ඩොමිනික් පුරු පුරු ගාමින් මවගේ සිරුරේ ඇතිල්ලුනේය. මහ බැළලියගේ රෝස පැහැ රළු දිවේ ස්පර්ශය උණුහුම් ය. පාන්දර හීතලට උගේ ලොම් කබාය පිම්බිලා ය. මවගේ සාත්තුවෙන් හැඩවුන තැඹිලි පැහැ ලොම් දිලිසෙන්නේ රිදී කෙඳිති මෙනි.
"ඩොමිනික් මගෙ ලොම්බෝලේ, අද පාඩමට ලෑස්තිද?" මහ බැළලිය රැවුල් කෙඳි නැටෙවුවාය.
ඉතින් ඩොමිනික් ශිල්ප උගැන්මට සූදානම්ය. සහෝදර සහෝදරියන් සියල්ලෝම එක එක ගොවිපළවල්වලින් රැගෙන ගිය නිසා දැන් ඩොමිනික් ඉගෙනගන්නේ තනියම ය. අම්මාගේ වලිගා කොනට පනිමින් පුරුදු වෙන ළඟ පිමි, කහ දුඹුරු පාට අඹ කොළ වලට පනින දුර පිමි, උස පැනුම්, දඟර පැනුම් සහ හිටි පැනුම් සියල්ලම ඩොමිනික් ඉගෙන ගත්තේ කජු කන්නා වාගේය.
ඒත් එදා මහ බැළලිය පිනුම් අභ්‍යාස ඉක්මනින්ම හමාර කලාය. මහ අඹගහ පහු කරමින් ඈතට, තවද ඈතට ඇවිද්දාය. පුලුන් කොට්ට පාද වලට පෑගෙන තණ පඳුරු වලින් හඬක් නොනැගින. බාගදා තෘණ පත් අතර අවදියෙන් හුන් කුරුමිණියෙකුට ඒ හඬ යාන්තමට ඇසෙන්නට ඇත. නෑසෙන්නටත් ඇත.
ඩොමිනික් අම්මාගේ වල්ගා කෙලවර පසුපස ඇදුනේය. මහ බැළලිය ගොවි ගෙදර ගේට්ටුවෙන් පිටතට රිංගුවේ අපහසුවෙන් වුවද ඩොමිනික් ඉතා පහසුවෙන් ගේට්ටුව යටින් වීදියට පිවිසුනේය. ඌ තවම ගැටවර බළලෙකි. යන්නේ කොහේදැයි අහන්නට ඩොමිනික්ට වුවමනාවක් තිබුනේද නැත. ටිකක් නවතිමුදැයි අහන්නට හිතනකොටම මහ බැළලිය වීදි කෙලවර නැවතුනාය.
"මෙහෙ වරෙන් ලොම්බෝලෙ, ලං වෙයන් තව ටිකක්" බැළලිය සිහින් කෙඳුරුම් හඬක් නැගුවාය.
"මම දැනන් හිටිය ඉතුරු වෙන එකා උඹ වේවි කියල. මම හදන්නෙ උඹට අපේ පරම්පරාවෙන් පැවතගෙන එන පුරාණ රහසක් එක්ක අන්තිම පාඩම උගන්නන්න."
ඩොමිනික් දෙකන් මදක් ඉදිරියට දිගු කළේ උනන්දුවෙනි. "රහසක් කියන්නේ රහ දෙයක් වියයුතුයි." ඌ සිතන්නට විය.
"බළලෙකුගේ පරම වගකීම කුමක්ද?"
මහ බැළලිය පපුව පිරෙන්නට හුස්මක් ගනිමින් ඇසුවාය.
"කරදරකාර කුරුකුට්ටං සත්ව ප්‍රජාවගෙන් ගොවිපළ මුදවා ගැනීම බළලෙකුගේ පරම වගකීම වේ."
ඩොමිනික් කටපාඩමෙන් පිළිතුරු දුන්නේය.
"කරදරකාර කුරුකුට්ටං සත්ව ප්‍රජාව උදාහරණ සහිතව පහදන්න"
"කරදරකාර කුරුකුට්ටං සත්ව ප්‍රජාව යනු, මීයන්, හූනන්, කැරපොත්තන්, හෝහපුට්ටන් හා දඩාවතේ යන හොරි බලු කුක්කන් වේ. මීයන් මේ අතරින් ප්‍රධානය."
"ගොවිපළ මුදවා ගැනීමට ප්‍රයෝජනයට ගන්නේ මොනවාද?"
"දික් වූ ද, උල් වූද රදනක දත්,
තියුණු වූ ද, ඝන වූ ද නිය පහුරු,
විචක්ෂණ වූද, අධි සංවේදී වූද සවන්,
දිවාලෝකයේද, නිශාන්ධකාරයේද දැල්වෙන ඇස්."
මහ බැළලිය ඩොමිනික් වෙත තවද ළං වූවාය. මවගේ හුස්ම වැදීමෙන් කන්පෙති මත වූ සිහින් ලොම් කෙඳි සෙලවෙන අන්දම ඌට දැනිණ. මහ බැළලිය මොළොක් හඬින් කෙඳිරුවාය.
"වැරදියි පුතා."
"මොනවා!" එය සිදුවිය නොහැක්කකි. ඩොමිනික් යනු පාඩම් වනපොත් කිරීමෙහි රුසියෙකි. වරදින්නට හැටියක් නැත.
"ගොවිපළ මුදවා ගැනීමට ප්‍රයෝජනයට ගන්නේ එක දෙයයි පුතා." මහ බැළලිය මිමිණුවාය.
"ඒ තමයි 'මීයො'!!!"
ඩොමිනික් කලබල කලේ නැත. ඌ තවද හරිබරි ගැසී හිඳගත්තේය. බාගදා අම්මා විහිලු කරනවා වෙන්නටත් පුළුවන.
"ගොවිපළ ආරක්ෂා කරනවා කියන එක අපි බළල්ලුන්ට කරන්න ලේසි වැඩක් නෙමෙයි. තනි බළලෙක්ට පුලුවන්ද නැහෙන්න ඔය හැටි. උඹලාගෙ සීයගෙ තාත්ත තමයි මුලින්ම ඕක කල්පනා කලේ. ඒකට කරන්න පුළුවන් මොනවාද, උන්දෑ දිවා රෑ නැතුව කල්පනා කලා ඒ ගැන.
අන්තිමේ ලැබුනා උත්තරේ.
ඒ තමයි මීයො!
අපි පත්කලා මී නිලධාරී මණ්ඩලයක්. ගොවිපලේ ආරක්ෂාවත්, පිරිසිදුකමත්, පිළිවෙලත් පවත්වාගෙන යන්න. නැට්ට දිග පොඩි එවුවො නෙමෙයි. ඔළුව ලොකු, ඉස්සරහ දත් දෙක උල් එවුවො.
බයවෙන්න දෙයක් නෑ ලොම්බෝලෙ. අපිට කරන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඒ තමයි මී නිළධාරි මණ්ඩලය පාලනය කරන එක. බැරිවෙලාවත් එකෙක් හරි සීමාවට පිටින් යනවනම්, මී නිළධාරියො ඒකට වගකියන්න ඕනෙ. උන් විනාස කරනව වදකාර හූනො, කැරපොත්තො, හෝහපුට්ටො, දඩාවතේ යන හොරි බලු කුක්කො හැම එකෙක්වම..."
"අම්මා"
ඩොමිනික් මෘදු ලෙස මහ බැළලියගේ දේශණයට බාධා කලේය.
"එතකොට සීමාව ඉක්මවා ගියොත් මී නිළධාරියො?"
මහ බැළලියගේ විසල් කළු ඉංගිරියා යුගලය දිලිසෙන්නට විය. ඈ සිය පුළුල් දිවෙන් එක්වරක්, සෙමෙන් ඩොමිනික්ගේ හිස පිරිමැද්දාය.
"මතක තියාගනින්, අපිට තමයි මීයන් පාලනය පිළිබඳ පරමාධිපත්‍යය හිමි. උන් අපේ සේවකයො. අපියි උන්ගෙ පාලකයො. අනවශ්‍ය උන්ව නිළයෙන් පහ කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ අපිට. වුවමනානම් කෑමට ගන්නත් පුලුවනි හොඳට වැඩුනු එකෙක් නම්." මහ බැළලිය රැවුල් ගස් නටවමින් කීවාය.
