“මහ බක පණ්ඩිත ආඩම්බරකාරියක්. ඇසුත් ලොකුයි.” අල්යෝෂා මුහුණ අකුලාගෙන කල්පනා කලා.
එක්වරම නිසලව තිබුන ජල තලය මහත රැළි නැංවෙන්න වුනා. දොළ පාරේ මෙන් නොව ඒ මහත දිය රැළි හැම අතටම ගලායන්න වුනේ අල්යෝශාව මවිත කරවමින්.
හරියටම ඊට විනාඩියකට පසුව අල්යෝශා ඒ කළබල දියරැලි වලට හේතුව වටහා ගත්තා. සිහින් සිදුරු ඇති කේතු ආකාර කොළ පැහැ දැලක් පොකුණේ ඒ මේ අත පාවෙනකොට අල්යෝශා නුහුරු ලෙස වරල් ගසමින් පසුපසට පිහිනා ගියා.
ඔන්න. දැන් ඔහු ආරක්ෂාකාරී ලෙස සරුවට වැඩුනු ජලජ පැලෑටි ගොන්නක් තුල සැඟවිලා. අල්යෝශා සැනසුම් සුසුමක් හෙළමින් වටපිට බැලුවා
ආයෙමත් අර විසාල ඇස්! අල්යෝශා තිගැස්සී ආපස්සට පැන්නා.
“අල්යෝශෙන්කා මගෙ හොඳ කොල්ලෝ තව ඇතුලට වරෙන්. මගේ ළඟට වරෙන්. ඔය කොළපාට දැලට අහු වුනොත් උඹට ජීවිත කාලයක්ම හිරේ ලගින්නට වේවි.”
“ඔහේට නමක් තියෙනවද කහපාට ළමිස්සියේ?” අල්යෝශා ඇහැවුවා.
“මගේ නම උඹට වැදගත් නෑ. නමක් කියන්නේ කොහොමත් වැදගැම්මකට නැති දෙයක්. උඹ කැමතිනම් මට සාරා කියාපන්.”
‘ඈට පිස්සු. හොඳටෝම පිස්සු.’ අල්යෝශා කල්පනා කලා.
පොකුණ මැද්දේ රහස් තිප්පොලට වෙලා ඒ දෙන්නා බොහොම දේවල් කතාබහ කලා. දවල් වරු අටකටත්, රෑ වරු හතකටත් දුරින් තියෙන අහසේ පාට පැහැදිලි දොළපාර ගැනත්, එහි ඉන්න සුන්දර කළු කෙල්ල මාරියා ගැනත් අල්යෝශා බොහොම උනන්දුවෙන් විස්තර කලා.
“ඔහෝ! මං හිතුවා හරි. උඹ මහ ආඩම්බරකාරයා. විප්ලවවාදියෙක්ය කියනවා. හැබැයි නොමේරූ ඉක්මන්කාරයෙක්.” සාරා ඔලොක්කුවට හිනා වුනා.
“එහෙම කියන්ට එපා සාරොෂ්කා. මේ බලාපන් ඈව මතක් වෙනකොට මගේ පපුව උණුහුම් වෙන හැටි. මානිල් ලන්දටම ඉන්න එකම හැඩකාරිය තමයි මාරියා. ඈ වෙනුවෙන් මට කරන්නට බැරි දෙයක් නෑ.”
සාරා ඇස් බාගෙට හකුලුවාගෙන ඔහු දිහා බැලුවා. කරමල් පෙති නටවමින් විනාඩියක් දෙකක් එක එල්ලේම බලා උන්නා.
“එතකොට උඹ හොයන්නේ දම් පාට පළිඟුවක්?”
“ඔව්. ඈ කියන්නේ එහෙම”
“අල්යෝශෙන්කා” සාරා බොහොම හෙමින්, නමුත් දැඩි හඬකින් කියන්නට වුනා. “මෙහෙ තියන පළිඟු කැට දම්පාට නැහැ. ඒවා සුදු පාටයි.”
අල්යෝශා වරක් දෙවරක් තදින් හිස ගැසුවා. ඈ කියන්නේ බොරුවක් වෙන්නත් බැහැ. නමුත්, කොහොම නමුත් මාරියා පළිඟුවල පාට ගැන දන්නේ නැතුව ඇති. උතුරු කෙළවර ඉඳන් නිවාඩුවට මානිල් ලන්දට එන කටකාර මී මැස්සෙක්ගේ ඕපාදූපයක් ඈ ඕනෑවට වඩා හිතට ගත්තා වෙන්නත් පුලුවනි.
