Friday, May 22, 2015

මගෙ ලේ කකියනව යකෝ! – මරාගෙන මැරෙනවා යකෝ!!!





විත්‍යා මියගියාය. අපි කට තදකර වසාගෙන සිටියාය. ඇත්තෙන්ම එය එසේ විය යුතුය. ඈ දෙමලියක් ය. ඉගෙනගත්තේ පුන්කුඩුතිව් වලය. අපි නම් එහෙම ගමක් අහලාවත් නැතිය. සමහරවිට ලෝක ගෝලයේ උතුරු කෙළවරේ තියෙන නොසැලකිය හැකි තරම් කුඩා දූපතක් වෙන්න ඇති ය. ඉතින් අපිට පාන් ද?


ඒ මදිවාට උතුරේ උන් මැරුණාය කියන කෙල්ලට සාධාරණයක් ඉල්ලලා පාරට බැහැලාය. සැකකාරයන්ට ගහන්නත් ගිහින්ලුය. උසාවියේ වීදුරුත් කඩලා ය. මැරිච්ච ගෑනියෙක් වෙනුවෙන් පාරට බහින්න මේ දෙමෙල්ලුන්ට කොහෙන් ආ හයියක්ද? ස්ත්‍රී දූෂණයක් කලාය කියන්නේ අපේ ප්‍රෞඪ සංස්කෘතියට අනුව අගනා වික්‍රමාන්විත ක්‍රියාවක්ය. 


හරිනම් උන් නමදෙනාවම නිදහස් කල යුතුය. නිදහස් කිරීමෙන් නොනැවතී, උන් උසාවියෙන් එළියට බහින මොහොතේ බර මල් මාලා පළන්දා ජය ඝෝෂා පැවැත්විය යුතුය. උවමනා නම්, දකුණේ සාරුව සුනිල්ගේ අනුගාමිකයන් රැළ ‘සෙනග පෙන්නීම’ සඳහා කුළියට ගන්නත් පුලුවන්ය. එවිට උන්ටත් තම තමන්ගේ සියවෙනි ස්ත්‍රී දූෂණය මහ ඉහළින් සැමරීමටත්, ‘සාරුව ඉස්ටැයිල්’ එකට පාටි දැමීමටත් පට්ට මෝටිවේසොන් එකක් ලැබෙනු ඇත. අපේ බෞද්ධ රටේ සංස්කෘතිය රැකගත යුත්තේ එහෙමය. 


ඒ අව් අස්සේ අපේ ආතල් කුඩු කරන්න හිතාගෙන සම-හරක් කාළකණ්නි තැන තැන අමුතු ටෝක්ස් දෙන්න පටන් අරන්ය. උන් කියන්නේ මැරිච්ච එකා අපේ සහෝදරිය, දුව, නැත්තන් ගෑනි විදියට හිතන්න කියලාය. උන් කලවම් අපතයෝ බව ඒ අනුව බුදු සුවර්ය. උන්ගේ සහෝදරිය, දුව, ගෑනි, නැත්තන් අම්මා දෙමළ කතා කරනවා වෙන්න ඇතිය. හැබැයි අපේ නහරයක් නහරයක් ගානෙ දුවන්නේ සිංහ ලේ ය. අපි සිංහ වංශයේය. වංශය වෙනුවෙන් ලේ කකියනකොට කකුල් හතරෙන් යන්නට පවා අපිට බැරිකමක් නැතිය.


ආරංචියේ හැටියට ඕය සිද්ධිය ස්විස් ජාතිකයෙක් වීඩියෝ කරලාය. දැන් ඕකා ඒ වීඩියෝව ජාත්‍යන්තරයට ලීක් කරලා අපේ හමුදාව පටලවාවියැයි එක එකා සැක පහල කරනවාය. ඒ වීඩියෝවට වෙච්ච දේ හොයන්නැයි කියන අපේ අයියලාට මොළේ උණ හැදිලා වෙන්න ඕනෑය. දැන් චැනල් ෆෝ වීඩියෝවලින් අපිට කෙරුවද? ස්වාසිලන්තෙයි, ඉරානෙයි අපිත් එක්ක ඉන්නකම් අපි යකාටවත් බය නැතිය. හැබැයි ඔය වීඩියෝව ලීක් උනොත් ෆෝන් එකටවත් බාගෙන සේප් එකේ බලන්න ඕනෑය.


ඊයේ ‘අපේ’ රජතුමා ජාතිමාමක රතු ලේ ගොජ දැමෙන කතාවක් වැදෑරුවා ය. ඒතුමා කියන විදියට අසූ තුනේදිත් ඔය කාළකණ්නි ඔළුව ඉස්සුවේ ඔහොමමය. ආයෙනම් ඕකුන්ට ඔළුව උස්සන්න ඉඩ නොදිය යුතුය. ඒ කතාව අහපු වෙලාවේ ඉඳන් අපේ ජාති ආලය කකියනවාය. ඕකුන් එකා එකා බාවන්නම හිතෙනවාය. ඒ උනාට ඔපිස් එකෙන් නොමිලේ ලැබෙන ඉන්ටනෙට් එකෙන් අභීත අදහස් ප්‍රකාශ කරනවාට වඩා යාපනේට ගිහින් ඕකුන් කඩු ගෑම අමාරුය. අනික මේ දවස්වල යාපනේ පට්ට රස්නෙ ඇතිය. ඒ උනාට නිකම් ඉඳලත් බැරිය. 


පර දෙමළුන්ට පාඩමක් ඉගැන්විය යුතුමය. අල්ලපු කියුබිකල් එකේ ඉන්න යෝගනාදන්ට පෙත්සමක් ගහන්නත් හිතෙනවාය. යෝගා පර දෙමළා ගිය මාසෙ තඩි වෙස්ල් එකකුත් අරගෙන මටත් ඒකෙන් ලිෆ්ට් එකක් දුන්නාය. ඒ උනාට ඌට ගේම අදින්න ගිහින් මගේ වැඩ මාට්ටු උනොත් මට සිද්ද වෙන්නේ සජින් ද වාස් වගේ බුකවාගෙන පොළිස් කූඩුවේ ලගින්නය. බැසිල් වගේ මටත් බන්ධනාගාර හොස්පිටිතාලෙට යන්න බැරිදැයි ඇහුවොත් පොළෝසියෙන් පශ්චාත් භාගයට පයින් පාරක් වදින්නත් බැරි නැත.


අපේ ගෑනි උදේ කෑමට මේ ඔතල තියෙන්නෙ මොනවද! තව් මරපු කෙහෙල් කොළේ ඔතාපු තෝස දෙකක්, ඇලුමිනියම් කෑම පෙට්ටිය පිරෙන්නට සාම්බාරු සහ උළුඳු වඩයකි. යකෝ මේකිව මරන්න එපාය! මගේ සිංහල ලේ ආයෙමත් කකියනවාය. එහෙනම් ඕකි අලුතෙන් ඔපීසියට ආවයි කියපු උද්‍යශ්‍රීනිගෙන් රෙසිපි ඉල්ලගෙන ආවේ මේකට ය. අද හවසට දෙකක් දාගෙන ගෙදර ගිහින් ඕකිට නිල් වෙන්ඩ ගහන්න ඕනෑය. දැනට බුකියට ගොඩවී අලුත් ස්ටේටස් අප්ඩේට් එකක් දාන්ඩ ඕනෑය.


“මගෙ ලේ කකියනව යකෝ! – මරාගෙන මැරෙනවා යකෝ!!!”





79 comments:

  1. බ්ලොග් රෝලේ හෙඩිම දැක්කම හිතට ආපු එකම සිතිවිල්ල...
    ....එපා....!

    පෝස්ට් එක කියවගෙන යනකොට හිත කිව්වේ..
    ...බස් එකක් හැප්පුනාම ගමේ කස්ටිය ඩ්‍රයිවරයාට කෙලින එකයි ජාපනේ අයියලා උසාවි කුඩු කරන එකයි දෙකම එකක්ම නේද කියන එකය..

    ඊලඟට හිතට ආවේ...
    ... අනේ අපිටත් අර NDTV එක වගේ චර චර ගාන ගෑල්ලමයි ඉන්න චැනල් එකක් තිබුනානම් විල්පත්තුවට අරින ඇරිල්ල ජාපනේ ගෑල්ලමයගේ කේස් එකටත් ඇරලා දෙකයි පනහක් හොයාගනී නේදැයි කියන එකය....

    ReplyDelete
    Replies
    1. //බස් එකක් හැප්පුනාම ගමේ කස්ටිය ඩ්‍රයිවරයාට කෙලින එකයි ජාපනේ අයියලා උසාවි කුඩු කරන එකයි දෙකම එකක්ම නේද කියන එකය..//

      ඒ දෙකම එහෙම වෙන්නේ රටේ නීතිය මකුළු දැලක්/පෙනේරයක් විදියට ක්‍රියාකරන නිසාය. රජයේ දේපල වලට හානි කල උද්ඝෝෂකයන්ව දැනටමත් අත් අඩංගුවට ගෙන ඇත. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුය. එමෙන්ම විත්‍යාගේ නඩුව විශේෂ අධිකරණ ක්‍රියාමාර්ගයක් යටතේවත් විභාග විය යුතුය. මන්ද, මගේ ජීවිත කාලය තුල ලංකාවේ සිදුවූවායැයි ඇසූ මිලේච්ඡම ස්ත්‍රී දූෂණ අපරාධය මෙය වන නිසාය.

