Monday, November 30, 2015

සිහිනයක පියාසැරියට පෙර - බ්ලොග් සභාවෙන් අවසර !



බත ඉදෙන තුරු හනික
වර්ණ ගැන්වෙන සිහින
ගවොම් කොලරය මදින අතරෙත්
සෙමින් මිමිණෙයි
අමුතු තනුවක සිහින






මම කුඩා කාලෙ ඉඳන් බොහොම කැමතියි සිහින දකින්න. සිහින දැකීම ගැනත්, කාලෙන් කාලෙට මම දැකපු විවිධාකාරයේ සිහින ගැනත් මම වරින් වර බ්ලොග් පෝස්ටු කිහිපයක්ම ලියලත් තියෙනවා.


මගේ අමුතු සිහිනමය සටහන්, බසු ස්ටයිල් එකෙන් ලියලා “බස්සිගේ විස්මලන්තය” ලේබලය අලවලයි බ්ලොග් එකේ එල්ලන්නෙ. ඒ වගේම, “අමුතු කවි” කැටගරියෙත්, “කවි ලොසින්ජර” පිටුවෙත් බසු සිහින කවි විදියට ලියැවෙනවා.


මම ඉස්කෝලෙ යන කාලෙ කවි ලියනවා, ඒවා පත්තරවලට යවනවා. ඒත් ඉඳහිට ‘රිවිර අරුණැල්ලේ’ පලවුන කවියක් දෙකක් හැර වෙන කිසිම කවියක් හෝ කෙටිකතාවක් කවමදාවත් පළවෙන්නේ නැහැ.


ඉන් පස්සෙ එළඹෙන්නේ සම්පූර්ණයෙන්ම විද්‍යාවේදී උපාධියක් සහ කළමණාකරණ පාඨමාලාවක් සමග සමෝසමේ ඔට්ටුවෙමින් ගතකල, කිසිවක්ම නොලියවෙන තරමේ පට්ට බිසී අවුරුදු හතරක්.


ඒ අවුරුදු හතර ඉවරවෙන්න කිට්ටුව ආයෙමත් මම පොඩි පොඩි දේවල් ලියන්න ගන්නවා. ඒ වෙනකොට “ආයෙනම් පත්තරවලට මුකුත් යවන්නෙ නැහැ!” කියන තරමට මම මුරණ්ඩුයි. ඉතින් මම පටන් ගන්නවා ‘බස්සිගේ නවාතැන’ බ්ලොග් අඩවිය.


දැන් මගේ බ්ලොග් කෙරුවාවට අවුරුදු දෙකක් පහුවෙලා. අවුරුදු දෙකක් අනවරතව ලියන එක අසීරු කාරියක්. ඒ වුනත් අන්තිමේ මේ ලියැවිල්ල සොඳුරු ඇබ්බැහියක් බවට පත්වුනේ මටත් නොදැනීම.


එදාමෙදාතුර බ්ලොග් වියුණුව හරහා මට මුණගැහුණු සොඳුරු හදවත් ඇත්තෝ බොහොමයි. මම කියන්නම ඕන, කුඩා කාලයේ පාසැල් තරඟවලට යමක් ලිව්වාම “මේක ලිව්වේ ඔයා නෙමෙයි!” කියන තරවටුව සහ ප්‍රතික්ෂේපයට වඩා වැඩි යමක් දෙන්න සමත්වුන ගුරුවරු හිටියේ අතලොස්සයි. ඉතින්, මම ලියන්න ඉගෙනගත්තෙ තාත්තා ලියන දේ බලාගෙන සහ පොත් ගුල්ලියක්බවට පත්වීමෙන්.


ඒ ලියැවිලි ඔපවැටුනේ බ්ලොග් වියුණුවෙන් හමුවුණ ආදරණීය මිනිස්සුන්ගේ සොඳුරු ගුරුගරුකම්වලින්. ඔව්, නම් කියන්නට අවැසි නෑ ඒ ඔයාල තමයි.


ඒ හා සමාන්තරවම, ලියැවිලි උඩට ගල් බොරළු විසුරවපු අකල් වැහි, දෙනෙත් රතු කල දුහුවිලි කුණාටු නිසා සිදුවුනේ මට වඩා යහපත් අතට අනුවර්තනය වෙන්නට පන්නරය ලැබුන එකයි.





අන්තිමේදී, මම මේ සිහින පොතකට එකතු කලා. ඒ සිහින නිකම් ‘කවි වගේ’.

ඉතා කෙටි කලබල සිහින ඒ තමයි පොතේ නම.


පොත දොරට වැඩුමක් දෙසැම්බර් දොළොස්වැනි සෙනසුරාදා, පස්වරු 3.00 සිට 5.00 දක්වා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා.


එන්න! වෙනස්ම විදියේ වැඩ කිහිපයක් දැකගන්න ලැබේවි එදාට. කුතුහලයට පුංචි ඉඩක් තියල වැඩි විස්තර ඊගාව පෝස්ටුවෙන් කියන්නම්.



මෙන්න උත්සවය පැවැත්වෙන තැනට යන පාර.



