Wednesday, August 13, 2014

1. පහන්ගේ කතාව - [රෝස පාටට ආදරේ කරන කොල්ලෙක්. ඇයි අවුල්ද?]











ඉරට හැතැප්මයි. වෝව් !
ඉර අතන -  අපි මෙතන


එෆ්.එම් එකක නිවේදක බට්ටෙක් කෑගහනව.  මම බස් එකේ කවුලුවට මූණ තද කරගෙන ඉර දිහා බැලුවා. ඇස් නිලංකාර වේගෙන ආවා. නිල් පාට, දම් පාට රවුම් රවුම් ඇස් දෙක ඉස්සරහ නොනවත්වාම කැරකෙන්න ගත්තා.


ඉරේ ඉඳන් ගාලු පාරට දුර හැතැප්මකට වඩා අඩු ඇති. වාහනවල ලා කලු පාට දුමාරයත්, හීන් දුහුවිල්ලත්, මූදු හුළඟ එක්ක එකතු වෙලා ඇඟේ දැවටෙද්දි දැනෙන්නෙ පෝරණුවක් ඇතුලෙ පණපිටින් පිලිස්සෙනවා වාගෙ හැඟීමක්.


බාම්බලපිටිය බාහින අය ඊස්සරහට ඒන්ඩ. . . . . .”

කොන්දොස්තර මල්ලි හයියෙන් ඇදලා පැදලා කියනවා ඇහෙනකොටම මං ලහිලහියේ බස්සෙකේ ෆුට් බෝර්ඩ් එකට බැහැ ගත්තා. අලුතෙන් ගොඩනැංවෙන පදික වේදිකාව නිසා පදිකයන්ටත් තාර පාරට බහින්න වෙලා. මම සාක්කුවෙන් ගත්ත ලොකු ලේන්සුවෙන් බෙල්ල වටේ දහදිය පිහදාන ගමන් යුනිටි ප්ලාසා එකට ගොඩවුනා.


ලෙක්චර්ස් ගිහින් ඇවිත් රෑට රෑට ෆ්‍රී ලාන්සර් කෙනෙක් විදියට ඩිසයිනින් වැඩ කරලා හොයාගත්තු තුට්ටු දෙක ඉතුරු කරගෙන . . . . . . 

තුට්ටු?
සුද්දො කවද්ද තුට්ටු වලින් ගෙවුවෙ! වැඩකට ඩොලර් පහ ගානෙ එකතු වුනේ සුදු කාසි.

සුදු කාසි ? පහන්, පිස්සුද යකෝ උඹට ? ඊ-මනී වලට පාටක් කොයින්ද ?



කාටවත් නොපෙනෙන සිතුවිලි පෙරලිය මැද්දෑවෙ මට හීන් හිනාවක් ගියා. වායුසමීකරණයට පින්සිද්ද වෙන්න මෙතෙක් වෙලා සිරුර වෙලාගත්තු වෙහෙසකාරී දාහය මදින් මද පහව යන හැටි විඳින අතරේ මම ආයෙත් මාත් එක්කම හිනා වුනා. මේ වතාවෙ හිනා වුනේ හදවතින් විතරයි. සුපුරුදු බකුසු මූණත්තහඩුවට මුවාවෙලා මේ විදියට හිත ඇතුලෙන් හිනාවෙන එක මගේ ඇබ්බැහියක්.


ඉහල මාලයට දිවෙන එස්කැලේටර් එක පටුයි. 
කැතයි.

ඒත්. . . .
ඒත්. . . . .
එස්කැලේටර් එකේ තරප්පු හතරක් ඉහලින් පේන 
දිගු දෙපා යුගලය සුදුයි. 
හැඩයි.


වෙජ් හීල් එකේ ලුමිනස් රෝසපාට පටි ඒ දෙපා වලට එක් කලේ අමුතුම එළියක්.

ඇගේ විලුඹ ලා රෝස පැහැතියි, වටකුරුයි. දැවමය පැහැති වෙජ් හීල් එකේ දේදුනු වර්ණ වලින් නොයෙක්  හැඩතල රටා සහිත නිදහස් මෝස්තරයක් ඇඳ තිවුනා.

හ්ම්ම්. . . . අපූරු තේරීමක්.


එස්කැලේටර් එකෙන් ඉහල මාලයට ගොඩවුනු සිය ගානක් සෙනග ඉස්සරහට, පස්සට, වමට, දකුණට ඇවිදගෙන ගියෙ මහා හදිස්සියකින් වගෙයි. මම තවමත් බලා උන්නෙ රෝස පාට හීනි පටි දොලහක් කහසුදු පාට දිග උඩුපතුල වටේ එතිලා ඇති අපූරුව දිහා.


කොරිඩෝව ඉස්සරහට ඇදෙනවද? නැත්නම් ඒ මගෙ ඇහැ කොනට පෙනුන මායාවක්ද? හෙහ් ! කෙල්ලෙක්ගෙ සපත්තුවක් දිහා බලන් ඉඳල මට කැරකිල්ලක්වත් හැදිලද.


අන්න ඈ යනව දකුණට !

වහවහා ඒ පසුපස ඇදෙනවා මිසක් මම ඒ ගැන දෙපාරක් හිතහිතා ඉන්න කාලය වැය කලේ නෑ.


රෝස සපත්තු දෙකක් පස්සෙ ඇවිදින බූරු කොල්ලෙක්. 
දිග කොණ්ඩය බෙල්ල පිටිපස්සට එක්කහු කරන අතරෙ මට එක තප්පරේකට එහෙම හිතුන. කොණ්ඩෙ වවාගත්තු බූරු කොල්ලෙක්. රස්තියාදුකාරයෙක්.


රෝස සපත්තුකාරියගේ මූණ බලාගන්න ඇත්නම්.


දණහිසින් අඟල් එකහමාරක් විතර උඩින් දෙපා වටේ දැවටෙන ලා රෝසපාට ලේස් පටියක්. ඩිස්නි කාර්ටුන් මුද්‍රිත ගවොම හුරතල් පාටයි. ඈ ඇවිදින්නෙ ලතාවකට. උරහිසින් පහලට වැටෙන ලේයර් කරපු කොණ්ඩෙ ඒ ගමන් තාලෙට යාන්තමට එහෙට මෙහෙට පැද්දෙනවා. කොණ්ඩෙ තැනින් තැන අපිලිවෙලට රඳවාපු හෙයාර් ක්ලිප්.

පිස්සු කොණ්ඩයක්. කාක් කූඩයක්.