      Delete
    2. මේ අපරාධය ඉන්දියාවේ සිදුවන ගෑන්ග් රේප් වලට සමානය. මෙම ජනතාව නරඹන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටය. මෙම ප්‍රදේශවල තිබෙන්නේ දකුණු ඉන්දියානු සංස්කෘතියකි.එම සංස්කෘතිය ශ්‍රේෂ්ටය .නමුත් එහි සිනමා වීරත්වය යම් තරමක් අස්වාභාවිකය. පොදුවේ ඉන්දියානු සිනමාවේ සෝප් ඔපෙරාවල අපරාධ කරන හැටි ඉගැන්වෙයි.මේවායේ සමාජ බලපෑම අධිකය. ස්ත්‍රී දූෂන සිංහල බෞද්ධ සංස්කෘතියේ කොටසක්ය යන බස්සිගෙ මතයට එකග විය නොහැක.

      මේ සිද්ධිය අහ්‍රහා සිංහල විරෝධයක් මතක්කිරීම නොව මීට බලපෑ හේතු සෙවිය යුතුය. නැත්නම් කෝකටත් තෛලය වගෙ සිංහලයාට හෝ මහින්දයාට බැනීමෙන් ප්‍රශ්න නොවිසදේ. විත්‍යාගේ සිද්ධියටත් සිංහලයාට බැණීම ගෙදර තිබෙන් මුව හමට තැලීමකි.

      Delete
    3. //ස්ත්‍රී දූෂන සිංහල බෞද්ධ සංස්කෘතියේ කොටසක්ය යන බස්සිගෙ මතය//

      සමාවෙන්න. මම සිංහල සාහිත්‍ය විෂයයක් වශයෙන් හදාරා නොමැති බැවින් ව්‍යංගාර්ථ යෙදීමෙහිලා අසමත් වූවා විය හැක. ඔබ ද්වනිතාර්ථය මත්තේම හැපෙමින් ව්‍යංගාර්ථය නොදැක සිටිනවාද විය හැක. යළිත් කියවා බලන්න.

      සාරුව සුනිල් ආභාසය ලැබුවේ දකුණු ඉන්දියානු චිත්‍රපට වලින් ද? රත්නපුරේ මිනිස්සු තොග පිටින් ඔය කියන චිත්‍රපටි බලනවා ඇති නේද? අමතක උනා! සාරුව සුනිල් අත් අඩංගුවට ගැනීමට විරුද්ධ වුන සිංහලයෝ එහෙම කලෙත් දේශපාලන ඇමක් ගිලලා නෙමෙයි, චිත්‍රපටිවල ආභාසයෙන්ම වෙන්න ඇති නේද?

      Delete
    4. //සාරුව සුනිල් ආභාසය ලැබුවේ දකුණු ඉන්දියානු චිත්‍රපට වලින් ද? //
      සාරුව සුනිල් කියන මිනිහා බලෙන් ගෑනු දුෂණය කරපු එකෙක් නොවෙයි. ඒ වගේම මිනී මරුවෙක් නොවේ. සාරුවා කියන මිනිහාගේ හැසිරීම අතිශෝක්තියෙන් ගෙන මහින්දට මඩ ගැසීමක් තමයි උනේ.

      //රත්නපුරේ මිනිස්සු තොග පිටින් ඔය කියන චිත්‍රපටි බලනවා ඇති නේද?//
      චිත්‍රපට වලින් සමාජ බලපෑමක් වෙනවා එය සාමාජ විද්‍යාත්මක කතාවක්. චිත්‍රපට වලින් අපරාධ වලප පෙළඹවීමක් වෙනවා නමුත් හැම අපරාධයක්ම චිත්‍රපට වල පෙලම්බවීමකින් ඇතිවූ දේ නොවේ

      මෝඩ තර්කදාන්න එපා බස්සී. සමාජයේ සිදුවෙන හැම වරද්දක්ම මහින්දගේ පිටට තල්ලු කරන්නත් එපා. ඒ වගේම ඒ වැරදි සිංහල බෞද්ධ සංස්කෘතිය පාච්චල් කිරීමට භාවිතා කරන්නත් එපා. දැන් තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය පිරිහීම තමයි දකුණේ අපරාද වලට හේතුව. ඒකැ නිසා දකුණේ සිදුවන අපරාද වලට සිංහල බෞද්ධ සංස්කෘතිය පිරිහවීමට කටයුතු කරන ඔබ වැනි අයත් වගකියන්න ඕන

      Delete
    5. //මේ අපරාධය ඉන්දියාවේ සිදුවන ගෑන්ග් රේප් වලට සමානය//
      ම.ම. උඹ අහල දැකල තියෙනවද චෙන්නායි වල කෙල්ලක් රේප් කරන්න හතර දෙනෙක් නවදිල්ලි ඉඳල ප්ලෑන් කරල ඒ වෙනුවෙන්ම එහෙ යනවා කියල.. එයින් එකෙකුට ස්විස් පී.ආර්. තියෙනව කියල.. නවදෙනෙක් එකතු වෙලා (ස්විස් කාරයත් ඇතුළුව..) ඉන්දියන් රුපියල් පනස්දාහක කන්ට්‍රෑක්ට් එකකට ඒකෙන් රුපියල් දහ දාහක ඇඩ්වාන්ස් එකක් අරන් චෙන්නායි කෙල්ලව රේප් කරල මරන ගමන් පෲෆ් වලට වීඩියෝ ෆූටේජස් ගන්නනවා කියල.. ඊට පස්සේ චෙන්නායි කෙල්ලගේ ගෙදරි පැමිණිලි කරන්න ගියාම කෙල්ල කොල්ලෙක් එක්ක පැනල යන්නැති කියල චෙන්නායි පොලීසියෙන් ගෙදර උන්ව එලව ගන්නවා කියල.. පස්සේ ඒකිගේ අයියා කෙල්ලව හොය හොය යද්දි කැලේක මරල දාල ඉන්නව දැක්කම පොලීසියෙන් ඇවිල්ලා 'මරණේ ගැන පූර්ණ අපක්ශපාති' පරීක්ශණයක් කරනව කියල.. පස්සේ සැක උන්ව අතඩංගුවට අරං ඔක්කොම වැමෑරුවටත් පස්සේ සුවිස් කාරයාව නිදහස් කරල යවනව දේශපාලන බලපෑමකින් කියල.. ඔව්.. බැලුවම සුපිරි ෆිල්ම් එකක් වගේ තමයි.. හැබැයි උඹ එක දෙයක් ඒ ෆිල්ම් එකේම දැකල නෑ.. එහෙම උනානම් චෙන්නයි වල උන් ගිහිල්ලා පොලීසියට ගිනි තියල පොලීසි කාරයෝ ටික අමු අමුවේ පුච්චනව කියල.. අනිත් ඔක්කොම දකුණු ඉන්දියාවේ වගේ.. උද්ඝෝශණ විතරක් බෑ.. එතකොට මේ ලංකාව..

      යකෝ.. (උඹේ බ්ලොගේ නමනේ).. මං 99 අවුරුද්දේ හිටියේ කයිට්ස්, පුංකුඩුතිව් වල.. ඒ කාලේ මේ කෙල්ලට අවුරුදු 3ක් විතර වෙන්නැති. මුං විදපු දුක මං ඇස් වලින් දැකල තියෙනවා බං.. මං ලේසියෙන් අඬන එකෙක් නෙවෙයි. කෙල්ලෙක් ඉන්න තාත්තෙක් විදියටත් මුං විදපු දුක් ඇස් වලින් දැකපු එකෙක් විදියටත් මට මේ සිද්දිය දිහා අඬන්නැතුව බලන්න බෑ..
      මේකට වචනෙකින් හරි සම්භන්ද වෙච්චි හැම එකාට මේ කෙල්ලගේ ලේ බින්දුවක් බින්දුවක් ගානේ.. වැටිච්චි වැටිච්චි කඳුලක් ගානේ සාප වේවා! වැහි නැති හෙන වදීවා! මේ වගේ කාළකන්නි මේ රටින් නෙවෙයි මුළු ලෝකෙන්ම හැඳි ගෑවිලා යන්නෝනෙ.. සාප වේවා! එච්චරයි මට කියන්න තියෙන්නේ.. නැතුව මේ කෙල්ලගේ මරණෙන් මගේ දෙශපාලනයක් උඩ දා ගන්න උවමනාවක් නෑ..
      මට කියපන් උඹ මධ්‍යස්ත වෙන්නේ මොන මොන සබ්ජෙක්ට් වලදිද කියලා.. චන්දෙන් පස්සේ පහුගිය ටිකේ උඹ හැබෑටම මධ්‍යස්ථව සෑහෙන්න හොඳ තැනක හිටියා.. හැබැයි මෙතනදි නම් උඹ මද්‍යස්ථ නෑ.. ඒක නොකියම බෑ.

      Delete
    6. //මේ අපරාධය ඉන්දියාවේ සිදුවන ගෑන්ග් රේප් වලට සමානය. මෙම ....//
      ම:ම:-මෑත කාලයේ බ්ලොග් ලිපියක දුටු පොන්නම කමෙන්ට් එක.

      Delete
    7. ම:ම:-මෑත කාලයේ බ්ලොග් ලිපියක දුටු පොන්නම කමෙන්ට් එක. //

      කටුසු @ ඔබට මා කියපු සරල දේ තේරුනේ නැද්ද
      පොන්න කොමෙන්ට් එකක් කියල ඔබ කියන දේ පැහැදිලි නෑ.
      මම කිව්වෙ මේ සිද්ධියත් ඉන්දියාවෙ ගෑන්ග් රේප් අතර සම්බන්ධයක් තියනවා. මොකද මේ ජනතාව නරඹන්නෙ ඉන්දියානු ටෙලිනාට්‍ය සහ චිත්‍රපට.
      මේ සමාජ විද්‍යාත්මක අර්ථ කථනයක්.
      ජනතාවගෙ මනසට සිනමාව විශාල බලපෑමක් කරනවා. බොහෝ දකුණු ඉන්දියානු චිත්‍රපට අපරාධ කරන්න උගන්වන පාසල් වගෙ. අපරාධකරුවන්ට කතාව අවසානයේ දඩුවම් ලැබුනත් නූගත් දිළිදු ලුම්පන් ජනයා ආකර්ශනය වෙන්නෙ අපරාධයටයි. දුර දිග නොබලන ඔවුන් හිතන්නෙ ප්‍රාථමික ලෙස.