පෙරදිග අහස ලා රෝස පැහැයෙන් බබළයි. එළිය වැටෙන්නට ඇත්තේ විනාඩි ගණනකි.
"මගෙ ලොම්බෝලෙ උඹ දැන් ආපහු ගොවිපළට පලයං." බැළලිය ඩොමිනික්ගේ හිස අතගාමින් ඈත බලා උන්නාය. "දැන් මගේ විශ්‍රාමයට කාලෙ හරි."
ඩොමිනික් අවුල් සහගත දෑසින් මව දෙස බැලුවේය. ඌට මේ සිදුවීම් දාමය සම්පූර්ණයෙන්ම ආගන්තුක ය. ඒ නිසාම නැවත ගොවිපලට ගියවිට මේ දිගු බළල් සිහිනය නිමාවී වෙනදා වාගේම අවදි වෙන්නට හැකිවෙතැයි ඌ කල්පනා කලේය.
"ලොම්බෝලෙ!"
පිටත් වී යන ඩොමිනික් දෙස බලා මහ බැළලිය හඬ තැලුවාය.
"අමතක කරන්න එපා. පරමාධිපත්‍යය!!"
ඩොමිනික් එදා සිට ගොවිපලේ බළලා බවට පත්වූවේය. ඌ ගොවි දියණිය සමග හොඳටෝම යහළු වූවාය. ඒ යහළුකමේ තරම කොතෙක්ද යත්, ඌට ඉක්මනින්ම අලුත් රාජකාරියක් පැවරිණි.
ගොවි දියණිය ඩොමිනික්ව සුරතලුන්ගේ තරඟවලට ඉදිරිපත් කරන්නට පටන් ගත්තාය.
"හොඳම දඩයම් බළලා තේරීමේ තරඟය, දිගම වල්ගය හිමි බළලා, සිනිඳුම ලොම් කබාය සහිත බළලා, වසරේ වල්ගා විලාසිතාව ආදී මෙකී නොකී තරඟ අටෝරාසියකට මුහුණ දෙන්නට ඩොමිනික්ට සිදුවිය. තරඟවලින් ජයග්‍රහණය කරන්නට හැමදාම විලාසිතා කරන්නටත්, වෙහෙස නොවී පුෂ්ටිමත් වෙන්නට හොඳට කා බී නිදියන්නටත් ඌට සිදුවිය.
ඒ විතරක් නම් මදැයි, තරඟ වලින් ජයග්‍රහණ ලැබීමෙන් පසු පුවත්පත් සාකච්ඡා, රූපවාහිනී වාර්තා වැඩසටහන් ආදියට මූණ පෙන්වන්නට යන්න වීමෙන් ඩොමිනික් හොඳටම කාර්යබහුල බළලෙක් බවට පත් වූවේය.
ඉතින්, විය යුතු පරිද්දෙන්ම, ඩොමිනික්ට කරදරකාර කුරුකුට්ටං සත්ව ප්‍රජාවගෙන් ගොවිපළ මුදවා ගැනීමේ පරම වගකීම සහමුලින්ම අමතක වුනේය.
මී නිළධාරී මඬුල්ල ආරම්භයේදී ඩොමිනික්ට බිය වූහ. ඌ හොඳ පුෂ්ටිමත්, ආඩම්බරකාර බළලෙකි. නමුත් හොඳම ලොම් විලාසිතාව තේරීමේ තරඟයට ඉදිරිපත් වීම පිණිස ගොවි දියණිය උගේ ලොම් රෝස පැහැයෙන් වර්ණ ගැන්වූ දා සිට බොහෝ දේ වෙනස් වෙන්නට විය.
මුලින්ම සිදුවූයේ ඩොමිනික් කෙරෙහි වූ ගෞරවය පෙරදැරි කොටගත් බිය දියාරු වී යෑමයි. අනතුරුව ඩොමිනික් බැහැර ගිය දිනවල ගොවිගෙදර මුලුතැන්ගෙයින් චීස් පෙත්තක් දෙකක් අතුරුදහන් වන්නට වූයේ කුස්සි අම්මාට නොදැනෙන්නටය. මී නිළධාරී මඬුල්ල දිනෙන් දින තරවෙන බවත්, උන්ගේ ලොම් වඩාත් සිනිඳු, දිලිසෙන පැහැයකට හැරවෙන බවත් තැනින් තැන කටකතා පැතිරවූයේ හූනන්ය.
හූනන් විසින් ගොවිගෙදර වැට මායිමේ සිට කොඳුරන දූසමාන ආරංචි කන වැකුනේ කැරපොත්තන්ටය. ඔවුහු ස්වභාවයෙන්ම කට්ට වෙට්ට පිත්තල ගති ඇත්තෝ වූහ. ඊට දෙදිනකට පසු ගොම්මන් අඳුරට වහන් වූ කැරපොත්තන් යුවලක් සබන් රාක්ක භාර මී නිළධාරියා සමඟ කෙඳිරිලි හඬින් කෙරෙන සාකච්ඡාව අසන්නට ඩොමිනික්ට නොහැකි වූයේ ඌ අගනුවර සිට ගොවිගෙදරට දීර්ඝ ගමනක යෙදීමෙන් හොඳටෝම විඩාපත්ව නින්දට වැටී සිටි බැවිනි.
කාලයත් සමග මීයන් තවද තර වූහ. ඉඳහිට දිනෙක නිළධරයන් විසින් මී ළදැරියන් පැහැරගැනීම් ගැනද ඕපාදූප පැතිරෙන්නට විය. අස් හලට යාබද තණකොල ගොඩක් මත වැටී තිබුනු තරුණ මීයන් තිදෙනෙකුගේ කවන්ධයන් ගොවිරාළ විසින් පුලුස්සා දැමුවේ ඩොමිනික් ගැන උපන් පහන් හැඟුමෙනි. නමුත් කුස්සි අම්මා දිගින් දිගටම නොසන්සුන් වූවාය.
ඩොමිනික්ගේ රාත්‍රීන් වඩාත්, වඩවඩාත් දීර්ඝ විය. එබැවින් “ගැහැණු ගති ඇති රෝස බළලා” යැයි කොඳුරමින් මීයන් තමන් වටා දිවයන හඬ ඩොමිනික්ට නෑසිණ.
අන්තිමේදී පිපිරීම සිදුවූයේ බොහොම සාමාන්‍ය දිනයක නොසිතූ විරූ ලෙසටය. කොහොමත් ලෝකේ කාරණා කටයුතු සිද්දවෙන්නේ ඒ විදියටය.
ඩොමිනික්ට කාලාන්තරයකට පසු නිවාඩුවක් ලැබුනේ පළාත්සභා ඡන්දයක් නිසා විලාසිතා දැක්මක් අවලංගු වූ නිසාවෙනි. ඌ අලස ගමනින් මුලුතැන්ගෙය දෙසට ඇදුනේය.
“මෙන්න එනවා කම්මැලි බළල්ගෙඩියා.” ඩොමිනික් දෙස වරක් බැලූ කුස්සි අම්මා මුහුණ පුළුටු කරගෙන නෝක්කාඩු කීවාය.
“දැන්ද උඹට රාජකාරිය මතක් වුනේ?”
ඩොමිනික් සිහින් පුරුපුරු හඬක් නගමින් ඇගේ ගවොම් සායේ ඇතිල්ලුනේය. බාගදා ඈ අමනාපෙන් සිටින්නේ රොටී උවමනාවට වඩා කර වුන නිසා වෙන්නට පුළුවන. තව ටිකකින් ඈ චීස් පෙත්තකුත්, කිරි පීරිසියකුත් තමන්ගේ දෙපාමුල තබනවා ඇත. කුස්සි අම්මාගේ හැටි එහෙම ය.
එක්වරම මුස්න අතට ගත් කුස්සි අම්මා ගබඩා කාමරයේ දොර දෙසට මුස්නෙන් දමා ගැසුවාය. ඉලක්කය වැරදුන මුස්න පහර වැදී කිරි බෝතලයක් පෙරලින. සුදෝසුදු කිරි මුලුතැන්ගෙය පුරා ගලා යන්නට විය.
