එයා ලියන වචන හැම එකකම තියෙන්නෙ මොකක්ම හරි යටි අරුතක්. අවුරුදු ගානක් ඉඳන් එයා ගැන දන්න නිසා මට දැන් ඒක හුරුවෙලා. ඒත්, අදත් එයා ලියපු දේ තේරුම්ගත්තු බව පිලිගන්න බැහැ කියලමයි හිතුනෙ.
"කියෙව්වද?"
වයිබර් පණිවුඩයක් දුරකථන තිරය මත පොප් අප් උනා. ඒත් එක්කම සුරංගනා මුහුණක්.
"නෑ"
මම එහෙම කියන්න හේතුව මමවත් දැනගෙන හිටියෙ නෑ.
"ඇයි?"
"වැඩ තිබුන. ටිකක් කියෙව්ව, එහෙන් මෙහෙන්."
"හ්ම්ම්ම්"
දුක මූණක්. තවත් දුක මූණක්. ඔහ්, තවත් එකක්. එයා එවන ඉමෝ අයිකන් එකයි, ඒ ඉමෝ අයිකන් එක එවන වාර ගණනයි අනුව එයාගෙ හැබෑ මූණ මගෙ හිතේ ඇඳෙන්නෙ නොදැනුවත්වමයි.
"මම කියෙව්ව. ඒත් කවුද ඉර. මොකද්ද මේ ඉර හඳක් වෙලා උන්න. හිම පියල්ලක් වෙලා කියල කියන්නෙ? පුනරුත්පත්ති කතාවක්ද?"
ඒ ගමන පුංචි හිනාවක්.
"ඔයා පුනරුත්පත්තිය විශ්වාස කරනවද?"
"ඔව්. මම බෞද්ධයෙක් නෙ."
හයියෙන් හිනාවෙන මූණු. LOL.
"බෞද්ධයො පුනරුත්පත්තිය විශ්වාස කරන්නෙ නැහැනෙ. දන්නවද ත්‍රිලක්ෂණය ගැන?""
“මේ මේ මම දහම්පාසල් කට් කලාට ඒක දන්නව හරිද! අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නෙ.”
“ඔහෝ ඔයා දන්නව නේන්නම්. ඉතින් අනාත්ම කියන්නෙ ආත්මයක් නැහැ කියන එක. ආත්මයක් නැහැ, තියෙන්නෙ අස්ථීර සිත් පරම්පරාවක් විතරයි. සදාකාලික ආත්මයක්? එහෙම දෙයක් ගැන මම විශ්වාස නොකරන නිසයි කියන්නෙ පුනර්භවයක් ගැන.”
පණ්ඩිත කතා. එයා පුංචි කාලෙ ඉඳන් ඔහොමයි. නර්සරි ස්කූල් එකේදි පවා. මම ආදරේ කලේ ඒ වෙනසට. හ්ම්ම්ම්. . . අන්තිමේදි අනාදරය, උදාසීනත්වය හටගත්තෙත් මේ වෙනස තුලින්මයි.
“අහා. . . පුනර්භවය කියලාම කියමුකො. ඔයා කැමති විදියට. දැන් කවුද මැරුනෙ? කවුද ආයෙ ඉපදුනේ?”
ගැලවිල්ල වෙනුවෙන් මම හැමදාම පාවිච්චි කරන උපක්‍රමය. සුපුරුදු මෝඩ ප්‍රශ්ණ. ඒත් එයා දැන් ඉවසන්නත් පුරුදු වෙලා. ඒකෙන් නොයිවසිලිමත් වෙන්නෙ මගෙ හිතයි.
"""මැරුනෙ??"""
“මැරුනෙ ඔයයි අරවින්ද. ඔයා මැරුනෙ මාත් එක්කමයි. ඉන් පස්සෙ තවත් භවයක ඉපදිලා ඔයාව මැරුවෙ මම. ආයෙමත්, ආයෙ ආයෙමත් අපි එකිනෙකාව මරාගත්ත, මේ උදාසීන අවස්ථාවට එනකල්ම.. මතකද ඔයාට?”
මට දැනුනෙ උගුරට පිහියෙන් අනින්නා වගේ වේදනාත්මක හැඟීමක්. තරහක්. නොරිස්සුමක්. පපුව හිර කරනව වගේ හැඟීමක්.
එයා අඬනවා ඇත්ද?
“ඔයාගෙ කවි ලස්සනයි.”