ශ්‍රවණාගාරය තියෙන්නේ මහවැලි කේන්ද්‍රයේ දෙවන මහලේ




141 comments:

  1. බස්සිගේ අලුත් වැඩේට සුභ පැතම්. හැකියාවක් ලදහොත් ඔලුව දමා යාමට එමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුදු පූසා!!

      Delete
  2. හදවතින්ම සුභ පැතුම්

    ReplyDelete
  3. නියමයි බස්සියේ..
    හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඔයාට.
    දිගටම අමුතු සිහින දකින්න කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දිගටම සිහින නම් දකීවි!
      ස්තූතියි නිදහස්!

      Delete
  4. හවුලේ සිහින දකිමු !! සුභ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උපුල්!
      ඒකනෙ මම දකින හීන බෙදාහදාගන්නෙ. :D

      Delete
  5. බස්සි...............................

    අැත්තට ම හරිම සතුටුයි... මේකයි විය යුත්තේ... මේ දේවල් වලින් සමස්ථ බ්ලොග් ලෝකයම ඔසවා තැබීමක් වෙනවා... ඉතින් හරිම සතුටුයි.... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග් අවකාශයට මාකට් නොවෙන ප්‍රඩක්ට් එකක් විදියට සැලකෙන "කවිය" අරන් එන්න වැඩිම මෙහෙයක් කරන කුරුටුගේ මේ සුභපැතුම මට සෑහෙන්න වටිනවා!

      Delete
  6. හෘදයාංගම සුභ පැතුම් බස්සි ...!
    මේ, දිගු ගමනකට තබන එක් පියවරක් වේවා ...!

    ReplyDelete
  7. සුබ පැතුම් බස්සි, එන්න නම් ඩිංගක් දුර වැඩියි- අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට බලන්න පින්තූර දාන්න ඈ!

    ReplyDelete
    Replies
    1. ඩිංගක් නෙමෙයි සෑහෙන දුරයිනෙ. ඒ පැත්තෙන් මෙහෙ එන කෙනෙක් හිටියොත් පොඩ්ඩක් කියල තියන්න අක්කේ. මම පොතක් එවන්නම්.

      Delete
  8. ඉත සිතින් සුභ පැතුම්!

    ReplyDelete
  9. හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  10. සුභ පැතුම් බස්සී... දුර ගමනක හීන ඉටුවේවා...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බීට්ල්!

      Delete
  11. සුභ පැතුම් බස්සි අක්කා !!! ජයෙන් ජයම වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙතූ!!

      Delete
  12. නියෝජිතයෙකු සමග මගේ බස්තම එවමි!

    ReplyDelete
    Replies
    1. අපරාදෙ නේ!
      ඔයාට පොතක් තියන්නම්. :)

      Delete
  13. මගෙත් සිහිණ දෙකක් තිබුනා... ඒ කෙල්ලෝ දෙන්නෙක් ගැන.. එකෙක් බස්සී.. අනෙකි අපූර්වී.. සිහිණය තමයි උඹලා දෙන්නා රටේ ප්‍රසිද්ධ ලේඛිකාවන් දෙන්නෙක් වෙයි කියන එක.. ඒ විතරක් නෙමෙයි ළෝක මට්ටමට යයි කියන එක...

    නිකමට නෙමෙයි උඹලා දෙන්නම හිතන හැටි වෙනස්.. ලියන හැටි වෙනස්.. විය යුත්තේ එයයි.. හැමදාම අතීතයේ උන් වීරයෝ සමරනවද..? එහෙම නැත්නම් අළුතෙන් වීරයෝ හොයනවද කියන එක.. උඹලා දෙන්නම ගියේ සම්ප්‍රදාය කඩාගෙන.. චින්තනය වෙනස්... එතකොට තමයි අළුත් ගමනක් යන්න පුළුවන්...

    එකෙක් නම් මඟ නැවතුනා.. ඒකිත් දව්සක මේ වගේ තැනකට එනවා නම් ඒක තමයි මාතලන්ගේ සතුට... අනිකා නිර්මාණ ක්ෂේශ්ත්‍රයේ පිලිගැනීමට ලක්වන ජාතියේ පළමු පියවරක් තියනවා.. ඒක සර්වප්‍රකාරයෙන්ම අති සාර්ථක වේවා කියලා පතනවා...

    බ්ලොග් කාරයෝ මීට කලිනුත් පොත් එලි දක්වලා තියෙනවා, පැරා, කකා, තිලකේ මට මතක අය... ඒත් මේක විශේෂයි.. හේතුව උඹලා වෙනස්.. අන්න ඒ වෙනසට මාතලන් පට්ට ලැයික්...

    බ්ලොග් කාරයෙක් හැටියට පට්ට ආඩම්බරයක් තියෙන්නේ..

    දෙවන පියවර විදියට අර පිස්සු කතා ටික ජනසතු කරපන්..

    ReplyDelete
    Replies
    1. මාතලන්ලා අළුත් බ්ලොග්කාරයන්ට දෙන සහයෝගය නිසා නොවෙන්නට බොහොමයක් අළුත් බ්ලොග් නොලියවෙන්නට පවා තිබුනා. වෙන එකක් තියා ලස්සනට ලියන ගොඩක් අයට මම බ්ලොග් ගැන විස්තර කියලා මුලින්ම යවන්නෙ මාතලන්ගෙ "බ්ලොග් එකක් හදන හැටි" පාඩම් මාලාව. සින්ඩිකේටර් ගැන කියලා මුලින්ම යොමු කරවන්නෙ මාතලන්ගෙ සින්ඩියට. ඒ සහය නොවෙන්නට අපි උනත් මෙතනට එන්න ගොඩක් පමා වෙන්න තිබුනා.