ඩොමිනික් එළිමහනට යන්නට හිතුවේය. බාගදා මේක දවසේ වැරැද්දක් වෙන්නට පුලුවන.
එක්වරම කුස්සි අම්මා ගිරිය යටින් හඬ තැලුවාය. අට ඉස්බක් උඩ විසිවුනු ඩොමිනික් ආපහු මුලුතැන්ගෙය දෙසට හැරුනේය. දුටු දසුනෙන් ඌ පුදුමයෙන් පුදුමයට පත් විය.
ඉහිරුණ කිරි බෝතලය වටා රැස්ව සිටියේ කරදරකාර කුරුකුට්ටං සත්ව හමුදාවකි. එහි මී නිළධාරීන් දෙදෙනෙක්, හූනන් සිවු දෙනෙක්, රතුපාට කැරපොත්තෙක් සහ හෝහපුට්ටන් විසි එක් දෙනෙක් වූහ.
“මියෑවෝහ්!!”
ඩොමිනික් නිය පහුරු විහිදා උන් මැදට පැන්නේය. සතතාභ්‍යාසයේ වටිනාකම සිහිකැඳවමින් ඌ අලගෙඩියක් මෙන් පෙරළී ගියේ හෝහපුට්ටන් අටදෙනෙක් තලා දමමිනි. උගේ ඇඟට යටවූ කැරපොත්තාට පාද දෙකක් අහිමිවූ අතර හූනන්ටද සුලු තුවාල සිදුවිය. මී නිළධරයෙක්ගේ ලොම් කබාය යන්තම් සීරුනා පමණි.
“වහාම කැඳවාපල්ලා මී නිළධාරී මණ්ඩලය!” ඩොමිනික් ගිගුරුවේය.
වැටීමෙන්ද, පෙරැලීමෙන්ද ඩොමිනික්ට අමාරුය. ඌ කුස්සි අම්මා ළඟ දැවටුනේ සුපුරුදු කිරි පීරිසිය ලබා ගැනීමේ අටියෙන්ය. ඒත් කුස්සි අම්මාට කන් දෙක රත් පැහැ ගැන්වෙන තරමටම කේන්ති ගොස් තිබුනි.
“අපොයි උඹ වගේ කම්මැලි බළල්ගෙඩියෙක්! කිරිත් දීපල්ලාකො තව මූට පීරිසියකට වඩම්මලා.” ඈ පුපුරා හැලුනාය. “ගිහින් මීයන්ව අල්ලගෙන කන්න පුරුදුවෙයන්. උන් දැන් මේ ගොවිපලට මහා වසංගතයක් වෙලා. අම්මපා මගෙ අම්ම මුත්ත කාලෙකවත් වෙලා නෑ මෙහෙම විනම්බෑසියක්.”
ගවොම් සාය වමතට කැටි කොටගත් ඈ පය ඔසවා ඩොමිනික්ව ඈතට තල්ලු කර දැමුවාය.
වී අටල්ල පිටුපස මී නිළධාරී මණ්ඩලය රැස් කකා සිටියහ. ගතවූ කාලය තුල නිළධරයන් ශරීර ප්‍රමාණයෙන් මෙන්ම සංඛ්‍යාවෙන්ද වැඩිවී තිබුනේය.
රතු පැහැයෙන් දිලිසෙන ඇස් ඇතිව ඩොමිනික් එක්වරම වී අටල්ල මත ප්‍රාදූර්භූත විය.
“මම පත් කරාපු විසිදෙනාගේ නිළධාරී මණ්ඩලය එකසිය දොළහක් දක්වා වැඩි වුන හැටි මුලින්ම පැහැදිලි කරපල්ලා.” ඩොමිනික් ගිගුරුවේය.
“සමාවෙන්න තුමනි.” මීයා පෙර මෙන් දෙකට නැමුනේ නැත. “රාජකාරි වැඩි වෙනකොට අපිට සිද්ද වුනා පවුල්වල ඇත්තන්ට, නෑදෑයන්ට එහෙමත් නිලතල බෙදාදෙන්ට.”
“හූනන්, කැරපොත්තන් සහ හෝහපුට්ටන් ගොවිපල සීමාවට ඇතුලුවීම පැහැදිලි කරපිය” ඩොමිනික්ගේ ස්වරය වඩාත් ගැඹුරු විය.
“අපි උන්වත් ගොවිපල පාලනයට හවුල් කරගත්තා තුමනි. සුලු ජාතීන් සඳහා නියෝජිතයන් පත් කිරීමෙන් ගොවිපලේ සාමය රැකෙනබව අපේ සමීක්ෂණයක ප්‍රතිඵල වලින් තහවුරු වුනා තුමනි.”
කොනකට වී කසුකුසු ගාන කහ පැහැ පුෂ්ටිමත් මීයෙක් ඩොමිනික්ගේ ඇස ගැටුනි. ඌ කුස්සියේ කිරි බෝතල් සිද්ධියේ චූදිතයෙක් බව ඩොමිනික්ට මතක් විය.
“උඹ වරෙන් ඉදිරියට.” ඩොමිනික් ඌ ඇමතුවේය.
මීයා උගේ තරබාරු සිරුර දෙපසට පද්දමින් ඉදිරියට ආවේය. ඌ ඩොමිනික්ගේ රෝස පැහැ වල්ගය දෙස හොරැහින් බලා ඇස් කැරකෙවුවේය. එහෙම කරන විට උගේ කට කොනක් අමුතු විදියට ඇදවී සිනහවෙන්නාක් වැනි පෙනුමක් ඇඳී තිබුනේය.
“මුලුතැන්ගෙයි කිරි බෝතල් සිද්දියට තමා වරදකරු ද? නිවැරදිකරුද? වහාම කියාපන්!” ඩොමිනික් කඩාපැන්නේය.
“නිවැරදිකරු තුමනි.” මීයා වගේ වගක් නැතුව දෙපසට පැද්දෙමින් කීවේය.
“වහා පැහැදිලි කරනු.”
“මගේ අධීක්ෂණය යටතේ පවතින කිරි බෝතලයක් මට විකුණගන්න බැරිනම් මම මීයෙක්ද තුමනි.” මීයා සමච්චල් සහගත සිනහවක් අතරින් කීවේය.
එතැන, ඒ ඇසිල්ලේ විසාල ලොම් බෝලයක වේගවත් ඉදිරි පිනිමත්, සිහින් ‘චීපියෝව් චීප්’ හඬකුත්, අඳුරු රතු දුඹුරු පැහැයත්, රුධිරයේ අප්‍රසන්න ගන්ධයත් එකකට එකක් පරයා ඉදිරියට නැගිනි. ඉන් මොහොතකට පසුව ඩොමිනික් පසෙකට වූ අතර උගේ දෙපා මුල මීයාගේ හිසත්, වල්ගා කොටයත් වැටී තිබුනි.
“තොපි නිසයි කුස්සි අම්මා මට කන්න බොන්න නොදෙන්නෙ.” ඩොමිනික් දත් විලිස්සා කෑ ගැසුවේය. “දැනගනියව්! මේ ගොවිපොලේ පරමාධිපත්‍ය ඇත්තේ මටයි.”
මීයෝ තරමක් නොසන්සුන් වූහ. උන් සිය තරබාරු සිරුරු සොලවමින් කවයක් සෑදුනහ. ඩොමිනික් අඩක් කා අවසාන වුන මී වල්ගය ලෑටිගාමින් ඒ දෙස බලා සිටියේ විමසුම් දෑසිනි.
මීයන් දෙදෙනෙක් ඉදිරියට ආහ. උන්ගෙන් එකෙකුගේ අතෙහි වූයේ රන්වන් පැහැ චීස් කුට්ටියකි. අනෙකා සුදෝසුදු කිරි බෝතලයක් ඉදිරි ගාත් වලින් පෙරලාගෙන ආවේය.
“ගරු ඩොමිනික් තුමනි!” ඔවුහු හිස නමා ආචාර කර එකත්පස්ව සිටගත්හ. “ඔබතුමා වෙනුවෙන් පුංචි තුටු පඬුරක් සූදානම් කලා.”
රන්වන් පැහැ චීස් කුට්ටිය දෙස බලන ඩොමිනික්ගේ දෑස දිලිසුනේය.
