Tuesday, May 5, 2015

මුහුණු (කෙටිකතාව)




සන්දීරා බස් එකේ ඇගේ ප්‍රියතම ආසනයේ වාඩි වෙලා උන්නා. දකුණු පැත්තේ තුන්වෙනි යුගල ආසනය. කවුළුව අසල. තුන්වෙනි යුගල ආසනය වෙනුවට හතරවැනි ආසනය ලැබීම ඒ තරම් ප්‍රශ්ණයක් නෙමෙයි. පස්වැනි ආසනය වුනත් තරමක් නොමනාපයෙන් දරාගන්න පුලුවනි. හැබැයි දෙවෙනි ආසනය කියන්නේ කවදාවත් හිඳ නොගත යුතු තැනක්. ඒක වෙන්කරලා තියෙන්නෙ ගැබිණි මවුවරුන්ට. එතන ඉඳ ගැනීම අනවශ්‍ය අවධානය ලැබෙන දෙයක්. සන්දීරා අකමැතිම දේවල් අතරෙ ඉහළින්ම තිබුන දෙයක් තමයි “අනවශ්‍ය අවධානයට ලක්වීම”.


සන්දීරා අකැමති දේවල් බොහොම දිග ලැයිස්තුවක් තිබුනා. මේ මොහොතත් ඒ අකැමති ලැයිස්තුවේ ඉහලින්ම තියෙන දෙයක්. අකැමති රස්සාවකට – අකැමති නගරයක, අකැමති වාහන තදබදයක් මැද, කැමතිම අසුනේ ඉඳගෙන ගමන් කිරීම. ඒත් එක්කම ඈට මතක් වුනේ දුම් අංශු තැවරුන කොළඹ දූවිලි හුළඟටත් තමන් අකැමති බව. හුළඟ හැමවෙලේම උත්සාහ කරන්නේ හෙයා ස්ප්‍රේ තවරලා එක්තැන් කරපු කෙහෙ කැරලි එකක් හරි ගලවලා නළලට ඇද දාන්න. ඒ වෙනුවෙන් හුළඟ විනාඩි ගණනාවක් එක සීරුවට  මහන්සි වෙනවා. බැරිම තැන පරාජයේ ලැජ්ජාව වහගන්න හිතාගෙන ඇහැට වැලි අහුරක් ඉහලා පැනල යනවා.

 
ඉතින් ඈ කවුළුව වහල දැම්මා. කොහොමත් කවුළු තියෙන්නේ ඇස් දෙකයි හිතයි පාර දිගේ දුවවන්න මිසක හුලං වදින්න නෙමෙයි.

 
ඈට එහා පැත්තේ උන්නු මැදි වයසේ පිරිමියා පැහැදිලි “චුක්” හඬක් නගමින් වහපු කවුළුව ආයෙමත් විවර කලා. ඔහුගේ වැලමිටක් තමන්ගේ දකුණු පියොවුරේ වැදුනේ වැරදීමකින් වෙන්න ඇති කියල සන්දීරා හිත හදාගත්තා.

 
ආයෙමත් අර වේලිච්ච හුලඟ. පිරිමියා ගැන හිත ඇතුලෙ බුබුලු දාන තරහවක්. පියොවුරු ස්පර්ශ වීම වුනත් අහම්බයක් වෙන්න බැහැ. මහ නොසන්ඩාල, අසික්කිත මිනිහෙක්. ඈට පිරිමියාගේ දකුණු කන පිටුපසට වෙන්න තැනින් තැන පැලවෙච්ච සුදු කෙස් ගස් පේනවා. පොඩි අතපසුවීමකදිත් පැය ගණන් දේශන පවත්වන,  වැරැද්දක් වුනොත් කවුන්ටරය ඉදිරියේම පුපුරා හැලෙන, අතිකාල දීමනා අනුමත නොකරම හැන්දෑ වෙනකල් වැඩ කරන්න බල කරන බැංකු කලමනාකරුගේ හිසත් මේ වගේමයි. තැනින් තැන අපිළිවෙල සුදු කෙස්.

 
විය යුතු පරිද්දෙන්ම සන්දීරා බැංකු රස්සාවට කැමති වුනේ නැහැ. ඒත් ඈ හොඳ ක්‍රිස්තියානි පවුලක දැරියක්.   ඉගෙනගත්තෙ සුදු පරෙවියෙක්ගේ ලාංඡනය සහිත කන්‍යාරාමයක. ඉතින් දෙමව්පියන් තෝරා බේරා දෙන දේවල් අවිවාදයෙන් යුතුව පිළිගන්න පුරුද්ද ඇගේ ලේ නහර වලට කා වැදී තිබුනා. බැංකු රස්සාව එවැනි තෝරා දීමක්. වැදගත් රස්සාවක්. සාරි ඇඳන් වැඩට යන්නෙ. බැබලෙන පටි සහිත අඩි උස සපත්තු.

 
කොල්ලුපිටිය පැත්තට ඇදෙන ඝන වාහන දුමාරය තරණය කරලා ඈ නිල් පැහැ ටයිල් ඇල්ලූ පඩිහතර පහු කලා. අසීරු සිනහවක්. උදෑසන කියන්නේ අසීරුවෙන් වුනත් හිනා වීම අත්‍යාවශ්‍ය වෙලාවක්.

 
‘ගුඩ් මෝර්නින්ග් සර්!’
 
‘ගුඩ් මෝර්නින්ග්!’
 
‘මෝර්නින්!’
 
‘මෝනිං!’

 
ඊළඟට එළැඹෙන්නේ පෝලිමට ඇවිත් තමන්ට කරදර කරන මිනිස් ගංගාවට කිසිම වෙනසක් නොපෙන්වා සිනාසීමේ දීර්ඝ පැය අටක කාලය. උදේ දහය විතර වෙනකම් තදබදය වැඩියි. දහයයි තිහ කියන්නේ ඇස් ආලේපන සහ තොල් ආලේපන අලුත් කරගන්න සුදුසු වෙලාව.

 
පෝලිමට එකතු නොවී බිත්තියට හේත්තු කර තියෙන දුඹුරු පැහැ කුශන් පුටුවල වාඩි වී ඉන්න ගෑනු මිනිස්සු කියන්නෙ අමුතු දසුනක් නෙමෙයි. ඒත් නුහුරු ගතියෙන් පුටුවෙන් බාගෙක වාඩි වෙලා ඉන්න කෘශ ගැහැණු සිරුර අසාමාන්‍ය දසුනක් බව දැනුනේ ඈ එතනට ඇවිත් පැයකටත් වැඩි බව හදිසියේම සන්දීරාට මතක් වීමත් එක්ක.

