හිතුවක්කාර දිය රැලි එක්ක දඟකරන දිග තෘණ පත්‍ර ගොන්නක් අතරින් අල්යෝෂා හිස එලියට දැම්මා. වතුරට වැටෙන හිරු කිරණ කණිකා උණුහුමයි. ප්‍රබෝධමත්.
අල්යෝෂා තෘණ පඳුරු අතරින් ඉදිරියට පිහිනා ගියා. ඔහුගේ වරල්වල පැටලුන තද කොල පැහැ දිගු පත්‍රයක් පීත්ත පටියක් වාගෙ ලෙලදෙමින් ඔහුත් සමගම ඉදිරියට ඇදුනා.
ගල් දෙබුක්කාවක් අතරින් පහළට ගලා හැලෙන දියකඳ පිරිසිදුයි. නැවුම් වා බුබුළු කැලතුන පැහැදිලි වතුර කරමල් හරහා ගලා යනකොට දැනෙන්නේ අමුතුම ප්‍රබෝධයක්. අල්යෝශා වරල් සලමින් නැවුම් වා බුබුලු අතරේ එහා මෙහා පාවුනා.
“අර බලන්න රිදී පාට!”
“ඉර එලියට දිළිහෙනවා…. ඔහ්! ඒ හැඩකාරයා”
ළමිස්සියන්ගේ හිනාව සීනු හඬක් මෙන් ඔහුගේ සවන් මත රැව් දුන්නා. ඒ හඬ ඇහුන නෑහුන ගානට ඔහු තමන්ගේ රිදී පාට වරල් නැටෙව්වෙ ආඩම්බරෙන්!
“ඒ බොරු ආඩම්බරකාරයෙක්!”
සිහින්, එහෙත් තියුනු හඬක් නැගුනා. අල්යෝශා තිගැස්සී ඒ දිහා බැලුවා.
සිහින්, එහෙත් තියුනු හඬක් නැගුනා. අල්යෝශා තිගැස්සී ඒ දිහා බැලුවා.
“කෙල්ලනේ යමල්ලා…. ඇයි උඹලා කාගෙවත් ආඩම්බර බලන්නේ?”
ඈ මාරියා, දිළිසෙන කලු පැහැ වරල් අග රතු සිහින් රේන්ද රටාව. මන බඳනා සුළු ගමන් ලතාව. දිය පහරට හොරා ඉදිරියට ඇදෙන ලාලිත්‍යය. අල්යෝශා බලන් උන්නේ ආසාවෙන්.
මොහොතක්වත් පමා නොවුනු අල්යෝශා ඈ පසුපස හඹා ගියා.
“කලු කෙල්ලේ, මානෙච්කා….. ඔහොම නැවතියන්!” ඔහු කෑ ගෑවා.
“මොකට නවතිනවද? උඹ ආඩම්බරකාර ඉලන්දාරියා…. මම උඹේ වරල් වල දිස්නයට රැවටේවි කියලා හිතුවද?”
මාරියා ඇගේ දිගු වරල් ගස්සමින් අඟර දඟර පෑවා.
මාරියා ඇගේ දිගු වරල් ගස්සමින් අඟර දඟර පෑවා.
“මානෙච්කා උඹේ වචන පිහි පාරවල් වගෙයි!
උඹ හැඩයි, තරුණයි, ආදරේ හිතෙනව.”
“මේ අහපන් අල්යෝශා, උඹට ලේසියෙන් මගේ හදවතට කිට්ටු වෙන්නට බැහැ. මගේ කැමැත්ත නිර්භය විප්ලවවාදියෙකුටයි. පුහු මාන්නක්කාරයෙක්ට නොවෙයි”
මාරියාගේ කටහඬ කිංකිණි රාවයක් වාගේ වතුරත් එක්ක මුහු වුනා.
“මාචෙන්කා කියාපන්, කලු කෙල්ලේ කියාපන්, උඹ වෙනුවෙන් මම මූදු හතක් උනත් තරණය කරන්නම්. ඈත මූදේ ඉන්න මහ තල්මසුන් එක්ක හරඹ කරන්නම්. උඹට වුවමනා මොනවාද?”
අල්යෝශා නොයිවසිල්ලෙන් මාරියා වටා රවුමට රවුමට පිහිනන්නට වුනා.
අල්යෝශා නොයිවසිල්ලෙන් මාරියා වටා රවුමට රවුමට පිහිනන්නට වුනා.