“උතුමාණන් මේ ගතකරන්නේ දීර්ඝ නිවාඩුවක් ද?” මී නායකයා රැවුල් ගස් නටවමින් ඇසීය.
“පොඩි විරාමයක් විතරයි බොල. බාගදා හෙට අනිද්දාම මට ආපහු යන්නට සිදුවේවි.” ඩොමිනික් තරමක් මෘදු, එහෙත් උදාරම් ලීලාවෙන් පැවසුවේය.
ඉතින් ඌ බඩපුරා චීස් කෑවේය. කිරි බෝතලයත් එක හුස්මට අහවර කලේය. රැවුල්ගස්වල තැවරුනු කිරි බිඳිති පිස දමාගන්නටත් කලියෙන් ඩොමිනික්ට අටල්ල මතදීම නින්ද ගියේ කාලාන්තරයකට පසු සිදුවූ ඇබැද්දි කන්දරාව හේතුවෙන් ඌ මැරෙන තරම් වෙහෙසට පත්ව සිටියේය.
අටල්ල උඩින් හූනන්ද, කැරපොත්තන්ද සරසර හඬ නගමින් එහා මෙහා දිව ගියහ. හෝහපුට්ටන් උණුසුම් වාතලය සිසාරා එහා මෙහා පියාසර කලහ. විසිර යාමට මත්තෙන් මීයෙක් දිව ඇද විසුලු මුහුණක් පෑවේය. සෙස්සෝ අතින් මුව වසාගෙන හඬ නොනැගෙන ලෙස සිනාසුනහ.
රන්වන් පැහැ සිහිනයක් තුල ඩොමිනික් චීස් කුට්ටියක් හාරා තනාගත් ඔරුවකින් සුදු දියර කිරි විලක ඈතට, තවතවත් ඈතට යාත්‍රා කරන්නට විය.
~ ඉ ව ර යි ~
ඇත්තටම කෙටි කතාවක්ද නැත්තන් හින්ට් එකක්ද?
ReplyDeleteඉංග්‍රිසි නම් නැතුව අපේ විදිහට ලියුව්වනම් තව හිතට වදිනවා.
ලියවිල්ල එල ද බ්‍රා
දෙකම නෙහ්..
Deleteහින්ට් එක නිර්මාණාත්මක ව දීල තියන එක තමා වටින්නේ. හැම දා ම වගේ මල් හත යි!
Deleteඋපහාසාත්මක යටි පෙලක් තියෙන කෙටිකතාවක් මෙන්ඩියෝ... සංචා ත් කියල තියෙනවා වගේ.
Deleteඩොමිනික් කියන්නේ රුසියානු නමක්. ඒකෙ තේරුම තමයි "දෙවියන් හා සමාන තැනැත්තා" කියන එක.
තැන්කූ කුරුට්ටියෝ... මොනතරම් කාර්යබහුල වුනත් මේ පැත්තට ඇවිත් යන්න එනවාට.
Deleteහොඳ්යි..
Deleteස්තූතියි!
Deleteරුසියානු පමනක් නොව බටහිර යුරෝපයේත් (වැඩිවශයෙන් කතෝලිකයන් අතර ) ජනප්‍රිය නමක්
Deleteකතාව නම් නියමයි Orwell's Animal Farm සිහිවුනා
ස්තූතියි ප්‍රා !!
Deleteමරු කතාව, සියුම් උපහාස නිසා තවත් රසවත්. සුබපැතුම් බස්සියට !!
ReplyDeleteබොහොම ස්තූතියි දිලා
Deleteබස්සි දන්නවද මියගිය බන්දුල විතානගේ මහත්තයා , ලංකාවේ බිහිවුණු වේදිකානාට්‍ය බොහොමයක් (විකට ලේබලයෙන එන ඒවාගැන මේ කියන්නේ ) අතරට සැබෑ ප්‍රහසන කලාව හඳුන්වා දෙන්නේ එතුමා , ඔහුගේ "රෝමය ගිනි ගනී " කියන වේදිකානාට්‍යය ප්‍රහසන කලාවේ මංසලකුණක් .
ReplyDeleteබස්සිගේ මේ කතාව කියවද්දී මට මතක් වුනේ ,ප්‍රහසන රචනයක් යනු මෙයමයි කියලා . මේක ලියලා තියෙන රුසියානු ආකෘතියට මම ගොඩක් කැමතියි. බස්සි "ලියෝ ටෝල්ස්ටෝයි ' ගේ නෑදෑයෙක්ද? :P
ගොඩක් ස්තූතියි ඉවාන්. කතාව යටින් කියන කතාව තේරුම් ගන්න අපහසු වෙයිදෝ කියලා සැකෙන් තමයි පබ්ලිෂ් කලෙත්. රුසියානු ආකෘතිය ඉතින් රුසියන් කතා පිස්සෙක් වුන මට හොඳටෝම සමීපයි නෙව.
Deleteනංගි නෙමෙයි මම එයැයිගෙ ආච්චි. ඕ යේස්. :P
බලාගෙන පරෙස්සමින් :P
ReplyDeleteඑසේය එසේය... :P :D
Deleteහැක්! දවසේ හීන් ටොක්ක.
ReplyDeleteපට්ටයි බස්සියො. (y)
බොහොම ස්තූතියි ප්‍රියෝ!!
Deleteඅඩේ මරු ඈ බස්සියො.. :D
ReplyDeleteබොහොම ස්තූතියි සංචා!!
Deleteලස්සන, නිර්මාණාත්මක කතාවක්. :)
ReplyDeleteබොහොම ස්තූතියි චන්දන අයියේ!!
Deleteඅද අනෝ කෙනෙක් කියලා මාතලන්ට බැන අඬගහලා තිබුනා ඔහේලව, ඉවාන්ලව අප් කරලා කතා කරනවට. මම මේ අභිඅනයෝගය කරන්නේ විවෘතව. මට කවුරුන් හෝ පෙන්වනම් බස්සි හා ඉවාන් ලියන කෙටි කතාවලට වඩා හොඳ කෙටි කතා තියෙන බ්ලොග් තියෙනවය කියලා. අනිවාර්යයෙන් මම කියවලා බලන්නම්. මම කියන්නේ සාම්ප්‍රදායික කෙහෙල්මල් නෙමෙයි.. මේ වගේ නැවුම් ආරක දේ..
ReplyDeleteබස්සි ඉදිරියෙන් ඉන්නේ.. බස්සිගේ සෑම පැත්තකටම විහිඳුන ටැලන්ට් එකක් තියෙන නිසා.. මේ කෙටි කතාව පට්ට.. මෙතන තියෙන හාස්‍යයය ඉතා ඉහලයි.. ව්‍යංගයෙන් කියනා දේ.. ඒ කියන්නේ බස්සි කියන දේ අනිත් අයට තේරුනාද කියන එකයි ප්‍රශ්ණය..
මී පුර වැසියෝ මතක් උනා.. ඩයි නාපු නරියත් මතක් උනා..
Deleteබොහොම ස්තූතියි මාතලන්!! මේ කමෙන්ට් වලින් ලැබෙන ඇගයීම ගොඩාක් වටිනවා.
Deleteඔය ඇරියස් කවර් කරගන්න එන ඇනෝලා කියන ඒවා කවුද ගනන් ගන්නෙ අනේ. මම ඉවාන්ටත් කිවුවෙ ඌට ඇනෝලා වැඩිපුරම බනින්නෙ සුපිරිම කතා කිහිපයක් එක දිගට පබ්ලිෂ් වෙන කාලෙට. අපේ සින්දු ඇනෝ, ආතල් ඇනෝ, යාලුවො මැරිච්ච ඇනෝ වගේ කට්ටිය බ්ලොග් මොනතරම් රසවත් කලත් අර කුහක ඇනෝලා ඇරියස් පිරිමහන්න ගිහින් මුලු ඇනෝ සංකල්පයම ගඳ ගස්සවනවා.
කියන්න හදන දේ තේරුම් ගත්තු පිරිසක් ඉන්නවා. ඒ ගැන සතුටුයි!!
මටනං හොදම කතාකාරයෝ තුන්දෙනා
Deleteබස්සි
ඉවාන්
දේශකය ( පුද්ගලයට එච්චර කැමැත්තක් නැතත් )
අතීතකාම කතාකාරයෝ
රවී
අරූ
තිලක
ස්තූතියි අටම් අයියේ. ඇයි අපේ දිනේෂ් අයිය සිරාම කතා කාරයෙක් නෙව.