 
තදබදය යම් තරමකට තුනී වේගෙන එනකොට ගැහැණියගේ විමසිලිමත් ඇස් කවුන්ටරයෙන් කවුන්ටරයට ගමන් ගන්න හැටි පැහැදිලිව පෙනුනා. වම් කෙලවරේ සිට දකුණට. ආයෙමත් වමට. පලින් පල මද තිගැස්මකින් යුතු ඇහිබැම සැලීමක්ද සහිතව.

 
ඇස් එහා මෙහා ගමන් කල එකොලොස් වැනි වාරයේදී සන්දීරා ඇගේ ඇස් අල්ල ගත්තා. අගුළු ලා ගත්තා කීවොත් තමයි වඩා නිවැරදි. දිගැටි මුහුනේ විඩාපත් සිනහවක් මතුවුනා.

 
දෙවරක් හිස සැලීමක්. එයින් තත්පර කිහිපයකට පස්සෙ කෙසඟ සිරුරැති ගැහැණිය ඈ ඉදිරියේ හිටගෙන උන්නා.

 
“ඇයි?”

“මනෝහරී? මනෝහරී මැඩම් එන්න තව පරක්කු වේවිද?”

“මනෝහරී මැඩම්?”

“හ්ම් ම්හ්! තළෙලලු, උස. මනෝහරී මැඩම්. වම් පැත්තෙ ඉඳන් තුන්වෙනි පුටුවෙ වාඩි වෙන්නෙ.”

‘ඔහ්! එයා හදිස්සියෙම නාරාහේන්පිට බ්‍රාන්ච් එකට මාරු වුනා නෙ. මේ.. මේ… මං කියන්නේ, එයා දැන් මෙහෙ නෑ.”

 
කෙසඟ සිරුරැති ගැහැණිය ආපහු යන්න වගේ ආපිට හැරුනා.

“පොඩ්ඩක් ඉන්න. මොකද්ද නම?”

“ඉයුජීන්.”

“බැංකුවෙන් කෙරෙන්න වුවමනා දෙයක් ඇත්නම් කියන්න. අපිට පුලුවනි උදව් කරන්න.”

 
කෙසඟ ගැහැණිය එකෙල මෙකෙල වෙන අතරේ තමන්ගේ කවුන්ටරය ඉදිරියේ පෝලිම් ගැසී හුන් තරුණියන් තිදෙනෙක් අනිත් කවුන්ටරයේ පෝලිමට එකතු වෙනවා සන්දීරා දැක්කා. ඉක්මන් කරන්නැ’යි කියන්න හිතාගෙන ගැහැණියගේ මුහුණ දිහා බලපු ඈ මොහොතකට ගල් ගැසුනා. සිය ගණනක් රේඛා සහ පැල්ලම් ඇගේ කම්මුල් මත ඉල්පෙමින් එකකට එකක් නොපරදින නෝක්කාඩු දහස් ගණනක් මුමුණමින් උන්නා. ඒ කිසිත් නොදන්නා විදියට ඉයුජීන් තමන්ගේ අත් බෑගය අවුස්සනවා.

 
“පාස් පොත” ඈ වෙවුලන සුලු අතැඟිලි වලින් පැරණි බැංකු පොතක් වීදුරුව දිගේ මෙපසට තල්ලු කලා. එතුල වූ මුදල් ආපසු ගැනීමේ ලියැවිල්ලේ ‘රුපියල් හත්සිය හැත්තෑවක් පමණයි’ යනුවෙන් සටහන්ව තිබුනා.

 
සන්දීරා ඇගේ ගිණුම් දත්ත කියවා බැලුවා. එහි තිබුනේ රුපියල් නමසිය විසි තුනයි ශත ගණනක්. අනිවාර්යය තැන්පතුව වන රුපියල් තුන්සියය ඉවත් කල පසු ඉයුජීන් වෙනුවෙන් රුපියල් හත්සිය හැත්තෑවක් නිකුත් කරන්න බැහැ.

 
සන්දීරා නැවත වරක් හැඳුනුම් පතේ වූ හඬන්නට ආසන්න ඉදිමුණු මුහුණත්, තමා ඉදිරියේ හිස පසකට ඇල කරගෙන ඉන්නා ගැහැණියගේ දිගැටි, වියළුණු මුහුණත් සංසන්දනය කර බැලුවා. ඈ ඇඬුම්බර මුහුණුවලට අකැමතියි. ගැහැණියගේ කඳුළු වියළී තිබීම ඈට ලොකු සතුටක් වුනා.


‘මේ මුදල ලබාදෙන්න හැකියාවක් නෑ.’ කියලා කියන්නයි සන්දීරාට වුවමනා වුනේ. ඒත් ඈ අහලා තිබුනේ “ඔයාට මේ වගේ ගානක් වුවමනා උනේ මොකටද?” කියලයි.

 
අසරණ සිනහවක තැනින් තැන මතුවුන කහට පැහැ දත්.

“පොඩි පුතාට. පේමන්ටෙකේ, පාර එහාපැත්තෙ පේමන්ටෙකේ අවුරුදු සේල් දාල ඉස්කෝල බෑග් විකුණනවා. රුපියල් අටසීයක් කියලයි කියන්නෙ. වැඩිපුර තිහක් තියෙනව අතේ. මනෝහරී නෝන මාව දන්නවා, ඔව්.”

 
සන්දීරා ආයෙමත් ‘මේ මුදල ලබාදෙන්න හැකියාවක් නෑ.’ කියන්න ගියේ, ඒත් ඈ කියල තිබුනේ “මම ලොකු මහත්තය එක්ක මේ ගැන කතාකරල එන්නම්.” කියලයි.

 
‘නීතියෙන් බැඳී සිටිනවා’, ‘නොවැදගත් ප්‍රශ්ණ පුම්බවා ගැනීම’, ‘රාජකාරීමය ඇහැකින් බැලීමේ නොහැකියාව’ වගේ වාක්‍යාංශ වරින් වර වීදුරු දොර අතරින් පිටතට ඇහුනා. ඉයුජින් ඒ දිහා හිස් බැල්මෙන් බලා උන්නත් සන්දීරාට නම් දැනුනේ කළමනාකරුගේ වායුසමීකරණය කල කාර්යාල කාමරය උණු වී වැගිරෙනවා වගේ.

 
සන්දීරාට එතැනින් පලා යන්න වුවමනා උනා. අකැමති හැමදේකින්ම ඉවත් වෙන්න. ඒත් ඈට තෝරාගැනීමක් කරන්න පුරුද්දක් තිබුනේ නැහැ. මේ දක්වා සියල්ල සිදුවුනේ අනිච්චානුගව. ඇගේ මෙහෙයවීමක් නැතිවම. ඉතින් ඈ උපන් දා ඉඳන් හැඩගැසී තිබුනෙත් එහෙම.

