හෝරා කිහිපයකට පසු පිරිසිදු කිරීමේ සේවකයෝ කිහිපදෙනෙක් ටැංකිය අසලට ආවා. ඔවුන් මුලින්ම ජල පැලෑටි එකින් එක පරෙස්සමට ඉවත් කලා. අල්යෝශා විගහට සුදු පළිඟු කැබැල්ල මුව තුල රුවා ගත්තා. මලා වගේ පැත්ත වැටිලා උන්නා.
“අනේ අසරණ දුප්පතා.” එකෙක් අනෙකාට කිවුවා.
නිල් අත්වැසුම් දැමූ අතකින් අල්යෝශාව ඉහළට එසවුනා.
“ඌ මැරිල. හොඳටෝම මැරිල.” අනිත් සේවකයා හිස දෙපසට වනමින් කිවුවා.
ඉන් පස්සෙ ඒ විසාල පිරිසිදු කිරීම් සේවකයා අල්යෝශාව පුනීලාකාර නලයක් තුල බොහොම මෘදු ලෙස තැන්පත් කලා.
පුනීලාකාර නළය තුල කළු පැහැ වතුර වේගයෙන් පහළට ගලා ගියා. අල්යෝශා ඇස් ඇරියා. හාත්පස මහ අන්ධකාරයි. අල්යෝශාට සිහින් බියක් දැනුනා. ඒත් ඔහු පළිඟු කැටය ඉවත දැම්මේ නැහැ.
ලොකු ඉටි කොල කැබලි, කෑලි කැඩුනු ප්ලාස්ටික් බඳුන් සහ ඉරුනු රබර් අත්වැසුම් තමා පසු කර පහළට පාවී යනු අල්යෝශාට දැනුනා. දිගින් දිගටම පහළට, තව තවත් පහළට ගමන් කිරීම නිසා ඔහුගේ හිස බමන්නට වුනා.
කල්පයක් තරම් දිග කාලාන්තරයකින් පසු අල්යෝශාට ලා කහ පැහැ එළියක් පෙනෙන්නට වුනා. නළය තුල ජල ගලනයේ වේගය වැඩිවී එක්වරම ඔහුව පිටත අවකාශයට විසි කර දැමුණා.
අල්යෝශා සෑහෙන දුරක් ඈතට විසිවී ගියා. මහත දිය රැලි ඔහු පසුකර ඇදෙනවිට තමන් මේ ඉන්නේ පරණ දොළ පහරේම තවත් අපර දෙසට වන්නට බව ඔහුට වැටහුනා.
ඉතින් අල්යෝශා උඩහට පීනන්න ගත්තා. දවස් කීපයක් ගතවෙනකොට වතුරේ තිබුන පල් ගතිය, මඩ ගතිය පහව යනබව ඔහුට දැනෙන්න වුනා. කුණු වතුර එහා මෙහා යාම නිසා තුවාල වී තිබුන කරමල්වල අලුත් වතුර වැදෙනකොට ඔහුට දැනුනේ සියුම් රිදුමක් එක්ක එන පුදුමාකාර සැහැල්ලුවක්.
ආපහු ගමනේදි අල්යෝශාට දින ගනින්නත් අමතක වුනා. ඔහු ඒ තරමටම හෙම්බත් වෙලා. කොහොමත් විඩාබර වරල් සලමින් අමාරුවෙන් දොළපාර උඩහට එන්න අල්යෝශාට සෑහෙන කලක් ගත වෙන්න ඇති.
අන්තිමේදී අල්යෝශා අර ඉරත් එක්ක හාදකම් පවත්වන පරණ තැනිතලාව පහුකරමින් උන්නා. දොළ පාර දෙපස පිපුන කුඩා දම් පැහැ මල් වතුරට හිස ඔබාගෙන මුහුණු දොවනවා. පළාතම සුවඳයි. ඉතින් අල්යෝශාට විඩාව අමතක වෙලා මහ ප්‍රීතියක් දැනුනා. ඔහු මල් වලට හාදු දෙමින් එහෙ මෙහෙ පාවුනා.
ඉර පහළට බැහැලා අල්යෝශා දිහා බලන් උන්නා. ඔහු පළිඟු කැටය ඉහළට ඔසවලා ඉර එළියට ඇල්ලුවා. එක්වරම ඉර එළිය දහසක් එළි කිණිති වලට බිඳී ගියා. පලාතම එළියයි. දොළට නැමීගෙන හිටි මල්, මුහුණු ඔසවලා ඒ දිහා බලාගෙන උන්නා.