තුන්වෙනි තට්ටුවෙ දකුණු කෙළවරේ තියෙන අන්තිම සාප්පුවත් පහු කරල ඈ තවත් ඉස්සරහට යනවා. 
මේ කෙල්ලට පිස්සුද?
නෑ එයා ජංගමයා එක්ක හිනාවෙවී ඉස්සරහට යන්නෙ. පාරක් බලාගෙන ඇවිදගෙන යන්නෙ නෑ, කවුරුහරි උස්සන් යනකම් දන්නෙ නෑ.   

ඒ ගමන මෙන්න මේකි ෆෝන් එකට රවනව. පිස්සු කෝලමක්නෙ,
ඒත් . . . . . .
අන්න ඈ දොරක් ඇරගෙන ඇතුලට යනවා.


WORK  YOUR  MAGIC


මම මේ සාප්පුව මීට කලින් කවදාවත් දැකලා නැහැනෙ ! මම හිතුවෙ ලැප්ටොප් වර්ල්ඩ් ෂෝ රූම් එකෙන් මේ සාප්පු පේලිය ඉවරයි කියලා.


ඇතුලට යමු.

ඔහ් ! වැරදුනා. මම හරිනම් යමි කියලයි කියන්න ඕනා. ඒකට මක් වෙනවද. මමයි, එයයි. ඒ කියන්නෙ අපි. මම තනියෙන් යමි උනාට දැන් අපි දෙන්නම යමු.


අලුත් ෂොප් එකක්. මම හිතන්නෙ මේ දැනෙන්නෙ තීන්ත සුවඳ.


කෝ මාත් එක්ක ඇතුලට ආපු රෝස සපත්තුකාරි? අහා. . . . . අර සුකුරුත්තන් ෆෝන් රාක්කෙට එහාපැත්තෙන් පේන්නෙ කාක් කූඩු පිස්සු කොණ්ඩෙ. 


අමුතුම මොඩ්ල් ගණනාවක ලැප්ටොප්, පරිඝණක උපාංග මහ ගොඩක්. රෝස සපත්තු හෙවිල්ල මදකට නවත්තාපු මම ලැප්ටොප් එකින් එක පිරික්සන්න පටන් ගත්ත. ඔව් නේන්නම්. මම අද තකහනියෙ යුනිටි එකට ආවෙ ලැප්ටොප් එකක් ගන්න කියලනෙ.


ප්‍රදර්ශණයට තබා ඇති ලැප්ටොප් පරිඝණක පේලියක කෙලවර මම මෙතෙක් දැක නැති අලුත්ම මොඩලයක් එක්වනම මගේ ඇස ගැටුනා. අලුත්ම මොඩලයක් වෙනස්ම මොඩලයක්. මැගසින් එකකවත් දැකල නැහැ.


මේ අලුත් රිලීස් එකක්ද?” මම අසල ගැවසුන අලෙවි සහායකයෙක්ගෙන් විමසුවා.

ඔව් සර්. මේක මේ අවුරුද්දට ආපු අලුත්ම මොඩ්ල් එක. MGC 77. ස්ටොක් නම් ඉවරයි. මේ ඩිස්ප්ලේ දාපු දෙක විතරයි තියෙන්නෙ. . . .


ඔහෝ. . . . ! ඒ ජාතියෙන් තවත් එකක්. මෙතෙක් පිරික්සමින් සිටි දිලිසෙන දම් පැහැති ලැප්ටොප් එකට වඩා අලෙවි සහායකයා පෙන්වූ තද නිල් පැහැති පරිඝණකය මගේ සිත ගත්තා.


කොහොමද මේකෙ ප්‍රොසෙසර් එක?
හාර්ඩ් එක?”
රැම් එක?”
මම සුපුරුදු ප්‍රශ්ණාවලිය දිගඇරියා.


අලුත්ම මොඩ්ල් එක බොස්. 

Core i 7, 16 GB රැම්, 1 TB හාර්ඩ්, 2 GB සෙපරේට් VGA, 15.6 LED ස්ක්‍රීන් 

අලෙවි සහායකයා පුහුණු කරපු ගිරවෙක් වගේ කටපාඩමින් කියාගෙන කියාගෙන ගියා.


ප්‍රයිස් එක කීයක් වගේ වෙයිද?”

මේක අනූ අටක් වෙනව සර්. 
අලුත් කම්පනි එකක්නෙ. ගාන බොහොම අඩුයි.


ගන්නද? එපාද?  -  ගන්නද? එපාද?  -  ගන්නද? එපාද?

මගෙ හිත දෝලන අවලම්භයක් වාගේ ඒ අතට මේ අතට දෝලනය වෙන්න ගත්තේ නිරායාසයෙන්.


අනූඅටදාහක් කියන්නේ සාක්කුවට දැනෙන ගානක්. ආවෙ හැට පහකට විතර පරණ ලැපක් අරන් යන්න. ඒත් දැන් මොකද කරන්නෙ !

එක්කෝ කමක් නෑ. මේ තරම් හොඳ ෆීචර්ස් තියන වෙන ලැපක් අඩුම තරමේ ලක්ෂ තුනක්වත් වේවි. ඔන්නොහේ ගන්නවා.


බිල ගෙවන්න කවුන්ටරයට යන අතරෙදි මට ආයෙමත් මතක් උනේ රෝස සපත්තුකාරියව. සාප්පුව සිසාරා ඇස් දිවෙවුවත් ඇගේ ඡායා මාත්‍රයක්වත් දෑසට අසු වුනේ නැහැ.


මුදල් ගෙවූ පසු රෝස පැහැ ෂොපින් කාර්ඩ්පත වොලට්ටුවට ඔබා ගන්නා අතරේ මට යලිත් වරක් ඒ රෝස පාට සපත්තු දෙක මතක් උනා. ඔව්, මම ආසම පාට රෝස පාට. ඇයි කොල්ලෙක්ට රෝස පාටට ආදරේ කරන්න තහනම්ද?

මම රෝස පාටට ආදරේ කරන කොල්ලෙක්. 
ඇයි අවුල්ද?


මම සාප්පුවෙන් එළියට බැහැලා තුන්වෙනි මහලේ ඒ මේ අත ඇවිද්දේ රෝස සපත්තුකාරියව තවත් වරක් දැකබලා ගන්න ආසාවෙන්. ඒත් අවට සාප්පු එකකවත් ඈ හිටියේ නෑ. එළියට යන්න ඇති සමහරවිට. 


අනේ ඉතින් මට පාන් ද?


