තවත් සාහිත්‍ය මාසයක්. මේ බස්සි පොත් ගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට ගිය පහළොස්වෙනි වතාව.
ඉස්සර නම් බුක් ෆෙයාර් යන්නෙ බස්සි-ඩැඩා එක්ක නෙව. මේ පාර එහෙම බෑ නිසා බස්සියි බස්සයි බසු නංගියි තමයි ඕන් බුක් ෆෙයාර් ගියෙ.
පොත් ගන්න යන අයට පුංචි උපදෙසක් දෙකකුත් දෙන්නම්කෝ. පොතක් ගන්නවානම් අදාළ ප්‍රකාශකයාගෙ ස්ටෝල් එකෙන්ම ගන්න. එතකොට 30% වට්ටමක් ලැබෙනවා. බොහොමයක් ප්‍රකාශකයො සාහිත්‍ය මාසය පුරාවටම ඔය ඩිස්කවුන්ට් එක එයාලගෙ පොත් සාප්පුවලදි දෙන නිසා ඇවිදින්න කාල වේලාව තියන උදවියට නිවාඩු පාඩුවෙ ඇවිදල බලලා පොත් තෝරගන්නත් පුලුවනි.
ඒ වගේම පොත් පිළිබඳ සිතැත්තන්ට පුලුවනි පාඨක ජාල වල සාමාජිකත්වය ගන්න. ඒ කියන්නෙ ඔය අපි ඇඳුම් සාප්පුවල, සුපර්මාර්කට්වල කාර්ඩ් එකක් ගන්නව වගේ වැඩක්. ඒ සාමාජික කාර්ඩ් එක ඉදිරිපත් කලාම පුලුවනි අදාල පොත්වලට අවුරුද්ද පුරාම 30% හෝ 25% වට්ටමක් ලබාගන්න.
බුක්ෆෙයාර් එකේ කොටසක් වෙන් කරල තියෙනවා Bargain stalls වලට. ඒ කොටසෙ stall වල තියෙන්නෙ හොඳ ඉංග්‍රීසි පොත්වල පරණ edition, අධ්‍යාපනික පොත්, ඔය සොල්දරේ ඉඳන් පොත් කියෙවුව කියන අය සඳහන් කරල තිබුනු පරණ පොත් වගේ ඒවා. අපේ නංගි රුපියල් එක්දාස් පන්සීයකට මිල කරල තිවුනු පොතක් රුපියල් හාරසිය හැත්තෑවකට ගත්තා ඒ ස්ටෝල් එකකින්.
ගොඩගේ ප්‍රකාශකයෝ මේ වතාවෙ වෙනදාට වඩා සංවිධානය අතින් ඉදිරියෙන්. මිහිලක මැදුරේ ඔවුන්ගේ ස්ටෝල් එකේ කවුන්ටර් අසල තදබදය අවම වෙන විදියට සකසාගෙන තිබුනු ආකාරය ප්‍රශංසනීයයි.
සරසවි ප්‍රකාශකයන්ටනම් තමන්ගේ "මානව සම්පත්" ගැන මීට වඩා අවධානයක් යොමු කරන්න වෙයි වගේ. පොත් ගන්න එන මිනිස්සුන්ට හරක්ට වගේ ආමන්ත්‍රණය කරන සේවකයො ඉන්න තැනක පොත් මිළදී ගන්න යන්න මමනම් කැමති නැහැ. මේ සරසවියේ සේවකයන්ගේ ලොකු ලයින් බලන්න සිදුවුන දෙවැනි වතාව. පොත් සාප්පුවක වැඩ කරන්න ඕනෙ පොත් ගැන යන්තම් හරි අවබෝධයක් තියෙන මිනිස්සු නේද?
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් ඉස්සර තරම් හොඳ පොත් එලියට ඇවිත් නෑ වගෙයි. විදර්ශන ප්‍රකාශකයන්ගේ පොත්නම් කවදත් වගේ මෙවරත් මගේ හිත ඇද ගත්තා.