පළිඟුවෙන් පරාවර්ථනය වුන අලුත් හිරු රැස් අල්යෝශාගේ වරල් කෙලවර අමුතු දිලිසීමක් ඇති කලා. එයින් ඔහුට අමුතු ජවයක් ඇතිවුනා. ඒ විතරක්ද! පළිඟුව හරහා වැටුන හිරු කිරණ වැදිලා ඔහුගේ වරල් දැල්වෙන උල්කාපාතයක් තරමටම එළියක් විහිදෙවුවා.
ඉතින් අල්යෝශා වේගයෙන්, වඩවඩාත් වේගයෙන් පිහිනන්නට වුනා. අන්තිමේදි එක උදෑසනක ඔහු ආයෙමත් මානිල් ලන්දට ඇවිත් හිටියා.
“අල්යෝශා ඇවිත්! අපේ වීරයා ආයෙමත් ඇවිත්” තිත්ත පැටව් මග දෙපස එහා මෙහා පනිමින් මුලු මානිල් ලන්දම ඇහැරෙවුවා.
“අල්යෝශෙන්කා උඹ තමා මිනිහා”
“උඹ නම් හැබෑ වීරයෙක් කොල්ලෝ!”
හැම අතින්ම පැසසුම් ගලා ගියා. අල්යෝශා උද්දාමයෙන් යුතුව වටපිට බැලුවේ මාරියා පෙනෙන මානයක ඉන්නවාදැයි දැකගන්න.
“මානෙච්කා කොහෙද? හැඩකාර මානෙච්කා කොහේද?” අල්යෝශා මිතුරන්ගෙන් ඇහැවුවා.
“හොඳ කොල්ලෝ මේ අහපන්. මාරියා දැන් පදිංචිය මානිල් ලන්ද කෙලවරේ තිරිවාණ කන්ද පාමුල.”
“ඒත්, ඊට කලින් උඹට බලන්න වටින බටර් පාට අලුත් කෙල්ලෙක් ඉන්නවා.” කටකාර ඉලන්දාරියෙක් උස් හඬින් කීවා.
අල්යෝශාගේ එක කනකටවත් ඒ කතාව ඇහුනෙ නැහැ. ඔහු තිරිවාන කන්ද බලා පීනුවේ රිදී ඉරක් වගේ.
තිරිවාණා කන්ද පාමුල මාරියා හිනාවෙවී මග බලාගෙන ඉන්නවා. අල්යෝශාට බොහොම සතුටු හිතුනා. ඔහු ළඟට එනකම් මාරියා ඔහුව අඳුනාගත්ත බවක් පෙනෙන්නට තිබුනේ නැහැ. ඉතින් අල්යෝශා ඈ ළඟටම ඇවිදින් සුදු පළිඟු කැටය ඈ වෙත පෑවා.
“මානෙච්කා මේ බලපන්! මම උඹ වෙනුවෙන් පළිඟු කැටයක් අරන් ආවා. උද්‍යානයේ දම් පාට පළිඟු කැට නැහැ. මේ අහපන්, මම නිර්භය විප්ලවවාදියෙක්. ඒක එහෙම නේද?”
අල්යෝශා ඈ වටා රවුමට රවුමට පිහිනමින් එක හුස්මට කියාගෙන යන්න වුනා.
“උඹ මේ මොනවද කියන්නේ අල්යෝශා!” ඈ පුදුමෙන් වගේ ඇහැවුවා. “සුදු පළිඟු මට මොන වුවමනාවකටද!”
තෘණ පත්‍ර අතරින් අළු පැහැ රැවුල්කාර මාළුවෙක් වරල් නටවමින් ඔවුන් අසලට ආවා.
“අහා මේ අර තරුණ අල්යෝශා නෙවෙද? උඹ මෙහෙ කරන්නේ මොනවාද?” ඌ ඇහුවා.
“මට සමාවෙන්න. උඹ කවුදැයි මට මතකයක් නැහැ?” අල්යෝශා හිස පැත්තකට ඇල කලා.
“මම මීෂා. මේ මගේ බිරින්දෑ මාරියා.”
අල්යෝශා ඇස් කැරකෙවුවා. රැවුල නැටෙවුවා. ඌට දැනුනෙ මහා හිස් බවක්. ඒ අතරේ අළු පාට මහත මාළුවා අල්යෝශා දිහා පුදුමයෙන් බලා උන්නා.