Deleteහැක හැක දේශා කියන පුග්ගලයට කැමති නෑල්ලු මෙන්න. අපිත් එහෙමයි. :P :D
අපො ඔය දෙසකය කියන ගස් ගෙම්බ නම් ගෙදරකට ආවට වතුරටිකක්වත් බොන්න දන්නෙ නැ
Deleteඅන්න දමියා ඇරියස් එක අල්ලපං මෙතනම
Deleteඒයි බකබුස්සි මොකද බොල මේ පිටුවේ පාට වෙනස්කලේ , නාකි ඇස්වලට හරියට පේන්නැ .......නැ ...නැ මට නෙමෙයි ..............බං ............ඔය ..සරත්ල , ඩුඩ්ල , මාතලන්ල , එතකොට හැලපයල , දමිත් ගූවර්ධනය , පොට්ට නලිය , තිලක අංකල් කොහොමත් පොට්ටය ..............යකෝ මේකේ ඉන්න උන් බාගෙට බාගයක් බාගෙට පොට්ටයෝ , වැඩිය ඕන්නැ ලැජ්ජාවට නොකියුවට ඔය ඉන්න විස්සේ විසිපහේ කොල්ලෝ බාගයකටම ඇස්පේන්නේ නැ ..හරියට , බවලත්තියෝ ගැන නං කියන්ඩ යන්නැ , ....මොකටද නිකං ගුටි කන්නේ , ( ඇනෝ ප්‍රහාර කන්ඩ ඕනත් නැනේ බං ) ...........බොට හොදනං තියහං මටනං මේක අවුල්
Deleteඇයි බං මේක වෙලාවකට කලු පාටිනුයි තව වෙලාවකට සුදු පාටිනුයි පේන්නේ මෙන්න මේක ඒපාර පරන පාරටට හැරුනා , මොන රෙද්දක්ද මේ , ..........අනේ දරුවෝ සමා වෙයං
Deleteවෙනසක් කලේ නෑනෙ අටම් අයියේ. කොම්පීතරයා පිස්සුවක් කෙලින්න ඇති සමහරවිට.
Deleteනියමයි බස්සියෝ, කෙල්ලෙක් විදියට මටත් සතුටුයි ඔයා දැන් එලට ලියනවා ,,
ReplyDeletemsiaiq fl,kake;qj WU;a ,shmxflda''' yela yela
Deleteබොහොම ස්තූතියි ඔමා. විවේක වෙලාවට ඔයා ආපහු ලියන්න පටන් ගන්නවනම් වටිනවා.
Deleteවිදානේගේ රහස් කේත. මං කොටන්නේ කන්වර්ටර් එකක අනේ.
Delete//නියමයි බස්සියෝ, කෙල්ලෙක් විදියට මටත් සතුටුයි ඔයා දැන් එලට ලියනවා ,//
Deleteඋඹටත් එහෙම කාලයක් තිබුනා , නරකද පරණ පාරට ආයෙත් ආවොත්
දැන් ඉතින් කියන්ඩ එපා උඹත් එහෙමනේ කියල , මං කොහොමත් ගිය පාරෙම තමා , හැබැයි කාලෙකින් පාර පැත්තේ ආවේ නෑ , ගෙදරටම වෙලා හිටියා
අටම් @හ්ම්ම්, මන් උත්සහ කරනවා අයියේ , හිත නිදහස් නැහැ, මේ ටිකේ මං ටිකක් අවුලෙන් ඉන්නේ,
Deleteඇටසැකිල්ල වාගේ ඔටුන්න දාගෙන
ReplyDeleteරාජ සභාවේ අසුන බලා....
අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි ඔය එන්නේ
ඉඳපල්ලා නිෂ්ශබ්ද වෙලා...//
නුවණක්කාරගේ මොට්ටපාල...
මොට්ටපාල උඹ වැරදිකාරය ද
ඒබරං ගෙ කණ කැපුවාට
ඇත්ත නොකීවොත් කසෙන් ගහනවා
පේන තුරා හඳෙ ආවාට...
කොණ්ඩෙ කපද්දී බෙල්ල ඇල්ලුව ම
මිනිහට හංකිති කැවුණා
මිනිහ හිනා වී කලබල කෙරුව ම
දැළි පිහියට කණ කැපුණා...
බේගල් හාමුගේ සත්‍යපාල...
බේගල් හාමුගෙ සත්‍යපාල උඹ
නැන්සි අක්කලගෙ කුකුළා
මල්ලක දාගෙන ගියයි කියන්නේ
ඇත්ත ද අත්තටු හකුළා...
බේගල් හාමුගෙ සත්‍යපාල මම
එනමුත් කියන්නෙ ඇත්තයි
මම ඔය කුකුළව සොරකම් කෙරුවේ
නැන්සි අක්ක දැනුවත්වයි...
දෙපැත්තෙ කාරණ සළකල බලලයි
දෙන්නෙ තීන්දුව උදහස්
පැමිණිළිකරුවොයි වැරදිකාරයෝ
විත්තිකාරයෝ නිදහස්...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
//දෙපැත්තෙ කාරණ සළකල බලලයි
Deleteදෙන්නෙ තීන්දුව උදහස්
පැමිණිළිකරුවොයි වැරදිකාරයෝ
විත්තිකාරයෝ නිදහස්...//
මරු සින්දුව සින්දු ඇනෝ...
අප්පද බොල මේ අපේ බස්සිද.. කියලා වැඩක් නෑ බස්සි කාලෙකට පස්සේ කියවපු නියම කතාවක්
ReplyDeleteබොහොම ස්තූතියි ගන්දරයා...! ඕ යේස් මේ ඒ බස්සිම තමයි.
Deleteමරේ මරු ඈ!
ReplyDeleteබොහොම ස්තූතියි සහන්!
Deleteබස්සිගේ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා!!
කාර්යබහුල නිසා මම නම් කොමෙන්ට් කරන්නෙ අවශ්‍යම යැයි සිතුනම පමනයි.මේ කතාව මෑතක මම කියවපු හොඳම කතාව.බස්සිගෙ නිර්මානශීලීත්වය නම් පුදුමාකාරයි.මං මගෙ බ්ලොග් එක යාවත්කාලීන කරපු නැති කාලෙත් නොවරදවාම කියවපු බ්ලොග් එකක් තමයි බස්සිගෙ එක.
ReplyDeleteබොහොම ස්තූතියි යකා! කමෙන්ට් නොකලාට ඔයාල හැමදාම එනබව දන්නවා මොකද අඩිසටහන් (pageviews) තියලනෙ යන්නෙ.
Deleteඤාව් ඤාව් ඤාව් ඤාවෝ
ReplyDelete:P
Deleteදෙතුන් පාරක් කියෙව්වා.. රසය නියමයි..
ReplyDeleteසුභපැතම් බස්සි...
ජ ය වේ වා !!!
බොහොම ස්තූතියි විදානේ...
Deleteඈ බං බස්සි අක්කේ උඹටද පිස්සු මටද පිස්සු! දෙපාරක් විතර කියෙව්වා බං හැංගිච්ච ඩේ හොයාගන්න!
ReplyDeleteමටනම් කලින් ඉඳලම පිස්සු. උඹට කතාව තේරුම් ගියා කියන්නෙ උඹටත් මට වගේම පිස්සු. :D
Deleteනියමයි !!!
ReplyDeleteස්තූතියි දිමුතු !!!
Deleteහ්ම්................වැඩිකල් නොගිහින් මෙහෙත් ඩොමිනික්ලා හැදෙන බව පෙනෙනවා. ඒ වගේම මීයොත් දැනට වඩා වර්ධනය වෙයි. කුස්සිඅම්මලා හැමදාම කුස්සියට කොටු නොවී පාලනය අතට ගන්න බලනවානම් හොඳයි.
ReplyDeleteකුස්සි අම්මා මුස්න අතට ගත්තාට ඇයට පාලනය ගෙනියන්න පුලුවන් වෙයිද කියන එකයි ප්‍රශ්නෙ විචාරක තුමෝ...