      අපූර්වි ආයෙම ලියන්න එනවනම් හැමෝම කැමතියි. "ඇයි කාක්කන්ට ෆයිබර්ග්ලාස්වලින් ගෙයක් හදන්න බැරි?" වගේ අමුතු කතා ගොඩක් අපිට කියවන්න තිබුන අවස්ථාවක් නැතුව ගියෙ ඔමා බ්ලොග්වලින් අයින් වීමෙන්.

      කෙටිකතා හෙවත් පිස්සු කතා එකතුවක් මග එනවා. ලබන අවුරුද්දෙ මැද හරියේ ඒ වැඩේ සිදුවේවි බොහෝවිට. :)

      Delete
    2. ඉවාන් සහ විදානේ :

      බොහොම ස්තූතියි වැටවල් දෙකට :P

      Delete
    3. මෙන්න මගෙනුත්..
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. ඔන්න මම අත් දෙකම ඉස්සුවා +++++++++++++++

      Delete
  14. උණුසුම් සුබ පැතුම් බස්සි අක්කා. මාතලන් අයියා කියපු දේත් එක්ක එකෙන්ම එකඟයි, මේ දේ තම බස්සි අක්ක වෙන්න ඕනා, මට මතක් වෙන්නේ නීල් ආමස්ට්‍රොන්ග්ව මේ වෙලාවේ, අක්කට අමුතුවෙන් කියන්න ඕන නැහැ එයා හඳට පළමු පියවර තියන කොට කියපු දේ, ඒ දේ බ්ලොග් අවකාශේටත් එහෙමමයි, මගේ ඊළඟ හීනේ අක්කගේ කෙටිකතා සංග්‍රහයක් එලියට ඒවි කියලා, ඒ අතරට අර මියෝ පත් කරගත්ත පුසගේ කතාව වගේ කතා තියෙන්න ඕනා, ඔයාගේ ආත්ම තෘප්තියට ලියුන ඒවායින් කරපු නිර්මාණයක් සමාජයේ සාහිත්‍ය කෙතේ පුංචි පිම්මක් පනින්න මොහොතක ඒ පිම්ම ලොකුම ලොකු පෙරලියක් ඇති කරන පිම්මක් වෙන්න කියල හදවතින්ම සුබ පතනවා අක්කා, ජයෙන් ජයම වේවා.


    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොමියා මල්ලි.

      "පිස්සු කතා" ගැන ඊගාවට බලාගන්න ඉන්නෙ. :)

      Delete
  15. එන්න නම් බැරි වෙයි. ඒත් හදවතින්ම සුබ පැතුම් නංගි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිඳු අක්කේ!
      ඔයා දුරනෙ ඉන්නෙ ඉතිං. අනික, පාර කවර් කරන හරක් බැටෑලියන් එකත් ඉන්නවනෙ. :D

      Delete
  16. මෙච්චර දවසක් කියවලා විතරක් ගියා. සියල්ල සාර්ථක වෙන්න මුළු හදින්ම සුභ පතනවා. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුජීව!
      මුල්ම කමෙන්ටුව වෙන්න ඕන? සතුටුයි හඳුනාගන්නට ලැබීම ගැන!

      Delete
  17. ජ ය වේ වා !!!!

    (හදවතින්ම සුභපැතුම්)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විදානේ!
      ඇහැකිනම් හාමිනායි, නැන්දම්මයිත් එක්ක ඇවිත් යන්න එන්න. මළදානේ යාලුවෙක්ගෙ පොත් මලදානයක් කියන්න.

      Delete
  18. සුබ පැතුම් අක්කේ . ඔයාව බලල යන්න එන්න බලන්න උත්සහ කරන්නම් .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගා! සෙනසුරාදාවක් නිසා එන්න පුලුවන්වේවි නේද?

      Delete
    2. උත්සහ කරන්නම් අක්කා . මට සෙනසුරාදා පන්ති . ඉන්ටවල් එකේ දුවල යන්න එන්න බලන්නම්

      Delete
    3. සමාවෙන්න අක්කේ එන්න බැරි උනාට

      Delete
  19. සුභපැතුම් කිව්වා ඔන්න.. ලංකාවේ හිටියනම් අනිවාර්යෙන් එනවාමයි... බ්ලොග් නිර්මාණ කරුවෙක් පොතක් එළිදැක්වීම පොලොව යට පැලවෙච්ච අංකුරයක් පොළොවෙන් උඩට මතුවීම වගේ වැදගත් දෙයක් උනාට බස්සිට ඒක එහෙම නෑ .. මොකද බස්සි පත්තර වලට එහෙම ලියල ප්‍රසිද්ද වෙච්ච චරිතයක් නිසා...

    සිංහල පොතේ තිබ්බ දොරට වැඩුම කවි ටික අමතක් උනා නිකම්ම..