      එක් උදාහරනයක් දෙන්නම්. එක් අවස්ථාවක දෙමළ චිත්‍රපටයක පෙම්වතුන් කනේරු ඇට කා මිය යනවා. ඉන් පසු දෙමළ පෙම්වතුන් අතර කනේරු රැල්ලක් යනවා. මේක පටන් ගන්නෙ මඩකලපුවෙන්. ඊට පස්සෙ පොලොන්නරුව හරහ සිංහල සමාජයටත් එනවා.

      මේ සමාජ විද්‍යාඥයන් පිළිගන්න කාරණයක්.

      ඔබ පොන්න කොමෙන්ටුව කිව්වෙ මේ සිද්ධිය ගැන කළ සමාජ විද්‍යාත්මක විග්‍රහයකට .

      Delete
    8. කල්‍යාන මිත්‍ර @

      ඒක තමා මම කියන්නෙ මේ චිත්‍රපටවලින් ස්ත්‍රී දූෂන පමනක් නෙවි ඊට පස්සෙ නීතිය අතට අරන් කරන ප්‍රචන්ඩත්වයත් අනුමත කරනවා. ඒවට ජනතාව පොළඹවනවා. ප්‍රචන්ඩත්වයට කරන මේ පෙළඹවීම් නවත්වන්න ඕන.
      මේව බලන ප්‍රාථමික අය ආදර්ශයට ගන්නෙ මුල් කොටස.
      නීතිය අතට ගැනීම අනුමත කරන්න බැහැ. ඔය නීතිය අතට ගන්නෙත් ආව්ස්ථාවාදීන්. උන්ට ඕන ආතල් එකක්.
      ඔය සිද්ධියෙනම් පොලිස් වෙඩිල්ලක් අපේක්ෂාවෙනුත් කට්ටියක් ඉන්න ඇති. ඒ මිනිය මාකට් කරන්න බලාගෙන.ඊට පස්සෙ සිංහල පොලීසිය පිට වෙයව් කියල ප්‍රොටෙස්ට් කරන්න.

      අපි සමූහ දූෂණයත් හෙළා දකිනවා .පශ්චාත් ප්‍රචන්ඩත්වයත් හෙළා දකිනවා.
      මම නම් පුන්කුඩුතිව් කෙල්ලො ගැන විතරක් කදුළු සලන්නෙක් නොවෙයි ජාති ආගම් භේදයකින් තොරව ඕනම කාන්තාවකට වෙන අපරාධයකට එරෙහිව නැගී සිටිනවා.

      Delete
  2. //වංශය වෙනුවෙන් ලේ කකියනකොට කකුල් හතරෙන් යන්නට පවා අපිට බැරිකමක් නැතිය// තව අඩු ඕකයි වලිගේ උස්ස ගත්තේ නැති එකයි විතරයි..
    මරා ගැන කතා කරන එක මට දැන් අපුලයි.. ඒත් ඒ කතාව ඇහුවම නම් මගෙත් ලේ කකියව්වා.. ඒ වෙන මොහොකටවත් නෙවෙයි.. මේකව මරාගෙන මැරෙන්න නැති එකට.. බලය වෙනුවෙන් මේ තරම් නිහීන විදියට පොරකන හිවලෙක් මං මේතාක් දැකලා නෑ.. ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. අදහසක් ප්‍රකාශ කළාට මරාගෙන මැරෙන්න හනෙ අම්මෝ
      කල්‍යාන ! අපගේ සිවිල් (civilized ) සමාජයේ නම් ප්‍රශ්න , මත ගැටුම් විසදන්නේ සාකච්ඡාවෙන් සංවාදයෙන් හා සම්මන්ත්‍රනයෙනි. ඔබලාගේ මිලිටරි සමාජයේ ඊට වෙනස්ද

      Delete
    2. ඇත්තටම කල්‍යාණ, මේ අමන දේශපාලුවන්ගේ ඇම කාගෙන කකුල් හතරෙන් යන 'සිංහයොත්', 'කොටියොත්', 'නරියොත්' නැට්ට උස්සන්නත් කිසිම අකමැත්තක් නෑ. ඒ තරම් නිහීන ගැති කමක් තියෙන්නෙ.

      Delete
    3. මධ්‍යස්ථ, මම වඩා කැමතියි පෞද්ගලිකත්වය ගාවා ගන්නෙ නැතුව අදහස් මත ගැටෙනවා නම්.

      Delete
    4. කොහොමත් ශික්ෂණය වූ සමාජයක ප්‍රශ්ණ විසඳිය යුත්තේ එහෙමයි. ඒකට ඉඩ නොදී පොදු දේපල වනසන්න එක නරකයි. ඒත් ප්‍රශ්ණයකට කඩිනම් විසඳුමක් ලැබෙන්න ඕන. නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම ශික්ෂණය වූ සමාජයක, ශික්ෂණය නොවූ අතළොස්සක් සිදු කල අපරාධයක් දඩමීමා කරගෙන බොරදියේ මාලු බාන්න හදන අසික්කිතයන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නත් නීති සම්පාදනය කරන්නම ඕන.

      Delete
    5. ම ම.. උඹ ගිණිකූරක් පත්තු කරල නිවිල යනකම් අල්ලගෙන බලා ඉඳල නිවුනට පස්සේ විසි කරල යනවනම් මට ඒක ප්‍රශ්ණයක් නෑ.. ඒත් උඹ ගිනිකූරක් පත්තු කරන්නේ මහ කැලේකට ගිනිතියන්න බලාගෙනනම්.. උඹ ගිනිකූරක් විසිකරනව බලං ඉඳල ඒකට තව පැට්‍රොල් දාන්න අනුගාමිකයෝ කොටසක් බලාගෙන ඉන්නවනම්.. සමහරවිට මේ ගින්න අවුලුවන්නේ උඹලට ගෙයක් හදාගන්න හේනක් කොටන්න වගේ පෞද්ගලික උවමනාවක් කෑදරකමක් නිසානම්.. අන්න ඒ වෙලාවට... මං තාමත් අන්සිවිලයිස්ඩ් නැත්නම් මිලිටරි බැරිනම් උඹට ඕනේ විදියකට හිතා ගනින්..

      Delete
  3. ආනන්ද භවන් සින්දුව මතක් උනා.අර හවසට ශොට් එක දානකොටත් බයිට් එකට බොහෝ විට වඩේ.
    අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ ඩුප්ලිසිටි එක තමා

    ReplyDelete
    Replies
    1. නිදාගෙන ඉන්න මිනිස්සුන්ව ඇහැරවන්න ලේසියි. ඇහැරිලා ඉඳගෙන නිදිවගේ බොරුවට රඟපාන මිනිස්සුන්ව නැගිට්ටවන්න පට්ට අමාරුයි.

      Delete
  4. දැන් දැන් එලියට එන නිව්ස් වලින් පේන්නේ මේකත් මහින්දගේ සෙට් එකේම වැඩක් කියලා. දේවානන්දගේ සෙට් එකක් තමයි රේපිස්ට්ලා. ඒ නිසා පොලෝසිය උන්ව බේරන්න ට්‍රයි කලා. පොලිටිකල් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන නිසා තමයි, පොලිස්පතිත් එහේ යන්නේ. මහින්ද කියන්නේ මේවා මෙහෙම වෙන්න දෙන්න බෑ. බලයට මළ පෙරේත් මේ වගේ කාළකන්නි නායකයෙක් මගේ ජීවීතේට දැකලා නෑ. පවුලම හිරේ දැම්මත් කමක් නෑලූ මව්බිම අනතුරේ නොදා. මේ යක්කු දඟලන්නේ මව්බිම ගිනි තියන්න. ආයෙත් මිනී මරන්න.

    උතුරේ උන්ට මක්කා උනත් උන් කට පුක වහගෙන ඉන්න ඕන. දකුණේ මහින්ද කියන විදියට. අනේ හුකේ නන්නානේ. ඔයයි මමයි හඳපානේ..

    ReplyDelete
    Replies
    1. දැක්කද සහෝදරයා මේ පිංතූර??උසාවි වලට ගල් ගහන්න නෙවෙයි, මරාගෙන මැරෙන්න හිතෙනව..
      https://www.facebook.com/indrani.ashokaa/posts/1582669618648970

      Delete
    2. ඊයෙ කළ අලුගුත්තේරු කතාව දැක්කම මගෙත් ලේ කකියෑව තමයි.. මුන් මිනිස්සුද අප්පා.

      Delete
    3. අප්පට සිරි මහින්දය මැදමුලනෙන් කට්ටිය එක්කගෙන ගිහින් දැන් ඔය වගෙ ගේම් දෙනවද
      ඕක මහින්දයම කෙරුව කියල බුකියෙ මොකුත් තිබ්බෙ නැද්ද
      බුකියෙ තිබ්බනම් මම විශ්වාස කරනවා

      Delete
    4. @මාතලන් කොහොමද ලිවීම, ඉඳල හිටල නිවාඩුවක් ඕනෙ වුනාම මාතලන් බ්ලොග් එක දීලයන්න එක්කෙනෙක් දැන් ඉන්නව.

      @බස්සි, කවි මෙතනින් අයින්කලා විතරයි ඩයිනමයිට් පෝස්ට්නේ?

