Monday, January 12, 2015

රිදී පාට ආදරේ (2)






දොළ පාර කෙළවර ඇත්තේ කොහේදැයි කිසිවෙකුත් දැන හිටියේ නැහැ. ඉතින් අල්යෝශාට පාර අහගන්න කෙනෙකුත් නැහැ. ශාලියා ආච්චි අම්මාගේ පරණ මාලිමාව ඉල්ලාගෙන ආවානම් යන අතවත් තීරණය කරගන්නට තිබුණා නොවේදැයි අල්යෝශාට පසුතැවිල්ලක් ඇතිවුනා. ඒත් ඔහු ගමනට නම් විරාමයක් තිබ්බේ නැහැ.


හෝරා කිහිපයක් ගෙවුනට පස්සෙ අල්යෝශා දැක්කේ මින් පෙර කවදාවත් නොදුටු පුදුමාකාර දර්ශනයක්.


ඉර හෙමිහිට දොළ පාරට පහත් වෙනවා. පුංචි කාලෙ කතන්දර වල අසා තිබුන විදියට ඉර ගිනිබෝලයක් නම් තමන්ව දැන් දැන් දැවී යාවි නේදැයි අලොයෝශාට ලොකු බයක් දැනුනා. සිහින් වෙවුලුමක් සිරුර පුරා පැතිරී යනකොට ඔහු තෘණ පත්‍ර කැටියක් තුලට වැදුනේ වරල්වල රිදී පාට මැකී යාවියැයි බයෙන්.




ඒත් අල්යෝශා බලාපොරොත්තු වුන ආකාරයට දොළපහර ගිනියම් වුනේ නෑ. ඒ වෙනුවට අමුතුම සිසිලසක් දැනෙන්නට වුනා. ඈත ඈත ඈත කෙළවරෙන් ඉර තත්පරෙන් තත්පරේ වතුරට මුහුවෙමින් තිබුනා.




ඒ එක්කම තද දම්පැහැ කළුවරක් හාත්පස වෙලා ගත්තා.


“සමහරවිට, ඔව්. සමහරවිට මේ පලාතේ රාජකාරි සිද්ද වෙන්නෙ ඒ විදියට වෙන්න ඕනෙ.” අල්යෝශා තමන්ටම කියා ගත්තා.


ඔය විදියට අල්යෝශා දහවල් වරු අටකුත්, රෑ වරු හතකුත් ගමන් ගත්තා.

ගමන අතරතුරේ ඔහු බොහොම දේවල් ඉගෙන ගත්තා.


ඉර කියන්නේ වතුරේ දිය නොවෙන බෝලයක් බවත්. එය කරන්නේ මහන්සි දැනුන වෙලාවට ලෝකෙ කෙලවරකින් සැඟවී යාම පමණක් බවත් ඔහු අවබෝධ කරගත්තා. නිල් පාට දොළ පාර කෙළවරෙන් වගේම ස්ටෙප්ස් බිමේ කොල පාට තණ ඇතිරිය අතරිනුත් ඉර අතුරුදහන් වෙන්න පුලුවන්. ඉර හැංගෙන තැන තියෙන පුංචි දම්පාට තණකොල මල්වලට සීරීමක්වත් වෙලා නැති බවත් ඔහු දැක්කා.එහෙම වෙන්නේ ඉර ඔය කියන විදියේ ගිනි බෝලයක් වෙන්න බැරි නිසා යැයි ඔහු හිතා ගත්තා.


දොළ පාර කෙළවරට යන්න යන්න වතුරේ නිල අඩුවෙන බවත්, ගමන අසීරු බවත් ඔහු තේරුම් ගත්තා. තෘණ පත්‍ර තරම්ම සිහින් වුනත්, වතුරත් එක්ක ඇදී එන පාරදෘශ්‍ය කරදාසි ආහාරයට නුසුදුසු බවත්, තොල් වල සියුම් සීරුම් පහරවල් ඇතිකරන බවත් ඔහු වටහා ගත්තෙ අත්දැකීමෙන්මයි.