    නැකත හොඳයි කීය පියා
    මව ඉන් ඉදි­රි­යට ගියා
    මග හැම වස් දොස් හැරියා
    එක පැටි­යෙක් හැඹී පියා

    බස්සීට මෙන්ම සියලූම බ්ලොග් නිර්මාණ කරුවනට ලොව පුරා පියාසලන්නට වාසනාව ශක්තිය දහිරිය ලැබේවා...

    ( අංකුරයක් විදිහට හරි , ලියන්නේ කිසි වැදගැම්මකට නැති දේවල් උනත් බ්ලොග් එකක් ලියන්න පුළුවන් වීම ගැන මටත් චුට්ටක් විතර ආඩම්බරයි.. බ්ලොග් කාරයෙක් කියන හැඳින්වීම තාම මට සුදුසු නැතුව ඇති )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අම්බලන්ගොඩ!

      අනේ මම මහලොකුවට පත්තරවල ලියන කෙනෙක් නෙමෙයි. ඉඳහිට ලියන දෙයක් පලවෙනවා විතරයි.

      ඔයාගෙ අන්තිම ඡේදෙ ගැන කිව්වොත්, අපි ලියන්න ඕනෙ සම්මත රාමුව තුල "වල්පල්" කියලා ලේබල් කරපු, නමුත් වැදගත් පණිවිඩයක් ගේන්න පුළුවන් දේවල්. ප්‍රධාන ධාරාවෙ මීඩියාවල දොරවල් වැහිලා තියෙන හොඳ දේවල් අපිට මිනිස්සුන්ට දෙන්න පුලුවන්නෙ මෙතනින්. ඒවට ඉල්ලුම වැඩි වෙනකොට ඉබේම ප්‍රධාන ධාරාවෙ මාධ්‍යවලින් අපිට දොර ඇරෙනවා.

      Delete
  20. සුභ පැතුම් බස්සි ..

    ReplyDelete
  21. බස්සි මචං …… එන්න බෑ බං ඉන්නෙ වෙන රටක නිසා.නැත්තං උදේ පාන්දර මායි අර ඉවාන් කියන කාලකන්නියයි ඔතන :D හැක් .ඌ යනවා මට ඉරිසියාවෙ බෑ ……

    රෙෂ්පට් බං රෙෂ්පට් !!
    බොක්කෙන්ම සුභ පතනවා.. ඊළඟට කෙටිකතා ටික .රයිටෝ !!!

    ReplyDelete
    Replies
    1. තාම හරියට ලියාගන් බෑනේ මූට ..
      //මායි අර ඉවාන් කියන කාලකන්නියයි ඔතන"// එහෙම නෙවෙයි බං // මායි අර පත්තරමල්ලි කියන කාලකන්නියයි ඔතන"// ලෙස නිවරදිවිය යුතුයි .. :P

      Delete
    2. ඉවානය දැන් ඉඳන්ම ලුමිනස් කොලපාට ටයි එකකුයි, මැජෙන්ටා පාට බෙල්ට් එකකුයි, මල් වැටිච්ච සපත්තු ජෝඩුවකුයි ලෑස්ති කරන් ලු ඉන්නෙ එදාට දාන්න. හෙයාර් කට් එකත් වෙනස් කොරනව කියන්නෙ. ඔළුවෙ ටැටූවක් කොටනවලු 'කලබල සිහින' කියලා. අන්න යාලුවෝ!

      Delete
    3. මාව දාලා ගියොත් මරනවා..

      Delete
  22. සුභ පැතුම් බස්සි. එන්න වෙන්නේ නෑ ඉතිං. පොතක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් බලමු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර!
      ලෝන්ච් එකෙන් පස්සෙ පොත් ඩිලිවර් කරන්න වැඩ පිලිවෙලක් බලන්නම්කො මම.

      Delete
  23. නිහඬ හද
    දුටු සිහින පට
    අකුරු විය

    අකුරු වූ ඒ
    සිහින කියවමි
    විඳිමි රස

    අහෝ වී නම්
    පරිකල්පනය
    මටද මෙසේ

    කවිද ගීත
    කතා කෙටි, දිගුවූ
    බලයි එබී

    ලැබේවා දිරි
    යන්න බෝ දුරම
    ඔසවා පිය

    ReplyDelete
    Replies
    1. ඉවාන්ගෙන් කුදුගොත් කවි පේලියක්ම!! බොහොම තැන්කූ මචෝ!!

      මේ, උඹට බැරිද එදාට ඔය ටික තාලෙට කියන්ඩ ඈ? :P
      පත්තරයට එන්ඩ කියමු ඩ්‍රම් ගහන්න.

      Delete
  24. හදවතින්ම සුබ පතනවා. එන්නට හැකිවේදැයි සැකයි. එහෙත් අවස්ථාවක් ලැබුණොත් පැමිණිමට සටහන් කරගත්තා.

    ReplyDelete
    Replies
    1. සෙනසුරාදා හවසක් නිසා එන්න උත්සහයක් දරන්නකෝ. බොහොම ස්තූතියි!!