අන්තිමේ අල්යෝශා මුකුත් නොකියාම ආපහු හැරුනා.
“කලු කෙල්ලේ මානෙච්කා. පොඩියකට මෙහෙ වරෙන්” ඔහු නැවතී මාරියාට හිස සැලුවා. “අර ඉන්න අළු පාට තරබාරුවාගේ එක හොඳ විශේෂත්වයක් මට පෙන්නා දියන්.”
මාරියාගේ ඇස් ආඩම්බරෙන් සිහින් වුනා. “එයාගෙ වරල්වල තියෙන රතු තිත් රටාව හරිම හැඩයි, නැද්ද?” ඈ ඇහුවා.
“ඇරත් මේ තිරිවානා කන්දම එයාගෙ.”
~ ඉවරයි ~
අන්න නියමයි...!
ReplyDeleteඅල්යෝෂා වගේ ඉක්මන්කාරයින්ට වතුරෙත් ගොඩබිමත් දෙකෙහිදීම මොන පාට පළිගුවක් ගෙනෙන්නට උනත් යාම ගොන්කමක්.
Deleteඅහා මාරියා! උඹ නම් හැබෑම දක්ෂ එකියක්. කිසිම කරදරයකින් තොරව තමන් විප්ලවවාදියෙක් කියාගන්නා උන්ගෙන් ගැලවෙන්න දන්නා අපූරු සුත්තරකාරියක්. උඹ යවන ගමනක් කෙනෙක් ආයෙත් හරවා නොඑවන එක ගැන පමණක් කණගාටුයි. මොකද උන් කොහොමද ඒ ගැන අනිත් උන්ට කියන්නේ? කරදරකාර අල්යෝෂා වගේ උන් ඇරුණුකොට!
ආයෙත් උඹට කියන්නේ අල්යෝෂා.... මැරුණා වගේ ඉඳපන්!
බොහොම තැන්කූ වේවා උපයෝ මගේ මැටි කතා මේ තරම් ආසාවෙන් කියවනවට. හරිම සන්තෝසයි හොඳේ... :*
Deleteඅල්යෝශාට වෙන්නෙ ඉතින් මැරුනා වගේ ඉන්න තමා. අර අලුත් කෙල්ල පොකුණේ ඉඳන් දොළ පාර හොයාගෙන ආපු කෙනෙක් වෙන්න බැරිද? එයා ගැන තව ටිකක් ලියන්න හිතුනට ඉතින් මගේ කම්මැලිකම සේරටම වඩා ලොකුයිනෙ
DeleteCool Things Around The World http://nicevideozzz.blogspot.com/
(every day updating)
අයියෝ අල්යෝශා... දැන් ඉතින් ආයෙත් පලයන් උඹට පළිඟු කැටේ දුන්න ඒ ලොකු ඇස් හොයාගෙනවත්.
ReplyDeleteමටත් හිතෙන්නෙ දැන් අල්යෝශාට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ එච්චරයි. :)
Deleteදිග රසවත් කතාවක්. තවත් වෙනස් ඒවා ලියන්න
ReplyDeleteබොහොම ස්තූතියි මකසි.
Deleteපවු අසරණයා.. ගෑණු හින්ද නැහෙන්න වෙච්ච තවත් එකෙක්.. ඔච්චර ආදරෙන් බාධක ගොඩක් පහුකරගෙන ආපු කොල්ලටත් පිටුපාලනේ..
ReplyDelete“අයියෝ අල්යෝශා... දැන් ඉතින් ආයෙත් පලයන් උඹට පළිඟු කැටේ දුන්න ඒ ලොකු ඇස් හොයාගෙනවත්. “ මේක තමයි දැන් ඉතුරු වෙන්නෙ..
කතාවනම් ගොඩක් සෝයි බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි..
බොහොම ස්තූතියි ලක්! ඔවුව ඉතින් ඔහොම තමයි නේද!
Deleteදැන් ඉතින් කොහොමත් අල්යෝශාට මලා වගේ ඉන්න තමයි වෙන්නේ , නොමරා මරලනේ ,
ReplyDeleteබලාගෙන ගියාම මාළු කෑලිත් මනුස්ස කෑලි වගේ තමයි . වාසි තැනට පැන්නා.. :P
මේ කියන්නෙ මාලු කෑලි ගැන නේ. මනුස්ස කෑලි ගැන නෙමෙයිනේ... :P
Deleteඅල්යෝශාට දැන් මලාට හපන් වැඩක් වෙලා තියෙන්නෙ.
