් රැල්ලටම යාවි. ඔවුන්ගෙ සුන්බුන් වැල්ලට ගහගෙන එද්දි වැල්ලෙ ඉන්න මිනිස්සු කම්මුලේ අත තියාගෙන, “රැල්ලට යන්න ගියොත් නිකම් නහින්නයි වෙන්නෙ.” කියල සුපුරුදු විදියට කියාවි


සමහර කොලු කුරුට්ටො ඔයාගෙ යාත්‍රාවෙන් ගැලවුණ ලෑලි කෑල්ලක් බදාගෙන ඈත මුහුදට පාවෙන්න යාවි. ඒ විතරක්යැ, සමහරු ඔයාගෙ යාත්‍රාවෙ කොටස් මංකොල්ලකන්නත් හදාවි. එහෙම හොරකම්කරගත්තු ලෑල්ලක් උඩ ඉඳන් පිනුමක් ගහද්දි වැල්ලෙ නරඹන්නෝ ඔවුන්ටත් ඔල්වරසන් දේවි.


ඔයාගෙ යාත්‍රාවෙ, ඔයා මහන්සියෙන් මල්කම් ලියකම් කැටයම් කරපු ලෑල්ලක් වෙනකෙනෙක් මංකොල්ලකාපු හැටි දැක්කම හිත රිදෙනවා තමයි. 'මගෙන් හොරකම් කරපු එකක් නේද' කියල ඇහුවොත් සමහරු ඔයා එක්ක සණ්ඩුවටත් ඒවි. අපහාස උපහාස කරාවි. තමන්ගේ කුණුගඳ හංගාගන්න හිතාගෙන ඔයා එයාව අනුකරණය කරා කියල වුණත් කියාවි.


ඒ අපරිණත මිනිස්සුන්ගේ හැටි. ඒවට කම්පා වෙන්න එපා. කාලයත් එක්ක වැල්ලේ ඉන්න පරිණත මිනිස්සු අඳුනාගනීවි ඒ ඔයාගෙන්හොරකම්කල කැටයමක් කියල.


ඔහොම ටික කාලයක් ගතවෙනකොට ඔයාට හමුවේවි වෙනස් වෙරළවලින් වෙනස් මුහුදු හොයාගෙන යාත්‍රාකරන සහෘද යාත්‍රිකයෝ. ඔවුන් ඔයාට අතවනාවි. මුලදි පෙනෙන නොපෙනෙන මානයේ ඉඳන් ඔවුන් මෙහෙම කෑගහවි;


“ඔහෝ අතදරුවා! සාදරයෙන් පිළිගන්නවා උඹව මහ මුහුදට!!”


ඔයා අතදරුවෙක් නොවෙනබව හගිස්සන්න යාමෙන් වෙන්නේ ඔයා අතදරුවෙක්ම බව තහවුරු වීමයි. ඒ නිසා කළයුතු හොඳම දේ ප්‍රවීණ යාත්‍රිකයන් සමග සුහද සිතින් තමන්ගේ ගමන යන එකයි.


අන්තිමේදි ඔයාට පෙනේවි ප්‍රවීණ යාත්‍රිකයොත්, නවක යාත්‍රිකයොත් හැමෝම වෙනස් යැයි කියමින් යාත්‍රාකරන්නෙ එකම මුහුදක බව. වෙනස් වෙන්නේ වැල්ල මිසක්, මුහුදවත්, රැල්ලවත් නොවෙන බව.


නමුත් අමතක කරන්න එපා, ටයිටැනික් නැවත් මුහුදෙ ගිලුනෙ නොහිතූ විදියට!