      Delete
    5. සහතික ඇත්ත දැන් දෙන්නෙක් තුන් දෙනෙක්ම ඉන්නවා.. බස්සි, විභීෂණ හා සජ්ජා..

      Delete
  5. මොනවා කිව්වත් මහින්ද මහත්තයා කියන දේට අපි ඇහුම්කන් දියයුතුය.. ජාතියේ ආඩම්බරකාර තාත්තා ආවාට ගියාට වදන් තෙපලන්නේ නැත. අපේ එවුං ටයර් පිච්චුවාට පොලිසි වලට ගල් ගැහුවාට පොලිසි ඉස්සරහ මිනී පෙට්ටි තියාගෙන හිටියාට කම්නැත. පර දෙමළුන්ට ඔව්වා අකැපය. දූෂණය සහ මරාදැමීම සම්බන්ධයෙන් දෙමළුන්ට ඔයතරමටම පීදෙන්නට දෙයක් නැත. කහවත්තේ ගෑණු මරනවිට ,සාරුවා 100ක් දූෂණය කර පාටි දමනවිට මෙහෙ එවුං ඔච්චරටම නලියනවා අප දැක්කේ නැත.දෙමළුන් ආයෙත් වරක් ඔලුව උස්සනවෝය. ඊට කලින් ඔවුන් ටික අල්ලා පරසක්වල ගැසියයුතුය. ( සරම කැසපට ගසමින්... මට බලේ තිබ්බ නං දෙනවා ඕකුන්ට මේ මල්වට්ටියෙන්... ) ගහන්ඩ සෑර් ගහන්ඩ ... ඔය ප#යන්ට (දෑකැත්ත වනමින්)

    ReplyDelete
    Replies
    1. දැන් රිලවුන් මගින් කියවල මදී හිතිල තමන්ම කියන්න අරං.

      SLFP නොමිනේශන් ලැබුනොත් හරි වෙන මොකකින් හරි ආවොත් හරි ආයිත් පපුවට ගැසීම්, ගෙරවීම් , විරිත්තීම් , ස්ටේජ්වලට පැනීම්, කැහැපට ගහගෙන නියරදිගේ දිවීම්වලට අමතරව කඩු ෆයිටුත් පෙන්නයි.

      මේතරම් කෑදර කවුරුහරි හඳහන්කාරයෙක් ආයිත් අන්දල වගේ - අගමැතිකම ෂුවර් කියල

      Delete
  6. කතාකිරීම තහනම්! කට ඇරියොත් බය්යෙක්ද, ටෝය්යෙක්ද අහනවා.. දීපල්ලකෝ උත්තර.... එහෙම නොවෙන උන් ඉන්නම බැහැ....

    ReplyDelete
    Replies
    1. ඇයි තමුන් නව පරපුරේ ටෝය්යෙක් කියලා කෙලින්ම් කියලා දාන්න බයද? ලජ්ජාද?

      Delete
  7. කාගෙ කාගෙත් ලේ ඕවාට නං කකියාවි. සහතික ඇත්ත බටකුස් !!

    ReplyDelete
  8. මිනිස්සු නීතිය අතට ගන්න ඉදිරිපත් වෙන්නෙ නීතිය ක්‍රියාත්මක වෙන හැටිය ගැන විස්වාසය කඩන් වැටුණා ම. මෑත කාලෙක ලෝකය ම හොල්ලපු සිදුවීමක් උනේ ඉන්දියාවෙදි වෛද්‍ය සිසුවියක් බස් එකක් ඇතුළෙදි සමූහ දූෂණය කරලා මරපු එක. එතැනදි ඉන්දියාව විශේෂ නඩු විභාගයක් කඩිනමින් තියලා වරදකරුවන්ට මරණ දඬුවම නියම කළා. මේ සිදුවීමෙදි හෝ ලංකාවෙත් අන්න ඒක කෙරෙන්න ඕනෙ.

    ReplyDelete
  9. බස්සී...................

    මේක අැතුලේ අපි නොදකින තවත් පැත්තක් තියෙනවා.... මේක දරුණු සිද්ධියක් තමයි.... ඒත් ඒ පැත්තේ මිනිස්සුන්ගේ ප්‍රතිචාරය දිහා බලන්න.... උසාවියට ගල් ගහපු විදිහ.. මෑත ඉතිහාසයේ උසාවියට ගල් ගහපු දෙවැනි අවස්ථාව. පළවෙනි ඒකත් නැගෙනහිරින්..... ලංකාවේ යුද්ධය ඉවර කරාට අපි තාමත් ඒ මිනිස්සු තුළ සංහිදියාව හදලා නැහැ.... මිනිස්සු මේ තරම් දරුණුයි.... මේ තුළින් නොකියා කියැවෙන තවත් පැත්තක් තියෙනවා.. ඒක තමයි අනාරක්ෂිතකම......

    ReplyDelete
    Replies
    1. මෙය ඉතා වැදගත් අදහසක් ! තිරසාර සාමය සිහිනයක් නොවන්නට නම් මේ හැමදේම උගත් පාඩම් වියයුතුයි.

      Delete
  10. ආයත් අහලා මම ලියන්න හිටපු ටික උඔ එහෙන්පිටන්ම ලියලා...
    අද දවල්ට කන්න යන්නෙ නෑ අර ගෙරි දෙමලා ශ්‍රි කාන්තයා එක්ක..ඔකා හැමදාම කාලා ඉවරවුනාම අයිස්ක්‍රිම් ගන්නවා...මම බොරැවට පර්ස් එක අදිනවා හැමදාම සල්ලි දෙන්න වගේ ඒක දවසකවත් මම ඌට අරන් දිලා නෑ.හැහ් හැහ් කොහොමද මගේ ටිකිරි මොලේ...
    පොඩි මෙන්ඩා අසනිප වුන වෙලාවේ ඔිකා ඉස්පිරිතාලේට ඇවිත් පාන්දර 2ක වෙනකන් මාත් එක්ක හිටියා තමයි වුගේ කාර් එක මට දිලා ඌ ත්‍රිවිල් එකක ගියා තමයි ඒ වුනාට මේ කලබල අස්සෙ ඔිකට ඔලුව පැලෙන්න ගලකින් හරි ගහන්න නැත්නම් මගේ සිංහල කම මොකටද යකෝ?
    “මගෙ ලේ කකියනව යකෝ! – මරාගෙන මැරෙනවා යකෝ!!!”

    බලපියව් මගේ සිංහල කමේ ආඩම්බරය රෙද්ද පල්ලෙන් බෙරෙනවා...

    ReplyDelete
    Replies
    1. දෙමළ අය එහෙම තමයි බන්. උන් ජීව විද්‍යාත්මකවම හොද අය. දෙමළු කියන්නෙනම් බෝධිසත්ව පාරමිතා පුරන පිරිසක්. සිංහලයො තමයි නරක. හැම වරදකටම මුල. බොරුනම් බස්සිගෙන් අහල බලපන්

      Delete
    2. නිර්මාණය පෞද්ගලිකව ගන්න එපා මධ්‍යස්ත. එයින් ඔබට හෝ ඔබේ හිතමිතුරෙක්ට/ පවුලේ කෙනෙක්ට නොදැනුවත්ව හරි අපහාසයක් උනානම් මම සමාව අයැදිනවා. මම ඔබේ "මධ්‍යස්ථ මතධාරියාMay 22, 2015 at 2:44 PM" කමෙන්ටුවට දුන් පිළිතුර කියවා බලන්න.

      Delete
    3. එහෙම දෙයක් නෑ බන්. මම මේ වැඩ ඉවර වෙලා ඔෆිස් එකෙන් ඕෆ් වෙන්න කිට්ටුව අදහසක් දැම්මා විතරයි.
      අනික අපි වගෙ අය ආවෙ නැත්නම් මෙතන පාලුගෙයි වලං බිදෙනවනෙ.
      මම මෙතනට ආපු එකෙන් වෙනසක් වුනේ නැද්ද
      ඒ වෙනසට අකමැත්තක් නෑ නේද
      හෙහෙ හෙහෙ

      Delete
    4. අපි යාළුවොනෙ. මේ සමාව ඉල්ලීම් වලට නම් මට සිරාවටම අප්සෙට් බන්.

      Delete
    5. අපොයි කිසි අකමැත්තක් නෑ මධ්‍යස්ත. කොහොමත් ධ්වනිතාර්ථයට යටින් ඇති ව්‍යංගාර්ථය දකින්න තරම් බුද්ධිමත් පාඨකයන්ට ඔබේ කමෙන්ටු බොහොම ප්‍රයෝජනවත් මම හිතන විදියට.

      ඔබ ආ එක වටිනවා සෑහෙන්නම! අද සිකුරාදා නිසා හාෆ්ඩේ යනවා වගේ?

      Delete
    6. අපි යාළුවොනෙ. මේ සමාව ඉල්ලීම් වලට නම් මට සිරාවටම අප්සෙට් බන්.