ලැපක් ගන්න ආපු මම කෙල්ලෙක් නිසා කට්ට කන්නෙ මොකටද ! දැන් කරන්න තියෙන්නෙ ඉක්මනටම බෝඩිමට ගිහින් මගේ අලුත් ලැපී ආදරිය එක්ක තුරුළු වෙන එකයි.


කොල්ලො කියන කතාව ඇත්ත.

මට නම් දවසක කසාද බැඳගන්න වෙන්නෙත් ලැපක්ම තමයි.



මම රෝස පාටට ආදරේ කරන කොල්ලෙක්. ඇයි අවුල්ද?





~ ~ මතු සබැඳි ~ ~




132 comments:

  1. ///කොල්ලො කියන කතාව ඇත්ත.
    මට නම් දවසක කසාද බැඳගන්න වෙන්නෙත් ලැපක්ම තමයි.///
    මට වගේම තමයි
    හැබැයි රෝස පාටට අාසා නෑ මං නං අෑ

    ReplyDelete
    Replies
    1. ඔහොම කතා අහපු එක්කෙනෙක්නම් ලැපී එක්ක එකගෙයි දීග කන්න කෙල්ලෙක්වත් ගෙනාව ලු.
      ඔයාත් දවසක එහෙම කරයි නේද

      Delete
  2. හරි ලස්සන රෝස සපත්තු දෙක.

    බස්සියේ..සුපිරි කතාව..
    මෙව්වා කෙටි කතා නම් නෙමේ..."සුපිරි කෙටි කතා "

    ReplyDelete
    Replies
    1. අායෙත් අහලා!!!
      සුපිරිම සුපිරි කෙටිකතා!!

      Delete
    2. කෙටිකතා නං කෙටිකතා … ඕ යේස් !!!!!!!

      Delete
    3. මම නම් මේවට කියන්නෙ "කතා ද මන්දා" කියල.
      එතකොට කවුරුත් අහන්නෙ නෑනෙ "මේවත් කෙටිකතා ද ඕයි?" කියලා.

      Delete
  3. මාත් රෝස පාටට ආදරේ කරන කොල්ලෙක් හරිය.. ඇයි අවුල් ද.......

    මේකේ ඉතුරු ටිකත් කියෝලා කතාව ගැන කියන්නම්.
    ඒක නෙවෙයි. දැන් ඔයාගේ රචනා සෛලය මරු ඈ....:D
    කියවලා ඉවර වුණාම හිතෙන්නේ වේගෙන් කියෙව්වා වගේ....

    ReplyDelete
    Replies
    1. මට මේක ලියාගෙන යනකොට ඔයාව මතක් උනා ලු හොඳේ රන්දු.

      තැන්කිවු ඈ... වේගෙන් කියවලා ඉවරකරන්න පුලුවන් එක හොඳයිනෙ අනේ

      Delete
  4. රෝස පාටට ආස කොලුවෙක් ගැන ඇහුවමයි බන්..කමක් නෑ ඒකෙත් වෙනසක් තියෙන්න එපායැ..අපොයි මේ මිනිස්සුන්ට නම් ලැපක්ම තමයි බන්ඳවන්න ඕන..! ගේ පිටින් උස්සන් ගියත් දන්නේ නෑ ලැප බදන් ඉන්න වෙලාවට..හහ්! :/

    ReplyDelete
    Replies
    1. රෝස පාටට ආස කොල්ලෙක් තමයි ඔය උඩ කමෙන්ට් කරල තියන "සිතුවිලි හන්තාන" ලියන රන්දු. හොඳට බලාගන්න ඈ... ලිමිටඩ් එඩිෂන්. :P

      අපේ මනුස්පයාද එසේමැයි. ඉස්සරට වඩා දැන් ටිකක් හොඳයි හැබැයි.

      Delete
  5. මගේ කසාදෙටත් දැන් අවුරුදු 3ක්! :)

    ReplyDelete
    Replies
    1. එද්දී එකක් ගේන්න තිබ්බෙ ......

      Delete
    2. සදාදර ලැපී නේ.... අපිට ඇනිවසරි පාර්ටිය කිවුවෙත් නෑ නාඩියා.

      එහෙම අලුත් අය ගේන්නෙ නෑ ලු කෙන්ජයියේ.... වසර තුනක ලැපාදරේ නේ.

      Delete
    3. බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    4. හේ හේ බ්‍රෑන්ඩ් එක කිව්වේ?

      Delete
  6. මම මේ පස්ස අහිමි පිස්සු බස්සිගේ කතා වලට ආස කෙල්ලෙක් ඇයි අවුල්ද? සුප්පා ස්ටෝරිය බස්සියා.....මම නිකං ටොයින් වෙලා ස්ප්‍රින් වෙවි අර කොල්ලා එක්ක සොස සපත්තුකාරි පස්සේ ගියා නෙව...ඒ තරම් තාත්වික ගතියක් තියෙනවා....ඉක්මනට ඊ ලගය ලියහන්.....

    ReplyDelete
    Replies
    1. උඹට කියන්නෙ මාත් ගියා නෙවැ.… ලස්සන නංගි නේ බං :D

      කාගෙ උනත් සීදේවි දරු පැටිය …

      Delete
    2. අඩෙ අප්පට. ඒ කියන්නෙ ඒක මට විතරක් උන එකක් නෙමේ. :)

      Delete
    3. අපි දල්ලෑ උඹල තුන්දෙනාම මේ මැන්ටල් පොරවල් පෙන්නන පාරවල් පස්සෙ ගිහින් අන්තිමට ඔය කෙල්ලොන්ගෙන් සපත්තු පාරවල් කන්ඩත් වෙයි හරිද.

      Delete
    4. //කාගෙ උනත් සීදේවි දරු පැටිය// :D

      අපේ බැචෙකුත් හිටිය ඔය කතාව කියකියා ජූනියර් බැච්වල කෙල්ලන්ට ලයින් දාන.

      Delete
  7. උඹට කියන්න ඉතින් අපිත් ශොපින් ගියාම ගන්න යන දේ අමතක කරලා ලස්සන ලස්සන ඒවා පස්සේ යනව නේන්නම්.. මේකා නම් ගිහින් තියෙන්නේ සපත්තු දෙකක් පස්සේ, හොද වෙලාවට..

    අනිත් එක් දාපංකෝ එහෙනම්.. මම මේ මේක මොන වගේ එකක්ද කියලා තාම හිතනව කියෙවුවට..

