ගංවතුරෙන් පස්සේ ඊගාවට මොකද වෙන්නෙ කියන එක ගැන හැමෝටම තියෙන්නෙ අවිනිශ්චිතභාවයක්. ඒ ගැන වටින දැනමුතුකම් රාශියක් ෆ්බී එකේ හුවමාරු වෙනවා දැක්කා. ඒවායින් වැදගත් යැයි හිතුන සමහරක් බ්ලොග් එකේ පල කරන්න හිතුනා.
කරන්ට් එක
ගංවතුරෙන් පස්සේ ගෙවල් තියෙන විදුලි පද්දතියට අත තියන්න යන්නේ බලාගෙන. විදුලි බල මණ්ඩලෙන් ඔබගේ පලාතට ලයිට් කපල ඇති. වතුර බැහැලා ගියහම ඔවුන් සැපයුම දමාවි. එතකොට ඔබේ නිවසට කරන්ට් එක ඒවි. නමුත් ගෙදර ප්‍රධාන ස්විචය (මඉන් ස්විට්ච්) හෝ වෙනත් කිසිම විදුලි උපාංගයක් අල්ලනවත් යන්න එපා!
ලයිට් දාන ස්විච්, ප්ලග් පොයින්ට් ඇතුලට වතුර/මඩ ගිහින් තියෙන්නේ. බිමත් බිත්තියත් ඔක්කොම හොඳටම තෙත නිසා විදුලි කාන්දු වෙන්න තියෙන ඉඩ හොඳටම වැඩියි! හොඳම දේ තමයි මුළු පද්ධතියම විදුලි කාර්මිකයෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම!
හැම ස්විච් එකක්ම, ප්ලග් එකක්ම ගලවල එකින් එක චෙක් කරන්නම ඕනේ. ඇතුලේ තියෙන වතුර සම්පුර්ණයෙන්ම යවල සුද්ද කරලා වේලෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ තමයි, එකින් එක පරිපථ චෙක් කරගන්න ඕනේ! විදුලිය එක්ක වැඩ පුරුදු නැත්තම් තනියෙන් කරන්න එනම් යන්න එපා! මේක සුළුවට ගන්න එපා, හදිස්සි වෙන්න යන්නත් එපා! විදුලියත් සුළු වැරැද්දකට උනත් කිසිම සමාවක් නැහැ!
විදුලි කාන්දුව නිසා ජීවිත අනතුරු වීමට ඇති ඉඩ බොහෝයි. එක් විපතකින් තවත් විපතකට වැටුණොත් ඒක් කොයිතරම් වේදනාකාරී දෙයක් ද?
පොත් පුතේ - නෙත් වගේ
(විස්තර ලබාගත්තේ රුවන් චින්තක ගමගේ ඉදිරිපත්කල සටහනකින්.)
පොත්පත් සහ වෙනත් ලිපි ලේඛ්හන තෙමී පැය 36කින් පසු පුස් ඇතිවෙනවා. ඊට පෙර වියළා ගන්න. එසේ නොහැකි නම් හිරු එළිය හොඳින් වැටෙනතුරු පොලිතින්වල ඔතා ශීතකරණයක තබන්න.
පොත් වියළීම සඳහා ම ඇති උපකරණයක් භාවිතය හොඳ ම උපක්‍රමය වුවත් ලංකාවේ දැනට එවැනි උපකැණයක් නැහැ. ජාතික ලේඛනාගාරයේ එවැන්නක් තිබුණත් එයින් පොත් කිහිපයකට වඩා වරකට වේළා ගන්නට බැහැ.
කෙසේ නමුත් කරවල වේලනවා වගේ පොත් වේලන්න බැහැ. එසේ කිරීමෙන් තත්ත්වය තවත් බරපතල විය හැකියි. විදුලි පංකාවකින් වියළීමයි පහසු ක්ක්‍රමය. එසේම වායු සමීකරණය කළ කාමරයක පොත් පත් අතුරා තැබීමද සුදුසුයි.
වියළා ගත් පසු පුස් බැඳීම වැළැක්වීමට තයිමෝල් ප්‍රතිකාරය කර ගත යුතු යි. මෙය ජාතික පුස්තකාලයෙන් සුළු මුදලකට කිරීමට පුළුවන්.