 
ඒත්, ඉයුජින්ගේ දැල්වෙන ඇසුත්, කතන්දර දහස් ගනනක් සඟවාගෙන සිටි රැලි වැටුන දෙකොපුලත් දකිනකොට සන්දීරාට නොදැනුවත්වම අත් පසුම්බියට එබුනා.
 

“ඇයි රුපියල් අටසීයක්?” කියන ප්‍රශ්ණෙ ඉදිරිපත් නොවීමම ලොකු සහනයක්.
 

සන්දීරා විවේකාගාරයට ගිහින් ලහිලහියේ නෙත් ආලේපන සහ තොල් ආලේපන අලුත් කලා. මහත් තෘප්තියකින් ඇගේ හදවත ඉපිලෙන්නට අරන්.



****************************

 

හරියටම පැයක් ගතවුන තැන, ඉයුජින් වෙනත් බැංකුවක වෙනත් ශාඛාවක අසුන්ගෙන හිටියා. ඇගේ අතේ වූ මුදල් ආපසු ගැනීමේ ලියැවිල්ලේ “රුපියල් අටසිය පනහක් පමණයි” යනුවෙන් සටහන්ව තිබුනා.









~ ඉ ව ර යි ~








108 comments:

  1. කතාවේ අන්තිම නිකංටැපලිලා වගෙයි බස්සියෝ මට. ගණං පේල් හින්දද මංදා. ආයෙ වෙනත් බැංකුවකට ගියේ ඇයි කියල කියනවද පොඩ්ඩක්

    ReplyDelete
    Replies
    1. තව සිතා බලන්න දරුවා. තව පොඩ්ඩක් සිතා බලන්න. ඒත් හරිගියේ නැත්නම් විතරක් එෆ්.බී. ඉන්බොක්ස් බලන්න.

      Delete
    2. ඒත් මනෝහරී එනකං කියා පැයක් ගත කිරීම? ඇමක් දාන්න එචචර වාත වෙන්න ඕනැද?

      Delete
    3. සමහර විට මට "ඇම දැමීම" නුපුරුදු නිසා එතන ටිකක් අතාත්වික ඇති.

      Delete
    4. // බැබලෙන පටි සහිත අඩි උස සපත්තු.//

      Delete
  2. මිනිස්සුන්ව රවට්ටං කන එක සෙල්ලමක් වෙලා අද.මේ වගේ අයට මමත් සෑහෙන්න අහුවෙලා තියනවා.ඒ කාලේනම් සමාජ අවබෝදය බින්දුවයි නිසා.ඒත් දැන්නම්, කියන්නේ බොරුයි කියල දැන දැනම.ඒ කාලේ බොරුව තේරුනහම ඇන්දුනා කියල තේරෙනකොට හෙන කේන්තියක් ආවත් දැන්නම් හොරාගේ ටැලන්ට් එක ගැන හිතල සතුටු වෙනවා.මේ ලගදි අවුරුද්දට බඩු ගන්න ගියහම එකෙක්ට ඕක ඔහොම නෙමෙයි මෙහෙම කරපන් කියල රු.100ක් දුන්නා.ඌටත් හිනාගියා.

    අර ජනේලේ,නාකි මනුස්සයා(අජිත් අයියා නෙමෙයි ),ඉයුජින් මවලතියන විදිහනම් පට්ට.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. එහෙම දේවල් නිසා ඇත්තටම අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව්වක් ලබාගන්න තියෙන අවස්ථාවත් මග ඇරෙන එකනේ වැඩේ කසුට්ටෝ.

      Delete
    2. කටුස්සා !"££$%$%^^&&**(())((*~~@@::@<>>???>^^^^ කිව්වා කියල හිතා ගන්.

      Delete
    3. දැකලා...! කටුස්සා ඉවරයි!! :D

      Delete
    4. අප්පටසිරි කටුස්සා ඒකෙත් හැටි .

      Delete
    5. අජිත් අයියේ මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක්!

      Delete
    6. ඔය කටුස්සට ඉරිසියාවනේ. මන් වගේ උස මහතා නැති නිසා . :)

      Delete
  3. අනේ ............... මෙහෙම මිනිස්සුත් ඉන්නව නේද. ඕන තරම් අත් දැකීම් තියනව.
    මේ ඒක නෙමේ, අපේ ඉස්කෝලෙ පරවියෙක් හිටියද ........... ?

    ReplyDelete
    Replies
    1. නෑනෙ පාට තුනේ උඳුපියලි කොලෙයක් වගේ එකයි, ඒක වටේ ග්ලිරිසීඩියා වගේ අතු දෙකකුයි (ඒ දෙකටම ලස්සන නම් තිබ්බා අෆ්ෆා දැන් මතක නෑ)
      අහ් තව රැස් විහිදෙන මොකද්ද එකකුත් තිබ්බා නේද උඩින්ම.

      Delete
    2. බොලාලා එකම පාසලේද...

      Delete
  4. "බැරිම තැන පරාජයේ ලැජ්ජාව වහගන්න හිතාගෙන ඇහැට වැලි අහුරක් ඉහලා පැනල යනවා."

    මරු වදන් පෙළ එකෙන්ම :)

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ගබා!! :D

      Delete
    2. ඒකනම් සීරියස්ලි හරිම ලස්සනයි.
      මෙච්චර හොඳට කවියක් වගේ කතා ලියන්න පුලුවන්කම තියාගෙනනේ අසරණ අපිට නොතේරෙන කවි ලියන්නෙ

      Delete
    3. අදත් කවියක් දානවා. හැබැයි කවිය දාලා පැය කිහිපයකින් පැහැදිලි කිරීමකුත් දානවා. එහෙම හොඳයි නේද?

      Delete
  5. ඔය බැංකුව කියන එක හැදිල තියෙනව කියන්නෙත් මුල් කාලේ බන්කුවක් උඩ ඉදන් කරගෙන ගියපු හින්ද කියනවනෙ....බලමුකො එකෙත් හැටි...මේ අතරේ කන්ද උඩට වැටුනු වැස්ස ,මහා ගං වතුරක් වෙලා ගස් ගල් පෙරලගෙන පල්ලන් බහිනව!!අපොයි වෙච්ච දෙයක්!!!

    ReplyDelete
    Replies
    1. බැංකුව හැදුන හැටි බැංකුවක වැඩකරන කෙනෙක්ගෙන්ම තමයි අහල බලන්න ඕනෙ නේද? තැන්කූ ඈ!! :D

      Delete
  6. බස්සි, කැමතියි මේ ලියවිලි රටාවට! දූවිලි හුළඟ ගැන, නහර ඉල්පුණු මූණු ගැන ලියන විදිහට, නොහිතන අවසානයක් දෙනවාට. තව තවත් ලියන්න! :) ජය!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම තැන්කූ වේවා මලිත්තෝ!