    අපෙන් අහන්න දෙයක් නෑ.. උඹ අවුල් කියලා අපි කොහොමත් දන්නවා..

    ReplyDelete
    Replies
    1. ඊටත් මේ සමර් එකේ … නැද්ද බං. මට නං එපාවෙලා ඉන්නෙ :D
      ඇස් වහං පාරෙ යන්නෙ මං .. ඕ යේස්

      Delete
    2. හා @දිනේෂ් - ඔයා නම් බලන දකින ටිික මම දන්නවනේ එවුවා කියන්න බෑ මෙහෙම මිනිස්සු ඉන්ඩ තැන් වල :පී LOL

      Delete
    3. @දිනේශ් ඉඳිකටු අයියා

      කියවන් යන්නකෝ එහෙනම්. මේක මේ අපේ බස්සාගේ ඉල්ලීමක් වෙනුවෙන් ලියවෙන කතාවක්.
      ඉක්මනටම තේරේවි අනේ, මට ඉතින් කියවන්නන් හොම්මන් වෙලා යන විදියේ ට්විස්ට් සහිතව කතා ලියන හැටි මෙලෝ හසරක් තේරෙන්නෑනෙ. :D

      Delete
    4. අපි දන්නව මෙයාල සපත්තු වලට චුට්ටක් උඩින් තමයි ලු බලාගන යන්නෙ.

      Delete
    5. @පත්තරයා & ඉදිකට්ටා මේ ස්...ස්...දැන් උඹලා දෙන්නගේ ඇහේ පොට හෙම ගිහින් ඇතිනේ...හිකිස්

      Delete
    6. චැහ්. මේ රටවල් වල සදාචාරෙනං තූ නොදකිං… මුන්ට අර සිරිමාවොගෙ කාලෙ වාගෙ රෙදි හිඟයි මට පේන්නෙ මචෝ..

      මං ඕව නොබැලුවට අනිත් එවුන් සේරම බලනව.. චැහ්. චික් ඉතාලි කෙල්ලො කැතම කැතයි . ඊක්

      Delete
    7. //මං ඕව නොබැලුවට අනිත් එවුන් සේරම බලනව//

      හම්මේ ඉතිම් නේ...

      Delete
  8. පස්සෙං ගිහිං අල කන්ඩැයි ? ඕවටේක් කරල සයිඩ් කන්නාඩියෙං බැලුවනං ඩයල් එක බලාගන්ඩ තිබ්බා .චැහ්.. මූට මේ සෙරෙප්පු පිස්සුවක් ගහලනෙ.. ඉතිං කොහෙද ඒව බලන්නෙ.. මට නං හොඳටෝම අවුල් :D ඕ යේස් .

    ReplyDelete
    Replies
    1. ඕවර්ටේක් කරල සයිඩ් කණ්නාඩියෙන් බලන්න?? උඹට නම් හොඳටෝම පිස්සු යකූ... ඕ යේස්. :D

      Delete
    2. පිසුසුද මලයා මේක ලැප ගන්න තනියෙන් හිතින් ගියාට පස්සෙන් තව කටු අත්තක් ගිිහින් තියනවා තේරුණේ නැද්ද ඒක.... හැක් හැක්..

      Delete
    3. හත් ඉලව්වයි නලින් අයීයේ ආන්න ඒකනෙ බං උඹලා ඉන්ඩෝනැ කියන්නෙ.. ආ කටු අත්ත පස්සෙං එන වෙලාවට අපි තරං හොඳ උං ඉන්නවද මේ සක්වලේ වත් . නැද්ද හා

      Delete
    4. කටු අත්තක්?? කවද්ද දැක්කේ කටු අතු යුනිටි යනවා?

      Delete
  9. නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ 
    නවාතැන් ගෙන දෑසේ .…

    ReplyDelete
    Replies
    1. මම මචං හැමදාම කල්පනා කරනවා ඕක සීගිරි යත්දි කියන සිංදුවක්ද කියලා. :D :D

      Delete
    2. නෑ පිදුරුතලාගල යද්දි කියන එකක්. :D

      පත්තරේ අදනම් අරූ අංකල්ගෙන් ගුටිකනවා. ඉක්මනට ඕක ලියපු කියපු අයව හොයාගෙන වරෙන්.

      Delete
    3. පිදුරුතලාගල කන්දට වැඩිය මගෙ හිතේ

      නුඹට තියන ලෙංගතු කම වැඩියි නංගියේ

      -ලක්ෂ්මන් හිල්මි-

      Delete
    4. නෑ යකුනේ!! මම එහෙම කිවුවෙ, ඕකෙ ඊළගට තියෙන්නෙ බඹර ප්‍රහාරයක්නෙ :D

      Delete
    5. ඇත්‍තහට බං උඹටත් තියෙන්නෙ අර මනෝශ් වගේ ගීත විචාර ලියන්ඩ. හොඳ හැකියාවක් තියනවා .. :D

      Delete
    6. මූ විචාර ලිව්වොත් මනෝෂ්ට නෙමෙයි වයලිනෝගෙ අස්පට් විචාර වලට හොඳ තරඟයක් දෙන්න පුලුවන් වෙයි.

      Delete
  10. හැබැයි බස්සී යුනිටියෙන් ඔය විදිහට ලැපක් ගන්න ගියොත් පස්සෙන් පහු පාට පාට තරු බල බල ඉන්නයි වෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. යුනිටිය ගැන කිවුවෙ කියවන අයට චිත්තරූප මැවීම පහසු වෙන්නයි. ඔව් සේල්ස්මන්ගෙ කතාවලට රැවටුනොත් කොහෙදි උනත් තරු බලන්න පුලුවන් :D

      Delete
  11. මරු අප්පා... අද කාළේ ලව් ඉස්ටෝරියක්.. අපි නැත්නම් දවම ගැහැණු ළමයි කියවන ළමයි නේ.. ලව් කරන්න ඕනෙත් ඒ විදියටමයි..

    ReplyDelete
    Replies
    1. මම මාතලන්ට ගරු කරන්නෙ මේ වෙනස් රසවින්දන හැකියාව නිසා. නැත්නම් ගොඩක් වෙලාවට මෙහෙම කතා වලට වැදෙන්නෙ ගල්මුල් නේ. තැන්කූ හොඳේ.....