රෝද හතර බේරගන්නෙ කොහොමද?
(විස්තර ලබාගත්තේ දසුන් තරංග ඉදිරිපත්කල සටහනකින්)
1. මුලින්ම වාහනේ ස්ටාර්ට් කරන්න නම් එපා. මොකද එන්ජින් එක තුළ වතුර, මඩ වගේම කුණු හිරවෙලා තියන්න පුලුවන්. ඒ නිසා එකපාරට ස්ටාර්ට් කරන්න කලින් චෙක් කළ යුතු දේවල් ටිකක් තියනවා.
2. වාහනේ කොච්චර ගංවතුරෙ ගිලුනද කියලා මුලින්ම පරීක්ෂා කරන්න. වාහනේ ගෑවිලා තියන මඩ හෝ වතුර ලෙවල් එක බලන්න. ගොඩක් වෙලාවට ලෙවල් එක දොරේ යට කොටසින් ඉවරයි නම් ප්‍රශ්ණයක් නෑ. ගොඩක් වෙලාවට රක්ෂණ සමාගම් වලින් වාහනයක් ගංවතුරට අහුවුනා යැයි සළකන්නෙ ඩෑෂ්බෝඩ් එක ළඟට වත් වතුර පිරිලා නම් විතරයි.
3. කෝල් ඉන්ෂුවරන්ස්
ඔයා දාල තියෙන්නෙ ෆුල් ඉන්ෂුවරන්ස් එකක් නම්, ගංවතුර සහ ස්වාභාවික විපත් ආවරණය ලබාගෙන තියෙනවානම් ප්‍රශ්ණයක් නෑ. මොකද ඒකෙ ස්වාභාවික විපත් සඳහා රක්ෂණාවරනය අඩංගු වෙනවානම් ඔයාගේ රෙපෙයාර් එකට යන ගාන ක්ලේම් කරගන්න පුලුවන්. ප්‍රශ්ණයක් නෑ.
4. ඒ වැඩේ ඒ පැත්තෙන් වෙනකොට මේ පැත්තෙන් අපි වාහනේ ගොඩදාගන්නත් එපැයි. මුලින්ම ඇතුලෙන් පටන්ගන්න. වාහනේ ඇතුලට වතුර ගිහින් නම් වාහනේ දොරවල් ඇරලා කාපට් ඔක්කොම අයින් කරලා ඉක්මණින් වතුර ටික අයින් කරන්න. ටවල් දාලා හොඳට වේලගන්න. නැත්තම් ෆුට්බෝඩ් එක පරිස්සම් කරගන්න බැරිවෙනවා.
5. ඔයිල් සහ එයාර් ක්ලීනර් චෙක් කරන්න
ඔයිල් කූරෙ වතුර හෝ ඔයිල් ලෙවල් එක වැඩියෙන් පෙන්වනවා නම් හෝ එයාර් ෆිල්ටර් එකේ වතුර නම් එන්ජිම ස්ටාර්ට් කරන්න යන්න එපා. ෆුල් ක්ලීන් අප් එකක් දෙන්න වෙනවා. ඒ වගේම ස්පාර්ක් ප්ලග් ටිකත් ඒ විදිහටම චෙක් කරගන්න.
6. අනිත් ඔයිල් වර්ග ටිකත් චෙක් කරගන්න
අලුත් වාහන වල නම් සීල්, හැබැයි පරණ වාහන වලට එනකොට බලන්න වෙනවා. බ්‍රේක්, ක්ලච්, පවර් ස්ටියරින් සහන් කූලන්ට් අපවිත්‍ර වෙලාද බලන්න.
7. ඊට පස්සෙ බලන්න ඉලෙක්ට්‍රික් සිස්ටම් ටික. එන්ජින් එකේ වරදක් නැත්නම් වාහනේ ස්ටාර්ට් කරන්න. ඊට පස්සෙ හෙඩ්ලයිට්, සිග්නල් ලයිට්, ඇ/C, රේඩියෝ පවර් ලොක් ෂටර්ස් සහ සීට් වැඩද බලන්න.