      Delete
  7. අවසානය කරකවා අතහැර ඇත.
    (එය වෙස්සන්තර පාරමිතාව බැංකුවලට ආව අලුතනම් පුරනවා සමහරු. දවස අන්තිමේ අතිං දාන්න වෙන පළමු දවස වෙනතුරු)

    ReplyDelete
    Replies
    1. මධුවාව කරකවා දැමීමට හැකිවීම මහත් සතුටකි!

      හප්පේ! බැංකු අත්දැකීම් ඇති බව පෙනේ!

      Delete
  8. නිතර කියවන්න ලැබෙන සාම්ප්‍රදායික කතා වලින් වෙනස් වීමට බස්සි දරන උත්සාහය ගැන සතුටුයි. බස් ගමන, බොස් එක්ක කතා බහ ඉදිරිපත් කරලා තියන ආකාරය නැවුම්. අන්තිමේදි දෙන ට්විස්ට් එකටත් මම කැමතියි... හැබැයි එතන තව චූට්ටාක් විතර ක්‍රියේටිව් වුණා නම් හොඳයි කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. තිසරගේ කමෙන්ට් නැති කෙටිකතා පාළුය. බොහොම තැන්කූ වේවා!!
      ඔව් අනේ අවසානය නම් ඉක්මනට ඉක්මනට ලියල දැම්මා. ඒක වෙන ලියන්න විදියක් වැඩියෙ කල්පනා කලෙත් නෑ. අමු වැඩියි වගේ නේද?

      Delete
  9. ලස්සණයි බස්සියෝ. අපූරු ලියවිල්ලක්. හිස් තැන්. අතින් පුරවා ගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොඩ්ඩි අක්කේ!
      ඔයාලා හිස්තැන් අතින් පුරව ගන්න එක කම්මැලි බස්සිට ලොකු උදව්වක් අෆ්ෆා.... හිහිහී!

      Delete
  10. ගෙදර උන්දෑගේ මත අත වදිනකොටත් රවන එකේ අත් වැදීම නරක​ දෙයක්ම වෙන්න ඕනේ.......

    ReplyDelete
    Replies
    1. හික්ස්! උම්මත්තාටත් හිතෙන එවුවා.

      Delete
  11. මොකටද ඇය වෙනත් බැංකුවකට ගියේ

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ටිකක් කියෙව්වොත් ලේසියෙන්ම තේරේවි වැවා.

      Delete
  12. ඇහැට වැලි ගසා පැනගියේ සුළඟම යැ.මගේ හිත ඇතුලේ ඉයුජින් ගැන හා සන්දීරා ගැන ලොකු අනුකම්පාවක් ඇතිවුනා.ඒත් ඊට විනාඩියකට පස්සේ කල කිරීමක්.
    "ඇහැට වැලි ගැහුවේ ඉයුජින්ම යැ"

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි දමිත් අයියේ!!

      Delete
  13. ඇහැට වැලි ගැසීම සහ අවසානයේ ගැලපීම අපූරුයි.
    කතාව ගැන කෙටියෙන්ම මෙච්චරයි ...

    විශිෂ්ටයි පට්ටයි ...

    ReplyDelete
    Replies
    1. ආ... ඉවාන් මස්සිනා... උඹ දැන් සූටි සූටි කමෙන්ට් දාල හිමින්ම ලිස්සල යනව නේ! අහුවෙයාම්කෝ...!!! :P

      Delete
  14. සමාජයේ නිතරම සිඳුවන, කළු සුදු අළු චරිත සියල්ල කැටි උන අපූරූ කෙටි කතාවක්.. හැබයි මේක අනික්වා තරම් ඉස්ට්‍රෝන්ග් නෑ.. ඕක තමයි එක්ස්ට්‍රා ඉස්පැසොල් දෙන්කොට තියෙන ලෙඩේ. ඒක ඔයාගේ වරදක් නෙමෙයි අපේ වරද.. බස්සිට අමතක උනාද මන්දා.. ඔය ඉල්ලීම් බහුතරය ඉන්නේ ඉන්ගිරිසියෙන් කියලා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්!! ඔය ඉල්ලන්නේ අර කඟවේණ කතාව වගේ ඒව වෙන්න ඕනෙ. මමත් ඒ කතා ලියන්න ඇබ්බැහි වෙලා. ඒත් වැඩේ තියෙන්නෙ ඒ කතා හුදී ජන පහන් සංවේගයට පාත්‍ර නොවෙන එක. බොහොම ටික දෙනෙක් තමයි මැජිකල් රියලිසම් වලට ආසා කරන්නෙ.

      Delete
  15. අයියෝ හින්දි පිචර් එකක් හොලිවුඩ් අවසානයක් සමගින් වන් ඇන්ඩ් ඔන්ලි බස්සිගෙන්

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මැලේ! තනිකරම අච්චාරුවක් නේ?

      Delete
    2. මැලේ සීයා කියන්න මෙයාට හරි වයසයි...

      Delete
    3. මැලේ අච්චාරුවක්?

      Delete
  16. ලස්සනයි නගෝ...වෙනස් අළුත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කා!!

      Delete
  17. ආන්න බස්සි මචං .. රෙෂ්පට් කතාව

    රුපියල් සීයක් දියං ණයට … :D

    ReplyDelete
    Replies
    1. හප්පේ! පත්තරස්ව දැක්ක කල්. රුපියල් සීයක් ඉල්ලුවාම දැනෙන්නෑ මචං. ඉල්ලන්න ඕනෙ odd ගානක්. එතකොට තමයි හිත උණු වෙලා දෙන්නම හිතෙන්නෙ.

      Delete
    2. ගාණ ඔඩ් නැතුවට ඉල්ලන එකා ඔඩ්ම ඔඩ්නේ,
      ඔන්න ඔහෙ දීලාදාන්න

      Delete
  18. බොහොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා රාජ්!

      Delete
  19. කතාව අගේට ලියලා... පස්ට

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා කුරුටු!!

      Delete
  20. මිනිස්සුන්ව රැවටීම ආදයම කරගත්ත පිරිසකුත් ඉන්නවනේ බං.. කතාව මරු.. වැඩියෙන්ම බස් එකේ එද්දී සන්දීරාට හිතෙන දේවල්.. හැමදාම ලියපිය මේ වගේ..

    ReplyDelete
    Replies
    1. හී! තැන්කිව් මතෝ...! ඔයාලගෙන් හොඳ කමෙන්ටක් ලැබෙනව කියන්නෙ කතාව හොඳට ලියවුනා කියල මට සතුටු වුනෑකි.

      Delete
  21. Replies
    1. තැන්කූ ප්‍රොෆා!