      Delete
  12. මේක හෙන හිපොප් සින් එකක් නෙ ආ :D

    අසාදාරනයි බස්සි අක්කෙ කොල්ලෙ රෝස පාටට විශේශ කැමැත්තක් නෑ. >_<
    ඉලගට අර ලැප් කඩෙ කොහෙ තියෙන්නෙ.මගෙ එකටත් බඩු හම්බෙලා තියෙන්නෙ.අලුත් එකක් ගන්න ඔනි ;)

    ReplyDelete
    Replies
    1. පිස්සුද යකූ යුනිටියෙ මෙහෙම කඩයක් නෑ.

      //ඇයි කොල්ලෙක්ට රෝස පාටට ආදරේ කරන්න තහනම්ද?//

      Delete
  13. මට නම් ඔය පාට ගානක් නැහැ බං ......
    යතු ගෑව වගේ ඔපේට ...සිහින් කකුල් දෙකක් දැක්ක නම් ..... ආපු වැඩේ ඩොගියට දාලා ....ඉස්සරහට ගිහිල්ල දානව ....හෙහ්...හෙහ්..... පැණි ටෝක ..............

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඔන්න ලොකු හීල්ස් තියන සපත්තු දාපු කෙල්ලන්ට ටෝක දාන්නෙ පරිස්සමෙන් ඈ...

      Delete
  14. මාත් යන්න ඕන අප්පා ඔය ලැප් කඩේ හොයාගෙන. ඩිස්ප්ලේ දාපු අනිත් එක තාම තියෙනවද දන්නෑ නේ්........ ;)

    ReplyDelete
    Replies
    1. යං යං බස්සුවෝ මාත් එන්නම්කො තනියට.

      Delete
    2. හික්ස් මං උඩින් කියපු එක හරි වගේ...

      Delete
    3. කටු අත්තට මඩ ඉහින්නෙ පරිස්සමෙන් හරිය?

      Delete
  15. සපත්තු ගැලෙව්වොත් මොකක් වෙයිද??

    ReplyDelete
    Replies
    1. මොකවත් වෙන්නෑ. මේස් දාලා හිටියොත් ඒකෙ තියෙන හිල් ටික පෙනේවි. :D :D

      Delete
    2. සපත්‍තු විතරක් ගලෝල මදි :D

      Delete
    3. පටි සපත්තු වලට මේස් දාන්නෙ කොයි රටේද යකූ!!

      Delete
    4. දේශකයා වගේ අය සපත්තු වලට ආසයිලු

      Delete
    5. කොච්චර ආසද කිවුවොත් ඩී.එස්.අයි. මාර්ක් එක කොච්චරවත් කම්මුලේ ලු.

      Delete
    6. මං නං අර ගෑණුළමයි දාන උස බූට්ස් වලටත් ආසයි.… අපේ සීයටත් දෙකක් තිබුණා වත්ත සුද්ද කරනකොට දාන්න. ඕ යේ.

      ඒක දැම්මම සීය කොල්ල වගේ . ඕ යේස්

      Delete
    7. එතකොට ඒම බූට්ස් දාන කෙල්ලො සීයා වගේද මචෝ?

      Delete
  16. යකෝ අර තරං සිස්ටො කන්පිගරේසං තියෙන ලැපක් ඒ වගේ ගානකට... පුදුමයි ඌ නොගත්ත නං... මගෙ අම්මේ...
    ඇඩෙනව තනි ඇහැට...
    ඒ වගේ ලැපක් ගන්නතියේ නං වෙන මොනාද ඕනෙ නැද්ද මං අහන්නෙ...
    පූහ්... පික්ෂු වගේඅප්ප...

    ReplyDelete
    Replies
    1. ලැප තමයි ලැප
      කියෝලම බලන්නකෝ...
      ලැප විකුණගන්න බොරුවක් කිවුවද දන්නෙ නෑනෙ.

      Delete
  17. සපත්තු දෙකකට පිස්සු වැටිලා පස්සෙන් යන එකෙක් දැක්කමයි....නෙවෙයි කියෙව්වමයි.....

    ReplyDelete
    Replies
    1. එහෙම කොල්ලොත් ඉන්න පුලුවන් සිංදුවෝ....

      Delete
  18. පට්ටයි බස්සියො. සිරාවට මම පහන් කියලයි තේරුණේ කියවන් යත්දි. සුපිරියි.

    අර ප්‍රශ්ණෙට උත්තරේ,, බොට අවුලක් නැත්නම් අපිටත් අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. හා උඹ පහන් ද. බලාගෙන හුළඟට නිවෙයි.

      Delete
    2. මම හරියට නිවිලා බං. දැනටත් ඇල්වතුරත් නිවලයි බොන්නෙ! ;)

      Delete
    3. හුළඟට නිවෙයි x 2

      හප්පේ ඒ තරම් නිවිල ද?

      Delete
  19. //රෝස පාටට ආදරේ කරන කොල්ලෙක්. ඇයි අවුල්ද?//

    අවුල් තමයි. බස්සියන්ට ඉතින් "අවුල්" මිසක් කපුටන්යැ?

    ReplyDelete
    Replies
    1. අවුල් වගේම වවුල් උනත් පොඩ්ඩක් ගැලපෙනව නේද?

      Delete
  20. මම රෝස පාටට ආදරේ කරන කොල්ලෙක්. ඇයි අවුල්ද?
    ඔයාට අවුලක් නැත්නම් මටත් අවුලක් නෑ මෙයා ;)

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම ඉන්නවනම් කිසි අවුලක් නෑනෙ මෙයා.

      Delete
  21. පාටියක් දාමු බ්‍රැන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. -ස්තුතියි-

      වචනෙත් ඇති.

      Delete
    2. හෑ....!
      මක්කටෙයි පාර්ටි?

      Delete
  22. බස්සි ගියපාර මගේ කමන්ටුවට උඔ රිප්ලයි එකක් දාලා නෑ ඒක සැර වැඩි වගේ නම් මකලා දාපන්. අහ්තකින් ලි්වේ නෑ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචන්.

      පහුගිය ටිකේ පොඩ්ඩක් බිසී විය. ඉක්මනටම කමෙන්ට් වලට රිප්ලයි දාන්නම් හොඳේ...
      "තරහා වනු එපා - යදිමී මා කමා"

      Delete
  23. සිරාවට ලියලා බන් . . එක දිගට කියෙව්වා කාලෙකින් බ්ලොග් එකක් . . සිරා . .

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි දුකා... තැන්කිවු ඈ...

      මේ වගේ කතා කියවන්න ආසනම් මෙන්න තවත් ඒවා කිහිපයක්.