Deleteබළල් තඩිකුට ලැබුණු පරමාධිපත්‍යය, එක ලැබෙන්නෙත් උගේ අම්මගෙන්, උගේ අම්මට උගේ සීයාගෙන්, සීයාට උගේ තාත්තාගෙන්, ඉතින් පරමාධිපත්‍යය අතින් අතට ඇවිත් තියෙන්නේ නිතැතින්ම පවුල් පාලනයක් තුලන්, හරියට මල්වට්ටියක් අතින් අත යනවා වගේ, එත් වැඩේ තියෙන්නේ එකට අතගහන්න හම්බ වෙන්නේ ඒ පවුලේ එවුන්ට විතරයි.
ReplyDelete//පරම්පරාවෙන් පැවතගෙන එන පුරාණ රහසක්// ඒ වගේම //උඹලාගෙ සීයගෙ තාත්ත තමයි මුලින්ම ඕක කල්පනා කලේ// කියන කොටස් හරහා පවුල් පාලනය නිකන්ම ඉස්මතු වෙනවා.
බැළලියට අන්තිමේදී ඉතුරු වෙන්නේ එකම එක බලල ගෙඩියෙක්, බැළලිය හීන දකින්නේ තමන්ගෙන් පස්සේ ඔටුන්න බළලාට දෙන්න, නිතැතින්ම ඔටුන්නත් හිමි වුනා කියමුකෝ, එතකොට මොකක්ද බැළලිය විධායක බලතල හිමි ඔටුන්න සමග පරම්පරාවෙන් ගොඩ නැගුනු පාලන ව්‍යුහය වන්නේ නිලධාරී මණ්ඩලයක්,
එතකොට විධායකේ පරම වගකීම වන්නේ //කරදරකාර කුරුකුට්ටං සත්ව ප්‍රජාවගෙන් ගොවිපළ මුදවා ගැනීම//
එතකොට ඒ විදායකේ ලක්ෂණ වෙන්නේ, එහෙමත් නැත්තන් බලතල වෙන්නේ
//"දික් වූ ද, උල් වූද රදනක දත්,
තියුණු වූ ද, ඝන වූ ද නිය පහුරු,
විචක්ෂණ වූද, අධි සංවේදී වූද සවන්,
දිවාලෝකයේද, නිශාන්ධකාරයේද දැල්වෙන ඇස්//
පාලන ව්‍යුහය වෙන්නේ 20ක නිලධාරී මණ්ඩලයක්, විධායකේ අධිකාරී බලය වෙන්නේ නැතිනම් සීමාව ඉක්මවා යන්නන් ගැන තීරණය වෙන්නේ මෙහෙම,
//"මතක තියාගනින්, අපිට තමයි මීයන් පාලනය පිළිබඳ පරමාධිපත්‍යය හිමි. උන් අපේ සේවකයො. අපියි උන්ගෙ පාලකයො. අනවශ්‍ය උන්ව නිළයෙන් පහ කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ අපිට. වුවමනානම් කෑමට ගන්නත් පුලුවනි හොඳට වැඩුනු එකෙක් නම්."//
හරි මේ සියල්ල කියලා දෙනකොට බලලියගේ කළු ඉංගිරියාව ලොකු වෙලා රවුල් ගස් නැටවෙනවා නේද? ඒ කියන්නේ ඒ තරම්ම විධායක බලතලත් එක්ක පුටුව රහයි කියන එක නේද, රස විඳපු එකාට කෑම ගැන කිව්වත් තොල කට ලෙව කැවෙනවලු.
හරි විධායකේ රටට ඕනා දේ, ජනයාට ඕනා දේ නොව සෝබන කරනවා නම්, හරියට අපේ මාමි කරන්න වගේ එතකොට ගොවි දුව වගේ විදේශ බලවේග වල අල්ලේ නටනවානම් හරියට චීනය වගේ, රටේ පාලනය ගැන අධීක්ෂණයක් නැතිනම් රට අරාජික වෙන්නේ පාලනය වටේ ඉන්න එවුන්ගෙන්, මීයෝ ඩබල් වෙලා උන්ගේ අන්ගවල් තරවෙන හැටි ලස්සනට කියලා තියෙනවා කතාවේ, ඔන්ගේ ලෝම සියුමැලි වෙන හැටි අපුරුයි, හරියට ඇතුලට යන පෙන්දොන්ට ලොකු බඩක් ඇවිත් හිස කන්දට ඇලිලා බෙල්ල අතුරුදහන් වෙනවා වගේ මයි.
එතොකොට මේ යනවිදියට ගියොත් එක කවදා හරි පුපුරා යනවා කියලා කියවෙනවා, ඔව් අපි බලමු එහෙම වෙයිද කියලා, එත් ඒ සාම පිපිරීමක්ම ආපහු දොළ පුදලා නිවාදාන හැටි හරිම අපුරුයි. ලොක්කොන්ට හීන පෙන්නලා වටේ උන් ගහන ගැහිල්ල ලස්සනට කියලා තියෙනවා.
හරියට දැගිලි සේනානායක මහත්තයව රැවට්ටුවේ එයාගෙම වටේ හිටපු උන්, හැබැයි එතුමා මේ වගේ බළල් තඩියෙක් නම නෙවේ.
එතකොට මේ බලලාගේ බැලලිය හිටපු මැතිනිය වගේ, බැළලිය දැකපු හීනෙ වගේ මැතිනියත් දැක්කේ බලලාට ඔටුනු පළඳන්න වගේ අනුර බණ්ඩාට ඔටුන්න දෙන්න, එත් බලලා වල්මත් උනා වගේ පොඩි බණ්ඩාට මොකද උනේ.
බලලා කරන විලාසිතා හරියට දැන් ඉන්න අපේ මාමි වගේ, ජනයාට කන්න නැතිව මිරිකෙද්දී, කැම්පස් වල ළමයි තමන්ගේ පාටමාලාවන්ට වටිනාකමක් ඉල්ලද්දී, කන්නන්ගර මහත්තයා ගෙනාපු නිදහස් අධ්‍යාපනය එස් බී විකුණන් කද්දී අනේ මේ බලලා දකින්නේ උගේ සිහිනය පමණමයි, ඌට ගොවිපල මතක් වෙන්නේ මොකක් හරි ඔට ලැබෙන සැප අඩු වුනාම, එතකොට පරම්පරාවධය අස්සේ යටින් යන අනිත් පරම්පරා ව්ධයත් නියමයි, දෙස්පාලුවෝන්ගේ ළමයිනුත් දේශපාලනයට එන හැටි, සංස්ථා සමාගම් වල ලොකු පුටු උන් උන් අතරේ බෙදී යද්දී ඔව් මේ කතාව හරියටම හරි.
//“මගේ අධීක්ෂණය යටතේ පවතින කිරි බෝතලයක් මට විකුණගන්න බැරිනම් මම මීයෙක්ද තුමනි.”//
නියමයි බස්සි අක්කේ, සැඟවුණු කතා ගොඩයි, ප්‍රහසනයක් නම් මම දැක්කේ නැහැ, හැබැයි අක්කා කොලේ වහලා ගහපු ගේම නම් දැක්කා, එක එක්කෙනාගේ රස වින්දන පරාසයන් වෙනස්නේ, එත් පොඩි ගැටලුවක් තියෙනවා, ප්‍රයෝගික පාලනය තුල සියල්ල කෙරෙහි ටච් එකේ ඉන්න පුලුවන්ද? ඌත් කන කොට වටේ උන් කන එක අහන්නත් දෙයක්ද? ඉතින් ටච් එක නිකන්ම මිස් වෙනවා නේද? ජයවේවා.
පොඩි අලුත් වැඩක් කරනවා, ඇවිත් බලන්න.
කියවන එකේ වෙනසකට බකන් නිලන්න එන්න
සොමියා.... ඔයාගෙ කමෙන්ට් එක කියවාගෙන යනකොට පුදුම සතුටක් දැනෙනවා මොකද මම කියන්න අදහස් කරන කතාවේ සෑම ඉඟියක්ම, රැල්ලක්ම, ලොවිච්චියක්ම ඔයා කියවලා තේරුම් අරන් තියෙන නිසා.
Deleteකතාවක් රසවින්දාට ඒක මේ තරම් රහට විචාරන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඔයා ඒ දේ කරන විදියත් හරිම අපූරුයි.