ඒ වගේම කකුළුවන් කියන්නේ මහා මාන්නක්කාර ජාතියක් බවත්. මී මැස්සන් කඩිසර ඕපාදූප කාරයන් බවත්, සමනළයන් පාට පාට පුයර තවරාගෙන ඔහේ ඇවිදින රස්තියාදුකාරයන් බවත් අල්යෝශා වටහා ගත්තා


මානිල් ලන්දෙන් රැගෙන ආ අන්තිම පෙඳ පාසි කැටියත් අහවර වුනාට පස්සෙ අල්යෝෂා ගල් පොත්තක දිගා වෙලා කල්පනා කරන්න ගත්තා. ඔහුට තරමක් වෙහෙසයි. ඒත් හැඩකාර මාරියා ගැන සිහිවෙනකොට ඒ විඩාව කොහේ ගියාදැයි හිතා ගන්න බැරි වුනා. ඉතින් ඔහු එක්වරම ඉදිරි පිම්මක් පැන වේගයෙන් අඩි ගණනක් ඉදිරියට පිහිනා ගියා.


එක්වරම හිතාගන්නත් බැරි වේගයෙන් පටු විවරයක් තුලින් තමන්ව පහළට ඇදී  යන බව අල්යෝශාට දැනුනා. තත්පර ගණනකදී ඔහුව වඩ වඩාත් පහළට ඇදී ගියා. ලොකු රවුම් දිය කැටිති වේගයෙන් ඔහුගේ කම්මුල්වල මාරුවෙන් මාරුවට වැදෙමින් ඈත්වෙමින් ඔහුත් එක්කම පහළ ඇදුනා.


අන්තිමේ සේරම නිශ්චල වුනා.


ඒ නිසංසල දිය කටාරයක්. එහි තැනින් තැන කුඩා කහ පැහැ පස්පෙති මල් පිපී සෙලැවෙමින් තිබුනා. මේ කොහොම තැනක්දැයි අල්යෝශා දැන හිටියේ නැහැ. ඉතින් ඌ පැහැදිලි දියතලය දෙබෑ කරමින් කුඩා මෝටර් බෝට්ටුවක් මෙන් ඉහා මෙහා පීනුවා.







දොළ පහරේදි දැනුන ප්‍රතිරෝධය මේ නිසල දිය කඩිත්ත තුල අතුරුදහන් වෙලා. ඒ නිසා අල්යෝශාට තමන්ගේ පිහිනුම් වේගය පාලනය කරගන්න අපහසු වුනා. ඉබාගාතේ වරල් ගසමින් අවිනිශ්චිත ලෙස ලිස්සා ගිය ඔහු දිය මත පාවෙමින් තිවුනු ජලජ ශාක ගොන්නක හිස පටලවාගෙන නැවතුනා.


කිහිප වරක් තදින් හිස ගස්සා ඉන් මිදුන අල්යෝශා දැක්කේ තමන් දිහා පුදුමයෙන් බලා ඉන්න පීරිසි වැනි විශාල විස්මිත දෑසක්.


“ඔහ්! ඔහොම බලන්න එපා!” ඔහුට කියැවුනා.


අධි තාරතාවයෙන් යුත් සිනා හඬක් වෘත්තාකාර කළුගල් බැම්මේ හැපෙමින් මහා දෝංකාරයක් ඇති කලා. ඒ හිනාව බෝවෙන සුලුයි. ඉතින් අල්යෝශාටත් ඉබේම මුවගට සිහින් සිනහවක් නැගුනා.


“ඒ මගේ ඇස්වල හැටි.” 

ඈ ඇහැක් ගසමින් කිවුවා.


“අලුත් ඉලන්දාරියා මේ අහපන්. ඔබේ වේගය බොහොම වැඩියි. උඹ දන්නවාද ඒක?” ඈ තවත් හිනාවක් අතරින් ඇහුවා.

අල්යෝශාට ආඩම්බර හිතුනා.


“ඒ මගේ විදිහ. ශක්තිමත්, තරුණ සහ වේගවත්. 
මම වෙනස්!” 