සයුරු තරණය කාලයත් එක්ක නීරස වෙන්න පුළුවනි. බොහෝ යාත්‍රිකයො තමන්ට එපා වුණත් වැල්ලේ ඉන්න නරඹන්නන්ගේ ආකර්ෂණය වෙනුවෙන් දිගටම යාත්‍රා කරනවා. ඔල්වරසන් දෙන්නන්ගේ අවසාන අත්පොලසන් හඬත් නෑසී ගියාමයි ඔවුන් මහා කම්මැලිකමකින් ආපහු වැල්ලට එන්න හැරෙන්නේ. සයුරු තරණය රඳා පැවතිය යුත්තේ තමන්ගේ ප්‍රීතිය උදෙසාම බවයි මගේ පෞද්ගලික හැඟීම.



- යශෝධා සම්මානි ප්‍රේමරත්න -




79 comments:

  1. බස්සියේ ......................... හැම තැනම කුරුට්ටෝ කුරුට්ටෝ කියලා ලියලා තියෙන්නේ අපිට යෑ... අපෙත් ඒක්ක හරියට තරහට ලිව්වා වගේ නෙවැ....... මොකක්ද අවුල...???????

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. කුරුටු ගෑ ගී පවුර කියන්නෙ බස්සි කැමතිම කවි පලවෙන අවකාශයක්.

      (මේක කාලෙකට කලින් ලිව්ව ලිපියක්. ලක්බිම N එක සංස්කරණය කරන රංජිත් කුමාර සමරකෝන් අයියා ළඟදි මේක බ්ලොග් එකේ දැකලා පත්තරේ දාන්නද ඇහුවා. අන්න එහෙමයි උනේ)

      Delete
  2. චැ......... අපරාදේ ගත්තු සබන් පව්ඩර් ටික

    ReplyDelete
    Replies
    1. ඒවා මූණෙ ගාගෙන සූදානමින් ඉන්නකො.

      Delete
  3. මම නම් පවුඩර් ගාලා ලෑස්ති වෙලා ඉන්නෙ...

    ලිපිය අගෙයි... නංගි..

    ReplyDelete
    Replies
    1. තරු අක්කා ඉතින් මගෙ මූණෙත් පවුඩර් ටිකක් ගාලා මාවත් ලෑස්ති කරන්න උදව් උන එක්කෙනෙක් නෙ. :D

      ස්තූතියි අක්කෝ!

      Delete
  4. නත්තලට කලින්ද පහු වෙලාද???

    ReplyDelete
  5. Replies
    1. බොහොම ස්තූතියි මාතලන් බොස්!

      Delete
  6. අවුලක් පේනවා ... මේක බලපුවම .... බස්සියෝ .... දැනගෙන ගියොත් කතරගම ...... නොදැන ගියොත් අතරමග ...... ඉතින් මේ බස්සි කොහොමද අතරමන් වෙන්නේ .....?
    තවත් ගැඹුරු මුහුදටම යන්න .... ඔය නැව ගිලෙන්නේ නෑ . ශක්තිමත් ......
    හැමෝටම ටටා ...... කියන්න .විසිල් ගහන්න ..... බය වෙන්න එපා ..... ඔයාව වට්ටන්න කාටවත් බෑ .... අහල පහල ඉන්න උන් ගැන ටිකක් බලුඔත් ඇති ..... මොක්කුන්ද කියලා ....

    ReplyDelete
    Replies
    1. අවුලක් නෙමෙයි නිහිංසා, අලුත් වැඩක්. හිහී!
      මේ ලිපිය ගොඩක් කලින් ලිව්ව එකක්.

      Delete
  7. රැල්ල සිඹින වැල්ල අපට මෙහෙම කියනවා..
    අදට වඩා එළිය හඳක් හෙට පායනවා!!!

    ReplyDelete
  8. අඟල් දහයෙ හීල් එක සර්විස් කරල ගත්තද වැඩේට?

    ReplyDelete
    Replies
    1. අනිවා!
      නැත්තම් "හොල්මනක් කතාකරයි" වගේ සීන් එකක් වෙයි.

      Delete
    2. Invisible woman
      ( Fantastic 4)

      Delete
  9. ඒ විතරක්යැ. මූද හත්ගව්වක් තිබියදී, අමුඩ ගසන්නොද සිටිති.