පරම්පරාවාදය ඇතුලේ යන උප පරම්පරාවාදයත්, විදේශ බලවේග වල තාලයට නැටීමෙන් බලළා ජෝකරයෙක් වීම ගැනත් මල්ලි තේරුම් අරන් තියෙන විදිය අපූරුයි. අනෙක තමයි මීයො උන්ගෙ බලතල අනිසි ලෙස පාවිච්චි කරලා තරුණ මීයන් මරා දැමීම. ඒ දකින ගොවිරාල හිතන්නෙ තමන්ගෙ "ගොවිපලට" වින කරන්න ආපු තරුණයින්ව ඩොමිනික් විසින්ම මරා දැමූ බව. හැබැයි ඩොමිනික් මේ කිසිවක් ගැන දන්නේවත් නැහැ.
පාලකයාට පාලන ව්‍යුහයේ පහලම ස්තරයට යනකම් ප්‍රායෝගිකව සහභාගි වෙන්න බැරි බව ඇත්ත. නමුත් පාලකයා "ගැහැනු ගති ඇති රෝස බළලෙක්" නොවුනා නම් පාලන ව්‍යුහය අවුල් නොවෙන්නට ඉඩ තිබුනා. පාලකයා වෙත ඇති ගෞරවයත් රැකෙන්නට ඉඩ තිවුනා.
මේ සියල්ලම එකම ප්‍රහසනයක් නේද? ප්‍රහසනය රසවිඳලා අඬලා හිනාවෙනවද, හිනාවෙවී අඬනවද, නැත්නම් අඬාඬා හිනාවෙනවද කියන එක නරඹන්නාට බාරයි. කොහොමත් හිනාවෙන එක අපේ ඇඟට ගුණයිනේ.
උඹ බ්ලොග් ලිවිල්ල නවත්තලා... විචාරකයෙක් වෙයන්.. උඹට ඉහලින්ම තියෙනවා ඒ ටැලන්ට් එක.. ඒත් ඉතින් බස්සිලා වගේම සම්ප්‍රදාය කඩාගෙන පලයන්..
Delete"ලොවිච්චියක්ම" ? ඒ කියන්නෙ මොකක් ද ?????
Deleteචන්දන අයියේ, ලොවිච්චිය = frill
Deleteමාත් සොමියගේ කමෙන්ට් කියවන්න ආසයි,, එල එකක් මල්ලි :D
Deleteසොමියගෙ බ්ලොග් එකත් රහයි ඔමා... :)
Deleteලොවිච්චිය මොකක්ද බලන්න දැනුයි ආවෙ. ස්තුතියි නසු බගෝ ! :)
Deleteස්තුති බස්සි අක්ක, ඕමා අක්කා. තැන්කු තැන්කු. :)
Deleteසොමියාගේ කමෙන්ටුවට මගේ උපරිම කැමැත්ත! :)
Deleteබස්සිගේ කතාව පංකාදු පහයි තව ටිකකුයි! :)
ඒ එක්කම බස්සියෝ ලැබිච්ච සම්මනේට මගේ උණුසුම් බොට නම් දැන් ඇල්වෙලා වගේ ඇති සුභ පැතුම් බොක්කෙන්ම! :)
බොහොම ස්තූතියි තනියෝ.... පරණ පෝස්ට් සේරම අවුස්ස අවුස්ස කියෝලා වගේ නේ...
Deleteබල්ලෙකුගේ හදවත..
ReplyDeleteමිකායෙල් බුල්ගාකොව් විසින් රචිත මාරම නවකථාවක්. පොලිග්‍රාෆ් පොලිග්‍රෆොවිච් ෂාරිකෝව්, එහෙමත් නැත්නම් ෂාරික් ගේ හෘද සාක්ෂිය. මේක මම කියවාපු පට්ටම පට්ට කතාවක් දේශෝ.
Deleteමේක හරියට පරම්පරාවෙන් පරම්පරාවට යන අපේ දේශපාලකතුමෙක් ගැන කියෙවෙන කතාවක් වගේ.අම්මා පුතාට භාර දීලා යනවා.අපේ දේශපාලකයෝ තමන්ට පස්සේ රට කන්න තමන්ගේ පවුලේ එකෙක්ට අවස්ථාව දෙනවා වගේ.ඩොමිනික්ලා තමයි අපේ රටේ වැඩියෙන්ම රජ කම් කෙරුවේ.පාලකයෙක් විදියට ජනතාව ඉදිරියේ සංවේදී වෙන්න ඕනේ තැන් වලට වඩා ජනතාව වෙනුවෙන් පෙනි ඉන්න ඕනේ තැන් වලට වඩා පුහු අටෝපය උදෙසා තමයි වැඩියෙන් උන් පෙනි සිටියේ හරියට නිකන් ඩොමිනික් තරග වලට ඉදිරිපත් වුනා වගේ.
ReplyDeleteනායකයෝ ඉන්න ඕනේ ආතල් දෙන්න නෙමේ,තමන්ගේ වගකීම හරියට ඉටු කරන්න.එහෙම කරන්න ඒ අයට බැරි නම් කුස්සි අම්මා වගේ අපි හැමෝම නැගිටින්න ඕනේ.
හරි සංතෝෂයි යශෝ උඹ මේ වගේ ඒවා ලියන එක ගැන .:)
බොහොම ස්තූතියි මනෝ. එහෙම එකක් ගැන තමයි ලිවුවෙ. මට ගොඩක් පැහැදිලි කරලා මහන්සි වෙන්න ඕනෙ නැති වෙන්නම අන්න සොමියා අපූරු විචාරාත්මක කමෙන්ට් එකක් දාලා තියෙනවා ඒකත් බලන්නකෝ....
Deleteහරිම ලස්සන කථාවක් නගෝ...එක හුස්මට කියෙව්වා කම්මැලි කමක් නැතුව...කථාවෙ යටි අරුත මට වේලාසනින්ම ග්‍රහණය කරගන්න හැකි උනා...ඌව පලාත් පාලන ඡන්දයේ ඇතැම් සිදුවීම් මතකයට ආවෙ නිරායාසයෙන්...මේ වගේ වෙනස්ම ආරක කථා ලියන්න ඔබට හොද හැකියාවක් තියෙන බව මම දන්නවා.
ReplyDeleteබොහොම ස්තූතියි සිරා අයියේ... :)
Deleteපිස්සු හැදිලා ආයෙත් හැදෙයි කීවලු !!
ReplyDeleteමේකනම් හැබෑම ටැලන්ටඩ් කතාවක්. අර ඉවානයා කියන විදියටමයි මටත් හිතුනේ. රෝමය ගිනිගනී බලනකොට දැනෙන්නේ මේ විදියටමයි.... සොමියා කියල තියෙනවා වගේ බොහොම ලස්සන සියුම් තැන් වලින් ඕනෙකරන ලුණු ඇඹුල් ටික නම් අපුරුවට ඇවිල්ල!! ෂා ... නියමයි!!
ඒ භාෂා ශෛලියත් , යොදාගෙන තියෙන නම් , ඒ වගේම පරිසරයත් හරිම අපුරුවට ගලපලා..
මේ වගේ නිර්මාණ තමයි බස්සි අපි දෙන්න ඕනේ.... ඔයා නම් නියමයි. මිනිස්සුන්ට මේ පණිවිඩේ ගෙනියන්න වගේම, ඇත්ත නිර්මානශිලිකම කියන්නේ මොකද්ද කියලත් අනිත් අයට බලාගන්න බස්සි, මේ නිර්මාණය හොඳම උදාහරණයක්... ඔයාගේ 'කෝ බොලව් මගේ චීස්' කතාව කියෝලා මම වින්දෙත් පුදුම ජොලියක්.. නියමයි කියන්නේ මරේ මරු !!
හිහිහි.. අපේ උපේක්ෂා වගේ කෙටිකතාකාරියෙක්ගෙන් මෙහෙම කමෙන්ට් එකක් ලැබෙනකොට හීනියට ආඩම්බරයක් හිතෙනව අෆ්ෆා. තැන්කූ තැන්කූ ඈ....
Delete"කෝ බොලව් මගෙ චීස්" කතාව Dr Spencer Johnson ගේ Who moved My Cheese පොතේ අනුවාදයක්නේ. මට තදින්ම හිතට වැදුන පොතක්. ඒ වගෙම තම පොතක් තමයි "Rich dad and poor dad".