      එල ද බ්‍රා

      Delete
  11. මම කියන්නේ නෑ ඔවුන් අධිකරණය ඉදිරියේ විභාගවෙමින් පවතින කටයුත්තක් ඉදිරියේ හැසිරෙන විදිහ හරියි කියලා.ඒක කවුරුකලත් වැරදියි.ඔය ආකාරයේ හැසිරීම් නිසා සිද්දවෙන්නේ ප්‍රධානතම කාරණාව යටපත්වෙලා වෙන වෙන අරමුණු මුදුන්පත් කරගන්න හදන එවුන්ට පාර කැපෙන එක විතරයි.ඒක හරියට පහුගියකාලේ නානසාර,මර්වින් යොදාගන රිලා නටවලා රටේප්‍රශ්න මගඇරියා වගේ දෙයක්.මේක මේ විදිහට ගියොත් මේ සැකකරුවනුත් අවුරුද්දක් විතර රිමාන්ඩ් එකේ ලැගලා ඇප හම්බවෙලා ආතල් එකේ ගෙදරයයි.
    ඒත් මෙතන තියන ඇත්ත ප්‍රශ්නේ ඕක නෙමෙයි.මේ රටේ කාන්තාවගේ අනාරක්ශිතකමයි මම දකින විදිහට ප්‍රධානතම දේ.කාන්තාවක් වීම නිසාවෙන්ම සිද්දවෙන මේ වගේ දරුණු අපරාධ තුරන්කර දැමිය යුතුමයි.මරණ දඬුවමට විරුද්ද වුනත් ළමා හා කාන්තා අපචාර සදහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මම පොඩ්ඩක්වත් විරුද්ධ නෑ.මේ වසන්ගතේ පාලනය නොකලොත් මේ රටේ එක තාත්තා කෙනෙක්ටවත් නිදහසේ නිදාගන්නනම් බැරිවේවී.

    ReplyDelete
  12. මුලින්ම ස්තුතියි ලිපියක් ලිවීම ගැන. වෙන්න ඕන ඒකයි.
    දෙවනුව එක්ස් ලොක්කගෙ කතාව පිළිකුලෙන් යුතුව හෙලා දකිනව මනුස්සයෙක් විදියට.
    තුන්වැනුව උසාවියට ගල්ගැසීම් වගේ නීතිවිරෝධී වැඩ හෙලාදකිනව.
    ඒ එක්කම ගල් ගහන්න හේතුවුන අපේ රටේ තියන නීතියට අප්‍රසාදය!
    ලංකාවෙ ඕනෑම ප්‍රදේශයක ඕනෑම ජනවර්ගයක කෙල්ලෙක් නැතිවීමක් ගැන පොලිසියට ගිහිල්ල කිව්වොත් එයාල ගත් කටටම කියන්නෙ "ඒකි පැනල යන්න ඇති" කියල. නීතිය ඉටුකරන්න මතක් වෙන්නෙ මිනිය අහුවුනාම. නැත්තං මිනිස්සු පොලිසි උසාවි වලට ගල් ගහන්න ගත්තට පස්සෙ.

    දෙමල කියන්නෙ සිංහලයා/සිංහල පාලකයන් එක්ක සීයට සීයක් තියා පනහක්වත් විශ්වාස ජන කොටසක් නෙවේ. තොපි අපි ගැන බලාගන්න ඕන කියන පණිවුඩය උද්ඝෝෂණයේ තියෙන්න පුළුවන්. නමුත් අහිමි වෙච්ච සිංහාසනයට ‍තවමත් කෙල හලන පාලකයා මේකෙන් පොඩි වින්දනයක් ලබනව.
    මට මතකයි කොටි පාලනය කරපු කාලෙ කොටින්ගෙ පොලිසියෙ හිටපු මිනිහෙක් එක්ක කරපු පත්තර සාකච්චාවක්. එයා කියනව ස්ත්‍රී දූෂණ වලට කොටි දුන්න දඬුවම මරණයලු. දූෂණ ‍වැරදි වලට මිනිස්සු මරපු අවස්ථා සෑහෙන්න තිබුනලු. (මැරිල්ල නොවුනත්) මෙ වගේ වෙලාවල් වල රජයේ පාලනය යටතේ කඩිනමින් ක්‍රියාත්මක උනේ නැත්තං අවුල් ඇතිවීම වලක්වන්න බෑ. සමහර විට රජයට විරුද්ධ කැරැල්ලක් බවට පෙරලගන්නත් සූදානම් පිරිස් නෑ කියන්න බෑ. නමුත් ඔලුව කල්පනා කරල වැඩ කරන්න හැමෝටම බෑ.

    ReplyDelete
  13. මේ වගෙ දෙමළ විරෝධයක් අපේ සමාජයෙ නැහැ. දළදා මාළිගාවට බෝම්බ ගැහුවත් එක දෙමළ කඩයකට අත තිබ්බෙ නෑ. 83 කලබල කළේ එවකට පැවති ආණ්ඩුවෙ මැරයන්.
    හැබැයි ඔය කියන විදියෙ සිංහල විරෝධයක් දෙමළ ජනතාව අතර තියනවා. විදේශගත ද්‍රවිඩයන්ගේ කොමෙන්ට් වලින් මම දැඩි සාහසිකත්වයක් දැක තියනවා.
    විත්‍යාගේ සිද්ධිය දඩමීමාකරගෙන උසාවි වලට ගල් ගහන එක අනුමත කරන්න බෑ. ඉන්දියාවෙත් එහෙම දෙයක් වුනේ නෑ.
    මෙම නිර්මාණය අන්තවාදී එකක් බව නොකියාත් බෑ. පොදුවේ සිංහලයන් යනු ජාතිවාදීන්ය කියන පූර්ව නිගමනයෙ නොසිට නිර්මාණය කළානම් මීට වඩා හොදයි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දෙමළ විරෝධයක් සාමාන්‍ය සිංහලයා අතර නැත. ඒ බව මේ කොටසින් ව්‍යංගයෙන් කියලාද ඇත. අනිත් පාඨකයන්ට එය අවබෝධ වී ඇති බවයි මටනම් හැඟෙන්නේ. එය නොතේරෙන ඔබ පව් ය.

      //අපේ ගෑනි උදේ කෑමට මේ ඔතල තියෙන්නෙ මොනවද! තව් මරපු කෙහෙල් කොළේ ඔතාපු තෝස දෙකක්, ඇලුමිනියම් කෑම පෙට්ටිය පිරෙන්නට සාම්බාරු සහ උළුඳු වඩයකි. යකෝ මේකිව මරන්න එපාය! මගේ සිංහල ලේ ආයෙමත් කකියනවාය. එහෙනම් ඕකි අලුතෙන් ඔපීසියට ආවයි කියපු උද්‍යශ්‍රීනිගෙන් රෙසිපි ඉල්ලගෙන ආවේ මේකට ය. අද හවසට දෙකක් දාගෙන ගෙදර ගිහින් ඕකිට නිල් වෙන්ඩ ගහන්න ඕනෑය. දැනට බුකියට ගොඩවී අලුත් ස්ටේටස් අප්ඩේට් එකක් දාන්ඩ ඕනෑය.//


      *විත්‍යාගේ සිද්ධිය දඩමීමාකරගෙන උසාවි වලට ගල් ගහන එක අනුමත කරන්න බෑ. :

      එහෙම වෙන්නේ රටේ නීතිය මකුළු දැලක්/පෙනේරයක් විදියට ක්‍රියාකරන නිසාය. රජයේ දේපල වලට හානි කල උද්ඝෝෂකයන්ව දැනටමත් අත් අඩංගුවට ගෙන ඇත. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුය. එමෙන්ම විත්‍යාගේ නඩුව විශේෂ අධිකරණ ක්‍රියාමාර්ගයක් යටතේවත් විභාග විය යුතුය. මන්ද, මගේ ජීවිත කාලය තුල ලංකාවේ සිදුවූවායැයි ඇසූ මිලේච්ඡම ස්ත්‍රී දූෂණ අපරාධය මෙය වන නිසාය.


      //මෙම නිර්මාණය අන්තවාදී එකක් බව නොකියාත් බෑ. පොදුවේ සිංහලයන් යනු ජාතිවාදීන්ය කියන පූර්ව නිගමනයෙ නොසිට නිර්මාණය කළානම් මීට වඩා හොදයි කියල හිතෙනව.//

      මෙතනදී කියන්නේ 'කතානායකයා ජාතිවාදියෙක්/ අවස්ථාවාදී දේශපාලුවන්ගේ ඇම ගිලගෙන ලේ කුප්පවා ගන්නෙක් බවය. යළිත් කියවා බලන්න. ඌ ජාතිවාදී නොවන ප්‍රකාශ නිකුත් කරන මිතුරන්ටද බැනවදී, ගෙදර ගෑණිටද බැනවදී. එහෙම මෝඩයන් සුලුතරයක් ලංකාවේ වෙසෙති. ඔවුන් සිංහලද/දමිලද/මුස්ලිම්ද විය හැක. කණගාටුවට කරුණ වන්නේ එවැනි අධමයන් මෙවැනි හද කම්පා කරවන සිදුවීම් දඩමීමා කරගෙන ඔවුන්ගේ මානසික ඇරියස් කවර් කිරීමට යත්න දැරීමයි.

      Delete
    2. නීතිය ගැන බස්සිගෙ කතාවට එකඟ වෙමි.

      Delete
    3. ම.ම,
      තාමත් ඉඳහිට උඹේ අර අන්තවාදී යකා මතු වෙනවා වගේනේ බං.:D

      Delete
    4. //රටේ නීතිය මකුළු දැලක්/පෙනේරයක් විදියට ක්‍රියාකරන නිසාය// යහපාලනයෙන් වත් ඒ හිල් වැහුනේ නැද්ද? උබලා වගේ ටෝය්යෝ කියා කියා හිටියේ මහින්ද නීතිය ගණිකා වුර්තියේ යෙදෙවුවා කියා නේද? දැන් ඉන්න අයත් ඒ වැඩේම කරනවාද? අපි නම් හිතන් ඉන්නේ යහපාලනය ආවාට පස්සේ වෙනසක් වුනා කියලා

      Delete
    5. මකසි ++++++++++++
      නොදා බැරිවුණා ඔය වැට

      Delete
  14. හප්පා දෙන එක ආයේ දොඹෙන්ම දීල තියෙනවා .ආයේ ලෝබ නැතිවම.