      Delete
  25. මං මේ මකමන් හිතමින් ලියන තුන්වෙනි කොමෙන්ට් එක.. හැක්..බ්ලොගර් කාරයා මක මක ලියන ඒවාත් බලාගන්න ක්‍රමයක් හදල තිබුන නං උඹට ඒවා බලාගන්න තිබුනා. අවසානාවට තාම ඒම ක්‍රමයක් නැහැනෙව...

    //ඒ හා සමාන්තරවම, ලියැවිලි උඩට ගල් බොරළු විසුරවපු අකල් වැහි, දෙනෙත් රතු කල දුහුවිලි කුණාටු නිසා සිදුවුනේ මට වඩා යහපත් අතට අනුවර්තනය වෙන්නට පන්නරය ලැබුන එකයි.//

    අන්න ඒ උපේක්ෂාව නැති කරගන්න එපා බං.. ඒක තමා හැමදේකම වටිනාම මැණික..

    සුභ පැතුම්. මට පොතක් අත්සන් කරල එවහං බස්සියෝ.. දන්නවනේ මට එන්න විදියක් නෑහැ කියලා.. හැක්.. ජයම වේවා.. මාත් ඔන්න උඹ ඉන්වයිට් කරල තැති නිතර මේවාට සහභාගී වන සැට් එකකට ඉන්වයිට් යැව්වා..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ ඉතින්. මෙදාපාර උඹ නෙළුම් යායට එනවාමයි කිව්වා වගේ කඩවෙන පොරොන්දු දුන්නෙ නෑනෙ දේසෝ.

      බොහොම ස්තූතියි! මගෙ ඉන්විටේසන් ලිමිට් එක පැනලා අනේ. පුලුවන්නම් අපේ කස්ටිය මගහැරිලා ඉන්නවනම් ඉන්වයිට් පාරක් දාන්න. සකරබරගයාට පිස්සුනෙ, ඒකටත් ලිමිට් දාලා.

      කවුරු අතේද එවන්නෙ පොත? ඉන්බොක්ස් කරහං.

      Delete
  26. සුභ පැතුම් බස්සියේ.
    උත්සවයට එන්න ආසයි.එත් 12 වෙනිදා මම ක්ලාස් එකක.බාහිර සිසුන්ට විභාගයට පෙර පවත්වන අවසාන පංතිය නිසා ඒක අනිවාර්යෙන්ම තියන්න වෙනවා.එන්න බැරි වෙන එකගැන කණාගාටුයි.එන්න බැරි වුනත් සහෘදත්වයෙන් හදවතින්ම සුභ පැතනවා....

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ මනෝ. ඉදිරියේදි බ්ලොග් උත්සව වලදි හමුවෙයිනෙ.
      බොහොම ස්තූතියි සු'පැතුම්වලට!

      Delete
  27. හඳවල් පාලාහකට විස්සකට එපිටින්
    හීන දකින්නත් ලොක්කන්ගෙන් අවසර ගන්න ඔනෑ වෙච්ච සංදියේ මා මගේ බ්ලොග් කටුවේ කුරුටු ගෑවා ලංකාව හීන දකින්නන්ගේ සුසානයක්ද කියල අහල.
    Oh yes හීන දකින්නෝ ඉන්නව.
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. එක අතකට ඔයා කියන දේ හරි.
      ලංකාව හීනදකින්නන්ගේ සුසානයක් තමයි.
      හීනදකින්නන් කොටසක් බලෙන් අතුරුදහන් කරවනවා (හීනත් එක්කම.), අනිත් අය ස්වකැමැත්තෙන්ම මිහිදන් වෙනවා. තවත් සමහරු හීන පොදිගහලා වලලනවා.

      බොහොම කලබලෙන්, කෙටිම කෙටි හීන දැක්කොත් මිසක, දිග හීනවල කිමිදෙන්න ලංකාව එච්චර ඔබින තැනක් නෙමෙයි. එහෙම තැනක් බවට මේ පොලව පත්කරගන්න පුලුවනුත් හීන දකින්නන්ටම පමණයි.

      Delete
  28. කොච්චර උත්සාහ කරත් මට බැරිම දෙයක් තමයි කවි ලියන එක...

    කමෙන්ට් ඇරියස් එකක් තියෙනවා පස්සේ විසඳ ගමු...

    මේ වැඩේට ජය වේවා...!!!
    මම ඉන්නේ හද්දා ඈත...
    එන්ට උත්සාහ කරන්නම් උපරිමෙන්... :-D

    ReplyDelete
    Replies
    1. තැන්කූ හොඳේ!

      ඒ මොකක්ද කමෙන්ට් ඇරියස් එකක් කියන්නෙ?

      Delete
  29. බස්සියේ,
    මට එදාට ගෙදර යන්නම වෙනවා. පැනගන්න ලැබුනොත් එනවාමයි. එන්න බැරි උනොත් මට අස්සන් කරපු පොතක් එවන්න. අනිවා එන එකෙක් ඉන්නවා මං ඌට කියල ගෙන්වගන්නම්.

    මෙන්න මගේත් හද පිරි සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කසුන්.