ඔහු වරල් ගස්සමින් ඈ ඉදිරියේ කුඩා කරණම් පිමි පැන්නා.


“මේ පොකුණ වටේටම ඇත්තේ කළුගලින් කල දැඩි තාප්පයක්. උඹේ ඔය ශක්තිමත් ආඩම්බරකාර ඔළුව එහි වැදුනොත් කුඩු වේවි.” 

ඈ ඇස් දෙක තවත් විශාල කරමින් කිවුවා.


“පරෙස්සම් වෙයන් ඉලන්දාරියා. උස් තාප්ප තිබුනට, කහපාට පස් පෙති මල් පිපුණට, වතුර නිසලව තිබුනට, පොකුණක්  කියන්නේ දොළක් තරම් සුන්දර තැනක් නෙමෙයි.”





මතු සබැඳි ~






බස්සි ලියූ වෙනත් 'සත්තු - කතා'


1. කෝ බොලව් මගෙ චීස්?

2. බළලෙකුගේ පරමාධිපත්‍යය










46 comments:

  1. තව කොටසක් තියෙනවද ?.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම! මට "මතු සම්බන්ධයි" කියලා දාන්න අමතක වෙලානෙ.

      Delete
    2. ඒකනෙ කියන්නෙ ඉතින්.උදේ පාන්දර කමෙන්ට් දාලා අපි නිකන් ලැජ්ජ වෙනවනේ මෙයාගෙ වැඩ වලින්.

      Delete
    3. අනේ සොරි ඇත්තටම මට ඒ කොටස දාන්න අමතක වෙලා.

      Delete
  2. ෂා..නියමට තේරැනා බෝක්කට වැදුනා නියම කතාව මාර ගැබුරැ අර්ථයක් තියන්නේ..(රෙද්ද.බම්බුව)

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා කියන්නේ නැද්ද බොල

      Delete
    2. බ්‍රෑන්ඩ් එකෙන්වත් අපිට මේ මට්ටමට මොලේ පෑදෙයිද?

      Delete
    3. තාම ඉවර නෑ යකූ. ඉවර උනාම බැනපම්.

      Delete
    4. ප්‍රා:
      කොයි මට්ටමටද? අල්යෝශාගෙ මට්ටමටද?

      Delete
    5. //කොයි මට්ටමටද? //

      අනේ ඒකවත් හිතාගන්න බෑ මිස්. යන්තම් කතාවෙන් කාලක්වත් තේරුම්ගන්න බ්‍රෑන්ඩ් එකෙන් කාලක්වත් ඕනෙ වෙයි.

      Delete
    6. ප්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    7. නැතුව නැතුව ඉවානයා එල ද බ්‍රා එකට මෙලෝ මගුලක් තේරැනේ නෑ

      Delete
    8. ඇයි යකුනේ තේරුන්නෑ කියන්නෙ. රචකයාට දුක හිතිල තියෙන්නෙ දැන්නම්.

      Delete
    9. අපොයි දුක හිතන්නනම් එපා.
      බලන්න කීදෙනෙක් දෙකක් දාගන්න ඇද්ද කියල මේක කියවල එන්ජෝයි කරන්න.

      I, personally, like being driven to drink by something as pleasant as this. :-D

      Delete
  3. පොකුණ වුනත් දොළ පාර වුනත් අවදානමේ වෙනසක් නෑ මම හිතන්නේ ...
    නොතේරුණි :(

    ReplyDelete
    Replies
    1. මටනම් අවදානම වැඩි පොකුණෙ.

      Delete
    2. අර මොකෑ ඒ බස්සි

      Delete
    3. "ප්‍රතිරෝධයක් නැති දිය කඩිත්තක් කියන්නේ මෙහෙම ඉක්මන්කාරයෙක්ගේ ඔළුගෙඩියක් පොඩිපට්ටම් කරන්න සමත් දෙයක්. "

      -මහාචාර්ය උපේක්ෂා කළබලමුදලි -

      Delete
    4. අඩෝව් .... කවුද ඩෝව් මගේ පට්ටම වැරදියට මෙතැන ලිව්වේ..???