“කියෙවුවද?”
“නැතුව. හරිම ලස්සනයි, මං කිවුවෙ, ඔයාගෙ වචන. ඒත් මට තේරුමක් නැහැ ඒ ගැන. දන්නවනෙ. මගෙ සාහිත්‍ය දැනුම.”
ආයෙමත් හිනා මූනු. එයා හිනා වෙනකොටත් මේ වගේ. ඇස් පුංචි වෙලා මහත කම්මුල් දෙක පිම්බෙනව.
“ඉතින්”
“ඉතින් මොනවද?”
“මට කියල දෙන්නෙ නැද්ද තේරුම.”
“අහන් ඉන්නකෝ එහෙනම්;
නිශා අහසේ - නැගී තරුවැල්
සිනා සැලුවත්
කොයිතරම්
වලා සළු මැද – දිලෙන පුරහඳ
කෙසේ උන් හා
සමකරම්
දැන් මගෙ ලෝකෙට දවාලක් නැති තරම් අරවින්ද. තියෙන්නෙ සදාකාලික නිශාවක්. හැබැයි නිශා යාමයත් සුන්දරයි, සෞම්‍යයි. මටසිලිටියි. දන්නවද? නිශා අහසට තරුකැටවල ඉඟිබිඟි වලින් අඩුවක් නෑ. පොළවට කඩාවැටෙන්න උනත් අකැමැත්තක් නැති තරු. මගෙන් ආදරේ ඉල්ලපු තරු. ඒ සමහරු ඔයාගෙම යාලුවො. . .
ඒත් මම කොහොමද අරවින්ද පුරහඳේ එළියෙන් ඇස් නිලංකාර වෙලා තියෙද්දි තරුවල ආරාධනා දකින්නෙ. ඒ පුරහඳ ඔයා.
අනේ පුරහඳ – වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං
ඔබේ දසුනෙන්
සැනසුනෙම්
මම හැඩකාර නෙළුමක්වත්, මානෙල් මලක්වත්, ඕලු මලක්වත් නෙමෙයි. නිකම්ම නිකම් කුමුදු මලක්. මම පිපුනෙ ඔයා වගේ අහසෙ නෙමෙයි අරවින්ද. මම පිපුනෙ කැලෑවක පුංචි දිය කඩිත්තක. මට ඔයාව දැක්කත් ඇති කියල මම අපි පහුකරගෙන ආපු හැම භවයකදිම ඔයාට කිවුව නේද?
කෙසේ ගගනත
පියමනිම්
සෙනේ සඳකැන්
විදාලන්, විල් දිය මතින්
සිහිල විඳගමි
හදවතින්
අමාවකනම්
එපා
මොහොතක්වත් ඉතින්
විලේ පිපුණු කුමුදු මලකට අහසට නගින්න අවසර නෑ අරවින්ද. අහසට නැගල කුමුදු මලකට පණ ගැටගහ ගන්නත් බෑ. හඳක් එක්ක පෑහෙන්නත් බෑ.
පුරහඳට පොළවට එන්නත් බෑ. තරු කඩා වැටුනට, හඳ කඩාවැටෙන්නෙ නෑනෙ. හැබැයි හඳට පුලුවනි එක දෙයක්. කුමුදු මලට සැනහෙන්න සහන් එළියක් වෙන්න. ඒ එලියෙන් හදවත පුරවගත්තම සීතල නිශායාමය උනත් උණුහුම් වේවි.
ඒත් දවසක අමාවක උදා උනොත්. . . .
මම ඒ ගැන හිතන්නවත් කැමති නෑ අරවින්ද."
“ඕ ලෙවල් කාලෙ ඇහුවට පස්සෙ මම මේ කාව්‍ය විචාරයක් ඇහුවමයි. ඒක අහල මට නිකං පිස්සු වගේ. මාරයිනෙ.”
මට අමතක නෑ. ෆිසික්ස් ක්ලාස් ඇරිලා ගෙදර යන අතරෙ ඔයා මට හෙමි හෙමින් කවි කීයකට විචාර කියලා දුන්නද. මතකද නුයෙන් වෑන් ටෝයි වෙනුවෙන්, පනාගෝලිස් වෙනුවෙන් ලියපු කවි. මට ඒ හැම එකක්ම මතකයි. හැබැයි, මට ඕනෙ අමතක කරන්න.
ඔයාට රිදෙන බව මම දන්නව.