      මම පොතක් එවන්නම්. කාටද දෙන්න ඕනෙ කියල පොඩ්ඩක් කලින් කියල තියන්න මට. මොකද එදාට වැඩ අස්සෙ හොයාගන්න බැරිවුනොත් ඔයාගෙ නියෝජිතයව. :)

      Delete
  30. warnakulakaya@gmail.com
    බස්සි මේක දැක්ක ගමන් මට මේලක් දාපන්

    ReplyDelete
    Replies
    1. උදව්වට බොහොම ස්තූතියි මල්ලි!

      Delete
  31. සුබ පැතුම් බස්සියෝ. ඔයාගෙ පෝස්ට් නම් බලනව නිතර. බොරු කියන්නෙ මොකද සමහර ඒවා තේරෙන්නේ නැහැ ( මොලේ තරම තම ඉතින් ) හැබැයි හුඟක් ඒවා හරිම අනගියි.

    ReplyDelete
    Replies
    1. මටත් මේ ලෝකෙ තියෙන දේවල්වලින් තේරුම් ගන්න පුළුවන් බොහෝම ටිකක් විතරයි නෙ. ඒවා වැඩියෙ හිතන්න එපා... :)

      ස්තුතියි ප්‍රියන්ති!

      Delete
  32. මම පලවෙනි අවුරුද සමරන පොස්ටුව ලියන කොට බස්සි ඇවිත් කිව්වා එයත් ඊළඟ මාසේ අවුරුද්ද සමරනවා කියලා .... ඒ කියන්නේ අපි එක නැවේ ආපු අය.... ආඩම්බරයි සහෝදරි... අර උද හංසමාලි කියලා තියෙනවා වගේ ගොඩක් ඒවා මට තේරුනේ නැතත් වැටෙන කොමෙන්ට් එක්ක අපි දන්නවා ඔයාට දිගු ගමනක් තියෙන බව.... ඒ ගමනට සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ උඔලට චිත්ත කැල්ලක් කිව්වොත් විතරද පිලිගන්නෙ..කොයිකාලේක ඉදන්ද මම කියන්නෙ මේකිගේ පොස්ට් මට වෑල් කියලා

      Delete
    2. බොහොම ස්තූතියි! මට වඩා මැලේ මාසයක් සීනියර් නේ? :)

      Delete
  33. උඔ මාත් එක්ක තරහත් ඇති..මම උඔගේ පොස්ට් වලට අනන්මනන් කියන නිසා..
    එන්න ට්‍රයි එකක් දෙන්නම්...
    හදවතින්ම සුභ පතනවා..
    එල ද බ්‍රා
    පොත ගන්න පුලුවන් තැනක් කියපන් මචෝ.

    ReplyDelete
    Replies
    1. බ්‍රා එකක් අරන් වරෙන්....

      Delete
    2. අන්න දැක්කද මාතයියන්ඩි තමයි මට නියම වටිනාකම දුන්නෙ..
      36 C එකක් අරන් එන්නම්

      Delete
    3. බුක් ලෝන්ච් එකෙන් පස්සෙ තමයි පොත බෙදාහැරීම ගැන වැඩපිලිවෙලක් යොදන්න ඉන්නෙ මෙන්ඩා. ඒ ගැනත් පෝස්ටුවකින්ම කියන්නම්කො.

      Delete
  34. නියමයි බස්සි...

    හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  35. සුබ පැතුම් බස්සියේ... මම මේලක් දැම්මා.
    අළුත් කයි පොතක්.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සබරේ!
      මම දැක්කා. රිප්ලයි දැම්මා. :)

      Delete
  36. සුබ පැතුම් යශෝ,

    හැකියාවක් වෙතොත් එදාට අනිවර්යෙන් එන්නම්.

    ReplyDelete
  37. සුබ පැතුම් බස්සි!!!

    ReplyDelete
  38. සමහර වෙළාවට උඹ ලියන මෙලෝ මලදානයක් තේරුණේ නැති උනත් එදාට වෙලාවට අපි එතන ඇති...

    ReplyDelete
    Replies
    1. ගල් කැට දෙක තුනක් අරන් වර

      Delete
    2. ඒ මක්කාටද බොල? අපේ ඔය විවේචන නෑ නෙ බං.. පිටිපස්සෙ පේලියක පුටුවකට වෙලා ආතල් එකේ ඉන්නව...

      Delete
    3. බොහොම ස්තූතියි සජ්ජෝ!!
      ගල් කැට මොකටෙයි? එව්වා කිරිමෙල් වැඩ!

      Delete
  39. මම හිතාගෙන හිටියේ මම කලින් සුබ පැතුවේ මේ පෝස්ට් එකට කියලා...
    කොහොම නමුත් ආපහු සුබ පතනවා එහෙනම්...
    එන්න ට්‍රයි එකක් දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකූ!
      නෑ නෑ ඒ වෙන පෝස්ටුවක් නෙ.

      Delete
  40. අළුත් වැඩේට සුභ පැතුම් බස්සියෝ ..... ඔයා දුර ගමනක් යන බව , මං කියවපු පළමු පෝස්ටුවෙන්ම පෙනුනා . වෙනස් හිතක් තිබුණු එකට ..... ආයෙත් සුභ පතනවා .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිහිංසා!!