    ReplyDelete
    Replies
    1. තවත් සමහරු, බර උනාට පස්සෙ පිට්ටනි හොයනවා. ඔය අතරෙ තවත් අයගෙ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඕක ඉතින් ලෝක ස්වභාවයනෙ විචාරක තුමෝ.

      Delete
  10. එල ද බ්‍රා
    කාරනාව මොකක් වුනත් සුබ පතනවා

    ReplyDelete
  11. ලිපිය අගෙයි බස්සියෝ..
    හරි ලස්සනට ගලපලා කියන විදිය හරිම අපූරුයි..
    අලුත් වැඩේ මොක වුනත් ජය ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු!!

      Delete
  12. ගෙනත් දුන්නොත් සබං පවුඩර් ගා ගන්නං.
    එනිවේ වෙන්න තියෙන හැම වෙඩිමකටම සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ප්‍රසන්න අයියට ෆේස්බුක් එකෙන් විස්තරේ දැනගන්න ලැබෙන්න ඇති. හෙට බ්ලොග් එකෙනුත් කියනවා!

      Delete
  13. මොක උනත් මම මුහුදට කැමති නැහැ...
    මොකක්හරි වැඩක් කරන්න යනවනම් ආන් ඒකට සුභ පතනවා...

    ReplyDelete
    Replies
    1. බෝට්ටු පැද්දෙන දිහා බලන් ඉන්න අමාරු නිසාද මුහුදට අකමැති? හැක හැක..

      Delete
    2. ආන් ඒ වැඩේ ගැනත් කියන්නම්කො ලොකුපුතාට සහ කළණේට හෙට දිහාට.

      Delete
  14. ...//අන්තිමේදි ඔයාට පෙනේවි ප්‍රවීණ යාත්‍රිකයොත්, නවක යාත්‍රිකයොත් හැමෝම වෙනස් යැයි කියමින් යාත්‍රාකරන්නෙ එකම මුහුදක බව//....

    හරියට ජීවිත මහා සාගරය වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝ. මෙතැනදි කියන්නෙ නිර්මාණකරණය කියන සාගරය ගැන.

      Delete
  15. තේරුණා කියල බොරුවක් කියනවද කියල කල්පනා කළේ.
    වැල්ල කියන්නෙ විවාහය වගේ දෙයක් කියල හිතාගෙන කියෙව්ව.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ වෙලාවට මගේ කමෙන්ට් කලාව අනුගමනය කරන්න..

      Delete
    2. නැහැ ඉයන්. මම මේක ලිව්වෙ කලා නිර්මාණකරණය ගැන. කාලෙකට කලින් මම ලිව්ව එකක් උස්සපු කෙනෙක් ගැන ලියපු දෙයක් මේ. මේක ළඟදි පත්තරේක ගියා. එච්චරයි ඉතින්.

      මෙන්ඩාට දැන් ටික කාලෙක ඉඳන් අපි ලියන මෙලෝ සංසාරයක් තේරෙන්නෙ නැතුව ගිහින් නෙව! ඉස්සරත් කමෙන්ට් කලේ එහෙමද? :P

      Delete
  16. ලිපිය ලස්සනයි. මේක කලින් ෆේස්බුක් දැම්මද? කියෙව්වා වගේ මතකයක් තියනවා. බලමුකෝ අර අලුත් වැඩෙත්...

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් දැම්මා අඟහරු මල්ලි. මීට වඩා දිගට, මේ හා සමානම ලිපියක් බ්ලොග් එකේ කාලෙකට කලින් දැම්මා. :)

      Delete
  17. කොහෙන් හරි මේ කතාව කලින් කියවලා තියෙනවා .....
    සුබ පතනව අලුත් වැඩේට.

    ReplyDelete
    Replies
    1. පරණ බ්ලොග් පෝස්ටුවක්මයි මේ එඩිට් කරලා යැව්වෙ.