    ReplyDelete
  15. මම පෞද්ගලිකව අඳුනන හැම ගැහැණු ළමයෙක්ම වගේ ජීවිතේ එක් වතාවක් හෝ කුමණ ආකාරයකින් හරි යම්කිසි අතවරයකට ලක්වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට ඔය දේවල් සිද්ධ වෙලා තියෙන්නේ පොදු ප්‍රවාහනයේදී, නැත්තං අඩුම තරමේ පාසල් වෑන් රථ රියදුරන් අතින් ඉතාම කුඩා අවධියේදී. මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. ඒත් කොහොමද?

    මරා ගැන නම් කියන්න තියෙන්නේ ජාති මාමක රෙද්දට මුවා වෙලා, දැන හෝ නොදැන මේ උරදෙන්නට යන්නේ තවත් ඊලාම් යුද්ධයකට බවයි. බල තණ්හාවක මහිම!

    ReplyDelete
  16. ජාත්‍යාෙලන් මත් වුනෝ

    ReplyDelete
  17. සැකකාරයො මැරයන්ට බාරදෙන්න කියල ඉල්ලල පොලිසියට ගහන්ඩයි , පොදු දේපල වලට අලාබහානි කරන්ඩයි කිසිම තැනක ඉඩදිය යුතු නෑ. කාගෙ හරි උවමනාවකට මෝඩ රැලක් ෆෝම් කරල වෙඩි පාරක් කවන්ඩ උවමනාවක් තිබ්බ බවනම් පැහැදිලිව තිබුන.
    මරා වගේ ජරා දේශපාලකයෙක් ඉතිහාසෙටම පහලවෙලා නෑ.

    ReplyDelete
  18. වරදට නිසි දඬුවම් ලැබිය යුතුයි... ඒක ඇත්ත...
    ඔවුන් පොලිසියට සහ උසාවියට පහර දී සිදුකල මැර ක්‍රියාව නිසා තමයි ප්‍රධාන කාරණය යටපත් වෙලා වෙනත් කරුණු ඉස්මතු වෙන්නේ...
    ඔවුන් උසාවියට ගල් ගහන්නේ හරියට උසාවියෙන් ඒ චුදිතයින් පිරිස නිදොස් කොට නිදහස් කලා වගේනේ...
    තීන්දුව දෙන්න කළින් සාධාරණ තීන්දුවක් ඉල්ලලා උසාවියට ගල් ගහනවා කියන්නේ මහ කුණුහරපයක්නේ...

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  19. යශෝ,
    මේවා මේ සමාජයෙන් පිටු දකින්න ඕනේ ඛේදවාචක.මේ කරනාවේදී ඒ ජනතාව හැසිරුණු විදිය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.නමුත් මේ වගේ තත්වයකට අපි පත් වුනොත් අපිත් ඔවුන්ට නොදැවෙනි විදියට කටයුතු කරවී.

    මතකද අර අගුලානේ කොල්ලෝ දෙන්නවා පොලිසියෙන් මරපු වෙලාවේ අගුලානේ මිනිස්සු හැසිරුණු ආකාරය.මුළු අගුලාන පොලිසියම ඔවුන් විනාශ කොට දැමුවා.එකත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමේ.නමුත් ඔවුන් පත්වෙන තත්වය අනුව එවැනි දේ කරා ඔවුන් පෙලබෙනවා.

    මේ සිදුවීමේන් පස්සේ වෙච්චි නරකම සිදුවීම තමයි අර බලයට තියෙන ප්‍රේතකමේ ඉන්න මහින්ද කරපු ප්‍රකාශය.ඒ ජාතිවාදීන් අවුලුවන්න කරපු මහා අන්තවාදී ප්‍රකාශයක්.ඒ වගේ කාලකන්ණි (අර වාසුදේවගේ වචනේත් දාගනින් මෙතනට) මිනිහෙක් පරාජය කරන්න ජන්දය දීමට ලැබීම ගැන තියෙන්නේ අප්‍රමාණ සන්තෝෂයක්.

    ReplyDelete
  20. මේ ප්‍රශ්නෙට සිංහල දෙමල ජාතිවාද කිසි සම්බන්දයක් අවශ්‍ය නැහැ. ලංකාවේ කෙල්ලෙක් අමානුෂිකව දුෂණය කරලා වධ දීලා මරුවා. ලංකාවේ හැමෝම එවනිදේට විරුධ්දයි. ඇය දෙමල නිසා ඒ වැඩේ හොඳ වැඩේ ඕකුන්ට ඔහොම මයි වෙන්න ඕන කියපූ උන් ඉන්නවා නම් උබගේ ලිවිල්ල සාධාරණයි. එහෙම දෙයක් උනේ නැහැ නේද? fb ස්ටේටස් අප්ඩේට් කරපු හැමෝම මේ කෙල්ල වෙනුවෙන් කතා කළා. රටේ නීතියක් තියෙනවා. සාක්ෂි තියෙනවා නම් වැරදි කරු නිදහස් කරන්න බැරි තරම් නීතිය ප්‍රබලයි. මිනීමරුවා කොතරම් අමානුෂික වුවත් දඬුවම් දීම සිදුවිය යුත්තේ උසාවි ක්‍රියාමාර්ගයකින් පමණක් විය යුතුය.

    ReplyDelete
  21. පත්තරේ පුංචි දරුවෙක් ළිඳකට වැටිලා මලා කියලා තිබුණම කම්මුලේ අත ගහගෙන කියවලා නිව්ස් එක අගදි ළමයගේ නම දෙමල නමක් බව දැක්කම සුසුමක් විතරක් හෙලලා වෙන නිවුස් එකකට යන ඇස්!

    ReplyDelete
  22. බස්සි බස්සි..
    ව්‍යාංගාර්ථය හොඳයි නරක නැහැ. නමුත් මේකේ මාත් දකින අන්තවාදි අදහස් කීපයක් තියෙනවා.එකක් මචං අන්තවාදියෝ හැමතැනම ඉන්නවා.හැබැයි එහෙමයි කියලා අපි හැම දමිළයටම වෛර කරන්නේ නැහැ.සිංහල අන්තවාදීන් අතලොස්සක් නිසා හැම සිංහලයටම වෛර කළ යුතුත් නැහැ.මේ අපරාධය වුණේ සිංහල හෝ දමිළ වේවා ලංකාවේ 'කෙල්ලෙක්ට' නිසා අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.හැබැයි සිංහලයාට සේම දෙමළාටත් නීතිය අතට ගන්නට බැහැ.එය දකුණේත් උතුරේත් එක හා සමාන විය යුතුයි.මම හිතන්නේ යහපාලනයක් ගෙන ඒමේ අරමුණත් ඒකයි නේද?

    අනික් අතට මේකත් එක්තරා ආකරයකින් අර සීගිරි කොණ්ඩ කටු සිද්ධියේම දිගුවක් කියලයි මට හිතෙන්නේ.මම කියන්නේ නැහැ දෙමළා නිසා දඬුවම් කළ යුතුයි කියලා.නමුත් දෙමළා නිසා සැමවිටම සමාව ලැබිය යුතුත් නැහැ.අනික් අතට රජය හරි පාරේ යනවා නම් ජාති, ආගම්, වර්ග භේදයකින් තොරව හැමටම නීතිය එක හා සමාන විය යුතුයි.

    //ස්ත්‍රී දූෂණයක් කලාය කියන්නේ අපේ ප්‍රෞඪ සංස්කෘතියට අනුව අගනා වික්‍රමාන්විත ක්‍රියාවක්ය. //
    //අපේ බෞද්ධ රටේ සංස්කෘතිය රැකගත යුත්තේ එහෙමය. //
    මෙන්න මේ ප්‍රකාශයන් දෙක ඔබේ අරමුණ කුමක් වුවත් අන්තවාදීයි කියලයි මට හිතෙන්නේ.මොකද බෞද්ධ සංස්කෘතියේවත් අපේ ශිෂ්ටාචරයේවත් එහෙම පිළිගැනීමක් නැහැ.ඔබගේ ප්‍රකාශයන් අනර්ථකාරී විදියට පටු අරමුණු වෙනුවෙන් ලේසියෙන්ම යොදා ගත හැකියි.අනික් අතට ඔබම කියන ආකාරයට මේක බෞද්ධ හෝ සිංහල සමාජයක් විතරක් පවත්නා රටකුත් නොවෙයි.සිංහලයෙකු වීම හෝ බෞද්ධයෙකු වීම විශේෂ ලැයිසමක් නොවෙයි ලංකාවේ.එය හුදෙක්ම අන්තවාදී කොටසක් විසින් තමන්ගේ අරමුණු වෙනුවෙන් වෛශ්‍යා වෘත්තියේ යැව්ව ප්‍රකාශයක්.ඔබේ ඔය රත්වෙන තරුණ ලෙයට එය සමහරවිට තවම දැනෙන්නේ නැතුවා වෙන්ට පුළුවන්.