Jeya බුක් ෂොප් එකේ ආරක්ශාවනම් ඕනෑවට වැඩිද මන්දා. ඇතුලට යනකොට බැක්පැක් එකට ප්ලාස්ටික් ලොක් එකකුත් දැම්මා. ඒත් එලියට එද්දි ඒක අයින් කරල දෙන්නත් කෙනෙක්ව තිබ්බානම් තමයි හොඳ. මොකද පොත් කන්දත් බිම තියාගෙන ඔතන ඉඳන් බෑග් එකේ ලොක් එක ගලවගන්න විනාඩි විස්සක් විතර ඔට්ටු වෙන්න වුනා.
රූ එන්ටර්ටේන්මන්ට් අලෙවිසලේ හඳගමගේ පරණ ටෙලිනාට්‍යවල ඩී.වී.ඩී. ටිකත් තිබුනානම් කොයිතරම් හොඳද.
දැන් නම් පොත් ප්‍රදර්ශනය තවත් එක කානිවල් එකක් වේගෙන යන හැඩයි. කෑම කඩ, ෆේස් පේන්ටින්, අයිස්ක්‍රීම් කඩ, tattoo කඩ ආදී මෙකී නොකී කඩ වැහිවැහැල. මට ඇහුනා ගේට් එක ගාවදි කොල්ලෙක් කියනව "යකෝ අපි වැරදිලා මැගී දයියා එක්සිබිෂන් එකකටනෙ ඇවිත් ඉන්නේ" කියලා.
කොහොමින් කොහොම හරි බස්සිත් පොත් ටිකක් ගත්තා. ගන්න හිතන් උන්නු පොත් කිහිපයක් හොයාගන්න බැරිවුනා තදබදය නිසා. සන්නස්ගලගේ "අම්මා" පොත ගන්නම ඕනෙ අද හවසට සරසවි පැත්තේ රවුමක් දාලා. "හැටේ වත්තේ මග්දලේනා" මගේ බලාපොරොත්තු සුන් කරමින් සියලුම පිටපත් විකිණී අවසන් වෙලා. පොත් සාප්පු කීයක රස්තියාදු වුනාද මම මේ මග්දලේනෙක් හින්ද.
පහුගිය අවුරුදු පහළොවටම නොකරපු ලාමක ටිං ටිං වැඩක් මේ පාර කරන්නෙ මගේ "පොත් ඔත්තු" ලිපි මාලාව වෙනුවෙන්. ඒ තමයි ගත්තු පොත්වල ලැයිස්තුවක් දාන එක. කැමති අය ඒකත් කියවලා යන්නකෝ.
1. මොහාන් රාජ් මඩවල - ආදරණීය වික්ටෝරියා
2. මොහාන් රාජ් මඩවල - ලොවීනා
3. මොහාන් රාජ් මඩවල - සිහින සිහින සහ සිහින (කෙටිකතා)
4. ශාන්ති දිසානායක - හිරුමඬල
5. ශාන්ති දිසානායක - දේදුන්න
6. තිලකසිරි ඒකනායක - තිලක සිත
7. නිශ්ශංක විජේමාන්න - මුවා මැරූ සලමන් (කෙටිකතා)
8. නිශ්ශංක විජේමාන්න - වැලන්ටයින් කුමාරයා
9. ජයතිලක කම්මැල්ලවීර - තාත්තලාගේ කතාව
10. ජයතිලක කම්මැල්ලවීර - ඇස් (කෙටිකතා)
11. ජයතිලක කම්මැල්ලවීර - කලු සපත්තු (කෙටිකතා)
12. මංජුල වෙඩිවර්ධන - මගේ ආදරණීය යක්ෂණී
13. සුනිල් මාධව ප්‍රේමතිලක - සත්‍යවාදියෙකුගේ දිනපොත 1 සහ 2
14. ලියනගේ අමරකීර්ති - කුරුලු හදවත
15. භද්‍රා ඉන්ද්‍රාණි අමරකෝන් - නිර්වින්දන
16. මලික් තුසිත ගුණරත්න - කිත්තා බයිසිකලේ වික්කා (කෙටිකතා)
17. මලික් තුසිත ගුණරත්න - චන්දරේ! මචාං!! (කෙටිකතා)
18. ඒ. වී. සුරවීර - කාටත් මා එපාවෙලා
19. එදිරිවීර සරච්චන්ද්‍ර - විලාසිනියකගේ ප්‍රේමය
20. ඇරැව්වල නන්දිමිත්‍ර - දුටු තැන වෙඩි තබනු