      Delete
  18. හුළඟ හමන්නේ කොහාටද කියල අපි වැල්ලට වෙලා බලා ඉන්නව එහෙනං...

    ReplyDelete
    Replies
    1. ඔයා පරිණත යාත්‍රිකයෙක් නෙ.

      Delete
  19. වැඩේට සුභ පැතුම්.. අපිටත් එන්න පුළුවන් දවසක උනොත් එන්නම්..

    ReplyDelete
    Replies
    1. සෙනසුරාදා පුලුවන් නේද?

      Delete
  20. අපි එකෙන්ම ෂපෝට් මචෝ !!!!

    ආං එච්චරයි … ඕ යේස්

    ReplyDelete
  21. අපිනං ගොඩ ඉඳං පීනනවා. මොකට නහිනවද ගිලිලා...හැක් හැක්.

    ReplyDelete
  22. බස්සියෝ, මේක ටික කාලෙකට කලින් මේ විදියටම කියෝලා තියෙනවා වගේ මතකයි..

    මොකක් වුනත් ඉතින් මල් හතයි.

    සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ ඉස්සර ලිව්ව එකක්.

      Delete
  23. මටත් එදාට එන්න හැකිවේවි සුභ පතන්න!

    ReplyDelete
    Replies
    1. දෙසැම්බරේ ඉවෙන්ට් එක දැමීමෙන් පාඩුවක් වෙලා නැහැ එහෙනම්. ස්තූතියි රසික!

      Delete
    2. ජස්ට් මිසින් බයි එ කෙස් ගස්...!

      Delete
    3. අයියෝ! අපරාදෙ. :)
      වෙඩිමක් නිසා තුන්වෙනි සතියෙ තිබුන එක දෙවැනි සතියට ගත්තෙ.

      Delete
  24. ඔබත් මාත් උපදින්නේ එකම වෙරළක, පිහිනන්නේ එකම මුහුදක!

    (ධර්මසේන පතිරාජා ගේ බඹරු ඇවිත් චිත්‍රපටයේ ප්‍රචාරක පාඨයකි - රචනය-බණ්ඩාර කේ විජේතුංග)

    ReplyDelete
    Replies
    1. "ඔබත් මාත් උපදින්නේ එකම මුහුදක, මිය යන්නේ එකම වෙරළක" ද මන්දා

      Delete
    2. http://sinduano.blogspot.it/2015/11/blog-post_9.html?m=1

      ඔබත් මමත් උපදින්නේ පිහිනන්නේ එකම මුහුදක .ඔබත් මමත් මිය යන්නේ එකම වෙරළක වැල්ලක " (බඹරු ඇවිත් )






      Delete
    3. ඒක අහලා තිබුනෙ නෑ. ලස්සන සින්දු ටිකක් නම් අහලා තියෙනව ඒ ෆිල්ම් එකේ. මුහුදු වෙරලක් ආශ්‍රිත කතාවක් නේද?

      Delete
  25. මුහුදෙ නැව් ගියාට පාරවල් හිටිනවයැ බස්සියේ.....

    ReplyDelete
    Replies
    1. ඒකනම් වෙනමම කතාවක් නේද? :D :D

      Delete
  26. දීල තියෙන ඉඟි වලට අනුව නම් සුභ කටයුත්තක් වගේ.. ඒකෙනුත් අපටම වාසියක් වෙන වැඩකුත් වගේ.. මොකක් උනත් ජයවේවා..!!
    ආ... මුහුදු උපමාව අගෙයි.ගස්ලබ්බත් ලුණුවතුර පෙවි පෙවි බෝට්ටුවක් හදන ගමන් නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පැපෝ!!
      ලුණු වතුර පෙවි පෙවි කට්ට කාගෙන කරද්දි තමයි ප්‍රතිඵලය වැඩිපුරම රහට දැනෙන්නෙ.