      Delete
  41. ආදරයත් සමඟ උණුසුම් සුභ පැතුම් බස්සි නගාට :) මම ඊයක් එව්වා නේ..බලන්ටකෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තනියක්කේ! එදාට එන්ඩ ට්‍රයි එකක් දෙන්න. ඔතන 7.00ත් පහුවෙනකම් අපේ සෙට් එක පච කියකියා ඉන්නව සාමාන්‍යයෙන්.

      Delete
  42. සුබපැතුම්, බස්සි! අපිනම් ඉතින් සහභාගී වෙන්න විදිහක් නැති ගොඩේ.

    ReplyDelete
    Replies
    1. වීඩියෝවක් අරන් යූ බටේ දාන්නම් ඉකෝන්. බොහොම ස්තූතියි!

      Delete
  43. බස්සි ට විභීෂණ ගෙන් උණුසුම් සුබ පැතුම්...

    සහෝදර බ්ලොග් කාරයෙක් විදියට උඹේ ඒ හීනේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විභියා!
      හැකිනම් ඇවිත් යන්න එන්න.

      Delete
  44. සංතෝසයි බොහොම.මේ ඇරඹුම පමණයි....! මටනම් තාම පෙනෙන්නෙ බස්සි පනුවෙක් වගේ.සමනළයා වෙලා ලස්සන පාටින් පියාඹනතෙක්...(ඒ බව ස්ථිරයි.) සෙනෙහසෙන් බලන් ඉන්නෙ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ මේ පුට්බෝල් සයිස් මට පණුවා කීම ගැන මාර සතුටුයි පැපෝ! ;)
      තැන්කූ හොඳේ!

      Delete
  45. ඔන්න බස්සියා සයිබර් පවුරටත් දැම්ම. සුභ පැතුම්
    http://sinhala.lankanewsweb.net/featured/cyber-wall/item/1769-2015-12-01-22-35-59

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් අයියෙ!!

      Delete
  46. සුබ පැතුම් බස්සී.
    පත්තර වල පැළලි කවි පිටු අස්සෙ කවි එල්ලනවට වඩා පොතක් කරන එක වටිනවා. ඒක පවතිනවා.
    ලංකාවෙ උන්න නං එනවාම තමයි. සියල්ල හොඳින් සිදු වේවා. පොත මාර්කට් වේවා.....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ! :)

      Delete
  47. "අමුතු කවි", "කවි ලොසින්ජර" කියෙව්වම පොතක් කරන්න කාලෙ හරි කියල දැනෙවා.
    හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දසත සැරිසරන්නී! :)

      Delete
  48. සභාවේ කන් දෙපලු වෙන අත්පොලසන් විසිල්

    එන්න නොලැබුනත් පොතක් මිලදිගත හැකි අයුරැ පොඩ්ඩක් සඳහන් කරන්න

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.

      පොත් බෙදාහැරීම පිලිවෙලක් කරගත් වහාම ඒ ගැන දන්වන්නම්.

      Delete
  49. My dear friend Bassi

    I haven't been to the "Blog Arena" for few days due to very busy weekend with job.

    It's an amazing news and a very happy one too.

    First of all I would like to take this opportunity to congratulate you for your best effort and your hard work in this "Blog Arena" as a good writer .

    Your style is different......
    That means ......you are different. .....
    Your dreaming method is different. .....
    Your tempo of the writings are different. .....

    This is why everyone like you.

    You cannot buy that "Love" or "Like" from any market.

    These Love and Likes are coming from the bottom of the hearts of your best friends. ...... your readers.....your admirers. ....

    Believe me......
    With their blessings......you can do wonders.

    Bassiyoo. ....
    Unfortunately I won't be able to come to new book release celebration.
    Because I live far away near North Pole.

    But my heartiest wishes are coming to your way.

    Keep writing. ...
    All the best to you Bassi. ....!

    ====Adrian Channa from Toronto=====

    ReplyDelete
    Replies
    1. thanks a lot Adrian!!!

      Even though you live oceans away from here, ur warm wishes and appreciations encourage me always.

      I will see whether there is a way to deliver books overseas, like ebay or something. I have heard there is an agency which delivers books to European countries. Didnt get a chance to talk with them yet.

      Delete
  50. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  51. මම ඒත් ඉස්සර හිතුව ඇයි බස්සි අක්ක පොතක් ලියන්නේ නැත්තෙ කියල. පහුවෙලා හරි මේ සුබ ආරංචිය අහන්න ලැබුන එකනම් ගොඩක් සතුටුයි.පුළුවන් උනොත් ඇවිත් යන්න එන්නම්.මගෙන් සුබපැතුම් :) :) :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගා!

      අයියෝ... පොත් ලිවීම වගේද අනේ බ්ලොග්. මම නම් වැඩිපුර කැමති බ්ලොග් ලියන්න.

      Delete
  52. i thought i might not get a chance to put a comment as the number of comments are so much... well done bussi... i became a fan of yours recently and you make me feel amazed often with your unique style... wish you all the best in preparations... tc

    ReplyDelete
    Replies
    1. Thanks a lot ladyJ!
      I'm really happy to know you enjoy the crazy stuff written by me.

      Delete
  53. උණුසුම් සුබ පැතුම් බස්සී !!!. සිංහලෙන් ලියන බ්ලොග් පවුලේ හිතුවක්කාරම ඒත් අපි වැඩියෙන්ම ආදරේ සහෝදරිය උඹයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලක අයියේ!!