ඒත් මක් කරන්නද දෙවියනේ. . . මගෙ හිත ගලක් !
හම්මියෝ... ඔන්න පාඨකයින්ගේ දැඩි තර්ජන ගර්ජන, ඇනුම් බැනුම් වරුසා මධ්‍යයේ හතරවෙනි කොටහත් ලිවුවා. මේක මෙගා එකක් හොඳේ. ඒ නිසයි නිතරම පලවෙන්නෙ නැත්තෙ. මෙගා කියවන්න ආස අයත් ඉන්නවනෙ, ඔය ෆේස්බුකිය හරහා එන අය එහෙම වැඩිපුර කැමති මෙගා වලට ලු. :) <3
ReplyDeleteදිගටම ඇඳෙන ඉරක් !
Deleteඕ යේස්
Deleteඅපිට නම් මෙගා එපා.
ReplyDeleteමම මගේ බ්ලොග් එකේ පෝස්ට් දාන්නෙ හැමෝම වෙනුවෙන්. ඔයා ඔයාට කැමති දේ කියවා යන්න ම.ක.සි.
Deleteඅනේ මට උඔගේ ලිපිය ග්‍රික්...
ReplyDeleteමගේ ආදරනිය යක්ෂනි කියෙව්වද? මොකක්ද බං ඒ පොත...? පිටු 225 කියෙව්වා මට මෙලෝ මගුලක් තේරැනේ නෑ..
කිසිම හරයක් නැති මල ඡරාම පොතක්..ගතයුත්තකට කියලා තියෙන්නේ වදන් පහසුව විතරයි.
බොරැනම්..පිටු අංක 105 ඉදලා පිටු 20 ක් කියවන්න.. රැපියල් 650ට කාක්කන්ට ආප්ප අරන් දුන්නනම් ඉවරයි.
මම මේකට උත්තරයක් ඔනේ..
කියවන්න උනේ නෑ මචං. ඉදිරි දෙසතිය පට්ට බිසී. අනිවාර්යයෙන්ම ඊගාව සතියෙ මුලින්ම ඒ පොත කියවලා පිලිතුරක් දෙන්නම්.
Deleteඅනේ මන්දා....
ReplyDeleteමේ යන විදියට ඉර හැංගුවනං හරි...
ReplyDeleteඔන්න දවසකට ඉර හැංගුනා!
Deleteහපොයි හොල්මන් උනා බස්සියෝ...
ReplyDeleteමාත් එහෙමයි.
Deleteසී සී කඩ විසිරුනු සිතිවිලි
ReplyDeleteදියබුබුලේ නලියන පෙනකැටි වාගේ
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වගේ
නිමක් නෑ…
මෙහොතින් මොහොතට ගෙවනා කාලය
දැනෙවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා
මේ අපි කවුරුද……
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනවා බලනවා මේ
අපි කවුරුද …
ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවි
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි
සුලග සේ …
අපි කවුරුද ……
- වායෝ සංගීත කණ්ඩායම -
මම ආසම සින්දුවක්!! :D
Deleteමට හිතෙන්නෙ නම් කොල්ලව කෙල්ලට එපා වෙලා.. බුට් එක තියන්නයි හදන්නෙ..මම ආස්සරය කෙල්ලන්ට නම් තුන්වෙනි සතියෙ විතර ඕනවුනු දේ... එත් ඉතිං මොනාව කරන්නද? බබා කෙටූ හැටි තමයි..
ReplyDeleteඉදිරියේදි බලමුකෝ අමිල.... :)
Deleteමට නම් ටිකා.....ක් විතර මඤ්ඤං වගෙ.. :D මං කලින් ඒව කියෙව්වෙත් නැද්ද කොහෙද නෙ. ඒ නිසා වෙන්න ඇති. ඉන්නකො ඉඩ තියන වෙලාවක ඒවත් එක්කම ආයේ කියවලා බලන්න.
ReplyDeleteඒකනේ ඔයා අතුරුදහන් වෙලානෙ උන්නෙ පහුගිය කාලෙ. මේකනම් මුල ඉඳන් කියෙවුවත් ටිකාක් මඤ්ඤං තමයි අනේ.....
Deleteමොකද යකෝ ඊයේ දවසම මේක වහල තිබුනේ.. මගේ කාලේ කෑවා ගොං වස්සි බස්සි..