අවුලක් නෑ බොසා.. රට තොට බලාගත්තා කියලා හිත හදාගන්නවා !!! පණ කෙන්ද බේරුණා මදෑ .
Delete-- අල්යෝෂා --
මං දැක්ක හොඳම කමෙන්ට් එක පත්තරයෝ. හිනා වෙලා මැරෙන්ඩ යන්නෙ.
Deleteඅයියෝ..මට උනා වගේ.. ගොඩද දියද කියල වෙනසක් නෑ ගෑනු චපලයි මල්ලි.. ගනං ගන්න එපා.. අර බටර් පාට කෑල්ලටවත් දැන් ට්‍රයි කරපන්.. හැබැයි ඕනෙවට වඩා ඇඟට ගන්න එපා!.. ජය ශ්‍රී!
ReplyDeleteහැක හැක
Deleteතනි ඇහැට ඇඬෙනව නේද කලා?
Opps එය එසේ සිදුවිය.
ReplyDeleteඇයි බස්සියේ අල්යෝශාට මෙහෙම කලේ ? අහ්, බස්සිට දොස් කියලා වැඩක් තියේයෑ .. මානෙච්කා ( මාරියා ) කරපු වරදට ..........
කථාව ලස්සනයි බස්සියෝ .. ( සැඟවුණු උපදේශයකුත් තිබේ. බුද්ධිමතුන් එය වටහා ගනිත්වා .. : D : D )
ඒකනේ සඳරු. මගෙ වරදක් නෑ, මාරියා තමා වැරදි. :)
Deleteබොහොම ස්තූතියි දිග කතාවක් ඉවරවෙනකම් කියවන්න ආවට.
අග ඉඳන් මුලට කියවල එන්නම්..
ReplyDeleteහා හා කියවලාම එන්නකෝ එහෙනම්!
Deleteha ha
ReplyDeleteඒ මාළු කෙල්ලොත් අපේ සමහර කෙල්ලෝ වගේනේ . . .
ReplyDeleteඅපිනම් දන්නෙ නැහැලු ඔව්වා!
Deleteකොටස් හතරම එක දිගට කියෙව්වා. ලස්සනට ලියල තියෙනවා. ඒත් මම හිතුවෙ නෑනෙ අවසානෙට මෙහෙම වෙයි කියල. අපරාදෙ. තව තවත් මේ වගේ ලස්සන කතා ලියන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනව :). ජය වේවා!!!
ReplyDeleteබොහොම ස්තූතියි මනා... ආයෙමත් කොටස් කතාවක් ලියන්නම්කෝ නිවාඩු පාඩු වෙලාවක.
Deleteචැහ්.. පළිඟු මැණිකෙ කෙලිය තාප්පෙට !!!!
ReplyDeleteඅසාධාරණයි බොළ. මේ ලෝකෙ හරි කූරයි. ඕ යේස් !!!
ලෝකෙ කූරයි නේන්නම් බං. මනුස්ස ලෝකෙයි මාලු ලෝකෙයි කියල වෙනසක් නෑ
Deleteමොකද්ද බං මේ උනේ.. මං හිතුවේ මේවා වෙන්නේ අපිට විතරයි කියලා..
ReplyDeleteමොනා උනත් කතාව එල ඈ..
හා! ඔන්න උඹ කාලෙකට කලින් දුන්නු උපදෙස පිළිපැද්දා මං. පාඨකයා අවසානයේ කරකවා අතහැරීම.
Deleteතැන්කූ ඈ...
අහ්, ඒකද මේ?? එහෙනම් ඉතින් එක්සලනට් කියන්න තමා තියෙන්නේ.. මොකද උපදෙස දුන්න මමත් අතරමං උනානේ..
Deleteෂා... ඔයාගෙ හීන ලෝකෙයි මිනිස් ලෝකෙයි මරුවට ගලපලා,, නියමයි
ReplyDeleteතැන්කූ තැන්කූ සුසී!!
Deleteඑහෙත් එකයි මෙහෙත් එකයි කෙල්ලො කොහෙත් එකයි
ReplyDeleteහිහි
අන්න ඒකනේ... පරෙස්සමෙන් හිටාන් මහියෝ.... :D
Deleteවාව්... ලස්සන කතාවක්. මාවත් එයාලගෙම ලෝකෙට ගියා
ReplyDelete