"යකඩෝ හෙට සැප්තැම්බර්, ඊගාවට ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. මේ අවුරුද්දෙ ජනවාරි පළවෙනිදට කිරි ඉතිරෙව්වෙ ගිය සතියෙනෙ බං!"
මෙන්න මේ මීම් එක මේ දවස්වල බොහෝ දෙනෙක් ශෙයා කරල තියෙනවා නැවත නැවතත් ඇස ගැටුනා.
අපි පුංචි කාලෙදිට වඩා දැන් කාලය ගෙවෙනවා ඉක්මන් නේද? ඇත්තටමත් ඒක එහෙමයි. ඒක එහෙම වෙන්නෙ ඇයි කියන එක පැහැදිලි කරන ප්රසිද්ධ තියරි දෙකක් තියෙනවා.
ඉන් පළමු එක තමයි අපේ ජීවිත කාලය හා සසඳනකොට අවුරුද්දක් කියන නිශ්චිත කාල පරිච්ඡේදයට ඇති අනුපාතය. අවුරුදු පහක දරුවෙකුට, එක් අවුරුද්දක් කියන්නෙ තමන්ගෙ මුළු ජීවිතයෙන් 20% ක් තරම් විශාල කොටසක්. හැබැයි අවුරුදු පනහක වැඩිහිටියෙක්ට, එක් අවුරුද්දක් කියන්නෙ තමන්ගෙ ජීවිතයෙන් 2% ක් වැනි ඉතාම කුඩා කොටසක්. ඉතින්, ළමා කාලෙ ඉතා දීර්ඝ කාලයක් ලෙස පෙනුන අවුරුද්දක්, දැන් අපිට දැනෙන්නෙ (සංජානනය වෙන්නෙ) කෙටි, නොසැලකිය හැකි කාලයක් වගේ.
දෙවනි කාරණාව තමයි නව අත්දැකීම්වල බලපෑම. පොඩි කාලෙ අපේ ජීවිතේ අත්දකින බොහෝ දේ අලුත්! පළමු වරට නර්සරි/පාසල් යන එක, බයිසිකලයක් පදින්නට ඉගෙන ගන්න එක, පළමු වතාවට මුහුද දකින එක, අලුත් යාලුවො, අලුත් සෙල්ලම් බඩු ~ මේ හැම අලුත් අත්දැකීමක්ම මොළයෙ හිපොකැම්පසයෙ (Hippocampus) අලුත් මතකයක් විදියට කේතනය කරනවා. ඒ වගේම අවධානය සහ තීරණ ගැනීම පාලනය කරන prefrontal cortex එක මේ තොරතුරු process කරන්න ක්රියාත්මක වෙනවා. මේ වැඩේට ඉහල මානසික ශක්තියක් වැය වෙන නිසා එම කාල පරිච්ඡේදය දිගු බවට හැඟීමක් නිරායාසයෙන්ම ඇති වෙනවා.
හැබැයි වැඩිහිටි ජීවිතය බොහෝ විට routine එකක හිරවෙනවනෙ. දිනපතා එකම විදියට ඔෆිස් යනවා, එකම morning/ evening routines වගේ දේවල් මොළයෙන් autopilot ක්රමයට process කරන්න neural pathways නිර්මාණය කරගන්නවා. මේකෙ නරක ප්රතිඵලයක් විදියට, හිපොකැම්පසයට කේතනය කරන්න අලුත් කාරණා නැතිවෙනව. ඉතින් අවුරුද්දක් අන්තිමේ මුළු කාලයම "එකම ගුලියක් වාගෙ" වේගයෙන් ගෙවී ගිය බව හැඟෙන්නට ගන්නවා.
ඉතින් මේ වැඩිහිටි ජීවිතේ slow down කරගන්නෙ කොහොමද? වැඩිහිටි ජීවිතේට routinesවලින් ලොකු උදව්වකුත් ලැබෙනවා, හැබැයි හැකි වෙලාවට ඒ රුටීන්ස් කඩලා අලුත් දේවල් ඉගෙන ගන්න එක, සංචාරයේ නියැලෙන එක, අලුත් අත්දැකීම් ලබා ගන්න එක වගේ දේවල්වලින් කාලය slow down කරගන්න පුලුවන්. සරලවම කීවොත්, හැමදාම ඔෆිස් යන එන රූට් එකේ පොඩි වෙනසක් කරන එක, නුපුරුදු පාරක ඇවිදින එක, වෙනස් රෙස්ටොරන්ට් එකක වෙනස් ආහාරයක් ට්රයි කරන එක වගේ බොහොම සරල දේවල් සංකලනයකින් වුනත් මේ වැඩේ කරගන්න පුලුවන්.
එහෙම වුනාම, අර වගේ මීම්ස් දැක්කට පස්සෙ ආපස්සට හැරිලා බලලා, මේ ගෙවුනෙ කොයිතරම් දීර්ඝ සහ eventful කාලයක්දැයි හිතමින් ඔබටත් සතුටු වෙන්න පුලුවන් වේවි!
-
Welcome back !
ReplyDeleteThanks Pra...
DeleteWelcome back x2 !
ReplyDeleteතැන්කූ අනේ... අවුරුදු ගානකට පස්සෙ ආයෙම ලියද්දිත් ඔයාලගෙ නොවෙනස් හිතවත්කම දකින්න ලැබෙන එකම පුදුමාකාර සතුටක්!
DeleteWelcome back x3
ReplyDeleteබොහොම ස්තූතියි!! අවුරුදු ගානකට පස්සෙ ආයෙම ලියද්දිත් ඔයාලගෙ නොවෙනස් හිතවත්කම දකින්න ලැබෙන එකම පුදුමාකාර සතුටක්!
DeletePraගේ පාර දැකලයි මම මෙහි ආවේ
ReplyDeleteකලකින් වගෙයි ඔබ ලිපියක් පළ කෙරුවේ
මොන හිතකින්ද බ්ලොග් ගැන අමතක කෙරුවේ
නැතිනං සිසිර නින්දකදෝ කල් ගෙවුවේ
පෝස්ට් ගැජුවෙට් වැඩ ඇරඹුනාය
Deleteබසු පැටවුන්ම දෙදෙනෙක් පැමිණියාය
ඉන් පසු ඔෆිස් වැඩ'තර හිරවුනා ය
පොත් නම් දෙකතුනක් එලි දැක්වුනා ය
ඔන්න ඕවා තමයි බ්ලොග් එක අප්ඩේට් නොවුන හේතු. බොහොම ස්තූතියි ප්රතිචාරවලට නිදී
//අවුරුද්දක් කියන නිශ්චිත කාල පරිච්ඡේදයට ඇති අනුපාතය
ReplyDeleteතුති බස්සී,දැකල තිබ්බ නැති පැත්තක් පෙන්නුවට
බොහොම ස්තූතියි සිරිබිරිස්. ලිපියෙ දෙවනි කොටසත් කියවන්නකො එහෙනම්.
Deletewelcome back 4 poddi
ReplyDelete