අපෝ මම එතරම් 'කතා කාරියක් නෙවෙයි' ඔන්නොහෙ කලබලෙන් ලියල දාල , දුවගෙන යන හින්ද නිවනක් නැතුව බලු බැනුම් අහන්නේ.. හැක් !
Deleteඔව් මම දැක්ක ඒක අනුවාදනයක් කියලත්. අනික් පොත.. Rich dad and poor dad හ්ම්ම්.... මම කියෝලා නැහැ.. නමුත් මගේ හිතේ කියවන්න තරම් ලොකු පෙළඹවීමක් ඇති උනේ නැහැ... ඩිජිටල් කොපිය තියෙනවා. කියවන්නම හිතෙන්නේ නෑ... මම ටිකාක් විතර මොට්ටපාලයෙක් නේ.. හි. හි...
දුවගෙන දුවගෙන යන ගමන් ලියන ඒව තමයි නේද රහ වැඩි? මාත් ලියන්නෙ දුවන ගමන් නෙ. ගොඩක් වෙලාවට ලියන්නෙ උදේ වැඩට යනගමන්. :) නිවාඩුවක් ලැබුනොත් එක තත්පරයක්වත් නාස්ති නොකර නිදාගන්න එකයි කරන්නෙ.හිහිහි.
Deleteවෙලාවක කියවල බලන්නකො. මම ඒ පොතේ හැම දේටම එකඟ නෑ. කියවන්න ටිකක් අපහසු අපිලිවෙල කතාවක්. හැබැයි ඒක කපලා කොටලා රැලි ලොවිච්චි එල්ලලා තමන්ට ගැලපෙන්න ගොඩනගා ගන්න පුලුවනි.
Harima sathutuyi bassiyo....
ReplyDeleteWachanaye parisamaaptha arthayenma 'SUPIRI'yi.....
බොහොම ස්තූතියි රෙහානි අක්කෝ...
Deleteකතා කලාව බොහොම හොදයි බස්සියෝ...... දැන් ඔයා දිනේෂ් ලටම ඇවිත්..... ඊටත් වෙනස් .... මගක යනවා...... අති සාර්ථකයි. ඔය හැමදාම ලියනවා. දැනුම අලුත් වෙනවා. මේක තමා නිර්මාණකරණය. මට මතක් උනේ උම්මග්ග ජාතකය.
ReplyDeleteබොහොම ස්තූතියි නිහිංසා... දිනේෂ් අයියගෙ කතාවල තියෙන ස්ටෑන්ඩර්ඩ් එක ගන්නනම් මට තව සෑහෙන කාලයක් යාවි.
Deleteඅපූරුයි... අඩුත් නැතුව වැඩිත් නැතුව ගානට ඉහින රශියන් ස්ටයිල් එක හින්දා තමයි රස වැඩි මටනම්...
ReplyDeleteස්තූතියි බීට්ල්! මාත් රශියන් කතා වලට කැමති ඒ නිසාමයි.
Deleteඅක්ස් සිංහල නම් ටිකක් ආවනම් පට්ට
ReplyDeleteඑක නමයිනේ මල්ලි මුලු කතාවටම තියෙන්නෙ. ;) බලමු ඈ ඊගාව වතාවෙ.
Delete"Animal Farm" කතාව මතක් වුනා කියවන කොට. ලස්සනට ලියලා තියෙනවා. :)
ReplyDeleteබොහොම ස්තූතියි Red Riding Hood :)
Deleteශොක් අක්කේ .හොදට ලියල තියනවා
ReplyDeleteබොහොම ස්තූතියි අවිඳු මල්ලි... :)
Deleteකතාව නම් එක හුස්මෙට කියවගෙන ගියා.. නියමයි !
ReplyDeleteස්තූතියි තුශානි නංගා.. :)
Deleteබස්සිගෙ ආදර අන්දරේ කියෝලා ආවේ... මලු මලු.. දැන් ඉතින් දිගටම මේ පැත්තේ ඒවිලු මාත්...
ReplyDeleteඅහා එහෙමද! සන්තෝසයි සන්තෝසයි වර්ෂා.... සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට!!
Deleteජය වේවා එකෙන්ම !!!
ReplyDeleteමං නං හිතන්නේ ඌට කෂාදයක් බන්දල දුන්නං හරි.
ආං එතකොට ගොවිපලවල් හතක් හරි බලයි මීක් කියන් නැතුව . ඕ යේස් !!
බළල් ආර්යාව මොනවා කියයිද දන්නෑ නේ එතකොට වල්ගෙ රෝස පාට කරපු එක ගැන! :D
Deleteබස්සි මන් ලග තියෙනවා ලස්සන දුඹුරු පුසේක්ගේ ෆොටෝ එකක්, (මගේ පුසගේ ) අපරදේ කලින් දන්නවා නම් දෙනවා
ReplyDeleteහුකෑස් :D
Deleteමොකා ගේ ??
ආතල් කියලා ඔහොමත් දෙනවද යකෝ !!! ඉළ නෑ මගේ .…
හප්පෝච්චියේ පත්තරයෝ. මාත් අද නේව මේක දැක්කේ.. උදේ පාන්දරම ලේ පයින්ට් ගානක් ඔහේ ගලා ගියා..හැක්
Deleteඅපරාදේ ඔමා.... ඔයාට පූසෙක් ඉන්නව කියල කලින් දැනන් හිටියනම් මම පින්තූරයක් ඉල්ලගන්නවනෙ. දැන් ඉතින් මොනා කරන්නද! :D
Deleteදේශා & පත්තරේ : මොකද උඹට හිනාවෙන්නෙ? කිවුවනම් ඔමා එවන්නම් කිවුව ෆොටෝ එකේ කොපි දෙකක් ඉල්ල ගන්න තිබුනනෙ.
Deleteකතාව නම් නියමයි බස්සියේ...
ReplyDeleteඒ එක්කම ඇරලා තියෙනවා නේද හීනියට හතර වටේටම...
අපේ ඉල්ලන්කාවේ වගේම පට්ට පරමාධිපත්‍යය ක් තියෙන ගොවිපොළක්
හහා... තැන්කූ තැන්කූ විභී... :D
Deleteබොහොම හොඳ නිර්මාණයක් බස්සි. අවශ්‍ය කරන පණිවිඩේ දෙන්න පාවිච්චි කරලා තියන උපමා රූපක නියමයි.
ReplyDeleteබොහොම ස්තූතියි තිසර! ඔයා කමෙන්ට් එකක් දාල යන්න නැවතුනා කියන්නෙ ඉතින් කෙටිකතාව සෑහෙන දුරට සම්පූර්ණයි.
Deleteමාතෘකාව දැක්කම කෙල පෙරාගෙන ආව කියවන්න. මුලදි හිතුන මොකද්ද මේ මාතෘකාවට අදාල නෑනෙ කියල. කියවගෙන යද්දිනෙ මීටර් වුණේ............. :-)
ReplyDeleteහිහිහි... එහෙනම් මාත්තුරුකාව වැඩ කරල තියෙන පාටයි. තැන්කූ තැන්කූ සිඳු අක්කා.... :D
Deleteඑළකිරි නිර්මාණයක්
ReplyDeleteස්තූතියි ම.ක.සි.
DeleteDéjà vu වගේ දැනුනත් දෙතුං පාරක්ම කියවංට උනා. සොමියගෙන් තමා අදහස ටිකක් නිරවුල් වුනේ. මොලේ පොඩ්ඩක් චැක් කොරෝගන්ටෝනැ බස්සියෝ...මං කිව්වෙ මගේ මොලේ.
ReplyDeleteනිළ ගණනාවකට රිදෙන්න ගහලා තියෙනවානෙ බැලුවාම...ඇළ...ඇළ
බොහොම ස්තූතියි වී...!!! :D
Deleteබස්සි උබනම් පට්ටම පට්ට සිරා ඇ
ReplyDeleteතැන්කූ වේවා ඈ...
Deleteඅහම්බෙන් ගොඩවැදුනේ. කතාවනම් පංකාදුයි.
ReplyDeleteබොහොම ස්තූතියි! සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට!!
Delete