      1. අළු සහ ගිනිපුපුරු

      2. හුදෙකලා මියැසිය

      3. යුනිකෝඩ් සිහින

      Delete
  24. කථාවක් කියල දැනුන්නෑ.. නිකං ඇත්තම කියල තමයි හිතුනේ... රෝස පාට සපත්තු.. ඕන නෑ රබර් සෙරෙප්පු උනත් පස්සෙන් යනවා.............

    ඉතිරිය ඉක්මනට දමු එහෙනං ඈ................

    ජ ය වේ වා !!!!!

    ReplyDelete
    Replies
    1. ඉතිරිය විවේක වෙලාවට හෙමි හෙමින් ලියමුකෝ.....

      ඊගාවට ඇන්ඩි ස්ටයිල් කතාවක් ලියන්නයි හිතුවෙ. ඒක දාන්නද? මේකෙ දෙවෙනි පරිච්ඡේදය දාන්නද?

      Delete
    2. එකෙන්ම.. අපි දනවනෙ බං හයි හීල් පස්සෙ ගියාට කැමති වෙන් නැති බව :D

      අනික අර සුදු කැන්වස් ෂූස් පස්සෙනුත් ගියා ඉස්කෝලෙ දාන !!!!

      Delete
    3. අනෙයිද කියන්නේ................................ චෝක් කෑල්ලක් පොඟවලා සපතත්තුවේ අතුල්ලලා වේලෙන්න ඇරලා ගාගෙන යන ඒවා.............

      Delete
    4. අපේ ඉක්කෝලෙට ඒ කැන්වස් සපත්තු දාන්න දුන්නෙ පිට්ටනියට බහින වෙලාවට විතරයි. කොන්වන්ට් එකක් වෙච්චිකොට සිස්ටර් ප්‍රින්සිපල් කැන්වස් සපත්තුවටත් වැට බැන්දැයි කියපල්ලකෝ ඉතින්. ඒ කියන්නෙ කොහොමින් කොහොම හරි අපේ ඉක්කෝලෙ කෙල්ලො ටික විදානෙහෙනුයි, පත්තරේගෙනුයි බේරිලා.

      Delete
  25. රෝස පාට...? චීයා........

    ReplyDelete
    Replies
    1. ඇයි අවුල් ද?
      කොල්ලෙක්ට රෝස පාටට ආදරේ කරන්න තහනම්ද?

      :P :P

      Delete
  26. අපූරු ආරම්භයක් බස්සියේ... හැම දා ම වගේ රටාව අපූරු යි!

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කිවු වේවා කුරුට්ටියෝ....

      Delete
  27. ඒ මමත් ආසයි බං ඒ වගේ ලැපකට නෙමේ ඒ වගේ හැඩ කකුල් තියෙන කෙල්ලෙක්ට...:D
    අපුරු කතාවක ලස්සන ආරම්භයක් වගේ යශෝ....:)

    ReplyDelete
    Replies
    1. මේ ඇරඹුමක් පමණි.
      තැන්කූ වේවා මනෝ...!!

      Delete
  28. එතකොට රෝස පාට පෙන්නන්න බැරි කෙල්ලො...?

    ReplyDelete
    Replies
    1. ඒකත් අවුලක් නෑනෙ හිරු අක්කා. සම-හරක්ට නම් අවුල් ඇති.

      Delete
    2. තමා ගැනමද නැත්තං අපේ වනිතා වගේ අය ගැනද හිරු කියනනේ

      Delete
    3. අර තරඟෙ හොඳම කාන්තා බ්ලොග් අඩවිය කියපු ගමන් මට මතක් උනේ වනිතා හඬ. හික්ස්!

      Delete
  29. සැක් මුන පොඩ්ඩක් බලා ගන්න බැරිවුනා නේ.
    මරු බස්සි පාටෙ විෂෙශයක් නැතිවුනාට අපිටත් ඔහොම වෙනව නේ (ඉස්සර )

    ReplyDelete
    Replies
    1. කාට කාටත් එහෙම වෙලා තියෙනව වගෙයි දමිත්. තැන්කූ හොඳේ....

      Delete
  30. ‍ඊ‍ලඟ ‍කෑල්‍‍ල ‍ත‍වත්‍ ‍ර‍ස‍වත්‍ ‍වෙ‍යි ‍නේ ............. ‍කි‍ය‍වන්‍‍න ‍බ‍ලන්‍ ‍ඉන්‍‍න‍වා ,‍‍පට්‍‍ට :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බිනොල්.... ඊළඟ කොටස ලියන්නම්කෝ හෙමීට.

      Delete
  31. //අනේ ඉතින් මට පාන් ද?


    ලැපක් ගන්න ආපු මම කෙල්ලෙක් නිසා කට්ට කන්නෙ මොකටද ! දැන් කරන්න තියෙන්නෙ ඉක්මනටම බෝඩිමට ගිහින් මගේ අලුත් ලැපී ආදරිය එක්ක තුරුළු වෙන එකයි.//

    මක්ක මචන් මේ :D.සිරා කතාව.අවසානෙට මං කැමති වගේ. මොකෝ අන්තිමේ හරි අර පහන් ගොයියට මොලේ පෑදුනා.රෝස පාට සපත්තු දාන කෙල්ලො වගේ ද බන් අර වගේ ලැපක්...

    ReplyDelete
    Replies
    1. මේක අවසානය නෙමෙයි මල්ලියෝ... තවම පළවෙනි කොටස විතරයිනේ....

      Delete
    2. මං නං කියන්නෙ ලැපයි කෙල්ලයි දෙකම තියල බෝතලයක් ඇරං ගෙදර ගියානං හරි … !!!

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි-

      Delete
    3. @පත්තරෙ
      අම්මප තමයි #*කුත් තිබ්බනම් යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ

      Delete
    4. @බස්සි
      අනේ බං ඊලඟ 1 වත් ඒ අහින්සකයා පරිස්සමට බෝඩිමට යවපන් පුලුවන්නම් තව එක එක සපත්තු ඕකගෙ ඔලුවට දාන්නේ නැතුව.මරු ඩයල් එක බං සපත්තු පස්සේ යන්නේ.යකො කෙල්ලෙක්ගේ සපත්තු දෙක ඇරෙන්න තව කොච්චර එවුවා තියද බලන්න.මූ නම් සපත්තු මහන එකෙක්ද කොහෙද? :D

      Delete
    5. හික්ස්. . . ! හරි හරි එහෙනම් මල්ලියා කියන නිසාම පරෙස්සමෙන් ගෙදර යවන්නම්කෝ පහන්ව.