“හොඳා, මට හිතා බලන්න කාලයක් දීපන්.”
මාරියා ඇගේ රතු පාට මෝස්තර වැටුන හිස නටවමින් ඈතට පිහිනා ගියා.
අල්යෝශා සතුටින් ඉපිල ගියා. සුවඳ හමන මානිල් ලන්දේ එහා මෙහා පෙරැලෙන අතරේ ඔහු අනිත් යොවුනන් දිහා බැලුවේ ආඩම්බරෙන්. අහංකාර මාරියා සමග වදනක් බිණීම නිසාම ඔහුට මිතුරන්ගෙන් ලැබුන සැලකිල්ල තව තවත් වැඩි වුනා.
“අල්යෝශෙන්කා උඹ හරිම වාසනාවන්තයා!”
සුභපැතුම් හැම අතින්ම ගලා ගියා.
මේ අතරේ පුංචි තිත්ත පැටියෙක් නුහුරු බැල්මකින් වටපිට බලමින් හෙමින් සැරේ මානිල් ලන්දට කිට්ටු කලා. රෝල් කරපු කහ පාට කොලයක් උගේ අතේ.
“අල්යෝශා ලොකු අයියේ…. මා ගාව තියෙනවා උඹට දෙන්න යමක්.”
අල්යෝශා පැනපු ගමන් උදුරා ගත්තෙ පුංචි එකා අතේ තිවුන ලියමන. එහි පිණි බිංදු වැනි බෝල අකුරෙන් මෙහෙම ලියා තිවුනා.
“ආඩම්බර අල්යෝශා,
මට උඹේ හැඩ වැඩ වලින් පලක් නැහැ. මගේ හදවතේ ඉඩ තියෙන්නේ නියම විප්ලවවාදියෙකුටයි. උඹට පුලුවනිනම් දොළ පාර කෙළවර තියෙන උද්‍යානයේ විසාල තාප්පය තරණය කරලා එහෙ තියනවාය කියන දම්පාට පළිඟු කැටයක් මට ගෙනත් දීපන්. උඹේ හදවත නිර්භයද කියලා මට පෙන්නා දීපන්.
මේ,
හැඩකාර මාරියා."
අල්යෝශා සිහින් හඬින් සිවුරුහම් බාමින් කිහිප වතාවක් ලියමන කියෙව්වා. තීරණයකට එළඹි ආකාරයෙන් දෙනෙත් අඩවන් කරගෙන හිස තාලයට දෙපසට වැනුවා. පරෙස්සමට රෝල් කරගත් ලියමනත්, ප්‍රණීත පෙඳ පාසි ගොන්නකුත් ගමන් පැස තුල බහාගත් ඔහු තමන් වටේ හුන් මිතුරන් ඇමතුවා.
“හොඳ කොල්ලනේ මේ අහපල්ලා, මම පිටත්වෙනවා දොළපාර කෙළවර ඇති උද්‍යානය හොයාගෙන. උද්‍යානය ඇතුලෙ හැංගුන දම්පාට පළිඟු කැටයක් හොයාගෙන, මගේ සුන්දර මාරියාගෙන් මට ලැබුනා අභියෝගයක්.”
ඉන්පසුව ඔහු වරල් නටවමින් එක්වරම ගල් දෙබුක්කාව අතරින් පිටතට පිහිනා ගියා. රිදීපාට ඉරක්, වතුරේ කැළඹිල්ලක් එක්ක ඈතට, තව තවත් ඈතට ඇදෙනවා යාන්තම් පෙනී නොපෙනී ගියා.
බස්සි ලියූ වෙනත් 'සත්තු - කතා'
1. කෝ බොලව් මගෙ චීස්?
2. බළලෙකුගේ පරමාධිපත්‍යය
මේක නම් බොලේ හිත ඇදෙන කතාවක්..... පීනාගෙන පලයන් අල්යෝෂා.... උඹ නම් හැබෑම ඉක්මන්කාරයෙක්!
ReplyDeleteඔය වයසේ කොල්ලො මහ කලබලකාරයො උපයෝ..
Deleteමේහ් එව්වායින් වැඩක් නෑ! වහාම අර හොම්මනට බය වුන කතාවෙ දෙවෙනි කොටස දාන්න. අපි මේ එදා බය වුන පාර තාමත් එහෙමමයි!