21. පී.බී. ජයසේකර - මරියා සිලොනිකා වස්තුව
22. යනූෂා ලක්මාලි - තරු
23. තාරකා වාසලමුදලිආරච්චි - මැටි
24. තාරකා වාසලමුදලිආරච්චි - දෙහි
25. තාරකා වාසලමුදලිආරච්චි - ඇස්
26. සයිමන් නවගත්තේගම - මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව
27. මාර්ටින් වික්‍රමසිංහ - විරාගය
28. ස්වර්ණ කාන්ති පෙරේරා - බිම්බා
29. භද්‍රජී මහින්ද ජයතිලක - තුම්මාසේ
30. මහ රහතුන් වැඩි මග ඔස්සේ (7) -ඉන්ද්‍රජිත් සුබසිංහ
31. පියවි සිහිය සහ තේ පානය - සමන්ත තැන්නගේ
32. Opening the door of your heart and other Buddhist tales of happiness - Ajahn Brahm
33. Jagath Kumarasinghe - A calf in milk and milk chocolate
34. Zizou Corder - Lee raven
35. Zizou Corder -Boy thief
36. Paulo Coelho - By the river piedra i sat down n wept
37. Paulo Coelho - The witch of portobello
38. Paulo Coelho - The devil n miss prym
39. Emily Bronte-Wuthering heights
TRANSLATIONS:
40. The naked woman (නිරුවත් ගැහැණිය) - Desmond Morris (පරිවර්තනය : පසන් කොඩිකාර)
41. සදාකල් ආනන්දයෙන්
(Leo Tolstoy's happy ever after)
42. ජෑම් ගස යට ගෙදර - සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
(The jam fruit tree by Carl Muller)
43. නිදි කුමාරියන්ගේ නිවහන - ඉන්දික ගුණවර්ධන (House of the sleeping beauties by Yasunari Kawabatha)
44. අපේ කාලයේ වීරයෙක් - දැදිගම වී රුද්‍රිගු
(They fought 4 their country by Mihail Lemarnthav)
45. සිරකරුවා සහ ඔත්තුකරුවා -ආනන්ද සෙල්ලහේවා
(The Afgan by Fredrick Forsyth)
46. මං අනාථයෙක් නොවේ - මානෙල් ජයන්ති
(Emarald star by Jacqueline Wilson)
47. තාත්තයි දුවයි - කත්‍යානා අමරසිංහ
(The blue cup by Arkadi Gaidar)
48. පුංචි මායාකාරි - මානෙල් ජයන්ති
(Lucy Willow by Jacqueline Wilson)
49. මැන්ඩි - මානෙල් ජයන්ති
(Bad girls by Jacqueline Wilson)
50. තෙල්මන්දා - මල්ෂා ගයාත්‍රි බණ්ඩාර
(The Blabber by Judy Blume)
P.S.
අද නුගේගොඩ රස්තියාදු ගසා සොයා ගතිමි.
51. අම්මා - උපුල් ශාන්ත සන්නස්ගල
52. හැටේ වත්තේ මග්දලේනා - සෞම්‍ය සඳරුවන් ලියනගේ
P.S.
අද නුගේගොඩ රස්තියාදු ගසා සොයා ගතිමි.
51. අම්මා - උපුල් ශාන්ත සන්නස්ගල
52. හැටේ වත්තේ මග්දලේනා - සෞම්‍ය සඳරුවන් ලියනගේ

