      Delete
  22. එයා නම් ඉතින් වැඩ්ඩෙක් වෙන්ඩ ඕනේ.....
    නැත්තම් කොයි ජගතටද පුළුවන් පැයක් විතර එක තැන වාඩි වෙලා ඉන්නඩ

    ReplyDelete
    Replies
    1. මට පුලුවන්.. හෙල්ලෙන්නෙ නැතුවම දවස් ගානක් හිටියා.ආතල් බේරුනේ කන් වලින් නම් නෙමෙයි.. හෙහ් හේ...

      Delete
    2. පැයක් ඉඳගෙන උන්නා කියන කොටස වෙනස් කරන්න වෙයි වගේ. ඒක කීපදෙනෙක්ගෙන්ම හයිලයිට් වෙලා තියෙනවා

      Delete
    3. ගස්ලබ්බා කොහේද පැයක් එකදිගට ඉඳගෙන උන්නේ?

      Delete
  23. නියමයි. ඇත්තට මේ වගේ මිනිස්සුන්ට කී දෙනෙක් නම් අහුවෙනවද. ඒකෙන් ඇත්තටම අසරණ වුන මිනිස්සුන්ට තමා පාඩුවක් වෙන්නෙ. ලස්සනට ලියල තියෙනව.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම තැන්කූ වේවා මනා!

      Delete
  24. කොයි තරම් නම් ඔය වගේ මිනිස්සු අපේ ඇස්වලට වැලි ගහනවද..
    අපූරුයි නිර්මාණය.. අන්තිම ටික චුට්ටක් විතර අමු වැඩී වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි! අන්තිම කොටස අමුවෙන්ම ලිවීම නම් තනිකරම මගේ කම්මැලිකම.

      Delete
  25. ඇහැට වැලි ගහනවා කියන්නේ.. වෙනසක් නෑ. මිනිස්සු...
    හැබැයි හැම සතෙක්ම නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. ඒක සැබෑව නාඩි මලයා...

      Delete
  26. සන්දීරාගෙ අකමැති ලැයිස්තුව වැඩිවීම පුදුමයක් නෑ බං.උදාහරණයකට අකමැති රස්සාවක් කරමින් අකමැති නගරෙකට වෙලා කාලයක් ජීවත්වෙනකොට තමන්ගේ කැමැත්තට වඩ අකමැත්ත පොදිගැහෙන්න බලනවා..ඔය කවුළු වහන ලෙඩේට නම් මම අකමැතියි ඈ..ඇයි යකෝ ගිනිගහන මද්දහනේ කවුළු වහන් යන තට්ටෙ පෑදිච්ච, ආමි කට් කපපු උන්දැලත් ඉන්නවා කියහන්කෝ..මට එතකොට නම් මල! :D

    ඉයුජීන්ලා මටත් මුණ ගැහිලා තියෙනවා..මනෝරානීවම හෙව්වේ හැමදාම අහුවෙන සලඹයා ෂුවර් නැති සමනළයට වඩා හොඳ හින්ද වෙන්න පුළුවන්..මමත් එහෙම සලඹයෙක් වෙලා තියෙනවා හර්දය වස්තුව ඉටි වගේ වෙලා...:) උඹ අල්ලපු ප්‍රස්තුතය නියමයි..ඒක ගලපලා තියෙන හැටිය මරු හැබැයි මටත් හිතෙනවා සමහර තැන් තව චුට්ටක් රහ කරන්න තිබ්බය කියලා..:)

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කිව් වේවා තනියා අක්කෝ! මම ඉතින් තාම අමාරුවෙන් කතා ගලපන දරුවා වෙච්චි. අඩුපාඩු නම් එමට ඇති.

      මමත් සෑහෙන කාලයක් කරමුලින්ම අහුවුනා ඉයුජින්ලාට. දැන් නම් ටිකක් තෙම්පරාදු වෙලා ඉන්නෙ.

      Delete
  27. මේ සමාජේ ඉයුජීන්ලා වැඩියි,සන්දීරාලා අඩුයි.


    ReplyDelete
    Replies
    1. ඒකනේ සන්දීරා අද එක ඉයුජින් කෙනෙක්ට අහුවෙලා හෙට තව එක්කෙනෙක්ට අහුවෙන්නෙ.

      Delete
  28. මං උඹට කිව්වා වගේම හෙණයක් අන්තිමට වැදුණා ඉතිං!
    ^_^
    ආදරෙයි සන්දීරාට! <3 <3

    ReplyDelete
    Replies
    1. හී! හෙණ ගැසීමත් නරක නෑ නේ?
      :)
      සන්දීරා තමයි ස්ටාර් එක. උඹට සතුටුයි නේ?

      Delete
  29. කතාව පුරාම තියෙන්නේ අපේ සමාජේ එක එක විදියේ මිනිස්සුන්ගේ චරිත,,
    සංවේදී කම් මිනිස්සු පාවිච්චි කරන හැටි,, සංදිරා සල්ලි දුන්නු එක ඉයුජින් ව තවත් ස්ට්‍රොන්ග් කරලා,,
    නියමයි බස්සි

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කිව් වේවා ඔමා!! <3

      Delete
  30. අර ගී ද මෝපසං කියල ප්‍රංශුවෙක් හිටියනෙ... එයැයිව මතක් වුනානෙ මට.
    කෙටිකතාවක් කිව්වම මට නං මේ ඉයුජින් කලා වගෙ අතගාල අතගාල අතගාල අන්තිමට හොම්බට අණින එකක් වෙන්න ඕන මට නං.

    හුඟ වෙලෙට කියවන්න ලැබෙන්නෙ.... වතුර ලිපේ තිබ්බා, නටන කන් හිටියා, තේ කොළ දැම්මා, වතුර වක්කලා, කෝප්පෙට පෙරුවා සීනි දැම්මා බිව්වා.... වගේ කතන්දර නෙ. ඉඳහිට ඉන්නවා කට පුච්ච ගත්ත එකෙක්....!