ලස්සනයි... ඉතිරියත් බලමුකෝ...
ReplyDeleteස්තූතියි තරූ අක්කා. ඉතිරියත් ළඟදීම එනවා.
Deleteඅපි බලමුකෝ අල්යෝෂා නියම විප්ලවකාරයෙක් වේවිද කියලා..ලස්සනයි බස්සි අක්කෝ.මට කාටුන් එකක් වගේ මැවුනා.
ReplyDeleteබොහොම ස්තූතියි දිලා...!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සනයි කතාව ... ආදරය වෙනුවෙන් අල්යෝශා ඒ අහියෝගන භාර ගත්තා එහෙනම්.. බලමුකෝ...
ReplyDeleteස්තූතියි තුශානි නංගෝ...
Deleteඋබට නම් තියෙන්නේ නියම හැකියාවක් පස්සියේ
ReplyDeleteඈ යකූ! මකසියා මට හිතලාමද මන්දා පස්සි කිවුවෙ. :P
Deleteහා හා
Deleteහිකිස්......... නැති එකමයි කියලා තියෙන්නේ
Deleteඒකනේ. දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක මම ඒ විස්තරේ කියවන්න යන පාර පෙන්නලා විජට් එකකුත් එල්ලුවා.
Delete//උඹට පුලුවනිනම් දොළ පාර කෙළවර තියෙන උද්‍යානයේ විසාල තාප්පය තරණය කරලා එහෙ තියනවාය කියන දම්පාට පළිඟු කැටයක් මට ගෙනත් දීපන්. //
ReplyDeleteඅසාදාරනයි.කෙල්ලො ගාව තියෙන්නෙ ඉල්ලිම්මයි. >_<
බස්සිත් ඔහොම්මලු චාමික ... : D : D
Deleteඑවුවා සමහර වෙලාවට අපූරුවට සාධාරණීකරණය කරන්න පුලුවන් ඉල්ලීම් ලු.
Deleteඔව් .. ඔව් .. කෙල්ලො ආදරණීය වදයක් වෙනවට කොල්ලොත් මනාපයි(ලු ) ඕං .. හිසරදයක් නොවී ...
Deleteමාත් අහල තියෙනවලු ඔය කතාව!
Delete//“මානෙච්කා උඹේ වචන පිහි පාරවල් වගෙයි!
ReplyDeleteඋඹ හැඩයි, තරුණයි, ආදරේ හිතෙනව.”// මීට කලින් ආත්මයක බස්සී මද මේ? :D
ලියවිල්ල අපූරුයි.. අල්යෝශා අභියෝගය ජය ගනීද? උපේක්ශාවෙන් බලා ඉමු. ජය ශ්‍රී!
මදැයි! බලමුකො බස්සි ඒ වගේද නැත්නම් වෙනස්ද කියලා. :)
Deleteතැන්කූ තැන්කූ කලා!
කථාව ලස්සනයි වගේ .. ( එහෙම නොවෙන්න හේතුවක් නැහැනේ ) ඊළඟ කෑල්ල තවත් රසවත් ...
ReplyDeleteබස්සියෝ ග්‍රහ මාරුවක්වත් උනාද ළගදී ... හැබැයි ඒකේ ප්‍රථිපල නම් හොඳයි. දිගටම පෝස්ට් වැටෙනවා ...
මේකනේ සඳරු සීන් කෝන් එක. කවි පෝස්ට් ගොඩක් ඩ්‍රාෆ්ට්වල තියෙනවා. ඒ වුනාට ගොඩක් අය කවිවලට ආසා නැති නිසා කවි ටිකක් එකදිගට ආපු ගමන් කතා ඉල්ලනවා. ඉතින් පෝස්ට් වැඩිවෙනවා.
Deleteකැටගරිය මොකක් උනත් මොකෝ, රස පෝස්ට් වැටෙනවනම් .. ඒකට චතුරංග බාත් රූම් එකට ගියා ගියාමයි, තාම ඒක ඇතුලෙද කොහේද ? ඉවාන් නම් යාන්තම් බ්ලොගේ මකුළු දැල් ටික කඩලා දැම්මා ..
Deleteඇත්තටම මාත් හිතන්නෙ ප්‍රියා තාම බාත් රූම් එකේ. ඇතුලෙම නින්ද ගිහින්ද මන්දා.