      Delete
  54. සුබ පැතුම් බං.. කියන්න ඕන දේවල් ඉතින් නිතරම කියලා තියෙන නිසා ආයෙම මුකුත් නොකියමි.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්න පටන්ගත්තු කාලෙ ඉඳන් උඹ දුන්න උදව් අමතක වෙන්නෙ නෑ දිනේෂ් අයියෙ.

      Delete
  55. මේ වැඩේට සුභ පැතුම්! අවුරුදු දෙකක් එක දිගට ලියනවා කියන එක සෙල්ලමක් නෙවේ. මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2012 ඉඳලා. ඒත් බලන්න තාම ලිපි සීයක් දාගන්න බැරි උනා. මම නම් ඉතිං කවි (දැන් තියන්නේ වෙනස්ම විදියක කවි නේ) ලියන්න දන්නේ නෑ. අර කලින් පෝස්ට් එකකත් කිව්වා වගේ, දෙපද, සිව්පද නම් ඕනේ මාතෘකාවකට කවි 10ක් 15ක් හදාගන්න විනාඩි 5ක් යන්නේ නෑ. ඒත් ඔය අලුත් මොස්තරේ කවි නම් මට හදන්න බෑ. විශේෂෙන් ආදරය වගේ මාතෘකා වලට කවි හදල නෑ කවදාවත්.
    කොහොම හරි, ඔන්න අඟහරු ලෝකේ අපි සුභපැතුවා බස්සිගේ වැඩ වලට!

    ReplyDelete
    Replies
    1. මම ඉස්සර පුරුදුවෙලා හිටියෙ මාතෘකාවලට කවි හදන්න. පස්සෙ, මම කවි ලියන එක නවත්තලා, ලියවෙන්න ඉඩ දීලා ඒ ලියපුදේට අමාරුවෙන් මාතෘකාවක් හොයාගන්න පුරුදු උනා.

      තැන්කිව් අඟහරු මල්ලි! ඔයාලා බ්ලොග් ලෝකෙ සීනියර් පොරවල්නෙ.

      Delete
  56. මම මේ බ්ලොග් එක දැක්කේ අද, කොහොමත් මම බ්ලොග් කලාවට ආගන්තුකයෙක්...බස්සී කරන වැඩේ සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  57. සුබපැතුම් බස්සි අක්කියෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දනංජි!!

      Delete
  58. එන්ඩ පරක්කුවුනාය. හූ දෙකක දුරින් හිටියත් සවුක්කියමය ගැටළු නිසාවෙන් සෙනඟ ගැවසෙන ඉස්ථාන ඔලට පැමිණෙන්ඩ බැරුවාය. බොක්කෙන්ම වැඩේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කොරනවාය. විවේක වෙලාවක අස්සන් කෑල්ලක් එක්ක පොතක් ගන්න කොරමයක් මේකට (cheenajee25@gmail.com) දන්වා හිටින්ඩ කියලා ඉල්ලා හිටිනවාය.

    ReplyDelete
  59. නියමයි නංගා..මාත් නිතරම හිතුවා ඇයි ඔයා ඔය කවි පොතක් විදියට එලි දක්වන්නෙ නැත්තෙ කියලා...මගේ සුභ පැතුම්

    මේක යෝජනාවක් විතරයි.බස්සිගෙ ආදර කතාව ඔප මට්ටම් කරල ඇයි නව කතාවක් විදියට ලියන් නැත්තේ..ඒ ඇතුලෙ තියන සරල බොළඳ කම ඇතුලේ ආදරේ ලොකු ගැඹුරක් දකින්න පුවවන්

    පොත මාකට් වේවා! කියන්න ඕන නෑ.මාකට් වෙනවමයි

    ReplyDelete
  60. මුලින්ම ඔයාට සුභ පැතුම් බස්සි නංගි.
    මේක ඔයාගෙ බ්ලොග් එකේ දාන පලවෙනි කමෙන්ට් එක උනාට ඔයාව කියවන්නෙ ගොඩාක් කල් ඉඳලා. ඇත්තටම ඔයාගෙ ෆැන්ටසි මාරයි. ඔයාට (නිර්මාණ ) කලාවේ තිබෙන කැපිලි කෙටිලි වලට භය නොවී ඉදිරියට යන්න පුලුවන් ශක්තියක් තියෙන කෙනෙක්. ඉතින් මේ පිම්ම ඉදිරියටම යන්න, හැමදේම සමබරව ගෙනියන්න පුලුවන් වෙන්න කියලා මම ආශිර්වාද කරනවා.

    ReplyDelete
  61. සුබ පැතුම් බස්සි අක්කේ... දුකයි අඳුරගන්න පරක්කු උනාට.. සතුටුයි පහුවෙලා හරි අඳුරගන්න ලැබුණට.. ජය වේවා වැඩේට...

    ReplyDelete

  62. Thanks on your marvelous posting! I quite enjoyed reading it, you can be a great author.I will be sure to bookmark your blog and will often come
    Click Here : Used excavator cat-330cl for sale in cheap price

    ReplyDelete