      Delete
  27. අළුත් වැඩේට සුභ පතනවා බස්සියේ ...ජයවේවා !!!!

    ගංගාවේ නීල ජලේ රැල්ල බිදී වැල්ලෙ කිදී
    මෙල්ල වෙවී ආපසු ඒදෝ මෙල්ල වෙවී ආපසු ඒදෝ ..//

    මුතු බෙල්ලගේ මුතු
    කිමිදී ගොඩ ගෙනා යුතු
    මල් වාගේ වැලේ පිපේදෝ

    හමනා සුළං පොදේ
    කන්දේ තුරු හිසේ වැදී
    බාධ වෙලා හමා නොයාදෝ

    ලන්ද උඩින් එබෙන සඳේ රැස් නොගලාදෝ ..
    කුමුදාකරේ සිනා උදා නොවේදෝ උදා නොවේදෝ

    දහසක් පෙරුම් පුරා පැතුම් කිරුළ හිසේ දරා
    වෙහෙසෙන්නා පරාදවේදෝ

    නෙත් පෙනෙතොත් බාධා රැසක්
    පාර වැසේදෝ .

    පවනෙන් කුසුම් ලතා නැමී නොයාදෝ
    නැමී නොයාදෝ නැමී නොයාදෝ


    ගායනය - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
    පද රචනය - කරුණාරත්න අබේසේකර
    සංගීතය - සිසිර සේනාරත්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සින්දු ඇනෝ!!

      Delete
  28. Replies
    1. yes upaya. Edited a bit and reposted.

      Thankuuu....! will send u a mail. ;)

      Delete
  29. චිරං ජයතු....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  30. අලුත් වැඩක් වගේ, හ්ම්ම් ලිපියයි බ්ලොග් ලෝකයයි අතර වෙනසක් නැහැ නේ?

    ReplyDelete
    Replies
    1. කලා ලෝකය ගැන තමයි කියා තියෙන්නෙ මල්ලි.

      Delete
  31. Replies
    1. ෆේස්බුකියෙන් බලන් එන්නැති සුවර් එකටම :P

      Delete
  32. ඈ බං.. මං මේ ලැස්ති උනේ අපේ පොඩි එකීට වැඩිපුර හම්බු වෙච්ච සබන් ඕඩිකොලොං පෙට්ටියක් අරං එන්ඩ කියල... මුං දෙන්න යුක්තානුවක් හැදෙන්න දෙන්නෙම නැති හැටි... යකෝ සිංහල ජාතිය පව්... බොරු නං අහපන් ඥානසාරුගෙන්....

    ReplyDelete
    Replies
    1. මං ඉතින් කියන්නෑ බොට මෙතන. හෙහ්!

      අර වැඩේට විස් කොරල හිටපංකෝ. ඇයි අෆ්ෆා! :P

      Delete
    2. උඹේ වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. මේක කිව්වත් නැතත් අපි උඹල කරන වැඩ වලට සුභ පතන්නේ හදවතින්මයි.... අපේ නෑ නෙ ඔය "අනී.. විශ් යූ ඕල් ද බෙස්ට්" කෑලි...

      Delete
  33. ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියෙ!!

      Delete
  34. පොතක් එළිදැක්වීමක් වගේ එකක් වෙන්න ඕනේ.. මොකක් උණත් ඒකට සුභ පැතුම්...

    දන්නවද තව සමහර අය ඉන්නවා යාත්‍රාවක් හදාගෙන මුහුදේ ටිකක් ගිහින්, කම්මැලියි කියලා ආයෙත් වෙරළට ඇවිත් බලාගෙන ඉන්න....

    ReplyDelete
  35. මං මොකුත් ලියල නෑනෙ කමෙන්ටුවකට... ෂඃ...

    ReplyDelete
  36. ජය වේවා බස්සියෙ.........!
    හදවතින්ම සුබ පැතුම්...!

    ReplyDelete