    මේ ගී ගෙ දියමන්ති මාලෙ අග්ගිස්ස...
    At the end of ten years they had paid everything, everything, with the rates of usury and the accumulations of the compound interest.
    Madame Loisel looked old now. She had become the woman of impoverished households—strong and hard and rough. With frowsy hair, skirts askew and red hands, she talked loud while washing the floor with great swishes of water. But sometimes, when her husband was at the office, she sat down near the window and she thought of that gay evening of long ago, of that ball where she had been so beautiful and so admired.
    What would have happened if she had not lost that necklace? Who knows? who knows? How strange and changeful is life! How small a thing is needed to make or ruin us!
    But one Sunday, having gone to take a walk in the Champs Elysees to refresh herself after the labors of the week, she suddenly perceived a woman who was leading a child. It was Madame Forestier, still young, still beautiful, still charming.
    Madame Loisel felt moved. Should she speak to her? Yes, certainly. And now that she had paid, she would tell her all about it. Why not?
    She went up.
    "Good-day, Jeanne."
    The other, astonished to be familiarly addressed by this plain good-wife, did not recognize her at all and stammered:
    "But—madame!—I do not know—You must have mistaken."
    "No. I am Mathilde Loisel."
    Her friend uttered a cry.
    "Oh, my poor Mathilde! How you are changed!"
    "Yes, I have had a pretty hard life, since I last saw you, and great poverty—and that because of you!"
    "Of me! How so?"
    "Do you remember that diamond necklace you lent me to wear at the ministerial ball?"
    "Yes. Well?"
    "Well, I lost it."
    "What do you mean? You brought it back."
    "I brought you back another exactly like it. And it has taken us ten years to pay for it. You can understand that it was not easy for us, for us who had nothing. At last it is ended, and I am very glad."
    Madame Forestier had stopped.
    "You say that you bought a necklace of diamonds to replace mine?"
    "Yes. You never noticed it, then! They were very similar."
    And she smiled with a joy that was at once proud and ingenuous.
    Madame Forestier, deeply moved, took her hands.
    "Oh, my poor Mathilde! Why, my necklace was paste! It was worth at most only five hundred francs!"

    ReplyDelete
    Replies
    1. අප්පේ මෝපසාංගේ දියමන්ති මාලේ! මට කරන්ට් වද්දවාපු කතාවක්.

      මමත් ආසම කියවන එක්කෙනාව නලවලා නිදිකරවන අවසානෙකට ගෙනල්ලා එකපාරට හෙණයක් ගැහුවා වගේ අර අවසානය පුපුරවාහරින කතා වලට. මට නම් ඒවා ලිවීම අසීරුයි. අපේ "ඉවාන් පවුලූශා" ලියන කෙටිකතා සමහරක ඒ හෙණගහනාත්මක ගතිය උපරිමේට තියෙනවා.

      රෝල් ඩාල් ලියලා තියෙන "සීරියස් කෙටිකතා" කියෝලා තියෙනවද? ළමා කතා නෙමෙයි, වැඩිහිටියන්ට ලියපුවා. අන්න ඒවා අවසානෙට කරන්ට් වද්දනවා නෙමෙයි කෙලින්ම උස්සලා පොලවෙ ගහනවා. මං ආසම එක්කෙනෙක්.

      ගොඩාක් ස්තූතියි රන්සිරි අංකල් දිගම දිග කමෙන්ටුවට!

      Delete
  31. Replies
    1. නිර්මාණයක් වැඩිවැඩියෙන් කියවන අය අතරට යනකොට දැනෙන සතුට අපමණයි. ගොඩක් ස්තූතියි නෙලුං අජිත් අයියට!

      Delete
  32. මේක හරිම සංකීර්ණ ප්‍රශ්නයක් බස්සි.

    අපිත් මෙහේ කාත් කවුරුවත් නැතිව අසරණ වෙලා ඉන්න අපේ ලංකාවේ අය වෙනුවෙන් යමක් කරන්න "සහන" කියලා සංවිධානයක් පිහිටවලා තියෙනවා දැන් අවුරුදු 3ක විතර ඉඳන්. අපේ අරමුණ හදිස්සි අණතුරුවලට මුහුනපාල, හදිස්සියේ අසණීප වෙලා රෝහල් ගත වෙන, අන්තිමේදි තමන්ගේ රෝහල් ගාස්තු ගෙවා ගන්න බැරි, ආබාධිත වෙලා ලංකාවට යන්න ටිකට් එක ගන්න බැරිව අසරණ වෙන අයට පිහිට වෙන්න. අපි මේ වෙනකොට සෑහෙන දෙනෙක්ට පිහිට වෙලා තියෙනවා.

    මෙන්න මේ පේජ් එකට ගිහිල්ල බලන්න වැඩි විස්තර....

    https://www.facebook.com/SahanaUae

    මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන කොට අපිටත් ඔය වගේ නානාප්‍රකාර අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට ඇත්තමටම අසරණ වෙච්චි අය අපිට මුණ ගැසුනත්, අපි මේ කරන සද්කාර්‍යයෙන් අයුතු ලාභ ප්‍රයෝජන ගන්න සෙට් වෙන අයත් ඉන්නවා. ඇත්තටම උදව් අවශ්‍යය අය අඳුන ගන්න එක හරිම සංකීර්ණ ප්‍රශ්නයක් වෙලා.

    මම ඔය කිව්වේ ගොඩක්ම කෙටියෙන්. උදාහරණත් එක්ක වෙන වෙලාවක කියන්නම්. අපේ රටේ සමහර අය කරන ඒවා හිනා යන ඒවා, ඒත් ඒවට හිනා වෙලත් බෑ හිනා නොවිත් බෑ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඩුමි ලින්ක් එකට ඒක ගොඩක් හොඳ වැඩක්,,

      Delete
    2. මුලින්ම ලින්ක් එකට ගොඩක් ස්තූතියි දුමී!

      දුමීලා කරනවා වගේ සමාජ සත්කාරවලට කැමැත්තෙන් ඉදිරිපත්වෙන ගොඩක් දෙනා ඉන්නව දැන්. මොකද මසුරු මිනිස්සු ගොඩාක් අඩුයි දැන්. ඒත්, එහෙම බොක්කෙන්ම මේ වගේ දේවල් කරන මිනිස්සු අර වගේ රැවටීම්වලට අහු උනාට පස්සෙ සමාජය ගැන කලකිරිලා ඒවා අත්හැරලා දැමීම තමයි වෙන්නෙ. ඇත්තටම ඒක අවාසනාව. අන්තිමේදි ඒ වගේ කපටි මිනිස්සු නිසා ඇත්තටම අසරණ වුන අයටත් පිළිසරණක් නැතුව යනවා.

      තවත් දෙයක් තමයි, අපි ඇත්තටම අසරණ වුන කෙනෙක්ට කරන උදව් වලින් පැත්තක ඉන්න, වෙනමම පරපෝෂිතයෙක් පෝෂණය ලබන එක.

      ඇයි අසරණ මනුස්සයෙක්ට උදව්වක් කරන්න හදද්දි ඒ මනුස්සයා ගැන බොරු දාහක් විතර කියල ඒක වලක්වන එකත් විනෝදාංශය කරගත්තු කොට්ඨාශයක් ඉන්නවා.

      දුමීගෙ අත්දැකීම් ටික පෝස්ටුවක් විදියට එලියට එනවානම් ගොඩක් කැමතියි!

      Delete
  33. සක්විතිලාට අහු වෙන මිනිස්සු ඉන්න රටේ ඔහොම පොඩි දේකින් රැවටෙන එකත් අරුමයක් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත ඉතින්.