8. වාහනේ ටයර් සහ වීල් චෙක් කරන්න. වාහනේ කිසිම වරදක් නැත්නම් සුපුරුදු විදිහට ටයර් ටික චෙක් කරලා බලන්න.
ක්ලෝරීන් බ්ලීච්
(විස්තර ලබාගත්තේ රන්සිරිමල් ප්‍රනාන්දු ඉදිරිපත්කල සටහනකින්)
මේක සුනාමි කාලේ ලිං වල ජීවානුහරණය සදහා ක්ලෝරීන් බ්ලීච් සාදා ගන්න අපි යෝජනා කරපු සරල උපක්‍රමයක්. රසායන විද්‍යාව පිළිබදව යම් තරමක දැනීමක් අැති අයට අත්හදාබලන්නට පුළුවනි. මට දැනගන්න ලැබුණු තරමින් වෙළදපල පරිමාණයෙන් ක්ලෝරින් බ්ලීච් නිපදවන අායතන කීපයක් දැන් ලංකාවේ තිබෙනවා. එ් නිසා ප්‍රථම පියවර එවැනි නිෂ්පාදනයක් ලබාගත හැකිද යන්න සොයා බැලීම විය යුතුයි.
සාමාන්‍ය ලුණු ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයෙන් සෝඩියම් හයිපක්ලෝරයිට් ද්‍රාවණයක් සාදා ගන්නට පුළුවන්. සාන්ද්‍රණය වෙනත් ක්‍රමවලින් නිපදවන වෙළද පලේ අැති ක්ලෝරින් ද්‍රාවණ තරම්ම නූනත්, විශබීජ නාශකයක් ලෙස ප්‍රමාණවත් ක්ලෝරින් ප්‍රමාණයක් අඩංගු ද්‍රාවණයක් වැඩි කරදරයකින් තොරව සාදා ගත හැකියි. මේ ක්‍රියාවලියේ දී නිපදවෙන ක්ලෝරීන් 'වායුව' කෙලින්ම අාශ්වාස කිරීම මාරාන්තික විය හැකියි. එ් නිසා, අසල වාතයට මුදා හැරෙන ක්ලෝරීන් ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න. විදුලි පංකාවක් අහලක තියාගෙන වායු සංසරණය වැඩි කිරීම යොදාගත හැකි එක් අාරක්ෂක උපක්‍රමයක්. නිපදවෙන අනිත් වායුව හයිඩ්‍රජන්. ගිනි ගැනීම වාගේම ස්ඵෝටනය වන වායුවක්. කිසි අාකාරයක ගිනි පුලිඟු අැතිවන කාර්යයක්, කරන්නට එපා. විදුලි පංකාව මෙහිදීත් ප්‍රයෝජනවත්.
ලුණු ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයේ දී, එක් ඉලෙක්ට්‍රෝඩයක් (අැනෝඩය) මත ක්ලෝරීන් නිපදවෙන අතර, අනික් ඉලෙක්ට්‍රෝඩය (කැතෝඩය) මත හයිඩ්‍රජන් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවෙනවා. ක්ලෝරින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවෙන් සෝඩියම් හයිපක්ලෝරයිට් හා හයිප ක්ලෝරස් අම්ලය හැදෙනවා.
අපේ සරල උපකරණය, විදුලි පන්දම් කෝෂයක කාබන් කූරු දෙකක් ඉලෙක්ට්‍රෝඩ ලෙස යොදාගන්නවා. මේ පින්තූර වල අැත්තේ එවැනි කාබන් කූරු දෙකක් ප්ලාස්ටික් පිහියක දෙපැත්තේ සෙලෝටේප් වලින් අවුණලා හදා ගත්ත සරල මෙවලමක්.
ලුණු ද්‍රාවණය හදන්නේ වතුර මිලි ලීටර 100 කට ලුණු ග්‍රෑම් 25ක් දියකරලා. ලුණු සාන්ද්‍රනය 25% පමණ වීම වැදගත්.