    බස්සි, දූෂණය වුණේ උඹයි මමයි වගේම ගෑණියෙක්, කෙල්ලෙක්.හැබැයි එතනට ජාති ලේබල් ගහලා මේ වගේ කීමෙන් වෙන්නේ අන්න ඒ තේරුම් ගැනීමට ගැරහීමක්.ඔබත් සිංහල.මමත් සිංහල.ඔබ කන්‍යාරාමයකත් මම බෞද්ධ බාලිකාවකත් උගත්තා වෙන්නට පුළුවන්.ඕක උඹට උණත් මට උණත් විත්‍යාට වුණත් එකයි.එතනට අනවශ්‍ය ජාති ආගම් භේදයක් පටලවාගෙන ඇත්තේ ඇයි?අනික් අතට සිංහල බෞද්ධයන්, සිංහල කතෝලිකයන්, ද්‍රවිඩ හින්දූන්, ද්‍රවිඩ කතෝලිකයන්, මුසල්මානුවන්, මැලේ ජාතිකයන් ආදී වූ මේ සියල්ලන් තුළ අන්ත්වාදීන් ඉන්නවා.හැබැයි ඒ එක් කොටසකට අයත් වූ පළියටම යමෙක් අපරාධකාරයෙක් හෝ අහිංසකයෙක් වෙන්නේ නැහැ.උඹේ නිර්මාණශීලීත්වයට මම හැමදාම කැමතියි උඹ කොයි දේශපාලන මතයක් දැරුවත්.ඒත් මෙහෙම ලිවීමෙන් කලකිරීමක් ඇතිවීම වලක්වන්නත් බැහැ.

    ReplyDelete
    Replies
    1. ///උඹේ නිර්මාණශීලීත්වයට මම හැමදාම කැමතියි උඹ කොයි දේශපාලන මතයක් දැරුවත්.ඒත් මෙහෙම ලිවීමෙන් කලකිරීමක් ඇතිවීම වලක්වන්නත් බැහැ.///

      තනි තරුව ++++++++++++++++++++

      Delete
    2. //ස්ත්‍රී දූෂණයක් කලාය කියන්නේ අපේ ප්‍රෞඪ සංස්කෘතියට අනුව අගනා වික්‍රමාන්විත ක්‍රියාවක්ය. //
      //අපේ බෞද්ධ රටේ සංස්කෘතිය රැකගත යුත්තේ එහෙමය. //

      මාත් අන්තවාදියි කියල කිව්වෙ ඒකට තමයි. බෞද්ධ සංස්කෘතියෙ එහෙම දෙයක් නැහැනෙ. ඒක ව්‍යංගාර්ථයක් වෙන එකත් පැහැදිලි මදි. සමහර විට සාරුවා සුනිල් ගෙ සිද්ධිය වගෙ දේවල් වලට බෞද්ධයන් මේ විදියට ප්‍රචන්ඩ ලෙස නැගිටීම් සිදුනොකළ එක ගැන වෙන්න ඇති කියන්නෙ. සාරුවා සුනිල් කළේ බලහත්කාර දූෂන නොවෙයි. අපචාර කළේ. ඔහුගෙ දේශපාලන අනුගාමිකයො ඔහු වෙනුවෙන් බෝධිපූජා තිබ්බ වෙන්න ඇති.
      සිංහල බෞද්ධයන් සාරුවා සුනිල් ට සහාය නොදැක්වූවා සේම මොකක් හරි වුන හැටියෙ මහජන දේපළ විනාශ කරන්න යන්නෙත් නෑ.

      Delete
    3. සාරුවා ලිංගිකව හැසිරුනේ ඔහුගෙන් මුදල් සහ වාසි ලබා ගන්න කැමැත්තෙන් එයට අනුබල දුන් පුද්ගලයන් එක්ක කියලා තමයි ඒ පළාතේ අය කියන්නේ. ඔහු කල දෙවායින් අපචාර කියන කැටගරියට දාන්න පුළුවන් එක සිද්දියක් විතරයි. එයට තමයි නඩු යන්නේ. අනෙක් සියල්ල අනාචාරයේ හැසිරීම්. ඒක උගේ ලිංගික නිදහස. ඌ හු--- කැමති නම්. උගෙන් හු---ව ගන්න ගෑනුත් කැමති නම් අපට මොකෝ.

      Delete
    4. මධ්‍යස්ථ : //සිංහල බෞද්ධයන් සාරුවා සුනිල් ට සහාය නොදැක්වූවා සේම මොකක් හරි වුන හැටියෙ මහජන දේපළ විනාශ කරන්න යන්නෙත් නෑ.//
      අකමැත්තෙන් වුණත් කිව යුතුම සත්‍යය එයයි.

      විත්‍යා හෝ විද්‍යාව දූෂණයට ලක්ව ඇත්තේ දමිළ ජාතිකයන් අතින්මයි නේද?මෙතැන ජාති ආගම් පටලවාගෙන ඉන්න නිසයි මේක කියන්නම වෙන්නේ.එසේවීත් හුඹස් "මවන්" මෙහෙම අඬාවැටෙනවා නම් වැරදිලාවත් සිංහලයෙක් අතින් වෙච්ච දෙයක් වුණා නම් ඉස්සෙල්ලම සිංහල ජාතියට එරෙහිවන්නේත් මෙවන් අන්තවාදීන්.බස්සි ඇතුළු මේ සිද්ධියෙන් අනවශ්‍ය ජාති ආගම් භේදයක් මවාගෙන දඟලන බහුතරයක් බ්ලොගර්ස්ලා මේ කරන්නේ ඔවුන් සාමන්‍යයෙන් පෙනී සිටින සර්ව සාධාරණයටම අසාධාරණයක්.මට නම් මෙතෙක් හමුවී නෑ, විත්‍යාගේ මරණය අසා හොඳ වැඩේ ඕකි දෙමළියෙක් කියා සතුටුවන සිංහලයෙක් හෝ මුසල්මානුවෙක්.මෙවන් අදහසක් උළුප්පා දක්වන්න හදන සමහරු හිතින් බඩ වීමක් වෙලා තියෙන බව නොකියාම බැහැ.කොටකෙතන ඝාතන වගේම තිගැස්මක්, කණගාටුවක් විත්‍යාගේ මරණය පිළිබඳවත් අප සමාජයේ තිබෙනවා, එය ජාතිභේදයෙන් තොරයි.සමහර විට මොවුන් මෙලෙස මවාගන්නවා හෝ එවන් එකෙක් කළ ප්‍රකාශයක් බහුතර මතයකට ආදේශ කරගන්නවා විය හැකියි.කණගාටුවට කරුණ නිර්මාණකරුවන් ලෙස යහපත් යමක් කළ හැකි අයත් මේ මායාවටම අසුවීමයි.අනෙක් අතට සයිබරයේ හොඳ බ්ලොගර් කෙනෙක් වීම හෝ ජනප්‍රියවීම රඳා පවතින්නේ යන රැල්ලට ගසාගෙන යාම කියා සිතා වැඩ කරන කොටසක් අද බිහිවීම අතිශය කණගාටුවට කාරණයක්.

      Delete
    5. මකසි :
      //ඒක උගේ ලිංගික නිදහස. ඌ හු--- කැමති නම්. උගෙන් හු---ව ගන්න ගෑනුත් කැමති නම් අපට මොකෝ.//
      ගැහැණියකගේ අකමැත්තෙන් තොරව යෙදෙන රමණය සහ බලහත්කාර දූෂණය සමාන කළ නොහැකියි.සමහරක් වීරයෙකු ලෙස සලකන ප්‍රභාකරන් පවා ඔහුගේ ලිංගික නිද්හස උපරිමයට වින්දා නේද? ජවිපේ කැරලිවලදි අත් අඩංගුවට පත් ගැහැණු, කෙල්ලන් ලිංගික අතවරයට ලක්වුණේ නැද්ද? එතකොට ඒකත් සාධාරණීකරණය වේවිද?අනික් අතට දැන් අපරාධයකදි ජාතිභේදයන් ආගම්භේදයන් සමාවට කාරණයක් වනවා නම් මේ නිර්මාණය කළ බස්සි ඇතුළු බහුතරය ඉල්ලූ වෙනස ඒකද?කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි නම් වෙනසක් ඇත්තටම වෙලාද? ඒ වෙනස් එහෙනම් සාධාරණ සමාජයක් කරා වූවක් නෙවෙයි නේද?

      Delete
  23. සිංහලයිනි! කඩු මුවහත් තියන්ට වරෙල්ලා!
    හුකෑෂ්! ජාතිවාදී බසුමාමක පට්ටැති ලියවිල්ලක්! සෙයා කරනෙමි!

    ReplyDelete
  24. සාර්කැසම නොතේරෙනවුන්ගේ කොමෙන්ටු කියවා පට්ට ආතල් ගත හැකි වනු පිණිස බුක්මාක දමමි!

    ReplyDelete
  25. මේ සාහසික අපරාධය කරපු සියලු දෙනාටම (මෙවැනි අපරාධ දිහා බලාගෙන තවත් එලෙස අපරාධ කිරීමට සැරසෙන/ සිතන සියලු දෙනාටම දැනෙන විදිහට) මරණ දඬුවම දිය යුතුයි. ඒ වගේම මේ මරණය මාකට් කරගෙන පටු අරමුණු වෙනුවෙන් වැඩ කරන, වැරදි මත ගොඩ නගන සියලු දෙනාටම අසු නොවී බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. ජාතිවාදී අදහස් පලකරන සියලු දෙනාටම දඬුවම් දිය යුතුයි. ජාති ආගම් භේදයකින් තොරව රටක් ලෙස සියළුම දියණියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීති මදි නම් නව නීතිද, විශේෂ අවධානයද ඇති කල යුතුයි. එසේ නොමැති උවහොත් අද විත්තියාට මෙන් හෙට දින ඔබේ දියණියට, සහෝදරියට මෙසේ සිදු නොවන්නේ යැයි කීමට හෝ සිතීමට පුළුවන් වේවිද?

    බස්සිගෙන් කාලෙකින් මේ විදිහේ ලිපියක් දැක්කෙ. කමෙන්ට්ස් ටිකත් කියවපු නිසා ටිකක් වෙලාව ගියා අදහස් පල කරන්න. ලිපියේ අන්තර්ගතය කාලෝචිතයි. බහුතරයකට ලෙසටම ගැළපෙනවා.