      Delete
  34. අඩේ බස්සි.... අපි පොඩි කාලෙ මේ විදිහට රුපියල් එකසිය පණහත් බැංකුවෙන් අරන් තියෙනවා.මට මතක් උනේ ඒක.කැශියර් එකේ හිටපු කෙනා ගිහින් මැනේජර්ගෙන් සයින් එකක් දාගෙන කෑශ් දීලා.කාඩ් එකෙන් ගන්න බැරි නිසයි එහෙම ගත්තෙ.
    ඉයුජින්ගෙ වැඩේට කට ඇරලා වංචාවක් කියන්න අමාරුයි.මොකද බිලියන් ගණන් එහෙ මෙහෙ කරන එකත් වැරැද්දක් නොවෙන රටක ඉන්න නිසා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මමනම් හිතන්නෙ බිලියනයක් ගන්න එක අපේ රටේ හොරකම් කැටගරියෙන් අයින් කරලා ඇත්තෙ. අවුලක් නෑ ඒත් යුද්දෙ දින්නනෙ.

      ඉතින් අෆ්ෆා ඒ ටී එම් එකෙන් රුපියල් සීයක් ගන්නත් පුලුවන් නේ.

      Delete
  35. කථාවෙ චරිත වලට දාලා තියෙන අපූරු නම් ටිකයි..සාමාන්‍යයෙන් කියවන්න නොලැබෙන උපමාව උපමේය ටිකයි මගේ සිත් ගත්තා. බොට දැන් බොගෙම කියලා හොඳ අනන්‍යතාවක් හැදිලා තියෙනවා. ලගදි කවුරු හරි ඒ විදියට ජනේලය ඇරියද කියලත් හිතෙනවා ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා අයියේ!

      හැක්! දවසක් හෙන තඩි ඩෑල් එකක් එහෙම කරන්න ගියා. කුඩේ උරුක් කරලා රවලා කුඩේ බෑග් එකට නොදා ඔඩොක්කුවෙන් තියාගත්තා ඒ ගමන. ඒ තඩියා සුටුස් ගාල නැගිටල වෙන සීට් එකකට මාරු උනා.

      Delete
  36. කතාව මගෙත් හිත ඇදගත්තා. සුළඟ කරන දේ හෙම ඉතාම නිර්මාණාත්මකයි. නමුත්...
    ඔව්, නමුත් එකක් තියෙනවා.
    මේ ඉයුජීන් මේ වගේ සුළු ගානක් වංචා කරන්න අච්චර වෙලා ඇමදාගෙන හිඳීමට අමතරව මෙන්න මේ ප්‍රශ්නත් මගේ ඔලුගෙඩියට ආවා.

    ඔය විදියට තව බැංකුවකට යන ඉයුජීන් ඉන් පස්සේ තවත් බැංකුවකට යයිද? එහෙම කරනවානම් මේ ගෑණිට බැංකු කීයක ගිණුම් සහ පරණ පාස්පොත් තියෙන්න පුළුවන්ද? ඒ එක්කම ගෑණි අද දවසෙ ඔහොම වංචා කරපු බැංකුවකට ආපහු ඉක්මනින්ම ඔය උවමනාවටම් යන්න බෑ නේද?

    අන්න ඒ ගැනත් තව පොඩ්ඩක් හිතුවා නම් මේ කතාව සර්ව සම්පූර්ණ වෙන්න තිබ්බා.

    I wanted this to be a constructive comment. Do you think it is?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. එතන වරදක් හා අතාත්වික බවක් තියෙනවා. වැරැද්දට අදාල constructive comments මම බොහොම කැමැත්තෙන් බාරගන්නවා. කොහොමත් මම ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නෙ අඩුපාඩු පෙන්වා දීම. ඒ වෙනුවෙන් ඩූඩ්ට බොහොම ස්තූතියි.

      හැබැයි ලංකාවේ මනුස්සයෙක්ට තියාගන්න පුලුවන් පාස්පොත් සංඛ්‍යාවේ සීමාවක් නැහැ මම දන්න විදියට. ඒත් මෙහෙම හොරකම් කිරිල්ල නං එපාවෙන වැඩක් තමයි නේද?

      Delete
  37. කතාවේ සිත්ගත්ත තැන් නම් ගොඩක් තියෙනවා. ඒ හින්ද සමස්තයක් විදියට කියන්නම්, ඇත්තටම හොඳ ප්‍රස්තුතයක් වටා ගෙතිච්ච හැඟීම්බර කතාවක්. වචන හැසිරවිල්ල නම් ඇත්තටම මගේ හිත ගත්ත. පොඩි අතාත්වික ගතියක් තිබ්බ අර ඩුඩ් කිව්වා වගේ. සමහර වෙලාවට පරණ කතාවක් ( මීට අවුරුදු 10-15 කට ) වගේ ලියවුනා නම් සල්ලි ගාන එතරම් අඩුවක් නොවෙන්න තිබ්බ. හැබැයි මම හිතන විදියට ඒකෙන් කතා රසය නම් අඩු වෙලා නැහැ.

    කමෝන් බස්සියෝ... ONE MORE!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි උපයෝ!!!

      Delete
  38. මගේ සියළු රෝග නිවාරණය උනා බස්සියා. මේක කියවත්දී ඇත්තටම මට මතක් උනා සෑහෙන සිදුවීම් පෙළක් එක සීරුවට. අපේ හිතහොඳ වැඩි වීම නිසාම අපි (අපි කිව්වට මොකෝ මම තමා ඉතිං ) අහු උන. ඒත් ඉතිං ඇන්දුනා කියලා හිතල උන් අපිට හිනා වේවි යනකොට තමයි කාල ඉන්න බැරිම. :)

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේ රැවටිලි සෑහෙන්න වෙලා තියෙනව දිලා. ඒ ගැන ඉතින් වෙනමම පෝස්ට් එකක් ලියන්න තරමට කතා තියෙනවා. වෙලාවක ලියල දාන්න ඕනෙ ලැජ්ජාව පැත්තකින් තියලා.

      Delete
  39. අපි රාග වයනවා අපි බයිලා නටනවා
    හිතුනොත් පෝය දාට සිලුත් ගන්නවා
    දනුත් බෙදනවා මස් මාළුත් කනවා ...
    බණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා ....

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ ...
    දෙව් විමන් වලින් බැහැලා ...
    සිව් දිගන්තයෙන් එතලා ....
    අපි ආවේ නැනේ ......

    අපි සන්ඩු කරනවා සාමය සොයා දුවනවා ..
    වරදක් තේරුණාම හිසත් නමනවා .....
    අපි දුකත් විඳිනවා සමහරු සැපත් විඳිනවා ..
    ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා ...