      Delete
    6. මල්ලියටත් ඇත්ත වැටහිලා වගේ නේ..... මලක් තියනවැයි...කෙල්ලො දන්න පිරිමි හිත් හික්ස්....

      Delete
    7. @බස්සි
      දැක්කනෙ බස්සියෝ අත්දැකීම් බහුල වැඩිහිටියන්ට ඔව්වා තේරෙනවා.

      Delete
    8. @නලින්
      තියෙයි.......... තියෙයි....... :D

      Delete
    9. 3:) වැඩේමයි. අපි ටිපිකල් පිරිමි හිත් ගැන ලියන්නෙ නෑ. අපි ලියන්නෙ මෙහෙම එක්ස්ට්‍රා ස්පෙෂල් එවුව ගැන විතරයි.

      Delete
    10. පේනවා පේනවා.......යකෝ උඹලට පේන මනුස්සයා නෙමේ ඔය ඉන්නේ.අනික කිසිම පිරිමියෙක් ටිපිකල් නෑ.හැම කෙනෙක්ගෙම ස්පෙශල්ටියක් තියනවා.අපිත් කූඹි ටිකක් දිහා බැලුවට අපිට පේන්නේ උන් ඔක්කොම එක වගේ අපි කූඹි නෙමෙයිනෙ.ඒ උනාට උන්ට උන් අදුර ගන්න පුලුවන්නේ.ඔය පහන් කියන එකා කොල්ලෙක් නම් අනිවා ඕකා සෙරෙප්පු පස්සෙන් යන්නේ නෑ.යන්නෙ සෙරෙප්පු දෙකෙන් අඩි 3 4 ක් උඩින් තියන එකක් පස්සේ.ඒ උනාට ඉතින් කෙල්ලෙක් අහුවම කියන්නෙ සෙරෙප්පු 2 මාර ලස්සනයි කියලා.අනේ පවු ඉතින් උඹලා...........:D

      Delete
    11. මල්ලියා මෙහෙම කියන්න උනාට සොරි.
      මම මගේ ෆැන්ටසිය ලියනවා.
      ඒක අහන්න බලන්න බැරි අය මෙතනට එනවට මම කැමති නෑ.
      පව් නෙ. ඇයි අභව්‍යයි කියල හිතන දේවල් අමාරුවෙන් කියවලා අමාරුවෙන් ටයිප් කරකර ඒවට අපහාස කරන්නෙ.
      එතකොටද ආතල්?

      Delete
    12. අයියෝ සල්ලි ඔය ඉතින් අහ ගත්තෙ යකෝ උඹ එන්න එපා කියනවනම් නෑවිත් ඉන්නම්.අනේ මංදා මෙව්වා අපහාසද කියලා.මං උබට ලියන්න එපා කියන්නෙවත් මට කියවන්න බෑ කියලවත් මං කොහෙවත් කියලා නෑ උඹ හිතින් හදා ගත්ත එවුවට මට ඉතිං පාන් යැ.මට හිතෙන දේ මං ඉතින් කොටනවා.අනික මං කුනු හබ්බයක් වත් වෙන හරුපයක් වත් කොටලා නෑ.හැබැයි මං උඹ ගැන හිතන් හිටිය දේ නම් ඉතින් ඉවරයි.මටත් සොරි වේවා මෙහෙම කියන්න උනාට මාත් කැමති නෑ විහිලු දන්නේ නැති එවුන් එක්ක විහිලු කරන්න.

      Delete
    13. ඔයා මුලින් විහිලුවෙන් කියපුවට මමත් විහිලුවෙන් පිළිතුරු දුන්නා. නමුත් ඔයාගෙ බලාපොරොත්තු වෙන්නෙ මම කෙල්ලෙක්ගෙ පස්ස පැත්ත වර්ණනා කරව කරව ටිපිකල් කතාවක් ලියයි කියලනම්, කණගාටුයි, ඒක වෙන්නෙ නෑ. අනික ඔයාගෙ මුල කමෙන්ට් එකයි අන්තිම එකට කලින් කමෙන්ට් එකයි ගැලපෙනවද බලන්න.

      දෙයක් හොඳයි නම් හොඳයි කියන්න, නරකයි නම් නරකයි කියන්න.

      Delete
    14. උඹ මුලින් කියනවා මෙහෙම.

      //මක්ක මචන් මේ :ඪ්.සිරා කතාව.අවසානෙට මං කැමති වගේ. මොකෝ අන්තිමේ හරි අර පහන් ගොයියට මොලේ පෑදුනා.රෝස පාට සපත්තු දාන කෙල්ලො වගේ ද බන් අර වගේ ලැපක්...//


      කමෙන්ට් හය හතකට පස්සෙ එකපාරට කියනවා මෙහෙම.

      //ඔය පහන් කියන එකා කොල්ලෙක් නම් අනිවා ඕකා සෙරෙප්පු පස්සෙන් යන්නේ නෑ.යන්නෙ සෙරෙප්පු දෙකෙන් අඩි 3 4 ක් උඩින් තියන එකක් පස්සේ.ඒ උනාට ඉතින් කෙල්ලෙක් අහුවම කියන්නෙ සෙරෙප්පු 2 මාර ලස්සනයි කියලා.අනේ පවු ඉතින් උඹලා.//

      විහිලුවටද ලිමිට් ඇත.

      Delete
    15. අයියෝ බං ඕකටද ඔච්චර මල පැන්නෙ.මං කියන්නෙ නෑ උඹට මුකුත් වර්නනා කොරන්න කියලා කෙල්ලෙක් වෙච්ච උඹ එහෙම එකක් ලියයි කියලා බලාපොරොත්තු වෙන්න තරම් මං මෝඩයෙක් නෙමේ බං.ඒක නිකන් අදහසක් විතරයි. මං දන්න විදියට නම් කොල්ලො එහෙමයි.ප්‍රසිද්දියෙ කිව්වෙ නැති උනාට.උඹට පෙනිලා නෑ කියලා හිතපු දෙයක් පෙන්නුවා විතරයි.මං දන්නවා අපි මේකට අලුතෙන් ඇවිත් මෙහෙම එවුවා දාන කොට උඹලට මල පනිනවා කියලා.ඒත් මට කියන්න දෙයක් තියෙයි නම් මන් ඒක කියනවා.ඒකට ලිංග භේදෙ අදාල නෑ මට.අනික කොමෙන්ට් නොකරට උඹේ බ්ලොග මන් බලන්නේ මේ මල්ලියා කියලා ප්‍රොෆයිල් එක හදාගන්නත් කලින් ඉදන්.අනික උඹත් දැන ගන්න ඕනි මං මෙව්ව කියවන්නෙ ආසාවක් නැතුවනම් මටත් කොමෙන්ට් කොටන්න ඕනි නෑ බං.හැබයි අර උබ දාපු
      //ඒක අහන්න බලන්න බැරි අය මෙතනට එනවට මම කැමති නෑ.
      පව් නෙ. ඇයි අභව්‍යයි කියල හිතන දේවල් අමාරුවෙන් කියවලා අමාරුවෙන් ටයිප් කරකර ඒවට අපහාස කරන්නෙ.//
      ඒක නම් හිතට වැදුනා නියමෙට.උඹේ ෆැන්ටසිය උඹ ලියපන් හැබැයි මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න බැරි නම් ඕක ඩයිරියක ලියන එක තමා ගොඩක් හොඳ.සොරි වේවා මචෝ.උඹට පින්සිද්ද වෙන්න හිතා ගත්තා අයිත් නම් ලියන මනුස්සයා ගැන හරියට දන්නේ නැතුව කොමෙන්ට් කොටන්න යන්නේ නෑ කියලා.