      ආචාර්‍ය බොලව් ආචාර්‍ය !
      දැක්ක ගමන් මට හිතුන මගේ බඹා කොටලා තියෙන්නේ වටිනා වාසගමක කියල... අර රවියා මට උපදෙස් දීලා තියෙන්නේ හැමදාම බස් එකේ සිට් යට බලන්න කියල ඔය බඹා කොටලා බස් වල සිට් යටට විසුක්කා කරලා ඉන්න එකා හම්බෙයිද කියල... එකෙක් උන්නොත් මුලින්ම අහන්ට ඕනේ වාසගම... ටැංකියු ඈ !!

      Delete
  4. නියමයි.. ෙම්ෙක පලවෙනි කොටස කියෙව්වම මට මතක් උනේ ලොයිකො වයි රද්ද වයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිමුතු. ලොයිකො මගේ වීරයෙක්!

      Delete
  5. ප්‍රතිරෝධයක් නැති දිය කඩිත්තක් කියන්නේ මෙහෙම ඉක්මන්කාරයෙක්ගේ ඔළුගෙඩියක් පොඩිපට්ටම් කරන්න සමත් දෙයක්.

    කකුළුවන් ගැන නම් හිතාගත්තහැකි ... නමුත් සමනල්ලු, මීමැස්සෝ ගැන ඔතරම් ඉගැනුමක් අල්යෝශාට දුන්නේ කවුද බස්සියෝ? දිය ඇල්ලෙන් බිමට වැටුණු බවත්, තමුන් ඉන්නේ දියපාරට ආයෙත් ගොඩවදින්න ඉතාම අසීරු දියකඩිත්තක බව දැන් අල්යෝශාට තේරෙන්නේ කොහොමද බස්සියෝ?

    ආයෙත් කොටසක් ඇතැයි උපකල්පනය කරනවා.

    ReplyDelete
    Replies
    1. අල්යෝශා කියන්නේ වතුර ඇතුලෙම ඔලුව හංගාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි උපයෝ. ඉර හැංගෙන හැටි. මී මැස්සො පියාඹන හැටි, සමනල්ලු නටන හැටි බලන්න සැරෙන් සැරේ වතුරෙන් උඩට පැන පැන යන කලබලකාරයෙක්.

      වතුර ගලායන විදිය අනුව අල්යෝශා ඒක තේරුම් ගත්ත කියල හිතමු නේ. මාලුවෙක් නේ.

      මේ ඔයා මරු ඈ! කතන්දර සීයගෙන් කතන්දර අහන පොඩි එකෙක් වගේ. <3

      Delete
    2. ආ... ඌ එහෙනම් එහෙමත් කළා ඈ ??? තමුන්ගේ ගමන තියෙන්නේ වතුරේ උනත් ඌ හුස්ම අල්ලාගෙන උඩපනිමින් අහසේ වෙන්නේ මොනවාද කියලත් හෙව්වා...? ඌ තේරුම් ගත්තද විප්ලවය වතුරෙන් ඇරඹුවත් අහස ඒ දිහා බලාගෙන ඉඳීවි කියලත්?

      තමන්ගේ විදිහ ශක්තිමත් බවත්, වේගවත් බවත් කැටිවෙච්ච දෙයක් උනත් 'වෙනස්' කියල අල්යෝෂා හිතන්නේ මොකද බස්සියෝ? හැඩකාර මාරියා ඔහුව පන්නාගත්බව අල්යෝශාට තේරෙන්නට තව කොතරම් වෙලා යයිද බස්සියෝ? විප්ලවවාධියෙකුට ප්‍රතිරෝධයක් නැති පොකුණක ඇති විප්ලවය මොකක්ද කියල හිතෙන්නට තව වෙලා යයිද බස්සියෝ?

      මම ආසයි දැනගන්න... කෝ කෝ කියාදෙන්නකෝ

      දහවල් වරු අටක් හා රෑ හතක් ගෙවෙනකොට මඩවගුරු කීයක් පසුකරන්නට සිද්ධ උනාද කියලත්?