    ReplyDelete
  26. මගේ හිතට එන හැම දෙයක්ම කලින් කෙනෙක් කියලා තියනවා.....මට ඇත්තේ තිරිසනුන් මිනිසුන් වී ඉපදීම ගැන කලකිරීමකි හා බොර දියේ මාළු බාන උන් මේ අසරණී ඇමට ගැනීමත් ගැන අම්බ තරහකි

    ReplyDelete
  27. නියමයි බකූ..... ඔහොම යං ...මගේ ලේත් කකියනෝ... ;)

    ReplyDelete
  28. අපි ආවේගශීලී පහසුවෙන් කුපිත කරවන්නට පුලුවන් ජන කොට්ටාශයක්. දේශපාලකයින් මෙය ඉතා හොඳින් මෙවලමක් විදිහට භාවිතා කරනවා . 83 කළු ජූලිය ආණ්ඩුවේ මැරයින් විසින් කුපිත කරවනු ලදුව සාමාන්‍ය ජනතාව විසින් ක්‍රියාත්මක කළ විනාශකාරීම ක්‍රියාවලින් එකක්. දමිළ ජනතාවගෙන් කොල්ලකෑ සියල්ල තමන් සන්තක කරගත්තේ ජාත්‍යාලය කියමින්. සිංහලයින් කිසිසේත් ජාතිවාදී නැතැයි කීම ගැන නම් මා එකඟ වන්නේ නෑ. සිංහලයින් තරමටම අනෙකුත් ජාතිනුත් ජාතිවාදී නොවේ යැයි මා කියන්නේ නෑ. ඒත් අන්‍යයන් දොස් දකින්නට පෙර අප නිවැරදි වියයුතුයි.

    රාජ්‍ය හා අනෙකුත් දේපල කොතෙකුත් විනාශ වී ඇද්ද - උතුරු නැගෙනහිර පමණක් නොවේ දකුණේ ක්‍රියාකාරිත්ව තුළිනුත්.

    ඒ ඕනෑ නෑ රිය අනතුරක් සිදුවූ තනෙක බලන්න. ගමක අයෙකු රිය අනතුරකට මුහුණ පෑවොත් ඒ ගැමියන් එක්වී හරි වැරදි නොතකා තමන් අතට නීතිය ගන්නවා නොවේද - ඒ රිය ගිනි තබනවා නොවේද.

    ඒ කොහොම වුවත් ලංකාවේ සතර දිග්බාගයේම කොතෙකුත් ගැහැණුන් අතවර වලට ලක්වෙනවා ඇද්ද.

    අපට හැදෙන්නට නම් රටක් හැටියට බොහෝ දුර ගමනක් යායුතුය. ඒ සඳහා ඔබ වැනි යොවුනන් අවශ්‍යමය . මෙවැනි ලිවිලිද අවශ්‍යමය. එපමණක් නොවේ නොසංසිඳෙන පිපාසයකින් හරි වැරදි සොයා යා යුතුය - රටට හරි දේ කියා දිය යුතුය.

    ReplyDelete
  29. අරුන් නම දෙනා මාංචු දාන් අත් උස්සන් ඉන්න ෆොටෝ අරන් ශෙයා කරන්නත් ඕන.. උඹට ඒක ඇඩ් කරන්න අමතක වෙලානේ..

    මේකනේ බං කේස් එක.. දැන් අපේ කට්ටිය වැටිලා ඉන්නේ වෙන ඕනම දේකින් දේශපාලන වසි ගන්න බලාගෙන ඉන්න තත්වෙකටනේ.. ඉතින් ඔහොම දේවල් වගේම ඔහොම කතා අහන්න වෙන එක පුදුමයක් නෙමෙයි..

    ReplyDelete
  30. මේ සිදුවෙච්ච කාලකන්නි ඛේදවාචකේ හමුවේ බස්සිගේ ආවේගාත්මක ලිවීම සාධාරණයි (මතු කර ඇති ඇතැම් කරුනු වලට එකඟ නොවුනත් ). මේ අවාසනාවන්ත සිදුවීමට මුහුන පෑවේ අපේම දියණියක්. ඇය නැවත උපදින ආත්මයක් පාසා මෙවැනි අවාසනාවන්ත මරණයන්ට මුහුනදීමට සිදු නොවේවා....!

    උතුරේ හෝ දකුණේ හෝ වේවා මේ වගේ අපරාධ කරන්නන්ට මරණ දඬුවම පැවරිය යුතුයි. (අවාසනාව වන්නේ මේවාට විරුද්ධ වෙන්නෙත්, මරණ දඬුවමට විරුද්ධ වෙන්නෙත් බොහෝ විට එකම කණ්ඩායමක් නිසාය )

    දෙවනි කාරණය ඇයගේ අවසානවන්ත පින්තූර බුකියේ ෂෙයා වෙනවා දැකීම. ඇය පරම පිවිතුරු ලෙස ජීවිතයග ගොඩ නගාගැනීමට සිහින මැවූ යැයි සිතිය හැක (ඇගේ සහෝදරියද සරසවි දියණියකි, ඇයටද එම දක්ෂතාව අනිවාර්යයෙන්ම තිබෙන්න ඇත ), මේ පින්තූර නිසා ඇය බුකියේ නැවත නැවත සිය දහස් වර දූෂණය වෙයි. කරුණාකර ඒ පව කරන්න එපා....!

    අපි අපි අදන ආගම් වලට අනුව ඇයට මෝක්ෂය, නිවන, දෙව්මවු තුරුලේ සැනසීම පතමු.....!

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. මෙතනට අදාල නැති උනත්...බස්සි අක්කගේ Campus එක ඉස්සරහින් යද්දි පහල උන සිතිවිල්ලක් තමා මේ...ඇත්තටම අසරණ වෙලා තියෙන්නේ අපිම තමයි අන්තිමට!

    "...සරසවිය පසු කර යන බසයේ සිට එලියේ තිබූ අට්ටාලය දෙස බැලුවෙමි..මිහිඳු හිමිගෙන් පැවත එන, වැලිවිට හිමි නගා සිටවූ ප්‍රෞඩ සඟ පරපුරේ වත්මන් "රැඩිකල්" උන්නාන්සේලා දෙනමක් උපවාසයේ යෙදී සිටිනු දුටුවෙමි..ත්‍රිපිටකය පසෙකලා "මාක්ස්වාදයෙන්" නිවන ලබා ගැනීමට වීර්‍ය කරන බව අත රැඳී තිබූ පොතෙහි නම දුටුවිට සිතිනි..අසන්නටත් බැරි පරුෂ වදනින් බැන වදිමින්,කෑ කෝ ගසමින් ,ගල් ගසමින් ,බාධක බිඳිමින් වඩින්නේත්..එකී "අමුතු" නිවනට යෑම සඳහා පුරනු ලබන පිලිවෙත් නිසාම විය යුතුය..නමුත් සිතට නැගෙන පැණයකි..බුදුන් දෙසූ බණ පසෙක දමා,විනය නීතියට පයින් ගසා මේ කරනා විගඩමෙන්,පිරිහීමක් මිස, සසුනට වෙන අභිවෘධිය කුමක්දැය් පහදා දෙනු මැන "අපේ හාමුදුරුවනේ!".."

    ReplyDelete
  33. බස්සි මෙහෙම පොස්ටුවක් දැක්කමයි. තර්කයේ සාධාරණයක් තිබෙනවා. මේකට විරුද්ධ උද්ඝෝෂණ කොටි නැවත ඉපදීමක් හැටියට එක පැත්තක් කියනවා. අනිත් පැත්ත තව එකක් කියනවා. දුෂණය කරපු එවුන් අල්ලලා දඬුවම් කරන්න ඕනේ කියල කවුරුත් හිතන්නේ නැහැ.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17087-2015-05-23-23-11-33

    ReplyDelete
  34. බස්සි.මම හිතන්නේ ඕක අපේ මහා රජතුමාගේ (හිටපු)ගෝලයන් දැන් නිතිය කොහොමද බලන්න කරපු වැඩක්."සාරුව "වගේ එකේක් තණියම කරපු දේ මුන් සමුහයම කරලා.ඕකට දෙන්න ඔනේ මෙහෙ වගේ දඩුවම්.(මම ඉන්නේ අරාබි රටක)ඊටත් වැඩි දැඩි දඩුවම්
    ලෙස අදාල උපකරණ කපා දැමිය යුතුයි කියල මම හිතන්නේ......මොකද පහුගිය කාලේ ඔය වගේ තිරිසන් වැඩ වලට ලැබුණු දඩුවම අපි අත් දැක්කනේ ..

    ReplyDelete
  35. කොහොමත් වංශේ කබල් ගාන එක අපේ ජාතික පුරුද්දය!

    ReplyDelete
  36. කවුද යකෝ මරාගෙන මැරෙන්නෙ කියලා බලන්න ආවෙ...විත්‍යා නිසාම ආයෙමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න අධිකරණ ඇමතිට අදහසක් ඇවිත්...මම හිතනවා ඒක හොඳ දෙයක් වෙයි කියලා. නමුත් නිවැරදිම වරදකරුවාද අපි හිර කූඩුවක කොටු කරන්නේ කියන කාරණයත් සොයාබැලිය යුතුයි. නැත්තං අහිංසකයො මැරෙයි..වරද හොයාගද්දි ‍චූදිතයා සුර ලොව.

    ReplyDelete
  37. ලස්සන වචන වලින් මිනිස්සුන්ගෙ ජීවිත වලට වටිනාකමක් දෙන්න බෑ. තමන්ගේ ගොඩ වැඩි කරගන්න කාලෙන් කාලෙට යන රැල්ල විකුණන් කන්න එපා ඊටත් දේශපාලනේට.

    ReplyDelete