සාරා තවත් ලං වුනා. පොකුණ පතුලේ වූ විසිතුරු තිරිවාණ තට්ටුව එහෙ මෙහෙ කර ඈ අල්යෝශාව එතැනට ඇදගෙන ගියා.
ඒ ගලෙන් තැනූ ආභරණ පෙට්ටියක් වගේ තැනක්. එහි හැම අතරම සිහින් එළි කිණිති විසුරවන සුදු පැහැ ස්ඵටික පිරිලා තිබුනා.
“මේ මොනවද?” අල්යෝශා පුදුමයෙන් ඇහුවා.
“උඹ නම් හැබෑ මෝඩයෙක්! මම නොහිටියානම් උඹ පළිඟු අඳුනාගන්නේ කොහොමද?”
යලිත් වරක් නොහිතූ විදියට පොකුණේ ජලතලය කැලඹෙන්නට වුනා. අල්යෝශා කලබලෙන් එහෙ මෙහෙ බැලුවා. ඔහුගේ රිදී පැහැ වරලක් යමක පැටලෙනවා වාගේ දැනෙනකොට ඔහු හිටියේ කේතු ආකාර දැලක් ඇතුලෙ.
අල්යෝශාට ජීවිතේ කිසි දවසක නොදැනුන විදියේ මහ බයක් දැනුනා. ඔහු පිස්සුවෙන් වාගෙ දැලේ සිදුරුවලට පහාර දුන්නා. එතකොටම ඔහුට ඇහුනෙ සාරාගෙ කටහඬ.
“අල්යෝශා මගෙ හොඳ කොල්ලෝ, මේ අහපන්. දැලත් එක්ක පොරබදන්න එපා. උඹේ රිදී වරල් තුවාල වෙයි. පරෙස්සමට ඉඳපන්. මැරුනා වාගෙ ඉඳපන්.”
ඒ එක්කම වතුරෙන් උඩට ලොකු පිම්මක් පැන්න සාරා සුදු පැහැ පළිඟුවක් දැලේ සිදුරකින් ඇතුලට තල්ලු කලා. අල්යෝශා වහ වහා ඒ පළිඟු කැබැල්ල වරලක් යට සඟවා ගත්තා.
“සුභ ගමන් අල්යෝශා! උඹ වීරයෙක් නොවුනත් ඒ කිට්ටුවටම ආපු විප්ලවකාරයෙක්!” ඒත් එක්කම ඔහුට හුස්ම හිරකරන ගතියක් දැනුනා.
*********************
සිහිය එනකොට ඔහු උන්නේ කවාකාර වීදුරු ටැංකියක් ඇතුලේ. අපූරු රතු දුඹුරු පැහැ ඇට වර්ගයක් ටැංකිය පුරා පාවෙනවත්, එහි උන් අනිත් මාළුවෝ පොරකමින් ඒ ඇට අහුරු පිටින් මුවෙහි රුවා ගන්නවත් ඔහු දැක්කා.
ඉහල පාවෙමින් උන් බඩගිනි හමුදාවට මගහැරුණු රතු දුඹුරු ඇට කිහිපයක් අල්යෝශා හිටි තැනට හෙමින් ලං වුනා. යාන්තම් තොල් විවර කල ඔහු ඉන් එකක් හපා බැලුවා.
‘මහ පල් රහයි.’
දොළපාරට වඩා පොකුණ භයානක බවත්, පොකුණටත් වඩා මේ කුඩා වීදුරු ටැංකිය භයානක බවත් අල්යෝශාට හෙමින් හෙමින් වැටහෙන්න වුනා.
එතකොටම ඔහුට සිහි වුනා සාරොෂ්කාගේ අවවාදය.
“මලා වගේ ඉන්න!”
!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDelete:) :) :) :) :) :) :) :) :)
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඔහොම යං... ("එතකොටම ඔහුට සිරි වුනා" නෙමේ වෙන්න ඕනෙ මං හිතන්නෙ)
ReplyDeleteබොහොම ස්තූතියි! ඔන්න වැරදි හැදුවා රිප්ලයි කරන්න කලින්ම. පරක්කු උනාට සමාවෙන්න හොඳේ... :)
Deleteතවත් පට්ටම කතා පෙලක් බස්සිගෙන් :D නියමයි
ReplyDeleteබොහොම ස්තූතියි හොරෝ....
Deleteහිටින්නකෝ මුල ඉඳන් කියවල එනකම්....
ReplyDeleteකියෝල බලලා එන්නකෝ එහෙනම් කුරුට්ටියෝ...
Deleteඔක්කොමත් හරි මේකේ නම් කියවන්නනේ බං වැඩියෙන් වෙලා යන්නේ..
ReplyDeleteකතාව ගති..