ReplyDelete//වස්සි බස්සි.// ගැලපෙන නම!! හූ හූ :D :D
Deleteඉර හැංගුනා යකෝ... බ්ලොගර්ට පිස්සු හැදිල
Deleteඇති යන්තම් බොට කතාව පටන් ගන්න තැනක් අහු උනා!!
ReplyDeleteකොල්ලා පවු වගේනෙ.
උඹ මරණ තර්ජන කලානෙ, ඒකයි පටන් ගත්තෙ.
Deleteදැන්වත් වහීද බන්
ReplyDeleteමෙතුවක් කළු කරන්
රවටපු රැවටිල්ලට
එක දෙක බින්දු වැටුනට
කොහෙද බන් ඒ වැස්ස
තවමත් ගැබ්බර නැතිද
නුබේ කළු වලා ගැබ
ලිහිනියොත් නිවාඩු බන්
උඹගේ ඔය රැවටිල්ලට
අනේ දැන්වත් වැහැපන්
ඇති නොවෑ ගෙරෙව්වා ඔය
දැන් කලුවත් හොඳයි
කාලය ඊටත් හොඳයි
ඉතින් මොටද වැහි පිරිත්
වැහැපන් තව හොඳට
වැහැපන්
ජය වේවා!!!
නියමයි සොමියෝ
Deleteඔබ හැරගියාම...............
ReplyDeleteඅර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියාම
අතු අගට වෙලා හිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පර වුණාම
හඬනවද සඳත් තනියම
තැවෙනවද මලුත් රහසෙම
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ..
ඔබ හැරගියාම
සිහිනයක පිපී සුන්දර
රැදේවි ද සොඳුරු යාමෙක
මගෙ හද යහනත…
ඇයි මට විතරක් මේ..
ඔබ හැරගියාම
පද – යසනාත් ධම්මික බණ්ඩාර
තනු – නවරත්න ගමගේ
හඬ – කරුණාරත්න දිවුල්ගනේ
ඔබ කුමුදුනියක් වී හිනහේ නම්
Deleteමම පහන් තරුව වී ළඟ ඉන්නම්
ඔබ රැල්ලක් වී දඟ පාවේ නම්
මම වෙරළ වගේ නොසැලී ඉන්නම්
ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්
හද වේදනාව රිදවන මොහොතේ
මා ඔබ ගැන සිහිකර සැනසෙන්නම්
මුළු ලොවම රැයේ නිදිගත් මොහොතේ
සුව සිහිනෙක ඔබ ළඟම රැඳෙන්නම්
මගෙ නෙතු යුග ළඟ කඳුළක් වීලා
ඔබ කවදාවත් රිදවන්න එපා
මා ඔබ ගැන පැතු පැතුමන් බිඳලා
ඔබ තවත් සිතක තනිවෙන්න එපා
ගායනය :-චන්දන ලියනආරච්චි.(පද තනු සිංදු ඇනෝ උඹ හොයලා දාපන් පුළුවන් නම් බං.:)
අදත් අහලා නැති ලස්සන ගීතයක්. ස්තූතියි සින්දු ඇනෝ...
Deleteමනෝජ්ටත් ස්තූතියි.
කියෙව්වේ නෑ බස්සී...
ReplyDeleteමං තාම ඉන්නේ නිට්ටඹුවේ දන්නවනේ නිට්ටඹුවට සිග්නල් නෑ.. දැං හදිසි වැඩකට පස්යාලට යන ගමං. ලැප් එකත් උස්සං ආවා.. තව ටිකකින් ආයේ නිට්ටඹුවේ එතකොට ආයෙත් බඩු බනිස්...
ජ ය වේ වා !!!
අහෝ සයිබීරියාවේ නිට්ටඹුව!! මක් කොරන්නද විදානේ... ජීවිතේ දුකයි
Deleteයශෝ ඇයි බං හැමෝම හඳට කැමැති,හඳ දවසින් දවසට වෙනස් වෙනවා.එත් හැමෝම කැමති හඳට.රෝස ගස් වල කටු තිබුණත් රෝස මල් වලටමයි ඉල්ලුම.නෙලා ගන්න බැරි.ලබා ගන්න බැරි දේවල් වලටමයි අපේ ආශාවත් වැඩි.මට නම් ඔය පුර හඳට වඩා අර තනි තරුව අගෙයි.කටු තියෙන රෝස මලට වඩා පුංචි කුමුදු මල වටිනවා.
ReplyDelete