Deleteසුදුස්සාට සුදුසු දෙය ලෙස ලැබුණු සම්මානයට මගේ මෙව්ව එකේ පතුලෙන්ම නැගෙන මෙව්ව එක!
ReplyDeleteබොහොම ස්තූතියි මධූ!!
Deleteසම්මානයට උණු (කෝපි ) සුභ පැතුම්.
ReplyDeleteකවිවලටද කතාවලටද ලැබුණේ?
බොහොම ස්තූතියි ප්‍රා!
Deleteනෙලුම් යාය සම්මානය ලැබුනේ කවියකට.
උපරිමයි... මේකටනම් කියන්න වදන් නැත... යෝධයෙක්ගේ ලිවිල්ලක්... :) ඉතුරු කොටසුත් ඉක්මණින් බලමු...
ReplyDeleteබොහොම ස්තූතියි බීට්ල්! ඉතිරි කොටස් ඉක්මනින්ම පල කරන්නම්!
Deleteජනාධිපතිවරණ කථා එපාවෙලා ඉන්න වෙලාවක කියවන්න හරවත් දෙයක් දීම ගැන ස්තුතියි.
ReplyDeleteස්තූතියි විචා තුමා... :)
Deleteතාම ඉවර නෑ දේශපාලන මඩ ගහ ගැනිලි. එපා වෙනවා.
නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
ReplyDeleteසරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්
තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින්
සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින්
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
හා විදානේ!
Deleteඡන්දෙ දාන්න ගමේ ඇවිත් වගේ...!
කතාව පටන් ගත්ත විධියනම් හොඳයි. විප්ලවවාදියට ගේම සෙට් වෙයි වගේ. බස්සි සොරි මරියා ඇවිල්ල විප්ලවවදියෝ අරහන් රුමතියක් එකක් කියල තමා ආරංචිය.
ReplyDeleteඔන්න ඔන්න ඉතින් අජිත් අංකල් නිවැරදි ප්‍රෙඩික්ෂන් දීලා කුතුහලී අප්සැට් කරනවනේ. කවුද දන්නේ මාරියා විප්ලවකාරයින්ට ආදරේ කරන්න පුරුදුවේවිද කියලා!
Deleteකෙල්ලො ඔහොම්මමයි අල්යෝෂ ට බබා හම්බෙයි වගේ
ReplyDeleteපට්ට ලිවිල්ල ඈ
අපිව කොයිල් කරන්නෙ නැතිව ඉවර කරන්ට වෙයි ඈ
ජයවේවා
බලමුකෝ බලමුකෝ මහියෝ...
Deleteනිවාඩුවට ගෙදර ගිහින් හිටිය නිසා ජාලෙ අතෑරලාම දැම්මා ඉතාම හදිසි කරුණකට රවුමක් ගහනවා ඇර.
ReplyDeleteආපහු ආපු ගමන්ම මේ මුට්ටිය දාලා බලද්දී වැටුනේ වතුරකටනේ. :D
ආපු ගමන් මේ පැත්තටත් ගොඩවුන එකට බොහොම ස්තූතියි ඩූඩ්!
Deleteදැන් ඉතින් අපිට ආයෙත් ඇන්ඩි කතා කියවන්න පුලුවන් වේවි නේද?
//"" ඔහ්! ඒ හැඩකාරයා "// කියලා කාලක් තිබා නේද ? එහෙනම් අල්යෝෂා නෙවෙයි පවුලූශා වෙන්න ඕන :P
ReplyDeleteපට්ටයි කියන්නම් දැනට , අනික් කෑල්ල දාපං... PNH බස්සි
හැක හැක හැක.
Deleteහැඩකාරයා?
කොහොමත් උඹ crush කෙල්ලො නිසා කාපු කටු වල හැටියට මෙතනට පවුලූශා කියල දැම්මත් අවුලක් නෑ නේන්නම්!
අනේ ඔව්...
Deleteතව ඩින්ගෙන් අර කුකුල්ලු මරණ මන්නය උස්සගෙන එකියක් දුවන් එනවා ඔය කියන 'හැඩකාර' පවුලුෂා පස්සෙන්.. හැක් !
මේක දාමු කෙටි කතා තරගෙකට . . :)
ReplyDeleteඑහෙම තරඟත් තියෙනවද මල්කොබා? තාම ලියල ඉවර නෑනෙ.
Delete