හැක හැක
Deleteඋඹලව එහෙමවත් පොඩ්ඩක් අමාරුවෙ දාන්ට එපායැ.
බොහොම තැන්කූ ඈ...!
ඊළගට මොකක් වෙයිද කියල බලං ඉන්න එක තමා මහ එපාම කරපු වැඩේ...
ReplyDeleteඒකත් ඉක්මනට දාන්ඩෝ
අනිවා! හෙට අන්තිම කොටස දානවා.
Deleteඋඹ ගිය ආත්මේ අසාධාරනයට ලක්වී ,ටැංකිගත වූ මාලුවෙක් බව පෙනී යයි. එහෙනං මලා වගේ ඉඳලා බලන්න කියමු
ReplyDeleteපල පල.
Deleteඋඹ නම් ලබන ආත්මෙ අනිවා අසාධාරණේට ලක් වෙච්චි බළලෙක් වෙනවා. බොරුනම් බලපන්කො.
//ඒ එක්කම වතුරෙන් උඩට ලොකු පිම්මක් පැන්න මාරියා සුදු පැහැ පළිඟුවක් දැලේ සිදුරකින් ඇතුලට තල්ලු කලා.// මෙහි මාරියා නොවේ 'සාරා' වියයුතුයි නේද?
ReplyDelete//එතකොටම ඔහුට සිරි වුනා සාරොෂ්කාගේ අවවාදය. // 'සිහි' වෙන්න ඇති නේද?
වැරදි හෙව්වට දුක් වෙන්න එපා හරිද.. එකෙන් ගම්‍ය වෙන්නේ අපි අකුරක් නෑර මේක කියෝනවා කියලා නේ ...??
මට මතක් වෙන්නේ 'Finding Nemo' කියන movie එක. මම ඒ ගැන පෝස්ටුවක් ලියන්න තැවරී තැවරී ඉන්නවා මිසක්... කෝ ලියවෙන්නේ නැහැනේ!
අල්යෝෂා... මම උඹ ගැන දුක්වෙන්නේ නැහැ.. මොකද කොතරම් තේරුම් කලත් තමුන්ට සිද්දවෙනකල්ම සමහර විප්ලවකාරයෝ විස්වාස කරන්නේ නැහැ සමහර දුරදිග නොබලා කරන වැඩ! වඩා දුක්වෙන්න වටින්නේ ඔහොම ගොහිං ආපහු දොළපාරට නොඑන උඹ වගේ උන්ගෙන් දොළපාරේ ඉන්න උන්ට ගන්ට තියෙන ආදර්ශමත් කතාන්දර අඩුවෙන එක ගැනයි. කහපාට උනත්, පිරිසි වගේ ඇස්තියෙන මාළු ලමිස්සියෙක්ගෙන් ගන්ට පුළුවන් දේවල් උඹ අමතක කරපු එක තමයි වැරදි...
හිටින්කෝ කවාකාර ටැංකියේ උඹේ ඉරණම ලියා තිබුනේ මොන පාටටද කියල...
බොහොම ස්තූතියිබොහොම ස්තූතියි! ඔන්න වැරදි හැදුවා රිප්ලයි කරන්න කලින්ම. පරක්කු උනාට සමාවෙන්න හොඳේ...
Deleteඔන්න වැරදි හැදුවා රිප්ලයි කරන්න කලින්ම. පරක්කු උනාට සමාවෙන්න හොඳේ...
ඔහොම යන්
ReplyDeleteතැන්කූ මකසී!!
Deleteඋපේක්ෂා පෙන්නපු වැරදි දෙක හදන්න..
ReplyDeleteසාරෝෂ්කා (මං මේක කියෙව්වේ සාරා අක්කා කියලා හෙහ්.. හෙහ්..) ගේ අවවාදය.. මලා වගේ ඉන්න.. එතකොට වරල් යට හංග ගත්ත පළිඟුව.. හිත කොණක පුංචිම පුංචි බලාපොරොත්තුවක් ඇති කරනව.. ඊට වැඩිය මොකුත් කියන්නේ නෑ..
වැරදි හැදුව. පොඩ්ඩක් ඩිලේ උනාට සමාව බාජනේකට දාන්න ඈ!
Deleteඉතුරු ටික හෙටම බලමුකෝ නේද?
අයියෝ බස්සියෝ ... Mega Series ඔට්‍ටු නැහැ ...
ReplyDeleteතවත් බලා ඉන්න එපායෑ ඉතින් ... අපිට අල්යෝශා ට තරම්ව ත් ඉවසීමක් නැහැ අප්පා ...
හෙට හෙට. හෙට වෙනකම් සූට්ටිත්තක් ඉවසන්නකෝ...
Delete