වෝල්ට් 9 බැටරියක් පාවිච්චි කර විනාඩි 15 පමණ විද්‍යුත් විච්ඡේදනය කල පසු ලැබෙන ද්‍රාවණය මිලි ලීටර 500කට තනුක කලවිට එහි ක්ලෝරීන් සාන්ද්‍රණය ලීටරයට මිලිග්‍රෑම් 300 පමණ වෙනවා. අාහාර පිසින උපකරණවල විෂබීජ නාශනයට නිර්දේශ කරන්නේ ලීටරයට මිලිග්‍රෑම් 200 පමණ සාන්ද්‍රනයක්.
වැදගත් දෙයක් නම් විද්‍යුත් විච්ඡේදනය සිදුවන කාලය පුරාම ද්‍රාවණය කැලතීමයි. නැත්නම් නිපදවෙන ක්ලෝරින් වායුවක් ලෙස පිටවී යන්නට පුළුවනි. එමෙන්ම භාජනයට මුහුණ ලංකිරීමෙන් වලකින්න. ක්ලෝරින් වායුව නිසා.
අවශ්‍ය අවම වෝල්ට් ගනන හතරක් පමණ. සාමාන්‍ය 1.5 කෝෂ තුනක් යොදාගන්නත් පුළුවනි. පවර් පැක් එකක් පාවිච්චි කරන්නත් පුළුවනි, නමුත් කොපමණ විදුලි ධාරාවක් අැදෙනවාද යන්න ගැන පරිස්සම් වෙන්න. උවමනාවට වඩා ප්‍රබල විදුලි ධාරාවක් අැදුනොත් ගිනිගැනීමක් මෙන්ම පවර් පැක් එක පිච්චී යාමත් වෙන්න පුළුවන්.
මේවා නම් බොහෝම වටිනවා... ඒත් ආපදාවලට ලක් වෙච්චි එකෙක්ටවත් මේවා බලන්න විදියක් නෑ... අත් පත්‍රිකා ගහලා බෙදන්න පුළුවන් නම් ජාතික මෙහෙවරක් වෙනවා....
ReplyDeletehmmm
Deleteකරමුද?
Deleteමමත් හිතුවෙ වැඩේට බහින්න
Deleteමාතාලන්ගේ අදහස එක්ක එකෙන්ම එකඟයි...
Delete++++++++++
Deleteලිපිය කියවන අතරේ මට හිතුන දේ මාතලන් ලියා තිබෙනවා. මට අහම්බෙන් අවස්ථාවක් ලැබුණා, තොටළඟ ප්‍රදේශය ඔස්සේ යන්න ඊයේ පෙරේදා දවසක. ඇත්තටම බස්සි, මේ කරුණු ඒ මිනිස්සුන්ට දෙන්න වෙන්නේ, උපදේශන සේවයක් ලෙසයි. අපිට පුලුවන්නම්, විශ්වවිද්‍යාල සිසුන්, ඒ සඳහා කෙටි පුහුණුවකින් පසු යොදවන්න, එය ඉතා අගනා සේවයක් වෙනවා.
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක් බස්සි
ReplyDeleteබස්සි යෝ..
ReplyDeleteපොස්ට් එක බොහොම වටිනවා...
වටිනා පොස්ට් එකක් බස්සි නංගි...
ReplyDeleteවටිනවා බස්සි බොහොම
ReplyDeleteවටිනා ලිපියක්. මුල් කොමෙන්ටුවේ තියෙනවා වගේ ආපදාවට ලක්වූවන්ට මේ ලිපිය ලබාදීමට පුලුවන්නම් ගොඩාක් වටිනවා.
ReplyDeleteජය වේවා !!!
වටිනා දැනුවත් කිරීමක්
ReplyDelete+++++++++++++++++++++++++++++
ReplyDeleteඔයාල නෝට්ස් එකතු කරන කතාවක් ඇහුනා. මට නෝට්ස් එවන්න පුළුවන්. ෆොටෝ අරං ඊමේල් කරන්නම්. එවන්න ලිපිනයක් සඳහන් කරන්න- මට ෆේස්බුක් පණිවිඩයක් යොමු කරන්න.
ReplyDeleteවට්නා දැනුවත් කිරිමක්. හැබැයි උඩම මාතලන් ලොක්කා කියලා තියෙනවා වගේ මේ සටහන් ඒ මිනිස්සු අතරට යන්න තියෙන ඉඩ කඩ හුඟක් ඇහිරිලා.
ReplyDelete