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ ...
    දෙව් විමන් වලින් බැහැලා ...
    සිව් දිගන්තයෙන් එතලා ....
    අපි ආවේ නැනේ ......

    අපි ප්‍රේම කරනවා අතරේ වෛය්ර කරනවා
    අඳුරේ වැටුනු වලේ දවල් වැටෙනවා
    කනුත් තියනවා හිතුනම ලනුත් අදිනවා
    බෙලිත් කැපෙනවා ඒවට බෙහෙත් තියෙනවා....

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ ...
    ඉරයි හඳයි පායන්නේ ...
    අපේ ලෝකේ පවතින්නේ ..
    අපේ මිනිස් හැඟුම් නිසානේ

    -ක්ලැරන්ස් විජේවර්ධන

    ReplyDelete
    Replies
    1. අන්න අද කලින් අහලම නැති සින්දුවක්!
      බොහොම ස්තූතියි සින්දු ඇනෝ!!

      Delete
  40. ඉතා අලංකාරව හා සංයමයෙන් ලියාගෙන ආ කතාව අවසානයේ ට්විස්ට් කරන්න ගොස් ෆේල් වී ඇත. උඹ මට බැන්නත් නගේ කතාව කියවද්දී සන්දිරා ගැනත් බස්සී ගැනත් (ඉයුජින් පැත්තකින් තිබ්බත්) තිබූ හැඟීම ට්විස්ට් එකෙන් ට්විස්ට් වී ගිය බව නොකියා නොමනාය.. අන්තිම කොටහා ඉවත් කලේනම් කතාව සුපිරිය. උපමා උපමේය හා රූපක බස්සී ස්පෙශල්ය. මතක තියා ගන් කතාවක් හැමවිටම තාත්ත්වික, යථාවාදී හෝ සත්‍යයම වීමට උවමනා නැත. ඒ ගැන මෙච්චර 'මඥ්ඥං කතා' ලියා ඇති උඹ මට වඩා හොඳින් දන්නවාය. ජය ශ්‍රී ය.

    ReplyDelete
    Replies
    1. හික්ස්! මොකටෑ බනින්නෙ?
      බොහොමත්ම ස්තූතියි කලා!
      ට්විස්ට් එක ෆේල් වූ බව ඇත්තය. කතාව සමස්තයක් ලෙස ෆේල් බවද බොහෝ අය කියනවාය.

      Delete
  41. අපේ පතල් වලට පුවක් ගස් හොයද්දි දවස් තුනක් ඇතුළත එකම පුවක් ගස් ටික පෙන්නලා සල්ලි ගත්තු කෙනෙක් හිටියා.මිනිහ ඉගෙන ගත්තු කෙනෙක්.මේ කතාව අම්ම දැන ගත්තම පරල වුණා.තාත්තා මාසෙකට පස්සෙ ඒකට අත්තර දුන්නා.

    “අර මනුස්සය ආයෙ අර විදිහට පුවක් ගස් විකුණන්නෙ නැහැ.ම් මාසෙ ඉදල ස්කෝලෙක උගන්නනවා.“

    මට නම් කතාවෙ අවුලක් පේන්නෙ මේ ටිකේ.වැඩි වගෙයි.

    //“ඇයි රුපියල් අටසීයක්?” කියන ප්‍රශ්ණෙ ඉදිරිපත් නොවීමම ලොකු සහනයක්.


    සන්දීරා විවේකාගාරයට ගිහින් ලහිලහියේ නෙත් ආලේපන සහ තොල් ආලේපන අලුත් කලා. මහත් තෘප්තියකින් ඇගේ හදවත ඉපිලෙන්නට අරන්.//

    අන්තිම සිද්ධියනම් ඉයුජින් ඉස්සරහ සන්දිරා ඉන්නව වගෙ වෙන බැංකුවක සිද්ධියක් ප්‍රති විකාශය වුණත් කමක් නැහැ.

    මට මේකෙන් පුංචි කෙටි චිත්‍රපටයක් ලියන්න හිතුණා.

    උමේ කතා මගේ ජීවිතයට ගොඩක් ළගයි වගේ දැනෙන්නෙ උඹ ජීවිත ගොඩක් ඇතුළතින් අතගාන අපූරු ලියන්නියක් නිසා.

    සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. අපි දවස ගානෙ කොයිතරම් නම් මෙහෙම මිනිස්සුන්ට රැවටෙනවද නිශ්මන් අයියේ? සමහර වෙලාවට මේ රැවටීමක්ද කියලා සැක හිතමින්ම, රැවටීම තෝරාගන්නව නෙ.

      බොහොමත්ම ස්තූතියි ඔයාගෙ අදහසට! අන්තිම ඡේදය අමු වැඩියි තමයි.

      Delete
  42. //හුළඟ හැමවෙලේම උත්සාහ කරන්නේ හෙයා ස්ප්‍රේ තවරලා එක්තැන් කරපු කෙහෙ කැරලි එකක් හරි ගලවලා නළලට ඇද දාන්න. ඒ වෙනුවෙන් හුළඟ විනාඩි ගණනාවක් එක සීරුවට මහන්සි වෙනවා. බැරිම තැන පරාජයේ ලැජ්ජාව වහගන්න හිතාගෙන ඇහැට වැලි අහුරක් ඉහලා පැනල යනවා.//

    මෙටික කියවද්දී හුලඟත් කතාව ඇතුලේ චරිතයක් වගේ දැනුන. ඒ කොටස හරිම ප්‍රාණවත්. ඒත් අවසානයට එද්දී නම් හිතුනේ එක්කෝ මට වෙරි නැත්නම් ඉයුජින්ට වෙරි ඇති කියල.

    ReplyDelete
    Replies
    1. කතාව මෝඩ පාටයි නේද අන්තිම වෙද්දි? :D

      Delete
    2. එහෙම නම් වෙනසක් පෙනුනේ නැ. අන්තිම ටිකත් ලා කහපාටින් තමයි මට පෙනුනේ. මගේ පෙනීමේ දෝෂයක් වෙන්න ඇති. :D :D

      Delete
  43. පි. කේ. ෆිල්ම් එකේ වයිෆ් හොස්පිටල් කිව්වා වගේ නේද අක්කේ ?

    ReplyDelete
  44. නුගේගොඩ ගුවන් පාලම ළග ඉන්නවා අංකල් කෙනෙක්. කුරුණෑගල බස් එකට යන්න සල්ලි නැතුව රුපියල් සීයක් ඉල්ල ගන්න. දැන් මාස ගාණක් තිස්සේ මට හම්බුවෙනවා. ඒත් ඉතිං එයාගේ වැරැද්දමත් කියන්න බෑ නේද? ජීවත්වෙන්න නම් තව මොනවා කරන්න ඕනද?

    ReplyDelete