      Delete
    16. අඩේ තව එකක් මං උබත් එක්ක තරහ එහෙම නෑ හොදේ.මං එහෙම සීරියස් ඩයල් එකක් නෙමේ .ආයිත් උඹ මොනව දැම්මත් මට හොඳයි නම් මන් කොමෙන්ට් කරා හැබැයි හොද පමනයි.නරක කියන්න ගිහින් උඹේ ලිමිට් පැන්නොත් එහෙම. හිකිස් ...........!!! :D

      Delete
  32. MGC 77 කියන්නේ මොනවගේ එකක්ද? ඒක නිකම් නිර්මාණය කරපු නමක් නේද?
    ඔන්න මටත් වෙන ලැපක් ගන්න උනා පහුගිය දෙසැම්බරයේ. Acer Aspire V5-573PG.
    බස්සි උනන්දුවා නිසා ඔන්නම් ගූගල් සර්ච් කරලා බලන්නකෝ කොහොමද කියලා.

    බස්සි දන්නවද, මෙහෙ එක කොල්ලෙක් ඉන්නවා ඌ රෝස පාට කලිසමක් ඇඳගෙන රෝස පාට ස්කූටරයක් පදිනවා රෝස පාට බාබී ඩෝල් ස්ටිකර් ගහපු. :-O මට ඌව දැක්කමත් ටිකක් ඔක්කාරෙට වගේ එනවා

    ReplyDelete
    Replies
    1. මෙහේ එක කොල්ලෙක් ඉන්නවා ඌ රෝසපාට බෙන්ට්ලියක් එලවනවා...

      Delete
    2. ලැප නම් එල. ඩූඩ් අර ස්ටාෆ් එකේ ඉන්න ඉන්ඩියන් යාලුවගෙන්ද ඇහුවෙ ලැප ගන්න. (අර ලැප් එකේ ෆීචර්ස් ගොඩාක් හොයන, බඳින්න යන කෙල්ල ගැන මොකුත් නොදන්න මෑන්.)

      හම්මේ ඒකනම් ලෙඩක් වගේ මෙව්වා එකක් නේද !
      ආසම පාට රෝස පාට උනාට මේ කොල්ල එහෙම නෑ හොඳද.

      උදාහරණයක් විදියට මම ආසම පාට අහස් නිල්. නමුත් මේ වෙලාවෙ මගෙ අවට කොතනකවත් අහස් නිල් පාට හොයාගන්න නෑ. හෑන්ඩ්බෑග් එකේ තියන කප්පරක් අයිටම් වලින් එකක්වත් නෑ අහස් නිල් පාට. හැබැයි හිත පුරාම තියෙන්නෙත් ඒ පාට. අන්න ඒ වගේ.
      (මෙහෙම කිවුවෙ ඔයාල මේ රෝස සීන් එක වැරදියට වටහාගෙනදෝ කියල හිතුන නිසයි.)

      Delete
    3. බෙන්ට්ලි එක වගේම ඒක අයිති කොල්ලත් කියුට් ද බීට්ල්?

      Delete
    4. MGC 77 කියන්නෙ මොකද්ද කියල ඉස්සරහට බලාගත්තැකි හොඳේ...

      Delete
    5. @බීටල්, ඉස්සර Pink Cadillac කියලා සින්දුවක් තිබ්බා වගේ මතකයි.
      @බස්සි. ඒ පොර ගිහිල්ලා ආයේ ආවේ නෑ. අපි බඩුවක් ගන්නේ එහෙම කාගෙන් වත් අහල නෙවෙයි බස්සි. මායි චූටි පුතයි නෙට් එකේ එක එක reviews හුඟාක් කියවනවා. මේ පාර කොල්ලා මට වඩා හුඟාක් කාලය ගත කරලා research කරලා බැලුවා. තව කීපයක් එක්ක ෂෝර්ට්ලිස්ට් කරලා අන්තිමේදී මේක ගත්තා. හැබැයි පට්ට භාණ්ඩේ.

      Delete
    6. ලැපක් ගන්නවා කියපු ගමන් මට මතක් වෙන්නෙ ඩූඩ්ගෙ ඒ කතාව. :

      හොඳම අදහසක් ගන්න පුලුවන් නිවාඩු පාඩුවෙ කස්ටමර් රිවිව්ස් කියවලා.
      ඩූඩ්ගෙ කමෙන්ට් එක දැකලා බස්සත් කිවුවෙ "සුපිරි භාණ්ඩෙ" කියලමයි.

      Delete
  33. මොකෙයි අක්කේ ඒ මොඩල් එක..මත ලගදි අලුත් මෙවුව එකකට මාරු උනා..දෙල් inspirion N5537 i7 යුනිටියේ මත් දැකලා නෑ නෙහ් ඔහොම කඩයක්

    ලිවිල්ල නම් පට්ට රසයි..
    උඩ ඉදන් බිම බලන් හිටිය මට දැන් යට ඉදන් උඩ බලන් ඉන්න හිතෙනවා අප්පා

    ReplyDelete
    Replies
    1. එල එල. යුනිටියෙ මෙහෙම කඩයක් නෑ මලයෝ...

      තැන්කූ ඈ... සපත්තු පහරවල්වලට වග කියනු නොලැබේ...

      Delete
  34. බස්සියේ මේක බස්සා අයියා ට ගහපු හින්ට් එකක් නේදෝ

    ReplyDelete