      Delete
    3. බුදු අම්මෝ මුන්දැට තියෙන ප්‍රශ්ණ ගොඩ! මට ප්‍රශ්ණ පත්තරයක් හදල හෙමීට මේල් එකක්වත් එවහං!

      Delete
  6. මට දැනුනේ මමත් වතුරේ පිනගෙන ගියා වගේ..බලමුකෝ ඉතිරියත්...

    ReplyDelete
  7. Replies
    1. තැන්කූ තැන්කූ කල්ප!!

      Delete
  8. මේක නිකන් අර හරි පුඉදුම ඉස්කෝලේ වගේ .
    දුව ! ඔබන හොඳ ලේඛන හැකියාවක් තියෙනවා . ඔබව මම අවසන්සිය දෙනා අතරට යෝජනා කරනවා . ඊළඟ වටයට යන්න ඕන නම් අනිත් කොටස් කොටලා දාන්න ඕන . එතකන් මෙන්න මගෙන් ඔයාට ගුණසිරි බුල්ටෝ එකක්

    ReplyDelete
    Replies
    1. අනේ නකෝ වයලා සුපර්ස්ටාර් ජජ් කරන්න ගිහින්.

      ඔව් සර්. ඔව් සර්. හොඳයි සර්. මං..., මං පිලිගන්නව සර්. ඔව් සර්. බොහොම ස්තූතියි සර්.

      Delete
    2. දුව ! ගුනසිරි බුලටෝ කනවානම් මම බොන්න සුදුසු බ්‍රෑන්ඩ් එක විදිහට ගල් යෝඡනා කරනවා..

      Delete
    3. හොඳයි සර්. තැන්ක්යූ සර්

      Delete
  9. Replies
    1. බොහොම ස්තූතියි මකසි!

      Delete
  10. අඩේ මරුනේ.. මට මේකේ පළවෙනි එක කියවන්න බැරි උනා.. හිටින් ඒකත් බලලා ඉන්නම් අනිත් කොටස කියවන්න..

    ReplyDelete
    Replies
    1. හිහී තැන්කූ තැන්කූ දිනේෂ් අයියේ... පළවෙනි කොටසත් බලලම එන්නකො එහෙනම්!

      Delete
  11. මේවා බැලුවම අපිටත් මාළු උනානම් හොදයි කියල හිතෙනවා :D

    ReplyDelete
    Replies
    1. අනේ එපා. කවුරුහරි බිලිබා ගනියි හොරාව.

      Delete
  12. අල්යෝශා වරල් ගස්සමින්, කරණම් පිමි ගහමින් වේගෙන් ගිය හැටි මැවිලා පෙනුනා.. නියමයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගියෝ...

      Delete
  13. හම්මේ
    ඉතුරු කොටහ එනකං මග බලං ඉන්නෙ
    ඉක්මණට දාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතින්. කවි පන්තියක් ලියපු එකක් තිබුනා ඊගාවට ඒක දාන්න කියල හැදුවෙ.

      Delete
  14. අල්යෝශා රූමත් මාරියා ගේ ලණුවක් කෑවාද නැත්නම් නොදැනුවත්කමින් මාරියා තම හිතගත් ආදරවන්තයා අමාරුවේ දැම්මාද? මොනව උනත් හැමදාම හැමතැනම වෙනවා වගේ අල්යෝශා නම් ගොඩයයි මාරියා තනිවෙයි වගේ.. කතාව එන්න එන්නම ඉන්ටෙරෙස්ටින් වෙනවා හරියට හින්දි මෙගාවක් වගේ.. එළ එළ.. ඔහොම යන් ඔහොම යන්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. //අල්යෝශා රූමත් මාරියා ගේ ලණුවක් කෑවාද නැත්නම් නොදැනුවත්කමින් මාරියා තම හිතගත් ආදරවන්තයා අමාරුවේ දැම්මාද?//

      මේ ... හඳහන්කාරයෙක් එහෙම....?

      Delete
  15. අප්පද බොල, මේක මට මිස් වුණා නෙව

    ReplyDelete